Back
/ 51
Chapter 4

...හතරවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

මගෙ නින්ද සම්පූර්ණෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. මං හිතන්න මට මෙහෙම ගියොත් පිස්සු හැදෙනව. ශීට් එකට ඔලුව හේත්තු කරගත්තපාර අසුරන් තාම නැගිට්ටෙ නැති වෙද්දි එයාගෙ එහ හෙළවීමක්වත් නැති තැන මට හිතුන එයා මැරිලද කියලත්. මං හිමීට සීට් එකෙන් එහෙ මෙහෙ වෙලා එයාගෙ මූණට පාත් උනා..

අහ් පන තියනවා. මං නැගිටල ඉඳගන්න ගියා විතරයි එකපාරටම එයා ඇස් ඇරියා. මං එයාගෙ මූණ ඉස්සරහ මූණට එබිලා හිටියෙ. එයාගෙ ඇස් මගෙ මූණ පුරා යද්දි මං අහක බලාගෙන සීට් එකෙන් ඉඳගත්තා

"යෙන්න?"

"ඔන්නුම් ඉල්ලෙයි. මට කියනවද අඩුම මාව කොහෙටද එක්කන් යන්නෙ කියලවත්?"

මං ඇහුවා. අනුමාන වැඩක් නෑනෙ අහල දැනගන්නෙපැයි මට කැමතිනං යනව නැත්තං මහපාර මැද ඉඳගෙන කෑගහල අඬනව. කොහොමත් එයාපෝට් එකෙන් වෙන්න ඇතිනෙ බස්සන්නෙ. හිටපන්කො මං කෑගහල අඬනව මගෙ අප්පාව මරල වනචර වැඩ කරන්න මාව එක්කන් ආවා කියල.

"ලංකාවට"

එච්චරයි එතනින් එහාට එයාගෙ කටින් වචනයක් පිට වුනේ නෑ.. හිතනවද මගෙ හිතේ මේ මනුස්සයට තියන තරහා නිවෙයි කියල.. නෑ කොහෙත්ම නෑ...

"තමුසෙ මහ මිනීමරුවෙක් අසුරන්. මගෙ අප්පා මැරුවා වගේ මාවත් මරනවා. වෙන මුකුත් ඕන නෑ ඕයි මගෙ අහිංසක අප්පව මරාගත්තා වගේ උඹ මාවත් මරපන්. කාලකණ්ණිකම. අනේ අම්මපා හෙනයක්වත් ගහන්නෑනෙ මූට. ඇත්තමයි මාර යකෙක් කොහොමද ඔහොම ඉන්නෙ ආ? කියනවා තමුසෙ ලැජ්ජ නැතුව කොහොමද මාව එක්කන් ලංකාවට යන්නෙවත් ආ?"

මං කෑගැහුවා. එයා මං දිහා බලන් හිටියා. තවත් තරහ යනව ඇත්තටම මේ මිනිහා මොකෙද්ද?මං ආය කට අරින්න හදනකොටම එයා එයාගෙ සීට් බෙල්ට් එක ගැලෙව්වා.. ගලවල මගෙ තොල් උඩින් ඇගිල්ලක් තිබ්බා

"තමුස්-බ්බ් හ්හ්ක්"

"ශ්... ශ්... රුද්‍ර කියන්න"

එච්චරයි ඒ මනුස්සයා එහෙම්ම නැගිටලා යන්න ගියා. ඇයි ඉතින් ගියෙ. පව් හැබැයි. මොන පව්ද මගෙ අප්පා මැරුවෙ ඒ මිනිහා. මම හරිබරි ගැහිලා සීට් එකේ හාන්සි උනා. එකපාට්ටම මට දැනුනෙ සීතල ඇඟිලි වල පහසක් වෙද්දි මං ඉක්මනට ඇස් ඇරියා මට දැනුනා මගෙ තොල් උඩින් ආයම එයාගෙ ඇඟිල්ල ඇදිලා ගියා.. කවුරුත් නෑ මායවක්ද හොල්මනක්ද . දෙයියනේ ඒ අස්සෙන් මට හොල්මනුත් පේනවා. අත ඇදුම්කද්දි මං සීට් එකට ඔලුව තියාගත්තා...

ප්ලේන් එක ගොඩබානවා දැනෙද්දි වහන් ඉඳපු ඇස් මං ඇරියා. හැමෝම වගේ ඇහැරලා ඉද්දි මං ගාවට ආවෙ මිත්‍රන්. පුරුදු විදියටම එයා හිනාවෙලා හිටියා වගේම මට නැගිටින්න කිව්වා.

"එන්න පරිස්සමට බහිමු අණ්ණා පලවෙනියාටම බැස්සා."

ම්ම්

අපි බැස්සා ඒ උනත් මං බලාපොරොත්තු උනා වගේ මේක එයාපෝට් එකක් නෙමේ අයියෝ මං දැන් කොහොමද කෑගහන්නෙ කියපල්ලකො. තොපි නං සත්තු. මට ඉස්සරහ තිබ්බ පරණකාලෙ ඉන්දියන් ආතියට හදපු පෙරිය සයිස් බංගලාව දැකල කට දණිහ ගාවටම ඇරුනා. ලොකූ වත්තක් එක්ක ලොකුම ලොකු බංගලාවක්. කුඩු සල්ලිනෙ ඉතින් මූට. ඒ අතින් මට එහෙමත් හිතුන.

යකෝ මේක ජනාදීපති මන්දිරේටත් වඩා ලොකු ඇතිනෙ. මං බලන් හිටියෙ තට්ටු කීයකදෝ මංදා මහ පත බිල්ඩින් එක දිහා. ඒක මන්දිරයක්. ගේ දැක්ක ගමන්ම මට හිතාගන්න පුලුවන් උනා මේ මනුස්සයා ගෙවන්නෙ පුදුමාකාර තරම් සැප ජීවිතයක් කියන්න. කොච්චර කල් යන්න ඇතිද මේ දේවල් ගොඩනගන්න?

"වාංග කුට්ටි. ඇස් දෙක එලියට පනී දැන්"

මිත්‍රන් කියනකොට මං පොඩ්ඩක් වටපිට බැලුවා. අපිට ඉස්සරහින් ගිය එයා ගේ ඇතුළෙ ගෑනු කෙනෙක් එක්ක කතා කර කර හිටියා. ඒ කවුද? පෙනුමෙන් ටිකක් වයසයි වගේම එයාට නොදෙවෙනි වෙච්ච ගාම්භීර මූණක් එයාට තිබ්බා.. මමත් මිත්‍රන් එක්ක හිමීට ගේ නෑ වැරදුනා.. ගේ කියල මට මේක විස්තර කරන්න බෑ. මන්දිරේ කියන්නම්. මං මන්දිරේ ඇතුළට යද්දි ඒ ගෑනු කෙනා මං දිහා හිනා වෙලා බැලුවා.. අම්මා එයා අතේ තිබ්බ ඇස්වහ පුච්චන තැටිය අසුරන් අතට දීලා මං ගාවට ආවා

"සාමී...වා කුට්ටි.. දකින්නත් ආශයි අප්පා.. ඔඳටම ගැළපෙනවා.. ඉටි රූප වාගෙනෙ"

මං බලාගෙන එයා රතු වෙනවා. මූට හාල්ද

දෙමළ මිශ්‍ර සිංහලේකින් කතා කරන අම්මා මගෙ මුළු මූණම අත් දෙකට ගත්තා. එයා හොඳයි වගේ නේද. මගෙ ඔලුවත් අතගාලා බදාගත්තා. ඊගාවට අම්මා අසුරන්ගෙ අතේ තිබ්බ තැටිය අරන් මගෙ ඇස්වහ පුච්චලා මන්දිරේ ඇතුලට ගත්තා. සුවඳයි, මුළු මන්දිරේම අමුතු මත්වෙන ලා සුවඳකින් පිරීල තිබ්බා. හිතේ තිබ්බ නරක හැඟීම් වලින් බාගයක් විතර අඩුවෙලා යද්දි මං ඇස් වහගෙන මන්දිරේ ඇතුළට ආවා...

"කැමතිද?"

ම්ම්

"මං හිතුවා. එහෙනම් ඔයාටම එපා වෙනකල් මම මේ සුවඳම මගෙ නාථ් මන්දිරෙන් එන්න දෙන්නම්."

සුවඳට වශී වෙලා ඉඳපු මම හරි සිහියට ආවා. මේ මනුස්සයට විකාරද කොහෙද මං ගස්සල අහක බලාගද්දි එයා බිම බලාගෙන හිනා උනා. විකාරද කොහෙද මේ මනුස්සයට.

