Back
/ 51
Chapter 2

...දෙවන පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"ඉප්පොලුදු නාම් යෙන්න සෙයිය?"

විශ්වා ඇහුවා.වෙද්දි අර මිනිස්සුන්ට බැනල ආපු ඒමට අපි හිටියෙ අර හිටපු තැනින් කිලෝමීටරේකටත් වඩා එහා.

"තම්බි ඉප්පෝ නී වීට්ටුක්කු පෝ"

"සරි අන්නා. රොම්බ නන්රි අන්නා"

"ලූස. පෝඩා."

ඒ කොල්ලා යන දිහා බලන් ඉඳපු මමයි විශ්වායි දෙන්නා කැන්ටින් එකට ආවෙ බඩට මොනාහරි දාගන්න. ඇත්තටම මට ඒ මිනිහා එක්ක තරහායි. මාව බය කරා. ඒ මදිවට කොච්චර අහිංසක කොල්ලෙක්වද මරන්න ඇවිත් තියෙන්නෙ. අනිවාරෙන්ම කාගෙ හරි කටු කන එකෙක් වෙන්න ඇති. මට ආවෙ තරහක්. මාත් ගහනව ඒ උනාට ටැටූ එකක්. ඉඳුකො වෙලාවක් එයිනෙ. අප්පා මිසින් වෙච්ච ගමන් කුම්කුවෙ එකක් ගහනව. එතකොට මං බඳින එකාට තමයි බලන්න දෙන්නෙ. ම්ම්..

කාල අපි ඇවිදින්න යන්නැතුව ගෙදර යන්න ගියා. අනේ ඇති අදට මහන්සි අප්පා. අර රව්ඩි අයියලා එක්ක රණ්ඩු වෙලා. විශ්වා එයාලගෙ ගෙදර යන්න ගියා වෙද්දි මං මගේ ගෙදරට ආවා. ගේ දකිද්දි මට දැනුනෙ සතුටු හැඟීමක් අද ඔලුව විකාර උන තරමට මට ඕන කලේ ඇඳට පැනල නිදාගන්න වෙද්දි මම මුලින්ම ගියෙ අප්පා හොයාගෙන. අනිවාරෙන් ඔෆිස් එකේ ඇති.

"අප්පා..."

"වා යෙන් සින්න කුට්ටී..."

අප්පා හිටියෙ ෆයිල් ගොඩක් මැද වෙද්දි එයා ෆයිල් එක එහෙම්ම අතෑරල ඇඟට පැන්න මාව අල්ලගත්තා.

"එන්න ප්‍රච්චනේ ඩා.."

"ඔන්රුම් ඉල්ලේ අප්පා. මිස්ඩ් යූ"

"පෝ පෝ පෝයි කුලික්ක වා"

"සරි ලව්යූ පා"

"නානුම් කුට්ටී"

ම ආවා. අප්පා හොඳ මනුස්සයා. අම්මා අප්පාගෙන් අයින් වෙලා ඉන්න නම් මං හේතුවක් දන්නෑ. ඒත් අප්පා හැමවෙලේම අම්ම ගැන හොයල කියල මට තේරුනා. අම්ම ගැන විතරක් නෙමෙයි මං ගැනත්. මොනා හරි ඕන උනොත් මොනවද ඕනෙ අහම්නැතුව මට ඒ දේ ගෙනල්ල දෙන්න තරම් අප්පා මගෙ හිත තේරුම් අරන් තිබ්බා.. කාමරේට ඇවිත් වොශ් දාන් මං එහෙම්ම ඇඳට පැන්නා.. වගේම මං ආස කරපු සිංදුවක් දාගත්තා. මං කවද හරි ආදරේ කරන මනුස්සයව මගෙ ඇස් වලට දැක්ක ගමන්ම බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකට මේක ප්ලේ වේවා කියල මං ප්‍රාර්තනා කරා.. ඇස් වලටඋදේ හම්බුන රව්ඩිව මතක් වෙද්දි මං ඉක්මනට ඔලුව ගසල දාලා ඇස් වහගත්තා... මොන මගුලක්ද. මූව මට පේන්න බෑ.

*

*

*

*

*

ඩෝං ඩෝං...

පල්ලෙහින් ඇහුන දෙදරලා යන සද්දෙත් එක්ක මාව ඇහැරුනා. වෙලාව කීයද? මගෙ ඇස් ගියෙ බිත්ති ඔරලෝසුවට වෙද්දි මම වෙලාව අටයි හතලිහයි කියල දැනගත්තා. මෙච්චර වෙලා නිදාගෙනද?

දඩස්...දඩස්

මොකද්ද පල්ලෙහ වෙන්නෙ? දෙයියනේ මට බය හිතුනා. මං දන්නව මං බයවෙලා හරියන්නෑ මාත් පිරිමියෙක් මං දන්නව මං නිර්භීත වෙන්න ඕන ඒත් දෙයියනෙ මේ දොර ලොක් කරලනෙ මං පුළුවන් තරම් අගුල කරකලා දොර අරින්න හැදුවා.. බෑ ලොක් කරලා. අනේ අප්පා බයමාර්ක අප්පා. මං හිතින් අප්පාට කතා කරා.

