Chapter 21: ඔව් ඒ ආදරේ (part 20)

තුන්කොන් BLWords: 53411

සසිරු pov

මං මේ ගමන ආවෙ අයියාගෙ බලකිරීම නිසා මිසක් කැමැත්තෙන් නෙවෙයි ..

ඒ අස්සෙ මතීශ් මාත් එක්ක තරහා වෙලාද කොහෙදෝ එයාගෙන් අහන්නෙවත් නැතුව රෑ වෙලා තනියම මෙහෙම ආවාට..වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ අයියෝ ඉතින්..

" යන්.."

බයික් එකෙන් බැහැලා මිනිදු අයියා මට කැෆේ එක ඇතුලට යන් කියද්දි මං කරේ පාට පාට ලයිට් පත්තු වෙන කැෆේ එක දිහා බලන් හිටපු එක..

" සසිරු..මොකෝ මේ..බය වෙලාද.."

" අහ්..නෑ ඉතින්.."

" එන්න එහෙනම්.."

මට වඩා අඩි දෙක තුනක් ඉස්සරහින් ඉන්න මිනිදු අයියා මට ආයෙත් පාරක් එන්න කියපු නිසා මං ගිහින් එයාගෙ අත අත් දෙකෙන්ම අල්ලා ගද්දි අයියා මට හිනා වෙලා ඔලුව අත ගෑවා..

දුර පේන්නෙත් නෑ හරියට මේ මනුස්සයා මං කණ්නාඩි නැතුව ලස්සනයි කියලා ඒක ගලවලා ශර්ට් එකේ ගහ ගත්තා නේ..

" ඉද ගන්න.."

පට්ට ලස්සන අමුතුම වයිබ් එකක් තිබ්බ එයාගෙ අයියාගෙ කැෆේ එකේ කොනක වගේ තනි වෙලා තිබ්බ ටේබල් එකෙන් මට ඉද ගන්න කියද්දි මං කරේ එයාගෙ මූණ දිහා බලන් හිටපු එක..

" ඉද ගන්න ළමයෝ..මොනාද බොන්න ඕනි.."

" මුකුත් එපා.."

මං උත්තර දුන්නෙ ඉද ගන්න ගමන්..

මගෙ අත් දෙකත් එක්ක සීතල වෙලා..පපුවත් ගැහෙනවා එළියට පනින්න වගේ..

" ලැජ්ජා වෙන්න එපා ඉතින්..ඔයා මිල්ක් ශේක් බොන්න ආසයි නේ..ඉන්න මං අරන් එන්නම්.."

ආයෙත් පාරක් මගෙ ඔලුව අත ගාපු මිනිදු අයියා මගෙන් ඈතට යන්න යද්දි මං ඉක්මනට ගත්තේ සක්කුවේ තිබ්බ ෆොන් එක..

Ane mat oyal lagat enna oni..

Mokkd kes ekh..

kes ekak nathi eka thma kes eka..ane senaaaaaaash........

kes ekak thibboth vithark kiypn api wda...

🥺

එතනින් එහාට සෙනාශ්ගෙන් රිප්ලයි එකක් නැති වෙද්දි මූණ බෙරි කරන් ඉන්න මං ලගට මිනිදු අයියා ආවෙ තව කොල්ලෙකුත් එක්ක..අහ් මිල්ක්ශේක් දෙක්කුත් ගෙනල්ලා..

" මේ මගෙ අයියා.."

අරන් ආව මිල්ක් ශේක් දෙකත් ටේබල් එකෙන් තියන ගමන් එයා කියද්දි මං කරේ එයාගෙ අයියා කිව්ව කෙනාට චූටියට හිනා උන එක..

හායි කියලාවත් කියන්න තරම් self confidence එකක් මේ වෙලාවෙ ඇත්තටම නෑ..මට නිකන් මොකක්ද වගේ..මොකද මං පලවෙනි පාරට මේ විදිහට තනියම ආවේ..අනිත් හැම වෙලාවෙම අර්ගොල්ලො ලග කැරකි කැරකි මාත් එක්කම ඉද්දි මට ඒක කම්ෆටබල් උනාට මෙහෙම තනියම ඉද්දි..අනේ මංදා..

" කියුට් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාන් ඉන්නේ.."

" හායි සසිරු..මං තේජ.."

" අහ්..හායි අයියා.."

රුක්ෂාන් කියනවා වගේ රාවණ ගැම්ම ගත්ත මං ඒ අයියා එක්ක හෑන්ඩ්ශේක් කරන ගමන් කියන අතරෙ මිනිදු අයියා ඇවිත් මට ඉස්සරහින්ම වාඩි උනා..

" ඔයාලා ඉන්න එහෙනම්..මං යන්නම්.."

" අම්මා කෝල් කරොත් කියපන් මං නිදි කියලා.."

මිනිදු අයියාට හා කියන්න වගේ ඔලුව වනලා ඒ අයියා යන්න යද්දි මගෙ ඔලුවෙ හොල්මන් කරේ කියුට් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්නෙ හොයාගෙන ඉන්නෙ කිව්ව කතාව..

මං කවද්ද මෙයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් උනේ..කැමතී කියලා විතරක් කිව්වාම බෝයිෆ්‍රෙන්ඩ් වෙනවාද..

" මොනවද කල්පනා කරන්නේ.."

" මං ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ද.."

ඔය කරේ..ඒක මං ඔලුවෙ තියාන හිටිය දෙයක් මිසක් කියන්න ගිය දෙයක් නෙවෙයි..ඒත් මගෙ කට මට කලින් ඉස්සර උනා..

" ඇයි එහෙම නෙවෙයිද.."

" ඒක මේ...."

" ඔයා ඕක බොන්නකො මං ඉක්මනට එන්නම්.."

එහෙම කිව්ව අයියා ආයෙත් නැගිටලා යන්න ගියෙ මං මිල්ක් ශේක් එක බොන්න ගද්දි..

එක්කන් ආවානම් එක්කො ලගින් ඉන්න ඕනි..නොදන්න තැනකට එක්කන් ඇවිත් දාලා යනවද ඔහොම..ඒ අස්සෙ මං මැරිලා වගේ සීතල වෙලා..

