Back
/ 107
Chapter 97

96 කොටස🤍✨️

නිවාලන්න මා...

"පොඩ්ඩො......"

"ඕ අම්මේ..."

"මොකක් හරි සද්දයක් ඇහෙනවා නේද එලියෙන්?"

"ඒක තමානෙ අම්මෙ....කවුරුහරි ඇවිදිනවා වගේ"

"පොඩ්ඩො....අර මන්නෙ අරං වරෙං....මෙච්චර කාලෙකට නොවිච්ච දේවල් අද වෙන්න විදියක් නෑනෙ"

"ඉන්න අම්මෙ"

සද්ද නැතුව මුළුතැන්ගෙට රිංගගත්තු නේත්‍ර මන්නෙත් එක්ක දොර පොල්ලකුත් උස්සගෙන ඇවිත් මන්නෙ නිර්මලාගෙ අතට දීලා දොරපොල්ල අමෝරගත්තා.කවදාවත්ම වෙලා නැති විදියට හදිස්සියෙම එලියෙන් ඇහෙන්න ගත්තු අඩි සද්ද නිසා ටිකක් කලබල උනු නිර්මලා දොර ලගට ගිහින් මන්නෙ අතේ තියාගෙනම නේත්‍රට ඇතුලට වෙන්න කිව්වත් ඉලන්දාරියෙක් උනු නේත්‍ර ලමිස්සියක් වගේ ගේ ඇතුලට වෙන්න කැමති උනේ නෑ.නිර්මලාව ඇතුලට කරපු නේත්‍ර දොර ලගට ගිහින් දොර පොල්ල අමෝරගත්තෙ දොර කඩං මොකෙක් හරි ඇතුලට ආවොත් කෙලින්න බලාගෙන.

මීට ටික වෙලාවකට කලින් දිවාෂලාගෙ ගෙදර තිබ්බ පසුබිම මීට නොසෑහෙන්න වෙනස්!

"කැන්ඩ්ල්ස් ටික හරිද දෙව්?"

"හරි බබා....මේ....."

"ඊයා අනේ.....කෙල්ලෙක්ගෙ බර්ත්ඩේ එකකට වගේ මේ රෝස පාට කැන්ඩ්ල්ස් නම් එපා....වෙන පාටක් ගහන් යං..සනුක තව කැන්ඩ්ල්ස් තියෙනවා නේද?"

"ආ ආශවයා.....මේ නිල් පාට ටික ගහමු එහෙනම්"

"තෙවින්! තෝව මරනවා මම! දැන් ටිකකට කලින් තිබ්බ චෙරි ගෙඩියත් කාලනෙ උඹ! තක්කාලි තමා තියං යන්න වෙන්නෙ දැන්!"

"යුගාන්!"

"මොකද?"

"පුක සුදුද?"

"වරෙං වරෙං....වරෙං මාත් එක්ක යන්න! වරෙං! අද තොට ගලෝලා පෙන්නන්නම් මම!"

"අනේ අම්මේ ලමයි! ගමම නැගිටියි වගේ නේත්‍ර පුතාගෙ බර්ත්ඩේ එකට"

"අප්පච්චි.....අනේ මේ මූ මගෙන් අහනවා පුක සුදුද කියලා"

"ඉතින් සුදුයිනෙ සිඟිති....ඔව් කියලා කියන්න"

"අප්පච්චි!"

දිවාෂගෙ ඔලුවට තට්ටුවක් දාපු ආරියසිංහ මහත්තයා කුස්සියෙන් එලියට යද්දි ආශව තත්පර ගාණක් ආරියසිංහ මහත්තයා දිහා බලන් හිටියෙ අදටත් තමන්ගෙ පුංචි අම්මා ආදරේ කරන්න තරම් මේ මනුස්සයා කොච්චර හොද කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා හිතන ගමන්.දිවාෂ යාලුවො ගැන තියෙන සැලකිල්ල,තෙවින් ගැන තියෙන ආදරේ එක්ක ආරියසිංහ මහත්තයගෙ ගතිගුණත් ආශවට හිතාගන්න අමාරු උනෙ නෑ.ඔලුව දෙපැත්තට වැනුව ආශව සනුක දෙන නිල්පාට පුංචි ඉටිපන්දම් එකින් එක කේක් එක වටේට පරිස්සමට ගහලා අංක දහඅටේ ලොකු ඉටිපන්දම් දෙකක් කේක් එක මැද්දෙන් ගහලා වැඩේ අවසන් කලා.

"දෙවින් පණ,ඔයා ගිටාර් එක එල්ලගන්න ඕන්නෑ....මේ හරකට දෙන්න ඕක එල්ලගන්න"

"ආ මල්ලි ගනින් මේක"

දිවාෂට රැව්ව තෙවින්,දෙවින් දුන්නු ගිටාරය තමන්ගෙ කරේ එල්ලගනිද්දි ආශව කේක් එක විනිවිද පේන ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය කරගෙන එලියට බැස්සා.ආශවගෙ පස්සෙන්ම එලියට බැස්ස සනුකගෙ අතේ කඩදාසි බෑග් දෙකක් එල්ලෙන ගමන් තිබ්බා.ඒ පිටිපස්සෙන් ආව දිවාෂ අම්මටයි අප්පච්චිටයි හාදු දෙකක් පා කරලා දෙනෙත්ගෙ අතින් අල්ලන් ගේට්ටුවෙන් එලියට බහිද්දි නිවුන්නු දෙන්නත් අනික් අයගෙ පස්සෙන් ඇදුනා.

"දැන් ගිහින් එකපාරටම සප්‍රායිස් කියලා කෑ ගහමුද?"

"නේත්‍ර බය වෙයි දිවාස! පිස්සුද තමුසෙට?"

"එහෙනම් දොරට තට්ටු කරලා කියමු කේක් එක ගෙනාවා දොර අරින්න පැට්ටො කියලා"

"මූනම් දිවාෂටත් අන්තයි"

තෙවින්ගෙ ඔලුවට පාරක් ගැහුව දෙනෙත් කියද්දි දෙවින් තමන්ගෙම මල්ලිට දිව දික් කරලා හිනා වුණා.

"අපේ දොරට තට්ටු කරමු.....ආශව කතා කරන්න.නේත්‍ර මල්ලි දොර අරියිනෙ එතකොට"

"සනුක අයියා හරි අනේ.....ඒම කරමු"

"ආශවයා....නේත්‍රට බර්ත්ඩේ එක අද කියලා මතක නිසා තේරෙයි නේද?"

"නෑ දෙවින්.....හෙට මම යනවනෙ....නේත්‍ර ඒකට අවුලෙන් ඉන්නෙ නොසෑහෙන්න.එයාට බර්ත්ඩේ එකක් මතකෙකවත් නැතුව ඇති"

"පවු අනේ නේත්‍ර බබා"

දෙනෙත් කියද්දි කට්ටියම නිහඬව ඔලුව වැනුවෙ නේත්‍ර ඇත්තටම නොසෑහෙන්න සංවේදී කෙනෙක් බව දැනන් උන්නු නිසා.නේත්‍රට පුදුමාකාර විදියට ආදරේ කල මේ කොල්ලො රංචුවම ඒ පුංචි එකාගෙ හිත හදන්න ඕනිම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියා.නේත්‍රගෙ ගෙදර කඩුල්ල පාත් කල ආශව පුරුදුකාරයෙක් වගේ ඒක උඩින් පැන්නත් කඩුල්ලක් පනින්න හුරුවක් නොතිබ්බ සනුක කකුල පැටලිලා වැටෙන්න ගියා.

"හුත්!"

"සනුක!"

සනුක වැටෙන්න යද්දිම සනුකව අල්ලගත්තු ආශව එක අතකින් කේක් එක අල්ලන් අනික් අතින් සනුකව අල්ලගෙන හිටියා.තමන්ව වැටෙන්න නොදී අල්ලගත්තු ආශව දිහා බැලුව සනුක ආශව දිහා බලලා හිනා වෙද්දි ඔක්කොම වැරදියට දකින දිවාෂ දෙන්නගෙ මූණු මැද්දෙන් තමන්ගෙ මූණ දැම්මා.

"වට බඩ්ඩක් වෙන්න හදන්නෙපා ආසව! නේත්‍ර චූචියවත් මගෙන් උදුරගෙන,දෙවින් පණවත් මගෙන් උදුරගෙන,දැන් මේ හැන්සම් සනුකයියවත් මගෙන් උදුරගන්නද ඔයා හදන්නෙ!"

"තමුසෙ සනුකටත් කැමතිද යුගාන්!"

"උඹට තරම් කාටවත් කැමති නෑ!"

තෙවින්ට ආපිට යක්සයා වගේ මිමිණුව දිවාෂ ආශවවයි සනුකවයි දෙපැත්තට කරගෙන ඉස්සරහට ගියා.කට්ටිය මෙතන කුටු කුටු ගගා රාත්‍රී නිහඬ අන්ධකාරෙ දඟලපු එව්වගෙ ප්‍රතිඵල විදියට නිර්මලායි නේත්‍රයි ගේ ඇතුලෙ ආයුධ අමෝරගෙන ඉද්දි ඔය මුකුත් නොදන්න ආශවලා දොර ලඟට කිට්ටු උනා.

"තට්ටු කරපං ආශවයා...."

දෙවින් කියද්දි කේක් ගෙඩිය වටේ තිබ්බ ඉටිපන්දම් ටිකත් පත්තු කරගත්තු ආශව නේත්‍රලාගෙ ගෙදර දොරට තට්ටු කලා.

"නේත්‍ර.....නේත්‍ර....දොර පොඩ්ඩක් අරින්නකො....මම....සුදුබේබි"

ආශවගෙ කටහඩ ඇහෙනවත් එක්කම මානගෙන හිටිය මන්නෙ බිමට දැම්ම නිර්මලා සැනසුම් හුස්මක් හෙලද්දි සුදුබේබි මේ මහ රෑ පානෙ ආවෙ ඇයි දන්නෑ කියන කලබලේ එක්ක නේත්‍ර දොර ඇරියෙ දොර පොල්ල අමෝරගෙනමයි.

"හැපි බ....බුදු අම්මෝ නේත්‍ර!"

නේත්‍ර දොර අරිද්දිම කට්ටිය තාලෙට සුභ පතන්න හැදුවත් නේත්‍රගෙ අතේ තිබ්බ භාණ්ඩෙ දැක්ක ඉලන්දාරි සේරෝම බය වෙලා කෑ ගැහුවත් නේත්‍රගෙ ඇස් දෙක තිබ්බෙ ඉටිපන්දම් එලියට දිලිසෙන ආශවගෙ මූණෙ.අන්ධකාරෙ මැද්දෙ කහ පාටට දිලිසෙන එයාගෙ සුදුබේබිගෙ මූණ දිහා බලාගෙනම නේත්‍ර ඉස්සරහට අඩියක් තිබ්බෙ අතේ තිබ්බ දොර පොල්ලත් බිමට අතෑරලා.

"සුභ උපන්දිනයක් වේවා නේත්‍ර"

"ස්....ස්තූතියි සුදුබේබි"

ආශවගෙ ආදරේ පිරුණු ඇස් දෙක දිහා බලන් නේත්‍ර මුමුණද්දි නිර්මලා මෙතන නේද කියලා මතක් උනු දිවාෂ කෑ ගහන්න ගත්තා.

"කෝ කෝ තාලෙට....හැපි බර්ත් ඩේ ටූ යූ....හැපි බර්ත් ඩේ ටූ යූ....හැපි බර්ත් ඩේ ඩියර් චූචීයා.....හැපි බර්ත්ඩේ ටූ යූඌඌඌඌඌඌඌ"

දිවාෂගෙ තාලෙටම අත්වැල් ඇල්ලුව කොල්ලො ටික නේත්‍රට සුභ පතද්දි නේත්‍ර සන්තෝසෙන් හිනාවෙන ගමන් ඉටිපන්දම් ටික නිව්වා.මේ අතරෙ නිර්මලා අහිංසක විදියට හිනා වෙලා ඉලන්දාරි ටිකට ගේ ඇතුලට එන්න කියන ගමන් පුටු ටික පිලිවෙලකට පිලි ගැන්නුවා.

"ඉදගන්න සුදුබේබි....ලොකු බේබි....පොඩි බේබි...ඉදගන්න.....දෙනෙත් මහත්තයා,ආරියසිංහ පුංචි මහත්තයා....ඉදගන්න....මේ මහත්තයවනම් මම දන්නෑ....ඉදගන්න මහත්තයා"

"මම මහත්තයෙක් නෙවේ ආන්ටි....නේත්‍රගෙ යාලුවෙක්...මගෙ නම සනුක"

සනුකට ඔලුව නවලා හිනා වුනු නිර්මලා ලමයි ටිකට සාල කෑල්ලෙ නිදහසේ ඉන්න දීලා කුස්සිය පැත්තට යද්දි ආශව නේත්‍රට සනුකගෙ අතේ තිබ්බ එක බෑගයක් අරං දික් කලා.

"මේකෙ තියෙන කිට් එක ඇඳන් එන්න මැණිකෙ....කේක් කපමු ඊට පස්සෙ"

"අනේ මට තෑගිත් ගෙනාවද සුදුබේබි.....මම ගිහින් ඇඳන් එන්නම්"

සන්තෝසෙන් හිනාවෙන ගමන් ආශව දුන්නු කවරෙ අතට ගත්තු නේත්‍ර කාමරේට දුවද්දි ආශව හෙමින් සැරේ හැරුණෙ දිවාෂගෙ පැත්තට.

"ඕයි...මේ!"

"මොකෝ?"

"පොඩ්ඩක් කුස්සිය පැත්තට ගිහින් නිර්මලාව කතාවට අල්ලගන්නවකො"

"ඒ මොකටද?"

