Back
/ 51
Chapter 16

...දාසයවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"මේහ් උඹෙ සුදුමහත්තය හුරතල් නොකර පොඩ්ඩක් මෙහෙ වරෙන්කො කසාදෙ කරතෑකි පොඩී අ-අහ් නෑ කැහ් කැහ් අල වගයක් මදි පොඩ්ඩක් වරෙන්කො.."

රුද්ට මොනාහරි කියම් ආව රාජ් කැහැ කැහැ ආපහු හැරෙද්දි මම වගේම රුද් ඉන්න තැනින් නැගිට්ටා. මොකක් වෙලාද කසාදෙට. ඇයි මට එයාල මුකුත් නොකියන්නෙ අනේ..

''මොකක් වෙලාද රුද්.."

"මගෙ තංගම් ඉඳගෙන ඉන්න. මං එන්නං"

රුද් රාජ් එක්ක යන්න ගියා. මං විතරක් ඉඳගන මොනා කරන්නද මාත් නැගිට්ටා. හරි හෙට අපි බඳිනවා. බඳින්න කලින්ම හනිමූන් ගිහින් ඉඳපු මම අපහසුවෙන් නැගිටලා අඩි දෙක තුනයි ඇවිද්දෙ.. ඔව් හරියටම අඩි දෙක තුනයි...

"ආ.. ආ... මොකෝ මේ කක්කුට්ටා වගේ ඇවිදින්නෙ?"

හරිනෙ ඔය කරෙ.. අම්මා නා උන්නෙයි කොන්නුඩුවේන් රුද්

මං රුද්ටත් දෙහි කප කප ආපහු ඉඳගත්තා මං දන්නව මගෙ මූණම රතු ගහල ඇති දැන්. මගෙ ඉස්සරහට ආවෙ රුද්ගෙ අනිත් සහචරයා මූ නං ටිකක් හොඳයි.. මිත්‍රන් ඇවිත් මගෙ එහාපැත්තෙන් ඉඳගත්තා. රුද්ගෙ යාලුවටත් වඩා බොඩිගාඩ් කියන චරිතෙ ආරූඩ කරන් ඉඳපු මිත්‍රන් හිනා උනේ පවා එක වෙලාවකට විතරක් වෙද්දි රාජ් ආපු එකත් එක්ක එයා ටිකක් වෙනද ජීවිතෙන් එලිබැස්සා. සමහරවිට යාලුවො හම්බුන නිසා වෙන්න ඇති..

"කෝ උත්තරයක් දුන්නෙ නෑනෙ?"

"ම්-මොකක්?"

"කක්කුට්ටෙක් වෙලා මොකෝ මේ?"

"අහ්-ම්-මේ නිකන් මේ ඇඳෙන් ඔව් ඇඳෙන් වැටුන හිහි"

"ඉතින් ඒක කියන්න ඇයි ගොතගහන්නෙ ඈ.. යමක් සිදුවෙලා තියෙනවා.."

මිත්‍රන් මට මහම මහ කුණු හිනාවක් දැම්මා. යකෝ මේක හරි මගුලක් උනානෙ. හනිමූන් එකේදිත් කරන ඒව බලන් ඉඳීද.. එක්කො රුද්ට කියන්න ඕන හනිමූන් එක පිටිපස්සෙ තියන පූල් එකේවත් ගමුයි කියල. රුද්ගෙ රූම් එකට වඩා ඒක ගාව තියන රූම් එක හරි සැප පහසුයි. සීතලයි මං කැමතියි.

"ඈ රුද්‍ර ඇයි මේ අපෙ කුට්ටි බකලෙට ඇවිදින්නෙ?"

"අලියෙක් පාගලා''

ඒක විතරක්ම කියපු රුද්‍ර ඇවිත් මගෙ එහාපැත්තෙන් ඉඳගෙන මාව තුරුලට ඇදල ගද්දි මමත් එයාගෙ බඩ වටෙන් අතක් දාගන ඒ පපුවට තුරුල් උනා. ආදරණීය වෙලාවල් කඩාකප්පල් කරන්න එන කෙනෙක් ඉන්නවනෙ මොන කතාවෙත් ඉතින් අපෙ කතාවෙ දුශ්ටයෙක් ඉන්නවා නං දුශ්ටයටත් අන්ත ඇනේ තමයි දැන් මෙතනට පැන්නෙ.

