Back
/ 107
Chapter 85

84 කොටස🤍✨️

නිවාලන්න මා...

"දෙවිනා මේ ආපංකෝ...."

"ඕ ආසව කියපංං...."

"උඹ දන්නවද මට මේ ලෝකෙ වැඩියෙන්ම වටින දේ?"

"ඇට දෙක?"

"නෑ හු#තො! නේත්‍ර....කවුද....නේ....ත්...ර"

"ආ....නේත්‍ර....හරි හරි"

"ඒත් ආසව චූචියව බදින්න ඉන්නෙ මම....කවුද? දි...වා...ස..."

"උබව මරනවා පොඩි බල්ලා! තෝ පුංචි හින්දා ගහන්නැත්තෙ මම"

"දෙව් මේ බලන්න....අර පියාඹන පත්තෑයා....අරි ඌර්තල් නේද?"

"නේත්‍ර තරම්....පත්තෑයෙක්වත් ඌර්තල් නෑ යකෝ!!!"

"අනේ නවත්තගනිල්ලකො!!! අන්තිමට මෙතන සිහිය තියෙන මිනිහෙක්ට ඉතුරු උනේ මම!!!"

තෙවින් තමන්ගෙ ඔලුව පොල් ගහක ගහගෙන ගහගෙන යද්දි තත්පර ගාණකට නිහඬ උනු අනික් හතර දෙනාම තෙවින් දිහා බලලා ආයෙමත් මහ හයියෙන් බෙරිහන් තිය තිය හිනාවෙන්න ගත්තා.හතර දෙනා? දිවාෂ කොහෙන්ද මෙතනට?

නේත්‍රව දිවාෂලාගෙ ගෙදර නැවැත්තුව ආශව තෙවින් එක්ක පිටත් වෙලා ගියාට පස්සෙ නේත්‍රයි දිවාෂයි දෙන්නා කතාවක් බල බල කාලෙ නාස්ති කලේ නොනගතේ වෙලාවට වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසා.අන්තිමට නේත්‍රලාගෙ ගෙදර ගිහින් පොත් කියවන්න තීරණේ කල දිවාෂයි නේත්‍රයි ගෙදර දොර අගුළු දාලා නේත්‍රලාගෙ ගෙදෙට්ට යන්න පිටත් උනේ අම්මලා හැමෝම පන්සල් ගිහින් උන්නු නිසා.දිවාෂගෙ පුට් සයිකලේ නැගලා නේත්‍රලාගෙ ගෙදර ගිහින් දොරවල් එහෙම වහගෙන නේත්‍රගෙ කාමරේ ඇඳ උඩට උනු ඉලන්දාරි දෙන්නා පොත් දෙකක් කියවන්න ගත්තා.අතරින් පතර කරන විහිලු තහළු,බඩගිනියි කියලා දිවාෂ කරන කෑ ගැහිලි,නේත්‍රගෙ හිනා සද්ද එක්ක ගත කල වෙලාවට පුංචි බාධාවක් උනේ දිවාෂගෙ දුරකථනයට ආව ඇමතුමක් නිසා.

"මේ ඇයි දන්නෑ?"

"ඇයි දිවාෂ?"

"දෙනෙත් අයියා වීඩියෝ කෝල් එකක් ගන්නෙ...බලමු ඇයි දන්නෑ"

නේත්‍ර මොකවත් කියන්න කලින් ඇමතුමට සම්බන්ධ වුණු දිවාෂ දුරකථන තිරේ දිහාට එබිලා බැලුවෙ ඒක හොදටම කළුවර උනු නිසා.එකපාරටම කහපාට එලියකින් තිරේ ආලෝකමත් වෙනවත් එක්කම මතින් වැනෙන දෙනෙත්ගෙ මූණ කෑ ගහගෙන තිරයට ලං වෙද්දි දිවාෂයි නේත්‍රයිත් මරහඬ තලලා කෑගැහුවා.හොල්මනක් වගේ දත් ටිකත් එලියෙ දාන් හිනා උනු දෙනෙත් තිරේට තොල් තද කරලා හාද්දක් දෙද්දි දිවාෂයි නේත්‍රයි එක ඇහැක් පියං එක ඇහැක් ඇරං හරි අමාරුවෙන් දෙනෙත් දිහා බලන් හිටියා.

"අනේ ම්...මගෙ පැංචො දෙන්නා...උම්මා උම්මා උම්මා!"

"ඔයාලා ඔය බොනවද දෙනෙත් අයියෙ? ඔය කැලයක් අස්සෙ රිංගුවද?"

"සිං.....හ....රා....ජේ....ඉන්නෙ"

"පේනවා පේනවා....කෝ තව කවුද ඔතන ඉන්....හත්තිකේ අර ආසව මොකද පොල් කොලයක් අතට අරං තනියම කියවන්නෙ!!!"

"සුදුබේබි!!!!"

"ම්...මචං නේට්ටගෙ කටහඩ ඇහුනනෙ....කෝ?"

නේත්‍රගෙ කටහඩ ඇහෙනවත් එක්කම පොල් කොලේකට ඇගිල්ල දික් කර කර මොනාද කියෝ කියෝ හිටිය ආශව උඩ බිම දකුණ වම ඔක්කොම බලන්න ගනිද්දි නේත්‍ර ඔලුවෙ අත ගහන් ආශව දිහා බලන් හිටියා.තත්පර ගාණක් ඇතුලත වෙන දේ තේරුම් ගත්තු දිවාෂ ලොකු හුස්මක් පහලට දාලා කතා කරන්න ගත්තා.

"ඔතන සිහියෙන් ඉන්න එක මිනිහෙක්වත් නැද්ද? දෙයියනේ අර දෙවින් පණව අල්ලගන්න!!! ඔලුවෙන් හිටගන්නද කොහෙද යන්නේ!!!!"

"දෙව්...දෙව්ට හොදට බැලන්ස් වෙන්න පුළුවන් පැටියො....බය වෙන්න එපා....එ...එයා දක්සයි.....මොකද්ද ? ද....ක්...ස...යි!!!"

"උබලා ඔක්කොමල්ලා හෙට උදේ මගෙන් කනවා ගුටි අයියෙ!!!! කොහෙද ඉන්නෙ කියපල්ලකො!!! ඔතන සිහියෙන් නැද්ද එකෙක්වත්!!!"

"මම සිහියෙන් යුගාන්....මටත් එපා වෙලා ඉන්නෙ"

දෙනෙත්ගෙ දුරකථනෙට කට ලං කරලා කිව්ව තෙවින් ආයෙම ඔලුවට අතක් ගහන් ලගම තිබ්බ පොල් ගහෙන් ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගත්තා.

"ආ! ඔය කතා කලේ බේබද්දා! කොහෙද ඉන්නෙ කිය....තෙවින්!!!! ලොකේශන් ශෙයා කරපං මට!"

දිවාෂට කොහොමත් බය තෙවින් දිවාෂ කිව්ව විදියටම තමන් ඉන්න තැන දිවාෂට එව්වට පස්සෙ තොප්පියක් දාන් ඉණට පිහියකුත් ගහගත්තු දිවාෂ අත් දෙකට නේත්‍රගෙ පවුඩර් බෝතලෙන් ටිකක් හලාගෙන අත් දෙක එකට කරලා අත්පුඩියක් ගහන ගමන් ඒ පවුඩර් ධූමය අස්සෙන් පේන නේත්‍ර දිහා අමුතු ගැම්මක් ආරූඪ කරගෙන බැලුවා.

"චූචියො....මම යනවා.ඔයා දොරවල් ලොක් කරං ඉන්න.අර බේබද්දො ටිකව මෙහෙට එක්කන් ඇවිත් කතා කරන්නම් මම.එතකං එලියෙ මිනිහෙක් මැරෙන්න ලං වෙලා වගේ කෙඳිරි ගෑවත් දොර අරින්නෙපා"

"හා දිවාෂ....මමත් එන්නද?"

"ඕන්නෑ.තෙවින් හොද සිහියෙන්නෙ කතා කලේ.අරුන් තුනව අපි අරං එන්නම්.මෙතන ඉදලා එහෙ වත්තට ශෝට් කට් එකක් තියේ නේද?"

"ඔව් දිවාෂ...වෙල ලගට හැරෙන තැන තියෙන්නෙ....එතනින් දකුණට දාලා යන්න තියෙන අඩිපාරෙ.කෙලින්ම ගිහින් වැටෙන්නෙ සිංහවංශ මහත්තේලෑ පොල් වත්ත මැද්දට"

"හරි චූචියො....ඔයා දොර ලොක් කරගන්නකො"

ඔන්න ඔය විදියට පිටත් උන දිවාෂ,නේත්‍ර කිව්ව අඩිපාර දිගේ ආශවලා හිටිය වත්තට කිට්ටු උනා.ඈතින් පේන කහපාට එලියටම ඇස් දෙක තියාගෙන ඉදිරියට ඇදුනු දිවාෂ ඉලන්දාරි හතර ඉදන් හිටිය පැදුර ලගට ගිහින් හිටගනිද්දි දෙවිනුයි දෙනෙතුයි දිවාෂ දිහා බලන් බයෙන් කෑගහන්න ගත්තා වගේම තෙවින් පැනලා දිවාෂව බදාගත්තා.ආශව නම් දිවාෂ දිහා බලලා ගාණකටවත් නොගෙන අතේ තිබ්බ පොල් කට්ටට රා ටිකක් වත් කරගෙන බොන්න ගත්තා.

"අනේ යුගාන් මාවත් අරං ගෙදර යන්නකො"

"අනේ මේ ඉදපං මෙතන කුමාරිහාමි නොවී....උබේ කටිනුත් එන්නෙ ඔය රා ගඳ හොදට....මුන් ටිකට මෙච්චර වෙරි වෙලා උබට විතරක් කොහොමද සිහිය තියෙන්නෙ?"

"ගහන්නැත්තං කියන්නං යුගාන්"

"ගහන්නෑ....කියපංකො"

"මම යූස් කල එව්වගෙ හැටියට මෙව්වා වතුර වගේ අනේ....වදින්නෑනෙ එහෙම හොදට"

"උඹට මම!!!"

"ගහන්නෑ කිව්වා යුගාන්! හැබැයි උඹ ගැහුවොත් මම අතන තියෙන ලිඳට පයිනවා!"

ලග තිබ්බ පොල් හනස්සක් අතට ගත්තු දිවාෂ ඒක උස්සද්දිම කකුලත් පොලවෙ ගහලා බෙරිහන් දුන්නු තෙවින් දිහා බලලා කලකිරීමෙන් ඔලුව දෙපැත්තට වැනුව දිවාෂ ඉතුරු තුන දිහා බැලුවා.

"මෙයාලව දැන් අරං යන්නෙ කොහොමද? එකාව එකාව තමා උස්සන් යන්න වෙන්නෙ?"

"ඔව්....අපි පයින්නෙ ආවෙ"

"පැයිඥ්ඥෙ ඈවෙ චමා....උඹ ගිහින් කා එක අරං ඇවිත් නේත්‍රලාගෙ ගෙදෙට්ට පිටිපස්සෙ පාර තියෙන්නෙ...එතනින් නවත්තන්න.පස්සෙ මේ එකා එකා පටෝමු.නැත්තං කොහොම කරන්නද?"

"හා යුගාන්....අනේ යුගාන් අහන්නකො"

"ඒ ගමන මොකද!"

"කළුවරේ තනියම යන්න බෑ අනේ....ඔයත් යංකො"

"මගෙන් කුණුහරප අහගන්න එපා තෙවින්! දුවලා පලයං...ශෝට් කට් එකක් තියෙනවා නේත්‍රලාගෙ ගෙවල් ලග ඉදලා.ඒක දන්නවනෙ?"

