Back
/ 8
Chapter 7

PROMISES -7

PROMISES

07.

""""""" මොකක්....""""""

මට කිය උනේ එච්චරයී....

"""""""" ඔව් බන්... එදා උබ ඇහුවා නේ කවදාවත් උබව දාලා යන්නේ නෑ කියලා පොරොන්දූ  වෙන්න කියලා... ඒදා ඒ උනු පොරොන්දූව මට කඩ කරන්න බෑ බන්... වෙන කව්රුවත් නෙවෙයි උබ වගේ හොද කොල්ලෙක්ට උනු පොරොන්දූව මට කඩලා දාන්න බෑ.....

ඒක ඇහුනම මන් ලග තිබුනූ බිත්තිය අල්ල ගත්තා   ,,,

""""""" ඒ කියන්නේ.. ඒ කියන්නේ මේ හැම දේකටම මුල මමද....අපි හැමෝගෙම ජීවිත වලට මෙහෙම වෙන්න හේතුව එකම එක පොරොන්දුවක් ද  ( ප්‍රො මි ස් ) ...

මන් මගේ ලග බිම වැටිලා ඉදපු අයියගෙන් අහන්න් ගත්තා....

"""""""" නෑ සූදූ නෑ.. මේ හැමදේකට මුල මම... මමයී අපි හැමෝගෙම ජීවිත වලට මෙහෙම කරේ..""""

ඒ වෙලාවේ මන් ගොලු වෙලාම ගියේ මන් මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි උන නිසා....

""""""" මට සමාවෙයන් බන්.. අපි ආපහු අලුතින්...""""""

අයියා ඒක කියන්න හැදුවම තමයී මගේ ඉවසීමේ සීමාව පැන්නේ....

""""""" ආපහු... ආපහු අලුතින් කොහොමද මිනිහෝ ජීවිතේ පටන් ගන්නේ.... එහෙන් අර පොඩි එකා එහෙන් අර මැරුන ගෑනී.... ඊට හපන් තමුසේ...""""""

""""""" අවුරුදු එකහාමාරක් මිනිහෝ... අපි දෙන්නා යාලූවෙලා අවුරුදු එකහාමාරක්... යකෝ ඒ ගෙවුනු හැම මොහොතකම මන් මෝඩයෙක් වගේ රැවටුනා කියලා මතක වෙනකොට....""

ඇත්තටම මේ වෙච්ච දේට වඩා මට තරහා ගියේ මේච්චර කාලයක්ම මම රැවටුන නිසා...  ඒත් මේතාක් අයියා කවදාවත් මට දුකක් දුන්නේ නෑ.. හැමදාම ඕනවටත් වඩා මාව බලාගත්තා, පරිස්සම් කරා.... ඒත් අද ඒ කිසිම දෙයක් මට මතක නෑ...

""""""" අනේ එහෙම කියන්න එපා බන්... මන් එච්චරටම නරක එකෙක් නෙවෙයි... එදා දැනුවත්ව හරී මගේ අතින් ඒ ගෑනීට එහෙම දෙයක් උනා තමයි... ඒත් මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ උබව රවට්ටලා නරකක් කරන්න...."""

අයියා එහෙම කියනකොට මට එකින් එක මතක උනේ අපි දෙන්නා මුලින් හම්බ උන තැන, අපි මුලින්ම කතා කරපු තැන.... අයියා මගේ ජීවීතේට ආවම මට හිතුනේ නිකන් වසන්තය මාව හොයන් ආවා වගේ හැගීමක්... පාලූවෙන්, තනියම ගෙවුනු ජීවිතේට අලුත් ප්‍රබෝධයක්....  ඒත් ඒ හැම දේ එක්කම මේ වගේ සමාව දෙන්න බැරි වැරැද්ද උනාම....

""""'"""" අනික බන් උබ මෙහෙට එනවා කිව්ව දවසේ ඉදන්ම මන් ජොබ් එකත් මෙහෙට හදා ගත්තා... මට උබව රවට්ටන්න ඕනී උනා නම් මන් එහෙම කරන්නේ නෑ සුදූ..."

""""""" එකපාරක් මේ පාර විතරක් සමාව දියන්..."

අයියා වැදගෙන එහෙම ඉල්ලූවත් මන් කිසිම දෙයක් නොකිය බලාගෙන හිටියේ එයා දිහා... මන් මුකුත් නොකියම මගේ කාමරේට ගියා....

"""'"""" ඇයි දෙයියනේ මන් මෙච්චරම දරදඩූ... ඇයි මට මේ ප්‍රශ්නේ විසදගෙන ආපහු අපි දෙන්නගේ ජීවිතේ පටන් ගන්න බැරී....""""

මේ වෙලාව වෙනකන්ම මම කල්පනා කරේ ඒ ගැන... පැයක්ද දෙකක්ද මන් මගෙන් ඇහුවා.... අන්තිමට මට තේරුනේ,,,

"""""""" තේජාන්... ඔව් එයා නිසා තමයී මට ආපහූ....""""""