ආහ්..

දඩස්..

අප්පා කෑගහනවා..මගෙ බඩපපුව රත් වෙලා ගියා මං හයියෙන් දොරෙ හැප්පුනා. එකපාරක් දෙපාරක් ඊටත් වඩා දිගින් දිගටම මං දොරෙ හැපුනා. අනේ මට අප්පා ගාවට යන්න ඕනෙනෙ. මං ආය දොරේ හැප්පුන මං හිතන්න මගෙ අත කැඩුනා. තදට වේදනාව දැනෙනකොට මං කොහොමහරි දොරෙන් මෙහාට වෙලා දිගටම දොරට ගැහුවා. අත කැඩිලා මට දැනෙනව මං මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මට රිදෙනව. මං දිගින් දිගටම කෑගගහා දොරට ගැහුවා. අතෙන් වැඩක් නෑ කියල මට හිතුනා. මට ඕන කරේ දොර කඩන් අප්පා ගාවට යන්න වෙද්දි අපේ ගෙදර ඉස්සරහින් හයියෙන් ආව වාහන වගයක් නවත්තනව ඇහුන වගේම හයියෙන්ම වෙඩි සද්දයක් ඇහුනා. අනේ මගෙ අප්පා මං දොරෙන් මෙහාට වෙලා ඉක්මනට මොකක් හරි හෙව්වා. වීදුරුවක් වත්?

"ආහ් හම්බුනා.."

මං ලොකු පිත්තල වාස් එකක් අරන් දොරේ වීදුරුකෑල්ල කැඩෙන්නම ගහල එතනින් අත දාලා ඉබ්බව අල්ලල අතේ තිබ්බ හැට්ටකට්ට ඒක අස්සෙ ගැහුවා. තව ටිකයි අප්පා මං එනව. පල්ලෙහ වෙඩි වරුසාවක්ම ඇහෙනකොට මම වීදුරුකටු අස්සෙන් අතදාලා දොර අරින ගමන් හිටියා. අනෙ මගෙ අප්පා.. මගෙ අත කැපුනත් මට ගානක් තිබ්බෙ නෑ. මං අන්තිමේ අතේ කැපුම් පාරවල් දහයකටත් වැඩිය හිට්ටවන් දොර ඇරන් තිබ්බා. කකුල් දෙකට පණ අරන් යද්දි මට හයියෙන් කෑගහනව ඇහුන.

"පොඩි එකාව හොයපල්ලා"

ඒ එයා. උදේ ආව කෙනා. මගෙ අත කැපිල ලේ ගොඩක් ගියා වගේම කැඩුන අතද උරහිසද මංදා අසීමිතව වේදනා දෙනගමන් තිබ්බා. අනේ මගෙ අප්පා.. ඇයි එයාද මේ ප්‍රශ්න ඇති කරේ? මං උදේ මැදට පැන්න නිසා? මං පඩිපෙල අඩියට දෙකට බැස්සා වගේම අන්තිම පඩියට පඩි පහකට විතර කලින් අඩි තියල පහලට පැන්නා උනත් මාව මගෙ තුවාල ඇඟට දරාගන්න බැරුව ගියා. මාව විසි වෙලා ගියා වගේම මං ඇස් තද කරල වහගත්තෙ බිමට වැටෙන්න බලාගෙන.

"ශිට්. බලාගෙන රුහාන්"

මං දන්නව මං වැටිල නෑ. උදේ මට ඇහුන අහංකාර කටහඬ වෙනුවට දැන් ඒ කටහඬ කලබලකාරී වෙලා මං ඇස් ඇරිය ගමන් එයාව අහකට තල්ලු කරා වගේම සාලේ පුරාවට ඇස් යැව්වා. මිනිස්සු ගොඩක් වැටිලා හිටිය උනත් මගෙ ඇස් හෙව්වෙ අප්පාව. අනේ අප්පා. මං එතන ඉඳපු හැම එකාම පෙරළ පෙරළ අප්පා හෙව්වා.. නෑ මෙයා නෙමෙයි

"මෙයාද?"

"නෑ නෑ මගෙ අප්පා නෑ"

"මගෙ අප්පා කෝ"

"යෙංග ඩා එන් අප්පා?"

හිමින් හිමින් කිය කිය ඉඳපු මම අප්පා කෝ අහද්දි කෑගැහුව උනත් මගෙ ඇස් ගියෙ සාලේ අයිනක වැටිල ඉන්න මගෙ අප්පා දිහාවට වෙද්දි මං එතනට දිව්වා. ඒ උනත් අසුරන්.. ඔව් එයාගෙ රව්ඩිලා මාව නවත්තන්න ආවා. එයා එපා කියල සිග්නල් කරද්දි කට්ටියම එතන අස් කරන්න ගත්ත වගේම මං අප්පා ගාවට දිව්වා. අනේ මගෙ අප්පා වැටිලා.

