Back
/ 51
Chapter 14

...දාහතරවෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"...ඉංකි පිංකි පොංකී....

ඩෑඩි බෝට ඩොංකී....

ඩොංකි ඩායි ඩැඩී ක්‍රායී...

ඉංකි පිංකි පොංකී..."

මං මේ ටික්ටොක් එකෙන් අල්ලගත්ත සිංදු කෑල්ලක් කියනව. රුද් උදේ නැගිටල කෑම මේසෙදි හැමෝම ඉස්සරහ කිව්ව එක මතක් වෙද්දි සිංදු කියවිල්ල එහෙම්ම නැවතිලා මාව චෙරි ගෙඩිය වගේ රතු උනා.

.

.

.

"කෝ මෙහෙ එනවා. පච්ච පේන්න බොත්තං ඇරන් යනව කාට පේන්නද ඔය ආ? ඇත්තමයි හරිම වේස්---"

"කට මහනව කුනුහර්ප කිව්වොත්"

"ඒක හරි මගුලක්නෙ අනේ අයියෙ මාර නීති ඔයාගෙත් තියෙන්නෙ. කතාවෙන් කතාව මාව රවට්ටලා බොත්තං ඇරගන යන්න නේද මෙහේනව මෙහේනව ඕක දාන්න ඉඳපියකො මාත් ගහනව කුක්කුවෙ එකක් තිබ්බට වැඩක්නෑ කියල"

"ම්ම් ඇත්තට තිබ්බට වැඩක් නැද්ද ම්ම්?"

මේ මිනිහට ඇහිල තියෙන්නෙ ඒක විතරක් වෙද්දි මං බිත්තියෙ ඇලෙන්නම එයාගෙ ඇඟට හිර උනා. අනේ වනචර මිනිහා මට අතවර කරනෝ

"කෝ බලන්න තියෙනවද කියල.."

"අ-අනේ මේ අයියෙ මේ ඔ-ඔයා ම්-මේ අහිංසක කොල්ලොන්ට අ-අතවර ක්...හ්බ්ක්ක්"

"අතවරතමා මගෙ පිස්සු මගුල. කෑම මේසෙන් ඉඳගන්න කවන්න."

ශර්ට් එකේ අත නව නව එයා ඉඳගද්දි මාත් එහාපැත්තෙන් ඉඳගත්තා. මනීශායි මනීශයි දෙන්නත් ඇවිත් ඉඳගත්තම අම්ම කිචන් එකේ ඉඳන් කෑම අරන් ආවා. අනේ මංද කොච්චර වැඩකාරයො හිටියත් අම්මා කවදාවත් පිට කෙනෙක්ට තමන්ගෙ ගෙදර මිනිස්සුන්ට කන්න උයන්න දෙන්නෙ නෑ. හැබැයි ඉතින් මං ගිහින් පොලක් ගාලා දීලා ඉන්නව මං ඉතින් බෑණානෙ..

"අඩ්ඩඩ්ඩා....යෙන්න මේ හැමදාම හුරතලේ අපෙ පොඩි කුට්ටියාගෙ."

අම්මා හිනා වෙවී කියනකොට මං මං ගාවතියන ලස්සනම හිනාව පා කල්ලා යැව්වා..

"නල්ල සාප්පිඩුංග කුට්ටි. යෙන්න මනීශා බලන් ඉන්නවා..ඔඳට කන්න තව බෙදාගන්න."

අපිට හොඳට කන්න කියපු අම්මා පිඟානත් තදේට අතේ මිට මොළවන් අපි දිහා බලන් ඉන්න මනීශාට ඊගාව පාර කන්න කියද්දි ඒකි අම්මා එක්ක මූනිච්චාවට හිනාවෙලා කෑම කන්න ගත්තා..

"මා...වැදගත් දෙයක් කියන්න තියනව මට.."

"යෙන්න රුද්‍ර..මොකද්ද ප්‍රශ්නෙ?"

