Back
/ 8
Chapter 6

PROMISES -6

PROMISES

06.

"""""" එන්න එපා... එන්න එපා තෝ මන් ලගට....  උබ මොකද මට මෙහෙම කරේ... කියපන් මිනිහො උබ මට මොකද කරේ

මන් එහෙම කිව්වත් අයියා මගේ ලගට ආවා....

"""""" මොකෝ බන් මේ.."""""

""""""" පලයන් ඕනී තැනකට පලයන්... මාව දාලා පලයල්ලා...""""""

මන් ලගට ආපූ අයියටත් ගහන්න ගත්තා....

"""""""" තේජාන්... උබ තමයී මේ ඔක්කෝටම මුල.... උබ තමයී...."""""

මන් තව හයියෙන් අයියට ගහන්න ගත්තේ මට මෙ දැනෙන පීඩනය දරා ගන්නම බැරි නිසා....

""""""" හේයී සූදූ මොකද මේ..."""""""

අයියා එහෙම කියන ගමන් මගේ අත් දෙකෙන් හයියෙන්ම අල්ල ගත්‍තා...

""""""" ම... මට ඉන්න දී..පන්...

මගේ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තේ මටත් නොදැනිමයී...

'''""""" කොල්ලෝ මොකො බන් අඩන්නේ ඇයී... අනේ මගේ අතින්... කෝ කොහේ හරී තුවාල උනාද...""

අයියත් බය වෙලා මගේ ඇගේ අස්සක් මූල්ලක් නෑරම හොයනවා... ඒ තුවාලේ තිබ්බ තැනට එයා කොච්චර හෙව්වත් හොයා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි...

""""""" අනේ උබට වදින්නම් මාව බය නොකර කියපන්කෝ... මොකක්ද උනේ කියලා..."""

අයියා මාව එයාගේ ලගට අරගෙන මාව හයියෙන් බදා ගත්තා.. මගේ පිටත් අත ගාන ගමන් මගෙන් මොකද උනේ කියලා අහනව... ඒත් මන් මොනා කියලා කියන්නද... මමත් අයියව බදාගෙනම ඇඩුවේ මේවා මෙතනින් ඉවර කරලා දාන්න ඕනී නිසා...

""""""" කෝ දැන් හරිනෙ... ඔහොමම යමූ ඇදට... නිදා ගත්‍තම ඕක හරි යාවී..."""""

අඩලා අඩලා ඉවර උනාම අයියා මාව උස්සගෙන ගිහින් ඇදෙන් තිබ්බා.. බෙඩ් ෂීට් එකත් පොරවලා මට නින්ද යනකන්ම මගේ ලගටම වෙලා හිටියා...

------------------------------------------------------------------------------------

( සති දෙකකට පසු)

එදා උනු සිද්දියෙන් පස්සේ මට ටිකක් ඔලුවට නිදහස දැනුනා...  එදා උනේ මොකක්ද ඇයි එහෙම කලේ කියන දේවත් අයියා මගෙන් ඇහුවේ නෑ... එයා හැමවෙලාවෙම ට්‍රයි කරේ එදා උනු දේ මට අමතක කරන්න... හැම වෙලාවෙම මාත් එක්ක හිනා වෙලා කතා කරා... මන් මුඩ් ගහල ඉන්න වෙලාවට උනත් බාබාවත් උස්සගෙන ඇවිත් මාත් එක්ක විකාර කරනවා.... තේජාන් කියන කෙනා විතරක නෙවෙයි තේජාන් කියන නම පාවා මන් අමතක කරා... සටි දෙකත් තිස්සේ බොහෝම අමාරුවෙන් ඌව මග ඇරියා.... ඒත්,,,,,,,,

"""""""" හලෝ අම්මා... බනින්න එපෝ... සොරී අනේ මන් මෙහෙට ඇවිත් කෝල් එකක් දෙන්න හිටියේ අමතක උනානේ...""

මන් එදා වීක් එන්ඩ් එකේ ගෙදර ගිහින් සදුදා උදේන්ම ඇනෙක්සා එකට නොයා කෙලින්ම දිව්වේ කැම්පස් එකට,

""""""" ඒකට නම් නොබැන බෑ.... හැමදාම කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ..."""""""

'"""""" අනේ අම්මා ඉතින් සොරී කිව්වා නේ...

මත් ඉතින් ෆෝන් එකහ් කනේ ගහන පාර දිගේ යනගමන් අම්මා එක්ක හුරතල් වෙන්න ගත්තා...

"""""""" හරී හරී... මේ ඒක නෙවෙයි මගේ පුතේ... හොදට බෑග් එක ඇරලා බලන්න... ලැප් එකේ චාර්ජර් එක තියෙද කියලා...""

අම්මා ඒක කිව්වම තමයී මට දෙලොව රත් උනේ...

"""""""" අයියෝ අම්මේ...අනේ දැන් මොකද කරන්නෙ... ආපහූ එන්නත් බෑ..""'"''

මන්  නාහෙන් අඩන්න ගත්තේ ඒක නැතුව මොකුත් කරගන්න බැරි නිසා...

""""""" හරී හරී.. මන් මේක කුරියර එකට දාලා එවන්නම්.. පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කරපන් පුතේ... තා ටික දවසකින් මොනවා හලල යයිද දන්නේ නැ....""""

