Back
/ 51
Chapter 49

හතළිස් අටවෙනි පරිච්ඡේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"මහන්සිනෙ අනේ!"

"තව චුට්ටයි. කෙලින් වෙන්නකො"

"ම්හු...ඇඟම රිදෙනව අනේ"

මං අදත් හිටියෙ ග්‍රව්න්ඩ් එක මැද පතබෑවිලා. මහන්සී. දවස් දෙකක් මාව ශූටින් වලට ට්‍රේන් කරපු රුද් අද අන්තිම දවස ගගා උදේම මාවත් උස්සන් training yard එකට ආවා.

රාහුල්ටත් රාජ් එක්ක ඉන්න තියෙනව නම් ඊට වඩා දෙයක් නැති වෙද්දි අපි තනිවෙන එක ප්‍රශ්නයක් උනේ නෑ..

"ඔය කොල්ලව මහන්සි කරන්න එපා රුද්‍ර. ඇති නම් ඉඳපුදෙන්. දැන් ඉලක්කෙට තියන්ඩ පුළුවන්නෙ"

"ම්ම්.."

අපි ඉන්න තැනට ආව ආදි අණ්ණා කියද්දි රුද් හූමිටි තියලා තණකොළ ගොල්ලේ ඉඳගත්තා.

මට වෙන දේවල් කියන්නෑනෙ ඉතින්. වෙන්න තියන දේ නරකම පැත්ත උනොත් කියලා යම් දේවල් චූට්ටක් කියනව විතරයි. කොහොමත් හැමෝම බයයි මම කලබල වෙනවට. ආය ඉතින් ලෝක යුද්ධෙ වගේනෙ..

"මෙන්න අපෙ සින්න රව්ඩියා ඇහැරල මමාව හොයනව."

එතන්ට බබාව උස්සන් ආව රාජ් කියද්දි මම පැටිය දිහා බැලුව. මාව දැක්ක කොල්ලා මගෙ අතට එන්න අත් දික් කර කර දඟලද්දි මං එයාව අතට ගන්න ගිහින් ආය අහකට උනා. ඇඟේ ජරාවනෙ.. දාඩියත් එක්ක...

"මං වොශ් දාන් එන්නද?"

ම්...

රුද්ගෙන් උත්තරේ ලැබුන සැනින් මං නැගිටලා ගේ දිහාට දිව්වෙ මන් දිහා බලන් ඉඳපු කට්ටියම වෙනම කතාවකට මුලපුරද්දි...

A/N pov..

රුහාන් දුවනව බලන් ඉඳපු රාජ් වගේම ආදිත් ඉඳගත්තෙ තණකොළ ගොල්ල උඩින්... රාජ් රාහුල්ව බිම නොතිය උඩොක්කුවෙන් තියන් ඉද්දි ඒ දිහා බලල හිනා උන රුද්‍ර පැටියගෙ රෝසපාට යටිපතුලෙන් හාද්දක් තිබ්බා..

"අප්පා නැති උනොත් මමාව බලාගන්නව නේද මගෙ සින්න කුට්ටි ම්ම්?"

"මේ පාර කොහෙවත්ම වරදින්න ඉඩක් නෑ.. ඒක ඉර හද වගේ විශ්වාසයි තම්බි. අපෙ අට දෙනෙක් ඉන්නව ඇතුලෙ."

"හහ්..එතනින් විශ්වාස කරන්න පුලුවන් කීයක් කියලද අණ්ණා හිතන්නෙ?"

රුද් අහද්දි ආදි ගැස්සුනා කිව්වොත් මන් හරි... කවුරුත් හිතන්නෑ ඇතුළට ද්‍රෝහියො යවයි කියලා. එක්කො හොරෙන් ඇතුළට ගිහින්. නැත්තන් රුද්‍ර දැනගෙනම යවලා. හොරෙන් ගියා කියන්න බෑ. මොකද ඔය යන්න ඕන අය තේරුවෙ රුද්‍රමයි..

"උඹ.. ඌමනාවෙන් ඒක කරේ? මං හරිනෙ?"