"නෑනෙ"

"එහෙනම් වටෙන්ම පලයං මගුල"

"කොහොමද යන්නෙ කියන්නකො....අමාරු පාරක් නෙවේනම් එහෙම යන්නම්.මෙතන වටේ වැඩියි අනේ"

තෙවින්ට පාර පැහැදිලි කෙරුව දිවාෂ තෙවින් අඩිපාර දිගේ දුවං යන හැටි බලාගෙනම පැදුර උඩ ඉදගත්තා.තනියම කියෝන ආශවයි,වැඩිහිටි දර්ශනයක් පෙන්නන්න ඔන්න මෙන්න ඉන්න දෙවිනුයි දෙනෙතුයි තුන් දෙනාම දිවාෂට පෙනුනෙ බබාලා තුනක් වගේ.මෙයාලා මෙච්චර ආසාවෙන්,විශේෂයෙන්ම මත්පැන් කටේ තියන්නැති ආශව මෙහෙම බිව්ව රා ටිකක් තමනුත් බීලා බලන්න ඕනි කියලා දිවාෂට හිතුනා.අමද්‍යපයි කියලා දැඩි ප්‍රතිපත්තියක ඉන්න දිවාෂ රා ටිකක් බොන්න ඕනි නිසා ප්‍රතිපත්තිය ටිකක් ලිහිල් කලා.

"බ්වෑක්කා"

කටට ගත්තු රා වලින් දැනුනු ඇඹුල් මිශ්‍රිත කටුක රහ නිසා ඒ ටික එහෙම්මම බිම හැලුව දිවාෂ ආයෙමත් උගුරක් බොන්න ගත්තා.පොල් කට්ට හිස් වෙද්දි දිවාෂත් හොද පදමට මත් වෙන්න අරං තිබ්බෙ මේක දිවාෂගෙ පලවෙනිම පාර නිසා.වාහනේ නේත්‍රලාගෙ ගෙවල් වලට පිටිපස්සෙ පාරෙ නවත්‍තලා ආව අසරණ තෙවින් ආයෙමත් කට්ටිය ඉන්න තැනට එද්දි වෙන්න ඕනි ඔක්කොම දේවල් ටික වෙලා ආශවයි දිවාෂයි කෙහෙවළු පටලෝගෙන ගහගන්න ගමන් හිටියා!

"දැන්වත් යමල්ලකෝ....."

"බ්වෑ...."

"මචං තෙවින්....මේ අහපං....මට උඹට කියන්න දෙයක් තියෙනව"

"ආශව බලාගෙන වැටෙයි උඹව"

"න්...නෑ නෑ නෑ....මේ...මේ ආසව වැටෙන්න? හහ්! ආසව වැටෙන්නෑ! වැටුනත් ආසවව අල්ලගන්න මගෙ නේත්‍ර ඉන්නවා"

"හරි දැන් කියන්න තිබ්බ එක කියපංකො එහෙ....යුගාන්! ඔය තණකොල ගොඩ අහකට දානවා!!! ඕක කන්න එපා! යුගාන්!!!"

තණකොල අහුරක් අතට ගලවලා ගත්තු දිවාෂ ඒක තමන්ගෙ කටට දාගන්න හදද්දිම වගේ තෙවින් දිවාෂගෙ අතට ගහලා ඒක අහකට දාලා දිවාෂව උස්සලා අරං තමන්ගෙ උකුලෙන් තියං දිවාෂ වටේට අත් දෙක තද කරගත්තෙ දිවාෂට හෙලවෙන්න බැරි වෙන්න.තෙවින් දිහා ඇසුත් ලොකු කරලා බැලුව දිවාෂ ඊලග තත්පරේ සද්ද බද්ද නැතුව තෙවින්ගෙ පපුවට තුරුල් වෙද්දි අමුත්තක් දැනුනත් ඒ ගැන නොහිතපු තෙවින් ආශව දිහා බැලුවා.

"කියන්න ආශව"

"ම්....මම...මට....මට තව..තවම උබ එක්ක කේන්තියි!"

"සොරි ආශව....ඒ දවස් වල උනු දේවල් වලට"

"මට උඹට මේක කියන්න ඕනි උනා....ඒත් මට කියන්න හිත දුන්නෑ.උඹේ පැත්තෙන් සාධාරණයක් ඇත්....ඇති කියල....හැබැයි දැන් කියන්න පුළුවන් මට...."

"............."

"මොන සාධාරණයක් තිබ්බත් නේත්‍රව දෙන්න බෑ....එයාව අල්ලන්න එපා ආයෙ එහෙම තෙවින්....එයාව තුරුල් කරගන්නත් එපා....න්...නේත්‍ර මගෙනෙ තෙවින්...එයා නැත්තං මට කවුරුත් නෑ මේ ලෝකෙ...ම්...මගෙ ලෝකෙම නේත්‍ර.මගෙ නේත්‍ර.....නේත්‍ර උනත් කැමති නෑනෙ වෙන අය එයාව එහෙම අල්ලනවට කරනවට...මගෙනෙ එයා....ආයෙ එපා තෙවින්...කවදාවත් එපා හොදද....මගෙ හොද යාලුවනෙ ඔයා"

"සත්තයි ආශව....ආයෙ කවදාවත් නේත්‍ර මල්ලිට මගෙන් එහෙම වරදක් වෙන්නෑ"

"කරන්නෑ නේද? පොරොන්දු වෙ...වෙයංකො තෙවින්...මගෙ පපුව පැලෙන්න ආවා එදා"

"පොරොන්දුයි.ආශවට පුළුවන් අයියව වගේම මාව විශ්වාස කරන්න"

තෙවින් කියද්දි සතුටින් හිනාවුණු ආශව තෙවින්ගෙ කරවටේ අතදාන් තෙවින්ව තුරුල් කරගනිද්දිම ආශවව පිටිපස්සට විසික් උනා.

"එයා මගෙ....අල්ලන්න එපා එයාව"

මුකුත් නෑහුනු ආශව ආයෙමත් ගිහින් ඉදගෙන පොල් කට්ටෙ ඉතුරු වෙලා තිබ්බ රා ටික බොන්න ගනිද්දි තෙවින් බලන් හිටියෙ දිවාෂ දිහා.දැන් දිවාෂ කිව්ව වචන ටික ගැන තෙවින්ට හිතාගන්න බැරි උනා.ආයෙම දිවාෂ වෙරිමතින් කියෝනවා ඇති කියලා හිතපු තෙවින් නැගිට්ටෙ එකාව එකාව අරං යන්න හිතාගෙන.මේ වෙලාව වෙද්දි එකපාරක් වමනෙ ගිය දෙනෙතුත් යම් මට්ටමකට හරි සිහියකට ඇවිත් හිටියා.තෙවින් තරම් පැහැදිලි මනසකින් නොහිටිටත් දෙනෙත් යම් මට්ටමකට ස්ථාවර වෙලා හිටියා.

"දෙනෙතෝ!!!! උඹ අද හවසත් එනවත!!!!"

"ක්...කෑ නොගහා යමං දෙව්"

"දෙනෙතෝ!!!!! උඹ මා තනිකර යනවත!!!!"

"නෑ නෑ යං"

"දෙනෙතෝ!!!!! තව එක බැල්මක් දෙනවත!!!!"

"බලං....ඉන්නම් ග්...ගෙදර ගියාම...ඔය හුත්! වැටෙනවා දැන් අපි දෙන්නම"

"දෙනෙතෝ!!!! උඹයි ආලෙ මාගේ.....හරිත!"

"හා හා"

"ආකාසයෙන් ආ දෙනෙත්....දෙව්පුතෙක්ගෙ වන් රූපේ මාගේ!!!! දෝරේ ගලයි ආතරේ!!!! ඌඌඌඌඌඌඌඌඌ....මේ රැය නුඹ මා ලග නැති හන්දා.....නුඹ ගැන මතකය සිහිනෙක රන්දා....මා තනියම වින්දේඒඒඒඒඒඒඒඒ...මා තනියම වින්දේඒඒඒඒඒඒ!!!"

"බොරු නොකියා ඉන්න දෙව්!!! තනියම වින්දානම් දෙන්නටම වෙරි උනේ කොහොමද?"

"ඔයා එන්න අපේ ගෙදර...එන්න එන්න....දුකයි දුකයි දුකයි...ආදරෙයි ආදරෙයි ආදරෙයි"

"ඈක්කා අයියෙ....දෙනෙත් මේ යතුර මගෙ උඩ සාක්කුවෙ...ගන්නකො.මම දෙන්නවම එල්ලගෙනනෙ මගෙ දෙපැත්තෙ"

තමන්ගෙ අයියා හැසිරෙන විදියට කටත් ඇදකෙරුව තෙවින් යතුර දෙනෙත්ට ගන්න කියද්දි යතුර ගත්තු දෙනෙත් ගිහින් වාහනේ පිටිපස්සෙ දොර ඇරලා දෙවින්ව ඒක ඇතුලට දාද්දි තෙවින් දිවාෂවත් දෙනෙත්ගෙ අතට දුන්නා.දෙන්නවම ඇතුලට දාලා දොරවැහුව දෙනෙත් ආශවගෙ අනික් පැත්තෙන් අල්ලගත්තෙ ආශවට මේ වෙද්දි ඇවිදින්න පවා අමාරු වෙලා තිබ්බ නිසා.

"නේත්‍ර මල්ලි! නේත්‍ර මල්ලි....දොර අරින්නකො"

"............"

"මම තෙවින් අයියා....ආශවව එක්කන් ආවා...ආශවයා! කොහෙද දුවන්නෙ!"

"මගෙ නේට්ට!!!!!"

අවකාශය ඉව කර කර හිටිය ආශව,නේත්‍ර දොර අරිනවත් එක්කම තෙවින්ලවත් තල්ලු කරලා දාලා දිව්වෙ ගෙදර එහා පැත්‍තට.එතන සරුවට වැඩිල තිබ්බ ගැටපිච්ච වැල් ගොල්ලට පැන්න ආශව ගැටපිච්ච ගාල අල්ලලා බදාගෙන අර කොලවලටයි මල් වලටයි හාදු දෙන්න ගත්තා! ආශව කරන වැඩේට තෙවින්ට හිනා යද්දි තාම මත් ගතිය හොදටම පහ වෙලා නොතිබ්බ දෙනෙත් මිදුල මැද්දෙ බිම ඉදගත්තා.ගැටපිච්ච මල් ගාල ලගට ගිය නේත්‍ර ආශවගෙ අතින් අල්ලලා ආශවව නැගිට්ටෝගනිද්දි කටේ ගැටපිච්ච කොලේකුයි මලකුයි ඔබන් හිටිය ආශව නේත්‍ර දිහා අඩවන් උනු ඇස් වලින් බැලුවෙ කට බෙරි කරගෙන.

"නේත්‍ර මේ වගේ තිත්ත නෑනෙ"

"සුදුබේබි මම මෙතන"

"මගෙ නේත්‍ර!"

ආශව පැන්න ගමන් නේත්‍රව තුරුල් කරගනිද්දි නේත්‍ර ආශවව පරිස්සමට අල්ලගත්තා.හුග වෙලාවක් මගහැරුනු නේත්‍රගෙ සුවද විදින ගමන් ආශව ඇස් දෙක පියාගනිද්දි ආශවගෙ ඇඟේ බර දරාගෙන නේත්‍ර ආශවගෙ කොණ්ඩෙ අතරින් තමන්ගෙ ඇඟිලි පරිස්සමට අරං ගියා.

"මට හුඟාක් මතක් උනා නේත්‍රව"

"මම හිටියෙත් පාළුවෙන් සුදුබේබි නැතුව"

"ම්හ්හ්හ්"

"ගේ ඇතුලට යං සුදුබේබි..."