"""""" මගේ හොද අම්මා... මේ එහෙනම් අදම කුරියර් එකට දාන්න හොදේ.."""'

මන් එහෙම කියනකොටම මොකෙක් හරි එකෙක් පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඇගේ හැප්පුනා....

""""""" ආ  සුදූ තව දෙයක් කියන්න....""""""

අම්මා කියන්න ආපූ එකත් මට කියන්න කලින්,

""""""" අම්මා මන් දැන් තියන්නම්.. ලෙක්චර් එකට පරක්කූ වෙනවා.... බුදුසරණයී....""""""

එහෙම කියලා මන් කෝල් එක කට් කරේ ඇගේ හැප්පුනේ හොද එකෙක් නොවන නිසා...

""""""" දවස් 16 ක්... තාමවත් මාව මග ඇරලා හති වැටුනේ නැද්ද....""""

මන් හයියෙන් ඇවිදගෙන ගියත් තේජාන් මගේ ලගට ඇවිත් එහෙම අහන්න ගත්තා...මන් ඇහුනේ නැති ගානටම ඇවිදගෙන ගියා...

""""""" ඒයී.. උබට කැම්පස් එකෙ ප්‍රසිද්ධ වෙන්න ඕනී නම්... මන් මිට වඩා හයියෙන් මේක ගැන අහන්නම්...."'"""""

අරූ එහෙම කියන ගමන් මගේ අතින් ඇද්දා....

""'"'"""' දවස් 16ක්...  තමුසේව මන් දැකපු දවසෙ ඉදන් මග අරිනවා ඕයී....'''''

මමත් නැවතිලා උගේ ලගටම ලන් වෙලා එහෙම කිව්වා...

""""""'" අහ් එහෙමද... හේතුව දැන ගන්න පුලුවන් ද මහත්තයෝ...'''''"''

මන් කියපු දේ නිසා තේජාන්ට ටිකක් තරහා ගියා....

"""""""' තමුන්ටවත් මටවත් අදාල නැති බොරු මට කතා කරන්න ඕනි නෑ... ඒකනිසා කැම්පස් එකේ.යාලුවෙක් විදියට ඔය කටයී ඔය කටේ සද්දෙයී අඩු කරලා කතා කරපන්... තමුන්ගේ කටෙ සද්දේ වැඩි වෙන්න වෙන්න මගෙ කටේ සද්දෙත් වැඩි වෙනවා මහත්තයෝ...."""""""

මන් එහෙම කියලා ඌ අල්ලගෙන ඉදපු අතත් ගසලා දාලා එන්න හැරුනා....

""""""" උබට මාව පේන්න බැරි අර ළමයෙක් ඉන්න නාකී මනමාලයා හින්දා නේ...""""

එකපාරටම තේජාන් මහ හයියෙන් කියපු දේ නිසා ඉබේම මාව නැවතුනා... වටේ හිටපු ළමයිනුත් මගෙයි තේජාන්ගෙයි දිහා බලනවා....

"""""""" කැපියන් යොවාන්... තව කට ගහන් ගියොත් තව නෝන්ඩි වෙන්න වෙනවා...."""""

මගේ හිත එහෙම කියන්න ගත්ත නිස මන් අඩිය ඉක්මන කරලා දිව්වෙ ලෙක්චර් හෝල් එකට... මන් ඒකට යනකොට යාලුවෝ සෙට් එක මට තැනක් අල්ලගෙන ඉන්නවා... එතනින් ගිහින් මන් වාඩී උනත් මගේ හිත තාමත් තිබ්බේ තේජාන් එක්ක කැම්පස් එක ඉස්සරහ.....

"""""""" බෑ.. අනේ කෝහොම හරී මූව මගේ ඔලුවෙන් අයින් කරන්න ඕනී."""

"""""""" ඒත්.. ඒත් ඇයී ඌවම.. මන් ඇත්තටම ඌට කැමතීද.... අනික මන් මේ කරන වැඩේ හරිද දෙයියනේ..."""

හෝල් එකේ වාඩී වෙලා හිටියට මන් කල්පනා කරේ මේකෙන් බේරෙන්න විදියක්....

"""""""" එකම එක දෙයයී... මන් මේක ගැන තේජාන්ගේ කෝල්ලට කියනවා..""""""""

හිතට බයක් ආවත් ඌගෙන් බේරෙන්න හොදම ක්‍රමේ ඒක බව තේරුනා... මොකද මට ඌව අමතක කරන්න ලේසී වෙයී ඌ මට මුණ නොගැහුනොතින්....

නිකන් බොරුවට ලෙක්චර් එක වෙලාවෙම ඕවා ගැන කල්පනා කරලා මන් තනියම හෝල් එකෙන් බැස්සේ ටකරමාව හොයා ගන්න...

"""""""" මන් මේ කරන වැඩේ හරිද.. මේකෙන් තවත් මේ ප්‍රශ්නේ වැඩි වෙයිද... ""''

මන් එහෙමත් කලපනා කර කර කෑන්ටිම ලගට ගියේ අරූ ඉන්නවද බලන්න....එතනත් පේන්න හිටියේ නෑ... බැරිම තැන එයාලගෙ වයසෙ අයියා කෙනෙක්ගෙන් ඇහුවම.තමයි දැන ගත්තේ ඌ Library  එකේ කියලා...