""""""" අනේ මන් කරන දේ හරිද.... ඇයි මන් මෙච්චරටම තේජාන්ට ආකර්ෂණය වෙලා ඉන්නේ... මන් ඇත්තටම තේජාන්ට ආදරේද.... එහෙම නැත්නම් ඒක එයාට තියෙන ආකර්ෂනය විතරද....""

මන් රෑ දෙක තුන විතර වෙනකන් මගේම හිතින් අහන්න ගත්තේ ඒක.... කොච්චර හිතුවත් ඉතින් පිලිතුරක් නැති ප්‍රශ්නයක්...

කල්පනාවට වැටුන මම උදේ ඇහැරුනේ එලාම් එකට....

"""""""" අම්මො ඔලුව....""""

මන් ඔලුවත් අල්ලගෙන නැගිට්ටේ... ඊයේ රෑයක් තිස්සේ අඩලා කල්පනා කරලම මගේ ඔලුව පුපුරන්න වගේ ඇවිල්ලා තිබ්බ නිසා.... මන් ඇස් දෙකත් පිහි දාලා ඇදෙන් නැගිටිනකොට හැමදාම වගේ අයියගේ තේ එක.... මම ඒකත් අතට අරගෙන එක උගුරක් බිව්වා....

"""""""" එදා පලවෙනිම දවසේ හදලා දීපූ තේ එකේ රසමයී... ඒත් ඒ රස වෙනස් නොවුනට මගේ හිත වෙනස් වෙලා ඉවරයී අයියේ....""'""""

මන් නැගිටලා කුස්සියට යනකොට වෙනදා වගේම පාන් වගයක් බිත්තර ඔම්ලට් එකකුත් එක්ක හදලා මේසේ උඩ....

"""""""" පුතාට අද කැම්පස් නැද්ද....""""""

එහෙම අහගෙන බබාවත් වඩාගෙන ආවේ බබා බලාගන්න ඇන්ටී....

""""""" අද ලෙක්චර් එක ටිකක් දවල් වෙලා තියෙන්නේ ඇන්ටී...""

මන් ඒ මනුස්සයට එහෙම කියලා,,,,,

"""""'" හම්මඩී... අපේ චූටී පුතා ඇහැරිලා නේ... කෝ එන්න සුදූ මාමී ලගට..."

මන් බබාට හිනාවකුත් දාගෙන පොඩි එකාට අත දික් කරා.... මිනිහ ඇස් දෙක ඇරන් හිටියට තාමත් නිදිමතේද කොහෙද....

""""""" කෝ පුතාගේ තාත්තා ආ.... වැඩට ගිහින්ද... ඒ පුතේ... තාත්තා කෝ..."

මන් බබාවත් එලියට අරගෙන යන ගමන් එහෙම අහන්න ගත්තා...

""""""" අප්පෝ එයා මහා නරක තාත්තා කෙනෙක් හොදේ.. රැවටෙන්න නම් එපා එයාට හරිද... හැමදාම මගේ ලගටම වෙලා ඉන්න එතකොට හරී....'''''''''''

මන් බාබාට එහෙමත් කිය කිය... තාප්පේ උඩට එන කුරුල්ලොන්ව පෙන්නුවා... බබාවත් තියන් ඉදලා කැම්පස් එකට යන්න ඕනී නිසා මන් වොශ් එකකුත් දාගෙන ඇවිත් ඇදුම් ටික ඇද ගත්තා...

'"'''''''"" ඇන්ටී... බබාට එහෙම අඩු මොකවත් නෑනෙ...මන් අඩුපාඩූ බලලා පෙරේදා ගෙනාවා... තව මොනා හරී....

මන් ගෙයින් එලියටත් බැහැලා ගේ ඉස්සරහ හිටපු ඇන්ටිගෙන් එහෙම ඇහුවා...

""""""" ඇනේ නෑ නෑ පුතේ... දැනට නම් නෑ.... ඔයාලා ඔක්කෝම ගෙනෑල්ලා නේ..."""""""

ඒ මනුස්සයා එහෙම කිව්වම මමත් පොඩි එකාට උම්මා එකකුත් දීලා එලියට බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියේ කැම්පස් එකට....

""""""" ඊයේ මන් අයියගෙන් ඒක අහපු එක හොදයී... දැන් හිතේ නිදහසේ ඉන්න පුලුවන්...""

මට ටික දුරක් ඇවිදගෙන යනකොට ඔලුවට ආවේ ඒක...

""""""" ඔව් ඉතින් ඒ මනුස්සයාගේ වැරදී ගැන කියවලා... තේජාන් එක්ක යාලූ වෙන්න පොටක් නේ ඔය හොයන්නේ.."""