ආශවව වත්තං කරගෙන කාමරේට අරං ගිය නේත්‍ර ආශවව ඇදෙන් හාන්සි කරවලා එලියට ආවෙ තෙවින්ලට සමුදෙන්න.

"අපි යන්නම් මල්ලි....ආශව වමනෙ දායි සමහරවිට.එහෙම උනොත් පුළුවන් නේද බලාගන්න"

"පුළුවන් අයියෙ.අයියලා පරිස්සමින් යන්න.දිවාෂට කොහොමද අවුලක් නෑ නේද?"

"නෑ මල්ලි....අවුලක්නම් නෑ වගේ"

"කෝල් කල වෙලේ මට හිතාගන්නත් බැරි උනා.දිවාෂත් මීට කලින් මුකුත් යූස් කරලා නෑ තෙවින් අයියෙ.පොඩ්ඩක් එයාව පරිස්සමින් බලාගන්න"

"මම යුගාන්ව ප....පරිස්සමින් බලාගන්නම්.ඔයා ගේ ඇතුලට ගිහින් දොර වහගන්නකො"

"හරි තෙවින් අයියෙ.බුදු සරණයි"

"බුදු සරණයි නේත්‍ර මල්ලි"

නේත්‍රගෙ ඔලුව අතගෑව තෙවින් කඩුල්ල ලඟට ගිහින් බලන් ඉද්දි නේත්‍ර ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා.ඒත් එක්කම නේත්‍රට ඇහුනෙ ආශව කෙඳිරිගාන සද්දෙ.දූවලා කාමරේට ගිය නේත්‍ර ආශවව ඉක්මනට නැගිට්ටවද්දි ආශව බඩ අල්ලගෙන දෙතුන් පාරක්ම කැස්සා.ආශව ඔය වගේ කහින්නෙ ඇයි කියලා දන්න නේත්‍ර කලින්ම ලෑස්ති කරලා තිබ්බ පොඩි බාල්දිය ආශවගෙ කට ලගින් තියද්දිම ආශව වමනෙ කරන්න පටන් ගත්තා.

"න්..නේත්‍ර එහාට යන්න"

"මට ප්‍රශ්නයක් නෑ සුදුබේබි.....සුදුබේබි වමනෙ කරන්නකො"

ආශව ලගටම වෙලා ආශවගෙ පිට අත ගගා වමනෙ දාලා ඉවර වෙනකංම ලග හිටිය නේත්‍ර ආශවගෙ අතට වතුර කෝප්පයක් දීලා කට සෝදවලා ඒ වතුරත් අර වමනෙ බාල්දියටම දාන්න කියලා කිව්වට පස්සෙ ආශවව ඇදෙන් ඇල කෙරෙව්වා.පිටිපස්සෙ දොර ඇරගෙන වැසිකිලියට ගිය නේත්‍ර වමනෙ ටික සෝදලා දාලා බාල්දිය ආයෙ ඇතුලට අරං ආවෙ ආශවට ආයෙම උවමනා වෙයි කියලා හිතලා.කලින්ම හදලා තිබ්බ දෙහි බීම එක වීදුරුවකට දාගත්තු නේත්‍ර ආශව ලගට ගිහින් ආශවට වදින විදියට තමන්ගෙ කාමරේ තිබ්බ පුංචි විදුලි පංකාව හරවලා සක්‍රීය කරලා ආශව ලගින්ම ඉදගෙන ආශවගෙ කොණ්ඩෙ අතරින් ඇඟිලි යවන්න ගත්තා.

"සුදුබේබි....."

"ම්හ්...."

"සුදුබේබි මේ දෙහි එක බොන්නකො"

"ඔ....ඔලුව රිදෙනවා නේත්‍ර"

"ඔලුවෙ කැක්කුම අඩු වෙනවලු සුදුබේබි මේක බිව්වම.සුදුබේබිට වමනෙට්බ් ගියානෙ....ඔය මත් ගතිය අඩු වෙන්න මේකත් බොමුකො"

"ම්හ්හ්හ්"

"මම පොවන්නම් සුදුබේබි....කෝ ඇද විට්‍ටමට හේත්තු වෙමුකො අපි"

ආශවව පරිස්සමින් අල්ලගත්තු නේත්‍ර ආශවව ඇඳ විට්ටමට හේත්තු කරවලා දෙහි බීම එක ආශවට පොවන්න ගත්තා.මත් බවින් හිටියත් නේත්‍රගෙ දයාබරත්වය ආශවට හොදටම දැනුනා.සාමාන්‍යෙන් මෙහෙම වෙලාවකට කෙනෙක් කේන්ති ගන්නවා උනත් නේත්‍ර මෙහෙම තමන්ව ආදරෙන් බලාගන්න විදිය දැක්කම ආශවගෙ මත් ඇස් වල කදුළු පිරෙන්න ගත්තා.ආශවට දෙහි බීම වීදුරුව පොවලා ඉවර කල නේත්‍ර ආශවව ඇද විට්ටමේ හේත්තු කරලා තියෙද්දිම එලියට ගියේ තෙත රෙද්දක් අරං එන්න හිතාගෙන.ඒත් නේත්‍රලාගෙ ගෙවල් හරියෙ විදුලිය විසන්ධි වෙද්දි තමන්ගෙ පොත් මේසෙ ලාච්චුවක තිබ්න ඉටිපන්දම් තුනක් අරං පත්තු කරලා කාමරේ තැන් තුනක ඇටෙව්ව නේත්‍ර කුස්සියට ගියා.ටිකකින් පුංචි වතුර කෝප්පයක් එක්ක රෙදි කෑල්ලක් අරං ආව නේත්‍රගෙ ඇස් දෙකට අහු උනේ තමන්ගෙ දුරකථනයෙ තවමත් එලිය විහිදුවන තිරය.

"දෙයියනේ දිවාෂ ගිය වෙලේ ඉදන්ම මේකෙ සිංදු ප්ලේ වෙලාද?"

දිවාෂ එක්ක ගෙදෙට්ට ආව වෙලේ ඉයර් ෆෝන්ස් ගහගෙන අහ අහ හිටිය සිංදු ටික තවම වාදනය වෙන බව දැක්ක නේත්‍ර ඔලුවෙ අතත් ගහන් මේසය ලගට ගියේ ඒක අක්‍රීය කරල දාන්න හිතාගෙන.දිවාෂ ගියාට පස්සෙ කලබලෙන් හිටිය නේත්‍රට දුරකථනය ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබ්බා.වතුර කෝප්පය එක අතක තියාගෙන හිටිය නේත්‍ර ඉයර් ෆෝනයේ සම්බන්ධකය ගලවද්දිම එවෙලෙ වාදනය වෙමින් තිබ්බ සිංදුවෙ සංගීතය මහ හයියෙන් ඇහෙද්දිම නේත්‍රගෙ අතේ තිබ්බ වතුර කෝප්පෙ ගැස්සිලා වතුර ටිකක් නේත්‍ර ඇදන් උන්නු කමිසෙට වැත් කෙරුනා.

"අයියෝ....බඩ හරිය තෙමුනනෙ"

ඔලුවෙ අත ගහගත්තු නේත්‍ර ඉක්මනටම වතුර කෝප්පෙ පැත්තකින් තියලා දුරකථනයෙ වාදනය වෙන ගීතය නවත්තන්න හැදුවත් අතේ තිබ්බ වතුර එක්ක ඒ දේ කරගැනීම අපහසු උනා.වටපිට බැලුව නේත්‍ර ඒ හරියෙ තිබ්බ තමන්ගෙ තුවාය අතට ගත්තෙ අත පිහගන්න හිතාගෙන.තුවාය අතට නේත්‍ර තමන්ගෙ කමිසෙ පපුව හරියට යනකං උස්සගෙන බඩත් පිහින්න ගත්තෙ ඉක්මනටම ආශව ලගට යන්න හිතාගෙන.ඒත් ආශවට පිටුපාලා හිටිය නේත්‍රගෙ ඇස් වලට මග හැරුණා තමන් දිහාට හැරිලා තිබ්බ අඩවන් උනු ගෘංගාරාත්මක ඇස් දෙකක බැල්ම.

මතින් බැමෙමින් හිටිය ආශවගෙ හිත ඇතුලෙන් නේත්‍ර ගැන ගෘංගාරාත්මක හැඟීම් පහල වෙන්න පටන් අරං තිබ්බෙ ඉටිපන්දම් වල හා හඳේ ආලෝකය වැටුනු නේත්‍රගෙ නිරුවත් ඉණ පෙදෙස ආශවගෙ තද දුඹුරු ඇස් වලට අහු උනු වෙලාවෙ ඉදන්.කොහොමත් නේත්‍ර ගැන විතරක්ම හැඟීම් පහල වෙන ආශව වෙන වෙලාවල් වල තමන්ව පාලනය කරගත්තත් මෙවෙලෙ හරි සිහියෙන් නොයිදපු නිසා ඒ හිතුවිලි පාලනේ කරගන්න ආශවට බොහොම අමාරු උනා.අඩවන් උනු ඇස් වලින් නේත්‍ර දිහා බලන් හිටිය ආශව හෙමින් සැරේ ඇඳෙන් නැගිට්ටෙ හිත ඇතුලෙ ගෘංගාරාත්මක ගිනි දළු බුර බුරා ඇවිලෙද්දි.

"ආහ්!!!!"

කමිසෙ පහතට දාලා අනික් පැත්ත හැරෙන්න හදද්දිම නේත්‍රගෙ ඉණ වටේ බැඳුණු ශක්තිමත් අත් වල ග්‍රහණෙ එක්ක නේත්‍රගෙ ඉදිරිපස එතනම තිබ්බ බිත්තියට තද උනා.කළුවර ගහන රෑක තට්ට තනියම ගෙදරක උන්නු නේත්‍රගෙ පිටුපසට තද වෙලා හිටිය ආශව ගැඹුරු හුස්මවල් නේත්‍රගෙ කන ලගින්ම පිට කරමින් හිටියා.ආශවගෙ හුස්මවැල් එක්ක නේත්‍රගෙ ඇස් පියවෙද්දිම නේත්‍රට කෙඳිරිගෑවුනේ ආශවගෙ තෙත තොල් තමන්ගෙ කන් පෙත්තක් ස්පර්ශ කරනවත් එක්ක.නේත්‍රගෙ කන් අසලම ගැඹූරු හුස්ම පිට කල ආශව නේත්‍රගෙ කන් පෙත්තක් තමන්ගෙ තොල් අතරට අරං තෙත් කරන්න ගනිද්දි නේත්‍රගෙ දුරකථනයේ ගීතය ආරම්භ වෙලා තිබ්බා.

"මධු චන්ද්‍ර යාමේ මෝදු වේ....."

.

.

.

.

.

"යුගාන්"

"ම්හ්හ්හ්"

"යුගාන්....මේ බීම එක බොන්නකො....ඔයාට අමාරුයි ලමයො.දැන් දෙපාරක්ම වමනෙ දැම්මනෙ"

"එ...ප්..පා..."

"යුගාන් මේක බීපං හරිද! නැත්තං මම යනවා යන්න උඹව මෙතන දාලා!"

"ම්...මාව දාලා යන්න පුලුවන්ද?"