"මොකද්ද ඕයි....කිව්වම අහල කරනවකො....මම එන්න කිව්වම වරෙං....නේත්‍ර එක්ක කතා කරන්න ඕනි ටිකක්"

"අනේ අනේ කතාම කරයි උඹ....වලත්තයා!"

"කිව්වම අහපංකො දිවාස!"

"උබලගෙන් පුදුම වදයක් අනේ මේ තනිකඩ මට තියෙන්නෙ....සනුකයියෙ ඔයත් යන්න එන්න"

"සනුක මොකටද?උඹ පලයං තනියම!"

තෙවින් දිවාෂට කියලා සනුකව කතාවකට අල්ලගනිද්දි දිවාෂ ඔක්කොමල්ලට රවලා කුස්සියෙ පැත්තට ඇදුනා.දිවාෂ නිර්මලා එක්ක කතාව පටන් ගත්තා ඇහෙද්දිම ආශව හෙමින් සැරේ නේත්‍රගෙ කාමරේ දොර ඇරගෙන කාමරේට රිංගලා දොර වහලා දැම්මා.

"කවු.....සුදුබේබි....."

"ම්ම්ම්ම්"

"ස්....සුදුබේබි ඇයි....."

"ම්ම්ම් ම්ම්ම්.....ලස්සනයි ඔයා....හුඟාක්"

ආශව දුන්නු ඇඳුමෙ අලුපාට කලිසම විතරක් ඇඳං උන්නු නේත්‍ර දොරත් වහලා හෙමීට තමන් ලගට ඇවිදන් එන ආශව දිහා බලන් හිටියෙ ඇසුත් බෝල කරගෙන.නේත්‍ර ලගට ආව ආශව නේත්‍රගෙ හිසේ ඉදන් පාදාන්තෙ වෙනකං තමන්ගෙ ඇස් අරං යද්දි නේත්‍ර බිම බලාගත්තෙ රතු උනු කම්මුල් ආශවගෙන් හංගගන්න හිතාගෙන.නේත්‍රගෙ උත්සාහෙ ව්‍යර්ථ කරන ගමන් ඒ හුරතල් මූණෙ නිකටින් අල්ලගත්තු ආශව මූණ උස්සද්දි නේත්‍රගෙ බෝල ඇස් හුරුපුරුදු විදියට ආශවගෙ තද දුඹුරු ඇස් එක්ක ගැටුනා.

"මගෙ නේත්‍ර.....ඇත්තටම හුඟක් ලස්සනයි"

"සුදුබේබිත් ලස්සනයි ගොඩාරියක්"

"සමහර විට දෙවියො වැඩි ලස්සනක් නැති පිරිමි මැව්වට පස්සෙ නේත්‍රව මවන්න ඇත්තෙ....ලෝකෙන් සමාව ඉල්ලීමක් විදියට"

නේත්‍රගෙ ලස්සන මූණ දිහා බලාගෙනම ආශව මිමිණුවෙ නේත්‍රගෙ නලලට වැටෙන කොන්ඩ ගස් ටිකක් පිටිපස්සට කරන ගමන්.නේත්‍ර අංගසම්පූර්ණ රූපයක් තිබ්බ පිරිමියෙක් විදියට හැමදාම ආශවගෙ ඇස් ඉස්සරහ ලකුණු සීයෙන් සීයම ගත්තා.ඒ හැමදේමත් පරයන නේත්‍රගෙ ගතිගුණ...මේ ලෝකෙ හැම මිනිහෙක් ලගම තියෙන හොද ගතිගුණ ඔක්කොම එක්කහු කරලා නේත්‍රගෙ ආත්මෙට කා වැදිලා තියෙන්නෙ කියලා ආශව කියන්නෙ අතිශයෝක්තියට නෙවෙයි කියලා නේත්‍රව හොදින් දැනන් උන්නු හැම කෙනෙක්ම තේරුම් අරං උන්නා.

"මම එච්චර ලස්සන නෑ සුදුබේබි....."

"මේ පාට නේත්‍රට හුඟාක් ගැලපෙනවා"

"ඒක ලස්සනයි සුදුබේබි....."

"ම්ම්ම්......ඕක විතරක් ඇද්ද ගිෆ්ට් එකට?"

ආශවගෙ ශෘංගාරය මුහු උනු ඇස් දෙක මගෑරිලා ඇඳුම දිහා බලන් උන්නු නේත්‍රට ආශව අහන දේ හරි අදහස තේරුනේ නැහැ.

"අනේ මට මේ වැඩිත් එක්ක සුදුබේබි.....සුදුබේබි මට විශ් කලානම් ඒ හොදටම ඇති මට"

"ඒ උනාට මට මදිනෙ"

"සුදු බේ....හ්......ම්ම්ම්ම්"

නේත්‍රව බිත්තියට හේත්තු කරගත්තු ආශව ඒ පිරුණු තොල් ඩැහැ ගනිද්දි පුංචි එකාගෙ එක අතක් ආශවගෙ බාහුවකත් අනික් අත බිත්තියටත් තද වෙලා තිබ්බා.ආශවගෙ සිපගැනීම එක්ක තත්පර ගාණක් වෙන ලෝකෙක හිරවෙලා උන්නු නේත්‍ර පියවි සිහියට ආවෙ ආශව බිත්තියට තද වෙලා තිබ්බ නේත්‍රගෙ අත අරගෙන තමන්ගේ පිට හරියෙන් තියාගෙන ආශවගෙ හයිය අතකින් නේත්‍රගෙ නිරුවත් ඉණ හෙමින් සැරේ පිරිමදින්න ගනිද්දි.ආශවගෙ හයිය අතක් තමන්ගෙ නිරුවත් ඉණේ දැවටෙද්දි එන හිරිය දරාගන්න බැරි උනු නේත්‍ර ආශවගෙ ඇඟට බර වෙලා පුංචි කෙදිරිල්ලක් පිට කලා.

"මොකෝ.....ම්ම්ම්....දහ අටක්නෙ දැන්....ඕන්නම් අපිට බඳින්නත් පුලුවන්"

"බඳින්නෙ ලොකු අයනෙ සුදුබේබි....අපි චූටියිනෙ"

"චූටියිනම් තමා.....බැන්ද කාලෙකට හරි ලොකු වෙනවනම් හොඳයි මේ බටු ඇටේ"

"හි හී"

නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තු ආශව කියද්දි තත්පර ගාණක් ආශවගෙ තුරුලෙ උන්නු නේත්‍ර ආශවගෙන් ඈත් වෙලා එකපාරටම ආශවගෙ තොල් උඩින් තමන්ගෙ තොල් තියලා ඈත් උනේ ආශවගෙ ඇස් උඩ යද්දි.

"නේත්‍ර!"

"ස්......සුදුබේබි.....මට ආසා හිතුනා"

"ඉතින් ඇයි මේ වගේ දිග කිස් එකක් නොදුන්නෙ..... ම්ම්ම්?"

"ම්හ්......"

ආයෙමත් නේත්‍ර ආශවගෙ හැඩිදැඩි ශරීරෙට තෙරපෙද්දි පුංචි එකාගෙ තොල් ආශවගෙ තොල් එක්ක තදින්ම බැඳිලා තිබ්බා.ආශවගෙ හාද්ද තරම් වේගවත්ව ගැඹුරින් සිපගන්න බැරි උනත් නේත්‍රත් ආපිට ආශවව සිපගත්තා.ටිකෙන් ටික නේත්‍රගෙ ඉණ වටේ තියෙන ආශවගෙ අත්වල ග්‍රහණෙ වැඩි වෙද්දි,පුංචි එකා ආශවගෙ ඇඟට පුළුවන් තරම් ගුලි වෙද්දි මේ සිපගැනීම තව දුර යන එකෙන් නේත්‍රයි තමනුයි දෙන්නම අපහසුතාවෙට පත් වෙනවා කියලා තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ යටිතොල තව එකපාරක් උරලා අහකට උනා.ආශව අහකට වෙනවත් එක්කම පුරුදු විදියට නේත්‍ර ආශවගෙ පපුව අස්සෙ මූණ හංගගනිද්දි ආශව නේත්‍රගෙ නිරුවත් පිට තමන්ගෙ නහර පිරුණු අතින් පිරිමැද්දා.

"මේ ලැජ්ජා කවදා නැති වෙයිද දන්නෑ මේකාගෙ"

"සු....සුදුබේබි....."

ආශවගෙ වචනත් එක්ක නේත්‍ර ඔලුව උස්සලා බලද්දි ඒ බෝල ඇස් වල ලා කදුළු පටලයක් බැඳිලා තිබ්බා.

"මම අමුතුයි වගේ.....ඒ කිව්වෙ.....කූලෑටියි වගේ නිසා සුදුබේබිට එපා වෙනවද සුදුබේබි....ම්...මම.....මම වෙනස් වෙන්නම් එහෙමනම්....නේත්‍රට පුළුවන්....."

"මම කාටද ආදරේ උනේ?"

"ස්.....සුදුබේබි?"

"මම කාටද ආදරේ උනේ?"

"මට"

"එතකොට?"

"ආ?"

"මම ආදරේ උනේ,ආදරේ කරන්නෙ ඔයාට නේත්‍ර....නේත්‍රට.....මම ආදරේ කරන්න ගත්තු,හැමදාම ආදරේ කරන නේත්‍ර එදා ඉදන්ම කූලෑටියි මේ වගේ දේවල් වලට....පුංචි කාලෙ මගෙ වටේ දැවටුනාට මම හාද්දක් දුන්නොත් නේත්‍ර මූණත් වහගන්නවා.. ලොකු වෙන්න ලොකු වෙන්න මම කම්මුලක් ඇල්ලුවත් නේත්‍ර ගුලි ගැහෙනවා....නේත්‍ර රතු වෙනවා....මම ආදරේ උනේ ඒ අහිංසක නේත්‍රට.....නේත්‍ර කියන විදියට කිව්වොත් ඒ කූලෑටි නේත්‍රට....හැම කොල්ලෙක්ම විසේ හැදිලා දඟලන කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි හොයන්නෑ නේත්‍ර....සමහරු ඉන්නවා ඔයා වගේ ගතිගුණ තියෙන අයව....හරියට මම වගේ.....

එහෙනම් ඉතින් හුඟක් අය යාලු වෙනව වගේ මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපායෑ....ම්ම්.....මට එදා ඉදන්ම කෙල්ලෙක්ද ඕනි කොල්ලෙක්ද ඕනි කියලා කිසිම අයිඩියා එකක් තිබ්බ්‍ර් නෑ නේත්‍ර....මගෙ ඔලුවෙ,පපුවෙ දෙකේම හිටිය එකම කෙනා ඔයා....මට ඕනි වෙලා තිබ්බෙ නේත්‍රව කියන එකයි මම මුලින්ම තේරුම් ගත්තෙ....දෙවනියට තමා මම තේරුම් ගත්තෙ මම කැමති පිරිමි ලමයෙක්ට කියලා....හුඟක් අය වගේ ඉස්සෙල්ලම තමන්ගෙ සෙක්ෂුවලිටි එක හොයාගෙන පාට්නර්ව හොයාගත්තු ජාතියෙ කෙනෙක් නෙවේ මම....පාට්නර්ව තෝරං සෙක්ෂුවලිටි එක හොයාගත්තු කෙනෙක්....

වෙනස් වෙන්න කොහෙත්ම උවමනාවක් නෑ මගෙ නේත්‍ර....මම ආදරේ ඔයාට....මගෙ ගැටපිච්ච මලට....මගෙ නස්නාරං නේට්ටට"

"මම.....මම හරි වාසනාවන්තයි සුදුබේබි.....මාත් මතක තියෙන කාලෙක ඉදන්ම ආසා උනේ සුදුබේබිගෙ අස්සෙම ඉන්න....හැමදාටම සුදුබේබි එක්ක ඉන්න....ඒ හැඟීම මොකද්ද කියලා මම දැනන් හිටියෙ නෑ.....ඒ හැඟීම තේරුම් ගනිද්දි මම දැනගත්තෙ ඒ කාලෙ ඉදන්ම මගෙ හිතේ සුදුබේබි ගැන ආදරයක් තිබිලා තියෙන්නෙ කියලා"

"ඔයා වාසනාවන්තයි වගේම මම ඊට වඩා වාසනාවන්තයි....මේ ලෝකෙ හොඳ විතරක්ම තියෙන මනුස්සයා මට අයිති වෙලා ඉවරනෙ....දැන් මගෙ නේත්‍ර ලොකු කොල්ලෙක්....දහ අට පැන්නනේ....."

"හි හී.....නේත්‍ර ලොකූයි"

"ලොකුයි ලොකුයි....ඇඟපතින් ලොකු වෙනවා විතරයි මේකා....මූණ තාම අර චූටි නේත්‍රගෙ වගේ"

"අනේ....මම දැලි රැවුලත් කපලා ඉන්නෙ සුදුබේබි...."

"අප්පේ රැවුලනම් වවන්න එපා....ඔය වගේ දිලිසි දිලිසි ඉන්න ඕනි"

"වවන්නෑ.....මම ආසත් නෑ සුදුබේබි.....සුදුබේබිනම් ආසයි නේද?"

