Back
/ 51
Chapter 8

...අටවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"මට අදත් යන්න වෙනවා. දවස් ගානකට පස්සෙ. අදනම් කිසිම හොඳ හැඟීමක් හිතට දැනෙන්නෙ නෑ.. රුහාන් පරිස්සමට ඉඳීනේද? මට එයාගෙ මූණ බලන්න ඕන උනා වගේම කවදාවත් නැතුව එයාගෙ ෆොටෝ එකක් ගහගත්තා.එච්චර ලොකුවට මට මේ ගැන හොඳක් දැනෙන්නෙ නැහැ. වැඩේ කරගන්න ඕන අද නම් බයයි රුහාන් මං එනකල් පරිස්සමට ඉඳීද කියලා.."

.

.

"මම ලංකාවට යනවා. මගෙ හිතට හොඳ නෑ. මෙහෙ ආව වැඩේ මං සාර්ථකව කරගත්තා. මට එයාව පාර්කනුම්."

.

.

"යෙන්න කඩවුල් මෙහෙම කරන්නෙ... එයා මාව දාලා ගිහින්. මං එද්දි මුළු ගෙදරම ගිනිබත් වෙලා. අම්මගෙයි එයාගෙයි බොඩීස් ගත්තා. අනා යෙනක්කු රොම්බ සන්දේගම්. ඉදු අවර් ඉල්ලේ.. මට එයාව අඳුරගන්න බැරි නෑ."

.

.

මම ඩයරිය වහලා පැත්තකින් තිබ්බා.. දැන් මං කාලයක් තිස්සෙ මේක කියවනව. මෙහාට ඇවිල්ලත් දැන් සති කීපයක් ගතවෙලා. ඇත්තටම මට එදා සිද්ධියෙන් පස්සෙ ආයෙ අර බයවෙන හැඟීම ආවෙ නෑ. මං හිතන්නෙ එක්කො බෙහෙත් වලට වෙන්න බෑ. අනිවාරෙන් මං දන්නවා. මට හම්බුනා මගෙ කලබලකාරී වෙලාව ගත කරන්න මගෙ චිකූව. අද එයත් ගෙදර නෑ. මං කිව්වෙ රුද්‍ර ගැන. අද නෙමෙයි ඊයෙ ඉඳන්ම නෑ. මට පාළු හිතිලා ඉන්නෙ හොඳටම. ම්හුක්

"පාපා.. අද අන්න උංගල් රුද්‍ර වරේන්"

"නෙජමා මා?"

"ආමා නා එදක්කු පොයි සොල්ගිරේන්?"

අම්මා කාමරේට ඇවිත් ඇඳ උඩ ඉඳපු මගෙ ඔලුව අතගාන්න ගත්තා. වගේම මට ඇහුනා ටිකක් වෙලා යද්දි ගේ ඉස්සරහා එයාලගෙ ජීප් නවත්තනවා.

"අන්න ආවා.."

"අයියෝ දුවන්ඩ එපා පාපා...හිමින් පෝංග."

අම්ම කෑගහද්දි මම ඩ්බල් එකේ පහලට දිව්වා. එයා දන්නෑනෙ මේ දවස් දෙකට මට එයාව කොච්චර මගෑරුනද කියලා. සමහරවිට මං එයා එනකල් මග බලන් ඉන්න ඇති. ඇත්තටම ම්ං ඊයෙ රෑත් ගොඩක් රෑ වෙනකල් ජනේලෙ ගාවින් පුටුවක් තියන් එයා එනකල් බලන් හිටියා එයා ඒවි කියලා. ඉතින් එයා ආවම මට දැනෙන සතුට විස්තර කරන්න බැරුවගියා. මං ඉතින් පුරුදු පරිදිම කඩාන බිඳගෙන එයා එන පාරට දුවන් ගියත් මං පඩිපෙළ ගාවදිනැවතුනා. ඇයි මං මේ එයා බලන්න දුවන්නෙ.. මට ලැජ්ජ හිතුන. නෑ ඕන්නෑ මං මෙතන ඉඳන් බලන් ඉන්නව. මං පඩිපෙළගාව බිත්තිය ගාව නැවතිල එබිල බැලුව. එයා එනවා...මංදාරම් කතාවේ..

