Back
/ 107
Chapter 95

94 කොටස 🤍✨️

නිවාලන්න මා...

"නේත්‍ර....."

"ඕ සුදුබේබි......"

"බයෙන්ද ඉන්නෙ මැණික?"

"නෑ සුදුබේබි"

"බයද මම එක්ක දුර යන්න?"

"සුදුබේබි ඉන්න නිසා තමා බය නැත්තෙ.....ටිකක් අමුතුයි වගේ සුදුබේබි...මම මෙච්චර දුරක් ගිහින්ම නෑනෙ"

"අරුන්දතීගෙන් අරක ඇහුවද නේත්‍ර?"

"ආදිත්‍ය අයියා ගැනද සුදුබේබි?"

"ඔව්...."

"අක්කා මහ අමුතු කතාවක්නෙ කිව්වෙ සුදුබේබි....මම හිතන්නෙ අක්කා ආසා නෑ ඒ අෆෙයා එක ගැන අපි දැනගන්නවට"

"ඇයි ඒ?"

"අක්කා කිව්වා සුදුබේබි, 'සමහර දේවල් තියෙනවා අපි වචන නොකරන තරමට සැනසීමයි' කියලා....අනේ මංදා"

"අපි පස්සෙ බලමුකො ඒක ගැන.....කොලබට හුරු වෙමු නේත්‍ර....සුදුබේබිට නිතරම මෙහෙ වැඩ වැටෙයි ඉස්සරහට"

"කොළබ ඉන්නෙ නපුරු මිනිස්සු සුදුබේබි.....සුදුබේබි පරිස්සම් වෙන්න ඕනි"

"හරි මැණිකෙ"

"හුඟ කාලෙකින් මේ යන්නෙ නේද සුදුබේබි මම කොළඹ?"

"චූටිකාලෙ ගියා මතකද මියුසියම් එක බලන්න?"

"ඔව් සුදුබේබි....එදායින් පස්සෙ කොළඹ ගිහින්ම නෑ මම"

"නේත්‍රට අලුත් යාලුවෙක් හම්බුනා නේද එදා?"

"කොයි?"

කාරයේ ජනේලෙට ඔලුව ගහගත්තු නේත්‍ර කල්පනා කරන්න ගනිද්දි ආශව නේත්‍රගෙ කකුල උඩ තිබ්බ අතක් තමන්ගෙ අතකින් අල්ලන් අනික් අතින් සුක්කානම පාලනේ කරන්න පටන් ගත්තා.

"ඇයි අර ඔයා ලඟට දුවං ගියේ......එදා ඒ ලමයට කට්ටිය ගහද්දි...."

"ආ.....ඔව් සුදුබේබි....එයා අලුත් යාලුවෙක් නෙවේ ඒ වෙද්දි මට...ඊට කලින් පාරකත් එයාව මට හම්බුනානෙ"

"මො......ආ.....ඩ්‍රාමා කම්පිටිෂන් එකේදි?"

"ඔව් සුදුබේබි"

ආශව අරං දුන්නු මතකෙ එක්ක නේත්‍රගෙ මනස අවුරුදු ගාණක් ආපස්සට ගියා.හය වසරට ගිහින් මාස කීපයක් ඇතුලත නේත්‍රගෙ හා දිවාෂගෙ තිබ්බ රංගන හැකියාව එක්ක දෙන්නවම පාසල් නාට්‍ය කණ්ඩායමට තේරුණා.අවුරුදු දහතුනෙන් පහල නාට්‍ය තරඟාවලියක සමස්ථ ලංකා මට්ටම වෙනකං යන්න පුළුවන් වුණු නේත්‍ර ඇතුලු පාසලේ ඒ වයස් කාණ්ඩයේ නාට්‍ය කණ්ඩායම එදා අවසාන තරඟයට ගියේ කොළඹ ප්‍රමුඛම පෙලේ පිරිමි පාසලට.ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා උන්නු නේත්‍ර තමන් රඟපාන ප්‍රධාන චරිතෙ ගැන හරි ආසාවෙන් හිටියා.නේත්‍ර හිටියෙ රජ කුමාරයෙක්ට!!!

ඇඳුම් මාරු කරන කාමරේට වෙලා යටට අදින ජෝතිය ඇඳගන්න උන්නු නේත්‍රට එකපාරටම ආව මූත්‍රා බර නිසා පුංචි එකා ඇඳන් උන්නු කොට කලිසමයි රජකුමාරවරු උඩුකය වැහෙන්න දාන සාළුවයි එක්ක වැසිකිලි හොයාගෙන ගියා.පුංචි කාලෙ ඉදන්ම නොසෑහෙන්න පිට මිනිස්සු ඉස්සරහ නිරාවරණේ වෙන්න කූලෑටි උනු නේත්‍රට පාසලෙන් ලබා දීලා තිබ්බෙ සාමාන්‍යයෙන් නාට්‍ය වල කුමාරවරුන්ට දෙන දුහුල් සාළු ජාතියනම් නෙවෙයි.හොඳ ඝනකම් විනිවිධ නොපෙනෙන සාළුව තමන්ගෙ උඩුකයේ ඇඳ ඇතිරිල්ල වගේ ඔතාගත්තු පුංචි එකා ඔටුන්නත් ඔලුවෙ දාගෙනම කොට කලිසමත් ඇඳගෙන වැසිකිලියකට රිංගුවා.

"ඉහි ඉහි ඉහි....."

වැසිකිලියෙ ඉදන් එලියට ආව නේත්‍රට ඇහුනෙ කාගෙ හරි ඇඬුම් සද්දයක්.කොහොමත් සංවේදී හිතක් තිබ්බ පුංචි එකා ඇඬුම් සද්දෙ එන්නෙ කොහෙන්ද බලන් එලියට යද්දි වැසිකිලියට ටිකක් එහාට වෙන්න තිබ්බ අඳුරු කොණකින් ඒ ඉකි සද්දෙ එලියට එන ගමන් තිබ්බා.

"කවුද ඔතන? ඇ....ඇයි අඬන්නෙ?"

තමන්ගෙ කටහඩ එක්ක ඒ සද්දෙ නැති වෙනවා ඇහුනු නේත්‍ර ටිකක් ඉස්සරහට ගිහින් අඬන්නෙ කවුද කියලා හොයාගන්න බැලුවා.ගමන එන්න කලින් සුදුබේබි දුන්නු අවවාද එක්ක අඳුරු මුල්ල අස්සට යන්න බය උනු පුංචි චණ්ඩියා කලේ එකපාරටම මුල්ල අස්සට අත යවලා ඉකිය ඇහුනු පැත්තෙන් අහු උනු දේ එලියට ඇදලා ගත්තු එක.

"ආනේ.....යාලුවෙක්! ඔයා ඇයි අඬන්නෙ?"

අඳුරු මුල්ලෙ ඉදලා එලියට ඇදිලා ඇවිත් තිබ්බෙ නේත්‍රට වඩා ඩිංගක් විතර වැඩිමල් පෙනුමැති පුංචි කොල්ලෙක්ව.ලොකු බෝතල් අඩි කණ්නාඩි දෙකකුත් දාගෙන කටත් බාගෙට ඇරගෙන උන්නු පුංචි කොල්ලා නේත්‍ර දිහා බලන් උන්නෙ ගල් ගැහිලා වගේ.

"වෝහ්!"

කටත් රවුමට ඇරං ගල් ගැහිලා උන්නු ආගන්තුක කොල්ලගෙ කටින් ලාවට පිට වුණු වචනෙ එක්ක නේත්‍ර කොල්ලගෙ අතිනුත් අල්ලන් එලිය වැටිලා තිබ්බ තැනට ආවා.ආගන්තුක කොල්ලා තමන්ව තල්ලු කලේවත් බැන්නෙවත් නැති නිසා පුංචි නේත්‍රගෙ හිත සංතෝසෙන් පිරිලා තිබ්බෙ අලුත් යාලුවෙක් හම්බුනා කියන අව්‍යාජ හැඟීමෙන්.

"ඔයා.....අනේ යාලුවෙ ඔයාට තුවාල වෙලා!"

නේත්‍ර කොල්ලගෙ නම අහන්න හැදුවත් ඒත් එක්කම පුංචි කොල්ලගෙ මූණෙ තැන් දෙක තුනක තියෙන පුංචි තුවාල පාරවල් දැක්ක නේත්‍රගෙ ඇස් වල කදුළු පිරුණෙ ඒවගෙන් ලේ බින්දුවක් දෙකක් ගලන් ගිහින් බව දැක්ක නිසා.නේත්‍ර නොදැක්කට පුංචි කොල්ලා ඇහි පිල්ලන් නොගහා බලන් උන්නෙ නේත්‍ර දිහා.ආගන්තුක කොල්ලව ලඟම තිබ්බ ජල කරාමෙ ලගට අරං ගිය නේත්‍ර ඒ කොල්ලගෙ තුවාල වතුරෙන් පිහදමලා ඊලගට බැලුවෙ තුවාල පිහින්න සුදුසු පිරිසිදු දෙයක්.

"ආ....මේ තියෙන්නෙ!"

දෙපාරක් නොහිතා තමන්ගෙ උඩුකයේ තිබ්බ පිරිසිදු සාළුවෙන් නේත්‍ර ආගන්තුක කොල්ලගෙ මූණ පිහදැම්මෙ ඒක නාට්‍යට අදින්න තියෙන සාළුව කියන එක නොසලකා හැරලා.ටිකකින් මූණෙ තිබ්බ තුවාල වල ලේ පැල්ලම් නැති උනාට පස්සෙ පුංචි නේත්‍ර හිනා වෙලා ආගන්තුක කොල්ලා දිහා බැලුවා.

"යාලුවෙ.....ඔයා තුවාල වලට බේත් දාගන්න හොදද? මම ලඟ බේත් නෑනෙ මෙවෙලෙ"

තොල් දෙකත් නොපිටට පෙරලගෙන කිව්ව පුංචි නේත්‍ර දිහා බලන් උන්නු ආගන්තුක පුංචි කොල්ලා හෙමින් සැරේ තමන්ගෙ වෙවුලන හඬ අවධි කලා.

"ඔ.....ඔයා මට කරදර කරන්නෙ නැද්ද?"

"මම! අ....අනේ මම ඇයි ඔයාට කරදර කරන්නෙ? ඔයා හරි හොඳ යාලුවෙක්නෙ"

"එහෙනම් කමක් නෑ.....මම බය උනා"

"ඇයි ඔයාට තුවාල උනෙ හොද යාලුවෙ?"

නේත්‍ර දිහා බලන් උන්නු ආගන්තුක කොල්ලා තමන්ගෙ ලොකු කණ්නාඩි දෙක අස්සෙන් නේත්‍ර දිහා බලලා මූණ බිමට බර කරගත්තා.

"ම්.....මමත් අද ඩ්‍රාමා එකක ඉන්නවා....."

"ශෝයිනෙ! ඒත් ඇයි ඒකට ගැහුවෙ? ඔයා වැරැද්දුවද දෙබස්? අපෙත් සර් කෙනෙක් ඉන්නවා.....වැරැද්දුවාම සර් බයිනවා"

"ඔයා එහෙම බයිනවට බයද?"

"නෑනෙ.....මට ඉන්නවා සුදුබේබි කෙනෙක්.....එයා ඉන්නකල් මම කාටවත් බය නෑ"

පුංචි නේත්‍ර හරි පණ්ඩිතකං කියවද්දි ආගන්තුක පුංචි කොල්ලගෙ මූණෙත් ලා හිනාවක් මතු උනා.