විනාඩි දෙක තුනක් යනකන්ම නැතුව හිටිය මිනිදු අයියා ආපිට ආව ගමන් කරේ මගෙ අතින් අල්ල ගත්ත එක වෙද්දි මං ගැස්සිලා ගියා..

" සීතල වෙලා ඔයා.."

" හ්ම්ම්.."

" තාම සැකයිද ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද කියලා.."

" එහෙම නෑ.."

" shall we be boyfriends.."

මෙච්චර වෙලා ටේබල් එක යට තිබ්බ එයාගෙ අනිත් අත මගෙ දිහාට දික් කරද්දි අයියාගෙ අතේ තිබ්බෙ රතු රෝස මලක්..

" can we..? "

අයියා ආයෙත් ඇහුවා..

" sure.."

තප්පර කීපයක් හොල්මනක් දැක්කා වගේ මිනිදු අයියා දිහා බලාන කල්පනා කරපු මං රෝස මල මගෙ අතට ගන්න ගමන් කියද්දි මං බලාගෙන මිනිදු අයියාගෙ මූණෙ හරි ලස්සන ආදරණීය හිනාවක් ඇදෙනවා..ඒ හිනාව දැකලා මටත් හිනා ගියා..ලැජ්ජාවට වගේම සතුටට..

" අන්න එහෙම හිනා වෙලා ඉන්නකො..බය වෙන් නැතුව.."

" බය නෑ..මෙහෙම තනියම ඇවිල්ලා නැති නිසා මොකක්ද වගේ.."

" කොහෙද තනි මං ඉන්නේ.."

" ම්ම්..මේක සුවදයි.."

" ඔයා ආසයිද.."

" හ්ම්ම්.."

" කොච්චරක්.."

" ගොඩක්.."

එතනින් එහාට සෑහෙන වෙලාවක් මං කරේ මිනිදු අයියා එක්ක කතා කර කර හිටිය එක..දැන්නම් ගානක් නෑ..අයියා එක්ක කතා කරද්දි ආස හිතෙනවා..හිතුවාට වඩා එයා හරි වෙනස්..ඉස්කෝලේදි නපුරෙක් වගේ හිටියාට දැන්නම් මට එහෙම පෙනුන් නෑ..එයා හැම වෙලේම උත්සාහ කරේ මගෙන් ප්‍රශ්න කර කර මං ගැන තව තව දැන ගන්න මාව තේරුන් ගන්න උත්සහා කරන්න..එතකොට ආස හිතෙනවා..මාත් ඔහේ කියවද්දි මිනිදු අයියා ඒ ඔක්කොම අහන් හිටියා..

කෑමත් කාලා..එක එක විදිහෙ ඩෙසට් කැටියකුත් මට කව්වලා කොහොම හරි අරගොල්ලොන්ට දෙන්න කියලත් මොනාදෝ ගොඩාක් ජාති දුන්නා..

සෙනාශ්ලා ජිම් එකෙන් එළියට ආවා කියලා කෝල් කරද්දි මිනිදු අයියා මාව ආපහු ජිම් එක ලගින්ම බස්සලා යන්න ගියා..

.

.

.

.

.

මතීශ් pov

හෙඩා සසිරුව ගෙනත් ඇරලලා යද්දි ඌ ඉස්සල්ලාම දුවන් ආවෙ මං ලගට..

" ආ.."

" මොනාද.."

" දන් නෑ..ස්වීට්ස් මොනා හරි මං හිතන්නේ.. ඔයාලට දෙන්න කිව්වා.."

" මට එපා අරුන් දෙන්නාට දෙන්න.."

අතේ තිබ්බ බෑග් එකක් සසිරු මට දික් කරත් මං ඒක අරුන් දෙන්නාට දෙන්න කියද්දි උගෙ මූණ ඇද වෙලා ගියා..

බෑග් එකට අමතරව සසිරුගෙ අතේ තිබ්බෙ රතු රෝස මලක්..අරූගෙන් වෙන්න ඇති..

ආයෙත් හිත වෙනස් උන මං සසිරුගෙ ඔලුව අත ගාලා බෑග් එක අරගෙන රුක්ෂාන්ගෙ අතට දෙද්දි ඌ ඒ පරක්කුවට ඒක ඇදලා තිබ්බ ජාති කන්නත් ගත්තා..

" උබ අදත් යන් අපෙ ගෙදර..හෙට ඉස්කෝලේ යන් නැතුව නිවාඩුවක් දාමු.."

" ගෙදර උන්දලා බනීද දන් නෑ.."

" අයියො ඕවා මොනාද බ්‍රෝ මං පචයක් ගහන්නම්.."

" ඒයි..කෝ මෙහෙ එනවා.."

සෙනාශ් රුක්ෂාන් එක්ක කතාවක ඉන්න අතරෙ මං කතා කරේ සසිරුට..

අනේ ඉතින් හරි කීකරු බලු පැටියෙක් වගේ ඩයල් එක මං ලගට ඇවිත් මගෙ ඉස්සරහින්ම හිට ගත්තා..

දුර පේන් නැ කිය කිය ඇස් දෙකට දාන් ඉන්න ඕනි කණ්නාඩි දෙක ටී ශර්ට් එකේ ගහගෙන..අහ්..ප්‍රේම කුමාරයාට මූව ලස්සන කණ්නාඩි නැතුවනේ..

" තමුසෙ ලස්සන ඕක දැම්මාම.."

" ඒ උනාට මිනිදු අයියා කිව්වෙ කණ්නාඩි නැතුව ලස්සනයි කියලා.."

මං මූට කණ්නාඩි දෙක දාලා කියද්දි මූ කිව්ව කතාවට මට කේන්ති ගියත් මං ඒක නොපෙන්වා අනිත් පැත්ත හැරුනත් සසිරුට තේරිලා ඉවරයි මට කේන්ති ගියා කියලා..

" අපෝ හරි හරි බං..එයා එහෙම කිව්වාට මේක නැතුව මට දුර පේන් නෑ නේ හ්ම්ම්.."

