Chapter 19: මං කැමතී (Part 18)

තුන්කොන් BLWords: 44370

සෙනාශ් pov

" අනේ ඇයි වස්තු මේ..මං මොකක්ද කරේ දැන්.."

" කට වහන් යනවා...."

" බොරුවට තරහා ගන් නැතුව කියනවාකො මොනාද කරේ කියලා.."

" මට ඕන් නෑ තවුසෙ කට වහන් යනවා...."

" යකෝ මේක මාර මගුලක් උනා නේ..දැන් ඔච්චර වෙලා හොදට ඉදලා උබට එක පාරටම මොකක්ද උනේ ආ.."

අපි හිටියෙ පොඩි එකාගෙ කාමරේ දොරට කන් තියාගෙන..ලොකු අයියා කිව්වා වගේම මෙච්චර වෙලා ඌ ගෙනාව කෑමත් කකා පොඩි එකා හොදට හිටියා එක පාරටම යකෙක් වැහුනා වගෙ ගස්සගෙන පද්දගෙන ලොකූවත් ඇදන් කාමරේට ගිහින් දොර වහ ගද්දි සසිරුවයි මතීශ්වයි ඇදන් මාත් ආවේ පොඩී හොදින්ද බලන්න..නැතුව මේ ඕපේ හොයන්න එහෙම නෙවෙයි..මොනා උනත් මල්ලිනේ..

" මට තනියම ඉන්න දීලා යනවා......."

" ස්.....කෑවා නේද ඩෝං ගාලා.."

" ම්ම්ම්...සොරි බොක්ක මට උබෙ අයියා ගැන දුකයි.."

" ආව්..හුත්ත..ගහන්නෙ ඇයි.."

" මට ඕනි නිසා.."

" පොඩී මේ ඉවසන් ඉද්දි කරේ නගින්න එන්න එපා හරී..මං මොන වැරැද්දක් කරලද උබ මේ යකා නටන්නේ ආ..අච්චර වැඩ දාහක් තියාන උබ පව් කියලා ඉස්කෝලේ ලගටම ඇවිත් කන්නත් ඕනි කියන ඔක්කොම අරන් දීලා පරිස්සමින් ගෙදරත් එක්කන් ආවා..හොස්පිටල් එකෙන් එන කෝල්ස් එකක්වත් ආන්ස්වර් නොකර ඉන්නෙ ටිකක් වෙලා ඉදලා යන්න කිව්ව නිසා..මොකක්ද චූටි මැණික මේකේ තේරුම.."

" ඔයා මට ආදරේ නෑ.."

" ආදරේ නැත්තන් මං ඔයා වෙනුවෙන් කරන දේවල් කරයිද.."

" ඒ හැම දේම ඔයා අර මෝඩයෝ තුන් දෙනා වෙනුවෙනුත් කරනවා.."

" ඒ සෙනාශ්..සිතූ අපිටද මෝඩයෝ තුන් දෙනා කිව්වේ.."

දොරට කන් තියාන කටත් උල් කරන් හිටිය සසිරුවා මට කියද්දි මං උගෙ උරහිසට තට්ටුවක් දැම්මේ ඕවා ගනන් ගන්න එපා කියන්න වගේ..

ඒකෙන්ම පේනවා නේ පොඩි එකාගෙ බොරු ආදරේ ලග ඉද්දි සසිරුවා සුදු අයියා නැති වෙලාවට මෝඩයා..ඒ උනාට පාඩම් වැඩක හරි මොනා හරි දන් නැති උනාම මෝඩයෙක් උන සුදු අයියාවම තමා හොයන් එන්නේ..

" දැන් මට මොකක්ද කරන්න කියන්නේ.."

" උම්මා එකක් දෙන්න.."

" හුත්තෝ..මං යනවා ඇතුලට.."

" කලබල වෙන්න එපා..මිතුර පොඩ්ඩක් ඉදාන්කෝ.."

දොර ඇරගෙන ඇතුලට යන්න ගිය මාව නැවැත්තුවෙ මතීශ්..

අම්මපා ලොකු එකා පොඩීගෙ කට කාලා තිබ්බොත් මං උන් දෙන්නාවම කොලවරි ඩී කරනවා..එහෙම මේ මට කලින් කට කන්න දෙන්න පුලුවන්ද පොඩි ඇටයට..මෙච්චර ලොකු වෙලත් තාම මට ෆස්ට් කිස් එකවත් හම්බෙලා නෑ..කොහෙද ඉතින් දම්සාරිට කිසි උවමනාවක් නැති එක නෙ ප්‍රශ්නේ..

" නලලට නෙවෙයි.."

" එහෙනම්.."

" කටට.."

" චූටි මැණික ඔයා තාම පොඩී.."

" කොහෙද පොඩි..අපෙ පංතියෙ අනිත් කොල්ලො කෙල්ලො එක්ක රූම් යනවත් එක්ක.."

" චු__

" දෙන්න නේද කිව්වේ.."

" එක පාරක් කිව්වාම කියන දේ අහන්න පොඩී..මං මහ මිනිහෙක් උනාට ඔයා තාම ඉගෙන ගන්න පොඩි එකෙක්.."

ඇත්ත ඇත්ත..