"ඔව්.....වවන්න ඕනි"

"දැන්මම එපා සුදුබේබි හොඳද? තාම චූටියිනෙ සුදුබේබි.....විසි දෙක වගේ පැන්නම වවමුකො"

"හා....ඒ කාලෙට වවමු...එතකං මාත් දිලිසි දිලිසි ඉන්නම්"

"හි හී......සුදුබේබි නත්තල් සීයා වගේ ඉදීවිද දන්නෑ"

"නත්තල් සීයා පෙනෙයි අපි දෙන්නටම නිර්මලා ආවොත් දැන්....ඕක ඇඳන් එන්නකො.....මම එලියට යන්නම්"

"හා සුදුබේබි"

නේත්‍රගෙ නලලින් හාද්දක් තිබ්බ ආශව ආයෙමත් නේත්‍රගෙනුත් කම්මුලකට හාද්දක් ඉල්ලන් එලියට යද්දි මෙච්චර වෙලා කාමරේ දොර දිහා හිස් බැල්මෙන් බලන් උන්නු සනුක හෙමීට අහක බලාගත්තු හැටි හැමෝගෙම ඇස් වලින් මගෑරුණා.ආශව අරං දුන්නු ඇඳුම ඇඳන් කාමරෙන් එලියට පැන්න නේත්‍ර ඔක්කොටම කලින් ඇඳුමෙ ලස්සන පෙන්නන්න නිර්මලාව හොයං කුස්සියට දිව්ව හැටි දැක්ක ආශවගෙ ඇස් වල ආදරේ පිරුණු පුංචි කාලෙ මතක් වෙනවත් එක්ක.නේත්‍රගෙ හුඟාක් ගතිගුණ වෙනස් වෙලා තිබ්බෙම නෑ.

"ජරාව ගාගන්නෙ නැතුව යමං පොඩ්ඩො ඉස්සරහට....අපෙ අප්පේ මේකගෙ හැඩ"

"මටනෙ ආඩම්බර නිර්මලා නැන්දෙ...චූචියව බඳින්න ඉන්...."

"දිවාස!"

"සුදුබේබි නේද කතා කරන්නෙ.....පොඩ්ඩො කේක් කපන වැඩේට යමංකො....මම එන්නම් තේ හදාන"

"අම්මාත් යංකො....."

"නිර්මලා නැන්දත් යං....නැත්තං එතන ලොකු හිස්තැනක්නෙ"

"අනේ පුංචි මහත්තේලා එහෙම කිව්වට සුදුබේබියි සිංහවංශ ලොකු බේබියි පොඩි බේබියිත් ඉන්නවනෙ.....මම බේබිලා එක්ක ඉන්න එක හරි මදිනෙ....මයෙ රත්තරං යන්නකො ඉස්සරහට"

"නිර්මලා....."

"සුදුබේබි.....අපේ අප්පේ කුස්සියට එන්න එපා සුදුබේබි දුම් ගඳ අල්ලයි....පොඩ්ඩො යමංකො කිව්වම අහලා....සුදුබේබි සමා...."

"නිර්මලාත් එන්න ඉස්සරහට"

"අනේ ඕනි නෑ ස්....."

"අද උපන්දිනේ නිර්මලාගෙ පුතාගෙ....ඉස්සරහට එන්න!"

ආශව එකපාරක් තදින් කියලා යද්දි නිර්මලා හීං සීරුවෙ ආශවගෙ පස්සෙන් ඇදුනා.සාලෙට ආයෙම ආව ආශව නේත්‍ර නිව්ව ඉටිපන්දම් ආයෙ සැරයක් පත්තු කලේ දෙනෙත් ඡායාරූප ගන්න ඕනි කියලා අඩි හප්පලා කෑ ගැහුව නිසා.අන්තිමේදි ඉරියව් කීපෙකින්ම කේක් ගෙඩියත් උස්සන් දෙනෙත්ගෙ ඡායාරූප වලට පෙනී ඉදිය නේත්‍ර ඉටිපන්දම් නිවන්න ලෑස්ති උනා.

"චූචී.....නිවන්න කලින් විශ් එකක් කරන්න...."

"විශ් එකක්?"

"ඔව්....ලබන ආත්මෙදි හරි මේ කොහෙවත්‍ යන හිපාටුවන්ව අතෑරලා ඔයා මගෙ වෙ......."

"දිවාෂ බබා මෙහෙ එන්න! කොයි වෙලෙත් මොකෙක්ගෙ හරි ලේ පුච්චනවා"

දිවාෂ කල විහිලුව හරි හැටි නොතේරුනු නිර්මලා කට්ටියම හිනා වෙන නිසා හිනා වෙද්දි නේත්‍ර ඉටිපන්දම් නිවලා දැම්මා.

"ආදරේ පිලිවෙලට කවන්න චූචි"

දිවාෂ කියද්දි පලවෙනි කේක් කෑල්ල අතට ගත්තු නේත්‍ර ආශවයි නිර්මලායි දෙන්නා දිහා මාරුවෙම් මාරුවට බලන්න ගත්තෙ නොසෑහෙන්න අසරණ වෙලා.ආශව් ඇස් දෙකෙන් නිර්මලාව පෙන්නනවත් එක්ක නේත්‍ර නිර්මලාගෙ කට ලගට කේක් කෑල්ල ලං කලත් අහිංසක ගෑනි ඒක කටේ නොගලා ඇගිලි තුඩු වලින් පුංචි කෑල්ලක් කඩාගෙන කට ඇතුලට දාගත්තා.නේත්‍රව තුරුල් කරං ඉඹලා සුභ පැතුව නිර්මලා හෙමින් සැරේ කුස්සියට ගියේ කට්ටියට තේ හදන්න හිතාගෙන.

"නේත්‍ර....දැන් මට කවන්න හර්තේ...."

දිවාෂ කට ඇරං හිටියත් දිවාෂගෙ ඔක්කොම බලාපොරොත්තු සුනු විසුනු කරන ගමන් නේත්‍ර ආශවගෙ කට ලඟට කේක් කෑල්ල ලං කලා.නේත්‍ර දුන්නු කේක් කෑල්ලෙන් ටිකක් කෑව ආශව නේත්‍රව තුරුල් කරං ආයෙමත් සුභ පතද්දි ඊලගට නේත්‍ර ගියේ දිවාෂ ලඟට.නේත්‍රගෙන් කේක් කෑල්ල කෑව දිවාෂ ඊලඟට නේත්‍රව අල්ලන් ඉබින්න හැදුවත් ආශවගෙයි තෙවින්ගෙයි මැදිහත් වීමෙන් දිවාෂව පැත්තකට කෙරුනා.දෙවින්ටත් කවලා දෙනෙත්ටත් කැව්වට පස්සෙ නේත්‍ර සනුකට කේක් කෑල්ල කවද්දි සනුකගෙ ඇස් වල ලා කදුළු පටලයක් බැදිලා තිබ්බ බව සතුටින් උන්නු නේත්‍රට මගෑරුණා.

"හැපි බර්ත්ඩේ මල්ලි බබෝ.....මෙන්න පුංචි ගිෆ්‍ට් එකක්"

නේත්‍රගෙ ඔලුව අතගාලා සුභ පැතුව සනුක නේත්‍රට තමන් ගෙනාව බෑගය දික් කරද්දි ආශව දිහා බැලුව නේත්‍ර ආයෙමත් තෑග්ග දිහා බැලුවා.ආශව ඔලුව වනද්දි සනුකට ස්තූති කරල තෑග්ග අතට ගත්තු නේත්‍ර අනික් අය දුන්නු තෑගි එක්කම ඒක පැත්තකින් තියද්දි ආශව හිනා වුණේ නේත්‍රගෙ ගතිගුණ එක්ක.ආශවගෙන් විතරක් දෙයක් ලබාගන්න මැලි නොවුනු නේත්‍ර වෙන කෙනෙක් දෙන දෙයක් ගන්න සිය පාරකට වඩා හිතුවා.දිවාෂ දෙවින් දෙනෙත් තෙවින් දුන්නු මේ තෑගි නේත්‍ර ලොකුවට නොහිතා ගත්තෙ ඒ අය තමන්ගෙ කිට්ටුම මිනිස්සු උනු නිසා උනාට සනුක තාම තමන්ට අලුත් කෙනෙක් නිසා සනුකගෙන් දෙයක් ගන්න එක නේත්‍රගෙ හිතට පුංචි අපහසුවක් ඇති කලා.ඒ මිනිස්සුන්ට මෙහෙම දෙන එක කරදරයක්ද? තමන් එව්වා ගන්න එක හරිද? වගේ දේවල් වැඩිදුර හිතන නේත්‍රට හිතුනත් ගාණට මිම්මට ඒ දේවල් පාලනය කරන්න පුළුවන් ආශව නේත්‍රට අපහසුවක් නොවෙන්න ඒ දේවල් කියලා දුන්නා.

"මහත්තේලාට කේක් කපලා දීපං පොඩ්ඩො....ආ මෙන්න පීරිසි ටිකක්"

නිර්මලා ගෙදර තිබ්බ හොදම පීරිසි කීපය හොඳින් පිහලා ගෙනත් දෙද්දි නේත්‍ර කේක් කෑලි කපලා කට්ටියට ඒක පිලිගැන්නුවා.කාලා ඉවර වීගෙන එද්දි කිරි කෝපි හදන් ආව නිර්මලා කට්ටියටම ඒ ටික පිලිගැන්නුවෙ තමන්ගෙ දරුවව කට්ටිය ඉස්සරපිට අසරණ නූනට දෙයියන්ට පිං දෙන ගමන්.අදට නියමිතව තිබ්බ තමන්ගෙ පුංචි කොල්ලගෙ උපන්දිනේ දවසෙ මොනාහරි හොදට කන්න හදලා දීලා හවසට ටවුමෙන් හරි පුංචි කේක් එකක් ගෙනත් කිරි කෝප්පයක් එක්ක පොඩි එකාට පිලිගන්නන්න නිර්මලා හරි ආසාවෙන් උන්නු නිසා කලින්ම කිරිපිටි පැකට්ටුවක් ගෙනත් තියාගෙන තිබ්බා.සුදුබේබිට පිං සිද්ධ වෙන්න තමන් හිතන් උන්නට වඩා හොඳ දෙයක් තමන්ගෙ දරුවට ලැබෙද්දි නිර්මලා නොසෑහෙන්න සතුටු උනා.

"නිර්මලා නැන්දා නිදාගන්න එහෙනම්.....අපි කට්ට්ය සිංදුවක් එහෙම කියලා යන්නෙ නැන්දෙ"

"හොදමයි පුංචි මහත්තයා...."

දිවාෂ කිව්ව දේට එකඟ වුනු නිර්මලා නේත්‍රව ලඟට ගත්තා.

"මහත්තේලා යන්න හුඟක් පරක්කු උනොත් කෝපි ටිකක් හදල දෙන්න පුළුවන් නේද මයෙ අම්මට?"

"පුළුවන් අම්මෙ.....අම්මා දොයියගන්නකො ගිහින්"

නිර්මලාගෙ ඔලුව අතගෑව නේත්‍ර නිර්මලා කාමරේට ගියාට පස්සෙ නේත්‍ර ඒ කාමරේ දොර වහලා කට්ටිය ඉදන් උන්නු අරලිය ගහ යටට ආවා.වටේටම පුටු තියං කට්ටිය ඉදන් ඉද්දි ආශවයි සනුකයි බංකුව උඩ ඉදන් උන්නා.නේත්‍රගෙ අතින් අල්ලගත්තු ආශව නේත්‍රව මැද්දෙන් ඉන්දෝගනිද්දි හිත යටින් සන්තෝස උනු සනුක ගැන දන්නවනම් එහෙම ආශව සනුකගෙ ඔලු ගෙඩිය අරලිය ගහේ කඳේ වද්දන්න උනත් ඉඩකඩ තිබ්බා.

"තෙවින්.....අලුත් සිංදුව රිලීස් වෙන්නෙ කවද්ද?"

"ලබන සතිය දිහාට රිලීස් වෙයි ආශවයා"

"අපි සෙට් එකට ඇහෙන්න කියනවකො....හොද එකානෙ"

"ම්ම්ම්ම්......හරි.....ලස්සනද දන්නෑ ඒක"

"ලස්සනයි ලස්සනයි"

"දිවාෂ දන්නෙ කොහොමද?"

"ආ....මූ ඒක මට පෙන්නුවා"

"කියන්නකො තෙවින්....මම තෙවින් සිංදු කියනවා අහලම නෑ"

"ඕකේ.....අයියෙ ගිටාර් එක දෙන්නකො"

තෙවින් හරිබරි ගැහිලා පුටුවෙන් ටිකක් ඉස්සරහට වෙන්න ඉදගෙන ගිටාරය වාදනය කරන්න පටන් ගනිද්දි කට්ටියම නිහඬව තෙවින්ගෙ හඬ ඇහෙනකං බලන් උන්නා.වටේම අන්ධකාරයෙන් වහන් තියෙද්දි තාමත් රෑ පෑයුව හඳ අහසෙ සක්මන් කරද්දි ඉස්තෝප්පුවෙ තියෙන කහ පාට විදුලි බල්බයේ එලිය හද එලිය එක්ක මුහු වෙලා ලා එලියක් ඉලන්දාරි අතරට වැටිලා තියෙද්දි නේත්‍ර ඇස් දෙකත් පියං ආශවගෙ උරහිසට බර උනා.

"නුඹ නමින් දැනෙන්නාවූ සිතුවිලි

මං අතින් පදවැල් වුණාවේ

නමුදු කිසිදා මගේ දුක් ගී

නුබේ සවනට නොඇසුනාවේ

පවන් රොද හා මුසුව එන ඔබේ

සුවඳ මට සිසිලස වුණාවේ

දුරින් දුර නුඹ කොතැන වූවද

හුරුයි හදවත ගැහෙන රාවේ

නුඹේ උණුහුමෙ යලි රැඳෙන්නට

හමු නොවේ අප හුදෙකලාවේ

පතා ආලෙස වෙන්න ඇති අප

හඩයි හදවත වේදනාවේ

පහන් දල්වමි සමිදු පාමුල

නුඹේ ලෝමය එළි වුනාවේ

මගේ සෙනෙහස මගේ මතකය

ඉතින් නුබගෙන් ගිලිහුනාවේ........."