"ම්.....මට තියෙන්නෙ හිඟන්නෙක්ගෙ චරිතයක්.....ප්....පන්තියෙ හුඟක් යාලුවො මට ආසා නැ.....එ.....ඒ නිසා එයාලා මට තුවාල කලා ගහලා....මෙහෙම ඉද්දි කිව්වා හරියටම හිඟන්නට ගැලපෙන්නෙ"

පුංචි ආගන්තුකයා හෙමින් සැරේ නේත්‍රට උනු ඇත්තම සිද්ධිය කියද්දි නේත්‍ර ඉක්මනටම අඬන අලුත් යාලුවා දිහා බැලුවා.කදුළුයි හොටුයි පෙරාගෙන කණ්නාඩි දෙක අස්සෙන් පුංචි ඇඟිලි යව යව ඇස් පොඩි කරන මේ අලුත් යාලුවව දැක්කම නේත්‍රට මතක් උනේ දවසක් තමන්ව දාලා යන්නෙපා කියලා ඉකි ගගහ ඇඩුව පුංචි සුදුබේබිව.

"ඔහොම අඬන්නෙපා....මගෙ හොදම යාලුවා තමා සුදුබේබි....එයා අඩනවටත් මම ආසා නෑ.....පුංචි බබාලා අඬන්න හොද නැහැ"

"එ....ඒත් මම කැතයි....මට යාලුවො නෑ"

"කවුද කිව්වෙ ඔයා කැතයි කියලා යාලුවෙ? ඔයා හරි ලස්සනයි.....හිනා වෙන්නකො.....හිනා උනාම ඊටත් වඩා ලස්සන වෙයි"

"ඇ.....ඇත්තටම මම ලස්සනයිද?"

"ඔව්....හුගක් ලස්සනයි"

පුංචි ආගන්තුක යාලුවා නේත්‍ර දිහා බලලා කදුළු පිරුණු ඇස් පිහදන් නේත්‍රගෙ අතකින් අල්ලගත්තෙ හරි සන්තෝසෙන්.පුංචි කොල්ලගෙ මූණ නේත්‍රගෙ වචන කීපෙ නිසා එලිය වැටිලා තිබුණා.

"ඔ....ඔයාගෙ යාලුවා සුදුබේබිටත් වඩා මම ලස්සනයිද?"

පුංචි කොල්ලා කණ්නාඩි දෙක අස්සෙන්ම පුංචි නේත්‍ර දිහා බලන ගමන් කියද්දි නේත්‍ර කලේ තොල් දෙක නොපිටට පෙරලගත්තු එක.මාපටැගිල්ලෙන් බිම පහුරු ගෑව නේත්‍ර හොරගෙඩියෙක් වගේ ආයෙම ඔලුව උස්සලා ආගන්තුක යාලුවා දිහා බැලුවා.

"තරහා වෙන්න එපා යාලුවෙ.....එ...ඒත් සුදුබේබි තරම් මේ ලෝකෙ ලස්සන කවුරුත් නෑනෙ මට"

නේත්‍රගෙ වචන එක්ක ආගන්තුක කොල්ලගෙ මූණ අඳුරු උනත් පුංචි උන්ගෙ හිත් වල කොහෙද කහටක් හිටින්නෙ? ටිකකින් ඔලුව උස්සලා බැලුව පුංචි ආගන්තුකයා නේත්‍ර එක්ක හිනා වුණා.

"ඔයාගෙ සුදුබේබිට පස්සෙ මම ලස්සනයි ද?"

"ඔව්...."

දෙපාරක් නොහිතා උත්තර දුන්නු නේත්‍ර තමන්ගෙ අත අල්ලන් උන්නු කොල්ලගෙ අත ටිකක් හෙලෙව්වා.සුදුබේබි,දිවාෂ ඇරෙන්න කවුරුත් මෙහෙම තමන්ගෙ අතින් හුගක් වෙලා අල්ලන් නොයිදලා තිබ්බ නිසා නේත්‍රට මේ ස්පර්ශෙ පුංචි අපහසුවක් උනත් දුකින් ඉන්න මේ පුංචි යාලුවගෙ හිත රිද්දන්නත් නේත්‍රට පුළුවන් උනේ නැහැ.

"ආයෙ කවදාවත් හිතන්නෙපා ඔයා කැතයි කියලා යාලුවෙ.....ඔයා හරි ලස්සන බබෙක්....ඔයා හරි හොද යාලුවෙක්"

"ඔයාත් ඇත්තටම හුගක් ලස්සනයි.....ප්‍රින්ස් කෙනෙක් වගේ.....ඔයාගෙ නම මොකද්....."

"චූචීඊඊඊඊඊඊඊ!!!! ඔයා කොහෙද ගියේ? මම බය උනා....යං ඉක්මනට....මැඩම් කෑ ගහනවා"

නේත්‍ර හැරිලා බැලුවෙ තමන් ලගට දුවන් එන දිවාෂ දිහා.නේත්‍ර ලගට ආව පුංචි දිවාෂ නේත්‍රගෙ අත අල්ලන් අලුත් යාලුවට රවද්දි නේත්‍ර පුංචි කොල්ලා එක්ක ආයෙම හිනා උනා.

"මම ගිහින් එන්නම් යාලුවෙ....."

"හා.......ඔයා ආයෙ එනවද මාව බලන්න?"

"ඔව් මම එන්නම් මේක ඉවර උනු ගමන්"

"නැත්තං මම එන්නම්.....ඔයා බලන් ඉන්න!"

"හරි යාලුවෙ....මම යනවා"

නාට්‍ය තරඟෙ ඉවර උනාට පස්සෙ සුදුබේබිව බලන්න යන්න තිබ්බ හදිස්සිය එක්ක පුංචි නේත්‍රටත් ආගන්තුක යාලුවව ටිකකට අමතක උනත් පාසලෙන් පිට වෙන්න කලින් නේත්‍රට තමන් දුන්නු පොරොන්දුව මතක් උනා.පුළුවන් හැමතැනටම දිවාෂ එක්ක ගිහින් ආගන්තුක යාලුවව හෙව්වත් යාලුවා නොහිටිය නිසා නේත්‍ර එහෙම්මම ඒක අමතක කරලා දිවාෂ එක්ක පාසල් බස් රථයට ගොඩ උනා.

ආයෙමත් ඒ ආගන්තුකයව නේත්‍රට මුණ ගැහෙන්න ඊට පස්සෙ අවුරුද්දෙදි.හත වසරෙ උන්නු නේත්‍රයි අට වසරෙ උන්නු ආශවයි දෙගොල්ලන්වම පාසලෙන් කෞතුකාගාරය බලන්න එක්කං ගිය දවසෙ පණ්ඩිත සුදුබේබි නේත්‍රගෙ අතිනුත් අල්ලන් කෞතුකාගාර බිමේ තිබ්බ ලස්සන ගහක් යටට.පුංචි එකාව ගහ යටින් හිට්ටෙව්ව ආශව නේත්‍රගෙ කොණ්ඩෙයි ඇඳුමයි හදලා අතේ තිබ්බ ආශවගෙ පුංචි කැමරාවෙන් ඡායාරූප කිහිපයක් ගනිද්දිම දෙන්නා ගැස්සිලා ගියේ ලමයෙක්ගෙ සද්දෙකට.

"ආහ්!!!!"

"සුදුබේබි අර!"

"නේත්‍ර ඉන්න! ඔයා යන්න ඕන්නෑ ඔව්වා මැද්දට!"

තමන් උන්නු තැනට ටිකක් එහායින් කොල්ලො තුන් දෙනෙක් තව කොල්ලෙක්ට ගහනවා දැක්ක නේත්‍ර එතනට දුවන්න හැදුවත් ආශව නේත්‍රව නවත්තගත්තා. කොහොමත් නේත්‍ර ඇරෙන්න වෙන පිට මිනිහෙක් ගැන නොහිතන ආශවගෙ මේ ක්‍රියාව එක්ක නේත්‍ර පුදුම නොවුනත් ආශව මේ වගේ කෙනෙක්ට කරදරයක් වෙද්දි අහක බලන් ඉන්න එකෙන් ආශවව ගලවගන්න නේත්‍රට ඕනි උනා.

"සුදුබේබි....ඒත් එහෙම හොද නෑ සුදුබේබි....කෙනෙක්ට කරදරයක්නම් අපි ඒ කෙනාව ගලවගන්න උත්සාහ කරන්න ඕනි..."

"නේත්‍ර! මගෙන් ගුටි කන්නෙපා....ඔහොම ඉන්න දඟලන්නෙ නැතුව!"

"සුදුබේබි හිතන්නකො ඩිංගිත්තක්....ඔය ගුටි කන්නෙ මමනම්....මේ හරියෙ ඉන්න හැමෝම සුදුබේබි දැන් හිතනවා වගේ හිතුවොත්....."

නේත්‍ර ආශවට දේවල් තේරුම් කරන්න පුළුවන් සුදුසුම තුරුම්පුව දාද්දි ආශව නේත්‍රගෙ අත අතෑරියා.ආශවගෙ ග්‍රහණෙන් මිදීම එක්ක පුංචි නේත්‍ර අර කොල්ලො ටික ගාවට දුවගෙන යද්දි ආශවත් එතනට දිව්වෙ නේත්‍රට කරදරයක් වෙයි කියන බයට.

"යනවා අහකට!!!"

එතනට දුවං ගිය නේත්‍ර කොල්ලො ගොඩ අස්සෙන් අත දාලා ගුටි කන ලමයව බේරගන්න හදද්දි එක කොල්ලෙක් නේත්‍රගෙ කොලරයෙන් අල්ලනවා දැක්ක ආශව හයියෙන් කෑ ගැහුවා.තමන්ගෙම උසට සමාන උසක උන්නු කොල්ලො තුන් දෙනාවම කිසිම අමාරුවක් නැතුව තල්ලු කරලා දැම්ම ආශව ඒ කොල්ලො ටිකට ගහන්න වගේ යද්දි කොල්ලො තුන් දෙනා අනික් පැත්ත හැරිලා දිව්වා.

"ඔයාට අමා.....ආහ්! යාලුවෙ!"

තුවාල උනු ලමයා ලඟින් ඉදගත්තු නේත්‍ර අහද්දි ඒ කොල්ලගෙ මූණ දැක්ක නේත්‍ර පුදුම උනා.කාලෙකට කලින් හම්බුනු යාලුවා තාමත් පුරුදු විදියටම ගුටි කන නිසා සංවේදී පුංචි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරෙද්දි නේත්‍ර හැදුවෙ පුරුදු විදියට තුවාල සෝදලා දාන්න.වතුර හොයාගන්න කලින් හුරුවට වගේ කොල්ලගෙ ඇහිබැම ලග තියෙන තුවාලෙට පුංචි නේත්‍රගෙ අත යද්දිම ඒ අත හිර උනේ ආශවගෙ අතේ ග්‍රහණෙට.

"එයාට බේත් දාගන්න කියන්න! අපි බේරගත්තනෙ එයාව!"

"ස්....සුදුබේබි....."

"ඔයා මගෙ! වෙන අය ලගට යන්න බෑ ඔයාට!"