" මං දන් නෑ උබට මේ නාකි මාවම ඕනි උනේ ඇයි කියන්න..කොහොම හරි මං චූටි මැණිකට ආදරෙයි..ඉස්සල්ලා ඉගෙන ගෙන ඉන්න..ඔය දේවල් අපිට පස්සෙ කරන්න පුලුවන් නේ.."

" බෑ.."

" සෙල්ලමක් නෙවෙයි පොඩී මේක..මුරණ්ඩු වෙන්න එපා..ඔයා ඉගෙන ගන්න ඔයාට පුලුවන් උපරිමෙන්..meanwhile, I will create a beautiful future for you.."

" ම්හුක්..මතීශ්.."

" ම්ම්ම්.."

" මටත් ලොකු අයියා වගේ කොල්ලෙක් හොයලා.."

" ඇයි උබට මිනිදු අයියා ඉන්නේ..දැන් ටිකකට කලිනුත් කොට කොට හිටියා නේද.."

සසිරු මතීශ්ට කිව්ව දේට මං උත්තර දුන්නෙ කාමරේ අස්සෙන් මොකක්දෝ බිදෙන සද්දයක් ඇහෙද්දි..

කිස් එකක් නිසා පොඩි එකා ලොකූව මැරුවාවද්ද කියලා බලන්න තුන් දෙනාම කලබලෙන් කාමරේ ඇතුලට ගියත් මෙච්චර වෙලා රණ්ඩු උන දෙන්නා හිටියේ ගැරඩි වගේ වෙලීගෙන..

ඕක තමා ආදරේ ස්වභාවය..

" අයියා..මුකුත් අවුලක් නෑ නේ.."

" නෑ නෑ ශේප්.."

" අයියලා එක්ක පල්ලෙහාට යන්නකෝ..මං මේක අස් කරලා එන්නම්.."

මොකක්ම හරි හේතුවක් නිසා කාමරේ මැදම ග්ලාස් එකක් බිදිලා තුබුනා..අහන් හිටියට බලන් හිටියෙ නෑ නෙ ඉතින්..

පොඩීට අපිත් එක්ක යන්න කියද්දි ඌ ඇවිත් මාව තල්ලු කරලා මශීත්ගෙයි සසිරුගෙයි අත්වල එල්ලුනා..අම්මයි තාත්තයි පුතයි වගේ උන් තුන් දෙනා ඉස්සරහින් යද්දි මට සිද්ද උනේ බොඩිගාර්ඩ් වගේ පස්සෙන් යන්න..

" මතීශ්.."

" ම්ම්ම්.."

" ටූර්නමන්ට් එකට ප්‍රැක්ටිස් කරන්න ඕනි නේ.."

" හ්ම්ම්ම්.."

" යමන් වැඩක් කරමු.."

" මොකක්ද.."

" වරෙන්කෝ.."

" මට බෑ...."

සෝෆා එකෙන් නැගිට්ට මං ඉදන් හිටිය මතීශයාගෙ අතින් අදිද්දි ඌ කරේ එන්න බෑ කිය කිය සසිරුගෙ අස්සෙ රිංගපු එක..

" අනේ වරෙන්කො හුත්ත.."

" සෙනාශ්...."

" හරි අප්පා ඉතින් මූට එන්න කියන්නකෝ.."

" යනවාකො මතීශ් ඉතින් මගෙ අස්සෙ රිංගන්නේ.."

අන්තිමට සසිරු කිව්ව මතීශ් නැගිටලා ආවෙ නිකන් නෙවෙයි ඉතින් ඒ අහිංසකයාවත් ඇදගෙන..

වෙනදා මට ප්‍රැක්ටිස් කරන්න බැල්කනි එකේ ඉඩ ඇති උනත් මූටයි මටයි දෙන්නාටම හොදට ප්‍රැක්ටිස් කරන්න පුලුවන්කම තිබිලත් බැල්කනි එකේ ඉඩ මදි කේස් එකක් තිබුනා..අනික සසිරුවාට නටන්න තැනකුත් තියෙන්න එපැයි..ඒකමයි ඕවා ගැන හිත හිත ඉද්දි සෝෆා එකට වෙලා කාර්ටූන් බල බල හිටිය මට ගෙදර ස්ටෝ රූම් එක මතක් උනේ..

" තාත්තී.........."

" තාත්තියෝ....තාත්තේ....."

" ඇයි බං.."

" ස්ටෝ රූම් එකේ තියන ලට්ට ලොට්ට ඕනි ඒවාද...."

කුස්සියේ අම්මත් එක්ක උකුලු මුකුලු කර කර හිටිය තාත්තාට මං කෑ ගැහුවෙ ලිවින් රූම් එකේ ඉදන්..

" ඕන දේවල්නම් නෑ අර මගෙ මැජික් බඩු ටික ඇර.."

" ආ එහෙනම් එච්චරයි.."

" ඇයි උබ මොකද කරන්න යන්නේ.."

" කරලාම කියන්නා....ම්.."

" ආරව්..මගෙන් ගුටි කන වැඩ එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා.."

" හරි අනේ..මේක ඔයාගෙ පුතාලාගෙ අනාගතේට උපකාරි වෙන දෙයක්.."