(Lyrics by:- PantherGirl127)

ඇස් දෙක පියාගෙනම සිංදුව ඉවර කරලා ඇස් අරිද්දි තෙවින්ගෙ ඇස් ගැටුනෙ දිවාෂගෙ ඇස් එක්ක.තෙවින් තමන් දිහා බලනවත් එක්කම තෙවින්ගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට කරගත්තු දිවාෂ දෙනෙත් දිහා බැලුවෙ දෙනෙත් හොටුත් හූර හූර දෙවින්ට තුරුල් වෙලා ඉන්න නිසා.

"අනේ ඒක හරි ලස්සනයි තෙවින්.....ඕකට හොඳ තැනක් එයි.....ඔන්න බලන්නකො"

"අඬන්න එපා බබා....අප්පෝ මහ හොට්ටෙක්නෙ ඔයා....ඊලඟට කවුද? සනුක කියපංකො...උඹ සිංදු කියනවා අහලම නෑ"

"මට එච්චර බෑ දෙවින්.....වෙන කවුරුහරි කියන්නකො"

"උඹට පුලුවන්නෙ.....ගිය පාර ටුවර් එක ගිය වෙලේ කිව්වෙ.....කියපං"

"ම්ම්ම්ම්....ගිටාර් ප්ලේ කරන්නම දන්නෑ ඇත්තටම"

"මම ඔයා වෙනුවෙන් ගහන්නම් සනුකයියා.....මොකත්ත සිංදුව?"

තෙවින්ගෙන් ගිටාරය බලෙන්ම උදුරගත්තු දිවාෂ කියද්දි සනුක දිවාෂ ලඟට ලං වෙලා හෙමින් සීරුවෙ කියන්න යන සිංදුව කිව්වා.සනුකට ඔලුව වැනුව දිවාෂ සංගීතෙ දෙද්දි තෙවිනුත් සිංදුව අඳුනගෙන ඒ තාලෙට පුටුවට තට්ටු කරන්න ගත්තා.

"මට නෙලාගන්න බැරි.. ඔය ලස්සන මල්‌ පරදයි..

හිත හදාගන්න බැරි.. ඔබ මට හිමි නැති හන්දයි..

ඔබ  රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..

මට ගොතා ගන්න බැරි.. පෙම්‌ කවියේ මුල්‌ පදයයි......"

සනුක හීන් සීරුවෙ නේත්‍ර හිටිය පැත්තට ඇහැ අරං යන ගමන් කිව්වත් ආශවගෙ උරහිසට බර වෙලා උන්නු නේත්‍රටත්,නේත්‍රගෙ පුංචි අතකට තමන්ගෙ අතින් තට්ටු දදා තාලෙ අල්ලන ආශවටත් සනුකගෙ බැල්ම මගෑරුණා.

"මට නෙලාගන්න බැරි.. ඔය ලස්සන මල්‌ පරදයි..

හිත හදාගන්න බැරි.. ඔබ මට හිමි නැති හන්දයි..

ඔබ  රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..

මට ගොතා ගන්න බැරි.. පෙම්‌ කවියේ මුල්‌ පදයයි..

මල්‌ වල රොන්‌ බී.. වන බඹරුන්‌ පියඹන්නේ..

මල්‌ රොන්‌ නැතිනම්‌.. ආයෙත්‌ නෑ උන්‌ එන්නේ..

ඔය මල ළඟ හිඳ.. මේ බඹරා.. ළත වෙන්නේ..

රොන්‌ ගන්නට නොව.. මල සිඹින්න සිත දෙන්නේ..

මට නෙලාගන්න බැරි.. ඔය ලස්සන මල්‌ පරදයි..

හිත හදාගන්න බැරි.. ඔබ මට හිමි නැති හන්දයි..

ඔබ  රුව දුටු විට.. හද කිති කැවෙනවා සත්තයි..

මට ගොතා ගන්න බැරි.. පෙම්‌ කවියේ මුල්‌ පදයයි..

මට කියාගන්න බැරි.. ආදරයක හිත පැටලෙයි..

හිත පුරා ඇඳි සිරි.. බැලු බැලු තැන ඔබව පෙනෙයි..

හද පත්ලේ බැඳි.. පෙම දැන්‌ ටික ටික ලියලයි..

මට නිදාගන්න බැරි.. ඔබ මා ළඟ නැති හන්දයි......"

සනුකට මතක් උනේ නේත්‍රව හම්බුනු පලවෙනිම දවස.කොට කලිසමක් ඇඳන් ඔටුන්නක් දාන් උන්නු පුංචි එකා තමන්ගෙ මුළු ජීවිතේම වෙනස් කරයි කියලා සනුක දැනන් උන්නෙ නැහැ.එදා ආයෙ හම්බවෙනවා කියලා පොරොන්දු දුන්නත් හදිස්සියෙම තමන්ට ආව පපුවෙ හුස්ම හිර වීම් තත්වෙ එක්ක පුංචි සනුකව රෝහල් ගත කරන්න වෙද්දි සනුකට නේත්‍රට දුන්නු පොරොන්දුව රකින්න බැරි උනා.නේත්‍ර එදා අඬන තමන්ව සනසලා තරඟ කරන්න පිටත් උනාට පස්සෙත් ඒ කොල්ලො ටික ඇවිත් තමන්ට ගැහුව බව දැනන් උන්නෙ පුංචි සනුක විතරයි.වෙනදට අඬලා කෑ ගහලා තමන්ව අතාරින්න කියලා කෑ ගහන සනුක එදා කලේ කොල්ලන්ගෙ පාරවල් දරාගෙන එක කදුළක්වත් පිට නොකල එක.සනුකගෙ ඔලුව පුරා දෝංකාර දුන්නෙ මීට ටික වෙලාවකට කලින් හම්බුනු පුංචි සුරදූතයා තමන්ට කිව්ව වචන ටික.

"චූටි බබාලා අඬන්න හොඳ නෑ"

"කවුද කිව්වෙ ඔයා කැතයි කියලා යාලුවෙ? ඔයා හරි ලස්සනයි.....හිනා වෙන්නකො.....හිනා උනාම ඊටත් වඩා ලස්සන වෙයි"

පුංචි සනුකට එදා කට්‍ටිය වට වෙලා ගහද්දිත් මතක් උනේ ඒ පුංචි යාලුවව විතරයි.අන්තිමට එක ලමයෙක් කවුරුහරි පිටට ගහපු පාරට සනුකට හුස්ම ගන්න අමාරු වෙද්දි සනුකගෙ වෙලාවෙ හොද කමට සනුකගෙ තාත්තා එතනට ආවෙ සනුකව හොයාගෙන.අන්තිමට නාට්‍ය තරඟෙටවත් සනුකව ඉදිරිපත් නොකල තාත්තා හුස්ම අදින පුංචි එකාව අරං ඉස්පිරිතාලෙට යද්දි රඟහල තියෙන පැත්ත පෙන්න පෙන්න හුස්ම ඇද්ද තමන්ගෙ දරුවා කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් මානසිකත්වයක් කලබල වෙලා උන්නු සනුකගෙ තාත්තට තිබ්බෙ නැහැ.

දවස් තුනකට පස්සෙ කෙලින් කටින් හිටගන්න පුළුවන් උනු සනුක කලේ ආයෙම වතාවක් තමන්ගෙ පුංචි යාලුවව ඉල්ලලා කෑ ගැහුව එක විතරයි.සතියක් වගේ ගිය තැන යාලුවා ආයෙ එන්නෙ නෑ කියලා තේරුම් ගත්තු සනුක තාත්තා ලඟට ගියේ තමන්ට ලස්සන වෙන්න ඕනි කියලා කියන්න.ඇස් දෙකේ තිබ්බ ලා වපර ගතියක් නිසා අවුරුදු පහලව වගේ වෙනකං සනුකට කණ්නාඩි දාන එක අනිවාර්‍ය කරල තියෙද්දි තාත්තා ඉස්සෙල්ලාම කලේ සනුකගෙ ඉල්ලීම එක්ක සනුකගෙ ඈත් වෙලා තිබ්බ දත් වලට කම්බියක් දාපු එක.

ආයෙමත් සනුකට තමන්ගෙ පුංචි යාලුවව හම්බුනේත් ඉස්කෝලෙ ලමයිගෙන් ගුටි කකා ඉන්නැද්දි.එදා සනුකගෙ පුංචි හිත නොසෑහෙන්න රිදුනෙ තමන්ගෙ යාලුවව තුරුල් කරං උන්නු අනික් ලස්සන පිරිමි ලමයා නිසා.එදා ඒ ලමයා තමන්ට ශක්තිමත් වෙන්න කියලා කිව්ව දේ හිතට ගත්තු සනුක තාත්තා ලඟට ගිහින් පැය ගාණක් ඇඩුවා.

"ඩැඩා....අනේ.....අනේ මාව ලස්සන කරන්න ඩැඩා.....මට....මට ස්ට්‍රෝන්ග් වෙන්න ඕනි.....මට හෙල්ප් කරන්න ඩැඩා ප්ලීස්"

සනුකව වෙනස් කරන්නනම් ඉස්සෙල්ලාම වෙනස් කරන්න ඕනි පරිසරේ කියලා තේරුම් ගත්තු තාත්තා ඉස්සෙල්ලාම කලේ සනුකගෙ ඉස්කෝලෙ මාරු කෙරුව එක.ලංකාවෙ ප්‍රමුඛම පෙලේ පිරිමි පාසලට ගිය සනුකව ඒකෙන් අයින් කරලා ජාත්‍යන්තර පාසලකට දැම්මෙ ඒ පාසලේ තමන්ගෙ නෝනගෙ සහෝදරී ගුරුවරියක් විදියට වැඩ කරන නිසා.ඒ ඉස්කෝලෙදි සනුකට හම්බුනු යාලුවො ටිකත් හොඳ අය වුණු නිසා සනුක ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.පුංචි යාලුවව ආයෙ ඇස් දෙකටවත් බලන්න වාසනාවක් නොතිබ්බ සනුකට තිබ්බ එකම සතුට උනේ දවස් ගාණකට පස්සෙ පත්තරේ පලවෙලා තිබ්බ නාට්‍ය තරඟෙ ජයග්‍රාහී කණ්ඩායමේ මැද්දට වෙලා හිනාවීගෙන ඉන්න පුංචි යාලුවගෙ රූපෙ විතරයි.තාත්තට කියලා ඒකෙ ප්‍රින්ටවුට් එකක් අරං ඒ රූපෙ ලැමිනේට් කරලා තියාගත්තු සනුක ජීවිතේ වැඩි හරියක් ඒ රූපෙ දිහා බලල සැනසුනා.

අවුරුදු ගාණක් සනුකගෙ ජීවිතේ ගෙවුණු හැටි ගැන දැනන් හිටියෙ සනුක විතරයි.පුංචි කාලෙ දුර්වල තමන්ට හයියක් වෙන්න වචනයක් කියලා ගිහින් තමන්ගෙ මුළු ජීවිතේම වෙනස් කල යාලුවව ආයෙ දකින්න බැරි උනත් සනුකගෙ දඩබ්බර හිත ඒ පුංචි කොල්ලා අයිතිකරගෙන තිබ්බා.ඉන්නෙ කොහෙද,නම මොකද්ද,ආයෙ මුණ ගැහෙයිද වගේ කිසිම දෙයක් නොහිතුව සනුක ඒ පුංචි කොල්ලා එක්ක මනෝ ලෝකෙක ජීවත් උනා.

සනුකගෙ ජීවිතේ යට ගැහුව තවත් යම් යම් කාර්ණා නිසා සනුක තමන්ගෙ ජීවිතේට පිරිමි ලමයෙක් ලං කරගත්තෙ හිත හදාගන්න හිතාගෙන.ඒත් ටික කාලයක් යද්දි ඒ කොල්ලට තමන් කරන්නෙ වරදක් කියලා තේරුනු සනුක ඒ සම්බන්ධෙටත් තිත තිබ්බා.හිතේ එකක් තියං පිටින් තව කෙනෙක් එක්ක ඉන්න එක ඒ ලමයට වගේම තමන්ටත් කරන ලොකු අසාධාරණයක් වග තේරුම් ගත්තු සනුක අන්තිමට තමන් ඉස්සරහට යන්න ඕනි පාර,ක්‍රිකට් කියන දේ තෝරගත්තා.

ක්‍රිකට් වලින් නොහිතුව විදියට සනුක දස්කම් දක්වද්දි හෙවනැල්ල වගේ සනුකගෙ තාත්තා සනුකගෙ පස්සෙන්ම හිටියා.ආයෙමත් තමන්ට ආදරේ ප්‍රකාශ කල ගෑනු ලමයෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තු සනුක තමන්හෙ හිතෙන් අර පුංචි එකාව අමතක කරන්න කොච්චර උත්සාහ කලත් ඒක කරන්න බැරි උනා.ඒ විදියට අවුරුද්දක විතර සම්බන්ධයකට තිත තිබ්බ සනුක හිත හදාගත්තෙ ආයෙ කිසි කෙනෙක්ව ලං කරගන්නෑ කියලා හිතාගෙන.කොහොම කලත් තමන් වරදක් කරනවා කියන හැඟීම සනුකට දැනිලා තිබ්බා.

අවුරුදු ගාණකට පස්සෙ ආශවව ගන්න ගිය වෙලේ අහම්බෙන් ගේට්ටුව ඇරිය කොල්ලා ඉස්සරහ සනුක ගල් උනේ අවුරුදු ගාණකට කලින් උනා වගේ.මේ කොල්ලගෙ ඇස්දෙක හිනාව අවුරුදු ගාණකට කලින් අතීතෙකට සනුකව අරං ගියත් සනුක හිතට බැම්මක් දාන් හිටියෙ කෙනා හරිම කෙනාද කියලා දැනගන්නකං බලාපොරොත්තු ඇති කරගන්න එපා කියලා.කවදාවත්ම ආශවගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙ අවුරුදු ගාණකට කලින් දැම්ම ඡායාරූප අනන් මනන් බලන්න උවමනාවක් නොතිබ්බත් එදා රෑ සනුක ආශවගෙ ගිණුමෙ පහලටම පීරුවා.