නේත්‍රව ආගන්තුක යාලුවා ලඟින් ඇදලා ගත්තු ආශව සැර කරද්දි තුවාල වෙලා උන්නු පුංචි කොල්ලගෙ ඇස් වල කදුළු පිරුණා.නේත්‍රගෙ අතින් ඇදගත්තු ආශව එතනින් යන්න හැදුවත් ආශවට ඒක කරන්න බැරි උනේ නේත්‍රගෙ අනික් අතින් අල්ලගත්තු ආගන්තුක කොල්ලා නිසා.දෙන්නගෙ මැද්දෙ උන්නු නේත්‍ර තොල් නොපිටට පෙරලගෙන ආගන්තුක කොල්ලා අල්ලන් උන්නු තමන්ගෙ අත අදින්න ගත්තෙ සුදුබේබි ලගට යන්න ඕනි නිසා.

"එයා මගෙත් යාලුවෙක්!"

"නෑ! මෙයා මගෙ! මගෙ විතරයි!"

ආශව අනික් පැත්තට කෑ ගහද්දිම ආගන්තුක කොල්ලගෙ තාත්තා හෝ වැඩිහිටියෙක් කියලා හිතන්න පුළුවන් මනුස්සයෙක් එතනට දුවගෙන ආවා.නේත්‍රගෙ අතින් අල්ලන් උන්නු ආගන්තුක කොල්ලගෙ ඇස් වල ටික ටික අමුතු තද බැල්මක් පිරෙනවා දැක්ක නේත්‍ර තමන්ගෙ අත ඇදලා ගන්න හැදුවත් ආගන්තුක කොල්ලා නේත්‍රගෙ අත අතෑරියෙම නැහැ.

"මෙයා මගෙ යාලුවෙක් උනා! ඔයා නපුරුයි! මෙයාව මට දෙන්න! අතාරින්න!"

"මම තමුන්ට ගහනවා!!!!!! මෙයා මගෙ! මගෙ! මගෙ විතරයි!"

"අ....අනේ සුදුබේබි කේන්ති ගන්න එපා.....අ...අනේ යාලුවෙ මගෙ අත අතාරින්නකො....මට රිදෙනවා ඔයා අල්ලන් ඉන්න විදියට"

නේත්‍රගෙ වචන එක්ක ආගන්තුක කොල්ලා නේත්‍රගෙ අත අතාරිද්දි ආශව නේත්‍රව ලගට අරං තද කරලා තුරුල් කරගත්තා.නේත්‍රගෙ අතේ ආගන්තුක කොල්ලා අල්ලන් උන්නු තැන රතු වෙලා තියෙනවා දැක්ක ආශව ඉස්සරහට පැනලා කොල්ලට ගහන්න ගියත් තමන්ගෙ පපුව අස්සෙ ඉන්න පුංචි එකා නිසා ආශවට ඒක කරගන්න බැරි උනා.ඒත් එක්කම වැඩිහිටි පිරිමියා ආශව ලගට ඇවිත් හිනාවෙලා සමාව ගනිද්දි ආගන්තුක කොල්ලා එක එල්ලෙ නේත්‍ර දිහාම බලන් හිටියා.

"ඔ....ඔයා බොරුද කිව්වෙ?.....ම්....මාව බලන්න එනවා කියලා.....ඔ....ඔයා ආවෙ නෑනෙ"

"පුතා ඉනෆ්! අපි යං ......ඔය පුතාලා දෙන්නගෙන් මම සමාව ගන්නවා .....අපිට සමාවෙන්න"

වැඩිහිටියා කියද්දිත් ආශව රවලා අහක්ක් බලාගනිද්දි නේත්‍ර ලාවට හිනාවෙලා ඒ මනුස්සයට ඔලුව උඩපහල වැනුවා.ආගන්තුක කොල්ලව අල්ලගත්තු වැඩිහිටියා එතනින් යන්න හැදුවත් වැඩිහිටියගෙ අත ගසලා දැම්ම ආගන්තුක කොල්ලා නේත්‍ර ලගට දුවං ආවෙ පුංචි නේත්‍ර බෝල උනු ඇස් දෙකකින් ආගන්තුකයා දිහා බලන් ඉද්දි.

"මම එක්ක තරහා වෙන්නෙපා.....තරහා නෑ නේද?"

"නෑ යාලුවෙ....මම තරහා නෑ...."

"ඔ....ඔයාගෙ සුදුබේබි ලස්සනයි තමා.....ඊලග පාර හම්බෙද්දි මමත් ලස්සන වෙලා ඉන්නම්"

"ඔයා කැත නෑ යාලුවෙ....මම එදත් කි....."

නේත්‍රගෙ කට වැහුනෙ ආශව නේත්‍රගෙ ඔලුව තමන්ගෙ පපුව අස්සටම ගහගත්තු නිසා.නේත්‍රගෙ ඔලුව තමන්ගෙ පපුව අස්සෙ හංගගත්තු ආශව නේත්‍රගෙ අතින් අල්ලන් උන්නු කොල්ලා දිහා රවලා බැලුවා.

"ලස්සන නෙවෙයි! ශක්තිමත් වෙලා ඉන්නවා! ඔයා නිසා අද මෙයාට තව ටිකකින් තුවාල වෙනවා!"

ආගන්තුක කොල්ලගෙ අත දිහා බැලුව ආශව තමන්ගෙ අත දිහා බැලුවෙ නේත්‍ර තමන්ව හයියෙන් අල්ලන් ඉන්නවා දැනිලා.ආගන්තුක කොල්ලා නේත්‍රගෙ අතින් අල්ලන් උන්නත්,නේත්‍ර අල්ලන් උන්නෙ ආශවගෙ අතින්.තමන්ගෙ අතේ පැටලිලා තිබ්බ නේත්‍රගෙ අත හයියෙන් අල්ලගත්තු ආශව නේත්‍ර එක්ක ආගන්තුක කොල්ලාගෙන් විරුද්ධ පැත්තට යන්න ගත්තෙ ගුරුතුමියක් තමන්ට කතා කරනව දැකලා.ආශවගෙ අතේ පැටලුණු නේත්‍ර ඒ පැත්තට ඇදිලා යද්දි ආගන්තුක කොල්ලා අල්ලගෙන තිබ්බ් නේත්‍රගෙ අත හරි ලේසියෙන් ගැලවිලා ගියා

"මම ඔයාව බලන්න එන්නම්!!!! රජකුමාරයෝ!!!!!"

ඈතට ඇදෙන නේත්‍ර දිහා බලාගෙන ආගන්තුක කොල්ලා කෑ ගහද්දි පුංචි නේත්‍ර හිනාවෙලා ඒ කොල්ලට අත වැනුවා.

ආගන්තුක කොල්ලා කෑ ගහලා කියද්දි නේත්‍ර අත වනලා හිනා වෙලා ආශවගෙ අතේ එල්ලිලා නොපෙනී ගියා.අවුරුදු ගාණකට පස්සෙ ඒ මතකෙ මතක් කල නේත්‍රයි ආශවයි ලාවට හිනා වුණේ ඒ පුංචි කොල්ලා ගැන ඇති උනු මහ අමුතු හැඟීමක් නිසා.හැබැයි ඒ කතාව ඇතුලෙ නේත්‍රයි ආශවයි දන්නෙ ඔය ටික විතරක් උනාට ඒ දෙන්නා නොදන්න දේවල් නොසෑහෙන්න සිද්ධ උනු බව දැනන් උන්නෙ ඒ කතාවෙ තුන්වෙනි පාර්ශවේ උනු අර ආගන්තුක කොල්ලා විතරමයි.

"ඒ පිරිමි ලමයා මොනා කරනවද දන්නෑ නේද සුදුබේබි?"

"කවුද දන්නෙ....මටනම් මතක් වෙද්දිත් මල පයිනවා"

"ඒත් හරි පවු සුදුබේබි ඒ ලමයා....ඒ කාලෙ නොසෑහෙන්න බුලි වෙලා තිබ්බා මම හිතන්නෙ එයා"

"මාත් බුලි උනා අනේ....ඔයා මම ගැන විතරක් හිතන්න.කොහෙවත් ඉන්න නට්ටො ගැන හිතන්න එපා!"

"මම සුදුබේබි ගැන නේන්නම් හිතන්නෙ....සුදුබේබි කොහෙද බුලි උනේ?"

"ඇයි අර දිවාෂ ඒ කාලෙ ඉදන් ලේ කෝප කරෝනවා මට ඔයාව බදින්න හිටියෙ ඌ කියලා....දෙවින් ලේ කෝප කරවනවා මම දැක්ක හීනයක් ගැන කියෝලා.....දෙනෙත් ලේ කෝප කරවනවා උපාධ්‍යා ගැන කියෝලා....මම හොදටම බුලි වෙනවා නේත්‍ර...."

"ඒක නේන්නම් සුදුබේබි......මගෙ සුදුබේබිට හොදටෝම කරදර"

"ඒකනෙ අනේ.....නේත්‍ර උම්මා එකක් දුන්නොත් මගෙ දුක තුනී වෙනවා"

"ක්....කපටි සුදුබේබි...."

"එකම එකක්....අනේ නේත්‍ර"

"ම්ම්ම්ම්....කෝ...."

ආසනෙන් ටිකක් මෙහාට උනු නේත්‍ර ආශවගෙ කම්මුලකින් තොල් තද කරද්දි මනමාල හිනාවක් දැම්ම ආශව නේත්‍ර දිහා බැලුවෙ දිව කම්මුලේ ඇතුල් පැත්තෙන් තද කරන ගමන්.

"ගෙදර යද්දි හවස් වෙයි....."

"හා සුදුබේබි....."

"යද්දි මීට වඩා එකක් ඕනි මට....ම්ම්ම්...."

"ස්....සුදුබේබි....නරක වෙන්න එපා"

නේත්‍ර දිහා බලලා කට කොණකින් හිනාවක් දැම්ම ආශව නේත්‍රගෙ පුංචි අතක් තමන්ගෙ නහර පිරුණ අතකින් අල්ලන් අනික් අතින් සුක්කානම කරකවන්න ගත්තෙ අමුතු හිනාවක් මූණෙ තියාගෙන.ඒත් එක්කම ආශවට මතක් උනේ පොඩි කාලෙ නේත්‍රගෙ අතින් අල්ලන් උන්නු පොඩි කොල්ලව.

"දැන් අහු උනානම් ගහනවා තැලිලා යන්න ඌට පාරවල් දෙක තුනක්"

*      *      *      *      *

"ඇත්තටම ඔයාට ඒ පොඩි ලමයව මතකවත් නැතුව ඇති නේද නේත්‍ර මල්ලි....."

සනුක මිමිණුවෙ අතේ තියං උන්නු දුරකථනේ තියෙන නේත්‍රගෙ ඡායාරූපයක් දිහා බලාගෙන.නත්තල්දා ආර්යලාගෙ ගෙදර උත්සවේට ගිය වෙලේ ගත්තු යුගල ඡායාරූපයක් ආශව තමන්ගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඒ කාලෙම මුදා හැරලා තිබ්බා.යාලුවො කට්ටියම එක්ක ගත්තු ඡායාරූපයක්,ආශවගෙ තනි ඡායාරූපයක් හා නේත්‍ර එක්ක ගත්තු යුගල ඡායාරූපයක් කියන තුන් ජාතියෙන්ම උඩුගත කරලා තිබ්බ නිසා ඒ ඡායාරූපෙ විශේෂයක් එදා නොදැක්කත් අද දෙන්නගෙ බැදීම ගැන දැනන් උන්නු සනුකගෙ හිත නොසෑහෙන්න රිදුනා.