මගේ හිතම මගෙන් එහෙම අහනකොට මට මොකක්දෝ අමුත්තක් දැනුනා.... ඇත්තටම දෙගිඩියාවක් තමයී හිතට ආවේ...

""""""" නෑ නෑ... තේජාන් නිසා නෙවෙයි මේ කිසි දෙයක් උනේ... ම.. මට මේක අයියට කියන්න විතරයී ඕනි උනේ...""

මම එහෙම හිතනකොටම මගේ ඉස්සරහ බයික් එකත් නවත්තගෙන හිටියේ තේජාන්,,

"""""""" තේජූ.. අයියා..."

එයාව දැක්ක ගමන් මගේ කටින් එලියට පැන්නේ ඒක.... මන් දුවලා ගියේ එයා ලගට....

"""""""" අෆ්ෆා මොකෝ මේ අද පැංචා මෙච්චර හැපි එකේ..වෙනදා මාව දැක්කත් දුවන සයිස් එකේනේ හිටියේ...."'"""""

මන් ලගට ගියපු ගමන්ම තේජාන් මගෙන් අහනවා....

"""""""" අහ්හ් එහේමද... හරී හරි..

මන් ඌටත් ඔරවගෙන ඌව එත්න දාලා මන් ඇවිදගෙන යන්න ගත්තා....

"""""""" ඒයී ඒයී කෝලම..... මොකක්ද ඉතින් ජෝක් එකක්නේ කරෙ..."""""

""""""" කෝ නගිනවා බයික් එකට... නැග්ගේ නැති උනොත් උස්සන් යන්නේ දැන ගනින්...""""

තේජානයා එහෙම කිව්වත් මන් උගේ දෙසවත් නොබල මගෙ පාඩුවේ ගියා...

""""""" ඕන්න ඉතින් අයියට මල පන්නවා හොදේ... නැගපිය නැත්නම් බැහැලා ඇවිත් හැමොම ඉස්සරහ කිස් කරනවා..."""

ඌ ඒක කිව්වපාට නම් මට ඉබේම නැවතුනා... මොකද ඕකා ඔය වගේ දෙයක් කියනවා කියන්නේ ඇත්තටම ඒක අනිවා කරනවා... නිකන් නෝන්ඩි කන්නේ මොකටද... මාත් ඉතින් බුම්මගෙනම ගිහින් බයික් එකට නැග්ගා....

""""""" ආන්න ඒ බය තියා ගනින්..."""""

මන් බයික් එකට නැග්ග ගමන් මහා වීරකමක් කරා වගේ කියන්න ගත්තා.....

""""""" ඒ මේහ් අයියේ මොකො ඕයී මේ උරහිස් දෙකට වෙලා තියෙන්නේ... නිකන් හැන්ඩ්ල් එකක ගිලලා වගේ නේ බන්..."""""

මන් එහෙම කියන ගමන් තේජාන්ගේ උරහිස් දෙකට අත තිබ්බා....

""""'"" කෝ මේතනින් ටිකක් ගල් ගැහිලා වගේ... පහත් කරා නම් හරී...""

මන් එහෙම කියලා උරහිසට පහලට තල්ලූ කරන්න ගත්තා...

"""""""" බූරූවෝ දෙන්න එක්කම හොස්පිටල් පදින්න වෙන්න... දගලන්නේ නැතුව පල...""

තේජාන් ඒ කිව්ව එක ඇහුනම මගේ මතකෙට ආවේ අයියව... එයාත් ඔහොමම තමයී...  බයික් එකේ යනකොට පිටිපස්සේ ඉදන් මොන කොලම දැම්මත් ඔහේ යනවා... මට ඕනිත් ම්නිහව පොඩ්ඩක් නග්ගලා හොදවැයි අහගන්න... මොකද යකා නැග්ගාහම කියන කුණුහරුප ටික ආයී සුපීරී.... මට ඉබේම හිනාවක් ගියේ ඒවා මතක් වෙලා...

""""""" මොකෝ පැංචෝ දැන් තනියම හිනා වෙන්නේ...

""""""" නෑ නෑ මට මේ පොඩි දෙයක් මතක් උනා... ඔයාට කියන්න අයි....""'""""

මන් අයියගෙ කනටත් ලං වීගෙන විස්තරයක් කියන්න ගියත්...  කැම්පස් එක ඉස්සරහ ඉදපූ කෙනා දැක්කම ඉබේම මගේ කට වැහුනා....

""""""" මොනවා... ටකරමා නේද... දැන් මන් මොකද කරන්නේ.."""

මගෙ ඔලුවට ආවේ මූ මාව මරන් කයි කියන හැගීම... මේ මිනිහත් බයික් එක කෙලින්ම ගිහින් නැවැත්තුවේ ඌ ඉන්න තැනින්....

""""""" අහ්හ් අයියා මලෝ...  දැන්ද එන්නේ...""""