ඇත්තනේ මං මොනා කරත් කරන්නෙ අනාගතේ ගැන හොදට හිතලා..

තාත්තාගෙ අවසරෙත් ලැබුන නිසා මං අරුන් දෙන්නාවත් ඇදන් ගියෙ උඩට..පොඩීගෙයි මගෙයි කාමර දෙකටම ඇදි වෙලා තිබුන ස්ටෝ රූම් එක අපි දෙන්නාගෙම කාමරවලට වඩා ලොකු උනා..

" මේක අස් කරමු.."

" ඇයි ඒ..."

" සසිරුවාට නටන්නයි අපිට බොක්සිං ගහන්නයි සෙට් වෙන විදිහට හදා ගමු..කාමරේ ඉඩ මදි නේ ඔක්කොම කරන්න.."

" ඒවා හොද වැඩ.."

" මට බෑ දූවිලි නාන්න.."

සසිරු වැඩේට කැමති උනත් මතීශ් කුනු කුනු ගාන්න ගත්තා..

" අනේ මේ මතීශ් නිකන් තොදොලෙ වෙන් නැතුව හිටපන්.."

" කවුද යකෝ තොදොල් උනේ.."

" තෝනේ.."

" යාහ්හ්..සෙනාශ්...තොට මම...."

මගෙ ඇග උඩ නැගගෙන මතීශ් මට ගහද්දි මං බලාගෙන සසිරුවා ඔලුවේ අත ගහන් බිත්තියට හේත්තු වෙලා ගැරඩි වගේ පොරකන අපි දිහා බලන් ඉන්නවා..මතීශයා රිලවෙක් වගේ මගෙ ඇගේ එල්ලිලා කොණ්ඩෙන් අදිද්දි මං උගෙ පස්ස මිරිකනවත් එක්කම ඩයල් එක පසු බැස්සා..

" මට තෝව පේන්න බෑ සෙනා.....ශ්.."

" මටත් පෙන්න බෑ හිකනලයා.."

" තෝනෙ හිකනලයා..හැටි බලපන්.."

" පලයන් පොලොස් කොට්ටෝරුවා යන්න මං මේ ඉන්නෙ හැන්ඩියා වගේ.."

මේ සැරේ මං ඌව බිම පෙරලන් ගහද්දි මගෙ අතින් ඌ ඇදන් හිටිය ටී ශර්ට් එකේ කර ලගින් ඉරිලා ගියා..සෝකයට කරුන ඇවිල්ලා ඒක මගෙ ටී ශර්ට් එකක් උන එක..මූටත් ඇදුන් නෑ වගේ අදින්නෙම මගෙ ඒවා..

" මොකද යකෝ තොපි මරා ගන්නෙ මේ.."

" මේ පකයා මට තොදොලෙ කිව්වා..ආයෙ හිකනලයා කියලත් කිව්වා.."

පොඩීගෙ කාමරෙ දොර ඇරන් එළියට ආව ලොකූ අපිට සැර දාද්දි මතීශ් අයියාට කේලම කිව්වෙ හරි සුද්දවන්තයා වගේ..

" බාලාංශේ උන් වගේ බං උබලා..කෑ ගහන්න එපා අර පොඩි එකා නිදා ගත්තා විතරයි.."

ලොකු අයියා දාඩියත් පිහ දාන ගමන් කියද්දි සිරාවටම මට පව් කියලත් හිතුනා..පොඩි එකාගෙයි මුගෙයි අතරෙ තියෙන්නෙ ලොකු ඒජ් ගැප් එකක් නිසා දෙන්නාට දෙන්නා තේරුන් ගන්න අමාරු එක සාදාරණ ඇති..කොහොමත් අපෙ එකත් හරි අමුතු එකානේ..

මතීශයයි මායි හොරෙන් හොරෙන් කොනිත්ත ගන්න ගමන් බිමින් නැගිටලා ස්ටෝ රූම් එකට ගියෙ ඒක අස් කරන්න හිතාන..

තාත්තා ඉස්සර පොඩියට අපිට මැජික් පෙන්නුවා..ඒ නිසා එයාගෙ පොඩි පොඩි බඩු ටිකකුයි තව කැඩිච්ච බඩු ටිකකුයි ඇර මේකේ තිබුනෙ මකුළු දැල්..

මතීශ් බෑ කියද්දි ඌවත් දූවිල්ල අස්සට ඇදන් ගිහින් උගෙ අතට මං කොස්සක් දුන්නෙ අස් කරපන් කියලා..සසිරුටනම්  මාස්ක් එකක් දුන්නා දා ගන්න නැත්තන් ඕකා ලෙඩ වෙනවා..

තාත්තාගෙ බඩු ටික පෙට්ටියකට දාලා එයාගෙ කාමරෙන් තියලා අනිත් බඩු ටිකට පස්සෙ මොනා හරි කරන්නම් කියලා හිතාගෙන ගේ පිටිපස්සට ගිහින් දැම්මා..ඊට පස්සෙ තියෙන්නෙ දූවිලි පිහදලා අතු ගාලා පොඩ්ඩක් ක්ලීන් කරලා ගන්න ඒත් අපි තුන් දෙනාට විතරක් ඒක තනියම කරන්න බැරි නිසා මං කෝල් එකක් ගත්තෙ රුක්ෂාන්ට..