" අපි ගෙදර යන්නෙ මොකේද.."

" සෙනාශ්......."

සසිරු සෙනාශ්ට කෑ ගහගෙන ඌ ලගට යද්දි මං කනුවකට හේත්තු වෙලා සාක්කු දෙකට අත් දෙක දාන් ටිකකට කලින් දැම්ම පික් මී එක එනකන් බලන් හිටියා..

හෙඩා එක්ක කරපු කියපුවාද මංදා සසිරු සෙනාශ් එක්ක හෝ ගාලා කියවනවා..මට අදාල නෑ නේ ඒ නිසා මං ඕවා අහන්න ගියෙ නෑ..

සෙනාශ්ටයි රුක්ෂාන්ටයි එක පාරට ගෙදර යනකන් ඉවස ගන්න බැරි බඩගින්නක් ආව නිසා ගෙදර යන්න කලින් අපි KFC එකටත් ගිහින් කාලා එළියට බහිද්දි සෙනාශ් එක පාරටම කෑ ගහන්න ගත්තා..

" හුත්තෝ...."

" අඩෝ අනේ.."

" මොකද යකෝ.."

" එයා ඉන්නවා.."

ගැම්මට අපිටත් කලින් KFC එකෙන් එළියට ගිය ඩයල් එක දුවගෙන ඇවිත් අපි තුන් දෙනාවම මාරුවෙන් මාරුවට හොල්ල හොල්ල පණුවෙන් වගේ නලියද්දි අපි බලන් හිටියෙ මේ මොනෝත්තක්ද මේ කියලා..

" කවුද.."

" දම්සාරි.."

මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්න සෙනාශ් දගලන එක නවත්තලා ලොකූ හුස්මක් අරන් පපුව ඉස්සරහාට දා ගත්තා..

ඒත් ටික වෙලාවයි ආයෙත් සසිරුගෙ අතින් අල්ලන් මෝඩයෙක් වගේ දගලන්න ගත්තා..

" ඒකි යාලුවෙක් එක්ක ඉන්නේ..අද අහමුද.."

අහනවානම් මේක හොද වෙලාව වෙන්න පුලුවන්..මොකද කෙල්ල ඉන්නෙ යාලුවෙක් එක්ක..පාර අයිනෙ නතර කරලා තිබ්බ කාර් එක්කට හේත්තුවක් දාන්න දෙන්නා ලොකු කතාවක..පොඩ්ඩක් කොට උනාට කෙල්ල ලස්සනයි හැබැයි..

" ට්‍රැකද..කොහොමද යකෝ එහෙම අහන්නේ.."

" බය වෙන්න එපා මිතුර මං කියලා දෙන්නම් උබට..මේ රුක්ෂාන්ට ඕවා නිකන් දෙහි කපනවා වගේ වැඩ.."

" අහම්..ශුවර්ද උබ කියන විදිහට කරොත් මූට අරකිව දා ගන්න පුලුවන් වෙයි කියලා.."

" මංනම් කියන්නෙ ඕක හරියන වැඩක් නෙවෙයි.."

සසිරු සැකෙන් කිව්ව දේ තහවුරු කරන්න වගේ මං උත්තර දෙද්දි රුක්ෂානයා මට රැව්වා..

" ගුරුමුශ්ටිය නැතුව මං උබට කියලා දෙන්නම්..බිංදුවේ ඉදන් හැම දේම අහ ගනින් ඈ.."

" ආ කියපන්කො.."

සෙනාශ්ගෙ උරහිසට අත් තියලා රුක්ෂාන් ඌට විස්තරේ කියන්න ලෑස්ති වෙද්දි සසිරු ශේප් එකේ මං ලගට ඇවිත් මගෙ කරට අත දා ගත්තා..ලගට ආවත් ඇති මේකා ලග සුවද..

" මෙන්න මේකයි කරන්න ඕනි.."

" උබර්...අපිත් එක්ක ශේප් එකේ දැන් ඒ පැත්තට යනවා ඊට පස්සේ ලගට ගිහින් මෙන්න මෙහෙම.."

" හායි දම්..අහ් නෑ හායි අගෝශි මං ඔයාව දැකලා ආවෙ.."

" එතකොට ඒකි කියයි.."

" හායි සෙනාශ්.."

" කියලා.."

" උබර් එතකොට.."

" මට ඔයාට කියන්න දෙයක් තියනවා.."

" කියලා කියපන් එතකොට ඒකි.."

" මොකක්ද සෙනාශ් කියන්න.."

සෙනාශ්ගෙයි අගෝශිගෙයි කැරැක්ටර් දෙකම කටහඩත් වෙනස් කරන ගමන් රගපාර රුක්ෂාන් දිහා මායි සසිරුවයි බලන් හිටියෙ හිනාව කාගෙන..සෙනාශ්නම් හෙන සීරියස් එකේ අහන් ඉන්නවා හැබැයි..

" ඔන්න ඔහොම ඒකි කිව්වාම..උබ...."

" ඒකි පොඩ්ඩක් කොටයි නේ..ඒ නිසා මූණට ටිකක් ලං වෙයන්.."

" ලං වෙලා..."

" ගොඩ කාලෙක ඉදන් මං ඔයාට කැමති..ඔයා මොකද කියන්නේ..අපි දෙන්නා ආදරේ කරමුද.."

ඒකටනම් මටයි සසිරුටයි තවත් හිනාව පානේ කර ගන්න බැරි වෙද්දි අපි දෙන්නා හිනා වෙනවත් එක්කම රුක්ෂාන් පිට හරහා ඩීං ගාලා දුන්නා දෙන්නාටම..හැබැයි සසිරුනම් පෙරලා සංග්‍රහ කරා ඌට මටත් හරියන්න..

" තොපි එක්ක බෑ නේ.."

" මා පුතා ඕවා ගනන් ගන්න එපා උබ මං කරපු විදිහටම මූණෙන් දෙන්න ඕනි ඉරියව් එහෙමත් ඒ විදිහටම දීලා කියපන් හාද..සිංහලෙන් බැරිනම් ඉංග්‍රීසියෙන් හරි..දෙමළෙනුත් පුලුවන් හැබැයි ඕන්න මං කියලා දෙන්නම්..හින්දි මලයාලම්නම් බෑ.."