එද දිවාෂලාගෙ ගෙදර ගේට්ටුව නේත්‍ර ඇරිය වෙලේ ජීවිතේ කවදාවත් නොවිච්ච විදියට එක රූපයක් ඉස්සරහ මොකද්දෝ හුරු පුරුදු කමකට ගල් උනු සනුක එදා රෑ වෙනකං කල්පනා කලේ ඒ තමන් හිතන කෙනාමද කියන එක.පුංචි කාලෙ දැක්ක බෝල ඇස්,යටි තොල කිට්ටුව තියෙන පුංචි ලපේ සහ හුරතල් හා පැංචෙක්ගෙ වගේ මූණයි ඒ හිනාවයි සනුකට අවුරුදු ගාණකට කලින් තමන්ගෙ හිතේ පැලපදියම් වෙලා ඒ මතකෙ බොහොම අමාරුවෙන් හිත අස්සෙ ගිල්වලා දාලා උඩට එන්න නොදී වැර යොදන් උන්නු කෙනෙක්ව මතක් කලා.අළු යට ගිනි පුපුරු වගේ හැංගිලා තිබ්බ ඒ මතකය,තමන්ව මෙච්චර වෙනස් කරවන්න පුළුවන් උනු ඒ මතකය  නේත්‍රගෙ අහඹු හමුව එක්ක ආයෙමත් සනුකගෙ හිතේ මතු වෙන්න ගත්තා.

පුංචි කාලෙ ආශවගෙ රූපෙ ගැන ලොකු මතකයක් නොතිබ්බ සනුකට ආශවව දැක්ක මුල්ම දවස් වලවත් ආශව ගැන මතකයක් හෝ සැකයක් ආවෙම නැහැ.හැබැයි නේත්‍රව දැක්කට පස්සෙ එදා පුංචි නේත්‍ර එක්ක උන්නු අනික් කෙනා ආශවද කියන මතකය හා සැකය සනුකගෙ මනසෙ හරියට හොල්මන් කලා.ආශව එක්ක හිතවත් වෙලා,නේත්‍රවත් තමන්ගෙ මිතුරෙකුත් කරගත්තට පස්සෙ ආශව දවසක් අහම්බෙන් පුංචි කාලෙ විස්තරයක් කියලා තමන්ට පෙන්නුව පුංචි නේත්‍රගෙ ඡායාරූපය එක්ක සනුකට පුළුවන් උනේ එක අතකින් සතුටිනුත්,අනික් අතින් වේදනාවෙනුත් පෙලෙන තමන්ගෙ හදවතට ඔහේ ගැහෙන්න ඉඩ අරින එක විතරයි.එදා හරියටම ආශව නේත්‍ර දෙන්නගෙ බැඳීම ගැන ආශව නොකියා තිබ්බත් ආශවගෙ කතාබහ එක්ක නේත්‍ර කියන්නෙ ආශවගෙ කවුද කියන සැකේ සනුකගෙ හිතට ඇවිල්ලා තිබ්බා.

එදා නේත්‍රට කරදරයක් වෙන්න ගිය දවසෙ ආශවගෙ හැසිරීම ඉස්සරහ නේත්‍ර ආශවගෙ කවුද කියන එක දැනගත්තත් සනුක කලබල නොවී වැඩ කලේ නේත්‍රව බේරගන්න ඕනි කියන අධිෂ්ඨානය තමන්ගෙ ඔලුවෙ තිබ්බ නිසා.ඒ හැමදේම අන්තිමේ හදිස්සියෙම තමන්ගෙ තාත්තට නුවර එන්න කිව්ව සනුක එදා රැයක් එලි වෙනකං තාත්‍තව තුරුල් කරං ඇඬුවා කියලත්,කාලෙකට පස්සෙ ආව පපුවෙ අමාරුවක් එක්ක සනුකට අමාරු උනා කියලා දන්න එකම මිනිස්සු දෙන්නා උනෙත් සනුකයි සනුකගෙ තාත්තයි උනා.පුරුදු විදියට හැම කතාවකම වගේ මේ කතාවෙදි සනුකගෙ හදවතට නිහඬ පිලිවෙත අනුගමනය කරන්න උනේ නේත්‍රගෙ සතුට වෙනුවෙන්මයි.

"සමහරවිට මම මේ දේවල් ගැන ඔයාට කවදාවත් කියන එකක් නැහැ නේත්‍ර මල්ලි....."

හිනාවෙලා තනියම මිමිණුව සනුක තමන්ගෙ අතේ තිබ්බ ඡායාරූපය පුරුදු පොත අස්සට දාලා වහලා තියලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් පේන තමන්ගෙ ප්‍රතිබිම්බය එක්ක හිනා වුණා.

"ඔයාලා දෙන්නගෙන් පිට වුණු පුංචි වචන දෙකක් නිසා ඉස්සර හිටිය දුර්වල කැත ලමයා හුගක් වෙනස් උනා....නේත්‍ර මල්ලි කිව්ව විදියට මම ලස්සන උනා වගේම.....ආශව කිව්ව විදියට මම ශක්තිමත් උනා"

සනුක කිව්වෙ ඉස්සර තමන්වම මතක් කරගන්න ගමන්.ලමයි හැමොගෙන්ම කොන් වෙවී උන්නු සනුක දවසක් ඇඳෙන් නැගිට්ටෙ එයාගෙ පුංචි රජකුමාරයට ගැලපෙන විදියෙ ලස්සන කෙනෙක් වෙන්න.පුංචි කුමාරයා තමන්ට ලස්සනයි කියලා කිව්වත්,කණ්නාඩියෙන් පේන තමන්ගෙ ප්‍රතිබිම්බෙ තිබ්බ පෙනුම සනුකගෙ හිතට නොසෑහෙන්න මදි උනා.එයාට ඕනි උනා පුංචි කුමාරයා වගේම ලස්සන කෙනෙක් වෙන්න.පුංචි කුමාරයාගෙ සුදුබේබි කිව්වා වගේ ශක්තිමත් වෙන්න.ශක්තිමත් වෙලා,ලස්සන වෙලා පුංචි කුමාරයාව හොයං ගිහින් එයාව පරිස්සම් කරන්න.පුංචි සනුකගෙ හිතේ තිබ්බෙ අන්න ඒ අහිංසක සිතුවිල්ල.

"මම පරක්කු වෙන්න ඇති ඔයාව අයිතිකරගන්න.....ඒත් මම පරක්කු නෑ අවුරුදු ගාණක් හිතේ තියං උන්නු ආදරේ ඔයාට දෙන්න....මම ඒක දෙන්නම්....ඔයාට නොදැනෙන්න....ඈතින් ඉදගෙන"

ලොකු හුස්මක් පහල දැම්ම සනුක ලස්සනට හිනා වෙලා මුමුණන ගමන් තමන්ගෙ තුවාය අතට ගත්තෙ නාගෙන කරගෙන පුහුණුවීම් වලට යන්න හිතාගෙන.මේසෙ උඩ තිබ්බ තමන්ගෙ පොත කාමරේ තිබ්බ පුංචි ලී රාක්කෙන් තිබ්බ සනුක නානකාමරේට වැදුනා.සමහරවිට සනුක ඒ පොත අස්සෙ තිබ්බ නේත්‍රගෙ පුංචි කාලෙ ඡායාරූපෙ පරිස්සම් තැනකින් හැංගුවනම්.....සනුකට ඕනි උනු විදියටම ඒ දේ රහසක්ව තියාගන්න තිබ්බා.

.

.

.

.

.

"නේත්‍ර.....මේක විශාර අන්කල්ගෙ ගෙදර මම හිතන්නෙ"

"කෝල් එකක් ගමුද සුදුබේබි....අරං කියන්නකො අපි ආවා කියලා"

"හරි...."

දුරකථන ඇමතුමක් ගත්තු ආශව විශාරට කතා කරලා ඉවර වෙනවත් එක්කම විදුලි ගේට්ටුව ටිකෙන් ටික විවර වෙද්දි ගේට්ටුව ලග උන්නු ආරක්ෂක නිලධාරියා ආශවලට යන්න කියලා සන් කලා.ගේ වත්තට වාහනෙ දැම්ම ආශව වාහනෙන් බැහැල ගිහින් නේත්‍රගෙ පැත්තෙ දොර ඇරලා නේත්‍රවත් පරිස්සමින් බිමට බස්සගත්තා.ආශවගෙ කමිසෙ කොණක් හයියෙන් අල්ලන් වට පිට බල බල උන්නු පුංචි එකාගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව ඇස් වලින් ගෙවල් පැත්ත පෙන්නුවා.

"පුතාලා ට්‍රැෆික් වලට එහෙම අහු උනේ නෑ නේද....එන්න ඇතුලට"

වල ගැහෙන කම්මුල් එක්ක හිනාවීගෙන ඉස්සරහට ආව විශාර කොල්ලො දෙන්නව පිලිඅරං ඇතුලට යද්දි මගදි ගත්තු කේක් එකයි,ගෙදරින් ගෙනාව වැලිතලප පාර්සලෙයි අතේ එල්ලගත්තු නේත්‍රගෙ අත අල්ලගත්තු ආශව පුංචි එකා එක්කම ඇතුලට ගියා.ඒ ඇතුලට සාවධානව ඇතුල් උනත් එකපාරටම ඇහුනු සද්ද කටහඩ නිසා නේත්‍ර ගැස්සිලා ගිහින් ආශවගෙ ඇඟට හේත්තු උනා.

"විශාර!!!! මම කියල තියෙනවා නෑවට පස්සෙ තුවාය අවුවට දාන්න කියලා!!! අඩුම ඇඳ උඩ දාන්නෙපා පුටුවකින් දාපං මම අව්වට පස්සෙ දාන්නම් කියලා...එහෙම කියලා තියෙද්දි අදත් ඇඳ උඩ තුවාය! අදනම් දෙයියන්පල්ලයි මේ සෝස් පෑන් පාරක්......"

සෝස් පෑන් එකකුත් කරකෝන ගමන් සාලෙන් මතු උනු ලස්සන තරුණයා දිහා තුන් දෙනාම බය වෙලා වගේ බලන් හිටියා.සුදු උස ලස්සන කොල්ලා දිහා බලලා විශාර ඔලුව පිටිපස්ස අතගාලා බයාදු හිනාවක් දාද්දි ඒ කොල්ලා අතේ තිබ්බ සෝස් පෑනය ඉක්මනටම පිටිපස්සෙ හංගගෙන ලැජ්ජාශීලී හිනාවක් පාන ගමන් එහෙම්මම හැරිලා කුස්සියටද කොහෙද දිව්වා.මූණ පේන තරමට ඔප වැටිලා තියෙන පිරිසිදු පොලව උඩින් ඇවිදන් ඇවිත් ආශවයි නේත්‍රයි සාලයේ සෝෆාවක ඉදගනිද්දි විශාරත් එතනම තිබ්බ තනි පුටුවකින් ඉදගත්තා.ඒත් එක්කම කලින් කෑ ගැහුව ලස්සන කොල්ලත් ඇවිල්ලා විශාර ලගම තිබ්බ පුටුවකින් ඉදගෙන නේත්‍රයි ආශවයි දිහා ලස්සනට හිනාවෙලා බැලුවා.

"මේ ඉන්නෙ අභිෂේක්.....මගෙ හස්බන්ඩ්.....අපි ලංකාවට ආවෙ මැරි කරලා"

"හායි පැටවු දෙන්නා....මේ ආශවයි නේත්‍රයිද එතකොට විශාර?"

"ඔව්.....ඒ දෙන්නා තමා"

"හායි අ...ම්ම්ම්ම්ම්....."

"හ්....හායි.....අ....අයි...."