" අඩෝ..."

" ම්ම්ම්..මොන හු#තක්ද බං කරන්නෙ දගර වලිගෙ බලන ගමන් හිටියේ.."

" මෙහෙ වරෙන් පාර්ටියක් දාන්න යන්නේ.."

" හදිස්සියේ....මොකටද පාර්ටී.."

" ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ..පික් මී එකක් දාන් වරෙ ඉක්මනට.."

" අප්පා කේස් දැන් හවස් වෙලා නේ.."

" දීපන්කො ෆෝන් එක.."

සසිරුවයි මතීශයයි අස් කරන් නැතුව කොසුවලින් ෆයිට් කරන අතරෙ ලොකු හුස්මක් අරන් මං ලෑස්ති උනේ රුක්ෂාන්ගෙ අප්පාට කතා කරන්න....

" හැලෝව් සන්.."

" ආ..මේ අන්කල් වනක්කම්.."

" වනක්කම් පුතා.."

" මං මේ ගත්තේ අන්කල්ගෙන් බඩ්ඩක් අහන.."

" අහන්න පුතා.."

" අපි අද පාඩම් කරන්න ලෑස්ති උනේ අන්කල්..හෙට සර් කිව්වා නේ පේපර් එකක් දෙනවා කියලා..රුක්ෂාන්ටත් තේරෙන් නැති පාඩමක් තියනවා කිව්වා..ඒකෙන් තමා අන්කල් වැඩියෙන්ම ප්‍රශ්න එනවා කිව්වේ..ඉතින් අපරාදෙ නේ එයාට ඒක කර ගන්න බැරි උනොත්..කොපි කරන එකත් හොද නෑ නේ..තමන්ගෙම දක්ෂතාවෙන් ගොඩ යන්න එපැයි නේද.."

" ඔව් පුතා ඒක ඇත්ත.."

" ඒකනේ අන්කල්..අපිත් දැන් පාඩම් කරන එකේ රුක්ෂාන්ව එවන්න බැරිද මෙහෙ අපිත් එක්කම පාඩම් කරන්න..අපෙ තාත්තා තමා කිව්වෙ අන්කල්ගෙන් අහලා එයාවත් එක්ක ගන්න කියලා..ගොඩක් රෑ වෙනකන්ම පාඩම් කරන්න තමා හිතන් ඉන්නේ.."

" හරි සෙනාශ් මං එවන්නම් මෙයාව..ගෙදර හිටියා කියලත් පොතක් අතින් අල්ලන් නෑ නේ.."

" හරි අංකල් රෑ මෙහෙම නවතින්න එවන්න..මෙහෙ ඉදන් උදේට අපිත් එක්කම ඉස්කෝලේ යන්න පුලුවන් නේ..මං රුක්ෂාන්ට දන් නැති පාඩම හොදට කියලා දෙන්නම්.."

" හරි හරි සෙනාශ් පුතා මං එවන්නම්කෝ.."

සාර්ථක විදිහට පච කෝඩියක් ගහලා අන්කල් කාරයාගෙ කැමැත්ත ගත්තාම මගෙ මූණට ආවෙ ආඩම්බර හිනාවක්..

මං කොහොමත් ලෝකයාට ගුණයපත් දරුවෙක්නේ...ඒක නිසා චාටුවෙන් ඕනි වැඩක් කර ගන්න පුලුවන්..

" පකෝ..තෝ කියන පචවලට යන්න අපායක් නෑ අවලමා.."

" හරි හරි කියවන් නැතුව ලෑස්ති වෙලා වරෙන් ඉක්මනට මං යන අපායටම තමා තෝත් යන්නේ කොහොමත්.."

කෝල් එක කට් කරපු මං අයෙත් වැඩ පටන් ගත්තේ රෑ වෙන්න කලින් මේක ඉවරයක් කරන්න ඕනි නිසා..සසිරුට වැඩක් කරන්න ගියත් නිකන් ඉන්න බෑ ඌ ඒත් නටනවා..පාරෙ ගියත් නටනවා නාන්න ගියත් නටනවා කද්දිත් නටනවා නින්දෙනුත් නටනවා..

පස්සත් පද්ද පද්ද දැන් අතු ගාන ගමන් නටද්දි මං ඌ දිහා බලන් හිටියේ හොරාවට වගේ..චූටි කාලෙ වගේම දිගටම මට එයා එක්ක ඉන්න පුලුවන් උනානම් මගෙ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා..එහෙමයි කියලා ඌ නැතුව මගෙ ජීවිතේට වරදක් වෙලා නෑ..ඒත් ගෙවුන කාලෙ පුරාවට සමහර වෙලාවට අමුතු පාලුවක් දැනුනා..

ඒකට දැන්..ආසාවකට පාලුවක් දැනෙන්න වෙලාවක් නෑ මුන් දෙන්නා මං ලැට් එකට ගියත් පස්සෙන් එන නිසා..මෙහෙම ගියොත්නම් මුන් නැතුව ඉස්සරහට ජීවත් වෙන්න මට හරි අමාරු වෙයි..

" සෙනා.......ශ්.."

" ආ..ඇයි ඇයි.."

