Chapter 33: 31 වන පරිච්ඡේදය

වස්සාන ඍතු 🍂❤Words: 17716

"නිවේන්...."

"කියන්න බොස්...."

"එහෙම ඕනෙ නෑ...."

"කොහොමද..."

"මින් පස්සෙ මට බොස් කියලා කතා කරන්න ඕනෙ නෑ...."

"ඒත් office එකේදි එහෙ......"

"කීවනෙ එක සැරයක්....."

යෝ....මේ මිනිහා යකෝ....මිනිහා නෙවෙයි මේකා හිවලා....හැයි අප්පාවේ දැන් අවුරුදු බරගානකට කලින්...ඌප්ස් නෑ නෑ අනේ පැංචට පෝඩ්ඩක් විතර වැරදුනා...දැන් මාස දෙක තුනකට කලින්...ඕ ඕ අන්න හරි...හරි ඉතින් මේකනෙ මම කියන්නෙ ගියෙ...දැන් මාස දෙක තුනකට කලින් ඌය මගෙ බොස් කියපු මිනිහම දැන් කියනවා උට බොස් කියන්න එපාය කියලා...පුදූම වැඩක් තමයි ඒක...ආ ආ මොකද...මොකද උබලා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ බලන් ඉන්නෙ....ආනේ ඒයිලා ඔයාලා බැලුවද මම මේ කවුරු ගැනද කියන්නෙ කියලා....වෙන කවුද අනේ මේ අපේ...ඌප්ස් නෑ නෑ...තාප්පයා is mine දේපලයක් හරිද....කොහොමද උනේ අහන්න එපා ඒක එහෙම තමයි..එච්චරයි..හුහ්...මන් දැන් සිංග්ලිෂ් වලින්ම සැරයක් කීවනෙ තාප්පයා is mine දේපලක් කියලා...ඒ නිසා ඔහොම බලන්න එපා....මිහුක්....පැංචා කැමති නැති උනාට පැංචගෙ හිත එයැයිට කැමතීනේ...සෙසඳුවා කීවා වගේ ආදරෙයිදත් මන්ද.....යෝ...නිවේන් නිවේන් මොනවද උබ මේ office ඇවිත් හිතන ඒස කතා...බලන්න ඒයිලා පැංචගෙ මොලෙත් දැන් හොදටෝම නරක්වෙලා...චී චී අනේ චීම චී...පොඩි ගස්තරයා එනවා මෙතන මට විහිලු කරන්න...මම කියන දේ අහලා ඉන්නෙත් නෑ...ඒ උනාට මොකද පණ්ඩිතකම නම් තියෙනවා ඉහටත් උඩින්....වෙන කවුද ඉතින් පැංචගෙ මොලේ මිසක්...

"ඔය පෑන කාලා ඉවරයිනම් මම කියන්න හදපු එක කියන්නද..."

"අහ්...."

"ඔය පෑන...."

"ආ..හරි හරි..."

දෙයියනේ දෙයියනේ දෙයියනේ...මම මේ අලුත්ම පෑනකුත් හප හප නේද කල්පනා කරලා තියෙන්නෙ...යසයි හිච්චි පඩස්තරයා...ඔව් ඔව් අනේ මට තමයි කියාගත්තෙ....හැයි අප්පාවේ...මම මේ කරන්නෙ office ඇවිත් මිනිහෙක් කරන වැඩද මං අහන්නෙ....නෑනේ නෑනේ....තාප්ප කොම්ලා කීවේ නැත්තන් පෑන පැංචගෙ බඩේ ඔන්න...අරූ ආයෙම පෑන කීවා විතරයි මම කරේ පෑනත් පැත්තකට විසික් කරලා හරි හරි කියලා එයා කියන්නෙ මොකක්ද බලන්න ඒ දිහාවට ඔලුව හරවපු එක....මම කීවේ අනේ...මෙයා දැන් හරි හොදයි..ඉස්සර වගේ පැංචට සැර කරන්නෙත් නෑ...හේ හේ...බලන්න ඉතින් ඒ ආදරේ...යෝ යෝ...ඒකෙන් වැඩක් නෑ...මෙයා මොනවද කියන්නෙ කියලා බලනකන් ඉන්නලාකෝ...

