Back
/ 51
Chapter 6

...හයවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මට ඇහැරුනා. වෙලාවක් නොදන්නවා උනත් ජනෙල් තිර වැහිලා තියෙද්දි මට දැනුනෙ රෑ වගේ. මං දන්නව මං ඉන්නෙ ලංකාවෙ රුද්‍රගෙ ගෙදර. තාමත් අර මත් වෙන සුවඳ එද්දි මං ඒකට ඉව කරන් හිටියා වගේම මං ඇඳෙන් නැගිටල ගිහින් මූණකට හෝදන් ඇඳුමක් දාගත්තා වගේම අත පරිස්සං කරගත්තා. අර ඩොක්ට අයියා කිව්වනෙ අත කපන්න වෙයි කියලා මට බය හිතුන.

මම දොරත් ඇරන් පල්ලෙහට ගියා. ගේ ඇතුළෙ කවුරුත්ම නෑ. මම කුස්සිය හොයාගෙන ගිහින් ඒකට එබුනා. අම්මා ඉන්නවා. මොනවා හරි උයනවා. මාව අම්මා දැක්කා. අතකුත් කඩාගෙන එබිලා ඉන්න මාව දැක්කම හිඟන පැටියෙක් මතක් වෙන්න ඇති අම්මාට..

"යෙන්න පා.. කුට්ටී.. අවදි උනාද?"

"ආමා මා"

"සිට් කුට්ටී. පාල් වේනුමා?"

මං ඔලුව වැනුවා... අම්මා කිරි එකක් ලිපේ තියල මං ගාවට ඇවිත් ඉඳගත්තා වගේම මගෙ ඔලුව උරේකට හේත්තු කරන් අතගෑවා. අනේ මට මගෙ අම්මා මතක් වෙනවා. අම්මා මං එක්ක කතා කරන්න ගත්තා.

"කුට්ටි මගෙ රුද්‍ර කුට්ටිට කැමති නෑද කුට්ටි?"

අම්ම ඇහුව ප්‍රශ්නෙන් මාව හොල්මන් වෙලා ගියා.. මම? රුද්‍රට.. අනේ ඔව්නෙ අම්මා එයානෙ මගෙ අප්පා මැරුවේ.. මං හිතුවා. ඒත් මං ඒ අම්ම ගාවම ඉඳලා අම්මගේම පුතාට වෛර කරනව කියද්දි අම්මට මොනව හිතෙයිද? මං හිතුවා...

"කුට්ටී ඒකා ගැන එහෙම හිතන්න එපා කුට්ටී.."

"යෙන්න මා? කොහොමද හිතන්නෙපා කියන්නෙ?"

"මං දන්නවා කුට්ටී. අනෙ මට රුද්‍ර කිව්වා සේරම. දන්නවද පොඩ්ඩෝ...

අවුරුදු හතකට පෙර..

"මා... යාර මා අර ඇවිත් ඉන්නෙ එහා ගෙදරට?"

"දන්නෑ කුට්ටී යෙන්න ප්‍රච්චනේ?"

"ඔන්නුම් ඉල්ලෙයි අම්මා. නා වරේන්"

"ඔය අදත් යන්නෙ මරාගන්නද කුට්ටි?"

"මා උල්ලේ පෝ.. නා වරේන් ම්ම්"

......................

"මා...මේක අර එහා ගෙදර ඉන්න කුට්ටිට දෙන්න මා?"

රුද්‍ර දික් කලේ චොක්ලට් එකක්.

"යෙන්න කුට්ටි. අදිසියේම මොක තමා වෙලා තීනවා.."

"මා...ඒ කුට්ටි පාවුම් මා.. රොම්බ දුප්පත් මා"

"යෙන්න මේ සිම්පති ආ?"

"පෝ මා..."

අම්මා එහා පැත්තේ ගෙදරට ගිහින් පොඩි කොල්ලට කතා කරා...

"රුහාන් කුට්ටී....වාංග පා.."

"ඇ-යෙ-යෙන්න..අත්තෛ?"

අම්මා ඔහුගෙ අතේ චොක්ලට් එක තියලා තව ටිකක් වෙලා කතා කර කර ඉන්න දිහා වගේම චොක්ලට් එක දැකල ඇස් දිළිසෙන ඒ පුංචි අවුරුදු දාසයක කොල්ලා දිහා රුද්‍ර බලන් හිටියෙ මූනෙ ඇඳුන පෙනෙන නොපෙනෙන තරමට හිනාවකින් මූණ වහන්...