"උඹ මේක බිව්වෙ නැත්තං යනවා"

"යන්න එ...එපා.මම බොන්නම්"

තෙවින්ගෙ ඇඳේ කොනටම වෙන්න ගුලි ගැහිලා උන්නු දිවාෂ තෙවින්ගෙ කමිස කොණක් අල්ලගෙන කියද්දි තෙවින් ගල් ගැහිලා වගේ දිවාෂ දිහා බලන් හිටියා.දිවාෂ දිහා ටික වෙලාවක් බලන් හිටිය තෙවින් ලොකු හුස්මක් පහල දාලා දිවාෂව උස්සලා ඉන්දෝගෙන දෙහි එක පොවන්න ගනිද්දි දිවාෂ පූස් පැටියා වගේ ඇස් වල කදුළුත් පුරවන් එක හුස්මට දෙහි එකම බීලා ඉවර උනා.ඕක පෙව්ව ගමන් ඇඳේ ඇලකරවන්න හොද නැති නිසා දිවාෂව ඇද විට්ටමට හේත්තු කල තෙවින් වීදුරුව තියන්න යන්න නැගිටිද්දි දිවාෂ තෙවින්ගෙ අතින් අල්ලගත්තා.

"යන්නෑ කිව්වනෙ...මම ඔක්කොම බිව්වා"

"වීදුරුව තියලා එන්නම් යුගාන්....ඔහොම ඉන්නකො.මම කොහෙ යන්නද?"

දිවාෂගෙ කොණ්ඩෙ ඇවිස්සුව තෙවින් ගිහින් වීදුරුව තියලා දිවාෂ ලගට එද්දිනුත් බිමට වැටෙන්න වගේ ඇඳ උඩම වැනි වැනී හිටිය දිවාෂ තෙවින් දිහා බලලා හිනා උනා.දිවාෂගෙ හිනාව ඒ හැටි ලොකුවට නොගත්තු තෙවින් හිනාවෙවීම දිවාෂගෙ එහා පැත්තෙන් ඇඳට නැගලා කොට්ටෙන් ඔලුව තියාගත්තා.ඒත් එක්කම තෙවින්ගෙ කම්මුලට දැනුනෙ සීතල අතක ස්පර්ශයක්.

"ය්....යුගාන් ඇයි?"

"ඇයි කියලා අද කියන්නම්!"

"යුගාන්!!!!"

තෙවින්ගෙ කම්මුල අතගෑව දිවාෂ තෙවින්ට හිතන්නවත් කාලයක් නොදී තෙවින්ව පෙරලගෙන තෙවින්ගෙ ඇඟ උඩට ආවා.එකපාරටම උනු දේ හිතාගන්න බැරි උනු තෙවින් ඇසුත් ලොකු කරං දිවාෂ දිහා බලන් ඉද්දි තෙවින්ගෙ අත් දෙක දෙපැත්තට කරලා ඇඳට තද කෙරුව දිවාෂ තෙවින්ගෙ ඇස් දිහාම බලාගෙන තෙවින්ගෙ කන ලගට පාත් උනා.

"තෙවින් දන්නවද? මගෙ ගැස්ට්‍රයිටිස් ප්....ප්‍රශ්නෙට මම උත්තරයක් හොයාගත්තා කියල"

"යුගාන් බේත් ගත්තද? හරි ඉතින් ඇඟෙන් බහින්නකො.අපි ඉදගෙන කතා කරමු"

"බෑ....එව්වා නැගගෙන කතා කරන්න ඕනි දේවල්"

"එහෙනම් කිය....යුගාන්! ඔයාට තාම වෙරි! බැලන්ස් නෑ ඔයා"

"ශ්.....මට ඒක කියන්න හයියක් ආව වෙලේ මම ඒ දේ කියන්න හදන්නෙ"

"යුගාන් මොකද්ද...."

"අහන් ඉන්නවද තෙවින්....ප්ලීස්....."

තෙවින් බලාගෙන හිටියා.දිවාෂගෙ අමුතු හැසිරීම මත් බව නිසා කියලා හිතලා පැත්තකට දාන්න උත්සාහ කලත් දිවාෂගෙ අඩවන් උනු ඇස් අස්සෙන් මත් බවකට වඩා එහා ගිය හැඟීමක් තෙවින්ට දැනෙන්න ගත්තා.අනික් අතට තමනුත් දිවාෂ වගේම පිරිමියෙක්.මෙතන ඉන්නෙ දිවාෂ ආදරේ කරන ගෑනු ලමයෙක්නම් දිවාෂගෙ හැසිරීම මෙහෙම වෙන එක සාමාන්‍ය වෙන්න පුළුවන් උනත් පිරිමියෙක් ඉස්සරහම මේ විදියට හැසිරෙන එක සෑහෙන්නම හිතිය යුතු දෙයක් කියලා තෙවින් කල්පනා කලා.නොහිතියයුතු දේවල් පවා තෙවින්ට හිතෙන්න ගනිද්දි තෙවින් ඇත්තටම බය උනා.

"තෙවින්ව දැක්ක දවසෙම මට දැනුනෙ අමුතු හැඟීමක්....කා ගැනවත් නොදැනුනු.එහෙම අමුතු හැඟීමක් දැනිලවත් නොතිබ්බ සහරා කාන්තාරෙ වගේ මගෙ හිතට තෙවින් ගැන ඇති උනු හැඟීම වතුර බිංදුවක් වගේ....මරියානා ආගාධෙට ඇදෙන පත්තෑයෙක් වගේ මම දවසින් දවස තෙවින් දිහාට ඇදෙන්න ගත්තා"

තෙවින්ට හිනා ගියේ දිවාෂගෙ මේ අමුතු ආකාරයේ උපමා නිසා.හිනා වෙන තෙවින්ගෙ මුණ ලගට එක අතක් ගෙනාව දිවාෂ ඒ අත හෙමින් සැරේ තෙවින්ගෙ කම්මුලකින් තියද්දි තෙවින් තමන්ගෙ නිදහස් උනු අතින් දිවාෂගෙ ඉණ අල්ලගත්තෙ සමබරතාවයක් නැතුව දිවාෂ දෙපැත්තට වැනෙන නිසා.

"ම්....මම මේ ලෝකෙ දැක්ක ලස්සනම හිනාව තියෙන්නෙ තමුසෙට තෙවින්! විදුරුමස් ටික පේන්නම හිනා වෙන තමුසෙගෙ හිනාව දකින දකින වාරයක් ගානෙ මේ අසරණයට ගෑස් වැඩිවෙනවා කියලා උඹ දැනන් හිටියද? නෑනෙ?"

"නෑනෙ....යුගාන් දැන් නිදාගන්නකො.ඔයාට වැඩියි තාම"

"නෑ....දැන් තමා මම හරි ගාණට ඉන්නෙ.අහගනින් ඒ නිසා පගයෙක් නොවී!"

තෙවින්ගෙ කම්මුලක් සිනිදුවට අතගෑව දිවාෂ මුමුණද්දි තෙවින් අහේතුකවම රතු වෙන තමන්ගෙ කම්මුල් දෙක හංගගන්න විදියක් නැතුව ඇස් දෙක තද කරලා වහගත්තා.

"ඒ....ලමිස්සි මගෙ"

"අනේ මේ යුගාන්!"

"අහපං....."

"ම්ම්ම්ම්ම්"

"දවසින් දවස ඒ හැඟීම මොකද්ද කියලා මම තේරුම් ගන්න උත්සාහ කලා....හැමවෙලේම උඹ ගැන හිතෙන්නෙ ඇයි? උඹව පරිස්සම් කරන්න හිතෙන්නෙ ඇයි? උඹව හරි මාර්ගෙ අරං යන්න හිතෙන්නෙ ඇයි? උඹ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න හිතෙන්නෙ ඇයි....අන්තිමට මම කෙනෙක්ව හම්බෙන්න ගියා....ගීන් ඇහුවා....ඇයි මට එහෙම හිතෙන්නෙ කියලා.එයා උත්තරේ දීලා මට ඒ ගැන තව හිතන්න කියලා කිව්වා....."

"නිදාගන්න යුගාන් දැන්"

"ඌ උත්තරේ ගැන මම හිතුවා....අන්තිමට මටත් දැනුනෙ ඒක ඇත්තක් කියල"

"........."

"ත්....තෙවින්...."

"ම්ම්ම්ම්...."

"නයා හුඹහට ආදරේ කරනවා වගේ....පලගැටියා ලාම්පු එලියට ආදරේ කරනවා වගේ....බූරුවා මකරට ආදරේ කරනවා වගේ....ඌරා කුණු වලට ආදරේ කරනව වගේ....පූසා කුප්පමේනියා වලට ආදරේ කරනවා වගේ...හරකා පිදුරු වලට ආදරේ කරනවා වගේ...ගොම කුරුමිණියා ගොම් බෙට්ටට ආදරේ කරනව වගේ....රටම මයින්ද මාත්තයට ආදරේ කරනවා වගේ....මමත් ආදරෙයි....දිවාෂ තෙවින්ට ආදරෙයි"

"ය්...යුගාන්.....ම්...මොනවද...."

"මම ආදරෙයි තෙවින් ඔයාට....මම ඒක ටික කාලෙකට කලින් තේරුම් ගත්තා"

"............"

"තමුසෙ මට ආදරේ කලත් නැතත්...ම්...මම තමුසෙට....ආ...ද...රෙ..යි....හු...ගාක්...ආද..ර්.....ර්‍ර්......ර්‍ර්‍ර්...."

"යුග්....ආහ්....නින්ද ගියාද?"

අන්තිමට තෙවින්ගෙ නලල උඩින් තමන්ගෙ තොල් තද කරං ආදරෙයි කියලා මිමිණුව දිවාෂට එහෙම්මම නින්ද ගිහින් තිබ්බා.දිවාෂව උස්සලා අරං ඇදේ ඇලකෙරෙව්ව තෙවින් තමන්ගෙ ගැහෙන පපුවට අතක් තියාගෙන සන්සුන් වෙන්න පුළුවන් තරම් උත්සාහ කලා.එකපැත්තකින් දිවාෂ කිව්ව දේවල් මතක් වෙද්දි,අනික් පැත්තෙන් දිවාෂගෙ අම්මා එදා කිව්ව දේවල් තෙවින්ගෙ ඔලුවට එක දිගටම ගලන් එන්න ගත්තා.කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවාගත්තු තෙවින් කල්පනා කරන්න ගත්තෙ තමන්ගෙ හිතේ දිවාෂ ගැන දැනෙන හැඟීම මොකද්ද කියන එක.ඒ ගැන හිතන්නවත් මනස සන්සුන් නැති නිසා ඒ හැමදේම පැත්තකට කෙරුව තෙවින් තමන්ගෙ එහා පැත්තෙ සද්ද නැතුව නිදන් ඉන්න දිවාෂ දිහා බලලා හිනා උනා.

"ඇහැරං ඉන්නකං චණ්ඩිපාට් දාලා අහිංසකයා වගේ නිදාගන්නවා"

දිවාෂගෙ ඔලුව අතගෑව තෙවින් හිතට ආව මොකද්දෝ මංදා හරි බර හැඟීමක් එක්ක දිවාෂගෙ නලලින් තමන්ගෙ තොල් තද කලා.තෙවින්ගෙ හාද්දට නින්දෙන්ම ලාවට හිනා උනු දිවාෂ තෙවින්ගෙ ඇතිරිල්ලට තව ටිකක් ගුලි වෙද්දි ලොකු හුස්මක් පහල දැම්ම තෙවින් හරි බර මනසකින් තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.

.

.

.

.

.