"මා... නී එංගේ?"

එයා ආවා. උඩට එයිද අනේ එපානෙ. එයා කට්ටිය එක්ක කතා කරන්න ගත්තා වගේම මිත්‍රනුත් ඇතුළට ආවා.. එයත් එක්ක මොනවද ටිකක් තදින් කතා කරන රුද්‍ර දිහා මං බලන් හිටියා. එයාට තරහා ගිහින්ද? ඒ මනුස්සයා හරිම කඩවසම් අනේ. මං එයා දිහා බලන් ඉද්දිම එයා එකපාට්ට පිටිපස්ස හැරුනා. අම්මො වෙලාවට මං ඉක්මනට බිත්තියට කවර් වෙලා හැංගුනා. දැක්ක නම් එහෙම නම්බුව බල්ලට යනවා. ටිකක් වෙලා කතා කර කර ඉඳපු එයාලගෙ සද්දෙ නැති වෙනකොට මං හිමීට බිත්තිය අස්සෙන් ඔලුව දැම්මා.. ඒත් එක්කම මං දැක්කෙ මගෙ ඉස්සරහා හිටගෙන ඉන්න එයාව වෙද්දි මට උන් හිටි තැන් පවා අමතක වෙලා මං තියන් ඉඳපු අඩිය ලෙස්සලා ගියා.. ඒත් එක්කම පුරුදු විදියට මගෙ නිහඬ ආදරවන්තයා..මගෙ රුද්‍ර...වෙනදා වගේම මගෙ ඉන වටේ අතක් යවල එයාගෙ ඇඟට මාව තද ලරන් අල්ලගත්තා

"යෙන්න පන්රේන් ම්ම්.. පරිස්සමට. ආනා හොරෙන් ඔත්තු බලන එක නම් හොඳ නෑ යෙන් කාදල්"

ඔව් එයා ඒක නොකියා කිව්වා. ආදරෙයි කියලා නොකියා කිව්වා "යෙන් කාදල්" මගෙ ආදරේ? ඔව් ඒක් අතමයි තේරුම අනේ මාව රතු වෙලා ගියා මගෙ මූණට ලේ පිරීගෙන එද්දි මං ඉක්මන්ට මූණ පාතට කරගත්තා..

"යෙන්න? එදක්කු මං ඔත්තු බලන්නේ? මම පඩිපෙළ බහින්න එන ගමන් හිටියෙ."

මං ගස්සලා අහක බලාගද්දි එයා ඇස් හීනි කරලා මං දිහා බැලුවා. "පණ්ඩිතයි.." එයා හිමීට තොල් හොලවද්දි මම එයාටත් ගස්සගෙන කුස්සියට ගියෙ අම්මත් හිනා වෙවී පල්ලෙහාට බහිද්දි

ලැජ්ජාවෙ බෑ

.

.

.

මං හිටියෙ කුස්සියේ. අම්මා උයනවා. හැමදේම අතට පයට කරගත්ත මට ඉතින් උයන එක පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් අමාරුයි. අමාරුයි කියන්නෙ මම දන්නෙවත් නෑ. ගෑස් එක ගහල වතුර තියාගන්න විතරයි පුලුවන්.. මං අම්මා උයද්දි පැන්ට්‍රි එක උඩ ඉඳගෙන අම්මා අනලා තිබ්බ පිටි එකෙන් පොඩ්ඩ පොඩ්ඩ කෑවා වෙද්දි මං ඊගාවට කටේ ඔබාගන්න ලෑස්ති වෙලා ඉඳපු පුංචි මගේ පිටි ගුලිය පියෑඹුවා.