.....................................

"මා.. යෙන්න මා එහා ගෙදර කු-කුට්ටි එංගේ අම්මා? යෙන්න ඒ ගෙදර ගිනි අරන් අම්මා?"

පුරුදු විදියටම හවස ගෙදර ආව රුද්‍ර දැක්කෙ එහා ගෙදර අවුරුදු දාසයේ ඒ රුද්‍රගෙ හිත ගත්ත පුංචි කොල්ලා ඉඳපු ඒ පොඩි ගෙදර, ගිනි අරන් තියනව වෙද්දි රුද්‍රගෙ කකුල් පවා අඩපණ වෙනවා...

"අඩන්න එපානෙ කුට්ටි යෙන්න මා? කාදල් කරනවද කුට්ටි? "

"ආමා මා රොම්බ කාදලික්කිරේන් මා.."

ගිනිබත් වූ නිවස දිහා බලමින් කාටත් වඩා කම්පා වෙන්න ඇත්තෙ මේ අවුරුදු විසි තුනක් උන තරුණයා..

..................................

සිදුවීමෙන් අවුරුදු පහකට පසු..

"මා...මගෙ රුහාන් ඉන්නවලු මා..ඉන්දියාවේ අප්පා ගාව ඉන්නවලු මා.."

අඩු වයසින්ම කෝටිපතියකු වූ, රන් පතල් ගනනාවකම අයිතිකරු වූ... රුද්‍ර..තමන්ගෙ අවුරුදු ගනනක ඒකපාර්ශවික ආදරවන්තයා ජීවත් වෙන බව දැනගෙන ඉන්දියාවට ගමන් කිරීමට සියලු දේ ලෑස්ති කරගන්නේ ඔහුගෙ පියාට කතා කර රුහාන්ව තම ගාවට ගැනීමටයි. නමුත් නොසිතූ විදියට එදින රුහාන්ගෙ ගෙදරට රුහාන්ගෙ පියාගෙ සතුරන් එනවා. ඒ අයගෙ ප්‍රධානියා රුහාන්ගෙ තාත්තගේ සල්ලි නිසා රුහාන්ව මැරි කරන්නයි හදන්නෙ. ඒක රුහාන්වත් දන්නෙ නෑ. ඉතින් අම්මා තදින්ම අකමැති වෙනකොට එයාලා රුහාන්ගෙ තාත්තව මරලා රුහාන්ව අරන් යන්න සූදානම් වෙද්දි හැමදේම දැනගෙන හදිස්සියේම රුද්‍ර එහෙට එනවා වගේම එතකොටත් රුහාන්ගෙ තාත්තා අවසන් ගමන් ගිහින් වගේම රුද්‍රට කරන්න පුළුවන් එකම දේ වෙන්නෙ රුහාන්වත් අරන් ලංකාවට එන එක ..

............................................................

වර්තමානයට..

"මම කුට්ටිට කිව්වෙ හරීම කොංජම් තමා. වාංග කුට්ටි. යෙන්න සන්දේග කරනව නම් මං රුද්‍රගෙ දිනපොත් දෙන්නම්. වාංග"

"අනේ මා නා නම්බික්කිරේන්. යෙන්න මා.. ආනා යෙනක්කු අන්ද පොත් වේනුම් මා.. එනක්කු තෙරියාද මා.. මට එතකොට දාසයක් ඇති.. මට අම්මා මතකයි මා"

අම්මා මාව රුද්‍රගෙ කාමරේට එක්කන් ගියා. ලොකු ඇඳක් කණ්ණාඩි මෙසයක් වගේම අල්මාරියක් විතරක් තිබ්බ ඒ කාමරේ මහ දේවල් නොතිබ්බා.. අනේ යෙන්නේ මනිච්චිරිංග අන්නා... මං හිතෙන් සිය දහස් වාරයක් හිතුවා වෙද්දි මට එක පැත්තකින් හිත රිද්දල සමාව අරන් වැඩක්ද හිතුණා. අනේ මට මතක් උනේ ඉස්සර මට චොක්ලට් දීලා හරි ලස්සනට හිනා වෙලා මං දිහා බලන් ඉන්න එයාගෙ මූණ වෙද්දි අම්මා කණ්ණාඩි මේසෙ ලාච්චුවකින් මට පොත් කීපයක් අරන් දුන්නා.. මගෙ හීතට බරයි. මමත් එතකොට දැන් එයාට ආදරේ කරන්න ඕනද.. මං හිමීට පිටුවක් දෙකක් පෙරලද්දි මම දැක්කෙ ඒ හැම පොතක් ඉස්සරහම ලියලා තිබ්බ වචන කීපයක්..

