Back
/ 51
Chapter 44

හතළිස් තුන්වෙනි පරිච්චේදය

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මං හිටියෙ මගෙ පරෙයි පැටිය එක්ක. එයා දැන් නම් චූටි නෑ. ලොකුයි ලස්සනයි. මං හරි ආදරෙයි අනේ එයාට..

"ඔය සත්තු අල්ලන්න එපා රුහාන් ජරාව ලෙඩක්වත් හැදෙයි."

"එහෙම නෑ.."

"පන්ඩිතයිනෙ ඉතින්.."

මගෙ කොණ්ඩෙ අව්ල් කරපු මිත්‍රන් කියද්දි මං හිනා උනා. අද දවසම මිත්‍රන් මගෙ පස්සෙමයි. මට බැන බැන එහෙට යනවා, බැන බැන මෙහෙට යනවා.. අරක කරන්න එපා.. මේක කරන්න එපා ගාලා මැරෙන්ඩ හදනවා.. මං ඉතින් සේරම එක්ක හුරතල් වෙවී ඉන්නව.

ඊයෙ රෑ අපෙ රුද්ගෙයි මගෙයි සින්න කුට්ටි පයින් ගහපු ගැහිල්ලට මට ඇඬුනා. ඇඬුන කියන්නෙ මාරම වැදිල්ලක් ඒක නම්. හිතන්නකො පිම්බිලා අමාරුවෙන් තියන හමට පාරක් වැදුනහම...

දවසම නිකන් හෝන්දු මාන්දු ගතියෙන් මං හිටියෙ. මං හිතන්නෙ අපෙ දඟ මල්ලගෙ පාරටද කොහෙද..

"කුට්ටි?"

"මං මෙහෙ රුද්"

"රුද්ට මං කෑගැහුවෙ ඉස්සරහ ඉඳන්. රුද් මං ගාවට එද්දි මමත් එයා දිහා බලන් හිටියෙ මගෙයි මිත්‍රන්ගෙයි මැදින් එයා ඉඳගද්දි. ඊරිසියාවද කොහෙද .

"කන්න යමුද?"

"ම්හ් බඩගිනි නෑ රුද් මගෙ බඩ කැක්කුමක් එනව වගේ"

"ආහ්?"

මං දිහා බලන් ඉඳපු රුද් මිත්‍රන් දිහා බැලුවත් එතන එයා හිටියෙ නෑ. ඒ ටිකට වාශ්ප වෙලා ගිහින්.

"බබා එයි කියල හිතනවද රූහා?"

"ම්ම්.. අනේ මන්දා. මට..ආහ්-"

"කු-ට්-ටි"

"දැන්නම් බෑ රුද් අනේ මට ඉන්නම බෑ වගේ.."

මං බඩත් අල්ලන් රුද්ගෙ උරහිසක් හිල් වෙන්නම හපාගද්දි එයා අණ්ණටයි රාජ්ටයි අඬ ගැහුව. දෙවියනෙ මට ඇඬෙන්න තරම් වේදනාවයි. ඇඬෙන්න තරම් නෙමෙයි මට ඇඬෙනවා. සේරම ඇවිත් මාව හොස්පිටල් අරන් ගියෙ රුද් යන මග දිගටම කලබල වෙලා මගෙ ඔළුව අත ගගා මුළු මූණටම හාදු තියද්දි..

"ශ්.. මං ඉන්නවනෙ කුට්ටි.. චුට්ට දුරයි ම්ම්?"

"ම්හ් අනේ රුද්!"

"කොල්ලව කම්ෆටබල් විදියට තියාගනින් රුද්‍ර"

පාරෙ යන වාහන වලටත් බැන බැන රාජ් වේගෙන් වාහනේ ගෙනියද්දි අණ්ණා රුද්ට කිව්වා.. අනේ මට සිහියක් නෑ මං හිටියෙ සිහියත් අසිහියත් අතර වෙද්දි මං හිතන්නෙ මගෙ රුද්ගෙ කඳුළු කැටයක් මගෙ මූණ උඩට වැටුන.. එයා අඬනවද..

A/N POV..

හැම කෙනෙක්ටම වඩා වැඩියෙන් බය වෙලා හිටියෙ රූහාගෙ රුද් වෙද්දි රූහා අඬන එක රුද් කොහොම දරාගන්නද?.. රූහගෙ වේදනාත්මක හැඬීම් ඇහෙද්දි රුද්ගෙ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියෙ වැටෙන කඳුළු බින්දු රූහගෙ ඇඟට පතිත වෙද්දි...

ඉතින් රුද්‍ර කොහොම මනුස්සයෙක් උනත් තමන් පණ වගේ ආදරේ කරන කෙනාට දුකක් වේදනාවක් දැනෙද්දි එයාට දරාගන්න අමාරුයි.. කොච්චර සතුටු උනත් දැන් රුද්‍රගෙ රූහට දැනෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙමේ නේද කියල රුද්‍රට හිතෙද්දි වාහනෙත් හොස්පිට්ල් එකට ඇවිත් තිබ්බා.

"මේ හු##ගෙ පුතා කොහෙ යනවද මංදා අපිට හදිස්සි කියල තේරෙන්නෑද්ද.."

"ඔය අස්සකින් දාල යමන් තම්බි"

ඒ ඉස්සරහ සීට් එකෙන් ඇහෙන කටහඬවල්. බ්‍රේක් කියන්නෙ මොකද්ද කියන එකවත් දන්නැති මනුස්සයෙක් වගේ කාර් එක එළවන රාජ්ට නොදෙවෙනිව ආදි අණ්ණාත් කෑගහද්දි වාහනේ ඉක්මන්ට ඇවිත් හොස්පිටල් එක ඉස්සරහ නැවත්තුව.

අඬන එයාගෙ රුහාන්ව දෝතට උස්ස ගත්ත රුද්‍ර හොස්පිට්ල් එක ඇතුළට ගියෙ කීප දෙනෙක් ඇඳක් අරන් එද්දි.... එතනින් පරිස්සමට රුහාන්ව අරන් ගියෙ එයා අඬ අඬම රුද්ගෙ අත තද කරගද්දි... ආදරේට මොනවද කරන්න බැරි?..

ගානක් නැතුව ඔහේ මනුස්සයෙක් උනත් මරන්න දෙපාරක් නොහිතන රුද්‍ර අද වෙව්ලනවා.. මුළු මූණම රතු කරන් බයට වෙව්ලනවා. ඒක සාදාරණයි. එහෙම නැද්ද? ඒ දෙන්නගෙම ඒ පළවෙනි අත්දැකීමනෙ.

රුහාන්ව ලේබ' රූම් එක ඇතුළට ගද්දි රුද්‍රටත් ඇතුළට යන්න ලැබුන...

"සර්ට විශ්වාසද මෙතන ඉන්-"

"පුළුවන් මිනිහො..! ඉක්මන් කරනවා"

කා එක්කවත් හොඳින් කතා කරල පුරුද්දක් නැති රුද්‍ර කෑගහන්නෙ රුහාන් ඇස් කරකෝලා ඒ දිහා බලද්දි.

"ර-ණ්ඩු වෙන්-න එ-පා අ-යි-"

"ශ්..ශ්හ් මට සමාවෙන්න ම්."

රුද්‍ර ඇවිත් රුහාන්ගෙ වම් අත තදට අල්ලගත්තෙ ඊටත් වඩා සැරට එයාගෙ රුහාන්ට රුද්‍රගෙ අත මිරිකෙද්දි....

"අනේ- ම-ට බෑ අ-යි-යෙ ආව්ම්හ්"

"ඉවසල ඉන්නකො කුට්ටි.."

රුහාන්ගෙ වේදනාවට කඳුළු වැටුනෙ රුද්‍රගෙ ඇස් වලින්.. රුහාන්ගෙ වේදනාව දැනුනෙ රුද්‍රගෙ පපුවට.

"තව ටිකක් හොඳ හුස්මක් අරන් තදින් ප්‍රෙස් කරන්න"

ඩොක්ටර්ස්ලා උපදෙස් දෙද්දි රුද්‍ර බලන් හිටියෙ මාස ගානක් පුරාවට වේදන විදලා විඳලා අවසාන මොහොතෙ ඊටත් වඩා වේදනා විඳින එයාගෙ පුංචි ආදරවන්තයා දිහා..

රුහාන්ට සිහිය නැතිවෙන්න තරමෙ අමාරුවක් දැනුනත් එයාට ඕන උනේ නෑ ඇස් වහගන්න. හේතුව?..

හේතුව දන්නවනෙ ඉතින්

"හරි! අන්තිම පාරට හොඳ හුස්මක් අරන් ආය ප්‍රෙස් කරන්න. අන්තිම පාරට හොඳද?"

ඩොක්ටර්ස්ලා කියද්දි ඇඳ රෙද්ද උඩ තිබුන රුහාන්ගෙ අතයි රුද්‍රගෙ අතින් අල්ලන් හිටපු අතයි දෙකම තදින්ම මිරිකිලා ගියෙ අවසානෙදි පණ ගැහෙන රුද්‍රගෙ සින්න කුට්ටි ලෝකෙට එද්දි..

"කන්ගැජුලේශන්ස් Mr. Vishwajith එයා පිරිමි ළමයෙක්"

පැය ගානක් ඔට්ටු වෙච්ච රුහාන්ගෙ මූනෙ හරි ආදරණීය හිනාවක් ඇඳිලා තියෙද්දි බබා ගාවට නොගිය රුද්‍ර රුහාන්ගෙ නළලෙන් හාදුවක් තිබ්බා. දෙන්නගෙම මූණෙ සතුටු හිනාවක් ඇඳිල තිබ්බා. ඉතින් දැනගත්ත මොහොතෙ ඉඳන් පෙරුම් පුරපු එයාලගෙ පුංචි පැටියත් ලෝකෙට ඇවිල්ලා...

ඩොක්ටර්ස්ලා බබාව ගෙනල්ලා රුද්‍ර අතට දෙනකොට රුහාන් දැක්කෙ කවදාවත් නැතුව ඇස් වලින් උල්පතකින් වගේ කඳුළු වැටෙන රුද්‍රව..

බබත් උස්සන් ආව රුද්‍ර රුහාන්ගෙ නළලට එයාගෙ නළල හේත්තු කරේ බබාව රුහාන්ගෙ අස්සට දෙන ගමන්.

"රොම්බ සන්තෝශම් කුට්ටි. රොම්බ නන්රි.. මාව අප්පා කෙනෙක් කරාට..."

රුහාන්ට වචන නෑ එයා ඇස්පියන්ම රුද්ගෙ නළලට තමන්ගෙ නළල හේත්තු කරන් ඉඩ දීලා අන්තිමට ඇස් ඇරල එයාගෙ විඩාබර උනත් ලස්සනම හිනාවෙන් රුද්ට සංග්‍රහ කරනව..

"ඔහෑ.................."

________________________________

සොරි සොරි පරක්කුයො තමා. පොඩ්ඩයි තමා..

මාර සීන් එකනෙ මට මොකුත් ලියන්න හිතෙන්නෙ නෑනෙ😪

Share This Chapter