"ඔ....ඔයාව හම්බුනා එහෙනම්"

එදා රෑ නාන කාමරේ දොර වහගත්තු සනුක ඇඬුවෙ සන්තෝසෙට.ඒත් මේ ඉන්නෙ අවුරුදු ගාණකට කලින් ඒ පුංචි කොල්ලා කිව්ව සුදුබේබිනම්,තමන්ට අවස්ථාවක් තියෙයිද කියන සැකේ සනුකගෙ හිතට ආවා.හිතුව වගේම සනුකට අවස්ථාවක් නැති වෙද්දි සනුක කලේ නේත්‍රගෙන් ඈත් උනු එක නෙවෙයි.තව තවත් හිතින් ලංවුණු එක.අවුරුදු ගාණක් අළු යට ගිනි වගේ හැංගිලා තිබ්බ ආදරේ උඩට ගත්තු එක.දැන දැනම ගිනි ගොඩකට පැන්න එක.මේ තත්පරේදිවත් සනුකට ඒ දේවල් වලින් ඈත් වෙන්න උවමනාවක් තිබ්බෙ නැහැ.ලැබුනත් නැතත් ජීවිත කාලෙ පුරාවටම නේත්‍රට ආදරේ කරන්න සනුක තීරණේ කරලා ඉවර වෙලා තිබ්බා.

"නේත්‍රත් සිංදුවක් කියන්න.....බර්ත්ඩේ බෝයි සිංදුවක් කිව්වෙ නැත්තං වැඩක් නෑ"

"අනේ අද බෑ දිවාෂ....මම මෙහෙම ඉන්නම්.....ඔයා කියන්නකො එකක්....දෙනෙත් අයියා කියන්නකො....ඔයා කාලෙකින් සිංදු කිව්වෙ නෑ"

නේත්‍රගෙ ආරාධනාව එක්ක දෙනෙතුයි දිවාෂයි සිංදු කියන්න ගත්තා.පාන්දර තුන විතර වෙනකං සිංදු කිය කිය සතුටු උනු කොල්ලො ටික යන්න පිටත් වුනේ දවල්ටත් වැඩක් යොදාගෙන තිබ්බ නිසා.

"මැණිකෙ....උදේ දහයට විතර දිවාෂලාගෙ ගෙවල් ලගට එනවද?"

"හා සුදුබේබි.....කොහෙ හරි යන්නද සුදුබේබි?"

"ඔව්....යමුකො.....ම්ම්ම්"

"හා සුදුබේබි"

නේත්‍ර කොල්ලො ටිකට සමුදුන්නෙ හැමෝවම තුරුල් කරං ස්තූති කරලා.ජීවිතේ විශේෂ දවසක මේ වගේ සතුටක් ලැබුනු එක ගැන නේත්‍රගෙ හිතේ තිබ්බෙ ලොකු කෘතඥපූර්වක හැඟීමක්.නේත්‍රගෙන් පිටත් වෙලා ගිය කොල්ලො ටික හෙමින් සැරේ වත්ත උඩහට නගිද්දි ආශව දිවාෂ දෙවින් එක්ක කතාව පටන් ගත්තෙ දෙනෙත් ඇහුව ප්‍රශ්නයක් එක්ක.කට්ටියම දවල්ට යෙදිලා තියෙන වැඩේ ගැන කතාවෙවී උඩට යද්දි හරියටම වලව්ව ලගින් වැටිලා තියෙන පාරට කට්ටිය හැරෙන තැනදි තෙවින් සනුකගෙ උරහිසෙන් අල්ලගත්තා.

"ඔව් තෙවින්....කියන්න"

"ඔය වැඩේ කරන්න එපා සනුක.....පුලුවන් ඉක්මනට හිත හදාගන්න අතෑරපං දැන්මම ඔය හැඟීම....උඹ විහින් විදවන්න යන්නෙ"

"ත් ....තෙවින්....."

"මම කාටවත් කියන්න යන්නෑ....ඒත් ඕක වැඩිකල් රහසක් වෙන එකකුත් නෑ....එතන බැඳීම කඩන්න බෑ සනුක...."

"මම කඩන්න හිතන්නෙත් නෑ තෙවින්....ඒ ගැන සැකයක් තියාගන්න එපා"

"ම්ම්ම්....ඔය හැඟීම මරපං සනුක....ජීවිත කාලෙම විඳවන්න එපා"

සනුකගෙ පිටට තට්ටුවක් දැම්ම තෙවින් කෙටි පාර දිගේ උඩට ඇදෙන දෙවින්ලා දිහාට දුවද්දි සනුක වලව්ව පැත්තට ඇදෙන ආශවගෙ පිටිපස්සෙන් ඇදුනා.

.

.

.

.

.

"පන්සල් යනවද සුදුබේබි...."

"පන්ස්ලුත් යමු"

"ලුත් කීවෙ....වෙන කොහෙ හරිද යන්නෙ සුදුබේබි....සුදු ඇඳුමුත් ඇඳන්?"

"ම්ම්ම්.....නේත්‍රගෙ උපන්දිනේ දවසෙ නේත්‍ර ආසා දෙයක් කරන්න යන්නෙ"

"අනේ.....හා හරි සුදුබේබි....යංකො එහෙනම්"

පිටිපස්සෙ ආසනේ උන්නු නේත්‍ර හිනා වෙවී කියද්දි සනුක මෝටර් රථය පණ ගන්වගෙන ඉස්සරහට ඇදුනා.එදා අප්පච්චි වාහනේ හුලං යවලා කරපු කැත වැඩේ එක්ක ආශව තමන්ගෙ භාවිතේට තිබ්බ වාහනේ දිහා ඇහැක්වත් ඇරලා බැලුවෙ නෑ.කොලඹ ඉදලා ආව සනුකගෙ වාහනේට ගොඩ උනු ආශව නේත්‍රගෙ බලකිරීම එක්ක ඉදිරිපස ආසනේට ගොඩ උනේ සනුකව ඉස්සරහ තනිකරන්න එපා කියලා නේත්‍ර කිව්ව නිසා.කට්ටිය එක්ක ඒ වාහනෙන් ඉදිරියට ඇදෙද්දි දෙනෙත්ගෙ වාහනේ ඇතුලෙ හිටිය අනික් හතර දෙනත් ඉස්සරහට ඇදුනා.

"ඔතන ඉස්සරහ තියෙන හොටෙල් එක ලඟින් නවත්තන්න සනුක"

ආශවට ඔලුව වැනුව සනුක ආශව කිව්ව තැනින් වාහනේ නවත්තද්දි ආශව කාට හරි දුරකතන ඇමතුමක් ලබාගත්තා.ආශවගෙ ඇමතුම එක්ක හෝටලෙන් එලියට ආව සේවකයො කීප දෙනෙක් විශාල පොලිතින් කවර වල දාගෙන ආව කෑම පැකට්ටු අධික ප්‍රමාණයක් කාරය ලගට උස්සන් එද්දි වාහනෙන් බිමට බැස්ස ආශව පිටිපස්සෙ දොර ඇරලා නේත්‍රව ජනේලෙ කොනකට කරලා ඉඩ හැදුනු තැනින් කෑම පාර්සල් ටික තියන්න කියලා කිව්වා.කෑම ටික අරගත්තට පස්සෙ ආශව වාහනේ පදවන්න කියලා කිව්වෙ නුවර ටවුම දිහාවට.අන්තිමට ආශව කරන්න යන්නෙ මොකද්ද කියලා තේරුම් ගත්තු නේත්‍ර ඇස් වල කදුළුත් පුරවං ආශව දිහා බැලුවා.

"බහින්න නේත්‍ර.....මෙතන ඉදන් යං පයින්"

"සුදුබේබි බර උස්සන්නෙපා.....මම අරං යන්නම්"

"නෑ නෑ....ඔයා මෙව්වා එකින් එක දෙන්නකො ඔය ඉන්න අයට....කෝ යං"

එක පොලිතින් උරයක් එල්ලගත්තු ආශව කියද්දි නේත්‍රත් බිමට බැස්සා.ඒත් එක්කම එතනින් වාහනේ අරං ඉස්සරහට ගිය දිවාෂලා දලදා මාලිගාවට යන බව දැනන් උන්නු නේත්‍ර එයාලට අත වැනුවෙ සුදුබේබි යම් හේතුවක් නිසා මාලිගාවට යන්නෙ නැති බව දැනන් හිටිය හන්දා.තමන් වෙනුවෙන් පූජාවක් කරන්න වගේම නෙළුම් මල් කඩවලින් මිලදී ගත්තු විශාල මල් ප්‍රමාණයක් අද බැතිමතුන්ට දිවාෂලා නොමිලේ දෙන බව දැනගත්තු වෙලේ නේත්‍ර ඇස් වලින් ගලන කදුළු පිහිදගත්තෙ මේ යාලුවො තමන්ට කොයි තරම්නම් ආදරේ කරනවද කියලා දැනෙද්දි.

"සනුක උඹට පුලුවන්ද?"

"ශේප් ශේප්....මේ හරියට මේ ටික ඇති වෙයි නේහ්?"

"යංකො බලන්න....මදි උනොත් කාර් එකේ තියෙන එව්වගෙන් ගමුකො"

නේත්‍රව ඉස්සර කරගත්තු ආශවයි සනුකයි කෑම මළු දෙකත් උස්සගෙන ඇවිදන් යද්දි නේත්‍ර ලං උනේ පාරක් අයිනෙ වැටිලා මිනිස්සුන්ගෙන් යදින යාචකයෙක් ලඟ.

"මෙන්න ගන්න සීයෙ"

"තුණුරුවන්ගෙ සරණයි දරුවෝ.....ගොඩක් පිං ....ඊයෙ ඉදන් කාලා නෑ මම"

හිතේ කහටක් නැතුව කිලිටි වෙලා ඉන්න යාචකයගෙ ඔලුව අතගෑව නේත්‍ර එතනින් ඉස්සරහට ඇවිදන් ගියේ ඒ වගේ ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම බෙදන්න හිතාගෙන.පාර අයිනට වෙලා දරුවෙකුත් වඩාගෙන හඳුන්කූරු විකුණන අම්මා කෙනෙක්ට බත් මුලක් දුන්නු නේත්‍රට ඒ පුංචි දරුවගෙනුත් හාද්දක් ලැබෙද්දි ආශව හිනා වෙලා බැලුවෙ ඒ දිහා බලාගෙන ඉන්න සනුක දිහා.

"උඹට පුදුමත් ඇති සමහරවිට"

"නෑ ආශව....මට ටිකක්වත් පුදුම නැහැ....නේත්‍ර මල්ලි හරි හොඳයි"

සනුක මුමුනද්දි ආශව ඒ ගැන වැඩියෙ නොහිතා ඉස්සරහ බලාගත්තා.නේත්‍රගෙ හොඳකම ගැන සනුක නොදැන ඉන්නෙ කොහොමද?

"සුදුබේබි....අර පොලිස් මාමටත් දීලා එන්නද? එයාලා කඩෙන් කනවා ඇත්තෙ"

"හා....දීලා එන්න....අර එතනම ඉන්නෙ බීම විකුනන එක්කෙනෙක්...එයාටත් දෙන්න"

ඒ හරියෙ උන්නු මිනිස්සු බොහෝ දෙනෙක්ට කෑම පාර්සල් බෙදුව නේත්‍රලා අන්තිමට මාලිගාව කිට්ටුවටත් ගිහින් කෑම පාර්සල් බෙදලා ඉවර කලා.ආශව නේත්‍ර වෙනුවෙන් අරං තිබ්බ කෑම පාර්සල් දෙසීයම ඒ විදියට ඉවර වෙද්දි නේත්‍ර වාහනේට ගොඩ උනු ගමන් ආශවගෙ බෙල්ල බදන් ඒ පපුවට තුරුල් උනා.

"ඔයාට ගොඩාරියක් පිං සුදුබේබි....මම වෙනුවෙන් කලා උනත් අද එ මිනිස්සුන්ගෙ බඩ පිරෙව්වෙ ඔයා"

"මට නෙවේ.....පිං අයිති වෙන්නෙ ඔයාට....ඔයා නොහිටියනම් මම කිසි මිනිහෙක්ට වතුර උගුරක්වත් දෙයි කියලා මම හිතන්නෑ නේත්‍ර"

ඉර මුදුන් වෙන වෙලාවෙ තවත් එලිමහනෙ රැඳෙන්න තිබ්බ අපහසුව නිසාම ආශව දැන්මම පිටත් වෙන්න තීරණේ කලා.දිවාෂලත් එන්න පිටත් වෙලා බව දැන ගත්තු නේත්‍ර ඒ බව ආශවට කියද්දි සනුක වාහනේ පාරට දැම්මා.පිටිපස්සෙ ඉන්න නේත්‍ර දිහාවට හැරිලා හවසට ගමේ පන්සලට යන්න කතා කරගත්තු ආශවටත්,හෙට ගමන යන්න කලින් හාමුදුරුවන්ගෙන් ආශිර්වාදෙ ගමු කියලා කිව්ව නේත්‍රටත් තමන්ගෙ වාහනේ ලඟින්ම ඇදුනු මල් බකට්ටුවක් අතේ රැඳුනු පුංචි කොල්ලෙක්ව මගෑරුණා.

..............................................................................................

"කොන්සට් එකට දැන් ඕනිම කරන අයිටම්ස් ටික කියන්නකො....ඈ ඉන්දීප්පයියෙ"

"ඕම ඉන්නකෝ...රකිත අරං එයි විස්තර ටික"

"රකිත අයියා ඉන්ටර්න් යන වැඩෙත් පැත්තක දාලා ආව එකනම් ලොකු දෙයක් උනා අපිට"

"ඔව් ඒකනෙ....ඈ චූචියො....පැත්ත ගහලා මොකෝ?"