නුඹ විතරමයි හිත නුඹටමයි...-ආදරෙයි මං ආදරෙයි...

:

:

:

:

"අයියයියෝ සාමී.. යෙන්න මේ.. මෙච්චර කුරුවිලා කොහෙන්ද මෙහාට ආවෙ?"

මං හිටියෙ රුද්‍රගෙ පොත කියවන ගමන් වෙද්දි එකපාරට ඇහුනෙ අම්මා කෑගහනව.. කුරුල්ලෝ? මොන කුරුල්ලොද? අතේ අමාරුව පැත්තකට දාලා පොත් ටිකත් කොට්ටෙ අස්සෙ ගහලා මම ඉක්මනට පල්ලෙහට දිව්වා... පඩිපෙලේ අන්තිම අඩිය බහිද්දි මාව ලිස්සුව. මං ඇස් වහගත්තෙ අද නං හරි මගෙ අතකුත් කපලා බෙහෙත් දාන්න වෙන කියල හිතෙද්දි උනත් මාව බිම වැටෙනව මට දැනුනෙ නෑ. ඒ වෙනුවට මට දැනුනෙ ශක්තිමත් අතක් මගෙ ඉණ වටේ එතිලා තියෙනව වෙද්දි මං ඇස් ඇරියා මං දන්නව.. මේ එයා.. මං සුවඳ අඳුරනවා. එයා මාව පළවෙනියටම ඇල්ලුවෙත් මෙහෙම ඉණෙන්.. මං වැටෙන්න යනකොට.. මං ඇස් ඇරියා. ඒ මූණ තරහෙන් පිරිල වෙද්දි මං එහාට උනා වගේම එයත් මගෙ ඉණ අතෑරියා..

"පරිස්සම් වෙන්න දන්නැද්ද ආ? ආය පඩිපෙළේ දිව්වොත් එහෙම කකුල් අත් දෙකට හයි කරල අත් කකුල් දෙකට හයි කරනවා."

මං එයා බනිද්දි එයාගෙ හෙලවෙන තොල් දිහා වගේම නපුරු වෙලා තියෙන ඇස් දිහා බැලුවා..අනේ රත්තරන් අවුරුදු කීයක් මට තනියෙන් ආදරේ කරලද ඔයා... එතකොටම මං දැක්කෙ ටිකක් ලොකු කූඩුවක දාලා එයාගෙ අතේ ඉඳපු සුදු පරවියා වෙද්දි අනේ මට එයාව අල්ලන්න ආස හිතුනා. මං දන්නවා. ඔය කුරුල්ලෝ පුරවන්න ඇත්තෙ හේතුවක් ඇතුව... මට මතක් උනේ ඊයෙ සිද්ඩිය..

........

"බල්ලොද පූසොද කුරුල්ලොද?"

"ම්ම්ම් කුරුල්ලො"

...........

"වාංග"

එයා මගෙ තුවාල නැති අතින් අල්ලල එලියට එක්කන් ගියා... දෙයියනේ පරයියො විමානයයි.. මට හිනා ගියා. එයාගෙ කොණ්ඩෙ රැඳිලා තිබ්බ සුදුපාට පරයි පිහාට්ට අයින් කරපු මම ආයෙ වත්ත දිහා බැලුවා වෙද්දි වැඩට ඉන්න කෙනා දාපු වී උන් ඇහිදිනවා.

"මෙයා හීලෑ. ඔයාගෙ තනියෙට."

හරිම හීන් හිනාවක් මූණෙ ඇඳගත්ත එයා කිව්වෙ අතේ ඉඳපු පරෙයියා පෙන්නලා. ඒ හිනාව හිනාවක් කියන්නත් බෑ. අනේ මංදා ඒක ඒ තරම් සිහින්. මේ මනුස්සයට මං ආදරේ කරලත් කොහොමද දෙයියනේ මේ ණය පියවන්නෙ?

.....................................

හායි අදත් ආවා.

බලන්නකො නේද ඒකෙත් හැටි හරිම අගෙයි රුද්‍ර මෝඩයා

මං ගිහින් එන්නම්

මං ආසයි මේකට අනේ..

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ

Share This Chapter