"ම්හ්හ්"

"නේත්‍ර....මම දිහා බලන්න"

"ම්හ්හ්හ්....ස්...ම්ම්...සුදුබේබි"

නේත්‍රව බිත්තියට තද කරං හිටිය ආශව එකපාරටම නේත්‍රව තමන්ගෙ පැත්තට හරවගනිද්දි නේත්‍රගෙ අතේ තිබ්බ වතුර කෝප්පෙ බිම වැටිලා විසිරිල ගියා.ඉටිපන්දම් එලියෙන් දිලිසෙන නේත්‍රගෙ සුන්දර මූණ දිහා බලාගෙනම ආශව ලස්සනට හිනා උනා.ආශවගෙ මේ අමුතු හැසිරීම එක්ක නේත්‍ර තවම හිටියෙ කලබල වෙලා.සද්දයක් බද්දයක් නැති රෑක,රැහැයියන්ගෙ හඩ විතරක් ඇහෙද්දි හඳ එලියට අමතරව ඉටිපන්දම් වලින් නිකුත් වෙන අඩ ආලෝකයෙන් විතරක් එලිය වෙලා තියෙන පුංචි කාමරයක් ඇතුලෙ තමන් ආදරේ කරන නේත්‍ර තමන්ගෙ අත් වලට හිරවෙලා ඉන්න විදිය ගැන ආශවගෙ හිතේ අමුතු හැඟීමක් උලුප්පද්දි ආශවගෙ උණුසුම් හැසිරීමක් එක්ක නේත්‍රගෙ හිතෙත් අමුතුම විදියෙ හැඟීමක් ගොඩනැගෙමින් තිබ්බා.

"නේත්‍ර...."

"ම්ම්ම්"

"හාද්දක් දෙ...දෙන්නද?"

"හ්ම්ම්ම්"

අසිහියෙන් හිටියත් නේත්‍රගෙ අවසරේ නැතුව ආශවට කිසිම දෙයක් කරන්න ඕනි වුනේ නැහැ.නේත්‍රගෙ අවසරේ හම්බෙනවත් එක්කම නේත්‍රගෙ ඉණ වටේ තමන්ගෙ අත පටලපු ආශව නේත්‍රව තමන්ගෙ ඇඟටම හිර කරගත්තා.අඩ ආලෝකයෙන් පේන නේත්‍රගෙ වෙවුලන තොල් වලට බර වුණු ආශව ඒ තොල් වලට බර වෙද්දි නේත්‍ර වෙනදා වගේම තමන්ගෙ ඇස් දෙක පියාගත්තා.නේත්‍රගෙ තොල් දෙක උඩින් තමන්ගෙ තොල් දෙක යා කෙරුව ආශව හෙමින් සැරේ ඒ තොල් පෙති උරන්න ගනිද්දි පුංචි එකා වෙනදා වගේම ආශවගෙ අත් අතර අඩපණ උනා.එකදිගටම නේත්‍රගෙ තොල් සිපගත්තු ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙලා ඒ පියවිලා තිබ්බ ඇස් දිහා බලාගෙනම නේත්‍රගෙ කකුල් යටින් අතදාලා නේත්‍රව වඩා ගත්තා.ආශවගෙ අනපේක්ෂිත ක්‍රියාවත් එක්ක නේත්‍ර එකපාරටම කලබල උනත් ඒත් එක්කම සන්සුන් උනු නේත්‍ර ආශවගෙ ඉණ වටේ තමන්ගෙ කකුල් දෙක පටලගත්තා.

"ම්හ්හ්හ්"

නේත්‍රව උස්සගෙන ආශව නේත්‍ර එක්කම ඇඳට වැටෙද්දි නේත්‍රට ලාවට කෙදිරි ගෑවුණා.නේත්‍රව හරියට ඇඳෙන් ඇලකෙරුව ආශව එහෙම්මම නේත්‍රගෙ ඇඟ උඩට එද්දි පුංචි එකා ඇසුත් ලොකු කරං ආශව දිහා බලාගෙන හිටියා.මෙච්චර මත් වුණු ඇස් දෙකක් නේත්‍ර මීට කලින් ආශවගෙන් දැකලා තිබුනෙම නැහැ.හිතට පුංචි තිගැස්මක් ආවත් මේ ඉන්නෙ තමන්ගෙ සුදුබේබි,සුදුබේබි තමන්ට කරදරයක් වෙන දෙයක් කරන්නෑ කියන අසීමිත විශ්වාස නිසා නේත්‍ර බය නොවී ආශව දිහා බලන් හිටියා.

"නේත්‍ර දන්නවද? මම මේ ලෝකෙ දැක්ක ලස්සනම පිරිමියා නේත්‍ර"

ආශව කතා කරන ගමන්ම නේත්‍රගෙ නලලෙ ඉදන් තමන්ගෙ මාපටැගිල්ල පහලට ඇදන් යන්න ගත්තා.ආශවගෙ හීතල ඇගිල්ලෙන් දැනෙන ස්පර්ශෙ එක්ක නේත්‍රගෙ ඇඟේ හිරිහඩු පිපෙද්දි ආශව හරි අපූරු රිද්මයකට නේත්‍රගෙ පරිපූර්ණ මුහුණ දිගේ තමන්ගෙ ඇගිල්ල ඇදගෙන යමින් හිටියා.

"මේ ඇස්..."

ඇස් දෙක ලගින් ඇගිල්ල නවත්තගත්තු ආශව නේත්‍රගෙ පියවිලා තිබ්බ ඇස් දෙක උඩින් හාදු දෙකක් තැවරෙව්වා.

"මේ නහය"

නේත්‍රගෙ බොත්තම් නාහෙ උඩින් හාද්දක් තියලා ඒක තොල් වලින් හැපුව ආශව ඊලගට තමන්ගෙ ඇගිල්ල අරං ආවෙ නේත්‍රගෙ කම්මුලකට.

"මේ කම්මුල්"

නේත්‍රගෙ ලා රෝසපාට කොපුල් වලින් හාදු දෙකක් තැවරුව ආශව ඊලඟට ඒ අයිනෙන්ම තොලේ නොගෑවෙන විදියට ඇඟිල්ල අරං ඇවිත් නේත්‍රගෙ තොල යට තියෙන ලපේ ලගින් ඇඟිල්ල නැවැත්තුවා.

"මේ පුංචි මෝල් එක"

ආශව හැමදාම ආසා උනු නේත්‍රගෙ ලපේ උඩින් තොල් තද කෙරුව ආශව හරි සියුම්ව එතන තෙත් කරන්න ගත්තා.ඇති වෙනකං එතන ලෙවකෑව ආශව ඊලඟට තමන්ගෙ ඇගිල්ල නේත්‍රගෙ තොල් දෙක වටේට අරං යන්න ගත්තා.

"ම්...මේ ලිප්ස්"

ආශවගෙ ඇඟිල්ලෙ ස්පර්ශෙ එක්ක නේත්‍රගෙ තොල් ලාවට ඇරෙද්දි ඒ දිහා බලන් ඉන්න බැරි වුණු ආශව නේත්‍රගෙ තොල් වලට නැවිලා නේත්‍රගෙ තොල් ආයෙම වතාවක් සිපගන්න ගත්තා.තත්පර ගාණකින් ඈත් වුණු ආශව නේත්‍රගෙ කනකින් හාද්දක් තියලා හෙමීට දෙයක් නේත්‍රට මිමිණුවා.

"කිස් බැක් කරන්න මැණික"

නේත්‍රගෙ තොල් වලට ආපහු පාරක් නැවුණු ආශව ඒ තොල් සිපගනිද්දි නේත්‍රත් ආපිට තමන්ගෙ තොල් චලනය කරන්න ගත්තා.හාදුව අතරින්ම ලොකු කෙඳිරිල්ලක් පිට කෙරුව ආශව නේත්‍රගෙ කරන හාදුවට ප්‍රතිචාර දැක්වීම එක්ක තවත් ඇවිස්සිලා පුංචි එකාගෙ තොල් දෙකම තමන්ගෙ කට ඇතුලට අරගෙන ආවේගෙන් සිපගන්න පටන් ගත්තා.අද ආශව සෑහෙන්න ආවේගශීලී වුණා.ඒ බව නේත්‍රට දැනුනත් නේත්‍රට ඒ ගැන කිසිම බයක් දැනුනෙ නෑ.හැබැයි කවදාවත් නොදැනුනු අමුතු හැඟීමක්,උත්තේජනයක් වගේ දෙයක් නේත්‍රට දැනෙන්න පටං අරං තිබ්බා.

ටිකකින් නේත්‍රගෙ හුස්ම ගැනීම අපහසු වෙලා කියලා දැනුනු ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙද්දි නේත්‍ර හයියෙන් හුස්ම ඉහල පහල දාන්න ගත්තා.තෙත්වෙලා තියෙන ඇස්,කෙලවලින් දිලිසෙන තොල්,ලැජ්ජාවටම රතු වෙලා තියෙන කම්මුල්,නලල දෙපැත්තෙන් ගලන් යන දාඩිය බින්දු එක්ක ආශවට තවත් බවුන් වඩවන්නනම් බැරි උනා.ආයෙම වතාවක් නේත්‍රගෙ තොල් වලට පාත් වුනු ආශව දෙතුන් පාරක් තොල් උරලා ඊලගට නේත්‍රගෙ යටිතොල දත්වලින් හපද්දි නේත්‍ර ඉණෙන් ලාවට ඉස්සෙන ගමන් තමන්ගෙ මුව විවර කලා.නේත්‍රගෙ විවර වුණු තොල් වලින් ඒ පුංචි මුව අස්සට රිංගගත්තු ආශව ඒ ඇතුලෙ 'නේත්‍රගෙ රස' හොයද්දි නේත්‍ර ආශවගෙ අත් දෙක තදින් මිරිකගන්න ගමන් ඒ හැගීම් වින්දා.

හාදුව අතරෙම නේත්‍රගෙ පුංචි අත් දෙක උඩට කෙරුව ආශව ඒ අත් දෙකම තමන්ගෙ නහර පිරුණු එක අතකින් අල්ලගනිද්දි නේත්‍ර ඉණෙන් ඉස්සුණේ දැනෙන අමුතුම හැඟීම නිසා.තමන්ගෙ නිදහස් අතකින් නේත්‍රගෙ ඉණ අල්ලගත්තු ආශව ඒ ඉණ ටිකක් තද කරන ගමන් නේත්‍රව එක තැනක රදවගෙන එකදිගටම නේත්‍රව සිපගත්තා.හාදුවෙ තරම කොච්චරද කියලා පෙන්නන ගමන් නේත්‍රගෙ තොල් කොනකින් කෙල බින්දු කීපයක් පහලට ගලද්දි ආශව ඔලුව තව ටිකක් හරවන ගමන් නේත්‍රව සිපගත්තා.

"ම්හ්..."

"නේත්‍ර......"

"ස්...සුදුබේබි...ඩ්...ඩිංගක් ඉන්න.හුස්ම ගන්න බැරි උන වගේ උනා"

"සන්සුන් වෙන්න නේත්‍ර....මම ඉන්නවනෙ"

නේත්‍රගෙ නලලට හාදුවක් දුන්නු ආශව තමන්ව අමාරුවෙන් පාලනේ කරන් නේත්‍රගෙන් ඈත් වෙද්දිම ආශවගෙ මත් වුණු ඇස් ගිහින් නැවතුනේ නේත්‍රගෙ කමිසෙ ඉස්සිලා පේන ඉණ ලගට.ඇඳ ලගම ගහලා තිබ්බ ලොකු ඉටිපන්දමේ කහපාට එලියෙන් නේත්‍රගෙ කිරිගරුඩ පාට හම රත්තරං පාට වෙලා දිලිසෙද්දි ආශව අමාරුවෙන් යටපත් කරගත්තු හැඟීම් ආයෙමත් උඩට මතු වුනා.ආශව නේත්‍රගෙ හීනි ඉණට නොසෑහෙන්න ආදරේ කලා.හැමදාම කමිසෙට උඩින් අල්ලනවා මිසක හරියට හම ස්පර්ශ වෙන විදියට ස්පර්ශ නොකර තිබ්බත් පිරිමියෙක්ට කලාතුරකින් පිහිටන විදියට පිහිටල තිබ්බ නේත්‍රගෙ හීනි ඉණට ආශව නොසෑහෙන්න ආසා උනා...ආදරේ කලා.දෙපාරක් නොහිතුව ආශවගෙ තොල් ගිහින් නැවතුනේ නේත්‍රගෙ හීණි බද මත.

