Back
/ 51
Chapter 12

...දොළොස්වෙනි පරිච්ඡේදය...

Asuran [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

"රුද්..."

"ම්ම්.."

"දන්නවද මගෙ ජීවිතේ තියෙන්නෙ ඔයා ළඟ. මේ ගෙවෙන හැම විනාඩියකටම. මං ජීවත් වෙන හැම තප්පරයකටම එක නපුරු ඇස් දෙකක් තියෙන , මාව දැකපු පළවෙනි දවසෙ මට බොරුවට තර්ජනේ කරප් මගෙ නපුරු අහංකාර මට වඩා දෙගුණයක්ම ලොකු ආදරණීම මනුස්සයාට මං ණයයි"

ඈතට එල්ල වෙලා තිබුන ඒ අහංකාර ඇස් මං ළඟ නැවතුනා. කියවගන්න බැරි හැඟීම්.. ඔව් ඉස්සර කියවගන්න බැරි හැඟීම් වෙන්න ඇති. ඒ උනත් මට එයාගෙ ඇස් කතා තේරුම් ගන්න පුළුවන්. මට එයාගෙ ඇස් කතා තේරෙනවා. වෙලාවකට නපුරු වෙන වෙලාවකට අසාමාන්‍ය විදියට සන්සුන් වෙන එයාගෙ ඇස් කලබලේකින් මගෙ මූණ පුරා දිව්වා.. මං දන්නව එයා දැන් අහයි ණය පියවන්නද ආදරේ කරන්නෙ කියල..

"රූහා.. ණය පියවන්න නම් ආදරෙයි කිව්වෙ ඒක ආපස්සට ගන්න. මොකද ආදරේ හදවතින් දැනිලා කියන්න ඕන දෙයක්. නැතුව මගෙ රූහා ණය පියවන්න වගේ නම්. වේන්ඩා..හදවතින්ම කාදල් කරමු. යෙන්න් ඒළු වර්ශම්. මං බලන් හිටියා. ම්ම්"

" ඉල්ලේ රුද්. නා උනක්කු නෙජමාවේ කාදලික්කිරේන්. රොම්බ රොම්බ කාදල් ඩා. ඔය බලන් හිටියා වගේම ඊළඟ හැම ආත්මෙකම මං වෙනුවෙන් බලන් ඉන්න රුද්. මට වෙන කෙනෙක්ට ඔයාව දැන් ලැබෙන එකවත් හිතන්න බෑ."

"යෙන්න. මගෙ කුට්ටිට ඊරිසියද?"

" මං දන්නෑ රුද්. ඊරිසියාවකට එහා ගිය මගේ කියන හැඟීමක්‍ ඒක. පෙයර් ඉල්ලෙ.."

මං ඒ පපුවට තුරුල් වෙද්දි රුද් මාව තදින් තුරුල් කරගත්තා..

අපි දෙන්නගෙ කතාව... මගෙ රුද් ගෙයි එයාගේ රූහා ගෙයි...කතාව කොහොම ඉවරවෙයිද? සතුටක්..ඔව් අනිවාරෙන්ම සතුටක් වෙයි. අවුරුදු හතක් විඳෙව්වා එයා. අනේ දෙවියනේ මගෙ රුද් මගෙන් ඈත් කරන්න එපා. ඒ පිරිමි පපුවෙ ඕනාවට වඩා උණුහුම දැනෙනකොට මං තව තවත් එයා අස්සට තුරුල් උනා.

"අහ්ම්...රුද්‍ර..."

කෑව කෑව නළඟන අපි දෙන්නගෙ මූඩ් එක කද්දි මං අපි දිහා බලන් පිටිපස්සෙන් හිටගෙන ඉන්න මනීශා... දිහා බැලුවා. රුද් ටත් වඩා වැඩිමල් නාකිච්චි බැඳපන්කො මගෙ මිනිහගෙ කරේ නගින්නෙ. ඒ ඇස් ඉරිසියාවෙන් පිරිල තියෙද්දි මං රුද්ගෙ මූණ ඇදල අරන් තොල් උඩින් ලාවට හාදුවක් තිබ්බා. ඒ ඇස් උඩ යද්දි රුද් මාව එක අතකින් තුරුල් කරගත්ත.

"මොකද"

"තම්බිට කන්න එන්න කිව්වා"

"යමුද යෙන් කාදල් කුරුවි ම්ම්ම්ම්."

"යෙන්න ඩා ඉප්පඩි පේසුවේන්. වෙක්කමාර්ක"

මං මූණ රතු කරන් රුද්ගෙ අස්සෙ හුරතල් වෙද්දි මාවත් අරන් නැගිට්ට රුද් මගෙ ඇඟේ වැලි තියෙනවද බලල පිහිදලා ඇතුල්ට ආවා. අද ඉඳන් ඔෆීශියලි බෝයිෆ්‍රෙන්ඩ්. ම්ම්ම්...

.

.

.

"රුද් මං ඔයා ගාව නිදාගන්නද අදත්."

මං ඇහුවෙ කෑම කන ගමන් ඉඳපු එයාගෙන් වෙද්දි කෑම මේසෙ තිබ්බ ඇස් අටක් මං දිහාට වැටුනා. එතනින් එකඇස් කුට්ටමක් තරහෙන් රතු වෙලා තියෙද්දි මගෙ රුද් මට හරි ආදරණීය හිනාවක් දීලා මගෙ කටේ ගෑවිල තිබුන කෑම පිට අල්ලෙන් පිහිදැම්මා.

" අහලද එන්නෙ වෙනදා?"

යකු හැමදාම එනව වගෙනෙ කතාව මෙයාගෙ දැනුන කෝල ගතියට මං හිමීට එයාගෙ අත් ගොබේට පාරක් ගහලා බලද්දි මං බලාගෙන අම්ම ඇස්වහක් නං වදින්නෙපා කියනවා. මට හොඳටම ඇහිල තියනව රුද් සිංහල කතා කරනවා. මේ යකාට මං ගාවට ආවම භාසාව අමතක වෙනවද කොහෙද දෙමළත් කලවං කරල කතා කරන්නෙ. ඊව් මගෙ තොත්තෙ. මගෙ තොත්ත රව්ඩියා. මගෙ පච්ච රවුඩියා. මගෙ මෝඩ රව්ඩියා. මගෙ නපුරු රව්ඩියා. මගෙ ආදරණීය රව්ඩියා.

"කෝ ඉපඩි සාප්පිඩුංග කුට්ටී"

මං කකා ඉඳපු එක දිහා බලපු රුද් එයාගෙ පරාටා එකෙන් කටක් මට කැව්වා. හරියට මෙහෙට ආව පලවෙනි දවසෙ මට මෙහෙන් එක බත් කටක් එපා කියල එයා තකහනියක්ම පාරටා හදවපු දවසෙ අනලා තිබ්බ රහම මට දැනුනා. දෙයියනෙ මගෙ එකට වඩා එයාගෙ එක රසයිනෙ අම්මෙ. මම මගෙ පිඟාන ශේප් එකේ එහාට කරලා රුද්ගෙ කෑම එකට හොම්බ දැම්මා. මේ මනුස්සයා කොහොමද මෙච්චර රසට කවන්නෙ දෙයියනෙ.. මේ වෙද්දි ටේබල් එකෙන් අම්ම වගේම මනීශත් නැගිටලා හිටියා. ඒ උනාට මනීශා හරිම හිමීට කනව. මං දන්නව මං මෙතනින් නැගිටල යනකන් මේකි බලන් ඇත්තෙ. හිටපන්කො යනකන්. හිටපන් බලන් මං යනකන්. හිතුනොත් මේසෙම තියෙන සේරම ටික කාලයි යන්නෙ. ඉඳපන්කො වෙට්ට ගෑනි. රුද් තව පරාටා කඩලා දාගන්න ගමන් එක අතකින් මට වතුර එක ළඟට කරා.

"රුද්.."

"යෙන්න යෙන් කාදල්"

"ආ....එනක්කු වෙක්කමාර්ක රුද්. අදු ඉල්ලෙ ඔයා කවද්දි හරිම රසයිනෙ රුද්. කොහොමද ඒ. මං- මං අනල කද්දි නිකන් කිරිමැටි වගේ"

මං වතුර එක තොල් අතරට ලං කරන් ඒක බීලා ඉවර වෙනකල් මං දිහා බලන් ඉඳපු එයා ඇඟිල්ලකින් මගෙ තොල් උඩ පිහිදැම්මා. දෙයියනෙ දෙයියනෙ මාව ඉදිමෙනව වගේ

"තෙරියුමා කාදල්... ඔයාට කවන එකතරම් කිසි දෙයක් මං ආසාවෙන් කරන්නැ. අපි ආදරේ කරන කාටහරි කවද්දි ඒක අපි කවන්නෙ හිත සතුටෙන් නම් දන්වද එක හොද්දයි බතකුයින් උනත් ඒක තරන් රහ දෙයක් නෑ. මං ඔයාට කවන මේ කෑම එකේ ලුණු තුනපහා එලවලු මිරිස් හැමදේම.තියෙනවා. ඊට අමතරව මගෙ ආදරේ මගෙ ආදරේ දෝරේ ගලන්නම මේ කෑම එකේ.තියෙනව.."

___________________

අද චුට්ටයි

අනේ සමාවෙන්න

ලියන්න බැලුවා බැලුවා බෑ.

ඉක්මනට එන්නං

පරිස්සමට ඉන්න ආදරෙයි ඔයාලට❤️

Share This Chapter