" හරි දැන් පලයන්..අපි ඉන්නවා උබෙ හයියට.."

" ඒත් ඕයි.."

" ආයේ ඒත් ඕයි මොනාද..උබට මාව විශ්වාස නැද්ද අහ්.."

" නෑ බිංදුවේ ඉදන් අහ ගන්න කිව්වාට උබ බිංදුවක් ගැන කිව්වෙ නෑ නේ.."

" හු#තෝ....මතීශ්..ගහපන් මූට..පිට හරහා ඇමර්සන් වනයටම යන්න දීපන් මූට හොද පාරක්.."

රුක්ෂාන් කියන දෙයන් තමා ඉතින් කියලා හිතලා මාත් අර මෝඩයාට ගහද්දි ඌ හොල්මන් වෙලා වගේ උඩ බිම බලන්න ගත්තා..

" අනේ මට බෑ බං..පපුව රිදෙනවා ඕයි..සසිරූ උබ අහපන්කො මං වෙනුවට ගිහින්..උබට මේවා පුරුදුයි නේ දැන්.."

" අනේ මට බෑ..මංනෙ දන්නේ මං අද ගිනිරත් වෙලා හිටිය විදිහ.."

" ඔය මල දීපන් එහෙනම්.."

" පිස්සුද ඒක දෙන් නෑ..මට හම්බුන පලවෙනි මල.."

එතකොට මෙච්චර කල් වැව්වලත් පීන පීන මූට මං කඩලා දුන්නෙ ගල් වෙන්න ඇති..

" රුක්ෂාන්...අනේ මට බෑ බං.."

" බෑ කියලා බෑ පුතා..රාවණ ගැම්ම ගනින්..උබ අද ඕක ඒකිට කිව්වෙ නැත්තන් ඕක හරියන මගුලක් නෙවෙයි..මා පුතාට පුලුවන්..දැන් පලයන් ගුඩ් ලක්.."

මරු මෝටිවේශන් අප්පච්චි..සෙනාශයා ඇගේ රෙවෙන්න වගේ බලාන ඉද්දි රුක්ෂාන් අරූගෙ උරහිසට ගගහා ඌව දිරිමත් කරනවා..ඒ අස්සෙ සසිරු ගිහින් අරූගෙ කොණ්ඩෙ හදනවා..බෑග් එකත් ඇදලා බොඩි ස්ප්‍රේ එකත් අරන් ඒකෙනුත් අරූව හොදට නෑව්වා..

" මලනම් දෙන් නෑ බං ඒ උනාට මගෙ ආශිර්වාදෙ දෙනවා..උබට මේක පුලුවන්..ගැම්ම ගනින්.."

" ඕකේ..ලෙස්ට් ඩූ ඉට්.."

අන්තිමට මොන්ගල් ගතිය නැති වෙලා ගිහින් සෙනාශ් හෙන සීරියස් වෙද්දි හතර දෙනාම ගියෙ පාර එහා පැත්තෙන් ඉන්න දම්සාරි ලගට..

ඒත් පාර පනින්න යද්දිම..

" මතීශ් ඒ..කී.."

" නෑ නෑ බං නෑ යාලුකමට වෙන්න ඇති.."

මෙච්චර වෙලා ඒකිත් එක්ක කතා කර කර හිටිය කෙල්ලව ඒකි ලිප් කිස් කරා..මුගෙ හිත හදන්න ඔනෑවට වගේ මං යාලුකමට කිව්වාට..යාලුවෝ ඔහොම කිස් කරනවාද..මේක ලෙසබි ලවක්..මොකද අගෝශිගෙ යාලුවා කොල්ලෙක් වගේ එතකොට බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්..

" අනේ බං මගෙ හදවත..කෑලි කෑලි උනා වගේ.."

" සුදු පුතේ..අනේ පැංචෝ දැන්නම් මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ.."

" මූටනම් කැතම වැඩේ උනේ ඈ.."

" හ්ම්ම්ම්..."

හතර දෙනාම තාමත් ටිකක් ඈතින් ඉන්න දම්සාරි දිහා බලන් ඉද්දි සෙනාශ් පපුවට අත තියා ගත්‍තා..හිතා ගන්න බෑ මූ මේක සිරාම ගත්ත එකක්ද නැත්තන් බොරුවටද කියලා..කොහොම හරි සිරා එකක්නම් අවුරුදු ගානක් තිස්සෙ කැමැත්තෙන් හිටිය කෙල්ල ලෙස්බියන් උනාම ටිකක් දරා ගන්න අමාරුයි තමා..

" සෙනාශ් ඒකි මෙහෙට එනවා.."

" අපි යන්.."

" එපා ඔහොම හිටපන් ටිකක්.."

ඌට යන්න ඕනි උනත් මං ඌව නතර කරා..

" හායි සෙනාශ්.."

" හායි..අහ් වාහානේ ආවා යමන්..ද්_අගෝශි අපි යනවා බායී.."

හරකෙක්නෙ මහා..අර කෙල්ල ඌ දිහා බලාන ඉද්දි මේකා සසිරුවත් ඇදන් දුවන් ගියා..

" ඇයි මෝඩයා මාවත් ඇදන් ආවේ පිස්සෙක් වගේ..කතා කරන්නනෙ තිබ්බෙ එයා එක්ක.."

" දැන් වැඩක් නෑ සසිරු අපි ගෙදර යන්..රුක්ෂාන් පික් මී එකක් දාපන්කෝ.."

සෙනාශ්ට සීරියස් විදිහටම අවුල් ගිහින් හැබැයි..අරකි මෙච්චර කල් මූ දිහා බල බල හිනා උනා විතරයි ඒත් අද මූට කතා කරද්දි මූ මගෑරියා...

" මොකද මේ උබ.."

" බදා ගනින්කො ටිකක්.."