මන් කොයිකටත් කියලා බයික් එකෙන් බැහැ ගත්තේ.. මූ අතේ තියන එකකින් දමලා ගැහුවොත් කියලා...

""""""" ඕන්න එක්කගෙන ආවා... මල හොල්මන වගේ පාරේ තනියම හිනා වෙවී එනකොට බොහොම අමාරුවෙන් දා ගත්තේ....""'

තේජානයා මගේ දිහා බලාගෙන තේජාන්ගේ කොල්ලට එහෙම කිව්වා....

"""""""" අහ්හ් මේ මල්ලීව යනකොටත් ගෙදරට ඇරලනවා හොදෙ....කෝ යමූ මල්ලී...""""''"

ටකරමා තේජාන්ටත් එහෙම කියලා මගේ කරට අතක් දා ගත්තා.... උන් දෙන්නට නම් මේක මෙලෝ ගානක් නෑ.... මන් නම් කොයි වෙලේ බිමට වැටෙයිද කියන සයිස් එකට බය වෙලා හිටියේ....

""'''''''''" මල්ලී මොනා හරී ඕනී උනොත් මූට කියලා කරව ගන්න... කැම්පස් ආවට ඉගෙන ගන්න එකෙක්ද... අඩුම අපේ වැඩක්වත් කර ගන්න එපැයී...."""

ඒකා මටත් එහෙම කියලා ඉස්සරහ හිටපු තේජාන්ගේ ඔලුවටත් එකක් ගැහුවා......

"""""""" හරී හරී උතුමානනී... ගැත්තාට සමා වෙන්න..."""

තේජානයා ඒක කියපු විදියට මැරෙන සයිස් එකේ බය වෙලා හිටියත් මටත් හිනා ගියා.... හැබැයී ඉතින් අරූ තේජාන්ගේ ඔලුවට ගැහුවා එකට නම් මට මල පැන්නා... මොක උනත් එහෙම ගහන්න ඕනී නෑනේ...

""""""" මේ මල්ලී මාත් ඉක්මනට Library  එකට යන්න ඕනී... මේ පොත දෙන්න... නැත්නම් ඒකේ ගෑනී මාව හොයන් එයී... මේ තේජා මල්ලිව ලෙක්චර් හෝල් එකට දාලා එනවා හොදේ...''''''''''''

ටකරන් අයියා මට එහෙම කියලා තේජාන්ට අණකුත් දීලා එතනින් ගියා....

"""'''''''' අම්බෝ මන් බය උන හැටී...'''''

අරූ යනකන් ඉදලා මන් තේජාන්ගෙ උරේ එල්ලෙන ගමන් එහෙම කිව්වා....

"""""""" මොකටද බය වෙන්නේ..."'"'"

''''"""""" මොකටද... යකෝ උගේ කෝල්ලා එක්ක මන් මෙතන මගුල් නටනවා.... එතකොට ඌ කොයි වෙලේ මාව මරන් කයිද කියන.බය නැද්ද මිනිහෝ....""""""

ඌ අහපු එකට මල පැනලා මන් එහෙම ඇහුවත්,,,

""""""" හරී ඉතින් එයා දන්නේ නෑනේ අපි මගුල් නටනවා කියලා...ඒකනිසා මොකටද බය වෙන්නේ....""""""

""""""" ඔව් ඔව්... තමුසෙට මොකෝ... ඕකා මාව සුදූ වෑන් එකකින් ඉස්සුවත් තමුසේට ගානක් නැති වෙයී...."''"

මන් එහෙම කිව්වම ,,,

""""""" මන් එහෙම වෙන්න දෙනවද පැංචෝ.... උබව උස්සන් ගියොත් මන් වීරයා වගේ ඇවිල්ලා... ඔක්කෝම එවුන්ට නෙලලා... උබව උස්සගෙන ගෙදර ගේනවා... ගෙදර ගෙනැල්ලා....""""''

ඇත්තටම මිනිහා ඒක සිරා සිද්දියක් ගානට කියවන් ගියේ... මන් කටත් ඇරගෙන බලන් හිටියේ මොන මන්ද මානසික තත්වයේ මිනිහෙක්ද මේ කියලා...

"""""""" මේන් වැන්දා රත්තරනේ ඔය ඇතී... දැන් යමන්...""

මන් එහෙම කිව්වේ අඩි හයක් විතර උස පතාංග මීනිහෙක් මෙතන හිටගෙන දවල් හීන කියනවනකොට මගේ ඇග පතටත් හිරිකිත නිසා....

තේජාන් මාව දාලා ගිහාම එක දිගට ලෙක් දෙකක්ම වැටිලා තිබ්බා.. හැබැයී වෙනදා වගේ නෙවෙයි හිත නිදහසේ ලෙක්චර්ස් ටික අහගන්න පුලුවන් උනා.... මන් එක ලෙක් එකකුත් ඉවර වෙලා එලියට බැහැලා නිකමට වගේ කෝල් එකක් ගත්තේ බබා බලාගන්න කෙනාට...