දෙන්නගෙම වචන පැටලුනේ අභිෂේක්ට එච්චර වයසක් පේන්න නොතිබ්බ නිසා.පොඩි උන් දෙන්නා දිහා බලල හිනා වුනු අභිෂේක් ආයෙමත් කතා කරන්න ගත්තා.

"අන්කල් කියන්න මටත්.....අයියෙ කියන්න ඕන්නෑ"

අභිෂේක් කියද්දි විශාර හිස් බැල්මෙන් අහක බලාගත්තෙ අදටත් පොඩි කොල්ලෙක්ගෙ ජීවිතේ තමන් නිසා විනාස උනාද කියන පසුතැවීම එක්ක.කැම්පස් ගමන අවසන් කරන්නත් කලින් හැමදේම අතෑරලා දාලා නින්දා අපහාස විඳගෙන තමන් එක්ක රටින් පිට වුනු අභිෂේක්ට විශාර හුඟාක් ගරු කලා.හුඟාක් ආදරේ කලා.ඒත් තවමත් පෙර කිව්ව පසුතැවීමෙන් මිදෙන්න විශාරට බැරි උනා.

"ආශවවනම් මම දැකල තියෙනවා.....මැචස් වලදි.....නේත්‍රව දැක්කෙ අද.....මම හිතුවටත් වඩා හුරතල් පොඩ්ඩෙක්නෙ අනේ මෙයා"

"ත් ...තෑන්ක් යූ අන්කල්"

ආශවගෙ අතක හැංගිලා තිබ්බ තමන්ගෙ අත මිරිකගන්න ගමන් නේත්‍ර හරි කූලෑටිව උත්තර දෙද්දි අභිෂේක් නේත්‍රගෙ මූණ ලගට පාත් උනා.

"මම හැන්ඩ්සම් නැද්ද අනේ?"

"හැ....හැන්ඩ්සම් අන්කල්"

"මම දන්නවා.....අයිම් වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් යූ නෝ?"

"අභී......ඔය ලමයව ආව ගමන් බය කරන්නෙපා...."

විශාර හිනාවෙවී කියද්දි නේත්‍රත් ලාවට හිනාවෙලා අභිෂේක් දිහා බැලුවා.ටිකෙන් ටික අභිෂේක්ගෙ හැසිරීම එක්ක නේත්‍රට අභිෂේක් ගැන ආවෙ පැහැදීමක්.නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව අභිෂේක් කුස්සිය පැත්තට යද්දි ආශව ඇස් කොනෙන් අභිෂේක්ට රැව්ව හැටි දැක්ක විශාරට හයියෙන් හිනා ගියා.

"එයා බැන්ද මනුස්සයෙක් කොල්ලො....මේකා හුරතල් නිසා ඔලුව අතගෑවෙ....ඔච්චර පොසෙසිව් වෙන්න එපා හිතුවක්කාරයා"

ආශවගෙ පිටට තට්ටුවක් දැම්ම විශාර කියද්දි ආශව ලාවට හිනාවෙලා නේත්‍රව ලගට කරගෙන කොන්ඩෙ හැදුවා.ටිකකින් ආව අභිෂේක්ගෙ තේ පැන් සංග්‍රහයෙන් පස්සෙ විශාර පුටුවට හොදට හේත්තු වෙලා ඉදගත්තෙ එතනින් යන්න ගිය අභිෂේක්වත් නවත්තගෙන.

"අභී ඔයත් ඉන්න.....ඔයත් මේ කතාවෙ සමහර කෑලි ගැන දැනුවත්නෙ"

"ම්ම්ම්ම්...."

"අපි මේ දේ පුතාලට කියන්න තීරණේ කලේ ගොඩාක් දුර හිතලා....මොකද ආශව,ඔයා අඩිය ගහන්න යන්නෙ ඔයාගෙ හීනෙට හා ඔයාගෙ අනාගතේට....ඉතින් මේකෙදි ඔයාට තියෙන බාධක ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනි"

"ඔව් අන්කල්....කියන්න"

"ඒ වගේමයි නේත්‍ර....ඔයා ආශව ලගම ඉන්න කෙනා විදියට ඔයත් මේ ගැන දැනගන්න ඕනි"

"හරි අන්කල්....කියන්න"

ආශව ලගින් ඉදන් උන්නු නේත්‍ර ඔලුව වනන ගමන් කියද්දි විශාර ලොකු හුස්මක් පහල දැම්මා.

"මමයි අභියි දෙන්නා යාලු වෙද්දි මෙයා ඒ ලෙවල්ස් කරනවා....ඔයාලා දන්නවත් ඇති....අභී ඕ ලෙවල් පාස් වෙලා ගමේ ඉදන් කොළඹ ඇවිල්ලා නතර වෙලා තිබ්බෙ දෙවින්ලගෙ අම්මලාගෙ ගෙදර....ඒ කාලෙ දෙවින් නැහැ.තෙවින් විතරයි හිටියෙ.....ඔය කාලෙදි මම විටින් විටේ කොළඹ ගෙදරට යනවා එනවා.දෙවින් මල්ලිට දෙන්න කියලා එක එක් පුංචි පුංචි තෑගි අනන් මනන් මට හදලා දුන්නා.පුංචි දෙන්නගෙ හිත් රිද්දන්න බැරිකමට වගේම දෙන්නාටම මම හුඟක් ආදරේ නිසා මම ඒ දේවල් කලා"

විශාර ලාවට හිනාවෙලා අභිෂේක් දිහ බලල ආයෙමත් කතාව පටන් ගත්තා.

"අභීව මට හම්බෙන්නෙ එහෙම....ගෙවල් වල ප්‍රශ්න අනන් මනන් එක්ක මම කොළඹ යන හැම වතාවකම අභී එක්ක කතා කරලා මම හිත නිදහස් කරගත්තා.කාලයත් එක්ක මේ ඒලෙවල් කරන පුංචි කොල්ලා මට කම්ෆටබල්ම මනුස්සයා උනා.කොහොමහරි මමයි අභියි දෙන්නා අෆෙයා එකක් පටන් ගනිද්දි අභියි යුනිවර්සිටි ෆස්ට් ඉයර් ස්ටූඩන්ට් කෙනෙක්"

ආශවයි නේත්‍රයි දෙන්නා සාවධානව ඇහුම්කන් දෙන දිහා බලන් උන්නු අභිෂේක්ගෙ ඇස් දෙක නැවතුනේම පුංචි නේත්‍ර ලග.දරුවෙක්වත් නැති තමන්ගෙ හිතෙ නේත්‍ර ගැන අමුතු සෙනෙහසක් ඇති වෙනවා කියලා අභිෂේක්ට තේරෙන ගමන් තිබ්බා.

"කොහොමහරි අන්තිමට අපේ අයියා,නිශ්ශංක...මම ගැන සැක කරන්න ගත්තා.මම කා එක්ක හරි සම්බන්ධයක් පටන් අරං කියලා අයියා සැක කලා.මට ඒක ඉව වැටුනෙ දවසක් මම අභීව බලන්න කොළබ එද්දි නිශ්ශංකගෙ ලඟම ගෝලයෙක්ගෙ බයික් එකක් මාව ෆලෝ කරනවා දැක්කම.සැක නොහිතෙන්න එදා මම කොළඹ මගෙ යාලුවෙක්ව හම්බෙලා ආයෙ ගෙදර ගියා....මට තේරුම් යන්න ගත්තා තව ටික කාලෙකින් අභිෂේක්ගෙ ජීවිතේ පවා අනතුරෙ වැටෙන්න පුළුවන් කියලා...."

විශාර කියද්දි අභිෂේක් හිනාවෙලා විශාරගෙ අතකට තට්ටුවක් දැම්මා.

"අන්තිමට මම තීරණේ කලා මේ හැමදේම අතාරින්න....මම මැනේජ්මන්ට් සයිඩ් එකෙන් වගේම ස්පෝර්ට්ස් සයිඩ් එකෙන් වැඩිදුර ඉගෙන ගෙන තිබ්බ කෙනෙක්....ඒත් මට බිස්නස් ෆීල්ඩ් එකට කිසිම ආසාවක් තිබ්බෙ නෑ...මට ඕනි උනේ අභීවත් අරං හැමදෙයින්ම ඈත් වෙන්න....ඒ වෙද්දිනුත් මට කැනඩා වලින් ජොබ් ඔෆර් එකක් ඇවිල්ලා තිබ්බෙ....මට විශ්වාසයක් තිබ්බා අභීව හොදට බලාගන්න පුළුවන් වෙයි කියල....මම ඒ දේ කියලා හරි කෙටි කාලයක් ඇතුලත අභී එක්ක මෙහෙන් යන්න වැඩ ලෑස්ති කරගත්තා..."

ආශවට මතක් උනේ විශාර රටින් පිට වුණාම දෙවින් අඬ අඬ ඒ ගැන කිව්ව විදිය.ඒත් විශාරට සාධාරණ හේතුවක් තියෙනවා කියලා තේරුම් ගත්තු ආශවට අද විශාර එක්ක කේන්තියක් හිතට ආවෙ නැහැ.

"ඒ දෙයින් ලොකුම අසාධාරණේ උනේ අභීට....එයා හරි ආසාවෙන් හිටියෙ මෙහෙ යුනි එකෙන් ග්‍රැජුවේට් වෙන්න....ඒ උනාට එයාට ඒක මම වෙනුවෙන් කැප කරන්න උනා..."

"ඒකට කමක් නෑ විශාර.....මම පසුතැවෙන්නෑ ඒ ගැන"

විශාර දිහා බලල හිනාවෙලා කිව්ව අභිෂේක් විශාරගෙන් ඇස් අහක් කරගෙන ආශවයි නේත්‍රයි දිහා බලලා බිම බලාගත්තා.

"අපි කැනඩා ගියාම අපිට හුගක්ම උදව් කලේ නිරාශා අක්කලාගෙ ෆැමිලි එකේ අය....නිරාශා අක්කා එයාලට විස්තරේ කියලා තිබ්බා.මම මෙහෙන් යන බව කලින් ඉදන්ම දැනන් හිටියෙ එයා විතරයි...කොහොමහරි අපි දෙන්නා එහෙ සෙට්ල් උනා....නිරාශා අක්කා ඊට අවුරුද්දකට විතර පස්සෙ කැනඩා ආවා....එයා එහෙ එයාගෙ ෆැමිලි බිස්නස් බාර අරගෙන කරගෙන ගියා...

දෙවින් තෙවින් දෙන්නා නොදන්නව උනාට නිරාශා අක්කා එයාලා දෙන්නට අකවුන්ට්ස් දෙකකට  හැම මාසෙකම එයාගෙ බිස්නස් එකට හම්බෙන ප්‍රොෆිට් එකෙන් ගාණක් ඩිපොසිට් කරනවා.දැන් අවුරුදු ගාණක් තිස්සෙම.....දෙවින් නිරාශා අක්කත් එක්ක කතාවත් නොකලට තෙවින් එයා එක්ක ඉදලා හිටලා කතාබහ කරනවා....ඒ මාර්ගෙන් තමා නිරාශා අක්කා දැනන් හිටියෙ දෙවින් ක්‍රිකට් ප්ලේ කරනවා කියන එක.....

