Back
/ 51
Chapter 51

පනස්වෙනි පරිච්ඡේදය(The End🥰💗🍃)

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

After 26 years....

"අම්මීඊඊඊඊඊහ් මේ මල්ලි ඉන්න දෙන්නෙ නෑනේ....ඌයීහ් අතෑරපිය කිඹුලෝ..."

අයිශූ වෛශ්නවී රාව් - 20

"අම්මී මං නම් නෙමෙයි අනික් එක්කෙනා. කිඹුලා කියන්න එපා ඕයි"

රදීශ් රාම්චාරන් රාව් - 19

"ඕයී ඕයී.. අම්මෙ මූ බොරු කියන්නෙ මම නෙමේ...අම්මීඊඊඊඊ මගෙ සපත්තුවක් නෑනෙ. ම

අයියා තමා හොරා"

අදීශ් රාම්චාරන් රාව් 19

"මං ගත්තේ නෑ හු- සොරි අදීශ්"

තියාශ් රාගව් රාව්-22

"දෙයියනෙ දරුවො.. අම්මිට එහෙට මෙහෙට දුවලම පන නෑ.."

මං කකුල් දෙකට බර නොදී කිචන් එකේ පැන්ට්‍රි එකට අත් දෙක තියලා හේත්තු උනා. අවුරුදු දහයෙ පහේ ළමයි වගේ පොරකන මගෙ අවුරුදු විසි දෙකේ දහ අටේ පොඩි පැටව් එක්ක මට බේරෙන්න හම්බෙන්නෙම නෑ... හරිම මහන්සී දෙයියනේ.. හවස හය පහුවෙනවා කියන්නෙ ගෙදර තනිකරම යුධ පිටියක් වෙනවා

"මමා..."

මගෙ ඉන වටේ එතුන අත් දෙකකුයි සීතලම සීතලට කම්මුලේ තද වෙච්ච තොල් දෙකකුයි එක්ක මම ගැස්සිලා ගියත් මම ඒ කටහඬේ අයිතිකාරයව අඳුරගත්තා.. මගෙ සැනසීම

"මමාගෙ වස්තුව ආවද පුතේ"

අත් දෙක අස්සෙම්ම මං ඒ පැත්ත හැරෙද්දි මගෙ නළලට තොල් තද උනා.. මගෙ වස්තුව මේ..

ආධවන් රාහුල් රාව් - 27

මගෙ ලොකු පුතා.. අවුරුදු විසි හතක ලොකු ඉලන්දාරියා මගෙ.. රූපෙන් තනිකර රුද්ගෙ කපාපු පළුව වෙද්දි ගතිගුණත් කිසිම අඩුවක් නැතුව ඒ වගේම පිහිටලා තිබ්බා.. මගෙ පළවෙනිම දරුවා දැන් අවුරුදු විසි හතක් මම පරිස්සමට උස්මහත් කරා..

"මහන්සිද මමා?"

"වොශ් එකක් දාන් එන්න මමාගෙ වස්තුව. තේ එකක් හදන්නම්."

"ම්හ් බෑ... මමාට මහන්සීනෙ ඉඳගන්නකො ගිහින්..."

"ඒත් වස්තුව-"

"ශ්හ්! කියන දේ අහන්න මමා.. කෝ එන්නකො බැයි නං"

ගිහින් ඉඳගන්න කියද්දි මුරණ්ඩු උන මාව ඇදල ගත්ත මගෙ පළවෙනිම දරුවා වෙච්ච රාහුල් මාව අත් යටින් අත් දෙක දාල උස්සලා පැන්ට්‍රි එක උඩ ඉන්දුවා..

"දෙයියනෙ වැටෙයි කොල්ලො"

"අම්මී අර අ-"

"කට වහගන්නව නංගි! තමුසෙලා මමාට ඉන්න දෙන්නෙම නෑ. බලනව ඒ මනුස්සය කොච්චර මහන්සියෙන්ද ඉන්නෙ. එක සැනසීමක් දෙනවද තමුසෙලා. ඒ මනුස්සයට අඩුම ගෙයක් අස් කරන්න උයන්න උදව් කරනවද?"

"දෙයියනෙ රාහුල් මොකද මේ.. ඔයා යන්න අයිශූ... අයියට මොකට හරි තරහ ගිහින්.."