"""""""" නෑ මේක අද කොහොම හරී විසද ගන්නවා... මගේ ඔලුව නිදහස් කර ගන්න තියෙන එකම දේ මේක...""'""

මම එහෙම හිතන ගමන් කෙලින්ම ගියේ ඒ අයියා හිටපු තැනට....

""""""" Excuse me අයියා.... මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද....""'""""""

මන් බය පැත්තකින් තියලා ටකරමා ලගට ගිහින් ඇහුවා....

"""""""" ම්ම්... මොනාද මේ ළමයට කතා කරන්න ඕනී..."""

අරූ මගේ දිහා බලන ගමන් මහා කුපාඩී හිනාවකුත් දාලා මගෙන් ඇහුවා...

"""""""" අයියේ පොඩ්ඩක් එලියට...."""""""

මන් ඒක කිව්ව විතරයී ,,,

"""""""" එලියට... අෆ්ෆා ඒ මොකෝ ඒ... මොනා හරී වැදගත් දෙයක්ද....""""""

මුගේ මේ අමුතු හිනාව නිසා මට ඔක්කෝටම වඩා තරහ ගියා....

"""'''''''"' හා හා.. යමන්කෝ ඉතින් වැදගත් දෙයක්ලූ  නේ....""""""""

මම ඒ අයියා එක්ක වැඩිය ළමයි නැති තැනකට ගිහින් නතර උනා....

"""""""" අහ් කියමු බලන්න....""""""

මන් හිටගෙන ඉන්දෙද්දිම අරූ එතන තිබ්බ බංකුවක් උඩින් වාඩි උනා....

"""""""" මෙකයී අයියේ... මට කාටවත් ප්‍රශ්නයක්.ඇති කරන්න ඕනී නිසා මෙහෙම කියනවා නෙවෙයි ඒත්..."""""""

මන් කියන්න ගියපු එක ඉවර කරන්න කලින්,,,,,

"""""""" මොකද ඉතින් මේ හිටගෙන මෙහේ මෙතනින් වාඩි වෙනවකෝ.... """"

ඌ මාව ඇදලා උගේ ලගින් වාඩි කර ගත්තා.... ඇත්තටම මුගේ හිනාවක් හැම ඉරියව්වක් ගැනම මට ආවේ ඉවස ගන්න බැරි තරහක්....

"""""""  මේ තේජාන් අයියගෙයී ඔයාගෙයි සම්බන්දේ තාම තියනවද....''''''''''''""

මන් කෙලින්ම උගෙන් ඇහුවේ මූ එක්ක හුරතල් වෙන්න තරම්.මානසිකත්වයක් මන් ලග නැති නිසා....

''""""'"'" ම්ම්ම්... සම්බන්දේ නේද.... මන් හිතන්නේ ඒක වෙනදටත් වැඩිය හොදින් තියෙනවා.... ඇයි අපි දෙන්නගේ සම්බන්දේ මල්ලීට ප්‍රශ්නයක් ද...."''''''''"''

අරූ කිසිම ගානක් නැතුව එහෙම කියන්න ගත්තා,,

"""""""" මට නම් ඕක තිබ්බාත් නැත්තත් කිසිම ප්‍රශ්නයක් නෑ..... ඒත් තේජාන් මට මහා වදයක්...''

ආපූ ආවේගෙට මන් එහෙම්ම කියලා දැම්මා....

"""""""" වදයක්.කිව්වේ...."''''""

"""""""" ඇයි එයා හැමනිතරම මගේ පිටිපස්සෙන් එන්නෙ.. ඇයී හැම නිතරම මටම.වද දෙන්නෙ.... ඔයාට තේරෙන්නෙ නැද්ද එයා ඔයාව රවට්ටනවා කියලා....""''

මන් එහෙම කියනකොට අරූ නලලත් රැලි කරගෙන වගේ මගේ දිහා බලන් හිටියා...

"""""""" මන් දවස් ගානක් එයාව මග අරිනවා එත් එයාගෙන් ගැලවීමක් නෑ... ප්ලීස් ඔයා ඔයාගේ bf වටෙ යන එක නවත්තන්නකෝ... මෙකෙන් මගෙ ජීව්තෙත් අවුල් වෙනවා....""'''''''

මන් එහෙම කියාගෙන යනකොට අරූ වාඩී වෙලා හිටපු තැනින් නැගිට්ටා.....

"""""""" අයියෝ ඕකද මල්ලී.ඔච්චරටම වැදගත් දේ... මේහ්හ් ගනන් ගන්න එපා කොල්ලෝ... තේජාන්ගෙ හැටි කොහොමත් එහෙම තමයී...දන්නවා නේ ඌට ටිකක් පිස්සු... හැමනිතරම මොමෙක් එක්ක හරී වලියටම තමා....."""""""

අරූ කිසිම ගානක් නැතුව කියාගෙන ගියා...

"""""""  ඒත් අයියෙ...."""""""

මන් දෙයක් කියන්න ගියත්....

""""""""" මේ මල්ලී දැන් මගෙ ඊලග ලෙක්චර් එක... ඕකා කරන එවා වැඩිය ගනන් ගන්න එපා... මායී තේජානූයි දැනට අවුරුදු තුනක් තිස්සේ යාලුවෙලා ඉන්නේ... අදටත් අපි දෙන්නා හොදින් ඉන්නවා...."""""""