ගෙදර ඇවිත් වොශ් දාලා රුක්ෂාන් මෝටිවේශන් අප්පච්චිගෙන් දුක අහන අප්පච්චිට මාරු වෙලා සෙනාශ්ගෙ දුක අහද්දි ඇදට වෙලා මලක් කඩන ගමන් හිටිය සසිරුගෙ පපුවට මං තුරුල් උනා..

" නිදි මතද.."

" නෑ..තමුසෙගෙ පපුව පට්ට සනීපයි.."

" ඒකද ඉස්සර ඉදන් හැම වෙලේම මට තුරුල් වෙලා ඉන්න ආස.."

" හ්ම්ම්..මාර විදිහට නිවෙන්නේ.."

" දැන් ඇවිලෙන්න මොකක්ද උනේ.."

" මතීශ් උබ මෙහෙ ආවාත් හරි වෙනස් උනා..මොනවද උබ මගෙන් හන්ගන්නේ.."

" මං විතරද වෙනස් උනේ.."

සසිරුට උත්තර නැති උනා..එයා මොනාදෝ කල්පනා කරද්දි ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඇහුන නිසා මං ආයෙත් ඌට කතා කරා..

" මං මුකුත් හන්ගන් නෑ..උබෙ මිනිහා මැසේජ් කරනවා නේ..රිප්ලයි දාපන් ඉක්මනට..මං මෙහෙම ටිකක් ඇස් පියන් ඉන්නද.."

" හ්ම්ම්.."

සසිරුගෙ පපුවෙ මූණත් අතුල්ලලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඇස් දෙක පියා ගන්න හදද්දිම..

" නැගිටපියා........ව්ව්ව්..."

රුක්ෂාන් කෑ ගහගෙන ඇවිත් මගෙ කකුලෙන් ඇදලා බිමටම දැම්මා..

ගෙදර යවන් නැතුව මොන මගුලකට අදත් මෙහෙ එක්කන් ආවද මංදා..

" මලගෙයක් වගේ යකෝ..නැගිටලා වරෙන් අපි සෙල්ලමක් කරමු.."

" ඉන්න දීපන්කො පකයා.."

" මතීශ්....."

" හරි අප්පා මූ මහා වදයක් නේ.."

" ඔහොම හිටපන් පොඩි එකාවත් එක්කන් එන්නම් මං.."

හොල්මනක් වගේ ඔහේ බලාන ඉන්න සෙනාශ්ව ඇදේ ඉන්දලා රුක්ෂාන් යන්න යද්දි මං මගෙ ඇගේ බර ඔක්කොම සෙනාශ්ගෙ කකුලට දීලා උගෙ ඇගේ එල්ලිලා නැගිට්ටා..

" ඕයි.."

" ට්‍රැකද.."

" තොට ට්‍රැකද..මොකද මේ.."

" මගෙ දම්සාරි.."

" ආ..ආ..හරි බං එල.."

අහලා වැඩකුත් නෑ මුකුත් කියලා වැඩකුත් නෑ ඒ නිසා මං ඌට මුකුත් නොකියා පාඩුවේ ඉන්න තීරණේ කරා..

" වරෙන්.."

" කොහෙද.."

" to heaven.."

ආයෙත් රුක්ෂාන් හොල්මන් සෙනාශ්ව ඇදගෙන එළියට යද්දි මං බලන් හිටියෙ පැණි හිනාවක් දාගෙන ෆෝන් එක ඔබන සසිරු දිහා..

" ඔහොම ඉන්න මෙයාට යනවා කියලා එන්නම්.."

ඌ එනකන් හිටියෙ නෑ මං එන්න ආවා..

අපි ඊයේ හදපු කාමරේ බාප්පා ලයිට් එහෙම දාලා පට්ට ලස්සනට හදලා..පාට පාට ලයිට් හැම තැනම..සෙනාශ්ගෙ කාමරේටත් වඩා ලස්සනයි දැන් මේක..

වටපිට බලන ගමන් මාත් ගිහින් කාමරේ  මැදින්ම වාඩි වෙද්දි තමා දැක්කේ සිතිජගේ රැවුම් ගෙරවුම් වලට කන පාත් කරන් ඉන්න මගෙ අයියා කියන මහසෝන් යක්ෂයාව..මුන් දෙන්නා බැලුවොත් ඇත්තන් ඇවිලිලා ඉන්න විදිහ දකිද්දිනම් ලව් කරන්නත් බය හිතෙනවා..

" කෝ සසිරු.."

" මේ එනෝ.."

මගෙ දෙපැත්තෙ සෙනාශුයි සසිරුයි..අපි හය දෙනාම රවුමට ඉදන් ඉද්දි රුක්ෂානයා වීදුරු බෝතලයක් මැදින් තිබ්බා..

" මොක්කද කරන්න යන්නෙ.."

" truth or dare.."

ආ..යසයි මරු ගේම් එක..

" පටන් ගමුද.."

" මට බෑ බං.."

" සුදු පුතේ..අම්මි කියන දේ අහන්න..දුක හීනී කර ගන්න..මා පුතාට මං ඉන්නවා නේ..ඕක හීනී උනාම අල්ලලා විසික් කරමු අපි.."

" ඇයි මූට මොකක් වෙලාද මේ.."

ඒ ප්‍රශ්නෙ අපෙ අයියාගෙන්..

" ඌට මධනයා ගහලා..ඇයි උබ හොද කරන්නද.."

" දෙන්නෙ උබට.."

" දීපන් බලන්න.."

අයියා මට අත උස්සද්දි පොඩී එයාව නතර කරා..අරුත් ඉතින් බලු කුක්කෙක් වගේ පොඩි එකා කියන දේ අහද්දි මං කරේ අයියාට කට කොනෙන් හිනා උන එක..

" කරන දෙයක් කරන්නකො අප්පා ඉක්මනට මට දෝ මතයි.."

" ආ..ආ..ඔන්න පටන් ගන්නවා.."

රුක්ෂානයා මැද තියලා කරකපු බෝතලේ හැරුනේ පොඩී දිහාට..

" truth or dare.."

" අනේ.."