"සොරි අම්මි"

තවත් කේලමක් කියන්න ඇවිත් අයියාගෙන් බැනුම් අහපු මගෙ කෙල්ල සමාව ඉල්ලලා අව්ලෙන් යන්න යද්දි මං රාහුල්ව පපුවට ඇදල තුරුල් කරගත්තා. එයත් පූස් පැටියෙක් වගේ මගෙ පපුවට ගුළි උනේ මීට අවුරුදු විසි ගානකට කලින් පපුව අස්සෙ මූණ ඔබන් හිටියා වගේමයි...

මෙහෙමයි! දරුවන්ට වෙනස් විදියට සලකන්න හොඳ නෑ තමයි.. ඒත් මේ ඉන්නෙ මගෙ පණනෙ දෙයියනෙ.. අනිත් දරුවොයි රාහුල්වයි තිබ්බොත් මම චූට්ටම චුට්ටක් වැඩියෙන් ආදරේ රාහුල්ට.. ඊටපස්සෙ දෙවනියාට. මොකද මේ ගේ ඇතුළෙ ගොඩක් වෙලාවට මගෙ රුද්‍රට පස්සෙ මාව තේරුම් ගත්ත දෙන්නෙක්ට හිටිය නම් ඒ උනේ මගෙ වස්තුවයි මැනිකයි.... පංගු පේරුව හොඳ නෑ තමා. ඒ උනත් ඉතිම් මං කාටත් වැඩි ආදරයක් පෙන්නුවෙ නෑ

"මොකද මගෙ වස්තුව මේ?"

"මමා වැඩ කරන්න වේන්ඩානෙ මමා. පැන්ට්‍රි එකට බර වෙලා ඉද්දි මං බය උනා ලෙඩක්වත් වෙලාද කියලා"

මගෙ පපුවෙ මූණ අතුල්ලන ගමන් මගෙ කොල්ලා කියද්දි මං ඒ හිස් මුදුනට හාද්දක් තිබ්බා. පොඩි දේවල් වලිනුත් ආදරේ දෙන්න එයාටත් හොඳට පුළුවන්. හරියට එයාගෙ අප්පා වගේම...

"නාගෙන එන්නකො වස්තුව මමාගෙ කකුල් රිදෙන්න ගත්තා ඒකයි"

"තවලා දෙන්නද මමා?"

"ඕනෙ නෑනෙ වස්තුව නාගෙන එන්නකො මහන්සිනෙ මගෙ වස්තුවට?"

"නෑ ඉන්නකො"

කියන දේ කනකට නාහපු කොල්ලා මාව එහෙම්ම තියල ගිහින් වතුර එකක් රත් වෙන්න ගහද්දි මං ඇස් කිචන් එකේ දොර ගාවට ගෙනිච්චා...

අපි දිහා ආදරේ පිරුණ ඇස් දෙකක් මේ වෙද්දි බලන් හිටියා.. මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ මනුස්සයා..

"යෙන්න ඔතන?"

මං ඇස් වලින් උණු වතුර අස්සෙ දඟලන රාහුල්ව පෙන්නුවම එයාග්‍ර් මූණෙ හරි ආඩම්බර හිනාවක් ඇඳුනා.. එයා කොහොමත් ඉස්සර ඉඳන් හරි ආඩම්බරයි. ෆුල් සූට් ඇඳලා හිටියට එයාගෙ බෙල්ල ගාවට වෙනකල් තිබ්බ ටැටූ එක ලාවට පේද්දි මාව අවුරුදු ගානක් අතීතෙට ඉබේම ඇදිලා ගියා...

Flashback..

මමත් විශ්වාත් හිටියෙ ඉන්ඩියාවල ඒ කාලෙ.. කැම්පස් එකේ ලෙක්චරර් අපි දෙන්නව එළියට දැම්මා. ඒ කාලෙ මගෙ ඇඟ ඇතුළෙ ඉඳපු දඟකාර කොල්ලා නැති වෙලා ගියෙ මගෙ අප්පාගෙ මරණෙන් පස්සෙ.. මම තාමත් ඒ චරිතෙට ඇවිත් නෑ මං ඒක පිළිගන්නවා...

පොඩි කොල්ලෙක් අපි ගාව වැටෙද්දි මං උත්සහා කලේ එයාව රුද්ලාගෙන් බේරගන්න.. එයා මගෙ ඇස් ඉස්සරහට පලවෙනියටම ආවෙ මාව නෝන්ඩි කරන්..