"මං නැතුව මොනාද කට්ටිය කියවන්නෙ?"

එතන ඉඳපු අපි හතරදෙනාගෙම මූණවල් ඇදවෙලා ගියා. මගෙයි රුද්ගෙයි මිත්‍රන්ගෙයි හරි කියමුකො...ඒත් ඇයි රාජ්? එයාගෙ අක්කනෙ? නොදන්න යමක් තියෙනව කියල මගෙ ඇන්ටනා වලට අහුවෙනවා.. ඒ මොකද්ද? මං දැනගත යුතු දෙයක්ද? නැතුව ඇති සමහරවිට

"අ-ක්කෙ වැඩ නැද්ද කිචන් එකේ?"

"නැහැ ඉතින් කියන්නකො රුද්‍ර.. දැන් කොහොමත් අසම්මත දෙයක්නෙ ඔයාල කරන්න හදන්නෙ. ඉතින් මං හිතන්නෑ ඔයාලගෙ මැරේජ් එක රෙජිස්ට කරන්නවත් කවුරුත් එයි ද?"

ඒ මොකක්ද ඒ? නොදන්න යමක් වෙලාත? මං තව ටිකක් "මගෙ රුද්ගෙ" බෙල්ල අස්සෙ මූණ ගහගන තව ටිකක් තුරුල් වෙද්දි එයත් මගෙ ඉනෙන්ම අල්ලලා තව චුට්ටක් ඇඟට තද කරන් පිටට තට්ටු කීපයක් දැම්ම. මං බලාගන අරකිගෙ අත් මිටමෙළවෙනවා..

තව කරවෙයන් ඇටකෝටු වුත්ති

"ඒ සේරම අපි ඇරේන්ජ් කරා.."

"කොහොමද? ඒ- ඒක වෙ-වෙන්න බැනෙ"

"ඇයි අක්කෙ බැරිවෙන්නෙ? ළඟම කෙනෙක් හැම කෙනෙක්ටම හිතාගන්න බැරිතරම් සල්ලි දීලා තර්ජනේ කරලා ඇවිත් තියනවා මුන් දෙන්නගෙ මැරේජ් එකට ඇග්‍රි නොවෙන්න කියල?"

"ක්-කවුද?"

හරි ගොත ගැහෙනවා. ඇටකෝටු වුත්ති තමා සේරම කල්ලා තියෙන්නෙ වෙද්දි මං ඒකි දිහා බැලුවා. අඟලක්වත් එහාට මෙහාට නොවී මං කෙලින්ම ඒකි දිහා බලද්දි ඒකි මං දිහා වගේම රුද් දිහා බලල අහක බලාගත්තා

"යෙන්න අක්කා මේ ගොතගහන්නෙ ම්ම්? දාඩියත් දාල.. බයවෙන්නෙ මොකටද අක්කෙ?"

ඒ රුද්. මෙච්චර වෙලා කට වහන් ඉඳපු රුද් කට ඇරල කතා කරද්දි ඒක මට තනිකරම ඇහුනෙ සිංහ ඝර්ජනාවක් තරන් ගැඹුරුවට.

"බ්-බය?මම? විකාරද මල්ලි අම්මට එන්නම් කියල ආවෙ මං එන්නං"

මං බැලුවෙ රාජ් දිහා.ඒ ඇස් පවා රතු වෙලා තියෙද්දි මට හිතාගන්න බැරුවගියා. සාමාන්‍යෙන් මල්ලිලා අක්කලාට ආදරෙයි එහෙමනෙ? අනේ මංද ඒ උනාට රාජ්ට රුද්ට විතරක් දෙවනි වෙන තරන් ලස්සනක් තිබ්බත් අක්කා සම්පූර්ණෙන්ම වෙනස්. මූණ අමුතු කහපාටක් වෙච්ච අක්කගෙ අත් දෙක ලා දුඹුරුපාටයි වගේම කකුල්? කකුල් දුඹුරුයි.. ක්‍රීම් ගාල සුදුවුන වුත්ති. මගෙ රුද්ගෙ කරේ එල්ලෙන එක හීනයක් තමයි. උඹෙ හුළඟක්වත් වැදෙන්න දෙන්නෑ මං ජීවත් වෙනකන්. රාජ්ගෙ අක්කා ගැන මහ නරකම හැඟීමක් දැනෙනකොට මම ඒ ගැන වැඩිය නොහිතා හිටියා. ඒ හැඟීම කියාගන්න බැරි තරන් නරකයි. සාමාන්‍යෙන් මගෙ ඇන්ටනා එහෙම කියනව නම් ඒක එහෙම්ම තමයි..

