Chapter 32: 30 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤Words: 24695

එදා දේවින්දගෙ සිද්ධියෙන් පස්සෙ දවස් හතරක් ගෙවිලා ගියෙ හරි ඉක්මනට...යකාගෙ දවස් ගෙවිල්ලක් තමයි ඒක...ඒ කියලා මොකද අතින් අල්ලන් නතර කරගන්න කියලද...එහෙම පුලුවන් උනානම් මොනවද කරන්න බැරි....හා නැද්ද මම අහන්නෙ...මේ දවස් හතරට විශේෂ දේකට කියලා උනානම් උනේ නිවේන් වස්සාන ඩබල කලින්ට වඩා ටිකක් close උන එක විතරයි....වස්සානටත් වඩා නිවේන්ටයි ඕනකම තිබ්බෙ...වෙන මොකටද ඉතින් හේතු හොය හොය කතාවට පැටලෙන්න මිසක්...ඇයි එදා යස අගේට කීවේ මම දැන් තාප්පයට කැමති කියලා....කාලය මැව් වෙනසක අරුමේ කිව්වලු....එක අතකට කමක් නෑ...නෑ ඉතින් ඔය ලව් එකත් සෙට් වෙන දවසක් තියෙන්න එපැයි...අහ්...කියන්න අමතක උනානේ...එදා දේවින්දගෙ සිද්ධිය උන වෙලේම රෑ එක්කෙනෙක්නම් කන පුරවලම බැනුම් අහගත්තා...වෙන කවුද ඉතින් අපේ සෙසඳු කොල්ලා මිසක්....ඒ බැන්නෙත් ශෙනුල්ම උන එක හොදට ගියා...වස්සාන එදා රෑ කෑම මේසෙදි උන හැමදෙයක්ම ශෙනුල් එක්ක කීවේ සෙසඳුට බැනුම් අහන තැනට වැඩත් සිද්ධ කරලමයි....නිවේන්ට උන කරදරේ ඇහුවා විතරයි ශෙනුල් හරියට නිකන් යකෙක් ආවේශ වෙලා වගේ සෙසඳුට බැන්නෙ...උබ යාලුවා වෙලත් මොකටද මූව තනියම දාලා ආවේ, මොනවා හරි උනානම් තමුසෙ වගකීම බාරගන්නවද, මොලයක් කියලා එකක් නැද්ද , ඔන්න ඔය වචන ටික විතරමයි ශෙනුල්ගෙ කටේ තිබ්බෙ....ඔය ඇහුවත් හරි සෙසඳුගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි තරමෙ වරදකාරී හැගීමක් වෙනකොට කොල්ලා කරේ අඩාගෙනම කාමරේට දුවපු එක...නිවේන් කියන්නෙම සෙසඳුගෙ පන වගේ කෙනෙක් වෙද්දි එහෙම නොවුනොත් තමයි පුදුම...සෙසඳු යනවත් එක්කම නිවේනුත් හැදුවෙ එතනින් නැගිටලා යන්න තමයි..හැබැයි ශෙනුල් කරේ නිවේන්ව යන මගම නතරකරගත්ත එක...ඒ කරලා ශෙනුල් අඩියට දෙකට සෙසඳු ලග...පුදූම ලව් එකක් තමයි ඒක...ඇයි බං ඌම අඩවලා ඌම සනසන්න යනවා....විකාර...අපරාදේ කියන්න බෑ ඔය යාලු කරගන්න ගිය පාර ශෙනුල්ට උනේ නියපොතු පාරවල්වලට අහුවෙන්න...වෙන කාගෙද ඉතින් එයාගෙම පොඩ්ඩගෙ මිසක්...ආයෙ නෑ සෙසඳු කරේ තරහ නිවෙනකන්ම ශෙනුල්ව පතුරු ගහපු එක....බලන්නම වටින දර්ශනයක් ඒක...කොහොම කොහොම හරි ඒ යක් පැටියවත් යාලුකරන් අර ඩබල දැන් ලගින් ආශ්‍රය කරන එකට හිතත් සතුටු කරන් අදට දවස් හතරක්ම ගෙවිලා ගිහින්...