" අනේ පනේ නෑ එකක් කියපන්.."

" truth.."

" ඕකේ..ඩොක්ටර් අයියාට දෙයක් අහන්න තියනවානම් මෙන්න චාන්ස් එක.."

" මට බෑ උබලා අහපන්.."

" ඇයි ඔයාට මගෙන් අහන්න බැරි ඈ...එයාලා ඕන් නෑ ඔයා අහන්න මගෙන් මොනා හරි ඇත්තම කියන්නම්.."

" ඇයි මගෙ චූටි පැටියා මට කැමති උනේ.."

අයියා පොඩීගෙන් අහද්දි කට්ටියම බෙල්ල දික් කරෙ පොඩී දිහාට..අපි හතර දෙනාගෙම මූණු බලලා ඌ ආයෙත් අයියා දිහා බැලුවෙ යටි තොල හපාන..

" මං දන් නෑ..ආදරේ හිතුනා ඉතින්.."

" ආව්ව්...ආව්ව්......."

" මේ ලව් එක යකෝ.."

මං සසිරු රුක්ෂාන් අපි තුන් දෙනාම හිනා උනත් අයියා පොඩීගෙ කොණ්ඩෙ අවුස්සලා ඔලුවට කිස් එකක් දෙන අතරෙ සෙනාශ් හැටට හැටේ රැව්වා..

" ඔන්න මං දැන් කරකවනවා.."

ඒ පාර බෝතලේ හැරුනෙ රුක්ෂාන් පැත්තට..

"  truth or dare.."

" dare.."

පණ්ඩිත කමට dare ගෑවාට පොඩි එකා මූට මොනවා කරන්න කියයිද දන් නෑ දැන්..

" ආ..."

සිතිජ රුක්ෂාන්ට දුන්නේ චොක්ලට් බිස්කට් එකක්..

" අපෙ අයියා එක්ක ඕක කන්න ඕනි.."

" අයියොක් ඕක මොකක්ද ඉදපන් මං කාලා කෑල්ලක් දෙන්න.."

" එහෙම නෙවෙයි මොට්ටාස්..එක පැත්තකින් ඔයා කනවා අනිත් පැත්තෙ මේ ඔරන්මොටන් කන්න ඕනි අතින් අල්ලන්න බෑ බිම වට්ටන්නත් බෑ.."

" අඩෝ අඩෝ..පොඩීනම් පොඩි විදිහට හිටපන් ඈ.."

" කෑවෙ නැත්තන්..අරකෙක් එකක් බොන්න ඕනි.."

රුක්ෂාන් මෙ ගේම් එකට ලෙසටම ලෑස්ති වෙලා..වෙන උන් වගේ අපිට බියර් ශොට් එකක්වත් ගහන්න බැරි නිසා ඌ හිච්චි හිච්චි කෝප්ප ටික්කට ලුණු වතුරයි දෙහි වතුරයි දාලා..

" සෙනාශ් වරෙන්.."

" ට්‍රැකද.."

" අයියෝ..ඔය දෙතොල් මම කලින් සිපගෙන තියනවා නේ..වරෙන්කෝ.."

" මට බෑ.."

ඌ බෑ කිව්වාට රුක්ෂාන්ට සෙනාශ්ගෙ කට කන්න ඕනි වෙලාද කොහෙද බලෙන්ම අරූ ලගට ගිහින් උගෙ කටේ බිස්කට් එක ගලා මූත් අනිත් පැත්ත කටේ ගහ ගත්තා..

සසිරුවයි පොඩි එකයි දෙන්නාම කටත් වහන් උන් දිහා බලන් ඉද්දි දෙන්නාම චුට්ට චුට්ට බිස්කට් එක කන්න ගත්තා..

සෙනාශ් රුක්ෂාන්ව එහාට තල්ලු කරද්දි අරූ බිස්කට් එක කාන කාන එද්දි පොඩි එකා ඇස් දෙක වහා ගත්ත තප්පරේට ශේප් එකේ බිස්කට් එකෙන් වැඩි හරියක් රුක්ෂාන් හපලා අරන් කටේ දා ගත්තා..

සැක් මං හිතුවෙ යමක් වෙයි කියලා ඒත්..

" ඩන්..."

" මං දැක්කේ නෑ.."

" තෝ දැක්කේ නැති උනාට අපි දෙන්නා කෑවා..නේද රත්තරං.."

" ම්ම්..තමුසෙගෙ ලිප්ස් මාර සොෆ්ට් ඕයි.."

මං හිතන්නෙ බිස්කට් එකට පිං සිද්ද වෙන්න සෙනාශ්ගෙ මූඩ් එකත් ෆික්ස් උනා..මන්චි චොක්ලට් බිස්කට් එකක් නේ කෑවේ...

තුන් වෙනි පාරට බෝතලේ හැරුනේ සසිරු දිහාට..

" හේ හේ..කිරි කැටියා මගේ..truth or dare.."

" dare..."

ඔය කරේ...

" ම්ම්ම්..ගුඩ් චොයිස්.."

" උබර්.....මතීශ්....සසිරුට කිස් එකක් දීපන්..එතකොට ඒක සෙල්ෆියක් ගහලා හෙඩාට දාපන්.."

" ඒ...පිස්සුද.....අනේ..."

" ඒක සැර වැඩී.."

" නෑ නෑ සැර නෑ උබට කිස් එකක් දෙන්න තියන චාන්ස් එක.."

" අනෙ සෙනාශ්....ඒක කරන්න බෑ කියන්නකො.."

" රුක්ෂාන්..ඔව් ඔව්..ඕවා පවුල් ප්‍රශ්න ඊට පස්සේ..සැර බාල කරපන්.."

හෙඩාගෙයි සසිරුගෙයි හුට පටේ ගැන අපි තුන් දෙනා දන්නවා උනාට මෙතන අනිත් දෙන්නා ඒක ගැන දන්නෙ නෑ නේ..ආයෙ ඉතින් එක වචනෙන් හැම දේම තේරුන් ගන්න ඕප දූප රොයිටරේ අපෙ අයියාට රහස් කියනවා ඒ අස්සෙ හෝ ගාලා..රුක්ෂානයා තමා කෑවෙ වැඩේ..