" ඔතෙන්ට වෙලා ගල් ගිලලා වගේ බලන් හිටියම හරිද.."

" හරි හරි චූටි පැටියො මං එනවා..ඔයාට එහෙම වැඩ කරන්න දෙනවද මම කෝ දෙන්න රත්තරං කොස්ස.."

කල්පනාවක හිටිය මම මෙච්චර වෙලා බලන් හිටියෙ සසිරුගෙ ගැස්සෙන පැද්දෙන පුක දිහා වෙද්දි මං මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ කියලා තේරුන් එයා කෑ ගැහුවෙ මට ගහන්න කොස්ස උස්සන ගමන්..

රුක්ෂාන් කාරයත් තව ටික්කින් එන නිසා ඌටත් කරන්න වැඩ ඉතුරු වෙන්න අපි තුන් දෙනා හෙමින් හෙමින් කාමරේ අස් කරා..මතීශයා මට රව රව දූවිලි නාලා..මගෙ වාසියට විතරක් කරන දේවල් නෙවෙයි නෙ ඉතින් මේ..දූවිලි ටිකක් නෑවට මොකද වෙන්නේ..

සෑහෙන වෙලාවක් එහෙට මෙහෙට දුව දුව රණ්ඩු කර කර ඉදලා පෝඩ්ඩක් විතර මහන්සි වෙද්දි අම්මා ගෙනත් දුන්න පපායා ජූස් එකත් බොන ගමන් අපි පඩිපෙල දිගට පෝලිමට ඉදගෙන ඉන්නකොටම..

" ආ පැටියෝ....කොහොමද....මං ආවා...."

රුක්ෂානයා ආවෙ කෑ ගහගෙන..

ජූස් එකත් බොන ගමන් ආයෙත් ඌව පල්ලෙහාට එක්කන් ගිහින් තඩි බෆල් එක පෙන්නාද්දි මූ මං දිහා බැලුවෙ මේ මොන මගුලක්ද මේ කියන්න වගේ..

" ඕක උස්සන් යමන්කෝ..තව වැඩ ගොඩක් කරන්න තියනවා.."

" කැ#ම වැඩේ සෙනාශ්..පාර්ටි දාන්න කියලා උබ මාව ගෙන්න ගත්තෙ මට කියලා වැඩ කර ගන්නද.."

" හරි ඉතින් පාර්ටි දාමු අපි..යාලුවෝ උනාම එකිනෙකාට උදව් කර ගන්න එපැයි සහෝ..මේ වැඩේ ඉවර වෙලා බාබකිව් පාරක් දාමු.."

රුක්ෂාන්ගෙ පිට අත ගාන ගමන් මං කියද්දි ඌනම් හිටියේ මගෙන් බාබකිව් දන්න පුලුවන් තත්වෙක..මොනා උනත් මගෙ එකා හොද එකානේ..ආපිට මුකුත් නොකියා රුක්ෂාන් බෆල් එක බාහුමලී වගේ කරට අරන් පඩිපෙල නගින්න ගත්තේ අපි ඌට තව ගැම්මක් දෙන්න සීන් එකට අදාල සිංදුව කියද්දි..

ජටා කටාහ සම්බමා

බරාම නිලිම්ප නිර්ජනී

විලෝල වීචි වල්ලරී

විරාජ මාන මර්ධනී...

ටා.......න්... ට ටා........න්

සසිරු උඩටම වෙලා තාන්ඩව නටද්දි මාතීශයයි මායි තැන් දෙක්කට වෙලා කොස්ස මයික් එක කරන් පද ගැලපුවා..

රුක්ෂාන් කාරයා ගැම්මට අඩියෙන් අඩිය  පඩිපෙල නැගන් ගිහින් කාමරෙන් බෆල් එක තියලා එයා පස්සෙන්ම ගිය අපි තුන් දෙනා දිහා බැලුවෙ පපුවත් ඉස්සරහට දාන අත් දෙකත් බයිසිකල් හැඩ්ල් එක වගේ හදාගෙන..ඇස්වහක්නම් වදින්න එපා මගෙ එකාට ඔය බෆල් එක තනියම ඉස්සුවා කියන්නෙ කොල්ලා සැබෑම දක්ෂයෙක්..

" මේවා අපි මේ පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි මචංලා..අප්පා මට චූටි කාලෙ මිරිස් ගල උස්සන්න දීලා තමා ඉස්සල්ලාම බර උස්සන්න පුරුදු කරේ.."

" ඇත්තදූ...."

" නැත්තන්..වරෙන් උබවත් උස්සලා පෙන්නාන්න..මගෙ කිරිකැටියා උස්සන එක මහ දෙයක් නෙවෙයි මට.."

" නෑ නෑ උබ මාව උස්සන්න ඕන් නෑ.."

සසිරු එපා කිව්වාට රුක්ෂාන් අහනවද ඒක..නෑ..සසිරු එපා කියද්දි උස්සලා කරකන්න ගිහින් බිම වැටුන කිරි කැටියාගෙන් රුක්ෂාන් හොද ගුටියකුත් කෑවා..