"ආහ්...."

"ම්හ්හ්.....සුවඳයි..."

නේත්‍රගෙ ඉණ උඩින් තමන්ගෙ තොල් තද කල ආශව මුමුණද්දි දැනුනු අමුතු කිතියට ටිකක් උඩට වෙලා හිටිය නේත්‍ර ආයෙමත් දඩග් ගාලා ඇඳට කඩා වැටුණෙ අප්‍රාණිකම වෙලා.නේත්‍රගෙ ඉණ මතින් තමන්ගෙ ඇඟිල්ලක් හෙමීට ඇදගෙන ආව ආශව එක කොණක ඉදලා අනික් කොණට වෙනකංම තෙත හාදු තියන්න ගනිද්දි නේත්‍ර අත් දෙකට බර දීලා උඩට වීගෙන කෙඳිරිලි පිට කරන්න ගත්තා.ගත්තා නෙවේ ඒක නේත්‍රට ඉබේටම සිද්ධ වුනා.

"ආහ්...ම්ම්හ්හ්....ස්...සු...ම්හ්හ්හ්....සුදුබේබි.....ස්...සුදුබේබි"

"ඔයාගෙ හැමතැනම හරි සිනිදුයි නේත්‍ර"

නේත්‍රගෙ ඉණෙන් තොල් අහකට ගත්තු ආශව නේත්‍ර දිහා අඩවන් උනු ඇස් වලින් බලද්දි නේත්‍ර ඉක්මනටම බෙල්ල උඩට කරගත්තෙ ආශවගෙ ඒ බැල්මෙන් ගැලවෙන්න.ඒත් නේත්‍ර නොදැනුවත්ව හරි කලේ ඇවිස්සිලා හිටිය ආශවව තව ටිකක් අවුස්සපු එක.නේත්‍ර බෙල්ල උඩට කරගත්තු විදිය එක්ක ආශව නේත්‍රගෙ ඇඟ දිගේ හෙමීට උඩට ඇවිත් නේත්‍ර එක්කම ඇඳට බරවෙද්දි නේත්‍ර ආශව දිහා ඇසුත් ලොකු කරං බලන් හිටියා.

"අහ්ම්ම්ම්"

ටික වෙලාවක් යද්දි නේත්‍රගෙ පුංචි කාමරේ පිරුණෙ ආශව නේත්‍රගෙ ගෙල සිපගන්න සද්දෙන්.නේත්‍රගෙ කන්පෙත්තෙ ඉදන් පහලට තොල් ඇදන් ආව ආශව ඒ බෙල්ලෙ පාරවල් නොහිටින විදියට නේත්‍රගෙ බෙල්ල සිපගන්න ගත්තා.ජීවිතේ පලවෙනිම වතාවට සිපගැනීමක් අතරෙ නේත්‍රගෙ නිරුවත් ඉණේ නැමුම් පාරවල් දිගේ තමන්ගෙ නහර පිරුණු අත එහෙ මෙහෙ අරං යන ගමන් ආශව නේත්‍රගෙ ගෙල පුරාම සියුම් සිපුම් තවරන්න ගත්තා.ආශවගෙ ඇගෙන් පිටවෙන රස්නෙ නේත්‍රට දැනුනා වගේම නේත්‍රගෙ ඇගේ තියෙන රස්නෙ ගතිය ආශවට දැනුනා.

"ම්...මැණිකෙ....ඔයා බය වෙලාද ඉන්නෙ? ම්...මම ඔයාව බය කරනවද?"

"නෑ සුදුබේබි නෑ"

නේත්‍රගෙ නලලට තමන්ගෙ නලල හේත්තු කරගත්තු ආශව නේත්‍රගෙ මූණට ලං වෙලා මුමුනද්දි නේත්‍ර ඉක්මනටම ඉස්සිලා ආශවගෙ නලලින් තමන්ගෙ තොල් තද කලා.නේත්‍රට මේ හැඟීම අමුතු එකක් උනා.නැවුම් එකක් උනා.රධීන්ගෙ අතින් වෙන්න ගිය කරදරේ අඳුරු මතක තාම හිත අස්සෙ හැංගිලා තිබුනු නේත්‍රගෙ මුලු ආත්මෙටම ආශවගෙ මේ උණුසුම් ස්පර්ශ වලින් තදබල සැනසීමක් දැනෙන ගමන් තිබ්බා.

"නේත්‍ර මගෙ නේද? මගෙ විතරයි නේද?"

"සුදුබේබිගෙ විතරයි මම"

"ඔව්....මගෙ විතරයි"

නේත්‍රගෙ කකුල් දෙක පාමුලට ගිය ආශව ඒ යටිපතුල් වල තමන්ගෙ හාදු තවරද්දි ආශව නේත්‍රව නවත්තන්න හැදුවෙ සුදුබේබි තමන්ගෙ කකුල් පාමුල ඉන්න ඕනි නෑ කියන හැඟීම නිසා.නේත්‍රගෙ විරෝධතාව නොසලකපු ආශව නේත්‍රගෙ දෙපා සිපගෙන ඒ යටිපතුල් වලින් තමන්ගෙ නලල තදකරද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරුණා.ඇයි තමන්ගෙ සුදුබේබි මේ තරම් ආදරණීය මනුස්සයෙක් උනේ?

නේත්‍රගෙ පුංචි ලස්සන මූණ තමන්ගෙ අත් වලට මැදි කරගත්තු ආශව කහපාට එලි වැටිලා දිලිසෙන ඒ මූණ පුරාම සමනල් හාදු තැවරෙව්වා.පුංචි එකාගෙ මූණම හාදු වලින් පිරෙව්ව ආශව නේත්‍රගෙ ලස්සන හිනාව දිහා බලාගෙනම නේත්‍රගෙ නලල තද කරලා ඉඹගෙන හිටියා.ආශවගෙ හාදු එක්ක දැනුනු කිතියට එහෙ මෙහෙ උනු නේත්‍ර නොදැනුවත්වම තමන්ගෙ තොල් ආශවගෙ බෙල්ලෙ සියුම් තැනක වද්දගනිද්දි නේත්‍රගෙ පුංචි අත් දෙකම උඩට කරලා අල්ලගත්තු ආශව ආයෙමත් අඩවන් උනු ඇස් වලින් නේත්‍ර දිහා බලන් හිටියා.

"නේත්‍ර දන්නවද....කිසිම ගෑනියෙක් නිසාවත් වෙන පිරිමියෙක් නිසාවත් ඇවිස්සුනේ නැති මම නේත්‍ර ලගඳි නොසෑහෙන්න ඇවිස්සෙනවා කියලා....ම්ම්ම්?"

"ම්හ්හ්.....සුදුබේබි....දන්නවා"

"ඇවිස්සුනාට කමක් නැද්ද නේත්‍ර....ම්ම්ම්?"

"ම්හ්හ්....ම.....මගෙ ලග විතරයිනෙ සුදුබේබි.... ක්..කමක් නෑ"

"ඔයා ලග විතරමයි"

"ඔව්...මගෙ ලග විතරයි"

නේත්‍රගෙ නලලෙන්ම තොල් තියං මිමිණුව ආශව ඒ තොල් එහෙම්මම නේත්‍රගෙ මූණ දිගේ පහලට ඇදගෙන එන්න ගත්තා.ඒත් එක්කම නේත්‍රගෙන් එහාට උනු ආශව තමන්ගෙ කමිසෙ ගලවලා පැත්තකට කරද්දි නේත්‍ර ආශවගෙ නිරුවත් උනු උඩුකය දිහා බලලා ඇස් දෙක තද කරලා පියවගත්තා.මෙවෙලෙ ආශවගෙ ඇඟ ඇතුලෙන්ම තදබල විදියෙ රස්නයක් උඩු දුවමින් තිබ්බා.ආශව තමන්ගෙ කමිසෙ අයින් කලෙත් ශරීරයට යම් සහනයක් ලබාගන්න හිතාගෙන.උඩුකය නිරුවත් උනු ආශව නේත්‍රගෙ ඇඟට බරවෙද්දි නේත්‍රගෙ කම්සෙ ඉස්සීම නිසා නිරුවත් වෙලා තිබ්බ ඉණ ප්‍රදේශයේ ආශවගෙ නිරුවත් උඩුකය ගෑවෙද්දි පුංචි එකාගෙ වැහිලා තිබ්බ බෝල ඇස් විවර උනා වගේම ඒ ලස්සන තොල් අස්සෙන් ලස්සනම ලස්සන කෙඳිරිල්ලක් පිට උනා.

"ස්...සුදුබේබි...."

"ම්ම්හ්....සුදුබේබි ඉන්නවා...සුදුබේබි විතරයි ඉන්නෙ"

නේත්‍රගෙ තොල් වලට පාත් වුනු ආශව ආයෙමත් ඒ තොල් සීරුවට සිපගන්න ගනිද්දි නේත්‍ර පුලුවන් විදියට ඒ හාදුවට ප්‍රතිචාර දක්වමින් හිටියා.ආශවගෙ වැඩ නිසා පුංචි එකාගෙ කකුල් දෙකම මේ වෙද්දි අප්‍රාණික වෙලා තිබ්බා වගේම නේත්‍රගෙ සාමාජිකයත් ටිකෙන් ටික දැඩි වෙමින් තිබුණා.ආශව නේත්‍ර ගැන හැමදේම දන්නවා කියලා හිතාගෙන හිටියත් ආශව නොදැන තිබුනු දේවලුත් ඒ අතරින් තිබ්බා.නේත්‍රගෙ ලිංගික අවස්ථා ඒ අතරින් එකක්.

නේත්‍ර කියන්නෙ වචනෙ පරිසමාප්තියෙන්ම අහිංසකයෙක් වෙද්දි නේත්‍ර හුඟක් පිරිමි ලමයි කරන දේවල් කරන්න උත්සාහ දරලවත් තිබුනෙ නැහැ.පිරිමි ලමයෙක් වැඩිවියට එලඹෙනවත් එක්ක ඒ තරුණ හිත් වලට එන එක් එක් ආසාවල් නිසා එක්තරා අන්දම් වල වීඩියෝ පට නැරඹීම,ඒවා මාර්ගයෙන් තමන්ගෙ සාමාජිකයන් සතුටු කරවාගැනීම වගේ දේවල් හරි සාමාන්‍ය දේවල් උනා.නුමුත් නේත්‍ර අද වෙනකං එහෙම දෙයක් කරලා තිබුනෙ නැහැ!

වැඩිවියට පත් වෙලා කිරි රැවුල පවා කැපුව නේත්‍ර අද වෙනකං තමන්ගෙ අත් වලින් හෝ කුමන විදියකින් හෝ ඒ ආකාරයේ වින්දයක් ලබලා තිබ්බෙ නෑ! පුංචි එකාට නින්දෙදි සමහර අවස්ථා වලදි ඒ ශුක්‍රාණු පිටවීම් සිද්ධ වුනා මිසක් සිහියෙන් ඉන්න,අවධියෙන් ඉන්න කිසිම වෙලාවක නේත්‍ර ඒ වගේ ක්‍රියාවක නිරත වෙලා තිබුනෙ නැහැ.උගත් ලමයෙක් විදියට නේත්‍ර පිරිමි ලමයින්ට ශුක්‍රාණු පිට වීම් වගේ දේවල් සිද්ධ වෙන බව දැනන් හිටියත්,ඒ දේවල් කරන්නෙ කොහොමද? වෙන්නෙ කොහොමද වගේ දේවල් දැනගෙන හිටියෙ නැහැ.දැනගන්න උත්සාහ දැරුවෙත් නැහැ.රාගික හැඟිම් ලොකුවට පහල නොවෙන කෙනෙක් උනු නේත්‍රට ඒ දේවල් වල ලොකු උවමනාවක් තිබුනෙත් නැහැ.