සෙසඳු කරේ එදා රෑ තමන්ට බැනපු තරහට අද වෙනකල්ම ශෙනුල්ගෙ පලිගත්ත එක....පලිගත්තා කීවට මූ ඒකෙනුත් කරේ තමන්ට අලාභහානි කරගත්ත එකම තමයි...නෑ මෙහෙමනෙ...මතකද එදා නිවේන් මේ ඩබල ගැන චරිත සහතිකයක් දුන්නා...අර බිත්තියට තද කරන් අරක කරාය මේක කරාය කියලා....අරූ ඔය ගොත ගගහා නාට්‍යක් වගේ කීවේ මුන් දෙන්නා කිස් කරපු එක ගැනනෙ...උගෙත් බොරු කැටයම්...හරි හරි ඒකෙන් වැඩක් නෑ...ඉන්නකො කතාව කියනකන්....එදා කිස් එකෙන් පස්සෙ සෙසඳු ඒකට addict උනේ එයාටවත් හිතාගන්න බැරි විදිහට.....ආදරේ කරන කෙනාගෙන් ලැබෙන ඔය වගේ දේකට කවුරු උනත් ඇබ්බැහි වෙන එක සාධාරණයි....හැබැයි එදා රණ්ඩුවෙන් පස්සෙ සෙසඳු කරේ ශෙනුල්ගෙන් පලිගන්න හිතන් එහෙම කිසිම දෙයක් නොකර ඉන්න වගබලාගත්ත එක....ශෙනුල්ට කෙසේ වෙතත්  ඒකෙනුත් ඉන්න බැරි උනේ සෙසඳුට...ශෙනුල්ව දකින දකින ගානේ කොල්ලට තමන්ගෙ හිතම පාලනය නැතුව යන්නෙ හිතාගන්න බැරි විදිහට....ඒ මොනවා උනත් සෙසඳු අද වෙනකන් හරි ඉවසන් හිටියනෙ....

දැන් වෙලාව හවස හයටත් කිට්ටුයි...වැඩ ඉවරවෙලා ආපු ගමන් සෙසඳු කරේ ශෙනුල්ගෙ කාමරේ අස්සට රිංගගත්ත එක...නිවේන් කොහෙද කින්ද මන්ද ඒ මුකුත්ම කොල්ලට වැඩක් නැති ගානයි....ඒ ඇවිතුත් වැඩකට ඇති දෙයක් කරානම් කමක් නෑ...එහෙමත් නෑනේ..ආපු වෙලාවෙ ඉදන් කාමරේ මුල්ලකට වෙන්න ගොඩ ගහලා තිබුණු පෙට්ටි වගයක් බදාගෙන ඒවා අදිනවා....ශෙනුල් දැන් අවුරුදු ගානක් තිස්සෙ වැඩකට නැති දේවල් දාන්නෙ ඔය පෙට්ටි වලට...සෙසඳුත් අර මොකාද එකා වගේ දූවිලිත් නාගෙන ඒකෙ ඇතුලෙ තියන ලට්ට ලොට්ට ඔක්කොම එලියට අදිනවා...ශෙනුල්ට නම් ඒත් කොල්ලව පෙනුනෙ හුරතල් පාටට...ඒකනේ ඔය කන්න වගේ ඇසුත් ලොකු කරන් බලන් ඉන්නෙ...හැබැයි ඉතින් වරදක් කියන්නත් බෑ..පොඩි එකෙක් වගේ බිම ඉදගෙන දූවිලිත් නාගෙන ඒ මදිවට තොලුත් උල් කරන් මේ ඉන්න හැටියට නොබලා ඉන්නෙ කොහොමද...එහෙනම් ඌ ඇස් පේන්නෙ නැති එකෙක් වෙන්න ඕනෙ...

"ඔය ඇති නැද්ද බබා...."

ඕඕඕ ඇහුනා හරි ඇහුනා හරි...ශෙනුල් කීවේ බබා කියලා තමයි...මේ දවස් හතරට මුන් දෙන්නා අතර විශේෂ දේකට කියලා උනානම් උනේ ඒක තමයි...ශෙනුල්ට සෙසඳු බබා...සෙසඳුට ශෙනුල් අයියා....නීයම නම් කියාගැනිල්ලක් තමයි ඒක....සෙසඳු නම් ඔය නමට පුදුම තරම් ලෝබයි...මේ පේනවනෙ ඇහුනා විතරයි ඇසුත් බෝල කරන් ශෙනුල් දිහා බලන් ඉන්න ලස්සන....මූ නම් හුරතල් ලෝකයක්....මේ තරම් කල් ඔය හුරතලේ කොයි ලෝකෙ හැංගිලා තිබුණද කියන්න ශෙනුල්ටත් ප්‍රශනයක්....ඇයි ඉතින් ලගින් ගියොත් ඇහැක් නෑ වගේනෙ හිටියෙ...

"මොකද ඔහොම බලන්නෙ..."

"මුකුත් නෑ අයියෝ...."

"කෝ එන්න මෙහාට..."

"මිහුක්...වඩාගෙන අරන් යනවා නම් හා ඔන්න..."

"උබෙත් මහ කෝලම් බබා..."

"ඇයි නරකද...."

"නෑ නෑ...කවුද නරකයි කීවේ මම ආසම උබ ඇතුලෙ ඉන්න ඔය පොඩි එකාට...ආදරේ හිතෙනවා මන්දිල්..."

"එහෙනම් වඩා...."

පේනවා නේද කපටිකම....ඇසුත් බෝල කරන් අත් දෙකත් දෙපැත්තට කරන් වඩාගන්න කියද්දි නම් නියම පොඩි එකා...ශෙනුලුත් කරේ අඩියට දෙකට සෙසඳු ලගට ගිහින් කොල්ලව වඩාගත්ත එක...

ඔන්න ඒ පාර හුරතල් කරනවා...වෙන කවුද ඉතින් ශෙනුල් මිසක්....

"මේ බලන්නකො දූවිලි නාලා...මොනවද ලමයෝ ඔච්චර ඕවගෙ හොයන්න තිබ්බෙ..."

"අරකි දීපු කුණු තියනවද කියලා බැලුවෙ...."

"කවුරු...."

"ඇයි ඔයාගෙ මහලොකු සදු...."

ඔන්න හරි...හරියට හරි...දැන් ඉතින් කාලා වරෙන්කො....සෙසඳු එහෙම ඇහුවා විතරයි ශෙනුල් කරේ හොරා වගේ අහක බලාගත්ත එක...බයකට නෙවෙයි රණ්ඩු වෙන්න බැරිකමට...මොකද ශෙනුල් උනත් දන්නවා ඔතනින් පටන් ගත්තොත් ආයෙ ඕක ඉවරවෙන්නෙ තමන්ව දහ පාරකට වඩා පන පිටින් මරලා කියන එක...

"ඇයි ඇයි ඔයා ඔය අහක බලන්නෙ....ඒ කියන්නෙ ඒකි දීපුවා අර ජහ ජරා පෙට්ටියේ තියනවා...එහෙමනෙ...."

"අයියෝ නෑ නෑ බබා...අවුරුදු තුනකට කලින් දීපුවා කොහෙද අනේ දැන්..."

"මිහුක්....නැත්තන් කමක් නෑ ඉතින්..."

"ඊරිසියයිද...."

"කාටද මේ මට...අපෝ නෑ..."

"ඇත්තමද...."

"ඕඕඕ...."

ඒ පාර මූණත් රතු කරන් අහක බලාගෙන...

"බබා...."

"මොකෝ...."

"අදවත් මුකුත් නැද්ද...."

"නෑ...."

"අනේ..."

"මට තාම කේන්තියි ඒ නිසා හෙට වෙනකන් මුකුත්ම නෑ...."

"එහෙනම් හෙට බෝනසුත් එක්කම ඕන හරිද..."

"ම්ම්...."

_________________________________________

යෝ....මටනම් බෑ අප්පාවේ...අනේ බලන්නකො ඒයිලා පැංචට උන අකරතැබ්බයක්...කියන්නත් දුකයි...වැඩ ඇරිලා ආපු ගමන් අර සෙසඳුවා මාව කුස්සියට තල්ලු කරානේ...වෙන මොකටද ඉතින් උයන්න මිසක්...උටත් පිස්සු...හැයි අනේ වෙනදටත් මම උයනවෑ කඩෙන් ගෙන්නනවා මිසක්....ඇත්තට ඉතින් පිරිමි හතරක් ඉන්න ගෙදරක මොන ඉවිලද නේද....හනේ දැන් ඒවගෙන් වැඩක් නෑනේ....අර බූරුවා අද උබ උයපන් නිවේන් කියලා අහිංසක මාව කුස්සියට තල්ලු කරලා ශෙනුල් අයියගෙ කාමරේට රිංගගත්තනෙ...හෙන ගහනවා පැංචට කරන මේ අපරාදවලට....ඔයාලා ඔය හිනා වෙනවද...ඈ ඒයිලා ඔයාලා ඔය හිනා වෙනවද....හහ්....හිනාවෙන්න එපා හරිත මෙහෙම හිටියට පැංචට රසට උයන්න පුලුවන්...මිහුක්....ඉස්සර මම අම්මා එක්ක රස රස කෑම ජාති හදනවා....හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ පැංචට හරීයට වැඩ...