කොහොමහරි.....අවුරුදු ගාණකට පස්සෙ මම ලංකාවට ආවෙ.....මට ක්‍රිකට් බෝඩ් එකෙන් හොද ඔෆර් එකක් ලැබුනා.ඇත්තටම බෝඩ් එකේ වයිස් ප්‍රසිඩන්ට් අභීගෙ මාමා කෙනෙක්....එයා අභී එක්ක හුඟක් හිතවත්...මට එයාගෙ මාර්ගෙන් බෝඩ් එකට යාගන්න පුළුවන් උනා....කොහොමත් බලයක් තියෙන්නම ඕනිනෙ ඔහොම තැනකට යන්නනම්...කොහොමහරි මම බෝඩ් එකට සිලෙක්ට් උනා...එතන ඇතුලට ගියාම තමා මම දැනගත්තෙ අවුරුදු ගාණක් තිස්සෙම ආශව පුතාව ස්කොඩ් එකට නොගෙන නම කපනවා කියලා"

"අන්කල් කිව්වෙ ඒ පාර කියලනෙ එදා කෝල් එකේදි?"

"ඔව්....මට ඕනි උනේ නෑ ඉස්කෝලෙ යන වයසක ඉන්න පුතාගෙ ඔලුව විකාර කරවන්න.මම එදා උඩින් හේතුව කියලා නතර උනේ ඒකයි.ඒත් දැන් ඔයා මේ හැමදේම ගැන දැනගන්න ඕනි කාලෙ ඇවිල්ලා තියෙන්නෙ"

"ඔව් අන්කල් කියන්න"

"ම්ම්ම්.....ඔයාට අවුරුදු දාහතරෙ ඉදන් ඔයාගෙ නම ස්කොඩ් එකට දාන්න ඕනි කියලා සිලෙක්ට් වෙලා....ඒත් එතනින් එහාට නෑ ඒ ගැන සඳහනක්.ඔයාට දන්වලාවත්,කෝච්ට දන්වලාවත් නෑ....ඇයිද කියලා හරියටම කිව්වොත් සිලෙක්ටින් බෝඩ් එක ඇතුලෙදි ඔයාගෙ නම අයින් කරලා"

"ක්.....කවුද අන්කල්?"

"ප්‍රසිඩන්ට්....ඒ කාලෙ හිටිය කෙනා.දිව්දේත්‍රාගෙ තාත්තානෙ දැන් ඉන්නෙ.ඔය මනුස්සයා ප්‍රසිඩන්ට් උනේ දැන් අවුරුදු දෙකකට කලින්නෙ.....ඒ කාලෙ ඒ මනුස්සයත් කමිටි මෙම්බර් කෙනෙක්....ඒ කාලෙ ප්‍රසිඩන්ට් තමා මේක කරලා තියෙන්නෙ"

"ඒත් ඇයි අන්කල්?"

"ම්ම්ම්ම්......ආශව මෙව්වා දැනගන්න ඕනි....ඒ නිසයි මම මේවා කියන්නෙ....හැබැයි මේ දේවල් නිසා ප්‍රශ්න ඇති කරං නිකං ජීවිතේ නාස්ති කරගන්න එපා"

"මම එහෙම වෙන්න දෙන්නෑ මාමෙ සුදුබේබිට.... කියන්නකො"

"හ්ම්ම්.....ඒ දේවල් ඔක්කොම වෙලා තියෙන්නෙ ආශවගෙ අප්පච්චි,සාගරගෙ උවමනාවට...."

විශාර තමන් දෙවින්ට කිව්ව වගේම ඇත්තම කතාව ආශවට කියද්දි ආශව හරි සාවධානව ඒ ගැන අහන් හිටියා.ඇත්තටම තමන්ගෙ අප්පච්චි ක්‍රිකට් වැඩ වලට අකමැති උනත් මෙහෙම දෙයක් කරයි කියලා ආශව හීනෙකින්වත් හිතලා තිබ්බෙ නැහැ.විශාර හැමදේම ගැන ආශවට කියලා ඉවර කරද්දු අභිෂේක් නේත්‍රවත් අල්ලන්ම කුස්සිය පැත්තට ගියේ විශාරයි ආශවයි ක්‍රිකට් ක්ලබ්ස් ගැන කතාවක් පටන් ගත්තු නිසා.

"චූටි බබෝ.....මොකෝ අවුලින් වගේ?"

නේත්‍රව කුස්සියෙ පුටුවක් උඩ ඉන්දෝලා කාටවත් නොදුන්න තමන් හදන රසම රස මිශ්‍ර පලතුරු සිසිල් බීම වීදුරුවකින් නේත්‍රට සංග්‍රහ කරලා තිබ්බ අභිෂේක් අහද්දි එකපාරටම ගැස්සිලා ගිහින් බීම වීදුරුවයි අභිෂේකුයි දිහා බැලුව නේත්‍ර හෙමීට පුටුවෙන් නැගිට්ටා.

"ඇයි බබෝ?"

"ම්....මේකෙන් උගුරක් සුදුබේබිට්ත් දිලා එන්නම් අන්කල්..."

"ඉන්න ඉන්න....සුදුබේබිටත් යවන්න තමා හැදුවෙ ඔයාගෙ....අම්මේ චූටි කොල්ලගෙ ආදරේ"

නේත්‍රගෙ කම්මුලක් මිරිකෙව්ව අභිෂේක් ගෙදර සේවකයෙක් අතේ බීම වීදුරු දෙකක් ඉස්සරහට යවද්දි නේත්‍ර ආයෙමත් කලින් උන්නු දුක්මුසු මූණටම පෙරලිලා හිටියා.

"ඇයි මේ ම්ම්ම්? නේත්‍ර බබාට මොකක් හරි අවුලක්නම් කියන්න මට"

"නෑ අන්කල්....මම....මට හරි දුකයි..ඇ....ඇයි කාටවත් වරදක් නොකල මගෙ සුදුබේබිටම මෙහෙම වෙන්නෙ?"

නේත්‍රගෙ ඇස් වලින් කඳුලු පල්ලම් බහිද්දි අභිෂේක් නේත්‍රව තුරුල් කරගත්තා.අභිෂේක්ගෙ බඩට හේත්තු වෙලා අඬන්න ගත්තු පුංචි එකා ඉකි ගගහම තමන්ගෙ දුක පුළුවන් විදියට වචන කරද්දි අභිෂේක්ට උනත් දැනුනෙ පුදුමාකාර වේදනාවක්.

"ස්....සුදුබේබි හරි ආසයි අන්කල් ක්‍රිකට් වලට....පුංචි කාලෙ ඉදන්ම ආසයි....සුදුබේබිගෙ හීනෙ තිබ්බෙ නැෂනල් ප්ලේ කරන එක....අන්ඩර් නයින්ටීන් සිලෙක්ට් වෙයි කියලා ඒ කාලෙ ඉදන්ම සුදුබේබිගෙ බලාපොරොත්තුවක් තිබ්බා.ඉතින් සුදුබේබි අට වසරෙ වගේ ඉදන්ම අපි ස්කොඩ් එක දැම්මම තමා දන්නෙ සුදුබේබි සිලෙක්ට් වෙලා නෑ කියලා...හැම අවුරුද්දකම ලියුමක් එනකං අපි බලන් ඉන්නවා....ඒ කාලෙ ෆෝන් නෑනෙ...."

ලොකු ඉකියක් උඩට ඇද්ද නේත්‍ර ආයෙමත් කතා කරන්න ගත්තා.

"හැම අවුරුද්දකම ස්කොඩ් එක දැම්මට පස්සෙ අපි දන්නෙ කට්ටියව සිලෙක්ට් කරලා කියලා.....සුදුබේබිගෙ නම නෑ.....හැමදාම සුදුබේබි ඇස් වල කදුළු පුරවං මම ලගට එන්නෙ.....මටත් දරන්න බෑ....අන්තිමට දවස ඉවර වෙන්නෙ අපි දෙන්නම පැය ගාණක් ඇඩුවට පස්සෙ අන්කල්......අන්තිමට මේ අවුරුද්දෙ මේල් එකක් ආව වෙලේ සුදුබේබි ඇඬුවා සතුටට.....අන්කල් දන්නෑ....එදා සුදුබේබිට අලුත් පණක් ආවා වගේ උනා....අනේ ඇයි අන්කල් කාටවත් වරදක් නොකරන මගෙ අහිංසක සුදුබේබිට මෙහෙම කලේ මහ මුදියන්සෙ?"

ඉකි ගහන නේත්‍රගෙ ඔලුව අතගෑව අභිෂේක්ට පුළුවන් උනේ ලොකු හුස්මක් පහල දාන්න විතරයි.

"ස්....සුදුබේබි නපුරුයි වගෙ පිට අයට පේනවා ඇති....ඒත් සුදුබේබි කවදාවත් කිසිම කෙනෙක්ගෙ කකුලකින් ඇද්ද කෙනෙක් නෙවේ අන්කල්....සුදුබේබි කාගෙවත් ගමනක් වලක්වලා නෑ.....එහෙම මගෙ සුදුබේබි අවුරුදු ගාණක් විඳෙව්වා"

"දැන් අපිත් ඉන්නවනෙ චූටි පුතේ.....ම්ම්ම්ම්.....හැමදේම හොදින් සිද්ධ වෙයි"

"ච්....චූටි පුතා?"

ඇඬිල්ල අස්සෙම ඇසුත් බෝල කරගත්තු නේත්‍ර අහද්දි අභිෂේක් නේත්‍රගෙ මූණට එබුනෙ කලබලෙන්.

"ඇ....ඇයි පුතේ? ඔයා ආසා නැද්ද මම එහෙම කතා කරනවට?"

"නේත්‍ර ආසයි.....මට කවුරුත් ඒම කතා කරලා නෑ මීට කලිම්....ඒකයි"

"අද ඉදන් ඔයා මගෙ චූටි පුතා.....මටත් කතා කරන්න මාමා කියලා හොදද?"

"අභී මාමා"

"උවූ....මගෙ චූටි පුතා හුරතල්....අද ඉදන් හැමදේම හොඳින් සිද්ධ වෙයි....තේරුණාද? දැන් චූටිපුතා කදුළු පිහගන්න....නැත්තං අර කොල්ලා ආවොත් මටත් ගහයි"

අභිෂේක් කියද්දි නේත්‍ර කදුළු අස්සෙන්ම හිනා වුණා.

...................................................................................................

"කවද්ද රෙජිස්ටර් වෙන්න එන්න කියලා තිබ්බෙ දෙව්?"

"අනිද්දට බබා....යන්න ඕනි"

"මම එන්නම් ඔයා එක්ක යන්න"

"ඔයා එක්ක තමා මට යන්නත් ඕනි...."

"අනේ අම්මේ පොඩි එකා"

දෙවින්ගෙ කම්මුලක් මිරිකුව දෙනෙත් වාහනේ ගුරුපාරෙන් ඇතුලට හරවද්දි පිටිපස්සෙ ආසනේ උන්නු තෙවින් ලොකු ඈනුමක් ඇරලා ගස්සලා අහක බලාගත්තා.අයියගෙයි මල්ලිගෙයි කෝලම් වලට ඇස් රෝල් කෙරුව දෙනෙත් වාහනේ සිංහවංශ වලව්ව ලගට කිට්ටු කරද්දි වලව්වෙ ඉස්සරහ මිදුල හරියෙන් පෙනුන ලොකු දුමක් නිසා කලබල වෙලා වේගෙ වැඩි කලා.

"දෙනෙත් ස්ලෝ කරන්න වාහනේ....මට බහින්න ඕනි....අප්පච්චි ගෙදර අද! එයාට කරදරයක්ද දන්නෑ!"