අරූ එහෙම කියලා ගියා.....

"""""""" ෂිට්... මන් නිකන් නෝන්ඩී උනා වගේ නේද....ඒත් ඇයී ඌට කිසි ගානක් නැත්තේ.... ඒ කියන්නේ... තේජාන් මට ආදරේ..."""""""

""""""" එහ් මන් මොනවද මේ හිතන්නේ... ඒ කියන්නේ මන් තමයී මේහෙම හිතන් ඉන්නේ... ඌට මන් ගැන එහෙම අදහසක් නැතුව ඇතී....""

විසදුමක් ගන්න කියලා දෙයක් කරත්... ඒකෙන් උනේ මගේ ඔලුව තවත් පටලැවුනු එක....  මෙච්චර වෙලා කල්ප්නා කරේ තේජාන්ගෙන් ගැලවෙන විදියක්, තේජාන්ව අමතක කරන විදියක් ගැන විතරයී... ඒත් දැන්....

ඇත්තටම එදා දවසෙම කැම්පස් එකේ මන් හිටියත් මට කිසිම වැඩක් කර ගන්න බැරි උනා... මේ හැම දෙයක්ම අමතක කරන්න හදන හැම වෙලාවකම තවත් අලුත් දෙයක් ඔලුවට එන්න ගත්තා... අයියා මට කෝල් කිහිපයක්ම අරන් තිබ්බත් මන් කෝල් බැක් නොකරේ ගෙදර ගිහින්ම කතා කරනවා කියලා හිතුනු නිසා... මන් හවස හතරට විතර ලෙක්චර් එකත් ඉවර වෙලා ඔහේ කල්පනා කර කර පයින්ම ඇනෙක්සා එකට යන්න ගත්තා....

""""""""" ඒයී යොවාන්...""""""

එකපාරටම මගේ නම ඇහුනම තමයී මන් මේ ලෝකේට ආවේ....

""""""" පොඩි ගමනක් යමුද...."

මට කතා කරේ වෙන කව්රුවත් නෙවෙයි තේජාන්....

""""""" කොහෙද යන්නේ..."''""""

මමත් නිකන්ම එහෙම ඇහුවා..

""""""" යන්නෙද.... ඔය මැරිලා වගේ ඉන්න තමුසෙව ආපහු නැගිට්ටවන්න පුලුවන් තැනකට... """"''"'

තේජාන් එහෙම කිව්වත් මන් ලාවට හිනාවක් දාලා,,

""""""'"" නෑවම මේ ගතිය ඇරිලා යාවී..."""""

එහෙම කිව්වා....

"""""""" මේ ඉදා ගනින් මේ හෙල්මට් එක.. මුලින්ම මන් කියපු තැනට යමන්කෝ...""

අරූ හෙල්මට් එකත් මගෙ ඔලුවට දාපු නිසා... මමත් නිකන්ම බයික්.එකට නැග්ගා.... පැය භාගයක් විතර යන්න ඇති අපි දෙන්නා ආවේ වෙන කොහේටවත් නෙවෙයි  Leisure World එකට....

""""""" එහ් වාව්... මෙහෙටද...""

තැන දැක්කම මොක උනත් මට මාරම හැපී... මොකද මන් එන්නම කෑමති තැන් වලින් එකක තමයී මේක....

""'"'"""" වරෙන්කෝ හිතේ හැටියට සෙල්ලම් කරපන්...."'""

තේජාන් මාවත් ඇදගෙන ඒක ඇතුලට ගියා...  එතනින්ම ෂෝට්ස් වගයක් අරගෙන ඇදුම් චෙන්ජ් කර ගෙන එලියට ගියා....

""""""" ඒහ් මේහ්හ්.. ඒක නෙවෙයි... මේකට ගෙවන්න මන් ලග නම් සල්ලී නෑ හොදේ.... අනික තවුසේනේ මෙතනට මාව එක්කගෙන  ඒකනිසා තමුසෙම ගෙවනවා...."'"

මන් එහෙම කියාගෙනම පැන්නා වතුරට... ඇත්තටම මන් හිතේ තියන හැමදේම අයින් කරා, අයියව , බාබාව, තිබුනු හැම ප්‍රශ්නයක්ම අයින් කරලා ඒ මොහොත විතරක් මන් වින්දා.... එක වෙලාවක සතුටද දුකටද කියන්න දන්නේ නෑ මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා....

""""""""" ඔක්කෝම දේවල් අමතක කරපන් යොවාන්... හැමදේම.... උබගෙ සතුට තියෙන්නෙ කොතනද.... උබේ හිත ඉල්ලන්නේ මොකක්ද ඒ දේ හොයාගෙන පලයන්...."""""

මගේ හිත කෑගහන්න ගත්තා....

"""""""" ඕන්න ඕන්න ආයිමත් මූඩ් ගහලා.... මේ ලෝකේට වරෙන්...'''''''

තේජාන් වතුර වලින් මට ගහන ගමන් කෑ ගහන්න ගත්තා....

""""""" අහ්හ් තමුසේ මට චැලේන්ජ් කරනවද...හිටපන් තොට...''''''''''''

මන් තේජාන් ලගට ගිහින් උගෙ ඇගෙ එල්ලුනා... මිනිහාගේ ඔලුව වතුරට දාලා එබුවා....