"මොන හු#"

"කුණුහර්ප කිව්වොත් කට පොඩි කරනවා"

මට ඇහුනෙ එයාගෙ කටහඬ වගේම මං බෙල්ල කරකෝලා බලද්දි ඒ හිටියෙ එයා.. එයා මගෙ එහාපැත්තෙන් හිටගෙන හිටියා. හරි වැඩක්නෙ යකූ මං කුණුහර්ප කියන්නෙ මගෙ කටින්. ම්හුක් කන්න දෙන නිසාද දන්නෑ මගුල. අප්පාගෙ සල්ලි මගෙ අකව්න්ට් එකේ නිසා මට ඕන විදියට ඒවා පාවිච්චි කරන්න පුළුවන් එකේ මං ගෙයක් අරන් තනියම ජීවත්වෙනවා..එතකොට කුණුහර්පයක් කියාගෙන ආතල් එකේ ඉන්නවා. මං මොකටද ආදරෙයි කියල එක එක්කෙනාට කියල කටපොඩි කරගන්නෙ මගෙ කට කොහොමත් පොඩීනෙ. තව පොඩිකරොත් කන්නවත් කටක් නැතිවෙනවා...

"කෝ තරහද?"

"තරහ වෙන්නම කෙනානෙ මෙයා"

මං ඇස් දෙක රෝල් කරල එයාගෙන් එහාට ලිස්සිලා ගියා...ඌයියා ඔලුව වැදුන. මං ඔලුව උස්සල බැලුවත් මං දැක්කෙ පැන්ට්‍රිය උඩින් එයාගෙ අත වෙද්දි මටතේරුනා.. අනේ එයා හරි කෙයාරින්. ආදරේ හිතෙනවනෙ අප්පා.

"එන්න.."

එයා මාව එක්කන් ගියා.. අනේ ඒත් අම්මගෙ පිටිගුලි කාල ඉවර නෑනෙ මං. ඒවා හරි රසයි අප්ප.

''අම්මා?"

"ඇයි අම්මත් ඕනද?

"ම්හු"

මං නෑ කියන්න ඔලුවදෙපැත්තට වැනුවා. මල්ලි පිශ්ශෙක් වගේ මල්ලි පිශ්ශෙක්.. එයා මාව ඇදගෙන පහල කාමරේකට ආවා.. ස්ටෝර් රූම් එකක්. මේකට ඇයි ආවෙ.. හානේ අතවර කරන්නවත් යනවද?

"ඔයා ඇ-"

"අණ්ණා.. කෙල්ලෙක් පැනල යන්න හැදුවා. මගෙ අතින් වෙඩි වැදුන.''

ඇතුළට ආවෙ මිත්‍රන් වෙද්දි මං එතනම ගල් ගැහුනා.. මොකද්ද මට ඒ ඇහුනෙ.. කෙල්ලෙක්...?? ඒත් අනේ මෙයා එච්චර නරක දේවල්? අනේ...

"මරපන්"

එයා කිව්ව එකෙන් මගෙ සිහිය ඇත්තටම විකල් උනා.. එතකොට මෙයා සාමාන්‍ය රව්ඩි කෙනෙක් නෙමෙයිද.. අනේ මටනං එක මොහොතක් මේ මිනිහට ආදරේ කරන්න ඕන නෑ... ඒත් මං ආදරේ කරන්න අරන් නෙ දෙයියනෙ.. මිත්‍රන් යන්න ගියා වෙද්දි එයත් මොන මොනවද වගයක් ඇද්දා.. අනේ ඒ තිබ්බ දේවල් දැකල මගෙ ඇස් වලට කඳුළු පිරෙන්න මහ වෙලාවක් ගියෙ නෑ...

මේ මනුස්සයා ගැන තරහක් ඇති වෙන වෙලාවකට ඇයි දෙයියනෙ මට නිදහසේ තරහගන්නවත් දෙන්නෙ නැත්තෙ... ඇයි....

_______________________________

අදත් චුට්ටයි.. සමාවෙන්න මං ඊයෙ රෑ දෙන්න හිටියෙ.. අනේ ඒත් අඬ අඬම නින්ද ගිහින්නෙ මට. ඔන්න චුට්ටක් දුන්න ආයම එපියක් අරන් එන්නම්..🥺

පරිස්සමෙන් ඉන්නලා...

Share This Chapter