බෆල් එකත් ගෙනාව නිසා කාමරේ මුල්ලෙන්ම ඒ ටික වයර් ඇදලා ඔක්කොම  සෙට් කරලා අපි අනිත් වැඩ පටන් ගත්තෙ සිංදුවකුත් දාගෙන..

පොඩි කාලෙ ඉදන් මං බොක්සිං ගහන්න ගැම්ම ගන්නෙ real steel එකේ සිංදුව අහන ගමන්..පන්චින් බෑග් එක කොස්සක් වගේ කොණ්ඩයක් තියන කැත රොබෝ කියලා හිතා ගත්තාම දෙන්න පුලුවන් ආයෙ ඉතින්...

ඒකෙ ගැම්මට හතර දෙනාම එහෙට මෙහෙට කඩියෝ වගේ දුව දුව ඩාන්ස් කරන්න වෙනම වම් පැත්තෙ ඉඩ වෙන් කරලා දකුණු පැත්තෙ පන්චින් බෑග් එකයි ග්ලව්ස් ටිකයි අනිත් අයිටම් ඔක්කොම ටික පිළිවලකට සෙට් කරලා මගෙ යකඩ කෑලි ටිකත් උස්සන් අවිත් හිතුවටත් වඩා මරුවට ඒ වැඩෙත් ඉවර කරා..ඒත් තව ලයිට් සෙට් කරන වැඩේ තියනවා ඒක කරන්න කලර් ලයිට් හෙට තමා ගන්න වෙන්නෙ..

" සෙනාශ්.."

ඔක්කොම ඉවර කරලා ටිකක් මහන්සි අරින්න කියලා හිතාන ගෙම්බා පොලේ ගැහුවා වගේ මුනින් අතට බිම නිදාන ඉද්දි සසිරු මගෙ ඔලුවට උඩින් මූණ දැම්මෙ එයාගෙ මූණෙ තිබ්බ දාඩිය බිංදුවක් මගෙ නලලට වැටෙද්දි..

" ම්ම්ම්.."

" මං දැන් මොකද කරන්නේ.."

" පූසෙක් වගේ මගෙ මූණ දිහා බලන් ඉන්න එකනෙ කරන්නේ.."

" එහෙම නෙවෙයි ඕයි..එපා ඕන් නෑ තෝව මට මං යනවා.."

එහෙම කිව්ව සසිරු යන්න යද්දි මං එයාගෙ අත ඇදලා මගෙ ලගින්ම හාන්සි කරව ගත්තා..

" මොකක්ද ප්‍රශ්නේ.."

" මේ.."

එයා මට පෙන්නුවේ මිනිදු අයියාගෙ චැට් එක..ඩයල් එක සසිරුට ඉක්මනට උත්තර දෙන්න කියලා..

" උබ ඌට කැමතී නේ.."

" වෙන්න ඇති.."

" අහනවාකෝ.."

" කියනවාකො ඉතින්.."

" මට ඕක මුලදි සෙට් උනේ නෑ..ඒත් පස්සෙ පස්සෙ පොර මගෙන් උබ ගැන අහද්දි ඌ තමුසෙ ගැන සීරියස් කියලා හිතුනා.."

" මං ගැන මොනාද ඇහුවේ.."

" අම්මෝ..පැය දෙකක් විතර කෝල් එකක් අරන් කතා කරා..ඔයා ආස දේවල් අකමැති දේවල් ඔක්කොම අපෙන් අහලා දැන ගත්තා..මට වඩා ඒවා ගැන දන්නෙ අරූ නේ..ඌ තමා ඔක්කොම කිව්වේ.."

රුක්ෂාන් එක්ක මොනාදෝ කියව කියව ඉන්න මතීශ්ව මං පෙන්නද්දි සසිරුත් බැලුවෙ ඌ දිහා..ඌ සසිරු ගැන නොදන්න දෙයක් නෑ මතීශ් දැන් ඉන්නෙ සසිරුගෙ හිතත් කියවන්න පුලුවන් මට්ටමක..

" තමුසෙලා කවද්ද අයියා එක්ක පැය දෙකක් කතා කරේ.."

" ටික දවසකට කලින්..ඔයා පොඩි එකත් එක්ක හිටියෙ එතකොට.."

" ඔයාලා කියන්නෙ එතකොට මට මිනිදු අයියාට කැමතී කියන්න කියලාද.."

" හිතට දැනෙන දේ කරපන් සසිරූ තමුසෙගෙ ජීවිතේ ගැන අපිට තීරණය ගන්න අයිතියන් නෑ නේ..ඒත් මං උබ ගැන වද වෙනවා..ඕනි දේකට මං ඉන්නවා..ඕකේ.."

" ම්හුක්...හ්ම්ම්ම්...."

" ම්ම්..යන් දැන් පල්ලෙහාට කාලා එමු.."

" හා..මෙයාට මැසේජ් එකක් දාලා එන්නම් ඉන්න.."