"""""""" ඒහ් ම... මල්ලී... ඒපා යකෝ... වතුර පෙවෙනවා....''""""

අරූ කෑගහනකොට මට ඊට ආතල්.....

කොහොම හරී ඒක වහන වෙලාව වෙනකන්ම අපි දෙන්නා ඒකේ ඇතුලේ ඉදියා....  ආපහු ඇදුම් ඇදගෙන එලියට ඇවිල්ලා ලග තිබුනුම රෙස්ටූරන්ට් එකකින් කාලා ලෑස්ති උනේ ගෙදර එන්න....

"""""""" ගෙදර යන්න හිතක් නෑ වගෙ නේ...

තේජාන් එහෙම අහන්න ගත්තේ මන් පාර දිගේ හිමීට හිමීට ආපු නිසා වෙන්න ඇති....

"""""""" ඉතින් තවුසෙනේ ගෙදර යන ගමන් හිටපු මාව බලෙන් දාගෙන ආවේ..."""

"""""""" යකෝ මූ නම්..... ලස්සනට නගින්න කිව්වම නැගලා... හොද ලස්සනට අරක දෙවනත් වෙන්න නටලා... දැන් මට කියන ඒවා.... හරී හරී ඉතින්..."'''"

තේජාන් එහෙම කිව්වම  මන් උගේ ඔලුවටත් එකක් ගහන ගමන් බයික් එකට නැග්ගා.... කොහිම හරී අපි දෙන්නා ඇනෙක්සා එක ලගට එනක්ක්ට 9.30ත් පහු වෙලා....

"""""""" මල්ලී මන් මෙතනින්  ඔයාව දාන්නම් නේ...."""'

එකපාරටම තේජාන් බයික් එකක් නවත්තලා මගෙන් එහෙම ඇහුවා....

"""""" මෙතන නෙවෙයි බොල අන්න අතන මගෙ ඇනෙක්සා එක තියෙන්නේ... ඒකවත් මතක නෑ..."""""""

මන් එහෙම කියනකොට,

""""""" නෑ අරයා ඔයාට බනීවී නේ....""""''

තේජාන් එහෙම කියනකොට තමයී මට වැඩෙ තේරුනේ....

"""""""" අහ් නෑ නෑ එහෙම වෙන එකක් නෑ... මාව ගේ ලගින්ම දාන්නකෝ...."''''''''''

මම තේජාන්ට කියලා මාව එතනින් දාගෙන ගේට් එක ලගට වෙලා බලාගෙන හිටියේ ඌ යනකන්....

ඇත්තටම මේ ගත කරපු එක මොහොතකවත් තෙජාන් මගේ ඇගකටවත් අතක් තිබ්බේ නෑ... හැමවෙලාවෙම ට්‍රයි කරේ මාව සතුටින් තියන්න.... කවදාකටවත් වඩා මට ඌ ගැන මාරම පැහැදීමක් හිතට දැනුනා....

"""""""" අයියෙ... මන් ගෙදර ආවා....'"'

මන් දොරත් ඇරගෙන යනකොට අයියා බාබවත් උකුලේ තියාගෙන නිදි කරවනවා...

"""''''''''' ෂ්....පොඩ්ඩක් නින්ද යනකන් ඉන්න....

අයියා එහෙම කිව්වම මන් කාමරේට ගිහින් මූණත් හෝදගෙන ඇදුමකුත් දාන් සාලෙට ආවා....

"""""""' බබා නිදිද....""

""'''''''' ඔව් බොහොම අමාරුවෙන් නිදි කෙරෙව්වේ.... මේ මොකද අද මෙච්චර රෑ උනේ....''''''

මන් ඔක්කෝම විස්තරේ අයියා එක්ක කියලා දැම්මා ඒත් එකකම එක බොරුවකුත් එක්ක,,,

""""""" අන්න එහෙම ඉන්න ඕනී.... කෝ ෆොටෝ ගත්තේ නැද්ද... කෝ යාලූවෝන්ගේ නම් මොනාද....""''"

අයියා මාවත් ලං කරගෙන ප්‍රශ්න දාහක් අහන්න ගත්තා... ඒත් ඒ කිසිම ප්‍රශ්නයක සැකය කියන දේ ගෑවිලාවත් තිබුනේ නෑ...... ඒත් මෙතනදී මට බොරු හැර වෙන කියන්න දෙයක් මතක් උනෙත් නෑ.....

"""""""" නිරාශ්, සුපුන්, තේජාන්, රවිදු.... ආහ් තව එක්කෙනෙක් හිටියා නම මතක නෑනේ.. ෆොටෝ ගත්තා මගේ ෆෝන් එකට දාගන්න උනේ නෑ....""""""""

""""""" හරී හරී හෙට දාගෙන ඇවිත් පෙන්නවා.... කෝ දැන් මෙහාට එනෝ... දවස් තුන හතරකින් උම්මා එකක්වත් දෙන්න බැරි උනා...'"""

අයියා මාව ලගට අදින ගමන් මගේ නලලට කිස් එකක් දුන්නා.... අපි දෙන්නා එහෙම ටික වෙලාවක් ඉන්නකොට එකපාරටම අයියගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා,,, ෆෝන් එක තිබ්බේ මගේ එහා පැත්තේ පොඩි ස්ටූල් එක උඩ,,

"""""""" අයියේ මේ කෝල් එකක් ඔයාට...."""