"ප්‍රච්චන ඉල්ලේ මා.. එනක්කු ඉවර් කල්‍යානපන්‍ර වේනුම්.."

මං හිතන්නෙ මට පිට උගුරෙ ගියා. පිට උගුරෙ ගියා කියන්නෙ රුද් කවපු බත්කට නහයෙන්ම ආවා..

කැහ් කැහ්

මට විතරක් නෙමේ අම්මට...මනීශාට.... රුද්‍ර දිහා බලං ඉඳපු එයාගෙ යාලුවා වෙච්ච මනීශ ඊගාව පාර කෑගැහුවා.

මනීශ රාජ් සේදුපති

"අඩේ බැඳපල්ලා... එහෙනං අපිට මගුල් තමා හත් දවසක් මගුල් කතෑකි අඩෝ..."

"ඉල්ලේ රාජ් හතක් කන්නෑ. ඕනම චාරිත්‍ර ටික කරා බැන්දා.."

රුද් කිව්වෙ මගෙ පිටයි උගුරයි අතගාලා වතුර එකත් පොවලා පිටට පැන්න කඳුළුත් පිහින ගමන්. යකෝ...බඳින්න? මේ හදිස්සියේ???? අනේ අම්මෙ....

"මොකද හදිස්සි කරන්නෙ රුද්‍ර.."

"ඔන්නුම් ඉල්ලේ. මට හිතෙනව දැන් මේ හිටිය ඇතී කියල. ඉස්සරහට කරන්න තියන දේවල් එක්ක මට ඒ කාලෙදි බඳින එක ගැන හිතන්න බැරිවෙයි. ඊට කලින් මට ඕන කොහොමහරි හැම අතින්ම රුහාන්ව මගේම කරගන්න."

"ආව් ආව් අඩේ මිත්‍රන් මෙහෙ වරෙන්කො"

.

.

.

"එහෙනං දෙන්නා බඳින්න යන්නෙ?"

මට ඇහුනෙ අර බේශිගෙ කටහඬ වෙද්දි මං පිටිපස්ස හැරුනා. ගානට වෙලාවටම මගෙ පරෙයි කුමාරයත් ඇවිත් මගෙ උරහිසෙ වැහුවෙ බයවෙන්නෙපා බොසා තනි වෙලා නෑ කියන්න වගේ.

"අනිවාරෙන් මොකද තව කොච්චර කල් මෙහෙම ඉන්නද නේද?"

"හහ්. තමුසෙ දන්නවද මං රුද්‍රව දැක්කෙ මගෙ මල්ලී රුද්‍ර එක්ක අපෙ ගෙදර ආව දවසෙ ඉඳන්. මං එදා ඉඳන් රුද්‍රට ආදරෙ කලා. මගෙ කරගන්න හීන මැව්වා.. දන්නවද අපෙ ඩැඩාගෙ එකම එක වචනයක් ඇති උඹලව කෑලි කෑලි කරල දාන්න..."

ඒකි කියවන් යද්දි මං බලන් හිටියා. ඇයි? මං අහන්නෙ ඇයි...ඇයි මං තර්ක කරන්නෙ. මට කොහෙත්ම වැඩක් නැති එකියක් එක්ක

"ට්‍රයි කරල බලන්න. ආස හිතෙයි"

පරෙයියව අතට ගත්ත මම ගේ ඇතුළෙන් එලියට ආවා.. අම්මා නැකත් බලන්න හදිස්සියේම දුවන් ගියා වෙද්දි මනීශ.. එක්කො රාජ් කියන්නං. රාජ්..මගෙ රුද් මිත්‍රන් තුන්දෙනාම එලියට ගියා. ඊයෙ රෑ කරන්න තිබුනු වැඩ දැන් කරන්න වෙන්න ඇති... මං අහගෙන කොහෙද මංදා කට්ටිය වැඩි කරන්න කියනවා.