සසිරු හෙඩා එක්ක මැසේජ් කරන අතරෙ මං නැගිටලා ගිහින් අරුන් දෙන්නාටත් කන්න යන්න කතා කරා..හිතුවට වඩා සෑහෙන වෙලාවක් ගිහින් අපිට කාමරේ ක්ලීන් කරලා ඉවර වෙන්න..මහ රෑ එකොලහාටත් ලං වෙලා වෙද්දි ඔක්කොලාම පල්ලෙහාට ගියේ කෑම කන්න..අපි එකන් අම්මලා කාලාත් නෑ..පොඩි එකත් නින්දෙන් ඇහැරලා ජංගි කොටයක් ගහන් බ්ලැන්කට් එක්කුත් ඔලුවේ ඉදන් පොරවන් ඇවිත් කෑම මේසෙන් ඉද ගත්තේ අම්මාට ඌට කවන්න කියන ගමන්..ඕකාට අලුත් කාමරේට එන්න දෙන්න හොද නෑ නිදාන හිටියා ඇර උදව්වක්වත් කරේ නෑ නෙ ඉතින් ඇවිත්..

ඕප දූප කියවන ගමන් හැමදාම වගේ මොකේකට හරි එකාට එකා රණ්ඩු වෙ වී කෑම කාලා හෙට ඉස්කෝලේ යන්න යුනිෆෝම් රෙඩි කරන්න ඕනි නිසා ආපිට උඩට යද්දි ලොකු අයියාත් හොස්පිටල් ගිහින් ආපහු ආවා පොඩීව බලලා යන්න ඕනි කියලා..ඌට කොච්චර වැඩ තිබ්බත් කොච්චර මහන්සි උනත් මේ ලදරුවා නලවන්නනම් අමතක කරන් නෑ..

" සසිරූ.."

" ඕ...."

" යුනිෆෝම් එක දීපන් අයන් කරන්න.."

" සෙනාශ්ගෙ එකත් එක්ක තිබ්බෙ මතීශ් ඔතන නැද්ද.."

" සෙනා......ශ්..මුගෙ යුනිෆෝම් එක දීපන්.."

රුක්ෂාන්ගෙ ඉවරයක් නැති ටොම් පච ටික අහන් ඉද්දි මතීශ් කෑ ගැහුවෙ යුනිෆෝම් එක හොයා ගන්න බැරුව..ඌටම කියලා මගෙ එකත් අයන් කර ගන්න හිතාන දෙකම උස්සන් ඌ ලගට ගියත්..

" ඇයි තොගෙ එක මට දෙන්නේ..මං ඉල්ලුවෙ අරූගෙ එක විතරයි.."

හරි ගියෙ නෑ වැඩේ මේ බල්ලා මගෙ යුනිෆෝම් එක අල්ලලා විසික් කරා..මෙච්චර වැඩ කරපු මගෙ යුනිෆෝම් එක අයන් කරලා දෙන්න බෑ මේකාට..සසිරු බැල්කනි එකට වෙලා මල් කඩනකන් උගෙ එක අයන් කරන්න පුලුවන්..

අන්තිමට මගෙ යුනිෆෝම් එකයි කට හැකරයාගෙ එකයි දෙකම අයන් කරලා තුන් දෙනාම ඇදට ඇවිල්ලා පෙරලෙද්දි මෙච්චර වෙලා බැල්කනි එකට වෙලා හෙඩා එක්ක කෝල් එක්ක හිටිය සසිරු ඇදට නැගලා අපි ඉස්සරහින්ම ඉද ගත්තේ මූණත් අමුතු කරන්..

" මොකද මගෙ කිරි කැටියෝ මේ මූණ අපායට ගහපු කැලැන්ඩරේ වගේ..මිනිදු බුවා අනවශ්‍ය යෝජනාවක්වත් කරාද.."

" බය වෙන්න එපා මේ අපි තුන් දෙනා ඉන්නකන් ඌට උබව උස්සන් රූම් යන්න දෙන් නෑ ඕකා උබෙ පුක පලයි.."

" රුක්ෂා......න්...ඉන්නවාකො ඉතින් කියනකන් මගෙ ගැම්ම බහින්න කලින්.."

" ගැම්මක්නම් පේන් නෑ හැබැයි උබ රෙවෙන්න වගේ ඉන්නේ..හරි කියපන්කො මොකද උනේ.."

" සසිරු ඇයි මේ.."

" ම්හුක්..මතී....ශ්..මං එයාට කැමතී කිව්වා...."

" යෝහ්.......කිරි කැටියෝ........"

අන්තිම වචන හතර වේගෙන් කිව්ව සසිරුවා කොට්ටෙකින් මූණ වහ ගද්දි රුක්ෂානයයි මායි ඌව පෙරලාගෙන කුචු කවන්න ගත්තා..අනිත් පගයානම් සසිරුට පොඩි හිනාවක් දැම්මා එච්චරයි..

දැන් හරිනේ මූටත් ලව් එකක් තියනවා අරෙහෙන් පොඩි එකා ඇටෙන් පොත්තෙන් එළියට එන්නත් කලින් ඌ ශුගර් ඩැඩී කෙනෙක් හොයා ගත්තා..මං තමා තාම මේ හිතේ තියාගෙන හූල්ල හූල්ල ඉන්නේ..මේක හරියන් නෑ ඉක්මනට දම්සාරිට කැමතී කියන්න ඕනි නැත්තන් මුන් මට කලින් හනිමූන් යයි..

මොනා උනත් මිනිදු මූව හොදට බලා ගන්නවානම් එච්චරයි..නැත්තන් මට සිද්ද වෙයි මගේ විදිහට සසිරුගෙ දේවල්වලට මැදිහත් වෙන්න..