ඔයාලත් අහගන්නලා අනේ...පැංචගෙ කිසීම විරුද්ධත්වයක් නෑ...

"මට හදිස්සි meeting එකක් වැටිලා...මට ඒකට යන්නම වෙනවා...."

"අහ්...."

ඉතින් ඇයි දැන් ඕක මට කියන්නෙ....මම එයැයිගෙ Secretary නම් මාවත් එක්කන් යන්න එපැයිනෙ...මෙයාට පිස්සුද මන්ද...හැයි අනේ එකපාරම මොකටද ඕක මට කීවේ...ඇයි ඒ කියලා තේරුනේ නැති නිසා බටු ඇට පන්තියේ මෝඩ මම කරේ ඇසුත් බෝල කරන් එයා දිහාම බලන් හිටපු එක...

"ඔහොම බැලුවට වැඩක් නෑ අද ඔයාව එක්කන් යන්න බෑ...."

"ඒ...ඒ මොකද ඒ...."

"අද එතනට ගොඩක් කට්ටිය එනවා නිවේන්...මේ තියන ප්‍රශ්න මදිවට මට එතන ගිහිනුත් තමුසෙව පරිස්සම් කරන්න බෑ...ඒ නිසා කැබින් එක ඇතුලට වෙලාම ඉන්නවා..."

"අනේ...."

වෙනදට කොහෙ ගියත් මාව එක්කන් යන එයා අද විතරක් තමුසෙව එක්කන් යන්නෙ නෑ කියද්දි ඇත්තටම මට දුක හිතුනා...අනේ මන්ද ඇයි කියන්න....ඒ උනාට මේ මිනිහා මගෙ ලගින් පොඩ්ඩක් හරි ඈතට යනවා කියලා දැනුනත් ඇති මට නොසෑහෙන්න දුක හිතෙනවා...ඒ ඇයිද දන්නෙ නෑ නේද ඒයිලා....සමහරවිට සෙසඳු කීවත් වගේ ආද.......යෝඕඕඕඕඕඕ...නෑ නෑ හිතන්න නරකයි...මිහුක්....මේ අස්සෙ මොලෙත් wrong side යනවනෙ....පිස්සු....දුක හිතුන පාර මම කරේ හැමතැනම නෑ හැමදාම නෑ කියන්න වගේ මගෙ puppy mood on කරලා එයා දිහා බලපු එක....ඉදකින් විතරක්....ශික්ම ශික් අනේ ශික්ම ශික්....හැයි බං මේ මිනිහා ගත් කටටම කියපිනෙ....

"මම දැන් සැරයක් කීවා...තමුසෙ මේ කැබින් එකෙන් එලියට එක අඩියක් තියන්නෙ නෑ..කොහොමත් මම පැය දෙක තුනක් යද්දි ආපහු එනවා....එතකන් ශෙනුල් සෙසඳුව ගෙනත් දායි තමුසෙගෙ තනියට..."

කියලා......

"සෙසඳුත් එනවද..."

"ඔව්...."

"එහෙනම් කමක් නෑ අයියෝ...."

"ම්ම්ම්....අරූ ඉන්න හරියකටවත් යනවා එහෙම නෙවෙයි...."

"හරි හරි අනේ...."