මන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකටත් එබෙන ගමන් අයියට ෆෝන් එක දුන්නා....

"""""""" ඒහ්හ් කෝ දෙන්න මෙහාට..''

එකපාරටම බය වෙලා වගේ මගේ අතින් ෆෝන් එක උදුරලා අරගෙන ඉක්මනටම නැගිටලා දොරත් ඇරගෙන එලියට ගියා....

""""''''''' පොලිස් සදරුවන්... ඒ කව්ද අෆ්ෆා ඒහ්හ්...."""''''''

ස්ක්‍රීන් එකේ වැටුනු නමත් එකත් එක්ක මන් කල්පනා කරන්න ගත්තෙ අයියට පොලීසියේ වැඩ කරන කව්රු හරී ඉන්නවද කියලා....

"""""""" හරී කව්රු උනත් කමක් නෑ.... අයියා මොකද අච්චර බය උනේ...අනික කවදාවත් නැතුව ෆෝන් එකත් උදුරගෙන ගෙදරින් එලියට ගිහින් කතා කරන්න තරම් මොකක්ද හේතුව..."''''''

ඇල වෙලා හිටපු මම පුටුවෙන් වාඩී වෙලා කල්පනා කරේ ඒක....

"''''''''''''" මේක හරියන්නේ නෑ... ගිහින්ම බලනවා... අනික මෙච්චර රෑ වෙලා කෝල් ගන්නේ හොදකට වෙන්න බෑ.....""'''''''

මන් එහෙම හිතාගෙන හිමීට සද්ද නොකර ගියේ දොර ලගට....

"""''''"'' ඇත්තටම බන් මන් ඕක ගැන මුකුත්ම දන්නෙ නෑ.... හරී මන් ඒ වෙලාවෙ කෝල් කරා තමයී.... ඒත්....''"'''''

""""""" හරී හරී මන් බන් හෙට එන්නම්... උබලගෙ සර් මාව අතාරින එකක් නැද්ද බන්....""''''''''''

"""''''''''' අනේ බන් මට මේ උදව්ව කරපන්...""'"'''''''

අයියා හිමීට හිමීට එහා පැත්තේ එක්කෙනාට කියවනවා..... මම අයියා ඉන්න තැනට ලන් උනා විතරයී අයියා මාව දැකලා,

""''''''''''' හරී හරී කොල්ලෝ එහෙනම් අපි තිබ්බා බන්.... මන් අර කිව්ව එක ගැන හොයපන් හොදේ....""'

අයියා හිනා වෙවීම එහෙම කියලා කෝල් එක කට් කරා.....

"'''''''''''' කව්ද අයියේ ඒ... ඇයි.මෙච්චර රෑ වෙලා අරගෙන තීන්නේ මොකක් කරදරයක් ද...''''

මම එහෙම අහගෙන ගියෙ කව්ද කතා කරේ කියලා දැන ගන්න ඕනී නිසා....

""""'"''" ආහ් නෑ මේ යාලුවෙක් මල්ලී.... කෝ යමූ ඇතුලට....""''''"

අයියා මාවත් තල්ලූ කරගෙන ගේ ඇතුලට ගියා.....

"""''''''"" හරී ඉතින් යාලුවෙක් තමයී ඇයි මේ වෙලාවේ කතා කරේ... කියන්න බැරි කමක් නෑනෙ....""""'''

මම ගේ ඇතුලට යන ගමන් එහෙම ඇහුවා...

""''''''''''' මොකෝ අද මේ සුදූ බබාට තලහා ගිහින්....''''''''

අයියා මට කිස් එකකුත් දෙන ගමන් එහෙම අහන්න ගත්තා....

""""'''''' මේ අයියේ මන් අහපු දේට උත්තර දෙනවද...""""

මන් එහෙම කියලා මාව අල්ලගෙන හිටපු අයියව එහාට කරා....

""""""" මේ... මේ... අපේ යාලුවෙක්ගේ වැඩක් අනේ..... කෝ දැන් යමු අෆ්ෆා...  නිදිත්මතයී...""""

අයියා ඈනුමකුත් අරින ගමන් මට එහෙම කියලා යන්න හැදුවා....

""""""" නවතින්න... අයියෙ එක පාරක් කිව්වම නවතිනවා...""

මන් සද්දෙට කිව්වම අයියා නැවතුනා....

""""""" මොකෝ බන් මේ... පිස්සුද....""""""

අයියා ගානක් නැතුව මගෙන් එහෙම අහනවා...

""""""" දෙන්න ෆෝන් එක.... අපි එතකොට බලමූ...

මන් අයියා ලගට ගිහින් අතේ තිබ්බ ෆෝන් එක ගන්න හැදුවා.....

"""""'''' මල්ලී... මටත් කියලා privacy  එකක් තියෙනවා... ප්ලීස්...''''''''"

අයියා එහෙම කිව්වත්,

''''''''''''' මට ඒවා වැඩක් නෑ... දෙනවා ඕක.... කියපන් මිනිහෝ ඇත්ත....'''"

මන් කෑ ගහ ගහා ෆෝන් එක ගන්න උදුරනකොට අයියා මාව එහාට තල්ලූ කරා....

""""""" යොවාන්.... මගේ යකා අවුස්ස ගන්නේ නැතුව හිටපන්.... උබට දැන ගන්න ඕනී දෙයක් නම්මන් උබට කියනවා.... උබට ඕනී නැති නිසා තමයී මන් කියන්නෙ නැත්තේ..."''

අයියා සද්දේ දාගෙන එහෙම කිව්වත්,

"""""""  ආහ් මගෙ නම කියලා සද්දෙන් කෑ ගැහුවම බය වෙයි කියලා හිතුවද ආ...""'

මම කෑ ගහගෙන ගිහින් ආපහු  අයියගේ අතින් ඇද්දා...

"""""""" මේ මල්ලී මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.... ඒකනිසා .."""""

අයියත් මගේ දිහා බලලා එහෙම කියලා නැවැත්තුවා....

""""""""" ඔයාගේ ඉවසීමෙ සීමාව මට වැඩක් නෑ ඕයී... කියනවා මොකාද ඒ.... අනික තමුසේ බොරුනේ ඔය කියන්නේ....""

ආපු තරහට මන් අයියට කෑ ගහන්න ගත්තා....

"""""""" මල්ලී උබ දැන් ඔය මොකක්ද කියන්න හදන්නෙ....""

"""""""" මන් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ තමුසෙම දන්නවා ඇති නේ.... හොර හොරාට ඒක එකා එක්ක මොනාද දන්නෙ නෑ කතා කරන්නේ.....""""

මන් ඒක කිව්වත් කියන්න ඕනී නැති එකක් කියලා හිතුනා....

"""""""" මේ එකම එක ෆෝන් කෝල් එකක් හින්දා... හරී උබත් දැන් ඔය කොල්ලෝ එක්ක කොහෙද දන්නේ නෑ ගිහින් හිටියේ නේද..."''""

"""""""" ෆෝන් එකත් ආන්සර් නොකර.... කව්ද දන්නෙ උබත් කොහේ කොහේ හිටියද කියලා...""

අයියා යකා වගේ කියවගෙන ආවේ මන් ලගට.....

"""""""" මොකක්ද දැන් තමුසේ ඔය කියන්න හදන්නෙ.... මන් එකක් නෑර තමුසෙට එතනදි සිද්ද උන දේ කිව්වා නේ... තව තවත් තමුසේ මොනාද ඔය කියන්න හදන්නෙ....""

බොරු තමයී කිව්වේ ඒත් මටත් ඒ වෙලාවේ  යකා නැග්ගා....

""""""" ඒක තමයී මාත් අහන්නෙ දැන් අර කෝල් එකත් එක්ක මල්ලී මොනවද කියන්න හදන්නේ..."""

අයියත් මගෙන් එහෙම අහන්න ගත්තා.....

"""""""" මේ අයියේ ඒකයී මේකයී දෙකක්....  අනික ඒ ළමයා ගැන මට එහෙම අදහසක් නෑ.... ඔයා මෙතන.."""

මන් කියන්න ගියපු එක ඉවර කර ගන්න උනෙත් නෑ අයියා කෑ ගහන්න ගත්තා....

""""""මල්ලී දැන් මේක මෙතනින් නවත්තමු.... මේක නිකන් දුර දිග යනවා වැඩී.."'"

අයියා එහෙම කියලා යන්න හදනකොට,

"""""""" කවදා වෙනකන් මේවා හංගගෙන් ඉන්නවද මනුස්සයෝ... කවදා වෙනකන් උබ මෙවා හංගනවද....."""""""

මන් එහෙම කිව්වම මිනිහා නැවතුනා....

"""""""" කියපන්... අර ළමයා කාගේද කියලා.. ඔච්චරටම ආදරෙන් බලාගන්නේ...""

හිතලා කිය උනේ නැති උනත් කියන වචනයක් ගානේ මගෙ ඇග වෙවුලන්න ගත්තා....

""""""" ම.. මල්ලී.. ඇයී...."""""""

අයියා බය උනු ගමන් එහෙම අහගෙන මගේ ලගට ලං උනා....

"""""""" එන්න එපා ලගට...  කියපන් අර පොඩි එකා තමුසෙගේ නේද....""""

ලග තිබුනු පුටු ඇන්දත් අල්ලගෙනම මන් අයියගෙන් එහෙම ඇහුවා....

""""""" නෑ මල්ලී.... කව්ද ඔයාට ඒ බොරුව කිව්වේ....."

""""""" බොරූ... බොරූ ඕයී..  තමුසේ තාමත් කියන්නේ බොරු... උබ මේ අවුරුදු එකහාමාරක් තිස්සෙ මට බොරුද මිනිහෝ කරන්නේ....

මන් දන්නේ නෑ ඒ වෙලාවේ කේන්තියට වඩා මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා....

"""""""" අර ගෑනී.. අර ගෑනී මැරෙන්න මොහොතක් තියලා ඒ හැමදේම කරලා මැරුනේ ඕයී... හැමදේම කියලා මැරුනේ...."""'

මෙච්චර වෙලා අඩන්නේ නැතුව කදුලු හිර කරගෙන හිටපු මගෙන් කදුලූ සට සට ගාලා වැටෙන්න ගත්තා.... හිටගෙන හිටපු අයියත් එතනම බිම වාඩි උනා

"""""""" ඇයී... කියපන්  උබ මට , අර ගෑනීට, අර පොඩි එකාට මෙහෙම කරේ මොකද....""""