" මොකද තොපි මේ මහ රෑ බෙරිහන් දෙන්නේ.."

" ඩොක්ටර් අයියේ අපෙ සසිරුවාට දැන් කො__"

" නෑ නෑ... මුකුත් නෑ අයියා.."

හැමදාම වගේ රුක්ෂාන් මේ පාරත් වැඩේ ගොම කරන්න යද්දි මං ඉක්මනට උගෙ කට වැහුවා..

" මං ගෙදර යනවා..නිදි මරන් නැතුව නිදා ගන්නවා හෙට ඉස්කෝලේ නේ.."

" අයියා මාත් එනවා.."

" උබ කොහෙද යන්නේ.."

" ගෙදර.."

" මතීශ්...."

" අම්මා බලලා එන්නම්.."

" ඉතින් දැන් යන්නෙ ඇයි හෙට ඉස්කෝලේ ගිහින් එහෙම්ම පලයන්.."

" I miss her.."

" හ්ම්ම් හ්ම්ම්..ගිහින් එනවාකො එහෙනම්.."

" මතීශ්..යන්නම ඕනිද.."

" ම්ම්..ගිහින් එන්නම් සසිරු.."

අම්මා බලන්න ඕනි කියද්දි අපිට ඌව නවත්තන්නත් බෑ නේ ඉතින් මතීශ් අයියා එක්ක ගියේ හෙට ඉස්කෝලේ යන්න ඕනි බඩු ටිකත් අරගෙන..

.

.

.

.

.

උදේම නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති උනාට අපි ඉස්කෝලේට එද්දි බෙල් කරන්න ඔන්න මෙන්න..ඒ අස්සෙ සසිරු පුදුම තරම් ලැජ්ජාවෙන් හෙඩාගෙ මූණ බලන්න බෑ කියලා..සසිරුගෙ බෑග් එක චෙක් කරද්දි පොරගෙ මූණෙ තිබ්බ මනමාල හිනාව තමා බලන්න වටින්නේ අපෙ එකානම් හැබැයි හිටියේ ඇගිල්ලත් කටේ ගහන් නියපොතු හපන ගමන්..

" ආ සුදු මහත්තයා..කලින්ම ඇවිල්ලා නේ.."

" මොකද උබලා පරක්කු.."

" මේ රුක්ෂාන් ජොකා ගෙදර දාලා ඇවිල්ලා උබෙ අර අලුත් එක තමා ඇදන් ආවේ.."

" අමන වැඩ කරන්න එපා බල්ලෝ..අරන් දීපන් මට අලුත් එකක් දැන්.."

" බෑ......"

" මතීශ්.."

" ම්ම්ම්ම්.."

" ඇයි තමුසෙ අත බැදන්.."

මෙච්චර වෙලා කට වහන් හිටිය සසිරු අහද්දි තමා මාත් දැක්කෙ අරූ වම් අතේ වලලු කර වටේටම ගෝස් එකක්ද කොහෙද ඔතාන ඉන්නවා..

" පොඩි තුවාලයක්.."

" කෝ..මොකද උනේ කියනවා..මතීශ්..මොන රෙද්දක් කරන්න ගිහින්ද තුවාල කර ගත්තේ..පෙන්නනවා මට.."

" ඒක අවුලක් නෑ සසිරු.."

" බලනවා හරියට බෙහෙත් ටිකක්වත් දාන් නෙවෙයි නෙ උබ මෙක බැදන් තියෙන්නෙ..කෝ ගලවන්න මං ආයෙ බදින්නම් හරියට..සෙනාශ් ඔයා ලග බෙටඩින් එකක් තිබ්බා නේ.."

" ම්ම්ම්.."

" කෝ දෙන්න ඒක.."

" එපා සසිරු ඕක පොඩි තුවාලයක් ගානක් නෑ.."

ඌ කොච්චර එපා කිව්වත් සසිරු නෙවෙයි කියන දේ ඇහුවේ..බැදන් හිටිය ගෝස් පටිය බලෙන්ම ගලවලා දාද්දි මායි අරුන් දෙන්නයි තුන් දෙනාම මතීශ්ගෙ අත දිහා බැලුවෙ ඇස් හීනි කරලා..

" ම්...මේක පොඩි තුවාලයක්ද මතීශ්...යකෝ මැහුන් දාන්න තරම් කැපිලා නේ.."

" හු#තෝ..සිරාවටම..මේ හොස්පිටල් පලයන්.."

" ඕනි නෑ.."

" ඕයි.. කියපන් මොන වෙලාද තුවාල උනේ.."

" චහ්..අයියාගෙ බඩු තිබ්බ පෙට්ටියක් අදිද්දි මොකේටදෝ කැපුනා.."

මං නොරිස්සුමෙන් අහද්දි ඌ උත්තර දුන්නෙ අහක බලගෙන..

" ඔහොම ගානට හරහාටම ඉරක් කැපුනද ඉතින්.."

" කැපිලා තියෙන්නෙ මේ..සසිරු ඕක ඉක්මනට බැදපන් බෙල් කරයි දැන්.."

*****

vote 😪👇