හාදුවක් දුන්නත් ඇඟපත අප්‍රාණික වෙන නේත්‍ර එක්ක ඒ දේවල් කතා කරන්න ආශව මේ වෙනකං පෙලඹිලා තිබ්බෙ නැහැ.සාමාන්‍යෙන් ඒ වගේ දේවල් පුංචියට හෝ ගැහැනු පිරිමි යුගල අතරෙ උනත් කතාබස් වෙද්දි පිරිමිම දෙන්නෙක් උනු ආශව නේත්‍ර දෙන්නා අතරෙ එහෙම කතාබහක් ඇති උනානම් ඒක නොසෑහෙන්නම සාමාන්‍ය එකක් වෙනවා.මොකද දෙන්නටම තියෙන්නෙ එකම විදියෙ හැඟීමක් නිසා.ඒත් නේත්‍ර වගේ අහිංසකයෙක් එක්ක ආශව ඔහොම දෙයක් කොහොම කතා කරන්නද? ඒ වගේ දෙයක් කතා කලානම් නේත්‍ර තමන්ට බය වෙයි කියන හැඟීම ආශවගෙ හිතේ තිබුනු නිසා ආශව ඒ වගේ දේවල් නේත්‍ර එක්ක කතා නොකරම හිටියා.

"ම්හ්හ්හ්....ම්හ්....ආහ්...ස්...සුදුබේබි"

"සුවදයි....මගෙ ගැටපිච්ච මල...."

"ම්හ්හ්හ්...."

"සුදුබේබිට විතරක්ම සුවඳ විදින්න පුළුවන් මගෙ මල"

"ස්....සුදුබේබිට විතරයි ප්....පුළුවන්"

"ඔව්...මට විතරයි"

නේත්‍රගෙ කන් පෙත්තක් තමන්ගෙ තොල් අතරට ගත්තු ආශව ඒ කන් පෙත්ත තෙත් කර කර මුමුණද්දි නේත්‍ර ඉනෙන් එහෙට මෙහෙට ඇබරෙන්න ගත්තත් නොරිදෙන විදියට නේත්‍රගෙ හීනි ඉන මිරිකලා අල්ලගත්තු ආශව නේත්‍රව එක තැන තියාගෙන නේත්‍රගෙ ගෙල දිගේ තොල් ඇදගෙන එන්න ගත්තා.තමන්ගෙ නිදහස් අතින් නේත්‍රගෙ කමිසෙ උඩ බොත්තම් දෙකක් පැන්නුව ආශව නේත්‍රගෙ කමිසෙ දකුණු උරහිසෙන් පහලට ඇදලා ඒ උරහිස නිරාවරණය කරගනිද්දි පවා නේත්‍රට පුළුවන් උනේ කෙදිරිලි පිට කරන්න විතරයි.හැබැයි නේත්‍ර ඒ හැමදේම හදවතින් වින්දා.ඒ දේවල් වලට නේත්‍රගෙන් කිසිම අකමැත්තක් තිබ්බෙ නැහැ.

"නේත්‍ර...."

ආශවගෙ ගැඹුරු හඩ එක්ක නේත්‍රගෙ මුළු ඇගේම හිරිගඩු පිපුනා.කවදාවත් නොකල විදියට ආශවගෙ මේ හැසිරීම එක්ක නේත්‍රගෙ පුංචි ඇඟ වෙවුලන්න ගත්තා.කොහෙත්ම ඒ බයකට නෙවෙයි.ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ වින්දනයක් නේත්‍රට ලැබෙද්දි ඒ පුංචි එකා වෙවුලන එක පුදුමයකට කාරණාවක් නොවුණා.

නේත්‍රගෙ උරහිස උඩ තෙතහාදු තියන්න ගත්තු ආශව ඒ උරහිසේ එක තැනක් තොල් අතරට අරගෙන හෙමින් උරන්න ගනිද්දි නේත්‍ර තමන්ගෙ රිදුම් දෙන සාමාජිකයා නිසා එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තා.ඒ හැඟීම නේත්‍රට අමුතුම හැඟීමක් උනා.මෙච්චර වෙලා තමන් කරන දේවල් වලට අකමැත්තක් නොපෙන්වා හිටිය නේත්‍රගෙ එකපාරටම උනු අසාමාන්‍ය කලබලකාරී බව ආශවට දැනුනා.පුංචි එකාගෙ පපුව වගේම ඇඟත් ගිඩි ගිඩි ගාලා ගැහෙද්දි ආශව ඉක්මනටම නේත්‍රගෙන් ඈත් වෙලා පුංචි එකාගෙ ඇඳුම හරියට ඇන්දෙව්වා.

"න්...නේත්‍ර ඇයි මැණිකෙ මේ? ර්...රත්තරනේ ඇයි මේ?"

"ස්...සුදුබේබි ර්...රිදෙනවා සුදුබේබි"

"කොහෙද?පපුවද?"

"න්..නෑ....ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ"

එකපාරටම නේත්‍ර ඉකි ගගහා අඩන්න පටන් ගනිද්දි ආශව හරි සිහියට ආවා.මත් බවින් ගිලිලා හිටියත් තමන්ගෙ සීමාව පන්නවන්නෙ නැතිව නේත්‍ර එක්ක ඒ හැඟීම් බෙදාගත්තු ආශවට තමන් ගැනම ලොකු පසුතැවිල්ලක් ආවා.තමන් මේකයි සීමාව කියලා සීමාවක් පනවගෙන හිටියට,නේත්‍රගෙ සීමාව කො‍යි තරම් ද? නේත්‍රගෙ සීමාව තමන් පැන්නුවද කියන පසුතැවිල්ල ආශවගෙ ඔලුවෙ සක්මන් කලා.ඉකි ගගහා අඩන පුංචි එකාව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තු ආශව නේත්‍රගෙ පිට අතගගා නේත්‍රව සන්සුන් කරන්න හැදුවත් නේත්‍ර එක දිගටම රිදෙනවා කියමින් අඩන්න ගත්තා.

"රිදෙන්නෙ කොහෙද කියන්නකො මැණිකෙ...."

"ක්....කියන්නම්ම්....නේත්‍ර නරකයි කියලා හිතන්නෑ නේ....නේද සුදුබේබි?"

"නේත්‍ර නරක නෑ කියලා සුදුබේබි දන්නවනෙ....කොහෙද රිදෙන්නෙ කියන්නකො"

"න්...නේත්‍රගෙ මෙතන"

"කකුල?"

"න්...නෑ සුදුබේබි....නේත්‍ර චූ කරන එක....එතන ගලක් වගේ වෙලා සුදුබේබි....මට රිදෙනවා"

"ද්...දෙයියනේ!"

නේත්‍රට වෙල තියෙන්නෙ මොකද්ද කියන එක තේරුම් ගත්තු ආශව නේත්‍රගෙ කකුල් අතර බැලුවත් ඉටිපන්දම් පවා නිවිල තිබ්බ නිසා ඒ බව හරිහැටි පෙනුනෙ නැහැ.වෙරි ගතිය තවමත් හොදටම පහ වෙලා නොතිබ්බ නිසා ලාවට වැනි වැනී නේත්‍රගෙ මේසෙ ලගට ගිහින් නේත්‍රගෙ දුරකථනෙ අතට ගත්තු ආශව දුරකතනයෙ ටෝචය සක්‍රීය කරලා නේත්‍රගෙ කකුල් මැදට අල්ලද්දි පුංචි එකා අඬ අඬම තමන්ගෙ මූණ ඒ පුංචි අත් වලින් වහගත්තා.නේත්‍රව තවත් අපහසුතාවයට පත් කරන්න ඕනි උනේ නැති ආශව ටෝචය ක්‍රියා විරහිත කරලා නේත්‍රහෙ ඇඟ උඩට ආයෙමත් ඇදෙද්දි පුංචි එකා අත් දෙකේ ඇඟිලි අස්සෙන් ආශව දිහා බැලුවා.

"නේත්‍ර...."

"ක්....කියන්න...සු....දුබේබි"

"මම නේත්‍රව කිස් කරන්නම්.....නේත්‍ර හෙමින් සැරේ නිදහස් වෙන්න බලන්න....එතන ටිකක් අතගාන්න"

"හ්...හෑය්....හෑයියා සුදුබේබි"

"එක්කො ඔයාට අතගාන්න ඕනි වෙන එකක් නෑ...සුදුබේබිට ෆෝකස් කරන්න නේත්‍ර....සුදුබේබි ගැන හිතන්න"

නේත්‍රගෙ පුංචි අත් දෙකම තමන්ගෙ හයිය අත් වලින් අල්ලන් ඒ අත් දෙක දෙපැත්තට කල ආශව නේත්‍රගෙ බෙල්ලට පාත් උනා.ගැටපිච්ච සුවද හමන නේත්‍රගෙ බෙල්ල ඇති වෙන්න තෙත් කෙරුව ආශවට දැනුනා නේත්‍ර ඉණෙන් එහෙට මෙහෙට ඇඹරෙන්න පටන් අරං තියෙනවා කියන එක.පුංචි එකාගේ සංවේදීබව හොදටම දැනන් උන්නු ආශව ආයෙමත් නේත්‍රගෙ තොල් වලට බර වෙලා ගැඹුරින්ම නේත්‍රව සිපගන්න පටන් ගත්තා.පුංචි එකාගෙ විවර වෙලා තිබ්බ තොල් අස්සෙන් තමන්ගෙ දිව ඇතුලට රිංගෙව්ව ආශව නේත්‍රව සිපගනිද්දි තමන්ගෙ සාමාජිකයාගෙන් එන අලුත්ම වේදනාව නිසා නේත්‍රගෙ ඇස් වලින් කදුළු ගලාගෙන යන්න ගත්තා.

"ම්හ්හ්"

නේත්‍රගෙ හීනි ඉන මතින් තමන්ගෙ අතක් තෙරපන ගමන් ආශව එක දිගටම නේත්‍රව සිපගනිද්දි පුංචි එකා තමන්ගෙ පුංචි අතක් ආශවගෙ නිරුවත් උරහිස මතින් තද කරද්දි ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් උනා.

"ඇයි නේත්‍ර...."

"රිදෙනවනෙ සුදුබේබි....ම්....මොකද්ද වෙනවා"

"ඒකට එන්න දෙන්න නේත්‍ර....මගෙ කිස් එකට ෆෝකස් කරන්න.....ඔයාගෙ වේදනාවට නිදහස් වෙන්න දෙන්න"

"හ්...හා සුදුබේබි"

ආයෙමත් නේත්‍රව හාදුවට පොලඹවගෙන විනාඩියක් වගේ යද්දි නේත්‍රගෙ දැඟලිල්ල නොසෑහෙන්න වැඩි වෙනවා කියලා ආශවට දැනුනා.පුංචි එකාගෙ ඇඟ තදින්ම වෙවුලද්දි පුංචි එකාගෙ පපුවෙ හුස්ම ගැනීම අක්‍රමවත් වෙද්දි ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙලා නේත්‍රගෙ හීනි ඉණ දිගටම පිරිමදින්න ගත්තා.ආශවගෙ හයිය රළු අත් වල පහසින් තමන්ගෙ ඉණ ප්‍රදේශයට දැනෙන ස්පර්ශෙ එක්ක පුංචි එකා ඇස් දෙක වේදනාවෙන් වගේම නොතේරෙන වින්දනයකින් පුරවගෙන ආශව දිහා බැලුවා.