එයා එදා ඇඳන් හිටියේ කළු ජැකට් එකක් එක්ක මුදු ඉයර් රිංග්ස් කීපයක් වෙද්දි මට මතකයි මං ඉස්සරහා ඉඳපු කොල්ලෙක්ගෙ කර උඩින් අත තියලා එහා.. කරන් එයා මං ඉස්සරහට ආවා

"ම්ම්..කෝ බලන්න කවුද නරක මිනිහා කියල."

ඉස්සරහා ඉඳපු එකා අහකට වෙද්දි මගෙ ඉස්සරහට ඇවිත් හිටගත්තෙ මටත් වඩා දෙගුණයක් විතර ලොකු උස මහත මනුස්සයෙක් වෙද්දි මගෙ ඇස් නළලට ගියා. ඇයි මට හුරුවක් දැනෙන්නෙ. යාර මේ මිනිහා. සාමී එන්න කාපාත්තංග සාමී.. හිත යුද්ධෙක ඉද්දි මං ඒ මනුස්සයගෙ කකුල් දෙකේ ඉඳන් ඔලුවට වෙනකල් බලන් ගියා. කළුපාට ජැකට් එකක් ඇඳල කළුම කළිසමක් ඇඳල කොණ්ඩෙ කූරු අව්ල් වෙන්න හදල මගෙ ඉස්සරහ හිටියෙ මනුස්සයෙක් කියන්න බැරිතරම් කඩවසම් මිනිහෙක්. මං වගේ දෙකක් විතර උනාට මොකද ඒකා පුදුමතරම් කඩවසම්. බෙල්ල ගාවින් පෙණුන ටැටු එක එයාගෙ ඇඟේ ලොකු ටැටූ එකක් තියනව කියල සාක්ශි පෙන්නුව. මං දිහා ඇස් හීන් කරන් ඉඳපු ඒ මනුස්සයා මට කින්ඩි හිනාවක් දැම්මා

"ම්ම් අපෙන් බාගයක්වත් නෑනෙ. දෙකට නවල කටේ ඔබාගන්න පුළුවන්. එහෙමනෙ."

මාව විහිළුවට අරන් ඔක්කොම හිනාවෙද්දි මෙච්චර වෙලා ඒකාගෙ ලස්සන බල බල ඉඳපු මට තරහ ගියා.. මුගෙ හොම්බට අනින්න ඇත්තං.

"ඩේ පෝවෝම් රුහාන් වාංග"

විශ්වා බය වෙලා මගෙ අතින් හෝ ගාලා අදිනකොට මම බය පෙන්නන්නෙ නැතුව එයා දිහා බලන් හිටපු විදිය මං මතක් කරා..

"අසුරන්..අසුරන්ගෙ වේලේ වලට ඩිස්ටර්බ් වෙච්ච කෙනෙක් මේ වෙනකල්ම ජීවත් වෙලා නෑ ම්ම්ම්. ඒ අතින් මේ ඉටි රූපෙ වාසනාවන්තයි... මේ වාත්තු කරල වගේ තියන මූණට මට මුකුත් කරන්න හිතෙන්නෑ.. ඒ අතින් උඹ වාසනාවන්තයි පුංචි එකෝ ම්ම්..අදට සමාව දෙන්නම්. මින් පස්සෙ මගෙ වේලේ වලට ඩිස්ටර්බ් කරොත් උඹගෙ ඔය වාත්තු කරල වගේ තියන මුගම් කුඩුවෙලා යන්නෙ මේ පිටේ තද වෙලා තියන එකෙන් ම්ම්.."

බොරුවට! එයා මාව බය කරා. මාව හොයන් කැම්පස් එක ඇතුළටම ආව එයා මාව බය කලා. මෝඩයා!!

Flashback ends...

අවුරුදු විසි හතකින් නාකි උනත් එයා තාමත් හරි හැන්ඩ්සම්..

දොර ගාව ඉඳන්ම මට ෆ්ලයින් කිස් එකක් එවපු රුද් මං ගාවට ඇවිත් මගෙ ඉන ගාවින් අල්ලන් තොල් වලට පාත් උනා...

"ආදරෙයි!"