"නෑ නෑ....මුකුත් නෑ දිවාෂ....කම්මැලි හිතුනා"

"කම්මැලිකම නෙවේ....ආශව ගිහින් මාසෙකටත් කිට්ටුයිනෙ.....සතිය අගනෙ එන්නෙත්....ඒ සාංකාව ඇත්තෙ නේත්‍ර බබාට"

පාසලේ නාට්‍ය කාමරේ බිම වාඩි වෙලා හිටිය නේත්‍ර එතනම බිත්තියකට පිට දීලා හිස් බැල්මක් එක්ක ඔහේ බලන් ඉද්දි දෙනෙත් නේත්‍රව අල්ලගෙන කරට අත දාන් තමන්ට ලං කරගත්තා.ඒත් එක්කම පාසල් පරිපාලනය එක්ක කතාබහ කරලා ඕනිකරන විස්තර ටික හොයාගත්තු රකිත කුටියට ඇතුල් වෙද්දි කට්ටියම රකිත දිහා බලන් හිටියා.හිනාවෙලාම බිම ඉදගත්තු රකිත කතාව පටන් ගනිද්දි කට්ටියම රකිත දිහා බලන් හිටියෙ හරි උවමනාවෙන්.

"අපිට ඕනි විදියට කරන්න කියලා ප්‍රින්සිපල්ම කිව්වා....ගිය පාරවල් වල වගේ වැඩේ කොලිටි එකට ඉස්කෝලෙ නම්බුව රැකෙන විදියට තියෙනවනම් එච්චරයි කිව්වා"

"රකිතණ්නා.....ලාස්ට් ඉයර් කොන්සර්ට් එක කල ශෙට් එකෙන් පොඩි උඩව්වක් ගන්ඩ බැරි වෙයිද රකිතණ්නා?"

"එහෙම ඕන්නැ කාර්තික්....අපි යුනික් විදියට වැඩක් කරමු....මෙහෙමයි....මෙතන මේන්ලි සිගින්,ඩාන්සින් ඇන්ඩ් ඩ්‍රාමා....ගිය පාර සයන්ස් සයිඩ් එකට බර ඩ්‍රාමා එකක් කලේ මතකද?"

"මේ පාරත් හොඳ එකක් කරමු...."

"කලින් කවුරුත් කලේ නැති එකක්"

"කම්මැලි නැති ලස්සන විදියෙ එකක්...."

"පොලිටිකල් සම්බන්ධව?"

"මේ ටිකේ කොහෙ බැලුවත් ඔව්වා"

"ස්කූල් ස්ටෝරි එකක්?"

"හොද ස්ක්‍රිප්ට් එකක් තියෙන්න ඕනි"

"පරණ ස්ටේජ් ඩ්‍රාමා එකක රීමේක් එකක්?"

"ඒකනම් සෙට්....ඒත් හුඟක් බෝයිස් ස්කූල්ස් වල ඕක කරල තිබ්බා"

"ෆෙයරි ටේල් ටයිප් එකක්?"

"මොකද්ද නේත්‍ර මල්ලි?"

"අපිට පුළුවන් ෆෙයරි ටේල් එකක් වගේ ඩ්‍රාමා එකක් කරන්න....අපි ඕනි තරම් එව්වා කියෝලා තියෙනවනෙ..ඒවගෙන් අයිඩියා එකක් අරං කරන්න පුලුවන් වෙයි"

"අඩේ ඒක මරු....බෝයිස් ස්කූල් එකක කරයි කියලා හිතන්නෙවත් නැති එකක්"

"අපේ ඩ්‍රාමා සර්කල් එකෙත් හොඳ සෙට් එකක් ඉන්නවා අයියෙ"

"ඔව්.....ඒත් මේකෙදි අපි මුල් තැන දෙන්න ඕනි අපේ වයසෙ අයට හා ඔයාලගෙ වයසෙ අයට....අපිට තියෙන අන්තිම එක වගේම ඔයාලට තියෙන අන්තිම අවුරුදු දෙකනෙ...."

"ඔව් රකිත අයියෙ....."

"මෙහෙමයි.....අපි නේත්‍ර කිව්ව එකම කරනවා කියලා දැන්මම තීරණේ කරන්න ඕනි නෑ.....අනික් අයගෙනුත් අහල බලමු....බලලා ස්ක්‍රිප්ට් හදාගෙන එන්න කියලා හොදම එක සිලෙක්ට් කරමු"

"ඔව් රකිත....එහෙම හොදයි"

"ඉන්දීප....උඹත් ඩ්‍රාමා සර්කල් එකෙ හිටියනෙ....පොඩ්ඩක් බලලා හොදම ස්ක්‍රිප්ට් එක තෝරන වැඩේ කරපං....නේත්‍ර මල්ලි නේද ඒකෙ ප්‍රසිඩන්ට්?"

"ඕ අයියෙ...."

"හරි....ඉන්දීප එක්ක එකතු වෙලා ඔයයි දිවාෂයි ඒක කරන්න....තෝරගත්තු ස්ක්‍රිප්ට් එක එක්ක ඔයාගෙ එක කියවන්න අන්තිමටම....ඒ දෙකෙන් හොද එක තෝරන්න."

"හරි අයියෙ...."

"ඕකේ....මියුසික් වැඩ මොකෝ....දෙනෙත්...ඔයාගෙන් පස්සෙ ප්‍රසිඩන්ට් උනේ කවුද?"

"ආර්ය කොල්ලා....මේ ඉන්නෙ"

දෙනෙත් ආර්යට තට්ටු කරලා කියද්දි මෙච්චර වෙලා රකිතගෙ මේස් එකේ ලාවට ඇදුනු නූලක් දිහා බලන් උන්නු ආර්ය හරි සිහියට ආවෙ තමන්ගෙ කම්මුල් මිරිකන දිවාෂ නිසා.

"අම්නේ මම්ගේ වම්ට බම්ඩ්ඩ"

"බම්ඩ උනත් ඔයාගෙනෙ මෝඩ මූම්සලයො....ම්වාහ්"

දිවාෂට හාද්දක් පා කරලා යැව්ව ආර්ය ආයෙ හරියට ඉදගෙන වගකීම් සහගත මිනිහෙක් වගෙ බලන් ඉද්දි රකිත ආර්ය දිහාට හැරුනා.

"කොන්සට් එකේ මේන්ලිම යන්නෙ සිංදු....ඔයා හොද ගායකයො ටිකක් තෝරගන්න ඕනි....අපේ එකට සිංදු කියන්නම කියලා විශේෂ අය එන්නෙ නෑ....ගෙස්ට්ස්ලා විදියට චරිත අත්තලගේ,කසුන් කල්හාර දෙන්නව ගේන්න ඩිසයිඩ් කරලා තියෙනවා ඉස්කෝලෙන්.අපිට කැමති තව තුන් දෙනෙක්ව ගේන්න පුලුවන් කිව්වා.එයාලා ලව්වා එක සිංදුවක් කියවන්න පුලුවන් අර ආරාධිතයො නිසා...ඒ ඇරෙන්න කොන්සට් එක යන්නෙ තනිකරම අපේ ලමයිගෙන්....කොලඹ ඉස්කෝලවල් වල කරන එව්වට වඩා වෙනස් මේක....අමතක කරන්න එපා,මේකෙ ඩාන්සින් අයිටම්ස් වගේම ඩ්‍රාමා එකකුත් තියෙනවා"

"හරි රකිත අයියා..."

"කාර්තික්....ඩාන්සින් ක්ලබ් එකේ ප්‍රසිඩන්‍ට් කවුද?"

"රෝඅන් අපේ රෝඅන්.....අද රෝඅන් ඇබ්ශන්ට්නේ රකිතන්නා"

"රෝහන් රකිත අයියෙ"

"ආහ්....හරි....රෝහන් එක්ක ඔයා ඩාන්සින් සයිඩ් එකේ වඩ ටික බලාගන්න ඕනි.....එතකොට ඕගනයිසින් සයිඩ් එකෙ ෆුල් ලෝඩ් එකම දිවාෂ,නේත්‍ර,කාර්තික්,සෙනාන්....ඔයාලා දරන්න ඕනි...දිවාෂ ටීම් ලීඩර් විදියට වැඩේ පිලිවෙලට කරන්න ඕනි වගේම නේත්‍ර දිවාෂට නොතේරෙන දේවල් කියලා දෙන්න ඕනි"

"හරි අයියෙ...."

"එතකොට අපිට ගර්ල්ස්කූල්ස් වලිනුත් උදව් ඕනි වෙනවා....ම්ම්ම්....අරුන්දතීලගෙ ඉස්කෝලෙන් උදව් ගන්න මට පුළුවන්....අරහෙ ඉස්කෝලෙ දන්න කෙනෙක් නැද්ද?"

රකිත ඇහුවෙ නුවර තියෙන ප්‍රධානම බාලිකා පාසල ගැන කියලා තේරුනු දිවාෂ රකිත දිහා බැලුවා.

"උපාධ්‍යා ඉන්නවා රකිතයියෙ....එයාට කියන්නම්....ඊලග ටොප් බෝඩ් එක එයාලා"....එයාට කියන්නම්....ඊලග ටොප් බෝඩ් එක එයාලා"

"හරි.....එයාලගෙන් අහන්න කැමතිද කියලා ජොයින් වෙන්න.....ඊලගට අපි අපේ ඉස්කෝලෙන් ලෙටර් එකක් අරං යං එහෙ ප්‍රින්සිපල්ට"

"එහෙම කරමු රකිතයා.....සංදීප අයියලත් කලේ ඔහොමනෙ"

"ඔව්......එතකොට සාමාන්‍යෙන් පැය හතරක් වගේ යනවා කොන්සර්ට් එක....සිංදුවල ටයිම්ස් එක්ක අපි කීයක් කියනවද බලලා එව්වට වෙලාව වෙන් කරගන්න පුලුවන්....ඩාන්සින් අයිටම්ස් ටිකයි ඩ්‍රාමා එකයි තමා ටිකක් කල් යන වැඩකට තියෙන්නෙ....නේත්‍ර මල්ලි,පුලුවන්නම් අදම ඔයාලගෙ ඩ්‍රාමා සර්කල් එකේ මීටින් එකක් අරං මේ ගැන දැනුවත් කරනවද?"

"ඩ්‍රාමා සර්කල් එකම ඕන්නෑ රකිත අයියෙ.....අපි ඒක ඇතුලෙ ගෲප්ස් වෙන් කරල තියෙන්නෙ....මම ස්ක්‍රිප්ට්ස් හදන ලමයි ටිකට දන්වන්නම්....දවස් තුනක් ඇතුලත ඔයාලට ලැබෙයි ඒ ටික"

"අඩේ මරුනෙ.....ආර්ය....මියුසික් සර්ලා දෙන්නවයි මැඩම්වයි සෙට් කරගන්න....මොකද එයාලගෙ උදව් නැතුව කරන්න බෑනෙ මේක....දිවාෂ මල්ලි...."

"ඔව් අයියෙ?"

"ගර්ල්ස්කූල්ස් වලින් මේ වැඩේට එනවා කියන්නෙ අපිට ටීචස්ලා කීප දෙනෙක් ඉන්න කමිටි එකක් ඕනි....අනේ වයසක,බොරුවට විනය ඔලුව උඩ තියං නටන අය නැතුව ශේප් මැඩම්ලා ටිකක් සිලෙක්ට් කරගන්න"

"හැබැයි ඩ්‍රාමා මිස්ලා දෙන්නනම් හොදයි වයස උනාට ටිකක්"

"ඒ දෙන්නා ශේප්....කොහොමත් ඩ්‍රාමා,ඩාන්සින්,මියුසික්,ආර්ට්ස් ගුරුවරු සෙට් එකම හොඳයි.....හැම ඉස්කෝලෙකම එහෙමද මංදා...මමනම් දන්න ඔක්කොම ඉස්කෝල වල ඔය ගුරුවරු සෙට් එක ලමයි එක්ක මාරම ෆිට්....එයාලා කොහොමත් ඉන්නවනෙ වැඩේ....එයාලට අමතරව තව අය ටිකක් ඕනි....පහක් වගේ....ජොයින් වෙන්න කැමති අය...."

"මම බලන්නම් අයියෙ ඒක....හෙට ඒ ටික හදාගෙනම එන්නම්"

"හරි....නේත්‍ර මල්ලි,දෙනෙත්....අරුන් දෙන්නට එන්න බැරි වෙයිද මේ වැඩේට? උන් දෙන්නා නැතුව හෙන අඩුවක් වෙන්නෙ"

"පුලුවන් රකිත අයියෙ....ආශව අයියලා සිකුරාදා ඉදන් ඉන්නවා මෙහෙ....ඒ දවස් තුන පුලුවන්"

"ඒ ටික ඇති....ඒ දෙන්නගෙ අයිටම්ස් වලට පුරුදු වෙන්න විතරනෙ ඕනි....නැත්තං හිස් වගේ ඒ ඩබල නැතුව....හරි එහෙනම්....ඔයාලා ඔඩිෂන්ස් මොනාහරි තියනවද දෙනෙත්? ආර්ය ?"

"ඔව් රකිත....නැතුව බෑ....සිංදු ටික සිලෙක්ට් කරලා ඔඩිෂන් එකක් තියනවා....ඩාන්සින් වලටයි ඩ්‍රාමා වලට‍යිත් එහෙම කලානම් හරි"

"ඔව්.....ඩිසෙම්බර් වලනෙ තියෙන්නෙ....අපිට කාලෙ ඇති....වැඩෙව් හොඳට කරගමු"

"හරි රකිත අයියෙ....අපි පුළුවන් උපරිමෙන් දෙයක් කරමු"

ඉස්කෝලෙ ඉවර උනු නේත්‍ර බිම බලාගෙනම පාර පැනලා ගල් කැටේකටත් පයින් ගහන් යන හැටි දිවාෂ බලන් හිටියෙ හරි දුකින්.නේත්‍රට විතරක් නෙවේ දිවාෂටත් ලොකු පාළුවක් දැනුනෙ අවුරුදු ගාණක ඉදන් තමන් එක්ක ඇවිදගෙන කියෝ කියෝ යන දෙවින්ව වගේම ටික කාලයක් තිස්සෙ තමන්ගෙ අනික් පැත්තෙන් හිටං තමන්ට වද දිදී යන තෙවින්වත් මතක් වෙන නිසා.