"ම්ම්..ඔව් ඇතුළ බැලන්ස් අණ්ණා එතකොට.. මං හිතන විදියට අපිට දැන් පුළුවන් පහරදෙන්න. හෙටින් හැමදේම ඉවර කරමු!"

"මචන් උඹ රූව ට්‍රේන් කරා. ඒකට හේතූව මොකක්ද? කොල්ලා අහිංසා උනාට අපි තරම්ම උඹ කොල්ලව ට්‍රේන් කරා. බැරි වෙලාවත් උඹ ලෑස්ති වෙන්නෙ රූව අරන් යන්න නම්-"

"නෑ. මං රූව ගෙනියන්නෙ නෑ. රූ ඉන්න තැන ටික කාලෙකට මාරු කරනවා. හෙටට විතරක්. හදිසියේවත් කොල්ලටයි දරුවටයි ප්‍රශ්නයක් උනොත් කියල මම රූව ට්‍රේන් කරේ. පෙර සූදානමකට"

රුද් රූහා ගැන ඕනවට වඩා හිතුවා. ඒක හැමෝම කියද්දි රුද්ගෙ හිත කිව්වෙම ප්‍රශ්නයක් වෙන්න නොදී කලිම්ම සේරම ලෑස්ති කරන්න කියලා වෙද්දි රුද් කට්ටිය කියන දේ නාහා හිත කියන දේ කරා. රුද්‍රට එයාගෙ ජීවිතේ හැමදාම රූහව තියාගන්න ඕන.. රූහගෙන් එහා ලෝකයක් රුද්‍ර දැකල නෑ..

"උඹ රූට පන ඇරල නේද?"

විනාඩි ගානකට පස්සෙ රුද්ගෙ ආදි අණ්ණා අහද්දි එයාගෙ මූණෙ ඇඳුනෙ කාලාන්තරේකින් එළියට නාපු හරි ලස්සන හිනාවක්..

"හ්ම්.. මට තේරෙන වයසෙ ඉඳන් මට ජීවත්වෙන්න හේතුවක් තිබ්බෙ ඔය බෝල මීපැණි පාට ඇස් තියන, නොදන්න මනුස්සයෙක් වචනයක් කතා කරොත් බයවෙන කොල්ල ගාව.. මං රූගෙන් එහා ලෝකයක් දැකලා නෑ අණ්ණා.. දැනටත් මම රූගෙන් එහා ලෝකයක් දකින්නෑ.. ජීවත් උනත් එකයි මලත් එකයි කියලා හිතන් ඉඳපු ජීවිතේට එයා ආව දා ඉඳන්ම මගෙ හිත කිව්වෙ දැන් ජීවත් වෙන්න හේතු තියෙනව කියලා. මේ හැමදේම මම මෙච්චර ඉක්මනින් ඉවර කරන්න ඒකයි හේතුව.."

"මගෙ පන දීල හරි මම අන්තිම මොහොතෙ හරි උඹලව රකින්නම්.."

"මේක මරාගන්න කතාවක් වෙන්න බෑ අණ්ණා. මුල ඉඳන්ම මම අපි දෙන්නගෙ කතාව ආදරෙන් පුරවන්න හැදුවෙ. එකම හිස්තැනක්වත් නැතුව. ඒත් මගෙම රූපෙ ගෙනාව සහෝදරයා!! එයා නිසා ගොඩක් දේවල් වෙනස් උනා. මගෙ අම්මා , යාලුවා... නෑ මට දැන් කවුරුත් නැතිකරගන්නෙ නැතුව මේව විසඳන්න ඕන.."

Ruhan pov..

"දෙයියනෙ! ඔහොම මතුවෙනවද මිත්‍රන්?"

"සමාවෙන්න ඉතින්.. හෙට වෙනකල් ඉන්න බෑ. අද හැමදේම පටන්ගන්න යන්නෙ.."

"මිත්‍රන්?.."

"ඔව් සේරම පටන් ගන්න යන්නෙ. දේව් කියන්නෙ කපටි නරියෙක්.. ඌ කරන දේ පෙන්නන්නෙ නෑ.. එක්කෙන්ක්ට යන්නම වෙනව රුහාන්. මට රුද්‍රව මුණ ගැහෙන්න ඕන. රුද්‍රව තනි කරගන්න. මට ඒ දෙන්නා ඉද්දි ඔයාල ලගින් ඉන්න බෑ වෙලාව එනකල්.. ඉක්මන් කරන්න. දැන් යන්න."