"කැහ්ම්"

හැමදාම වගේ හාදුවක් තියල ආදරෙයි කියන්න පුරුදු වෙලා හිටපු එයත් මමත් ගැස්සිලා ගියෙ මගෙ දිහා බලන් පොඩි ඊරිසියාකාරයෙක් පුපුරන ගමන් ඉද්දි...

"ම්ම්.."

රුද් එයාට දික් කරේ වාහනේක යතුරක්..

"ම'සීඩීස් බෙන්ස් latest version ඕන කිව්ව නේද?"

එච්චරයි. මං හිතුවෙ සේරම පෙරළන් දුවයි කියල උනත් රාහුල් ඒක සාක්කුවට දාගත්තා..

"Mama is my first priority Appaa"

කියන ගමන් නටන උණුවතුර එක බාජනේකට දැම්ම රාහුල් ඒකට ලුණු ටිකක් දැම්මා..

"මමා රෙදි කෑල්ලක්?"

"ඕන්නෑ දරුවො මං- හාහ් දෙයියනේ කොල්ලෝ"

බරාස්..

ආපහු නහයෙන් අඬන්න ගියපු මට නහයෙන් අඬන්න ඉඩක් නොතියාම ඇඳන් උන්න ශර්ට් එක ගළවල අරන් ඉරල දාපු රාහුල් හිමින් ඒක පොඟවල උණු පිටිම්ම මගෙ කකුල් හිමින් තවන්න ගත්තෙ රුද් හරි ආඩම්බර හිනාවක් එයාගෙ පළවෙනි පුතාට දෙද්දි.. සේරම නහර කාරයො..

"ක්‍රීස්!"

තවන ගමන් ඉඳපු රාහුල් නැතුව මමයි රුද්‍රයි දෙන්නම ඉස්සරහ දොර දිහා බලද්දි දොර ඇතුළෙන් කුස්සියට දුවන් ආවෙ මගෙ දෙවනියා.. මැනිකක් ඉතින්

"මමා.....ඔයාගෙ චූට්-අහ්ම්..මං කිව්වෙ ඔයාගෙ නිකී ආවා"

ආර්යන් නිඛිලන් රාව් - 25

රුද් දැකල හුරතල් වෙන්න ගිය කොල්ල ශේප් එකේ කටේ සද්දෙ අඩු කරල ඇවිත් මට තුරුල් උනේ රුද් ඉනට අත් දෙක තියාගද්දි.. මගෙ රූපෙ කිසිම අඩුවක් නැතුව තිබ්බෙ මේ ගෙදර දෙන්නෙක්ට විතරයි.. එක්කෙනෙක් අයීශූ.. අනික් එක්කෙනා මේ චන්ඩි පැටියා..

"මමාට මොකෝ අයියෙ?"

"කකුල් රිදෙනවලු නිකී"

"මං උදව් කරන්නද?"

"එපා ඉවරයි"

ඒ දෙන්න අතරෙ සංවාද හරි කෙටියි.. ඒ අස්සෙන් මට ඇහුනෙ ඊරිසියාකාර නාකි පප්පෙක් නහයෙන් අඬනව..

"මගෙ හස්බන්ඩ් මට නෑ. මේක හරිම මගුලක් අප්පා"

තාමත් කකුල් දෙක ගාව දණගහන් ඉන්න රාහුල් නම් ඔළුවක්වත් උස්සන්නෙ නෑ.. අන්තිමට වතුර එක කූල් වෙනකන්ම තවපු කොල්ලා කකුල් දෙකට හාදු තියන් තියන් ගිහින් මූණ කකුල් දෙක අස්සෙ ගහගත්තා..

"මගෙ මමාට පින්"

"අනේ මගෙ දරුවෝ"

ඇඩෙන්න ඔන්න මෙන්න ඉන්න මම කොල්ලව බදාගත්තෙ කොල්ලා නැගිටල හිටගද්දි... මං ඉස්සරහා විතරයි මේ ලොකු කොල්ලො දෙන්නා ආදරේ පෙන්නන්නෙ.

ඉතින් මං ආදරණීය දරුවො හය දෙනෙක්ගෙ ආදරණීයම අම්මා කෙනෙක්.. එතකොට මගෙ ජීවිතේ ලස්සන කරපු මනුස්සයට ආදරණීයම සහකාරයෙක්...

"අපි එළියට ගිහින් කමුද?"

ඒ රුද්‍.. අවධානෙ ඕන වෙලා මගෙ මහත්තයට.. පනස් පහකට හැටකට කිට්ටු වෙන්න එනව හැබැයි මනමාලකමයි ඊරිසියාවයි නං....

"මං ඩිනර් හදන්න හැදුවෙ මමාට අමාරු හින්ද!"

"ම්හ් කැමැත්තක් එහෙනම් ආදි.."

ආයමත් ඒ නම මතක් වෙද්දි මගෙ පපුවෙ හීනියට රිදිල්ලක් ගිහින් නැති උනා... අනේ අණ්ණා එදා මාව බේරගන්න පැන්නෙ නැත්නම් උඹ තාම ජීවත් වෙනවා... මං ගැනම මට කලකිරෙද්දි මම නළල මිරිකගත්තා. මිත්‍රන් කිව්ව එක හරි. මම ගත්ත තීරණයක් නිසා ගොඩක් දේවල් වෙනස් උනා.. දැන් කොහෙට උනාද දන්නෙ නෑ.. ඇති අස්සකට වෙලා.. එයාගෙ මනමාලි හම්බෙලාලුනේ..

"කමක්නෑ එළියට යමු එහෙනම්"

"ම්න්.පැය දෙකෙන් ලෑස්ති වෙන්න."

කොල්ලො දෙන්නා යන්න යද්දි කුස්සියෙ ඉතුරු උනේ මං එක්ක එයා වෙද්දි එළියට යන අපෙ පැටව් දෙන්න දිහා එයා හරි ආදරෙන් බලන් හිටියා..

"දැන්වත් ඉඹින්නද?"

"අනේ ඉන්ඩ අප්පා!"

"දරුවො හය දෙනෙක්ගෙ අම්මා කෙනෙක් උනාට මොකද මගෙ කුට්ටි තාම හරි හුරතල් පාටයි ම්?"

මගෙ මූණ දෝතට ගත්ත රුද් තොල් වලට පාත් වෙලා උඩ තොල එයාගෙ දෙතොල් අතරට ගත්තෙ පැන්ට්‍රියෙ ඉඳපු මාව උස්සලා අරන් බබාලා වඩාගන්නව වගේ කකුල් දෙපැත්තට දම්මලා වඩාගන්න ගමන්... සිනිදුවට හුවමාරු වෙච්ච හාදුව ටිකෙන් ටික රළු වෙද්දි රුද් එයාගෙ දෙතොල් අතරට මගෙ මුළු දෙතොලම ගත්තෙ මං එයාගෙ බෙල්ල වටේ අත් දෙක දාන් එයාට උපරිම සහයෝගය දෙද්දි..

"ම්හ්හ්"

හුස්ම හිරවේගෙන එද්දි එයා හිමීට මගෙන් අයින් වෙලා එයාගෙ දෙතොල් මගෙ කම්මුල වෙනකන් ඇදන් ඇවිත් මාව උස්සන්ම පඩි නැග්ගා.. ළමයි සේරම ලෑස්ති වෙන්න ගිහින්ද කොහෙද.. හදිස්සියනෙ. මම බබෙක් වගේ එල්ලිලා එයා එක්ක කාමරේට ආවෙ එයා දොර වහල ලොක් කරද්දි...

"ගිහින් ලෑස්ති වෙන්න.."

"හ්ම්.. සරි.."

🍃

අපි හැමෝම හිටියේ හොටෙල් එකක.. දකින හැමෝම රුද්ට ඔළුව වනලා හිනා වෙලා යද්දි මට දැනුනෙ හරි සතුටක්.. එයා දැන් ලෝකෙම ආදරේ මනුස්සයෙක්.. ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්... එදයින් පස්සෙ හුඟක් දේවල් වෙනස් වෙලා.. මට හරිම සතුටුයි. මොකද අන්තිමේ මට පුළුවන් උනා එයාව මනුස්සයෙක් කරන්න..

"මමා ආ.."

"මමා.."

"කුට්ටි..."

වෙන කව්ද් ඉතින්.. ආපු වෙලේ ඉඳන් කටු ඇර ඇර මාළු මගෙ ප්ලේට් එකට පුරවන්නෙ මගෙ කොල්ලො දෙන්නයි රුද්‍රයි වෙද්දි බලන් ඉඳපු කිඹුල්ලු දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ උකුලෙන් ඉඳගත්තා..