.

.

.

"මා රාජ්ගෙ අක්කට කිසිම වැඩක් කරන්න දෙන්න එපා"

"යෙන්න ප්‍රච්චනේ කුට්ටි. අවල් රොම්බ නල්ල පුල්ලෛ"

"ඉල්ලෙ මා. කියන්ඩ ඕන දේවල් තියනවා... ඕන්නැති දේවල් තියනවා. පුලුවන් තරම් කෑම උයන කරන සරසන දේවල් වලින් ඒකිව ඈත් කල්ලා තියන්න"

"අනේ කඩවුලේ.. යෙන්න මේ. මට හිතාගන්න බෑ අප්පා. අපෙ පොඩි කුට්ටිට කරදරයක් නොවෙනව නම් එච්චරයි"

අම්ම රුද් එක්ක කියවනව මම අහන් හිටියා. මේ වෙද්දි මං හිටියෙ මං වගේ දෙගුණයක්ම ලොකු මනුස්සයගෙ ඇඟේ එල්ලිලා. මං හිතන්නෙ රුද් වැඩ කරද්දි මට ඇඟ උඩම නින්ද ගියා. දැන් මං ඉන්නෙ රුද්ගෙ උරහේ. එයා මාව වඩාගනද? ඔව් හරියට දරුවෙක් වඩාගන්නවා හා සමානව එයා මාව වඩාගන තියෙද්දි මං තව ටිකක් ඒ ඇඟේ උණුහුමට තුරුල් උනා

"කුට්ටි රුද්‍ර.. අදවත් රුහාන් කුට්ටිව එයාගෙ කාමරෙන් තියන්න. හෙට ඉඳන් හැමදාම ඉන්ඩ පුලුවන්නෙ අප්පා. චාරිත්‍රයක්වත් හරියට නොකරාපු එකේ"

"සරි මා.. නා වරේන්"

රුද් මාවත් උස්සන් පඩි නැග්ගා. මට බැහැගන්න ඕන උනා එයාට මහන්සි හිතුනොත් පව්නෙ. මං එහෙම්ම එයාගෙ ඇඟේ ඉඳන් ඇහැරෙනව වගේ පොඩි ඇක්ට් එකක් දැම්මා

"යෙන්න යෙන් චෙල්ලකුට්ටි නැගිට්ටද ම්ම්"

"ආමා"

"යෙන්න වේනුම් උනක්කු?"

"නී වේනුම් රුද්‍රා"

"නා උන්නෙයි තාන්"

"තෙරියුම්"

"බහින්න එපා මට බර නෑ මගෙ තංගම්නෙ"

මං බහින්න දඟලද්දි එයා මාව තව ටිකක් උඩට අල්ලලා හිර කරගත්තා. ඉතින් මගෙ ආදරණීය මනුස්සයා.. හෙටින් මමත් එයත් එක්කෙනෙක්.. වගේම මගෙ නමේ අගට එයාගෙ නම එකතුවෙනවා. ආසාවක් එක්ක මහ අමුතු හැඟීමක් මට දැණුනා. ඒක සතුටක් දෙයියනේ මං මේ මනුස්සයාට පණ තරන්ම ආදරෙයි

___________________________

අද චුට්ටයි.. පොරොන්දු වෙනව හරිද ඊගාවට ටිකක් දිග එකක් ගේන්නම්,

ඒහෙනං වෙඩින් එකට ලෑස්ති වෙලා එන්න. ඩ්‍රෙස් කෝඩ් එක ටැමිල් හර්ත.

කෑමත් තියනව හොඳට යන්න එන්න කරන්න අමාරු අයට හනිමූන් කාමරේ ගාවින් කාමර බුක් කල්ලා දෙන්නම්

මං ගියා ඒනං

ආදරෙයි අහස තරන්

වෝට් කමෙන්ට් වලට තැන්කිව්

Share This Chapter