ටීශර්ට් එකක් උඩින් දාගත්ත මම ඉක්මනින් පඩි බැහැල පහලට දිව්වා.. අනිසි බයක් මගෙ හිත වෙලාගද්දි මට බය හිතුන. අනේ කිසිම නරකක් වෙන්න එපා...

මං පහල ප්‍රැක්ටිස් ග්‍රව්න්ඩ් එක ලගට යද්දි රුද් අතේ ගන් එකක් තියන් එහෙ මෙහෙ වැනෙන බෝර්ඩ් එකකට ඒම් කරන් උන්නා.. රාජ් ආදි අණ්ණා දෙන්නත් එයා එක්ක ඉද්දි මන් රුද් ගාවට ගිහින් එයාගෙ අතකින් අල්ලගත්තා..

"අණ්ණා මං චුට්ටකට එයාව ගෙනියනවා.."

රුද්ගෙ අත අල්ලගත්ත මම ගේ ඉස්සරහා තිබ්බ බෙන්ච් එකෙන් ඉඳගන හිටියා..

"රුද් මට මිත්‍රන් අමුතු කතාවක් කිව්ව. මට නම් තේරුනේ නෑ. ඒත් අනේ මට බ-යයි.."

"ශ්හ් කලබල නොවී මට මිත්‍රන් කියපුවා කියන්නකො.. කියන්න බැයි නම් අමාරු නම් ප්‍රශ්නයක් නෑ මගෙ උරහිස උඩ ඔළුව තියන් ඇස් පියාගන්න ම්.."

හොඳටම කලබල වෙලා ඉඳපු මම ඇස් රතු කරන් රුද්ගෙ උරහිසෙව් ඔලුව තියාගත්තා.. උඩුකය නිරුවත්ව ඉඳපු එයාගෙ අතේ මස්ල් හරි සනීපෙට මට දැනුනා... කෙනෙක්ට යන්න වෙනවලු.. කෙනෙක්ට යන්නම වෙනවලූ... අනේ එපා දෙයියනේ...

මිත්‍රන් එනව වත් රුද්ට අවශ්‍ය දේවල් කියනවාවත් මම දන්නෙ නෑ.. මගෙ ඇස් පියවුනා.. නිදිමතයි..

✨️

"තේරුනානේ? අදම අපිට ඇටෑක් එකට ලෑස්ති වෙන්න වෙනවා. ප්‍රධාන දියමන්ති ගබඩාව ගාවට එයාල එන්නෙ.. මගේ කිසිම කෙනෙක්ට ජීවිතේ අතරින්න තහනම්. මට උඹලව වටිනව. හරි?"

රුද් හිටියෙ එයාගෙ පොඩි රව්ඩිලා සේරම වට කරන් කතාවක.. මොනව වෙනවද කියන්න නොතේරුනත් මම රාහුල්වත් වඩාගෙන හිටගෙන හිටියෙ හිතේ තියෙන නොසන්සුන්කමට.

"ටීම් ඒ , බී , සී.. සේරම මං එක්ක හරි. ටීම් ස්නයිපර්ස් ඒ , බී.. එහාපැත්තෙ තියෙන පාලු බිල්ඩින් එකෙයි , පිටිපස්සෙ තියෙන ලේක් එක ගාවයි... තව පැය භාගෙකින් යනවා සේරම ලෑස්ති වෙන්න ඕන"

එහෙම කියාගෙන එතනින් ආපු රුද් මගෙ පැටියා දිහායි මං දිහයි බැලුවා..

නිස්කලංකව තියෙන ගෙදර අද ගොඩක් ඝෝශාකාරී උනේ කඩිගුල ඇවිස්සිලා වගේ තිබ්බ හින්දා වෙන්න ඇති.. වෙනදට සැරින් සැරේ රාහුල්ගෙ අතක් ඉඹින ආදි අණ්ණාට කිසිම සිහියක් නැතුව වෙපන් ලෑස්ති කරනවා.

"පරිස්සමට ඉන්න ඕන තේරුනාද? ගෙදර ගාර්ඩ් කරන්න මම දාලා යන්නෙ විශ්වාසම කීප දෙනෙක්. මොකද එදා උන සිද්දිය මට නැවත වෙන්න දෙන්න බෑ. කුට්ටී කවුරු කතා කරත් රැවටෙන්න එපා ම්.. මං හිතනව මගෙ කුට්ටිට මාව අඳුරන්න බැරි වෙන එකක් නෑ කියලා"

රුද් එයාගෙ ශර්ට් එකේ බට්න් තුනක් පැන්නුවා.. එයා මගෙ අත අරන් තියාගත්තෙ එයාගෙ ගැහෙන පපුව උඩ.. මගෙ ඇසුත් එතෙන්ට යද්දි මගෙ ඇස්වල කඳුළු පිරුණා..

මං එයාගෙ නම තියන් ඉන්නව වගෙම.. එයත් මගෙ නම පපුවේ ගහගන.. අත ගත්ත මම ඒ විසාල පපුවට හාදුවක් දුන්නෙ එයා මගෙ ඔළුව හිමින් අතගාද්දි.

"ඔයත් පරිස්සමට මගෙ රුද්‍ර. මං ගොඩක් ආදරෙයි.. පරිස්සමට ආයෙ එන්න ප්ලීස්. මං බලන් ඉන්නවා."

"මං එනවා. මගෙ කුට්ටි පරිස්සමෙන්.. මගෙ සින්න රව්ඩියා.. මමාව බලාගන්න ම්"

රාහුල්ගෙත් බෝල කම්මුලක් එබෙන්නම හාදුවක් තිව්ව රුද් අපි දෙන්නා දිහා බලන් හිටියා. ආදරේ උතුරන බැල්මක්. හරියට තමන්ගෙ මුළු ලෝකෙම තියෙන්නෙ මෙතන වගේ එයා අපි දිහා බලන් හිටියා

"තම්බි යමන්"

ආදි අණ්ණා ඇවිත් කියලා මගෙ ඔළුවට තට්ටු කීපයක් දාල යන්න ගියෙ එයාටත් කතා කරන්මයි. ආයෙම පැටියගෙ නළලට හාදුවක් තිබ්බ රුද් මගෙ නළලට තොල් තද කරන් හුඟාක් වෙලා හිටියා. තරහ ගිය රාහුල් රුද්ගේ උරීස්සට පාරවල් කීපයක් දෙද්දි අයින් වෙලා පොඩි එක්කෙනාගෙ අත් දෙකම එයාගෙ එක අතකින් නොරිදෙන්න අල්ලන් මගෙ තොල් වලට බර උනේ සිනිදුවට තප්පර කීපයක් මාව සිපගන්න.

"පරිස්සමට ම|ගෙ|මැ|නි|ක."

මට කියලා රුද් ගිහින් වාහනේට නගිද්දී මං එයා දිහා බලන් හිටිය. අණ්ණටයි, රාජ්ටයි අත වැනුව මම දිහා රුද් යන්න කලින් එක වතාවක් හැරිල බලද්දි අපෙ ඇස් එකට පැටලුනා

"යන්"

එයා කියද්දි එයා ඉඳපු වාහනේ ඉස්සරහට ඇද්දුවෙ තව වාහන සීයක් විතර එයා පස්සෙ යද්දි.. ෆිල්ම් වල විතරයි කියල හිතපු සමහර දේවල් මන් ඇස් දෙකෙම්ම දකිනව..

බය නැත්තෙ නෑ දෙවියනෙ මට බයයි. ගෙදර අයිනක තියන දෙවියන්ගෙ ප්‍රතිමාව ගාවට ගියපු මම ඒක ඉස්සරහ ප්‍රාර්තනා කරා..

"එයාල හැමෝවම පරිස්සම් කරල දෙන්න.."

.

.

.

.

.

.

Next chapter...

"තමුසෙ ආවොත් තමුන්ගෙ දරුවගෙ අප්පා රැකෙයි.."

"අනේ...එපා.......හ්''

______________________________________________

තව ලියන්න තීන්නෙ එකයී🥲

ගිහින් එන්නම්.

Share This Chapter