"අපෝ පුටුවකින් ඉඳගන්නවාකො.. අම්මිට වද දෙන්නෙ"

"අම්මි මගෙනෙ!"

"මගුල.තමා."

ඒ අපෙ කෙල්ල.. හැමෝටම පුරුද්දට ගිහින්.. වෙන මොකුත් නෙමේ එයාලගෙ අම්මිට මරාගන්න එක. මාළු කෑල්ලක කටු අරින ගමන් රුද්‍ර වගේම ඊරිසියාකාර ඇස් දෙකක් මගෙ එහාපැත්තෙන් මගෙ මූණට වැටිල තියෙද්දි මං ඒ ඔළුව අතගාලා නළලට හාද්දක් දුන්නා..

"ඔහ්! මේ අර ඇක්ට්‍රස් නේද?..අයිශූ.. දෙයියනේ එයාගෙ මමා හරි ලස්සනයි. එයා මමා වගේමනේ..?"

හරි.. රුද් ඔන්න පටන්ගත්තා වගේ ඇස් කරකවලා ඒ කොල්ලො දෙන්නට ඔරවද්දි ඒ දෙන්නා කුටු කුටු ගගා යන්න ගියෙ අපි හැමෝටම හිනා යද්දි...

එයා එහෙමයි කොහොමත් පවුලේ අයට එක බැල්මක්වත් වැටෙනවට එයා කැමති නෑ...

කාලා බීලා ඉවර වෙද්දි මං දැක්කෙ හොටෙල් එකේ බැල්කනි එකේ ඉඳන් ලාවට පේන ආදි අණ්ණාගෙ රූපෙ. එයා හිනා වෙනවා එයාට එහාපැත්තෙන් අපි දිහා බලන් හිටියේ එයාගෙ ආදරණීය බිරිඳ..

(AAAA mgy miniha wte ynw😑)

ඉතින් ඒ දෙන්නත් එකෙම එකතු වෙද්දි මට හිතුනා හැම දේම හොඳින් විසඳුනා කියලා.. හැමදේම ඉවර උනයින් පස්සෙ රාජ් මෙහෙන් යන්න ගියෙ හැම මතකයක්ම එයාව රිදවපු හින්දා... මට හැමෝම නැතුව පාලුවක් දැනුනා. ඉස්සර කොච්චර සතුටෙන් හිටියද අපි.. හ්ම්..

කාලා බීලා අපි හැමෝම ගෙදර ආවෙ අද දවසට විරාමයක් ගන්න ලෑස්ති වෙන ගමන්...

"රුද්! මම ආදරෙයි"

"මාත් රොම්බ කාදල් කුට්ටි..!

අන්තිමේ මන් ඉස්සරෝම ප්‍රාර්තනා කරා වගේ දැක්කහම කන් දෙක ඇතුළෙන් ආදරණීය සින්දුවක් ප්ලේවෙන ආදරවන්තයෙක් මම හොයාගත්තා... නෑ එයා මාව හොයන් ආවා..

ජීවිතේ මොන මොන දේවල් වලට මූණ දුන්නත් අපිට අපි හිටියා. අපි අපි ගාව නැවතුනා.. අන්තිමේ අමාරුම කාලෙ පහු කරගන අපි සතුටෙන් ජීවත් වෙනවා

Time skips...

After 18 years...

Rudhra pov...

මම ඔයාට උන පොරොන්දුව ඉශ්ට කරා මගෙ කුට්ටි... මම අන්තිමේ හොඳ මනුස්සයෙක් උනා. පුංචි ආදරණීය කොල්ලෙක් මගෙ ජීවිතේ අඟලෙන් අඟල එළිය කරන්න ගත්තා.. මට අමතක නෑ... ඉතින් මම අපේ පුංචිම පුතාව එයා ආදරේ කරන ගෑනු ළමයට බන්දලා දුන්නා..

එයාලා දෙන්න ගැලපෙනවා නේද?

මමත් එහෙම හිතනවා...

මං ඔයාව බලන්න නාපු හින්දා මං එක්ක තරහෙන් නෙමේ නේද? මම දන්නවා මගෙ කුට්ටි මම එනකල් බලන් ඉන්නවා කියලා..

අන්තිම වගකීමත් ඉශ්ට කරපු හින්දා මම හිතනවා දැන් මට ඔයා හොයන් එන්න කාලෙ හරි කියලා.. එහෙම නේද?

මගෙ අවසන් හුස්ම නැතිවෙන වෙලේ ඔයාට මං ගාව ඉන්න පුළුවන්ද?.. අලුත් ආත්මෙකට එකට අඩිය තියන්න පුළුවන් වේවි නේද?

මමත් ප්‍රාර්තනා කරන්නම් අපි දෙන්නට සැහැල්ලුවෙන් අපෙ ආදරේ ඒ ආත්මෙදී විඳින්න ලැබෙන්න කියලා...

ඩයරිය වහලා දාපු මම ඒක බෙඩ් ටේබල් එකට දාලා මගෙ කුට්ටිගෙ දිනපොත ඒක ඇතුළෙන් ගත්ත.. එයාට කලින් මාව දාලා යන්න වෙන එක ගැන එයා දැනන් ඉඳලා...

දැන් අවුරුදු පහක් මම උඹ නැතුව ජීවත් උනා මදිද කුට්ටි?...මට හුඟක් පාලුයි.. එදා මට තුරුල් වෙන්න ඔයා හිටියා රූහා.. පාළු ඇඳේ මම අද තනියම..

මම ඒ දිනපොතේ අවසානෙටම එයාගෙ අකුරු වලින් ලියවුනු පිටුව පෙරළගන ඇස් වහගත්තේ අවුරුදු පහ පුරාවටම කියවලා කියවලා පාඩම් උන වචන හිතේ ගැඹුරෙන් අදත් තැන්පත් කරගන්න ගමන්.. එයා කිව්ව විදියටම පහුගිය අවුරුදු පහ පුරාවට මම දවසෙන් බාගයක් හිටියෙ එයා යන්න කැමතිම ගහා ගාව.. එතන මම පුංචි ගෙයක් හදලා එයාව මතක් වෙන්න හැමදේම පරිස්සමට අරන් තිබ්බා..

ජීවිතේ කටුක සෘතුවේ මට හයියක් උනාට, මාව රැකගත්තට, පණටත් වඩා ආදරෙයි කියන වචන කීපෙට සර්ව සාධාරණයක් කෙරුව මගේ ආදරණීයම රව්ඩියා වෙත ලියමි..,🤍

මම ඔයාට හුඟාක් ආදරෙයි. හුඟාක් ආදරෙයි කියන්නෙ වෙන කියන්න වචනයක් මම නොදන්න හින්දා. දන්නවද රුද් ඔයා මට කියලා දුන්නා එකම කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න ආදරේ කොයිතරම් ලස්සනයිද කියලා.. අහම්බෙන් අපි මුණගැහුනත් ඔයාට ආදරේ කරන්න ගත්ත විනාඩියේ මට තේරුනා අපි පතන් ඇවිත් ඇති කියලා..

හැබැයි මට එකම එක දුකක් තියෙනවා. මම කැමති නෑ ඔයාව තනිකරන්න. ඉතිම් කවදමහරි දවසක මට ඔයාට කලින් මේ ලෝකෙන් යන්න උනොත්..

හිතන්න එපා මම ඔයාව සදහටම අතෑරලා ගියයි කියලා...

මම ප්‍රාර්ථනා කරන්නෙම ඔයාට කලින් ඇස් පියාගන්න...මොකද මට ඊළඟ ආත්මෙ එක විනාඩියක් හරි කලින් ඉපදෙන්න ඕන.. ඉපදිලා ඔයාට ලොකුකම දාන්න මට ආසයි..

අයියා බබෙක් පස්සෙන් යන්න පුළුවන් එතකොට මගෙ රුද්ට. හරි හරි. ඒක පස්සෙනේ,

දැන් අහන්නකො.. මම එහෙම ඔයාට කලින් ගියොත්..

අපි දෙන්නගෙ ලස්සන මල්වත්තෙ ඔන්චිල්ලාව ගාව තියන ලොකූම ලොකු ගහට.... ඒ ගහට මගේ නම දාන්න හරිද? ඔයා ඇවිත් ඒ ගහට පිට දීලා ඉඳගෙන 'රුහාන්..' කියද්දි මම මල් වැස්සක් වෙලා ඔයා ගාවට විතරක්ම වැටෙන්නම්. මම පොරොන්දු වෙනවා සදහටම ඇස් පියාගන්න වෙන දවසෙන් පස්සෙත් ඔයා එක්කම ඉන්නවා කියලා..

සමහරවිට ඔයා මේක කියවද්දිත් මම ඔයා දිහා බලන් ඉඳීවි... ඒ නිසා එක මොහොතකටවත් දුක් වෙන්න එපා. මොකද අපි ජීවත් වෙලා හිටපු කාලේ සතුටෙන් ජීවත් උනානේ.. අමතක නොවෙන ආදරණීය මතක කෝටියක් අපි එකතු කරගත්තා...

මට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍.....

මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ..

-මම ඔයාගෙ රුහාන්...🤍...

A/N pov..

තදට වහින වැස්සෙ අඩුවක් නැතිවෙද්දි ගස් පවා අඹරන් යන තරම් සැරට හුළං හමන්න ගත්තේ විශ්වජිත් පවුලේ ආදරණීයම අප්පා ගේ අවසන් ගමන සනාථ කරන්න වෙද්දි ඩයරි එකත් පපුවට තුරුල් කරන් නින්දට ගියපු රුහාන්ගෙ ආදරණීයම රවුඩියා වෙච්ච 'රුද්‍ර' ආයෙමත් ඇස් නොඅරින බව කවුරුත්ම දැනන් හිටියේ නෑ...

"අප්පා නැතිවෙලා.."

"අප්පා අපිව දාලා ගිහින්.."

"අප්පා මමා ගාව සතුටෙන් ඇති දැන්"

"මම දැකපු ආදරණීයම ආදරවන්තයො දෙන්නා.."

කාමරේට ආව එයාලගෙ දරුවොන්ගෙ ඇස් වලින් කඳුළු වැටෙද්දි රුහාන්ට තුරුල් වෙලා අවසන් හුස්ම පිට කරපු රුද්‍ර රුහාන්ගෙ කර වටේ අතක් යවාගන හේත්තු කරන් තමන්ගෙ දරුවෝ දිහා බලන් හිටිය බව නම් කවුරුත්ම දන්නෙ නෑ...

සමාප්තයි........🖋️

අහම්බෙන් හම්බෙන දේවල් සමහරවිට හොඳම දේ වේවි - රුහාන්

දෛවය විශ්වාස කරන්න.. දේවල් වෙනස් වෙනවා වෙන්න පුළුවන් හොඳම විදියට...- රුද්‍ර

ඉතින් ඔවුන් පැතුවා සේම සැනසිලිදායක ආදර කතාවෙන් නැවත හමුවෙමු!

.

.

.

.

.

.

.

🌟❤️

"නේත්‍ර තමුසෙගෙ මී පැණි පාට ඇස් මගෙන් පරිස්සම් කරගන්නවා...."

"මගෙ රව්ඩියා.. ඔයා හුඟක් වෙනස් වෙලානෙ.."

ඒ දෙන්නා පතපු ආදරණීය ආත්මය එයාලට ලැබෙයි. කැමති අය Asuran S2 එකෙන් හම්බෙමූ

ඉතින් එහෙනම් අද ඉඳන් මම අසුරන් කතාවෙන් ඔයාල ගාවට එන්නෙ නෑ. ඔයාල කතාව enjoy කරා කියල මම හිතනවා.

මුල ඉඳන් මං එක්ක ඉඳපු. සපෝර්ට් කරපු. අතර මග කතාව දාල ගියපු, අගේ කරපු, බැනපු හැමෝටම මං ආදරෙයි.

ඉතින් අදවත් මගෙ නිහඬ රීඩර්ලා මං එක්ක කතාව ගැන කියයි කියල බලාපොරොත්තු පිට මං යන්නම්

ඔන්ගොයින්ග් කතා කීපයක්ම තියෙනවා. කැමතිනම් ඒව එක්ක එකතුවෙන්න.. S2 හිමීට දෙන්නම්..

දැනට ongoing තියෙනවා කීපයක්

1. White lotus (school romance)

2. Unspoken heartbeats (Arranged marriage)

3. Reunited souls (Short story)

4. Carlo (Killer)

5. නුඹෙ ඇස් ( asuran S2)

ගිහින් එන්නම්.. නෙමේනේ.. මටත් අමතක උනා... යන්නම් එහෙනම්. හැමෝම පරිස්සමට ඉන්න❤️

ආදරෙයි ගොඩක්!❤️

Previous
Last

Share This Chapter