"""""" අහ්හ් හලෝ ඇන්ටී... බබාට කෑම කැව්වද...."'

""""""" ඔව් පුතේ දැන් මේ කාලා නාවලා ඉන්නේ.. කොහෙද නිදි කරව ගන්න අමාරුයී නේ..

ඇන්ටිත් හිනා වෙවී එහෙම කිව්වා....

"""""''" අම්මෝ දග වැඩ නම් කියලා වැඩක් නැ....

""""""" පුතෙ මන් බබාගේ රෙදි ටික එලියේ එහා පැත්තට වෙන්න වැලක් බැදලා වැනුවා.. මතක් කරල හවසට ගෙට ගන්න...'''''

ඒ මනුස්සයා එහෙම කිව්වම,

"""""""" අනේ ඇන්ටි මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් අන්ටී.... අක්කත් හිටි ගමන්ම රට ගියපු නිසා....''''

මමත් ගානට එහෙම කියලා දැම්මෙ මේ ගෑනූ කෙනාටත් සැක නොහිතෙන්න ඕනි නිසා....

""""'''''' ඕක මොකක්ද පුතෙ... ඒ උනාට බබාව මෙච්චර පොඩි කාලේ දාලා යන එකත් හොද නෑ ඉතින්.. මේ කාලේදී ඉතින් අම්මා ඕනීනේ...'''''

"""""""" අනේ ඔව් ඇන්ටි ඒත් ඉතින් මේ ජොබ් එකනේ....අනිවා යන්නත් එපැයී...''

ඒ ඇන්ටිත් ඒකතමයී කියලා තව මොනා හරි අහන්න ගියත්,

"""""""" අහ් ඇන්ටි එහෙනම් මන් තියන්නම්.... තව ටිකකින් ලෙක්චර් එක පටන් ගන්නවා... මන් ඉක්මනට ගෙදර එන්නම්...''''

මන් එහෙම කියලා කෝල් එක කට් කරේ තව කතා කරොත් ඒ මනුස්සයට තව බොරු රොත්තක් කියන්න වෙන නිසා... ඊලග ලෙක් එකත් ඉවර වෙලා තේජානයම මාව ගෙදර ගෙනෑල්ලා ඇරලුවා... ටිකක් හවස් වෙලා තිබ්බ නිසා මන් දැනන් හිටියා අයියත් ගෙදර ඇති කියලා... ඒත් මන්  තේජාන්ට කියලා ගේ ඉස්සරහින්ම දා ගත්තා....

"""'""""" මේ දවස් කීයක් ආවද... නිකමට මට ගේ ඇතුලට එන්න කිව්වේ නෑනේ....අපි ගෙදර බඩු හොරකන් කරන් යන්නේ නෑ...."""""""

තේජානයා මා හින්ට් ගහනවා....

""""""" එහ්හ්..  අයියෝ සෝරී අයියා... මේ තව ටික දවසකින් බලමූ...දැනට යනවා..."""""""

මන් එහෙම කියලා ෂේප් එකක් දා ගත්තා....

"""""""" හරී හරී... මේ දවසක යමු අපි අපේ ගෙදර අනිවා එන්න ඕනී හොදේ... අපි තනියමම ඉමු ගිහින්...

අරූ ඇහැකුත් ගහන ගමන් එහෙම කිව්වා.... ඕකා ඔය මාව එහේ ගෙන්න ගන්න හදන්නෙස් හොදටක නෙවෙයී ඒකනිසා ඒක ගැන වැඩිය කතා කරන්න කලින්  මිනිහව ඉක්මනට යවලා මන් ගියේ ගේ ඇතුලට....

"""""""" අයියා ගෙදර ඇවිල්ලද... එයා කතා කරනකනම් මන් නම් කතා කරන්නේ නෑ.... තේ හදලා කෑම හදලා දුන්නා කියලා හිතන් ඇති වෙනදා වගේ මන් ඇගේ එල්ලෙන්න එයී කියලා...""""""""

මන් එහෙම හිත හිතා ගිහින් එබුනේ බබාගේ කාමරේට.... මන් යනකොට අයියා බබාවත් හුරතල් කර කර ඉන්නවා...

""""""""" අහ් මල්ලී ආවද... ඉන්න මන් තේ එකක් හදන් එන්න...""""""

අයියා එහෙම කියාගෙන ඇදෙන් නැගිටලා ආවේ මන් ලගට....

""""""" තේ එපා... මන් එනකොට ජූස් එකක් බීලා ආවේ... මන් යනවා වොශ් එකක් දා ගන්න..."""

මන් ගානක් නැතුවම එහෙම කියලා ගියේ වොශ් රූම් එකට....

""""""" හිතන් ඇතී වෙනදා වගේ මන්  සුටුස් ගාලා යාලූ වෙයී කියලා...'""