"නීංගල් අවරෙයි යෙන්න සෙයිගිරදෙ?"

"අනේ අප්පා...එලුන්දිරු අප්පා"

"මාව දාල යන්නෙපා අප්පා.."

"අනේ අප්පා මට රෑට කවන්නකො අප්පා බඩගිනී අප්පා"

"අනේ යෙන්න අප්පා මේ."

"මොකද මේ අනේ නිදිනේද අප්පා"

"ඩේ රව්ඩි අප්පට නැගිටින්න කියනවකො ඕයී"

මං කෑගැහුවා. අප්පා නිදි ඔව් අප්පා මාව දාලා ගිහින් කියන දේ පිළිගන්න බැරුව මම කෑගැහුවා. මට හිටියෙ අප්ප විතරනෙ. කොහොමද සාමී මගෙ අප්පවත් ගත්තේ? මං කොහොමද ජීවත් වෙන්නෙ. අනේ අප්පා.. මගෙ ඇස් වලින් කඳුළු ආවා. ආවා නෙමේ කඳුළු එකතු කරා නං සමහරවිට බේසමක් එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති.. රව්ඩි අප්පව මරලා.. අනේ මගෙ අප්පව මරලා.. මං අතක් මිටමොළ්වල පපුවට ගහගන්න ගමන් කෑගැහුව. මං දිහා බලන් ඉඳපු අසුරන්ගෙ ඇස් මගෙ තුවාල දැකල ගැස්සුනා. ඒ එක්කම එයා අපි ගාවට එද්දි මං මගෙ කැඩුනු අතත් අල්ලං කෑගැහුව. අප්පා මං අප්පව පවා තුරුල් කරගත්තා.

"මෙතන අස් කරල ගේ ගිනි තියපන්. මිස්ට සෙල්වනායගම්ව ගනින් අවසන් ගෞරව දක්වන්නෝන"

සිංහලෙන්ම කියල එයා අපි දිහාට ආවා

"ආ මිනීමරුවා මටයි අප්පාටයි ඉන්න දීලා පලයාන්"

කිසිම දෙයක් ගනන් නොගත්ත එයා මාව ඇදල එයා ගාවත අරගෙන මගෙ අත දිගේ ඇස් අරන් ගියා. මං දිගට ම කෑගැහුව උනත් මගෙ ශක්තිය වැය වුනා. මං හිතන්නෙ ඇඟේපතේ අමාරුයි අප්පා මෙහෙම දැකලයි මගෙ දරාගැනීමෙ උපරිම සීමාවට ආවා වෙද්දි වටපිටාවම කළු වෙලා ගියා....

*

*

*

ටීක්...ටීක්...ටීක්...

දැනුන උණුහුමත් එක්ක එකට ඇලිලා තිබ්බ ඇස් පිහාටු මම ඇරගත්තා. මෙතන මට කොහෙත්ම හුරු නෑ. අනේ මං දැක්කෙ හීනයක් වෙන්න. මං දැක්කෙ හීනයක්. මටම මතුරගත්ත මම අත තියල ඇඳෙන් නැගිට්ටා උනත්..

ආව්

මාව ඇඳටම වැටුනා. අනේ අප්පා. මගෙ අත එක අතක් සම්පූර්ණෙන් බෙහෙත් කරල බැඳල තිබ්බ වගේම අනික් අත නිදහසේ තිබ්බා. දැනිච්ච අමාරුවට මම එහෙම්ම ඇඳේ වැටුනා. ඒ කියන්නෙ ඒක හීනයක් නෙමෙයි. මගෙ අප්පා..මගෙ අප්පා දැන් මාව දාල ගිහින්ද? මට මතක් උනේ ඊයෙ සිද්දිය වෙද්දි මගෙ අත් මිට මෙලවුනා.මං උඹට වෛර කරනව අසුරන්. මම අමාරුවෙන් ඇඳෙන් නැගිටිනවත් එක්කම දොර ඇරුන.

"නීංගල් එළුදුවිත්තීර්ගලා?"

'සුප්‍රසිද්ධ දියමන්ති ව්‍යාපාරික මනිමේන්ද්‍ර සුභ්‍රමනියම් මහතා සහ ඔහුගේ පුතණුවන් ඊයෙ සවස නිවසේ ඇති වුන හදිසි ගින්නකින් අභාවප්ප්‍රාප්ත වෙලා ඇත.'

______________________________

නැගිට්ටද අහනව. අනේ අපිනං නෑ. ලැන්වේජ් ඕකේද ළමයි?

ඩබල් අප්ඩෙට්. මං මේ කතාව දෙන්නෙ මෙහෙමයි

දැන් හිතන්නකො මං තුන්වෙනි චැප් එක දාන්ව කියල. ඒ දාන්නෙ හතර කලින්ම ලියල

මට කතාව කෝමද කියන් යන්න. මොකද හිතෙන්නෙ

Share This Chapter