''චිකූ....ඔන්න අම්මී කසාද බඳින්න යන්නෙ චිකූ"

ප්ර් ප්ර් ගගා පරෙයියා මගෙ ඇඟිල්ලෙ ඔලුව අතුල්ලද්දි මං හිනා උනා. මටත් නොකියා මාව් බඳින්න තීරණේ කරපු මනුස්සයා. මං හීන දැක්කෙ ලොකු ප්‍රපෝසල් එකක් එක්ක බඳින්න උනත් මේ වෙච්ච දේවල් ඊට හාත්පසින්ම වෙනස් හින්දා දැනෙනව වැඩී.. අනේ...

විකාර සෝබන නැතුව කෙලින්ම තර්ජනේ කරලා මට ආදරේ කරපන් මටම විතරක් ආදරෙයි කියපන් කිව්ව මනුස්සයා... මටත් නොකියා මගෙන් නාහා මට මෙයාව බඳින්න ඕනා නැකත් බලන්න කිව්ව මනුස්සයා.. දෙයියනේ මට මේ දේවල් දැනෙනවා වැඩී.. කොටිම්ම මට තේරුනා ලොකු ලොකු දේවල් ආදරේ කරද්දි ඕනම නෑයි කියලා..

මං ගාඩ්න් එකේ ඉද්දිම අම්මා ගියපු වාහනේ ඇතුළට එද්දි අම්ම ඒකෙන් බැහැල මං ගාවට ආවා..

"කුට්ටී... නැකත් බැලුවා කුට්ටී... දවස් දෙකක් තියෙනව. ළඟ දවස්"

අම්මා කඩ කඩ සිංහල කතා කරද්දි මං අම්ම දිහා බලන් ඉඳල නැගිටිද්දි මගෙ පරෙයියා පිහාට්ටකුත් හලාගෙන නැගිටල පියෑඹුවා.

"රුද්ගෙන් අහන්න අම්මා මට මුකුත් තේරෙන්නෙ නෑ.."

"දන්නවද රුහාන් කුට්ටි මට දෙන්නම මගෙම දරුවෝ වගේ. ඔය දෙන්නට මං හරීම ආදරෙයි. මට රොම්බ සන්තෝශම් ඩා.. තෙරියුමා.. මගෙ කොල්ලාට එයා හොයන එයාගෙ කුළුඳුල් ආදරේ ලැබෙන්න කියල මමත් නොවැන්ද තැනක් නෑ... දහ අතේ කඩවුල් වැන්දා.. ඒ තරම් මගෙ දරුවා ඔයාව හෙව්වා.. අද මෙ වගේ තීරණයක් දෙන්නා ගත්තා කිව්වම මං තරම් වෙන කවුරු සතුටු වෙන්නද කුට්ටී... මගෙ ආයුශත් අරන් මගෙ කුට්ටිලා දෙන්නා සතුටින් ඉන්න.."

අම්මගෙ වචන මගෙ ඇස් වලට කඳුළු දෙනකොට මං අම්මා දිහා බලල හිනා වෙලා අම්මගෙ උරහෙන් ඔලුව තියාගත්තා. ආදරණීය නැන්දම්මෙක්..සමහරවිට මං පිං කරලා ඇති.. දැන් අද රෑට රුද් ආවම මගුල් කන්න ලෑස්තිවෙන්න වෙනවා.. දවස් දීලා තිබ්බෙ එකක් මේ එන සඳුදා වෙද්දි අද සිකුරාදා. මං දන්නව මේ මනුස්සයා සඳුදා බඳිමු කියයි. ඒ තරන් හදිස්සිය. ඒත් ගෙදර ඉන්න මාව බඳින්න ඇයි මේ තරම් හදිස්සිය කියල හිතෙනකොට මං ඒක පස්සෙ අහන්න හිතාගෙන අම්මා පස්සෙ එල්ලිලා ගෙට ගියා...

_____________________________

මගුලක් කමු එහෙනං🌚❤

Share This Chapter