එක පැත්තකින් මගේ හිත කිව්වේම කිව්වේ අයියා එක්ක කතා කරන්න කියලා.. ඒත් ඊට වඩා මගේ මුරණ්ඩුකම වැඩී.... මන් වොශ් එකක් දාගෙන ගෙදරට අදින ඇදුමකුත් දාන් සාලේට ගියා.... මන් යනකොට අයියා සාලේ වාඩි වෙලා  ඉන්නවා....

"""""""" ම්ම්ම්...මෙයා මොකෝ මේ වෙනම ෂූට් එකක් ගහන්... ගමනක්වත් යන්නද....""""""

මම එහෙම හිතන ගමන් හොරාට අයියගේ පැත්තට ඇහැත් දාගෙන එතන තිබුනු පුටුවකින් වාඩි උනා.... ටික වෙලාවක් යනකන් අයියාවත් මමවත් කාගෙන්වත් මුකුත්ම ඇහුවේ නෑ.... මන් කරන්න වැඩක් නැතිකමට ෆෝන් එක ඉබ ඔබා හිටියා....

"""""""" සූදූ... මට දෙයක් ගැන කියන්න තියෙනවා..."

""""""" කියන්න ඉතින්...""""""

අයියා මට එහෙම කියනකොට මම ෆෝන් එක දිහා බලාගෙන එහෙම කිව්වා...

"""""""" සුදූ ඇත්තටම මන් වැරදී තමයි... සම්පූර්ණයෙන්ම වැරැද්ද මගේ ඒකට උබ ලග වැදලා සමාව ඉල්ලුවත් වැඩක් නෑ..."""

අයියා එහෙම කියනකොට තමයී මන්.එයාගේ දිහා බැලුවේ... එතකොට තමයී මට තේරූනේ මොකක් හරී සිරීයස් දෙයක් වෙන්න යනවා කියලා....

"""""""" උබට දැන් යාලූවොත් ඉන්නවා... හොද වැදගත් පවුල් වල ළමයී නේ ඔක්කෝම...අනික මල්ලී ඔයා එදා මුලින් හම්බ උනු බොලද, අහිංසකයී කොල්ලා නෙවෙයි... දෙයක් තෙරුම් ගන්න පුලුවන් කොල්ලෙක්...""""""

මන් ඒත් කටත් ඇරගෙන බලාගෙන හිටියේ  මෙයා මේ මොකකටද සැරසෙන්නේ කියලා....

""""""" මේ අයියේ මොකක්ද දැන් ඔයා කියන්න හදන්නේ....""

මන් වාඩි වෙලා හිටපු තැනිනුත් නැගිට්ටා...

""""""" කෝ කෝ ඔන්න ඉතින් තරහා ගන්නවා නේ.... කෝ මේතනින් වාඩි වෙනවා....'"""""

අයියා එහෙම කියාගෙන ඇවිත් මාත් එක්ක වාඩී උනා....

""''''''"'" ඔන්න ඔහොම තමයී කොල්ලෙක් උනාම ඉන්න ඕනී.. කිසිම කෙනෙක්ට බය වෙන්න එපා හරිද...."""""""

අයියා මගේ ඔලුවත් අත ගාන ගමන් ආපහු එයා කියන්න ගියපු දේ පටන් ගත්තා....

"""""""" කව්ද ඔයාගේ අර කැම්පස් එකේ යාලුවා.... මට නම මතකත් නෑ....අර බයික් එකේ එන්නේ....""""""

""""""" අහ් හරී මතක උනා තේජාන් නේ.... මන් දැකක දවස් දෙක තුනක්ම... ඒයා නම් ගොඩාක්ම හොද කොල්ලෙක් වගෙ...""""

""""""" මන් දන්නවා මල්ලිත් එයාට කැමතී කියලා...

අයියගේ කටින් අන්තිමට එහෙම කතාවක් ඇහෙනකොට මන් ටිකක කලබල උනා කියලා එයාට තේරෙන්න ඇතී....

""""""" හරි... ඒක කමක් නෑ සුදූ... හරිද... ඔයා වගේ හොද කොල්ලෙක්ට ගැලපෙන්නේ ඒ වගෙ කොල්ලෙක් තමයී....

අයියා මේ කියන්න යන ඒවා ඇහුනම මන් වෙවුලන්න ගත්තා....

"""""" මේ... බ්.... ඒ.. එහෙම දෙයක් නෑ..... ආ... අයි...

මට කොටින්ම මන් කියන්න යන වචන ටිකවත් හරියට කියා ගන්න බැරුව ගියා....

"""""""" මේ අහපන්... සුදූ මල්ලී ඔයා තාම තරුණයී... මට බන් දැන් වයස 33ක්... උබ මට වඩා අවුරුදු 11 බාලයී....""""""

""""""" උබ මන් වගේ නාකී මිනිහෙක් නිසා මෙහෙම විදවන්න ඕනී නෑ බන්... මගේ තරුණ ජීවිතේ මන් වින්දා... මට බෑ බන් උබට උබේ ජීවිතේ නැති කරන්න..."