එහෙම කියපු තාප්පයා කරේ මගෙ ඔලුවත් හරි පරිස්සමට අතගාලා කැබින් එකෙන් එලියට ගිය එක...දන්නවද ඒයිලා...එයා මගෙ ඔලුව හරි සනීපෙට අතගෑවා...සමහරදාට මට නොසෑහෙන්න රිද්දුවේ එයාද කියලවත් මතක නැති වෙන ගානට එයා එහෙම කරද්දි දන්නෙම නැතුව මටත් එක දෙයක් තේරුම් ගියා....මට හිනාවෙන්න එපා හරිද ඒයිලා...ඇත්තටම ඒ දැනුන හැගීමට හිනාවෙන්නද අඩන්නද කියලා පුංචි මට තේරෙන්නෙත් නෑ....හ්ම්...මම හිතන්නෙ සෙසඳු කීවා හරි...එයා කොහොම කොයි විදිහට මම ගැන හිතුවත් මම එයාට ආදරෙයි...මම පුදුම වෙන්න ඕනෙද ඒයිලා...කියන්නකො...ඒත් නැත්තන් මම බයවෙන්නෙ ඕනෙද....ඇත්තටම මට ඔය කෝකත් එකයි....මම හිතන්නෙ එයාගෙ ඒ උණුහුම අදයි මට හරියටම දැනුනෙ...මගෙ ඔලුව අතගාපු තප්පරේ මගෙ ඇස් පියවිලා ගියෙ ආදරේටද...අහන්න දෙයක් නෑ ඒක එහෙම තමයි....කවදා කොහොම ඇති උනාද කියලා නොදන්න ඒ හැගීම මමත් හරියටම තේරුම්ගත්තෙ අද වෙනකොට මට නිකමට වගේ හිතුනා...මම කලින් මගෙ හිත රවට්ටගෙනද කියලා....මුලදි නොසෑහෙන්න දරුණු උන එයාම පස්සෙ මාව එයාගෙ වැඩවලට පාවිච්චි කරා කියලා හිත කීවත්, ඇත්තටම එයා කිස් එකකින් එහා වෙන කිසිම දෙයක් මගෙත් එක්ක කරලා නෑ...අඩුම වැරදි ඇහැකින්වත් මගෙ දිහා බලලා නෑ....මම එයාට කැමති උනේ ඒ නිසාද...ඒත් නැත්තන් එයා මාව පරිස්සම් කරන නිසාද...නෑ ඉතින් හැම කරදරේකින්ම මාව බේරගන්න එයානෙ...දැනුත් දැක්කනෙ දේවින්ද කාරයා ඉන්න දිහාවකටවත් යන්න එපා කියලා බැනපු ලස්සන...ඒත් අනේ එයා ඇයි එහෙම...බැරිවෙලාවත්..බැරිවෙලාවත් එයත් මට ආදරෙ................

යෝඕඕඕඕඕඕඕඕ.....මොනවද නිවේන් මේ හිතන මනස්ගාත...මේ කොහෙවත් නැතුව උබ උට ආදරෙයි කීවම ඌත් දෝත බදලා මම උබට ආදරෙයි නිවේන් කියයි කියලා හිතුවද...වෙන එවුන් නැත්තන් කියයි ඉතින්....බලාපල්ලකො ඒයිලා..බලාපල්ලකො අර මිනිහා මගෙ ඔලුව අතගාලා මට කරපු හරියක්...හරිම ඒසයි අප්පා හරිම ඒසයි.....ඉහික්...ඉහික්...පැංචා එතෝට දැන් තාප්පයට ලව්ද....දෙයියනේ දෙයියනේ...පැංචට ගිය කලක් කීවලු....ඒ උනාට කිචිත් වගේ අප්පා...හේ හේ...ඔයාලා ඔය හිනාවෙනවද ඈ ඒයිලා...ඔයාලා ඔය පැංචට හිනාවෙනද....මහ නරකයෝ....ඔයැයිලත් එකයි අර මහලොකු වස්සාන කාරයත් එකයි...හරි හරි බං වස්සාන කියලා තමයි කීවේ...උබලා මොකද ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ...සෙවල පඩස්තරයො ටික...මම කීවේ මම කීවේ...ඔයැයිලත් එකයි අර මහලොකු වස්සාන කාරයත් එකයි...ඌ මාව තනියම මේක අස්සෙ දාලා ගියා...ඒකට ඔයාලා...ඔයාලා මට විහුලුවට වගේ හිනා වෙනවා...නෑ කියන්න එපා හරිත...ගහනවා හොම්බ රිවට් වෙන්න...හැයි අනේ...එහෙම ඕනෙ නෑනේ මම කියන්නෙ...ස් ස් ස් මේ ඒයිලා මම ඔවාලගෙන් බඩ්ඩක් අහන්නද...නෑ මේකයි හරිද...පැංචා දැන් තාප්ප බොසාට ලව්නෙ...බොසත් ඒ වගේ මට ලව්ද දන්නෙ නෑ නේද...නෑ නෑ ඉතින් මම ඕක මේ නිකන් වගේ  ඇහුවෙ...පැංචට ක්ෂණික ලව් එකක් ඔලුවට ගැහුවා වගේ තාප්ප බොසාටත් ක්ෂණික ලව් එකක් ඔලුවග ගැහුවොත් එහෙම ...කියන්න බෑනේ අනේ...ඒකයි ඇහුවෙ....හේ හේ වැඩිය හිතන්න එපා හරිද ඒයිලා....මිහුක්...පැංචා පව්...