"එන්න"

එයා මාව පඩිපෙළ නැගල දෙවනි තට්ටුවෙ බැල්කනි එකට කිට්ටුව කාමරේකට එක්කන් ගියා. ටිකක් ලොකු කාමරයක් වෙච්ච ඒ කාමරේ අයිනෙ බැල්කනි එක ගාව ඔංචිල්ලාවක් තිබ්බා.. වේවැලෙන් වියපු එකක්. ඊගාවට මහ විසාල අල්මාරියක්, තඩි ඇඳක් වගේම කණ්ණාඩි මේසයක්. මං බැලුවෙ කණ්ණාඩි මේසෙ දිහා. මං පාවිච්චි කරන ක්‍රීම් ජාති පවා එතන තියනව දැකල මගෙ ඇස් උඩ ගියා වගේම මං එයා දිහා බැලුවා. එයා ගෙ කන් දෙක රතු වෙලා.

තරහ ගිහින්ද? නැත්තන්... ලැජ්ජා හිතිලා? ලැජ්ජ හිතිලද? ඇයි එයා මේ දේවල් කරන්නෙ?

"වොශ් දාන් කන්න එන්න. සාලෙට එහාපැත්තෙ කෑම කාමරේ. නැත්තන් එහා කාමරේ මං ඉන්නවා ඒකට එන්න."

එයා කියද්දි මං එයා දිහා බලන් හිටියා. මං මේ මිනිහාට වෛර කරනවා.

"මට ඕන්නැති කෑමක් නෑ ඕයි මං නිදාගන්නවා. තමුසෙගෙ ගෙදරින් බත් කටක් හරි කනවට වඩා හොඳයි නොකා මැරිලා යනවා. මතක තියාගන්නවා තමුසෙ මගෙ අප්පාගෙ මිනීමරුවා. මං තමුසෙව මරලම දානවා.. ලෝකෙම තමුසෙට එකතු උනත් මම තනියෙන් හරි හිටගන්නව තමුසෙට විරුද්ධව. වගේම මං තමුසෙට වෛර කරනවා. මගෙ දෑහැට පේන්න එපා. "

මං කියද්දි එයා මං දිහාම බලන් හිටියා.. ඇස් පිල්ලමක්වත් වැදුන්නෑ. ලාවට ඒ ඇස් වල පටලයක් බැඳිලා තියනකොට එයා අහක බලාගන වේගෙන් වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා.

"පරාටා කැමතිද?"

"ආර්....මං තමුසෙව මෙතනම මරන්න කලින් යනවා ඕයි. කන්න දෙනව නං වහ ටිකක් දාලා දෙනවා."

මං කෑගහද්දි එයා යන්න ගියා වගේම මම ඇඳ පාමුළ ඉඳගත්තා... මට දැනුනෙම කාමරෙ ලයිට් දාල තියෙද්දි මගෙ අවට අඳුරු වෙලා යනවා වගේ. මං හයියෙන් ඇස් පිල්ලම් ගැහුවා. මොකද්ද මේ වෙන්නෙ? අනේ අප්පා.. මගෙ ඇස් ඉස්සරහා පෙනුනෙ මගෙ අප්පා වෙද්දි මං නැගිට්ටා.

"අප්පා.. නැගිටින්න අප්පා"

මං අමාරුවෙන් හිටගෙන කෑගැහුවා. මට ඕන උනේ අප්පා ගාවට යන්න. මාව ඒත් එක්කම අඳුරකට ඇදිලා ගියා. අනේ මට බයයි. කොළ පාට හෙවණලි වගයක්, මිනිස්සු වගේ පරිවර්තනය වෙන ගමන් හිටියා වෙද්දි මම කෑගැහුවා..

"අනේ අප්පාහ්"

නෑ මගෙ සද්දෙ පිට උනේ නැති වෙද්දි මම ඇඩුවා. ඇස් වලින් ගිනි හා සමාන කඳුළු වැටෙනකොට මම ඇඬුවා. මට බයයි.

"ඔයාට කවුරුත් නෑ.. දැන් කවුරුත් නෑ.. අම්මා පවා මැරුනේ උඹ නිසා. අප්පා- අප්පා මැරුණා.. උඹට කවුරුත්ම නෑ. අපි එක්ක යන්. යමන් අපි එක්ක."

"අනේ මට බෑ.. මට- මට ඉන්න දීපල්ලා"

_______________________

මං දන්නෑ ඕවා. ගිහින් එන්නම් සෙයා පාරක් දාලා උදව්වක් දෙන්න ඉතිම්.

ඩබල් අප්ඩේට්

මට තේව් එකේ වීව්ස් දකිද්දි මාර සතුටුයි අනේ. ඇත්තටම මං බලන් ඉඳියෙ 5k වෙනකල් මට සතුටුයි.

ගිහින් එන්නම් මං ආදරෙයිනෙ

Share This Chapter