අයියා එහෙම කියලා ආපහු ලොකු හුස්මක් ගත්තා...

""""""" කොල්ලෝ එක්ක උබ රෝන්දේ ගහන්න ඕනී, ට්‍රිප් යන්න ඕනි පාටී දාන්න ඕනී... ඒ වගේම උබගේ හිතන විදියටම හිතන පතන කොල්ලෙක් එක්ක යාලූ වෙන්න ඕනි... බොරුවට තරහා වෙලා රණ්ඩු වෙලා.. කොටින්ම උබ උබේ ජීවීතේ විදින්න ඕනී බන්...."""""""

මන් මේ හැමදෙයක්ම අහගෙන හිටියේ පුදුම අමාරුවෙන් මගෙ ඔලුවට දැනෙන පීඩනය මට දාරා ගන්නම බැරි උනා....

"""""" මොක්කද... කියපන්... කියපන් මිනිහෝ උබ ඔය කියන්න යන්නෙ මොකක්ද කියලා...""""""

බැරිම තැන මන් අයියගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගහලා එහෙම අහන්න ගත්තා...

"'''''''"" කියපන්... කෙලින්ම කියපන් උබ ඔය කියන්න යන්නේ උබ මාව අතාරිනවා කියලා නේද.... ආ.... වටේ යන්නේ නැතුව ඒක කියලා දාපන්...."

මන් මහා හයියෙන් කෑ ගහලා එහෙම ඇහුවත්,,,,

""""""" අයියෝ සූදූ... ඔයාව අතාරින්න මන්... මට එහෙම කරන්න පුලුවන් ද බන්... මට එහෙම කරන්න පුලුවන් ද... මන් මගේ ළමයා අතෑරියා... ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි උබ නිසා...එහෙම කරපු මට පුලුවන් ද....""""'''

අයියා මගේ කම්මුල් දෙකත් අල්ලගෙන මගේන් එහෙම අහනවා....

"""""'"' එහෙනම් මොකක්ද ඕයී මේ කියන්නේ...""""

බැරිම තැන මන් අයියගෙන් එහෙම ඇහුවා....

"""""""" මාව අතෑරපන්.... උබේ මුලූ ජීවිතයෙන්ම මාව අයින් කරපන්...මාව අමතක කරලා සතුටින් ජීවීතේ විදපන් කොල්ලෝ... උබට ඒක කරන්න පුලුවන්...."

මට ඒක ඇහුනම මන් මොකක්ද කියන්නේ කියලාවත් හිතා ගන්න බැරි උනා... මන් කට ඇරියත් මගේ කටින් එක වචනයක් පිට උනේ... ඒ තරමට මන් ගොලු වෙලා ගිහින්... හුස්ම හිර වෙන තරමටම මගේ පපුව ඇතුලෙන් රිදෙනවා....

"""""""" අද ඉදන් මල්ලී උබ ජීවත් වෙන්න ඕනී මන් නැතුව.... තේජාන් එකක් සතුටින් ඉදපන්... හැම වෙලාවෙම වගේ මෝලේ කල්පනා කරලා ඉදපන් සුදූ...හැමදාටම ජීවිතේ තියනකන් උබට තියෙන ආදරේ අඩු වෙන්නේ නෑ....""""""

අයියා එහෙම කියලා ඉවර උනා විතරයී ගේ ඉස්සරහින් හෝන් සද්දයක් ඇහුනා.... අයියා වගේම මාත් බැලුවේ ඒ පැත්ත....

""""""" හරී මල්ලී එහෙනම් අපි යන්නම්... හැමදාම සතුටින් ඉන්න...""""

අයියා මාව බදාගෙන මගේ කම්මුලට කිස් එකකුත් දුන්නා... මන් මේ හැම දෙයක් දිහාම බලාගෙන හිටියේ මට ඇහැරෙන්න බැරි හීනයක් දකිනවා වගෙ....

අයියා එහෙම කියාගෙන ගියේ මගේ බබා ඉන්න කාමරේට.... ඔන්න එතකොට තමයී මගේ ඇගට පණක් ආවේ....

""""""" අයියේ මොකක්ද... මොකක්ද තමුසේ ඔය කරන්නේ....ඔහෙට ඕනි වෙලාවක මේ ගෙදරින් එලියට බැහැලා යන්න පුලුවන් ඒත් අරයට බෑ.....""""

මන් එහෙම කියන ගමන් ගියේ අයියා ඉන්න තැනට.....

""""""" බබාගේ තාත්තා තමුසේ වෙන්න ඇතී ඒත් ඒ දරුවව මෙහෙට ගෙනාවේ මන්... මේ දරුවා අයිතී මට ඕයී...."""""""

මන් එහෙම කියාගෙන ගියේ අයියාගේ අතෙ හිටපු බබාව ඇදලා ගන්න.....