මන් ඉකි ගගහා අඩන ගමන් අයියගෙන් එහෙම ඇහුවත් එයාගේ කටින් එක වචනයක් එලියට ආවේ නෑ.....

"""""""" උබ දන්නවද අයියේ.. අර පොඩි එකා දකින දකින වාරයක් ගානේ මට පේන්නේ අර ගෑනීව....  ඒ පොඩි එකා මට හම්බ් උන දවසේ ඉදන් මට හරි හැටි රෑට නින්දක් නෑ...."'"

"""""""" මේ බෙහෙත්... මේවා තමයී යකෝ මෙච්චර දවස් මාව මෙහෙම හරි තියා ගත්තේ..."""""

මන් අතේ තිබ්බ බෙහෙත් බෝතලේ දමලා ගැහුවේ අයියට.....

""""""" උබ දන්නවද මේ දවස් ගානටම මන් ප්‍රාර්තනා කරේ සැනසික්මෙන් එක විනාඩියක්.මට නින්ද ගියා නම් කියන එක විතරයී.... වැඩිය නෙවෙයි එක විනාඩියයී....""""""

මන් එහෙම කියනකොට අයියා මගේ දිහා බැලුවා... එයාගේ ඇස් දෙක කදුලූ වලින් පිරිලා... වචනයෙන් ඉල්ලන්න බැරි තරම් කණගාටුවක් එයාගේ ඇස් වල තිබුනා... ඒත් ,,,,,

""""""""  ඒ මොකද දන්නවද... ඒ ගෑනී මැරෙන කොට විනාස කර ගත්තේ ඒ ගෑනීව විතරක් නෙවෙයි යකෝ... ඒ ගෑනී මේ මාවත් විනාස කරගෙන තමයී මැරුනේ...."""""""

""""""""" නිදාගන්න කියලා එක මොහොතකට මේ ඇස් දෙක වහ ගත්තත්  මට මැවිලා පෙන්නේ, අර කෝච්චියේ දොර ලග පිහියකුත් බෙල්ලට තියා ගෙන මන් එතනට එනකන් බලාගෙන ඉදපු ගෑනීව.....""""''""

"""""""" ඒ ගෑනී අන්තිමට කිව්වේ මොකක්ද දන්නවද... මන් උබේ ජීවිතයක් නැති කරලා තමයී මෙහෙන් යන්නේ කියලා...."""""

"""""""" හිතලා බලපන් මිනිහෝ.... මගේ ඇස් ඉස්සරහ බෙල්ලෙන් ලේ පෙරාගෙන ගෑනීයෙක් මැරිලා යනකොට....."""

""""'""" ඒ මදිවට ඒකීගෙම ළමයා මට දීලා ගියාම...."""""""

මන් එහෙම කියනකොට අයියා දණගාගෙනම ඇවිත් මගේ කකුල් දෙකෙන් අල්ල ගත්තා....

"""""""" මට සමාවෙයන් මල්ලී.... අනේ මට සමාව දීපන්... මේ කිසි දෙයක් උබට දුකක් දෙන්න හිතාගෙන කාරේ නෑ....''''

කවදාවත් කදුලක් නොදැකපූ, කවදාවත් දුකක් නොපෙන්නපු හැමදාම මගේම ශක්තිය වෙලා හිටපු මනුස්සයා මන්  ලග දණ ගහගෙන වෙවුලන ගමන් මගේන් සමාව ඉල්ලනවා.... මටත් හිටගෙන ඉන්න තරම්වත් පණක් නොතිබුනත් තාමත් මට දැන ගනන් ඕනී දේ නොලැබුන නිසා මන් එහෙම්ම හිටියා....

"""""""" අයියේ මන් වැදලා ඉල්ලන්නේ ඇයී මෙහෙම කරේ.... ඇයී අර ගෑනී එක්කයී ළමයා එක්කයී ජීවත් උනේ නැත්තෙ.....""

මන් වැදගෙන ඇහුවේ ඒ ටික,,,

"""""""" උබට තියෙන ආදරේ නිසා...  නෑ... ඊටත් වඩා මන් එදා උබට උනු පොරොන්දූව  නිසා....""""''

අයියගේ කටින් ඒ වචන ටික ඇහුනම,,,,

"""""""" මොකක්....""""

මට කිය උනේ එච්චරයී....

"""""""" ඔව් බන්... එදා උබ ඇහුවා නේ කවදාවත් උබව දාලා යන්නේ නෑ කියලා පොරොන්දූ  වෙන්න කියලා... ඒදා ඒ උනු පොරොන්දූව මට කඩ කරන්න බෑ බන්... වෙන කව්රුවත් නෙවෙයි උබ වගේ හොද කොල්ලෙක්ට උනු පොරොන්දූව මට කඩලා දාන්න බෑ.....

ඒක ඇහුනම මන් ලග තිබුනූ බිත්තිය අල්ල ගත්තා     ,, ,,

""""""" ඒ කියන්නේ.. ඒ කියන්නේ මේ හැම දේකටම මුල මමද....අපි හැමෝගෙම ජීවිත වලට මෙහෙම වෙන්න හේතුව එකම එක පොරොන්දුවක් ද  ""'''

.........,..................... විරාමයක් ..........................................

Share This Chapter