" එහෙනම් සසිරු තප්පර හතලිහක් මතීශ්ගෙ නලලට දිග...කිස් එකක් දීපන්.."

රුක්ෂාන් කියද්ද් මං බැලුවෙ සසිරුගෙ මූණ දිහා..

" හා..හතලිහක් නේ.."

" ම්ම්ම්.."

" ඔන්න දෙනවා එහෙනම් ගනන් කරපන්.."

රුක්ෂාන්ට තප්පර ගාන ගනන් කරන්න කිව්ව සසිරු මගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් පියාන මගෙ නලලින් එයාගෙ තොල් තද කරා..

තප්පරයක් දෙකක්..තප්පර තුන හතරක්ම යනකන් මට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරි උනා..

" පහායි.."

" හයයි.."

උගෙ තොල් රස්නෙයි..

ඒ නිසාම වෙන්න ඇති මගෙ ඇස් දෙකත් සැනසීමෙ පිය වෙලා රැලි ගැහුන නලල පවා ලිහිල් වෙලා ගියේ..

හදවත එළියට පනින්න තරම් වේගෙන් ගැහෙද්දි මට දැනුනෙ මාව දිය වෙනවා වගේ හැගීමක්..ඒක හරි අමුතුයි සසිරු..මට උබව අමුතු විදිහට දැනෙනවා..තමුසෙට මෙහෙම දෙයක් නොකර ඉන්න තිබ්බා..

" තිස් පහා...යි.."

ඉක්මනට ඉවර වෙන් නැද්ද මේක..මං දිය වෙයි ඕයි...

සසිරු..ඒ හැගීම වැඩි වෙනවා බං..මට උබට__

" හතලිහායි.."

තප්පර හතලිහ ඉවර වෙද්දි සසිරු මගෙ ඔලුව අතගාලා මගෙන් ඈත් උනා..

" ආව්ව් ආව්ව්...අරූ රතු වෙලා.."

" කරකපන් ඕක.."

බෙල්ල අත ගාන ගමන් මං කියද්දි සසිරු හතරවෙනි පාරටත් වීදුරු බෝතලේ කරකව්වා..

" සෙනාශ්.."

" truth or dare.."

" dare.."

" ඇයි යකෝ dareම කියන්නේ උබලාට ඇත්ත කිව්වොත් හෙන ගහනවාද.."

" ඉන්නවාකෝ..මං කියන්නම් එයාට කරන්න ඕනි එක.."

" සුදු අයියේ මූට හෙලුකුට්ටෙන් ගේ වටේට දුවන්න කියන්න.."

" ඒක ඉතින් කොහොමත් කරනවානෙ මූ.."

"  සිංදුවක් කියන්න..ගිටාර් එක ගහන ගමන් හිතේ තියන හැගීමක් සිංදුවක් කරන්න.."

" හා.."

යසයි..උගෙ හිතේ තියන හැගීම් දැන් මෙතන සිංදු කරද්දි අපිට වැලලෙන්න වෙන්නේ..

පොඩි එකා ගිටාර් එකක් උස්සන් ඇවිත් සෙනාශ්ගෙ අතට දෙද්දි උගුර පාදලා එහෙම පොර ලෑස්ති උනේ හැගීම් සිංදු කරන්න..

" වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා.."

ආ හරි..නියමයි..

" ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා.."

සෙනාශ් බොරුවට අඩාගෙන සිංදුව කියන්න ගද්දි සසිරු මගෙ මූණ දිහා බැලුවෙ සොරි බං මං වැරැද්දක් කරේ කියන්න වගේ..

" අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා

පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා........"

" කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා......මි__

" ඇති ඇති මගෙ පුතේ ඔයාගෙ හැගීම අපි ඔක්කොටම තේරුනා.."

" අයියාට දම්සාරි බූට තියලා වගේ.."

" සෙට් වෙන්නත් කලින්ම ඌ බූට කෑවා..මගෙ හොද පුතා වගේ ඕක කරකපන්කෝ.."

සෙනාශ් තවත් සිංදුව කියන්න යද්දි රුක්ෂාන් ශේප් එකෙ ගිටාර් එක අරන් සසිරු අතට දුන්නා..බොරුවට කදුලු පිහින ගමන් සෙනාශ් බෝතලේ කරකද්දි මේ පාර ඒක නැවතුනේ මහ සෝනා ලග..

" truth or dare.."

" truth.."

" ආ ඉන්න මං අහන්නම්.."

පොඩි එකාටනම් කොහොමත් අපෙ එකාගෙන් දැන ගන්න දේවල් ගොඩාක් ඇති..මොකද මූ වෙලාවකට රහස් ගුහාවක් වගේ..

" ඇයි අපි දෙන්නාට වෙන අය වගේ ආදරේ කරන්න බැරි.."

සිතූ අහපු ප්‍රශ්නෙට හැමෝම වගේ සිරියස් උනා..අයියත් ඒකට උත්තර දෙන්න ලෑස්ති උනේ ලොකූ හුස්මක් අරන්..

" හේතු කීපයක් තියනවා..එක ඔයා මට වඩා ගොඩාක් බාලයි..අනික තාම ඉගෙන ගන්නවා..මං එහෙම නෑ මං ඉගෙනගෙන ඔක්කොම කරලා මගෙ ජීවිතේ හදාගෙන ඉන්නේ..එතකොට මට ආත්මාර්ථකාමී වෙලා මගෙ චූටි මැණිකගෙ ජීවිතේ විනාස කරන්න බෑ මට ඕනි ඔයාගෙ ජීවිතේත් ලස්සන කරන්න..ඔයා දිනනවා බලන්න..දෙක අපි කසින්ලා..පවුල්වලින් ප්‍රශ්න එනවා..තව චූටි චූටි දේවල් ගොඩක් තියනවා ඒ උනාට මං හිතනවා මගෙ මැණිමට මං කිව්ව ටික තේරෙයි කියලා..අපි අනිත් ඒවා පස්සෙ කතා කරමූ.."