දෙවින් කෑ ගහද්දි දෙනෙත් කලේ වාහනේ වේගෙන් අරං ගිහින් වලව්ව ඉස්සරහ නැවැත්තුව එක.වාහනෙන් බිමට බැස්ස දෙවින් කකුල් පැටලිලා ඇදන් වැටෙන්න ගියත් විශාල ගේට්ටුවෙන් ඇතුලට දුවං ගියේ වලව්ව තියෙන්නෙ ගේට්ටුව පිහිටලා තිබ්බ තැනිනුත් යම් කිසි දුරක් ඇතුලට වෙන්න නිසා.වේගෙන් දුවං ගිය දෙවින්ට කරදරයක් වෙයි කියන බයට දෙනෙතුයි තෙවිනුයිත් ඒ පස්සෙන්ම දුවං යද්දි දෙන්නගෙම වේගෙ බාල උනේ වත්ත මැද්දෙ තිබ්බ ලොකු ගිනි ගොඩක් ඉස්සරහ දණ ගහන් ඉන්න දෙවින්ව දැක්ක නිසා.

"ඇ....ඇයි අප්පච්චි මෙහෙම කලේ?"

වත්ත මැද්දෙ තිබ්බ ගිනි ගොඩ ඇතුලෙ දෙවින්ගෙ ක්‍රිකට් භාණ්ඩ සේරම අපූරුවට ගිනි ගන්න ගමන් තිබ්බා.දෙවින්ට පාසලෙන් ලැබිලා තිබ්බ ක්‍රිකට් කණ්ඩායම් තොප්පියත් ඒ ගිනි ගොඩට එකතු කෙරුව සිංහවංශ මහත්තයගෙ ඇස් වල තිබ්බෙ ලොකු කෝපයක්.දෙනෙතුයි තෙවිනුයිත් වෙන්නෙ මොකද්ද දරන්න බැරුව දෙවින්ගෙ දෙපැත්තෙන් දණ ගහගනිද්දි දෙවින් තනියම 'ඇයි අප්පච්චි?' කියලා මුමුණන ගමන් කදුළු ගලන ඇස් වලින් ගිනිගොඩ දිහා බලන් උන්නෙ මුළු ලෝකෙම කඩා වැටිලා වගේ.

"උඹට මම කිව්වා ලොකු පුතා! උබ විතරයි මට ඕනි විදියට වැදගත්කමට හැදුනු දරුවා,ඒ නිසා මගෙන් පස්සෙ හැමදේම උඹට බාරගන්න වෙනවා කියලා....ඒත් උඹ මොකද්ද කලේ! උඹ මේ පිත්තක් බදාගෙන ඒ පස්සෙ දුවන්න ගත්තා! යකෝ අවුරුදු ගාණක් මම මහන්සියෙන් ගොඩ නැගුව දේවල් වලට මොකද වෙන්නෙ එතකොට!!!"

නිශ්ශංක මහා හයියෙන් කෑ ගහලා කියන ගමන් බිම දණ ගහන් උන්න දෙවින්ගෙ කමිසෙ කොලරයෙන් ඔසවගෙන දෙවින්ව ගිනි ගොඩ ලඟට ඇවිදන් ගියා.

"දැන් බලපං! දැන් බලපං උඹ කොහොමද ක්‍රිකට් ගහන්නෙ කියලා! උඹ හරි දවසෙ හරි වෙලාවට නොගියොත් උඹේ විකාර හීන එතනම ඉවරයි! දැන් බලමු ක්‍රිකට් ගහන හැටි"

"ඇයි අප්පච්චි මෙහෙම කලේ?"

"ඇයි අහන්නෙ! උබට මම සුද්ධ සිංහලෙන්ම කිව්වා ඒ ලෙවල් ඉවර කරලා බිස්නස් භාරගනින් කියලා.....උඹ ඒකට කට වහන් ඉදලා ක්ලබ් එකකින් මැසේජ් එක ආව ගමන් ඒවට දිව්වා! උඹ දැනගන්න ඕනි මට ඕනි විදියට ඉන්න! "

"ම්....මගෙ හීනනෙ අප්පච්චි....."

"උඹ කටගහගෙනත් එනවද?"

පණ නැති මලකඳක් වගේ උන්නු දෙවින්ගෙ මූණ හරහා පාරක් එල්ල කරන්න අත ඉස්සුව නිශ්ශංකගෙ අත එහෙම්මම නතරවුනේ ඒ අතේ ගැටිච්ච හයිය අතක් නිසා.

"දෙවින්ට අත තියන්න එපා නිශ්ශංක මහත්තයා!!!"

දෙනෙත්ගෙ සද්දෙ හරි තියුණු විදියට නිශ්ශංකගෙ කන් වල දැවටෙද්දි නිශ්ශංක දෙනෙත් දිහා රවලා බැලුවා.

"මේක පවුල් ප්‍රශ්නයක් දෙනෙත්! නෑ කමක් තිබ්බා කියලා මෙව්වට මැදිහත් වෙන්න....."

"අප්පච්චිගෙන් පස්සෙ බිස්නස් භාරගන්නෙ මම නිශ්ශංක මහත්තයා! මම හිතනවා මාව ඔබතුමා තරහා කරගන්න එකක් නෑ කියලා!"

දෙනෙත්ගෙ වචනත් එක්ක දෙවින්ව අතෑරිය නිශ්ශංක ගිනි ගොඩ ලග කලින් උන්නු තැනට ඇවිදන් ගියා.ඒත් එක්කම දෙවින් දෙනෙත්ගෙ ඇඟට බර වෙද්දි දෙවින්ව තමන්ට වාරු කරගත්ත දෙනෙත් ගිනි පිටවෙන ඇස් දෙකකින් නිශ්ශංක දිහා බලන් උන්නා.

"අප්පච්චි එපා!"

දෙවින් කෑ ගැහුවෙ නිශ්ශංකගෙ අතේ තිබ්බෙ දෙවින්ගෙ ක්‍රිකට් වලට අදාලව ගත්තු පදක්කම් හා සහතික පත්‍ර ටික නිසා.දෙවින්ව පැත්තකට කෙරුව දෙනෙත් එතනට යන්න කලින් දෙනෙත්ව වේගෙන් පහු කෙරුව ඡායාවක් නිශ්ශංකව පැත්තකට තල්ලු කරලා දැම්මා.

"උඹව මම මරනවා අප්පච්චි!!!"

බිම වැටිලා ඉන්න නිශ්ශංක දිහා බලලා කෑ ගැහුව තෙවින් බිම වැටුණු සහතික කවරයයි පදක්කම් කීපයයි ගිනි ගොඩෙන් ඈතට විසික් කරද්දි දෙවින්ව බිම ඉන්දෙව්ව දෙනෙත් දුවලා ගිහින් ඒ ටික අරං දෙවින් ලගින්ම තිබ්බා.

"පොඩි පුතා! උඹට කොහෙන්ද අයිතියක් මට ඔහොම කෑ ගහන්න!"

"අයිතිය! මගෙ ලේ වල අයිතිය! අර මැරෙන්න දුකෙන් වැටිලා ඉන්න එකා මගෙ අයියා මිනිහො! මාස නවයක් එකම බඩ ඇතුලෙ ඉදලා එකටම එලියට ඇවිල්ල....තමුන්ලගෙ වැරදි නිසා වෙන් වෙලා ආයෙමත් කාලෙකට පස්සෙ ලගට ආව අයියා!!! මගෙ පණ ටික ඌ!!! ඒ අයිතියටයි ඒ කැක්කුමටයි තමා මම කෑ ගැහුවෙ!"

"උඹ බල්ලෙක් වගේ හැදිලා අයාලෙ ගියාට ලොකු එකා එහෙම වෙනවා බලන් ඉන්න බෑ මට! ඌව මකවලා හරි හදාගන්න ඕනි"

"මකවපං! පුලුවන්නම් මගෙ ඉස්සරහ මකවපං! මගෙ අයියට අතක් හරි තියලා පෙන්නපං නිශ්ශංක!පෙන්නපං!"

"තෙවින්! සක්කිලි බල්ලෙක් වගේ හැදුනට මගෙ ඉස්සරහ ඒ සක්කිලිකම් පෙන්නන්න එපා!කාලකන්නි මූසලයා!"

"මම කාලකන්නියා....මම මූසලයා! එව්වා හරි! ඒත් අර අහිංසකයා මොනා කලාටද උගෙ හීන වලට යන්න නොදී ඌව නවත්තන්නෙ!අනික මේ වගේ බලු විදියට!"

"මට ඕනිනම් මම ඌව මරනවා! ඌව හැදුවෙ මමනම් ඌව මරන්නත් පුළුවන් මට! පුලුවන්නම් ඔය මහ හයිකාරයා නවත්තලා පෙන්නපං මාව!"

"නවත්තන්න නේද? නිශ්ශංක මහත්තයව නවත්තන්න නේද!!! නවත්තන්නම්! අයියා වෙනුවෙන් උඹව නවත්තන එක මට මහ ලොකු දෙයක් නෙවෙයි අප්පච්චි!"

මහ හයියෙන් කෑ ගැහුව තෙවින් වලව්ව ඇතුලට දුවගෙන යද්දි අමාරුවෙන් දෙනෙත්ට බර උනු දෙවින් නැගිට්ටෙ තවමත් ගින්නට පිලිස්සෙමින් තිබ්බ තමන්ගෙ පිත්තෙ මිට දිහා බලන ගමන්.ඇස් වලින් ගලන කදුළු එක්ක නිශ්ශංක දිහා බැලුව දෙවින් කතා කරන්න හැදුවත් දෙවින්ගෙ ඇස් ලොකු උනේ එතනට දුවං ආව තෙවින් නිසා.

"අප්පච්චිව නවත්තන්නම් අද මම!"

"මල්ලි එපා!"

දෙවින්ට කෑ ගැස්සවුණේ තෙවින්ගෙ අතේ තිබ්බ දඩයම් තුවක්කුව දැකලා.හරියටම නිශ්ශංකගෙ පැත්තට මානගෙන ඉන්න තුවක්කුව නිසා නිශ්ශංකත් පපුව අල්ලගෙන පිටි පස්සට වෙද්දි දෙවින් තත්පර ගාණක් ඇතුලත තෙවින්ව අල්ලගත්තා.ගෙදර එල්ලලා තිබ්බ තුවක්කුව කීයටවත් තෙවින් තමන්ගෙ අතට ගනීවි කියලා කිසිම කෙනෙක් හිතලා තිබ්බෙ නැහැ.

"අතෑරපං අයියෙ! මේ මනුස්සයා නැති කරන්න හදන්නෙ උඹව!"

"මල්ලි නවත්තන්න! මල්ලි ඕක අතාරින්න රත්තරනේ....එපා....."

"අද මම මූව මරලමයි පස්ස බලන්නෙ!"

"තෙවින්!!!!"

එකපාරටම කට්ටියවම පහු කරං ආව පුංචි ඡායාවක් තෙවින් ලගට ඇවිත් බය නැතුව තෙවින්ගෙ කන හරහා පාරක් දෙද්දි තෙවින් තුවක්කුව හැරෙව්වෙ ඒ කෙනා දිහාවට.

"ය්....යුගාන්...."

"යුගාන් තමා! තියපං පුලුවන්නම් ඕකෙන් මට!"

"ය්....යුගාන්....යුගාන්....මම.....යුගාන්...."