මම ඉතින් උයන ගමන් පස්සත් පද්ද පද්ද පොඩි ඩාන්ස් එකක් දැම්මෙ කම්මැලි හිතුන නිසා...අර ගස් ගෙම්බට බැරි උනානේ ඇවිත් මට උදව් කරන්න....වෙන කවුද ඉතින් බොලාලගෙ සෙසඳු කොම්ලා මිසක්...මෙලහට කටවල් කාගන්නවා ඇති...ඊව් ඊව් හරිම ඒසයි අප්පා....අසහනකාරයෝ වගේ....අනේප් ගහපන්කො මට එකක්...හැයි අනේ උයන එක පැත්තක දාලා ඕවා කල්පනා කරලා හරියනවද මම අහන්නෙ....නෑනෙ නෑනෙ...කොහෙද ඉතින් මේ කුඩු කේඩු මොලේ එක්ක මොනවත් කරන්න බෑනේ....

මම කරේ ඔලුවත් දෙපැත්තට ගසන් නූඩ්ල්ස් ටික තැම්බෙන්න තියපු එක....ඕඕ ඕඕ පැංචා අද හදන්නෙ නූඩ්ල්ස් තමයි...හදන්න ලේසිනේ අනේ ඒකයි....මෙන්න මෙහෙම කුඩුකරා වතුර දැම්මා ලිපෙන් තිබ්බා....ටුස් ගාලා ලිප පත්තු කරා...so simple අනේ so simple...එලවලු ටිකත් කපාගත්තනම් වැඩේ ගොඩ....ඔන්න ඔහෙ තව චුට්ටකින් කපනවා අනේ...සූටියට පොඩි මනෝ පාරක් ගැහුවනම් හරි හැබැයි...හේ හේ...

මම ඉතින් මනෝ ගැහුවොත් ගහන්නෙ අපේ තාප්ප බොසා ගැන විතරයි ඕං....නෑ නෑ අනේ වැරදියට හිතන්න එපා...ඒක මේ පොඩි printing mistake එකක්...යෝ යෝ...ඔය ඔය ඉතින් ඔන්න පැංචා wrong side යනවනෙ....ලැජ්ජයි...ලැජ්ජම ලැජ්ජයි...මේ පැංචගෙ ඒස මොලේ තාප්පයට හෙන ලව් අනේ...අනේ ඔන්න මමනම් දන්නෙ නෑ සෙසඳු තමයි කීවේ...නෑ අහන්නකො හරිද ඒයිලා...මම සෙසඳු පඩස්තරයගෙන් ඇහුවා ඇයි එක මනුස්සයෙක් විතරක් දැක්කම පපුව හයියෙන් ගැහෙන්න කියලා...ඕඕ ඕඕ ඔයාලා හිතුවා හරි තමයි අනේ...පැංචගෙ පපුව මේ දවස් තුන හතරට හැටට හැටේ ගැහෙන්න ගත්තනෙ...ඒකත් අර තාප්පයා දකිද්දි...ඒකයි ඉතින් මම සෙසඳුගෙන් ඕක ඇහුවෙ...ඒ උනාට මේ සක්කිලියා ගත් කටටම කියපිනෙ ඔහොම වෙන්නෙ ආදරේ හිතුනම කියලා....අනේප් මට බෑ ඒයිලා මට බෑ....මට ඒ වෙලාවෙ පොලොව පලන් යන්න හිතුනා...හැයි අනේ එහෙමත් වෙන්න පුලුවන්ද...නෑ ඉතින් මම අර යකාට ලව් කරන්න...හුහ්...පිස්සු හැදෙයි සඳ බැබලෙයි කීවලු....වෙලාවට මම සෙසඳුවට ඕක කියද්දි මාව ගෑව්වෙ නෑ...නැත්තන් එහෙම ඉදලා හමාරයි....හැබැයි දැන්නම් මටත් හිතෙනවා ඌ ඒ කියපු කතාව ඇත්තද කියලා...ඇයි අනේ තාප්පයව දැක්කම මගෙ ඇගම ගැහෙනවා වගේ වෙනවනෙ...ඊට හපන් මගෙ බඩ....ඌ නිකන් හතරවෙනි ලෝක යුද්ධෙ පටන් අරන් වගේ...එහෙට ඇබරෙනවා මෙහෙට ඇබරෙනවා...හරිම ඒසයි අප්පා හරිම ඒසයි...ඔන්න ඔහෙ ඕන එකක් මට මොකද...තාප්පයත් දැන් ඉස්සර වගේ මට සැර දාන්නෙ නැති ඒකෙ ඌව බැන්දත් පාඩු නෑ....බැදලා මම හදනවා ලමයි දොලහක්...යෝ යෝ කොහොමට තියේද නේද....පොඩි පොඩි තාප්ප පැටව්....හී හී....පැංචත් දැන් හොදටෝම නරක්වෙලා අනේ....බොලාලගෙ තාප්ප....ඌප්ස් නෑ නෑ...එයා දැන් ඔයාලගෙ නෙවෙයි මේ පැංචගෙ හරිත...එන්න එහෙම එපා ඔව්වට....මිහුක්....තාප්ප කොල්ලා කැමති නම් මම අදම එයැයිව බැදගන්නවා....හේ හේ...හිනාවෙන්න එපා අනේ පැංචට විපතක්නෙ වෙලා තියෙන්නෙ...

"ඔය නූඩ්ල්ස් එක කරවෙනවා නිවේන්...."

දෙයියනේ දෙයියනේ ඇවිල්ලා...තාප්ප කොල්ලා ඇවිල්ලා...මම කීවේ මම කීවේ මේ පපුවත් එක්ක මේක කොරන්න බෑ කියලා...මූ නිකන් එලියට පනින්න වගේනෙ ගැහෙන්නෙ...පිස්සු හුත්තා....හෑයියා අනේ නූඩ්ල්ස් එක...අයි අයියෝ ඒක කරවෙලානෙ....හනේ මගෙ කෑම එක....අයියෝ දෙයියනේ මොකක්ද මේ කරපු අපරාදේ....දැන් අපි රෑට කන්නෙ මොනවද...මෙන්න මූ නිසා තමයි ඔක්කොම...වෙන කවුද තාප්පයා මිසක්...ඌ මොකටද උයන අස්සෙත් මගෙ ඔලුවට ආවේ...මේ යකා පාඩුවේ හිටියනම් මේ මුකුත් වෙන්නෙ නෑනේ....එහෙම හිතපු මම කරේ එයාටත් රවලා අහක බලාගත්ත එක....බූරුවා..

"මට රවන්නෙ මොකද බං...."

"මුකුත් නෑ...."

"හරි හරි ඕක හිතන්න එපා මම කලින්ම කෑම ඕඩර් කරා...."

ආආආආ...මොකක්ද මොකක්ද මූ ඒ කීවේ...මෙච්චර මේ පැංචා උයනවා කියලා දැන දැන කලින්ම කෑම ඕඩර් කරාලු...හරි හරි ඉතින් කෑම එක පිච්චුනා තමයි ඒත් එහෙමයි කියලා මෙයා මොකටද කලින්ම කෑම ඕඩ කරේ...යාආආආආආ මට කේන්තියි අයියෝ...දෙවනි වතාවටත් අති සාර්ථක ලෙස තාප්පයට රවපු මම කරේ අතේ තිබුණ හැන්ද සින්ක් එක දිහාවට විසික් කරපු එක....හුහ්...මම නම් දැන් මුට බය නෑ...ඒ උනාට මූ නම් මට බයයි...එදා දේවින්ද කාරයගෙ සිද්ධියෙන් පස්සෙ මෙයැයි මාත් එක්ක සෑහෙන්න fit උනා...office එකේදිත් මාව කොහේටවත් යවන්නෙ නෑ....ඒ නිසා මම දැන් මේ යකාව බයකරන් ඉන්නෙ...ආදරේට අනේ ආදරේට....ඌප්ස් සොරි සොරි අනේ ඒක මේ නිකමට වගේ කියවුනේ...හිතන්න එපා හරිද ඒයිලා...හී හී...

"ඒ පාර මොකද...."

"මම උයනවා කියලා දැන දැන තමුසෙ මොකටද කලින්ම කෑම ඕඩර් කරේ..."

"බඩ යයි කියන බයට..."

ආආආ...දැක්කද...දැක්කද ඒයිලා මූ කියපු අමන කතාව...බඩ යයි කියලා බයටලු...බඩ නෙවෙයි යවනවා තොට මං....හිටපන්කො කරන්න හොද වැඩක්....

"අහ්...."

"හොද වැඩේ බූරුවට...."

"තමුසෙ මට අහුවෙන්න නම් එපා නිවේන්..ආව් බොල මගෙ පස්සත් මොකක්ද උනා..."

මරු ශොට් එක....ආවා මෙතන මට විහිලු කරන්න...මම කරේ තාප්පයගෙ පස්සට හොදවගෙන්ම පයින් පාරක් ගහලා කාමරේට දුවන් ආපු එක...මොනවා නැතත් මරු පස්ස ඈ....හේ හේ...

__________________________________

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

බොහෝ දුරට ඊලග චැප්ටර් එකේ මේ ඩබලත් සෙට්වෙයි..😁

@Diyana_45 🖊mention a user