මහසෝන් යක්ෂයා පට්ටම සීරියස් විදිහට පොඩීට ආදරෙන් කියද්දි අපිත් හෙන සීරීයස් එකේ ඒක ගහන් හිටියේ..ඔක්කොම අහන් හිටිය පොඩි එකත් ඇස්වල කදුලු පුරවන් අයියාව බදා ගත්තා..

" හරිම ආදරණීයයි..ඔන්න ඕක කරකන්න ලොකු අයියේ..මේ පොඩි ඇටයාට තමා මෝල තද වෙලා දගලන්නේ.."

" අනේ මේ කට වහන් පලයන්කො ඔරන්මොටන්..තොට ලව් කරන්න එකෙක් නෑ කියලා මං මොනා කරන්නද.."

" ගහනවා තොට ඈ.."

" ගහපිය ඉතින් උබෙ මවුස් එක තාම මං ලග අල්ලා විසික් කරනවා වත්තට.."

" ආ ආ..ඇති දැන්..මතීශ් ඉන්නේ truth or dare.."

හුත්තෝ..අරුන් දෙන්නාගෙ වලිය දිහා බලන් ඉද්දි අයියා බෝතලේ කරකලා මගෙ පැත්තට හැරෙනවා දැක්කෙත් නෑ..

" dare.."

truth කියලා ජීවිත අවදානමක් ගන්න බෑ මොකද අයියා කටින් දේවල් අල්ලා ගන්න දක්ෂයි..

" ම්ම්..උබත් සිංදුවක් කියපන්..හැබැයි මෙච්චර කල් තේරුන් ගන්න බැරි උන හිතේ හිර උන හැගීමක් සසිරු කිව්ව වගේ සිංදුවක් කරපන්.."

" අනේ මේ මට බෑ.."

" බැරි නෑ..කියන්න සිංදුවක්.."

සසිරු එයා අතේ තිබ්බ ගිටාර් එක මගෙ අතට දීලා කියද්දි මං හිතන්නෙ මට සිංදුවක් ඔලුවට ආවා..

" ම්ම්..."

අරුන් ටිකත් හෙන උනන්දුවෙන් මං දිහා බලන් ඉද්දි මං සසිරුට හිනා වෙලා ගිටාර් එක ගහන්න ගත්තා..

" ගහක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි..."

පලවෙනි පද දෙක සසිරුගෙ ඇස් දිහාම බලාන කිව්ව මං බිම බලා ගත්තේ ඕන කමින්මයි..නැත්තන් මුන් මගෙ ඇස් කියව ගයි..

" නුඹට සිත බැඳුනේ කිමැයි මා

තවම නොදන්නෙමි

නුඹට හිත බැඳි කාරනේ මම

තවම සොයන්නෙමි.."

ඒ අස්සෙ සසිරු උගෙ ඩාන්සින් පොතේද කොහෙද මං කියන හැම පදයක්ම අකුරක් නෑර ලියා ගන්නවා..

මට තේරෙන් නෑ සසිරු..ඇයි මේ...

" කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ

ඇතත් ලො දහමින්

සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්

ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්

කරනු බැරි තහනම්..."

" ගහක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි.."

කොහොමද කියන්නෙ මම උබට මේක..

ඇත්තම දේ..උබට නොතේරුනාට මං උබට ආදරෙයි..යාලුවෙක්ට එහා ගිය සහෝදරයෙක් විදිහට නෙවෙයි..මං උබට ඊටත් එහාට ගිහින් ආදරෙයි..

" සඳට සදහට සෙනේ පෑමුත්

උදුල තරු කැටයම්

හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්

නුඹට නොහැගෙන මගේ ප්රේමය

ඒ වගෙයි මනරම්

පුදුමවෙයි නුඹ නම්.."

නොකියා නෑ නෙ මං උබට ආදරෙයි කියලා..එත් ඇයි බං උබ එතකොට ඒ යාලුකමට කියලා හිතන්නේ..

යාලුවොන්ට ඒ වගේ ආදරේ කරන්න බැරිද..

" ගහක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි

හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමි

නුඹට සිත බැඳුනේ කිමැයි මා

තවම නොදන්නෙමි.."

මට තාමත් හිතා ගන්න බෑ ඇත්තටම මං උබට ආදරේ කරෙන්නෙ ඇයි කියලා..ඒක කවදා ඉදන්ද කොහොම ඇති උනාද කියන්න මං දන් නෑ..ඒත් මං දන්න එකම දේ මං උබට ආදරෙයි..

යාලුකම කියන බැම්ම නිසා මගෙ ආදරේ වැහිලා ගිහින් සසිරු..

තමුසෙ වෙන කෙනෙක්ගෙ උනාට මගෙ හදවත කෑලිවලට බිදිලා උනාට මේ හිතේ ඒ කැඩුණු තැන්වලින් පවා තාමත් ඒ ආදරේ දළු දාලා වැඩෙනවා..

උබ වෙනුවෙන්...

" නුඹට හිත බැඳි කාරනේ මම

තවම සොයන්නෙමි......"

" ආව්ව්ව් ආව්ව්ව්ව්....කාටද සිත බැදුනේ.."

" කාටවත් නෑ මගෙ කටට ආව සිංදුවක් කිව්වේ.."

" මල්ලී.."

" මොකද ඕයි..නිකන් කිව්වෙ ඒක.."

" මතීශ්.."

" ම්ම්ම්.."

" ඇත්තටම කටට ආපු සිංදුවක්ද.."

" ම්ම්ම්.."

සසිරුගෙ ප්‍රශ්නෙට මං උත්තර දුන්නෙ හිනා වෙලා..

" ඒ උනාට ඒ සිංදුවෙන් මට ගොඩාක් දේවල් දැනුනා.."

නෑ..උබට දැනිලා නෑ සසිරූ..උබට ඒක දැනුනානම් මේ වෙද්දි උබ මගේ...

*****

කියා ගන්න බැරි ආදරයක් ඔයාගෙ හිතෙත් තියනවාද..

Vote 👇♥️