"ඕක බිමට දාපං! කියන දෙ අහපං අයියෙ! ඕක බිමට දාපං"

දිවාෂගෙ වචනත් එක්ක තෙවින් තුවක්කුව පහලට දාද්දි කට්ටියගෙම පපුවල පුරවන් තිබ්බ ලොකු හුස්මක් නිදහස් වුණා.තුවක්කුව තමන්ගෙ අතට ගත්තු දිවාෂ දෙනෙත් දිහා බලද්දි එක අතකින් සහතික කවරෙ අරගත්තු දෙනෙත් අනික් අතින් දෙවින්ව වත්තං කරගත්තා.දෙන්නා එක්ක ආයෙමත් වලව්වෙ ගේට්ටුව පැත්තට ඇදෙද්දි තෙවින්ව එක අතකින් අල්ලගත්තු දිවාෂ පිටි පස්ස හැරිලා බිම දණ ගහන් උන්නු නිශ්ශංක දිහා හැරිලා බැලුවා.

"ඔයා අද ඔයාගෙ දරුවො දෙන්නවම නැති කරගත්තා නිශ්ශංක මහත්තයා.....ඔයාට තව කාලයක් යද්දි තේරෙයි ලමයිව හරක් ගාණට දාලා කන්න බොන්න දීලා ඔයාට ඕනි කාලෙදි ජඃ ජඃ කියලා උන්ගෙන් ඔයාට ඕනි දේ කරගන්න බලාපොරොත්තු වෙනවට වඩා දෙයක් තමන්ගෙන් දරුවන්ට වෙන්න තිබ්බා කියලා"

දිවාෂගෙ පස්සෙන් ඇවිදන් ආව තෙවින් ඔලුව බිමට බර කරගෙනම වලව්වෙන් එලියට අඩිය තිබ්බා.වාහනේ ලග හිටං උන්නු දෙනෙත් දිවාෂට තමන් දෙවින්ව තමන්ගෙ ගෙදර අරං යන බව කියලා පිටත් වෙද්දි දිවාෂ තෙවින් එක්ක තමන්ගෙ ගෙදරට ගියා.අතේ තුවක්කුවකුත් තියං මහ මිනිහෙක් වගේ පාරෙ යන දිවාෂ දිහා මිනිස්සු තුන් හතර දෙනෙක් හැරිලා බැලුවත් ඒ ගැන ගනන් නොගත්තු දිවාෂ තමන්ගෙ ගේ ඇතුලට ගියා.

"කාමරේට යනවා!මම එන්නම්!"

තෙවින්ව කාමරේට යැව්ව දිවාෂ තුවක්කුව කොහෙ හරි හංගලා ආයෙම කාමරේට යද්දි ඇඳ උඩ ඉදන් උන්නු තෙවින් තමන්ගෙ ඔලුව බිමට බර කරගෙන හිටියා.දිවාෂ තෙවින් ලඟට ලං වෙනවත් එක්කම දිවාෂව ලඟට ඇදල ගත්තු තෙවින් තමන්ගෙ ඔලුව දිවාෂගෙ බඩට බර කරගනිද්දි දිවාෂගෙ පුංචි ඇඟිලිත් තෙවින්ගෙ කෙස් අතරින් ඇදෙන්න ගත්තා.

"අයියා හරි පවු යුගාන්.....ගින්නක් වගේ කියලා තේරෙද්දි එලියට පැනලා දිව්වෙ අප්පච්චිට කරදරයක් කියලා හිතලා....එහෙම අයියට....."

"වුනු දේ උනානෙ....ඉස්සරහට කරන්නෙ මොනාද කියලා බලමු අපි"

දිවාෂගෙ උනුහුම එක්ක ඇස් දෙකත් පියාගෙන උන්නු තෙවින් ඔලුව උඩ පහල වැනුවා.

"අප්පච්චි මගෙ ගමනටත් බාල්දි දායිද දන්නෑ යන විදියට....මම එයා ඉස්සරහ හැසිරුණු විදිය එක්ක ඔය මනුස්සයා මම එක්ක තරහෙන් ඇත්තෙ"

"ම්ම්ම්....බලමුකො.එන විදියකට මූණ දෙමුකො"

"ම්.....මම තනි වෙයිද යුගාන්? මට හරි බයයි....කොච්චර මොනා කලත් මම තවම අවුරුදු විස්සකට කිට්ටු කොල්ලෙක්"

"ඒත් ඔය කේන්තිය පාලනේ කරගනින් තෙවින්....බලපං අද උඹ අර මනුස්සයට වෙඩි තිබ්බනම් එහෙම?"

"අයියා වෙනුවෙන් මට ඒ දේ උනත් කරන්න පුළුවන්"

"මේ අහපං බූරුවා.....ප්‍රශ්න විසඳගන්න ක්‍රම තියෙනවා ඔයිට වඩා....ඒ නිසා ගොනෙක් නොවී එව්වට මූණ දීපං!"

"යුගාන් කියලා දෙන විදියට ආසා හිතෙනවා"

"ආසා වෙයං තොගෙ චිංචි මානවිකාවට! මට නෙවේ!"

හැමදාම වගේ දිවාෂ ලගට ආවම තමන්ගෙ ප්‍රශ්න අමතක වෙලා හිනා යනව වගේම අදත් තෙවින්ට හිනා යද්දි තෙවින්ගෙ ඔලුවට පාරක් දුන්නු දිවාෂ පහලට ගියේ කන්න මොනාහරි අරං එන්නම් කියලා කියාගෙන.කේක් වගේකුත් අරං උඩට එන දිවාෂ දැක්කෙ ගමන් මහන්සියයි,උනු දෙයින් ඇති උනු කම්පනයයි එක්ක දිවාෂගෙ ඇඳ උඩම තෙවින්ට නින්ද ගිහින් තිබ්බා.

"නිදන් ඉද්දිනම් බබා.....තමුසෙ නොදන්නවා උනාට මට කලන්තෙට වගේ ආවා අර ලබ්බ උරුක් කරං ඉන්නව දැකලා නිස්සංක ලොක්කට"

ඇඳ ලගින් දණ නවාගත්තු දිවාෂ හෙමීට මිමිණුවෙ තෙවින්ගෙ නලලට වැටිලා තියෙන කෙස් ගස් එහාට මෙහාට කරන ගමන්.ඒත් එක්කම තෙවින් කලින් තනි වෙලාද ඇහුව දේ මතක් වුණු දිවාෂ තනියම හිනා වුණා.

"මුළු ලෝකෙම තමුසෙට විරුද්ධ උනත් තමුසෙගෙ පැත්තෙන් හිටගන්න එකම එකෙක් හරි  ඉන්නවා කියලා අමතක කරන්න එපා තෙවින්!"

අඩ නින්දෙ උන්නු තෙවින්ට දිවාෂගෙ හීනි කටහඬ ලාවට ඇහෙනවත් එක්ක තෙවින්ගෙ මූණෙ ලා හිනාවක් නින්දෙන්ම ඇඳුනා.

.

.

.

.

.

"දෙව්....."

"බ්....බබා....ම්....මට....මට...."

"අඬන්න ඕනිනම් අඬන්න....මම ඉන්නවනෙ.... ම්ම්ම්...."

දෙනෙත්ගෙ ඇඳුමක්ම ඇඳගෙන ඇඳ උඩ ඉදන් උන්නු දෙවින් දැන් නාගෙන තුවායත් ඇඳන් එලියට ආව දෙනෙත්ගෙ පපුවට බර වෙලා අඬන්න ගත්තා.දෙවින්ගෙ ඉකිය එන්න එන්නම වැඩි වෙද්දි දෙනෙත්ගෙ ඇස් වලිනුත් ගැලුව කදුළු දෙනෙත් පිහගත්තෙ මෙවෙලෙ දෙවින්ට හයියක් වෙන්න ඕනි නිසා.ටිකකින් ඇස් දෙකත් රතු කරංම දෙනෙත් දිහා බැලුව දෙවින් දෙනෙත්ගෙ ඇස් වල තමන්ගෙ ඇස් පටලෝගත්තා.

"මාව අතඅරින්නෙ නෑ නේද බබා?"

"මම? හහ්!"

දෙනෙත් දෙවින්ගෙ කම්මුලක් අතගාලා ලාවට හිනා වුණා.

"ඔයා වෙනුවෙන් මම ලඟතියෙන හැමදේම අතාරින්න උනත් මම ලෑස්තියි දෙවින්!"

දෙනෙත් කියද්දි දෙවින් කලේ දෙනෙත්ගෙ පපුව උඩින් තමන්ගෙ තොල් තද කල එක.

"මට මාව පරිස්සම් කරගන්න බැරි උනාට මට ඔයාව පරිස්සම් කරන්න පුළුවන් දෙනෙත්"

දෙවින්ගෙ ඇස් වල තිබ්බ බැල්ම දරාගන්න බැරි උනු දෙනෙත් දෙවින්ගෙ තොල් තමන්ගෙ තොල් අතරට හිර කරගනිද්දි ටිකකින් දෙනෙත්ගෙන් ඈත් වුණු දෙවින් දෙනෙත්ගෙ ඇස් වලට එබුණා.

"බ්...බබා...."

"ඕ දෙව් කියන්න....බලන්න ඇසුත් රතු වෙලා"

"ම්....මට අද උනු දේවල් අමතක කරන්න ඕනි....මගෙ ඔලුව පැලෙන්න වගේ"

"අපි අමතක කරමු දෙව්....ම්ම්ම්....මම ඉන්නවනෙ ඔයා ලඟ"

"ම්....මට අද ඔයා එක්ක ඉන්න ඕනි දෙනෙත්.....ම්....මට ඔයාව ඕනි"

"ද්....දෙව්...."

"මම ඉන්නෙ හොද සිහියෙන්....ප්ලීස්....අද මේ විදියට මම නිදාගත්තොත් හෙට එලි වෙද්දි මාව මැරිලා තියෙයි"

"දෙව්....ඒ....ඒත්....."

"ප්....ප්ලීස්ස්.....m....make me yours බබා...."

"Ok....Lets make love,my දෙව්"

දෙනෙත්ව ඇඳේ ඇලකෙරුව දෙවින් හෙමින් සැරේ නැවිලා දෙනෙත්ගෙ දෙතොල් සිප ගනිද්දි දෙනෙත් ආපිට පෙරලලා දෙවින්ව සිපගත්තා.දෙනෙත්ගෙ දෙතොලෙන් මිදිලා හෙමින් සැරේ ගාණට හැදිලා තිබ්බ දෙනෙත්ගෙ බෙල්ල,පපුව ලගින් දෙවින්ගෙ තොල් පහල බහිද්දි තවත් දරන්න බැරි උනු දෙනෙත් දෙවින්ව පෙරලගෙන දෙවින්ගෙ ඇඟ උඩට ඇවිත් දෙනෙත්ගෙ අත් දෙක උඩට කරලා අල්ලගෙන සරාගී විදියට දෙවින්ට ඇහැක් ගැහුවා.

සිප ගැනීම්,කෙඳිරීම්,වින්දනාත්මක මිමිණිලි එක්ක දෙනෙත්ගෙ කාමරේ බිත්ති හතර හැඩ වෙද්දි ඉලන්දාරි දෙන්නෙක් වැඩිහිටියො වෙමින් උන්නු මේ අනුරාගික මොහොත දරන්න බැරි උනු නුවර අහස හෙමින් සැරේ හඳ එලිය තමන්ගෙ අස්සෙ හංගගනිද්දි වලාකුළු අස්සෙ හැංගුණු හද දිහා බැලුව තරු කැට කෝල හිනා පෑවා.

...................................................................................................

වචන 6000+❤️

දෙන්නෙක් වැඩ ඇල්ලුවා හර්තේ🌚❤️

බබාලා අදත් අදහසක් දීගෙන යන්න.....

වැරදි අඩුපාඩු තියේනම් කියලා දෙන්න❤️ මම ආසයි එව්වා හදාගන්න❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter