Back
/ 51
Chapter 35

...තිස් පස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

Ruhan pov..

"යන්න..එයාව නවත්තගන්න.."

ඇහුන කටහඬකුත් එක්ක මම ඉමක් කොනක් පේන්නෙ නැති අන්ධකාරෙ ඉස්සරහටම දිව්වා....

ඒ එක්කම මගෙ ඇස් වලට අහු උනේ ලාවට එළියක් එන කලුපාට දොරක්... අඬ අඬම දොර කැඩෙනකල් ගහපු මම අවසානෙදි දොර ඇරගත්තා.. පුදුමෙ කියන්නෙ මට රිදුනෙ නෑ.. හීනයක්ද? නැත්තන් නින්දෙන්ම මං වෙන තැනකට ගිහින්ද කියල මට නිච්චි නෑ..

"රුද්‍ර දේව්නාත් විශ්වජිත්! තමුසෙ මාව දාලා යනවද?"

දොර ඇරපු මම කෑගැහුවෙ තවත් සුදුපාටින් දිස්නෙ දෙන අතක් අල්ලගන්න ඔන්න මෙන්න ඉන්න එයාට.. බය වෙන්න බෑ.. බය හිතුනත් බයවෙන්න බෑ... මාව මගදි නවත්ත ගතපු ඇහුනට නොපෙනෙන කටහඬ කියද්දි මම බය හංගන් කතා කරා...

Rudhra pov...

"රුද්‍ර දේව්නාත් විශ්වජිත්! තමුසෙ මාව දාලා යනවද?"

එකපාට්ටම ඇරුණු කළුපාට දොරෙන් එළියට ආව තව රුහාන් කෙනෙක් කෑගහද්දි මම අල්ලන්න ගිය අත ඉක්මනට අතෑරියා..

"රුද්.. මගෙ රුද් ඔයා මට පොරොන්දු උනා.. කොච්චර අමාරු උනත් මං එක්ක ඉන්නව කිව්ව. මගෙ දරුවට අප්පෙක් කෝ රුද්.. මෙහාට එන්න.. අනේ මාව දාල යන්න එපා...."

දොරෙන් ආපු එක්කෙනා දිගටම කෑගහද්දි මම ආපහු අඩි ගානක් පස්සට ගියා. මම මොන දොරෙන් යන්නද? මේක මගෙ මනසෙ ඇඳෙන දෙයක්වත්ද?..

ඇහෙන කටහඬවල් සේරම නැවතිලා දොරවල් දෙක ඉස්සරහ ඉඳපු රුහාන්ලා දෙන්නා පවා නැති වෙලා යද්දි මොන තීරණේ ගන්නද බැරුව මම අසරණ උනේ අන්තිමට ඒ දොරවල් දෙකම හිමින් හිමින් වැහීගෙන යන්න පටන්ගද්දි

Ruhan pov...

"හාහ්...!"

වැතිරිලා ඉන්නව කියල දැනුන මම ඉක්මනට නැගිට්ටා.. හීනයක් දැකලද? ඒක හීනයක්ද? අනේ දෙයියනෙ ඒක හීනයක් වෙන්න..

ඇඳෙන් බැස්ස මම දොරත් ඇරන් යද්දි දැක්කෙ ආදි අණ්ණගෙ කාමරේ ඉස්සරහා ඉඳගෙන ඉන්න ආදි අණ්ණයි, රාජුයි..

"අණ්ණා රුද්.."

ඒ එක්කම දොරක් ඇරුනා..

"සමාවෙන්න අපිට රුද්‍ර සර්ව බේරගන්න බැරි උනා..."

"ආහ්.. නෑ.. නෑ ඒක වෙන්න බෑ."

එක අතකින් බඩ අල්ලගත්ත මම එළියට ආවඩොක්ටර්වත් තල්ලු කරන් ඇතුළට දිව්වා එයාල මැශින් ගලවන්න ලෑස්ති වෙනවා..

"අනේ නැගිටින්නකො.. රුද්‍ර නැගිටපන්.. උඹ මට පොරොන්දු උනා මාව දාල යන්නෑ කියල නැගිටපන්.."

ආපු ආවේගෙන්ම මම පුලුවන් තරම් හයියෙන් රුද්ගෙ පපුවට අත මිට මොළවලාම ගහගන ගහගන ගියෙ අවසානෙදි රුද්ගෙ පපුවෙන් ඔළුවත් හයියෙන්ම ගහගද්දි..

"උඹ නැතුව මට කොහෙන්ද අණ්ණා ජීවිතයක්..."

ටී......ක් ටී....ක් ටී.....ක් ටී......ක්

A/N pov..

"ඩොක්ටර්... පේශන්ට්ගෙ හාට් එක වැඩ කරනවා..."

හදවත නැවතිලා විනාඩි දහයක් යන්න කලින් ‍රුද්‍රගෙ පපුවට රුහාන්ගෙන් ලැබුන සැර පහරවල් නිසා ඉලෙක්ට්‍රොනික් මැශින් වලටත් නැවත ජීවය දීමට නොහැකි වෙච්ච ඒ හදවත නැවත ගැහෙන්න ගත්තා..

"ප්‍රාතිහාර්‍යක්.."

ඉදින් මේ ප්‍රාතිහාර්‍ය ආදරේ නෙවේද?.. වටේ එකතු වෙච්ච ඩොක්ටර්ස්ලා රුහාන්ව එහාට කරල ආයෙමත් ට්‍රීට්මන්ට් පටන්ගත්තෙ අඬ අඬාම රුද්‍රගෙ රුහාන් බලන් ඉද්දි...

🍃

"වේදනාව නම් ගොඩක් තියෙයි.. හෙට උදේ පාන්දර වගේ සිහිය එයි... ඒත් ගොඩක් බ්ලීඩ් උන හින්දා ඒක ශුවර් කරන්න බෑ. ඇඳෙන් නැගිටගන්න මාසයක්වත් යාවි.. හොඳටම සනීප වෙන්න එයාට මාස දෙකක්වත් දෙන්න වෙයි"

ඩොක්ට කියද්දි සාවදානව අහන් ඉඳපු රාජ් ඔළුව වැනුවෙ අවසානෙ ඩොක්ටර්ස්ලා යන්න යද්දි...

Ruhan pov..

වෙනදට ආදරෙන් මගෙ දිහා බලන ඇස් වැහිල ගිහිල්ලා.. ආදරෙන් කතා කරන එයා අද කටට මුද්‍රා තියලා.. කියාගන්න බැරි පාලුවක් දැනුනත් අඩුම මට එයාගෙ පපුවෙන් ඔළුව තියාගන්නවත් බෑ මුළු ඇඟම බෙහෙත් වලින් වහල දාලා.. මං ඇල්ලුවොත් එයාට රිදේවි...

අල්ලන්න ගත්ත අත මං එහෙම්මම මිට මොළවන් බඩ උඩින් තියාගත්තා..

"අප්පාගෙ සින්න කුට්ටී.. මමාගේ සින්න කුට්ටී... ඔයා අහන්ද ඉන්නෙ... අප්පා දොයිනෙ කුට්ටි.. ඔයාටවත් බැරිද අප්පව ඇහැරවන්න ම්ම්.. මමාට පාලුය් කුට්ටි.. මගෙ කුට්ටිටත් පාලුයි නේද?"

"රුහාන් එන්න කාලා ඉමු.."

දොරෙන් ඇතුළට ආපු ආදි අණ්ණා කතාකරද්දි මම රුද්‍රට බැල්මක් දුන්නා...

"බඩගිනි නෑ අණ්ණා.. ඔයාල ක්-"

"රුහාන් බබා මේ.. මගෙන් ගුටිකන්ඩ ලෑස්ති වෙන්න එපා. රුද්‍ර ඇහැරුනාම මාවයි රාජ්වයි එක උණ්ඩෙකින් අපායට යවයි ඕකා එහෙමට එකා. ඔය දරුව ගැන හිතලවත් පොඩ්ඩක් කන්න. මේ ප්‍රශ්න වලට ඔය අහිංසක කොලුව පලි නෑනෙ දරුවො. කියන දේ අහල කන්න ඒ හින්දා.."

දරුව ගැන හිතන්න කියද්දි ඇත්තටම මට දුක හිතුන. මේ ප්‍රශ්න නිසා මගෙ අහිංසක කොල්ලට ප්‍රශ්නයක් වෙයිද.. එහෙම වෙයිද?..

"මං එන්නම්.."

"හ්ම්.."

අණ්ණා ආපහු යන්න යද්දි මම නිදන් ඉඳපු රුද්‍රගෙ නළලෙ පැත්තකට හාද්දක් තිබ්බා..

"ඉක්මනින්ම නැගිටින්න මගෙ රව්ඩියෝ.. මට හුඟක් පාලුයි.. මං හුඟක් ආදරෙයී...!"

🍃

"ම්හ්ම්..හ්.."

නින්දෙන්ම ඔළුවට දැනුන ස්පර්ශයට මම පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරළුනා.. කාමරේ නින්ද යන්නෙ නැති හින්දා මම ආපහු නැගිටල කළුවරේම රුද් ගාවින් නිදාගත්තෙ එයා නැතුව දැන් මට නිදියලත් පුරුදු නැද්දෝ.. කියල හිතන ගමන්. ආදරේ කරද්දි එහෙමලු... අණ්ණලා කාමරේ ඉන්න කියද්දි මං හොරෙන් ආවෙම ඒකලු..

අවසානෙ රුද්‍ දිහා බලන් ඉද්දිම නින්ද ගියපු මට දැනුන ස්පර්ශෙට මං ආය උඩ ගිහින් නැගිට්ටෙ එයා ඇහැරිලවත්ද කියල හිතන ගමන්..

දකින්න බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක් දැක්කම මම මොකද කරන්න ඕන.. සතුටු වෙන්න ඕනෙ..

ඒත් මගෙ දරුවගෙ අප්පා නැගිටලා ඇස් ඇරන් පුරුදු ආදරණීයම බැල්මෙන් මගෙ දිහා බලන් ඉද්දි මට ඇඬුනා..

"අනෙ මගෙ ම-හත්තයෝ.."

අඬාගෙනම රුද්ගෙ ඇඟිල්ලකින් අල්ලගත්ත මම එයාගෙ අත ඉම්බ.

"යෙන්න ම්-මගෙ ක්-කුට්ටි අඬන්නෙ.."

.........

කියාගන්න වචන නැතුව මාව ඇඬෙද්දි පුරුදු විදියටම ලෙඩ ඇඳේ ඉන්න මගෙ ආදරවන්තයා මගෙ හිත සනසන්න දාහක් කතා කියන්න ගත්තා..

____________________

නොදරුවට බයින්න එපා අනේ ජුක හිතෙනව...ම්හූ

මේ ආදරයයි වගේ නේහ්..😒

හා හා ආය මේ ආදරයයි වගේ මැරි මැරි ඉපදෙන්නෑ😗

(රහසක් කියන්නද...

තව චුට්ටා.........යී...)

ගිහින් එන්නං... ❤

ගුඩ් නායිට්..

Share This Chapter