දාහක් හිත හිතම මම කරේ මේසෙටම ඔලුවග  ගහන් ඇස් දෙක පියාගත්ත එක....සෙසඳුවා ඇවිත් කතා කරයිනෙ...හනේ ඒ නැතත් මට මොකද හුහ්...මට ඕනෙ නම් මම නිදාගන්නවා...හැයි යකෝ....එහෙන් පැංචා සූට්ටක් දොයියගෙන එන්නම් ඈ....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"නිවේන්.."

".............."

"යකෝ නිවේන්!..."

ආආආ..මගෙ කන යකෝ කන...මොකාද බොල මේ බෙරිහන් දෙන්නෙ....මොකාද ඒ බලන්න ඔලුව උස්සපු පාර තමයි මම දැක්කෙ මම දිහා කන්න වගේ බලන් ඉන්න සෙසඳුවාව...හෑ යකෝ...මේ ගස් බල්ලා කොයි වෙලේද ආවේ..

"උබ කොයි වෙලේද ආවේ...."

"ඈ බොල මීමෝ....මම දැන් ඇවිත් පැය බාගෙකටත් කිට්ටුයි....තෝ මොකාද එකා වගේ මේසෙ උඩම පත බෑවිලා නිදි...."

මූ බලන්නකො ඒයිලා....ඊව් නේද අනේ...බෙලිකටු මල්ල හොලවනවා වගේ කෑගහන කැත...

"කෑගහන්න එපා ඒයි..."

"අනේ මේ නිවේන්.....දැන් ඒකෙන් වැඩක් නෑ වරෙන් යන්න කැන්ටිමට....මට බඩගිනී බල්ලො..."

"අපෝ උබනම්...."

උගෙ වදෙන් බේරෙන්න බැරිකමට මම කරේ ඌත් එක්ක කැන්ටින් එකට යන්න හිත හදාගත්ත එක....මේ වෙලාවට කැන්ටින් එකේ බලු බල්ලෙක්වත් නෑ...නෑ ඉතින් මේ වැඩ කරන වෙලාව නිසා කවුරුත් ඔය පැත්තට යන්නෙ නෑ...හරිම පාලුයි...පැංචා ඉතින් කොහොමත් ස්පෙශල්නෙ...දන්නෙ නැද්ද ඉතින් ඔහෙ..හේ හේ....

මම ඉතින් පණ්ඩිතයා වගේ සෙසඳුට මගෙ පස්සෙන් එන්න කියලා ඉස්සර උනේ ඌ මෙහෙ තැන් ගැන වැඩිය දන්නෙ නැති නිසා....

"අහ්....."

ටික දුරක් ඇවිදගෙන ගිය මට එකපාරටම ඇහුනෙ මගෙ පිටිපස්සෙන් ආපු සෙසඳු කෑගහන සද්දෙ වෙද්දි මමත් හැදුවෙ පිටිපස්ස බලන්න තමයි..ඒත්,

"කවුද තමු.....ම්හ්ම්....ම්හ්ම්...ම්...හ්...ම්...."

_____________________________________

මට නිදි මතයි ඒ නිසා චැපිය කොටයි😴...සොරි හරිද....ඊලග එක ටිකක් දිගට දෙන්නම්...

ආ අනික...හෙට උදේට උමතු ඇස් දෙන්නම්...

එහෙනම් මම ගියා බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user