"""""""" කෝ පුතෙ මෙහෙට එන්න.... එන්න මන් ලගට....""

අයියගේ අතෙ ඉදපූ ළමයව මන් අත දික් කරන ගමන් අඩ ගැහුවත්... පොඩි එකා අයියගේ බෙල්ලේ එල්ලීලා....

""''''''''" කෝ එනවා.... කිව්වම එනවා මාමා ලගට.... තමුසෙට යන්න බෑ මාව දාලා කිව්වම එනවා..."'''''''

පොඩි එකා මගෙ දිහාවත් බැලුවේ නෑ... ඌ හොදටම බය වෙලා... අයියගේ බෙල්ලෙත් එල්ලීගෙන අඩනවා....

"""'"""" අයියේ දීපන්...  පොඩි එකාව තියලා උබ ඕනී තැනක පලයන්කෝ...."''''''''''

තරහායී දුකයී වැඩි කමකට මගේ ඇස් වලින් කදුලූ සට සට ගාලා වැටෙනවා.... මම කොච්චර කෑ ගැහුවත් අයියා බබාගේ ඇදුම් දාපූ බෑග් එකත් අරන් කාමරෙන් එලියට ගියා....

""""""" අවස්තාවාදියා.... තමුසේ.... තමුසේ මගෙන් පලි ගන්නේ ඔහොමද ඕයී....."""

මන් අඩ අඩාම එහෙම කියාගෙන ගිහින් අයගෙන් අතින් අල්ල ගත්‍තා....

""""""" සූදූ මන් කියන එක අහපන්... මට පුලුවන් උනා නම් මන් මේ ළමයව උබට දීලා යනවා.... ඒත් ආපහූ ආපහූ මගේ පව් වලට උබට කර ගහන දෙන්න බෑ..... අද උබට දුකක් දැනෙයී... ඒත් උබ අපි දෙන්නා නැතුව හෙට සතුටින් හිනා වෙන්න පුලුවන් වෙයී....මාව තේරුම් ගනින් බන්... උබේ සතුට තමයී මගේ ජීවිතේ සතුට...."""""

අයියා දුකක් නොපෙන්නම එහෙම කියන්න හැදූවත්  එයාම දන්නේ නෑ එයාගේ ඇස් වලින් කදුලූ බේරෙනවා....

""""""" තමුසේට... අන්තිමට තමුසෙට මට වඩා ලොකු උනේ තමුසෙගේ දරුවව.... ඒකයී උනේ.."""""

මගේ තුන් හිතකවත් එහෙම අදහසක් නොතිබුනත් මන් එහෙම කියලා කෑ ගැහුවා.... මන් කියපු දේ ඇහුනම යන්න ගියපූ අයියා ආපහූ හැරිලා මන් ලගට ආවා....

"""""""' සුදූ... මල්ලී.... මන් මේ දරුවට ආදරේයී.. ඇත්තටම නොසෑහෙන්න මන් මුට ආදරෙයී... මොකද බන් ඒ ආදරේ එන්නේ ලේ බැදීමෙන්....""""""

""""""" ඒත් මල්ලී මම උබට තියෙන ආදරේ මම මගේ පොඩි එකාට තියෙන ආදරේ එක්ක සසදන්නවත් බෑ.... මොකද උබ තමයී එදත් අදත් හෙටත් මගේ ජීවීතේ... උබ එක්ක ගෙවුනු අවුරුදු එකහාමාර තමයී මේ ජිවිතේ මගේ සතුටින්ම ගෙවුනු කාලය....""

මට ඇහුනේ අයියගෙන් ඒ වචන ටික විතරයී... ඇස් ඉස්සරහ අයියා මගේ දිහා බලලා හිනා වෙලා ගිහින් ගේ ඉස්සරහ තිබුනූ ත්‍රී වීල් එකට නැග්ගා....

""""""" ඒත් මල්ලී මම උබට තියෙන ආදරේ මම මගේ පොඩි එකාට තියෙන ආදරේ එක්ක සසදන්නවත් බෑ...."""""""

""""""ඒත් මල්ලී මම උබට තියෙන ආදරේ මම මගේ පොඩි එකාට තියෙන ආදරේ එක්ක සසදන්නවත් බෑ...."""""""

මගේ මුලු ඔලුව පුරාම රැව් දුන්නේ අයියගේ කටින් පිට උනු ඒ වචන ටික...

මගේ හිත දහස් වතාවක්,,

"""""" යන්න දෙන්න එපා... අයියට යන්න දෙන්න එපා...""

එහෙම කියලා කෑ ගැහුවත් මන් තාමත් ගෙදර දොර ලගට වෙලා හිටගෙන බලාගෙන ඉන්නවා....

""""""" ඇයී... ඇයී මන් තාමත් මෙතන...."'

........................................ විරාමයක් ...............................................

Share This Chapter