"පාළුයි නේද ඒයි?"

"ම්ම්ම්ම්"

"අරුන් තුන නැතුව නිකං ඇඟේ කෑල්ලක් නෑ වගේ"

"අනේ ඔව් දිවාෂ....හරි පාලුයි....මටනම් ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ"

"අනේ මංදා චූචි.....අයිස් පලමක්වත් කන්න විදියක් නෑ"

"මම අරං දෙන්නද දිවාෂ?...සල්ලි තියේ මම ලඟ"

"එපා එපා දෙයියනේ....මම කිව්වෙ දෙවින් පණගෙන් ගසා කඩා ගන්න සල්ලි ගැන"

"සුදුබේබිත් මොන මොන ප්‍රශ්න වලට මූණ දෙනවද දන්නෑ එහෙ ඉදන්"

"ඒ මොකෝ එහෙම කියන්නෙ...."

"එහෙම ලොකුවට මුකුත් කිව්.....බස් එකක් එනවා....බැහැලා යන ගමන් කියන්නම් මම"

බස් එකට ගොඩ උනු නේත්‍ර සෙනග මැද්දෙන් තෙරපිලා ගිහින් ඉඩක් තියෙන තැනක් අල්ලගනිද්දි දිවාෂත් එක අතකින් නේත්‍රගෙ බෑගය අල්ලන් අනික් අතින් ආසනේක යකඩ බම්බුවක් අල්ලගත්තා.

"සුදුබේබි හිටියනම්"

බස් එකේ යනකලුත් හැමදාම වගේ නේත්‍රගෙ හිතට ආව එකම සිතිවිල්ල උනේ ඒක.නේත්‍රට මතක් උනේම වෙන කෙනෙක්ව ඇඟේවත් නොගෑවෙන්න තමන්ගෙ පිටිපස්සෙන් හිටං තමන්ව ආවරණය කරගෙන යන තමන්ගෙ සුදුබේබිව.ඉදලා හිටලා සෙනඟ ගොඩේ යද්දි තමන්ගෙ අත ටිකක් ඇල්ලුවට කන් පෙත්තට හුලං ටිකක් පිම්බට සුදුබේබි තමන්ව අපහසුතාවයට පත් වෙන කිසිම දෙයක් කරලා නෑ කියලා නේත්‍ර සිහිපත් කලේ හරි ගෞරවේකින්.එක දවසක් බස් එකේ යද්දි තමන්ගෙ ඉස්කෝලෙම තව තමන් දන්න පිරිමි ලමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් අනික් කෙනා නිසා අපහසුතාවෙට පත් වුනු හැටි නේත්‍රට මතක් උනා.පිටිපස්සෙන් හිටන් උන්නු පිරිමි ලමයා අනික් පිරිමි ලමයට තෙරපෙන ගමන් ඒ කොල්ලගෙ බෙල්ල හරිය නාහෙන් කිති කවද්දි බස් එකේ උන්නු ගොඩක් මිනිස්සු උනත් ඒ දෙන්නා දිහා පිලිකුලෙන් බැලුව හැටිත්,ඒකෙන් බලපෑමට ලක් වෙන පිරිමි ලමයගෙ ඇස් වල කදුළු පිරුනත් අනික් කෙනා වෙනුවෙන් තියෙන ආදරේ නිසාද කොහෙද ඒ දේ ඉවසගෙන උන්නු හැටිත් නේත්‍රට මතක් උනා.තමන්ගෙ සුදුබේබි කවරම කවරදාකවත් ඒ වගේ කෙනෙක් නොවිච්ච එක නේත්‍රගෙ හිතේ සුදුබේබි වෙනුවෙන් තිබ්බ ආදරේ ගෞරවේ තවත් වැඩි කරන්න හේතුවක් උනා.

"බහිමු නේත්‍ර....."

නේත්‍රට තට්ටු කෙරුව දිවාෂ බසයෙන් බැහැගනිද්දි නේත්‍රත් ඒ පිටිපස්සෙන්ම බැහැගත්තා.ගමේ පාරට හැරුණු නේත්‍ර දිවාෂ දිහා බලද්දි දිවාෂ ඔලුව වැනුවෙ නේත්‍රගෙ කතාව අහන්න සූදානමින්.

"ලොකු දෙයක් කිව්වෙ නෑ දිවාෂ.....ඒත් මම හිතන්නෙ අර දිව්දේත්‍රා සුදුබේබිට මොනාහරි බලපෑමක් කරනවා....සුදුබේබි කිව්වා මේ සතියෙ ගෙදර ආවම විස්තර කියන්නම් කියලා...."

"ඒකිනම් සිරාවටම සාපයක්....මූ ඒකිට කැමති නෑ කියලා දැන දැන පස්සෙන් එල්ලෙන එක තමා අප්පිරියා"

"සුදුබේබි ඇත්තටම පවු දිවාෂ.....අඩුම එයාට ක්ලබ් එක ඇතුලෙදිවත් නිදහසක් නැති වෙයි කියලයි මට බය"

"ඔයාවත් ලඟ නෑනෙ....පිස්සු කෙලියිද මූ?"

"නෑ....සුදුබේබි ඒ හැටි දුර්වල නෑ....අනික මම ඇඟෙන් ලග නොහිටියට එයා එක්ක කතාබහ කරනවා හැමදාම....අපි බලමුකො"

"හ්ම්ම්.....අපි ඉන්නවනෙ....ඌට අවුලක් වෙන්න දෙන්නෑ"

"ද්.....දිවාෂ"

"ඕ....."

"ඔයාට අමුත්තක් දැනෙන්නෙ නැද්ද?"

"මොකද්ද චූචි?"

"අර අතන තියෙන බයික් එක.....ඔයා දැක්කද අපි පාරෙන් හැරෙන තැනත් බයික් එකක් තිබ්බා....ආයෙ මේ වංගුවෙත් තියෙනවා.....ඔය දෙකම දැන් දවස් තුනක් හතරක් තිස්සෙම ඔහොම තියෙනවා"

"ඔයා කිව්වම නෝට් උනේ මට.....හෙල්මට්වත් නෑ හැබැයි උන් දෙන්නට....කාටහරි කරදරයක් කරන්නනම් ඉන්නෙ හෙල්මට් දාගෙන හරි මොනාහරි කරං ඉන්නවා මිසක් මාස්ක් දාන් ඉන්නෑ නේද?"

"එහෙනම් නිකං වෙන්න ඇද්ද ඉන්නෙ?"

"මෙවෙලෙට ගමේ ඉස්කෝලෙත් ඇරෙනවා....ටවුමෙ ඉස්කෝලත් ඇරෙනවා....ලමයි මේ පාරෙන් එනවනෙ....අනික දැක්කද මහතුන් මාමලා බෝඩිං කාමර පෝලිමක් හදලා....එව්වගෙ පිට අය නැවතිලා....සමහරවිට කෙල්ලෙක්ට ලයින් දාන්න ඉන්නවද දන්නෑනෙ"

"හ්ම්ම්.....ඒත් හරි අමුතුයි.....අපි බලමුකො"

වංගුව ලගට ලං වෙද්දි නේත්‍රගෙ පපුව බයටම ගැහුනත් බයිකය උඩ හිටිය තරුණයා දුරකථනය ඔබ ඔබ හිටියා විනා තමන් දෙන්නා දිහාවත් නොබැලුව නිසා නේත්‍ර හිතේ බය නැති කරගෙන දිවාෂ එක්ක ගියා.හැබැයි නේත්‍රට එක දෙයක් මගෑරුණා.නේත්‍ර එකපාරක් හරි පිටිපස්ස හැරිලා බැලුවනම් පැති කණ්නාඩියෙන් තමන් දිහා බලන් ඉන්න තරුණයව දැක ගැනීමේ හැකියාවක් නේත්‍රට තිබ්බා.

.

.

.

.

.

"ඕනි ඔක්කොම ගත්තද?"

"ඔව් දිවාෂ හරි ඒ ටික...."

"යං එහෙනම්....බස් එක අල්ලගන්නත් ඕනිනෙ....හෙට ආශවයා එනවා නේහ්?"

"ඔව්....හි හී...."

"පෝය කියලා ප්‍රැක්ටිස් නැතුව තියෙන්නෙ නැද්ද?"

"නෑ දිවාෂ....සුදුබේබිව ප්‍රිමියර් මැච් එකකට සිලෙක්ට් වෙයි වගේලු.....ඒ නිසා ඉතින් ප්‍රැක්ටිස් තියෙන දවස් ටිකේ ප්‍රැක්ටිස් තියෙනවා මගනැර"

"ම්ම්ම්.....අයික්කීම් එකක් කමුතේයි?"

"කමු....."

"සල්ලි එපා.....මම අරං එන්නම්"

පුංචි පුංචි කඩවල් දෙක තුනක් ඇරෙන්න ඒ හරිය හරි නිස්කලංක පැත්තක් උනා.වැඩියෙ මිනිස්සු ගමන් නොගන්න,ඒත් නුවරට එන සමහර මිනිස්සු පාර අයිනෙ නැවතිලා ටිකක් ගිමන් හරින පැත්තක් උනු ඒ පාර දෙපැත්තම ලොකු ගස් වලින් ආවරණය වෙලා තිබ්බා.නේත්‍රව ගස් හෙවණකින් නැවැත්තුව දිවාෂ තමන්ගෙ අතේ තිබ්බ මල් පැල කවර තුන හතරත් එතනම බිම තියලා අයිස්ක්‍රීම් වාහනේ ලගට දුවද්දි නේත්‍රත් තමන්ගෙ අතේ තිබ්බ පුංචි මල් පැල දිහා බැලුවා.තමන්ගෙ අම්මගෙ වගේම දිවාෂගෙ අම්මගෙ උවමනාවලට මල් පැල ගේන්න එලියට ආව කොල්ලො දෙන්නා ගත්තෙනම් තමන්ට ඕනි කරන ජාතියෙ මල් පැල.ලා කහ පාට පුංචි කපුරු මලක් තිබ්බ තමන්ගෙ එක පැලයක් දිහා බලන් උන්නු නේත්‍රගෙ ඇස් වලට තමන් දිහාවට වේගෙන් එන බයිකය මගෑරුණා.

"නේත්‍ර!!!!!!"

අයිස්ක්‍රීම් දෙකකුත් අරං එන දිවාෂ තමන්ව පහු කරං මුවහත් පිහියක් දික් කරං නේත්‍රගෙ පැත්තට ඇදෙන බයිකය දැකලා මහ හයියෙන් කෑ ගහද්දි නේත්‍ර ඒ පැත්ත බැලුවා.තමන්ගෙ බෙල්ල කෙලින්ම ඇදීගෙන එන පිහිය දැක්කත් පුංචි අහිංසකයට මොන විදියෙ තීරණයක් ගන්නද කියලා හිතාගන්න බැරුව එක තැන ගල් වෙලා හිටියා.පිහිය තමන්ට ඔන්න මෙන්න තියෙද්දි නේත්‍රගෙ ඇස් ඉස්සරහට සුදුබේබිගෙ රූපෙ ඇඳිලා මැකිලා ගියා.

"ආහ්!"

ඒත් එක්කම ලැබුනු තල්ලුවකින් නේත්‍ර පැත්තකට විසික් වෙලා වැටෙද්දි තව තත්පර ගාණකින් නේත්‍රගෙ බෙල්ලෙ වදින්න තිබ්බ පිහිය ගහේ කද තදින්ම කපාගෙන ගහේ රැඳුනා.පියවි සිහියට ඇවිත් ඔලුව උස්සලා බැලුව නේත්‍ර දැක්කෙ තමන්ව තල්ලු කල බයිකය ආපහු හරෝගන්න වගක්.එදා වංගුව ලග උන්නු තරුණයා නේත්‍ර දිහා බලලා නේත්‍රට අනතුරක් නැ කියලා තේරුම් අරගෙන බයිකය රේස් කරද්දි ඒ තත්පරේම එතනට ආව බයිකයක් තරුණයට කෑ ගහගෙනම නේත්‍රව කපන්න ආව මිනිස්සු පලා යන බයිකය පස්සෙන් ඇඳුනා.

"ෆලෝ කරපං!!!"

"ත්....තෙවින්?"

ෆුල් ෆේස් හෙල්මට් දාගෙන හිටියත් තරුණයට අණ කෙරුව බයිකයේ හිටියෙ තෙවින් කියලා අඳුනගන්න අසිහියෙන් උන්නු නේත්‍රට බැරි උනත් සිහිය අසිහිය අතරෙ උන්නු දිවාෂට අඳුනගන්න පුළුවන් උනා.බයික දෙකම අර මිනීමරුවොන්ගෙ පස්සෙන් ඇදෙද්දි දිවාෂ ඇසුත් ලොකු කරගෙන බිම වැටිල උන්නු නේත්‍රව තුරුල් කරගත්තා.

"නේත්‍ර....නේත්‍ර කතා කරපං!"

"ස්.....සුදු....සුදුබේබි....."

"නේත්‍ර.....නේත්‍ර ඒක හරි! නේත්‍ර මම දිහා බලන්න!"

"ස්...ස්...."

"නේත්‍ර!!!"

නේත්‍ර හිටියෙ බය වෙලා කියලා තේරුම් ගත්තු දිවාෂ කලේ අත දිගෑරලා නේත්‍රගෙ කනට පාරක් ගැහුව එක.දිවාෂගෙ පාර එක්ක හරි සිහියට ආව නේත්‍ර දිවාෂට තුරුල් වෙලා අඬන්න ගනිද්දි දිවාෂ නේත්‍රව ආවරණය කරගෙන හිටියෙ ආරක්ෂා කරගන්න වගේ.මෙතන උනු දේ දැක්ක කඩවල් වල මිනිස්සු කීප දෙනෙක් නේත්‍රලා ලඟට ඇදෙන්න ගත්තත් ඒත් එක්කම වේගෙන් ආව කාරයක් නේත්‍රලා ලඟින් නැවැත්තුවා.

"මල්ලි එන්න"

කාරයෙන් ඇහුනු කාන්තා හඬ එක්ක දිවාෂ ඒ පැත්ත බලද්දි ඒ කෙල්ල කතා කරන්නෙ තමන්ට වග දිවාෂ දැක්කා.ඒත් එක්කම දැන් ටික දවසකට කලින් තෙවින් ඡායාරූපයක් පෙන්නලා කිව්ව දෙයක් මතක් උනු දිවාෂ තමන්ට තුරුල් වෙලා අඬන නේත්‍රවත් වත්තං කරගෙන සැකේකින් තොරව කාරයට ගොඩ වෙද්දි කාරය වේගෙන් ඉදිරියට ඇදුනෙ ජනේල වලින් ආවරණය කරගන්න ගමන්.

..............................................................................................

"සොරි මිස්ටර් ගෝවින්දන්.....මම කැමති නෑ ඒ වැඩේට"

".................."

"ඔව්....ඒත් මම තවම එක ප්‍රිමියර් මැච් එකක්වත් ප්ලේ කරලා නැහැ....එහෙම එකේ මට බැහැ වෙන ක්ලබ් එකක කන්ට්‍රැක් ප්ලේයර් කෙනෙක් වෙන්න"

"......................"

"සොරි මිස්ටර්......මේක මගෙ ස්පෝට්‍ස් ජර්නි එක....මගෙ තීරණ ගන්නෙ මම.....ඔයාලට බැහැ මට බලපෑම් කරන්න"

"ආශවයා....ෆෝන් එක දීපං"

ආශවගෙ හඬ එන්න එන්න උස් වෙනවා කියල තේරුනු සනුක දුරකථනෙ ඉල්ලගත්තෙ ඔය විදියට කතා කරලා ප්‍රශ්න විසදගන්න බැරි බව තේරුම් අරං උන්නු නිසා.

"ඔව් කියන්න.....මම සනුක....සනුක ඩි සිල්වා"

"................"

"මෙහෙමයි මිස්ටර් ගෝවින්දන්....ආශව අපේ ක්ලබ් එකටත් අලුත්....තවම එක මැච් එකක්වත් ප්ලේ කරල නැහැ....ඒ නිසා...."

".............."

"ඔව්....ක්ලබ් එකෙන් ගැටලුවක් එනවා....ඒක ඔයාලට නෑ කියන්න බෑ....ආශවව ගත්තෙ අපි....අනික ඔයාල ක්ලබ් එකට කතා නොකර ආශවට මෙහෙම ඩිරෙක්ට් කෝල් කරලා බලපෑම් කරන එක එච්චර ප්‍රොෆෙෂනල් නෑ නේද මිස්ටර් ගෝවිදන්?"

"................"

"අනිවාර්‍යයයෙන්ම....ආශවගෙ කැමැත්ත අකමැත්ත බලපානවා තමයි....ඔයාලා අපි ගෙවනවට වඩා ගාණක් ආශවට ගෙවනවා කියලා කිව්ව පලියට ආශව ඔයාලා එක්ක කන්ට්‍රැක් සයින් කරන්න ඕනි නෑනෙ නේද?"

"................."

"ඕකේ මිස්ටර්....අපි හිතනව ඔයා තේරුම් ගනියි කියලා....ඕකේ....හෑව් අ ගුඩ් ඩේ"

සනුක ඇමතුම විසන්ධි කරලා ආශවගෙ අතට දුරකථනෙ දෙද්දිම ආශව ඔලුවත් අල්ලන් බිත්තියකට වාරු උනා.

"ඇයි ආශවයා....මොකෝ?"

"ආහ්.....ඔලුව රිදෙනවා......එකපාරටම මොකක්....ශිට්..."

"කෝ....මෙව්වා ගැන හිතන්න එපා...."

"නේත්‍රට කෝල් එකක් අරං දීපං සනුක....පොඩි එකාට අවුලක්ද දන්නෑ"

"ඉදපං"

සනුක දුරකථනෙ ආශවගෙ අතින් තියද්දි වෙවුලන ඇඟිලි වලින් ඇමතුමක් ගත්තු ආශවට ලොකු සැනසුම් හුස්මක් පහල ගියේ නේත්‍ර ඇමතුමට සම්බන්ධ උනු නිසා.

"හ්...හෙලෝ සුදුබේබි....."

"ඔව් නේත්‍ර....කොහෙද ඉන්නෙ?"

"ප්....පාරෙ සුදුබේබි....."

"මල් ගත්තද?"

"ගත්තා...."

"නේත්‍ර .....මොකක් හරි අවුලක් උනාද? ම්ම්ම්?"

"නෑ සුදුබේබි....මුකුත් උනේ නෑ"

"එහෙනම් කමක් නෑ.....පරිස්සමට ගෙදර යන්නකො...."

"හා සුදුබේබි....සුදුබේබි අවුලකද?"

"මමද? පොඩි අවුලක්....හෙට ආවම කියන්නම්"

"හා සුදුබේබි....අනේ පරිස්සමින් හොදද....ප්....පාරෙ යද්දි පරිස්සමින් සුදුබේබි"

"හරි මැණිකෙ...."

"බුදු සරණයි මගෙ සුදුබේබි"

"බුදු සරණයි නේත්‍ර"

දුරකථන ඇමතුම විසන්ධි කල ආශව සනුක දිහා බලද්දි සනුක ඇඳුම් මාරු කරමින් හිටියෙ සනුකගෙ පුහුණුවීම් ඉවර නිසා.තමන්ට ජිම් එකේ ගත වෙන කාලෙත් තව ඉතුරු බව දැනන් උන්නු ආශව නේත්‍ර කතා කල එකට සැහැල්ලු උනු හිතින් නැගිට්ටත්,ආශවගෙ හිතට මොකක් හරි වරදක් වෙලා කියලා හිතෙන එකෙන් ගැලවෙන්න බැරි උනා.

"සීසීසී එකෙන් උඹව අතාරින්නෙම නෑ වගේ"

"ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුවැති සනුක....අර දිව්දේත්‍රලාගෙ බලපෑම් තමා ඔය මිනිස්සු පිටින් අපේ පැත්තට එන්නෙ"

"ඔව්....උබව කන්ට්‍රැක් ප්ලේයර් කෙනෙක් වගේ හරි ගන්න යන්නෙ"

"එපා වෙනවා සනුක....සිරාවටම අප්පිරියයි....මොන මගුලක්ද මංදා ඒකි කරන්න යන්නෙ...."

"පරිස්සමින් ආශව....පරිස්සමින් වැඩ කරන්න ඕනි....මේ ෆීල්ඩ් එකේ දිව්දේත්‍රලා එක්ක හැප්පෙන්න ඕනි මොලෙන්...ශේපෙ එකේ ගේම ගහන්න ඕනි"

"හ්ම්ම්ම්"

"ඒකිට තියෙන්නෙ ලොකු බලයක්....දවසක් ඒකි කිව්ව දේ ඇත්තක් තියෙනවා....ඕනි කෙනෙක්ගෙ ගමන ඒකිට තීරණේ කරන්න පුලුවන් තරම් බලයක් ඒකිට තියෙනවා....ආදිත්‍ය කරගත්තා වගෙ දෙයක් උබ කරගන්න එපා"

"ආදිත්‍ය?"

"ඌ ඇත්ත දැන දැනත් තාම ඒ දෙයින් ගැලවිලා නෑ ආශව....ඌ ඉන්නෙ අරකිට අන්ධ වෙලා.....උගෙනුත් පරිස්සම් වෙයං....ඒකි ලිදට පැනපං කිව්වොත් ඕකා පයිනවා...ඒ තරම්"

"මමනම් ඔය ගෑනු මනුස්සයගෙ විකාර වලට අහු වෙන්නෑ...මට එහෙම ඕනිත් නෑ...එයාගෙ උදව්වක් නැතුව ක්‍රිකට් පැත්තෙන් ඉස්සරහට යන්න බැයිනම් මම නුවර ගිහින් කුඹුරක් කොටාගෙන නේත්‍ර එක්ක ජීවත් වෙනවා...."

"ලස්සනට ඉදියි"

"කවුද?"

"උඹ...අමුඩයක් ඒම ගහන්....ම්ම්....සෝස පුප එලියෙ දාන්"

"පලයංකො සනුක.....තෝ නම් මහ අනේ මංදා"

"මේ මම යනවා....මම එන්නද උඹව ගන්න?"

"එපා එපා....බස් ස්ටෑන්ඩ් එකට වරෙංකො මගෙ බෑග් එක අරං....ඒ ඇති"

"ඕම්කේ බොසා....මම යනවා"

සනුක ගියාට පස්සෙ ආශව ගියේ ක්‍රීඩා සමාජයටම අයිති වෙලා තිබ්බ කාය වර්ධන කුටියට.ඒ පුහුණුකරු එක්ක අදාල පැය දෙක අවශ්‍ය පුහුණුවීම් වල යෙදුනු ආශව නාන කාමරේට වැදිලා හොඳ ඇඳුමක් ඇදගත්තෙ කෙලින්ම නුවර යන්න තිබ්බ උවමනාව නිසා.හැම බ්‍රහස්පතින්දාවකම ආශව පුහුණුවීම් වලින් පස්සෙ කෙලින්ම නුවර ගියත් අද ජිම් එකේ ඉන්න උනේ ඊයෙ ආශවට ඒ වැඩේ මගෑරුණු නිසා.ඊයෙ පුහුනුවීම් වලදි බෝලයක් කකුලෙ වැදිලා වේදනාවෙන් උන්නු ආශව අද වෙද්දි සුව අතට හැරිලා හිටියා.

වැස්සක් වැටෙන්න වගේ යන නිසා තිබ්බ බීරිං ගතිය එක්ක ආශව අඩිය ඉක්මන් කලේ අතේ කුඩයක්වත් නොතිබ්බ නිසා.වේගෙන් ගමන් ගත්තු ආශවගෙ ඇඟේ කෙනෙක් වදිනවත් එක්කම ආශව ඉස්සරහට වැටෙන්න ගියත් ලග තිබ්බ කණුවක් අල්ලගත්තු ආශව පිටිපස්ස හැරුනෙ ගිය මනුස්සයට රවලා බලන්න.ඒත් නොහිතුව විදියට ආශව ලගින් නවත්තපු වෑන් එකක දොර ඇරෙනවත්,ඒකෙන් බැස්ස මිනිස්සු දෙන්නෙක් ආශවව ඇදලා වාහනේට දාගන්නවත් සිද්ධ උනේ තත්පර ගාණක් ඇතුලත.

වැහි බීරිමත් එක්ක අදුරු වෙලා තිබ්බ කාර්යබහුල කොළඹ මිනිස්සු තත්පර ගාණක් ඇතුලත සිද්ධ වුනු මේ සිද්ධිය හරිහැටි දැකල තිබ්බෙ නැහැ.උනේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි උනත් ලේ වලින් ආව හයිය එක්ක ආශව වාහනේ ඇතුලෙ හිටිය මිනිස්සු දිහා බැලුවෙ ගිනිපිට වෙන ඇස් දෙකකින්.ඒත් එක්කම තමන්ගෙ මුණ ලගින් පාවෙලා ගිය මිල අධික සිගරැට්ටුවක දුමක් එක්ක ලොකු ටැටුවක් කොටලා තිබ්බ හැඩි දැඩි අතක් ඉස්සරහ ආසනෙන් මතු උනේ සිගරැට්ටුවක් එක්කමයි.ඒත් එක්කම  ඉතාමත් ගැඹුරු හඩක් වාහනේ ඇතුලෙන් අවධි වෙද්දි ආශව ඒ දිහාවට කන් දුන්නා.

"ඉරුගල්බණ්ඩාර කොල්ලා! එහෙනම් අපි හම්බවුණා!"

...................................................................................................

වචන 7200+🙈❤️

උඩ තෙවින් කිව්ව සිංදුවෙ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙන්නෙ PantherGirl127 නංගට🥺❤️ මට ඇත්තටම බබාලා කතා ලිව්වට නිසදැස්,සිංදු ඒම ලියන්න බෑ...බෑ කියන්නෙ බෑම බෑ....ඉතින් දවසක් මම අපේ ගැටපිච්ච පවුල ඉන්න ගෲප් එකේදි කිව්වා පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලියල දෙන්නකො කියලා....අනේ මේ දරුවා එදා එයා ලියාගෙන ලග තියං උන්නු ඔක්කොම සිංදු ටික කිසි ලෝභකමක් නැතුව මට දුන්න😭❤️ ඒ ඔක්කොම ලස්සනයි....හුගම හුගාක් ලස්සනයි....ඒත් මේකට විතරයි මෙලඩි එකක් දාගන්න පුළුවන් උනේ මට....ඒක ඉදිරි චැපකින් දාන්නම්😭🤍 ඉතින් මැණික ස්තූතියි....අක්කා හුඟාක් ආදරෙයි🥺❤️

අදත් අදහසක් කියං යන්න බබාලා❤️

ඉස්සරහට මොනා වෙයිද කතාවෙ? නිවුනා ඇතිනෙ මෙච්චර චැපි ගොඩක් තිස්සෙ....ටිකක් ඇවිලෙමු...ම්ම්🙈❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter