Back
/ 51
Chapter 30

...තිස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"රුද්..."

මං ගෙදරම දෙක වෙන්න කෑ ගැහුවෙ එයාගෙ රව්ඩිලා හිනා වෙලා මාරුවෙද්දි..

බලන්න මේ මනුස්සයා මං නිදි අතරෙ එහා කාමරේට පැනලා මුළු කාමරේම නිල් කරලා.. ලොකු තොටිල්ලකුයි, අර කැරකෙන එකකුයි නැති දෙයක් නැති වෙද්දි මං දිහාට හැරුන රුද් අත් පිටිපස්සෙ මොනව හරි හංගගත්තා..

"මොකද්ද හංගන් ඉන්නෙ?"

"මම?"

"නැත්තන් මමද මිනිහෝ"

"පිස්සුද චෙල්ලකුට්ටී මං මොකුත් හංගගත්තෙ නෑ..."

ගෙවුන දවස් කීපෙට එයා මගෙන් ගුටි නොකෑවෙ පිහියකින්, මන්නෙකින්, පොරවකින් විතරයි...

"එහෙනම් මට වම් අත පෙන්නන්න"

මං කියද්දි එයා දකුණු අත පස්සට කරන් වම් අත ඉස්සරහට කරා..

"මේ.. හොඳට බලාගන්න.. ඔන්නුම් ඉල්ලේ.."

"අනික් අත.."

එයා ආයමත් වම් අත පස්සට අරන් දකුණු අත ඉස්සරහට කරා..

"හා දැන් අත් දෙකම.."

මං කියද්දි මූණ දෙක කරගත්ත එයා අත් දෙකම ඉස්සරහට කරේ මං ගිහින් එයාට තුරුල් වෙද්දි.

"මං දන්නව මගෙ මහත්තයා මොකුත් හන්ගන්නෙ නෑ කියලා.."

මං ශේප් එකේ එයාගෙ පිටිපස්සෙන් අත යවන ගමන් පිටිපස්සෙ ගහන් ඉඳපු පිස්ටල් එක උදුරල ගත්තෙ එයා ඔලුවෙ අත ගහගද්දි..

"රැවැට්ටුව නේද මාව.. මේ පොඩි එකා මමාව ඇට්ටර කරනව හරියට"

එයා මූණ දෙක කරන් කියද්දි මට හිනා යන්න ආවත් මං ගන් එක අත් දෙකෙන්ම අල්ලන් එයාගෙ මූණ දිහා බැලුව..

"මේක මොකටද?"

"ඇයී..."

"කියන්න ඇයි මේ?"

"ඕක සෙල්ලම් එකක් බබා.."

"පිස්සුද අණ්ණා මගෙ දරුව අතට ඔය වගේ දේවල් විහිළුවටවත් හුරු කරන්න එපා.. මට බෑ ඔයා වගේ- ම්-මං වගේ.. හ්හ්..

"ශ්.. කෝ කෝ නාඩා ඉන්න.. අපෝ අඬනවනෙ මේ කොල්ලා මගෙ.. අයියයියෝ මගෙ තංගම් අඬනවා.. මොකද මේ හොටුත් එනව ඈක්කේ..."

මාව උකුලට අරන් බේබි මැට් එකක් එළල තියන කාමරෙ බිම ඉඳගත්ත එයා මගෙ කඳුළු පිහිදල හොටුත් පිහිදලා මූණත් පිහලා ඇස් දෙකට හාදු දුන්නෙ මාව සන්සුන් කරගන්න වෙන්න ඇති.

"අඩේ මගෙ තංගම්ට හරීයට දුක හිතෙනවනෙ.. මොකෝ මේ ම්ම්.. එක වෙලාවකට තරහ යනව ආය අඬනවා.. මේ කොල්ලා මමාව දැන්ම එයාගෙ පැත්තට හරෝගෙනද?"

"අනේ යන්න රුද්.. ගන්ස් ඕන නෑ පුතාට.. මට බ්-"

"අකමැති දේවල් මම කරන්නෑ වස්තුව ඕන්නෑ හරිද.."

"ම්ම්"

මෝඩයෙක් වගේ ඔළුවෙත් නිල්පාට කොළ කෑලි..එයා පුතෙක් ඕන නිසාද මේ දේවල් කරන්නෙ.. අනේ ඒත් ගෑනු ළමයෙක් උනොත්.. මං හිමීට ඒ ඔළුව උඩ තිබ්බ චූටි චූටි ඩස්ට් එක වගේ දේවලුයි, කොළකෑලී අයින් කරන ගමන් එයාට කතා කළා..

"රුද්.."

"ම්ම්.."

"ඔයාට ඕනා පුතෙක්ද අයියෙ..?"

"ම්ම්... එහෙම එකක් නැහැ.. ඒ උනත් ඉතින් ඔයා වගේ ලස්සන. මං වගේ ශක්තිමත් පුතෙක් මුළින් හම්බෙනවට කැමතියි එතකොට පුළුවන්නෙ එයාට එයාගෙ නංගිලා මල්ලිලා දහ දොළොස් දෙනා හදාගන්න.."

"ආහ් ඇත්තද මහත්තයො ම්.. දොළහක් හදන්නද කල්පනාව.."

"ඇයි බෑ කියල හිතුවද මගෙ තංගම්..."

"අනේ මේ.. ඕවට එන්නෙපා හරිද.. පුතාවත් ළඟ තියන් වල් කතා කියනවා.. බලන්න කුට්ටී අප්පා හරීයට වලත්ත කතා කියනවා.."

"මොනාද ඔය මගෙ සින්න කුට්ටිට උගන්නන්නෙ ආහ්?"

"ඉල්ලේ එයාගෙ අප්පා කොච්චර වලත්තද කියල කියල දුන්නෙ.."

"ම්ම් ඇත්තට.."

එයා බිම ඉඳගනම මාව තව ටිකක් එයාට තුරුල් කරගත්තා..නෑ එයා මට තුරුල් උනා.. පිටිපස්සෙන්..

මට ඇහුන එයා හරි සැහැල්ලු හුස්මක් පාත දානවා.. එයා එළියට යන හැම දවසකම එන්නෙ පුදුමාකාර තරහක්, කලකිරීමක්, තව කියවන්න බැරි හැඟීම් ගොඩාක් ඇස් වල ලියවන් වෙද්දි ගෙදරට අඩිය තියනකොටම එයා ගාවට දුවන් යන මාව දැක්කම හැම ප්‍රශ්නයක්ම එයාට අමතක වෙනවා.. අද නම් එයා මං නිදාගන්නකල් ඉඳල හොරෙන් ගිහින් මේව අරන් ඇවිත් තියෙන්නෙ.

ආදරණීයයි වගේ නැද්ද?

මං හිතුවෙ නෑ.. මුළින් උණ්ඩයක් බස්සගන්න එපා කියපු මනුස්සයා මට ආදරේ කරනව කියලා.. ඊටපස්සෙ බලෙන්ම මාව මෙහෙට ඇදන් ආව මනුස්සයා මට මෙච්චර ආදරේ කරයි කියලා. අවසානෙදි අපි මැරි කරාවි කියලා.. ඒකත් රෙජිස්ටාර්ගෙ ඔළුවට ගන් එකක් දික් කරල....

හිතාගන්නම බැරි දේ මුළු රටම නමක් දැනන් උන්නට රූපයක් නොදන්න හිත් පිත් නැති මැරයා... මෙච්චර ආදරණීය හස්බන්ඩ් කෙනෙක්.. අප්පා කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා. මට හිතුනෙම දැන් කාලෙකින් ප්‍රශ්නයක් නොවුන නිසා ආයෙමත් මොකුත් නොවේවි කියලා... ඔව් සමහරවිට එහෙම වෙයි.. හැමදාම දෙවියන්ට වැඳල මම කියන්නෙ මෙච්චරයි.. මටයි මගෙ රුද්ටයි සතුටෙන් ජීවත් වෙන්න දෙන්න කියලා....

"පාපා.. මොනාද කල්පනා කරන්නෙ.."

මගෙ බෙල්ල අස්සෙ මූණ ගහගත්ත එයා ඇහුවෙ මං ඒ කපපු රැව්ල ඇනිලා ඇතිවෙන කිචියට දඟලද්දි..

"අනේහ්හ් කුචිනෙ අයියෙ..."

"සෙන්සිට්ව් වැඩි ඔයා මේ දවස් වල.."

"ම්හ්ම්..අනේ.."..

මගෙ බෙල්ල දිගේ තෙත හාදු තියන් තියන් හිමීට මං ඇඳන් උන්න එයාගෙම ටී ශර්ට් එක අස්සෙන් එයාගෙ අත මගෙ බඩ ස්පර්ශ කරද්දි මං හිනාවෙවී ඇඹරුනා..

"අනේ මට කුචී අණ්ණා.. කුට්ටි බලන්ඩ ඔයාගෙ අප්පා මමාට දුශ්ටකම් කරනවා.."

"දෙයියනේ දරුවට කේලම් කියන්නත් ගත්තද?"

"ඇයි?"

"අම්මෝ..නෑ නෑ.. ඔන්නුම් ඉල්ලේ.."

දිග නිහැඬියාවක් අපි අතරෙ ඇතිවෙද්දි එයා හිමින් අතක් උඩට උඩට ගෙනල්ල මගෙ නිපල් එකක් ඇඟිලි තුඩු වලින් ඇල්ලුවෙ මට තරු විසිවෙද්දි..

"අහ්හාව් අනේ රිදෙනව ම්හූ~"

"ඕහ් ශිට්.. මට සමාවෙන්න කුට්ටි.. කොහෙද ඉතින් මං දන්නෑනෙ කලින් බබාල හදල නෑනේ..."

අත එහාට කරපු රුද් හිමීට මගෙ ඇඟම සිනිදුවට අතගාන්න ගත්තෙ මට ආයම සනීපෙට නින්දයන්න එද්දි..

"කුට්ටි නිදාගන්න එපා කාලා ඉමු හරිද.."

"අනේ..."

"නෑ නැ කන්න ඕන.."

මගෙ කම්මුලක් හිමීට හපල ආය එතනින්ම තොල් තද කරන් ඉඳපු රුද් හිනාවෙලා මාවත් උස්සන් නැගිට්ටා..

"ගමනක් යමුද?"

"කොහෙද?"

"ලොකු තැනකට එක්කන් යන්න බෑ.. ලොකු දුරකටත් බෑ.. ඒත් ළඟ තියන තැනකට අරන් යන්නම්..ලස්සන.."

"අනේ.. හා.. රුද් යමුකෝඕඕ"

"ඇඳුමක් දාන් ඉමු හොඳද.. රෑවෙන්න කිට්ටු හින්ද එළිය සීතලයි.."

"හ්ම්.."

අපෙ එන්න ඉන්න කුට්ටිගේ කාමරේ වහපු එයා මාවත් උස්සන්ම අපෙ කාමරේට ගිහින් මාව ඇඳ් උඩින් තිබ්බා. එයා මාව ගොඩාක් පරිස්සම් කරනව. කන එක පවා දෙපාරක් බලල දෙන්නෙ. වෙලාවකට මට ඊරිසියත් හිතෙනව මට වඩා බබාට ආදරේ වෙයිද කියල. ඒව කොහෙද..

"ම්.. මේක ඇඳගන්න.."

"අනේ කකුල් ඔච්චර දිග කාසමක් එපානෙ රුද්..අර කෙරෝලේ එක ගන්නකො.."

"සීතල අල්ලයිද දන්නෑ.."

"අනේ ම්හුක් පණ්ඩිත වෙන්න එපා එහෙම වෙන්නෑ කියන දේ අහල දෙන්නකො.. දැන් ඇඳගන්න එළියට යනව.."

"මුඩියාද..මං යන්නෑ."

"අනේ පලයන්කො මිනිහො.."

"හා හා කට.. කට කඩනව කුණුහර්ප කිව්වොත්.."

බැනුං අහල මං එයා ඉද්දිම ඇඳුම් ඇඳගත්ත.

"රොම්බ අලගාර්ක ඩා.. මගෙනෙ.."

උඩින් කළුපාටම ටී ශර්ට් එකක් දාගත්ත රුද් මගෙ අතින් අල්ලන් හිමින් හිමින් පඩිපෙළත් බැහැල කාර් එකට නැග්ගෙ එන්න හදපු රාජ්ව නවත්තලා.. ආරක්ශාවක් නැතුව මෙහෙම යන එක හරිද?

අනේ මංදා...

_______________________

කලින් ආවා...

හවසට වයිට් ලෝටස් එකෙන් එන්නම්. ඒකනං ලියන්න වස කම්මැලී අනේ. මාත් ඔහේ ලියනව ඒක කියවන රීඩර්ලත් ඔහේ කියවන් යනව. හෙනාතල්😂

පරිස්සමෙන් ඉන්න...

දවස සුභ වේවා මෙත්මල් පිබිදේවා..

ගුඩුම්

Share This Chapter