"රිදෙනවා සුදුබේබි"

"ඒකට නිදහස් වෙන්න දෙන්න නේත්‍ර....මම ඉන්නවනෙ ලග....ම්ම්ම්"

ආශවගෙ ආදරණීය වචන එක්කම එහෙට මෙහෙට දගලලා දගලලා එකපාරටම කකුල් දෙක පුළුවන් තරම් දිගෑදගත්තු නේත්‍ර ලොකූම ලොකු කෙදිරිල්ලක් පිට කලා.නේත්‍රගෙ ඇස් දෙක පිටිපස්සට රෝල් වෙලා බෙල්ලත් ටිකක් උඩට ඉස්සෙද්දි ආශව නේත්‍රගෙ ඔලුව එක දිගටම අත ගෑවා.තෙත් දෙයක් තමන්ගෙ සාමාජිකයගෙන් පිටවෙනවත් එක්කම මෙච්චර වෙලා තිබ්බ වේදනාව තමන්ගෙන් ඈතට යනවා දැනුනු නේත්‍රට ඊලග තත්පරේදි වටේටම කළුපාට වෙලා පේන්න ගත්තා.

"න්...නේත්‍ර දෙයියනේ!!! කලන්තෙ දැම්මා නේද!!!"

වින්දනය පිට වෙනවත් එක්ක ඒ හැඟීම මුල්ම වරට වින්ද ආශවගෙ අහිංසක පුංචි එකා ආශවගෙ අත් අතරෙම කලන්තෙ දාද්දි ආශව නේත්‍රව පරිස්සමට ඇඳේ දිගා කලා.ඒත් එක්කම නිවසේ විදුළි බල්බ දැල්වෙද්දි අක්‍රීය වෙලා තිබ්බ විදුලි පංකාවත් ක්‍රියාත්මක වෙන්න ගත්තා.නේත්‍රගෙ නලලින් හාදුවක් තිබ්බ ආශව ඇඳෙන් නැගිටලා තමන්ගෙ භ්‍රමණය වෙන ඔලුව එක තැනකට අරගෙන කුස්සියට ගිහින් වතුර කෝප්පයක් ගෙනාවා.

කාමරේට අරං ආව වතුර කෝප්පෙන් ගත්තු වතුර බින්දු ටිකකින් නේත්‍රගෙ මූණ තෙමුව ආශව පුංචි එකාව නැගිට්ටවගන්න උත්සාහ දැරුවා.ආශවගෙ උත්සාහෙ එක්ක නේත්‍රගෙ ඇස් හෙමීට ඇරෙද්දි නේත්‍රව කලබල නොවී තියාගන්න ආශව ඒ පුංචි ශරීරෙ තමන්ට තුරුල් කරං නේත්‍රගෙ පිට අතගෑවා.

"ස්...සුදුබේබි...."

"දොයියගන්න මැණිකෙ ටිකක්....ටිකක් දොයියගන්න"

තමන්ගෙ අත් අතරෙ තියාගෙනම නේත්‍රව සැනසෙව්ව ආශව විනාඩි ගාණක් ඇතුලත තෙහෙට්ටුව නිසාම නින්දට වැටුණු නේත්‍රව ඇඳේ දිගා කරවලා ඇතිරිල්ලකින් පොරවලා ඒ පිරුණු මූණ පුරාම හාදු තවරලා කාමරෙන් එලියට ගියේ නේත්‍රගෙ ඇඳුම් කබඩයෙන් සරමක් අරගෙන.පිලිකන්න පැත්තෙන් ලිඳ ලගට ගිය ආශව එතන තිබ්බ ගලක් උඩින් වාඩි වෙලා තමන්ගෙ කොණ්ඩෙ ඇදගන්න ගත්තා.ආශවට තමන් ගැනම දැනුනෙ ලොකු කලකිරීමක්.

"මම මොකද්ද දෙයියනේ ඒ කරන්න ගිය අපරාදෙ!!!"

"මම මහ කාලකණ්නි වැඩක් කරන්න ගියේ"

"ම්...මගෙ පොඩි එකාට කලන්තෙ පවා දැම්මා ඒ පුංචි දේට"

"මගෙ සීමාව නිකමට හරි පැන්නනම්"

"ශිට් ශිට් ශිට් ආශව!!!! ම්...මගෙ නේත්‍ර බය වෙන්නත් ඇති"

හිතේ තිබ්බ පීඩනේ එක්කම ආශව ලිඳෙන් වතුර ඇදගෙන ඒ මහ රෑ තමන්ගෙ ඔලුවට වත් කරගත්තෙ තවමත් ඇඟේ රැඳිලා තියෙන මත් ගතිය තුරං කරගන්න.නේත්‍ර අමාරුවෙන් එහෙට මෙහෙට දඟලලා වින්දනේ පිට කරපු හැටි මතක් වෙන වාරයක් ගානෙ ආශවගෙ ඇස් වලින් කදුලු ගැලුවා.මලක් වගේ ඉන්න පුංචි එකා තමන්ගෙ අත් අස්සෙම පොඩි උනානම් එහෙම කියන බය ආශවගෙ හිතට තදින්ම දැනුනා.ආයෙ ජීවිතේට මේ වගේ දහජරාව කටේ තියන්නෙ නෑ කියලා ආශව තමන්ටම කියාගත්තෙ අද තමන් යම් තරමකට හරි සීමාව ඉක්මෙව්වෙ ඒ මත් උනු නිසා බව දන්න හින්දා.

හැබැයි ආශවට දෙයක් අමතක උනා.ඒ නේත්‍ර තමන්ට බය උනේ නෑ කියන එක.තමන් හැමදේම කරන්න කලින් අසිහියෙන් හරි නේත්‍රගෙන් අවසර ගත්තා කියන එක.නේත්‍ර ඒ හැමදේටම අවසර දුන්නා කියන එක.ඒ දේවල් වලින් තෘප්තියක් ලැබුනු නිසයි නේත්‍ර ජීවිතේ පලවෙනි වතාවට ආශව වෙනුවෙන්,ආශවගෙ අත් අතරෙ ඉද්දිම වින්දයක් පිට කලේ කියන එක.පසුතැවිල්ලෙන් ඔලුව පුරවං උන්නු ආශවට ඒ දේවල් ගැන හිතන්න තරම් පැහැදිලි මනසක් තිබුනෙ නැහැ.නේත්‍ර නිසාම දැඩි වෙලා හිටිය තමන්ගෙ සාමාජිකයව කේන්තියටත් එක්ක මිරිකපු ආශව නාන්න ගත්තෙ ඒකෙන් ඒ දේ බැහැලා යන බව දන්න නිසා.ඒ දේ තමන් විහින් සතුටු කරවන්න තරම් මනසක් ආශවට මෙවෙලෙ තිබ්බෙ නෑ.ආශව හිතුවෙ නේත්‍ර ගැන විතරමයි.

"න්...නේත්‍ර බය වෙලානම්...ම්...මමත් එයාට කරදර කරන්න හැදුවා කියලා හිතුවොත්"

නාලා නේත්‍රගෙ සරමත් ඇඳෙගෙන ගෙට ගොඩවෙලා පිලිකන්න පැත්තෙ දොරවහලා අගුල් දාපු ආශව තනියම කියව කියව කුස්සියෙ තට්ටුවට හේත්තු උනා.මෙ අතරෙ කාමරේ කෙටි නින්දක උන්නු පුංචි එකා තෙත් වුනු කලිසමක් එක්ක ඇඳේ උඩුබැලි අතට වැතිරිලා හිටියා.සුදුබේබිගෙ හා තමන් අතරෙ මීට ටික වෙලාවකට කලින් උනු උණුසුම් අවස්ථාව ගැන මතක් උනු නේත්‍රගෙ මුළු ඇඟම රතු පාට උනා.අසිහියෙන් හිටියත් සුදුබේබි කොච්චරනම් ආදරණීයද කියලා නේත්‍ර කල්පනා කලේ පුංචි අත් වලින් තමන්ගෙ මූණත් වහගෙන.

"න්...නේත්‍ර..ඇහැරුණාද මැණිකෙ"

ඇඳ උඩට වෙලා මූණත් වහන් ඉන්න නේත්‍රව දැක්ක ආශව ඈත ඉදන්ම අහද්දි නේත්‍ර ඇඳ උඩින් ඉදගත්තා.සුදුබේබි තමන් ලගට ඇවිල්ලා තමන්ව තුරුල් කරගනියි කියලා හිතුවත් සුදුබේබි තවමත් ඈතින් ඉන්න එක පුංචි එකාගෙ හිතට ගෙනාවෙ දැඩි වේදනාවක්.ඒත් එක්කම ඒ බෝල ඇස් වල කදුළු පිරෙද්දි නේත්‍ර තමන්ගෙ අප්‍රාණික ගතිය තියෙන කකුල් වලට හයිය අරං ඇඳෙන් බිමට බැහැලා හිටගත්තෙ සුදුබේබි ලගට යන්න.ඒත් එක්කම ආශව තමන් ලගට එනව දැක්ක නේත්‍රගෙ මූණට ලොකු හිනාවක් ආවත් ඒ හිනාව ඊලග තත්පරේ නැති වෙලා ගියා.

"සුදුබේබි!!!"

"ම්....මට සමාවෙන්න නේත්‍ර....මට සමාවෙන්න"

ඉරුගල්බණ්ඩාර වලව්වෙ මහමුදියන්සේගෙ එකම පුතා නේත්‍රගෙ කකුල් පාමුල දණගහගෙන ඒ කකුල් වල පිටිපතුල් උඩින් තමන්ගෙ ඔලුව තද කරගෙන හිටියා!!! ආශව කල දේ එක්ක ආයෙමත් අප්‍රාණික උනු නේත්‍ර එහෙම්මම ඇඳ උඩට කඩා වැටෙද්දි ආශව නේත්‍රගෙ කකුල් දෙක අල්ලන් ඉකි ගැහුවා.

"මෙහෙම කරලා මට පවු පුරවන්න එපා මගෙ සුදුබේබි..."

"ස්...සමාවෙන්න නේත්‍ර....මම මගෙ මැණිකව බය කලාද? සුදුබේබි සිහියකින් නෙවෙයි හිටියෙ නේත්‍ර....මම සීමාව පන්නලා මයෙ අම්මව බය කලාද රත්තරනේ"

"නෑ මගෙ සුදුබේබි නෑ....අනේ මගෙ කකුල් අතෑරලා මාව තුරුල් කරගන්න සුදුබේබි....ඔහොම හැසිරෙන්නෙපා....නේත්‍රට දරාගන්න බෑ"

නේත්‍රගෙ වචන එක්ක ඉක්මනටම නේත්‍ර ලගින් ඉදගෙන නේත්‍රව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තු ආශව තමන්ගෙ ඇස් වලින් ඔහේ කදුළු වලට ගලන් යන්න දෙද්දි ආශවගෙ පපුව නේත්‍රගෙ කදුළු වලින් තෙත් උනා.ආශවගෙ තෙත් උනු නිරුවත් පපුව උඩින් තමන්ගෙ තොල් තද කරුව නේත්‍ර ආශවගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලද්දි නේත්‍රව තව ටිකක් ලං කරගත්තු ආශව නේත්‍රගෙ ඇස් වලට එබුනෙ නේත්‍රව කවුරුහරි අරං යයි කියලා බය වෙලා වගේ.

"ඒ දේවල් වලට නේත්‍ර ආසා උනා සුදුබේබි.....සමාව ඉල්ලන්නෙ ඇයි?"

"ඔයා වේදනාවෙන් දැඟලුවා නේත්‍ර....මම...මට...."

"සුදුබේබි....මගෙ හිත අස්සෙ තිබ්බ අඳුරු මතක හැම එකක්ම වගේ අද නැති වෙලා ගියා කියලා සුදුබේබි දන්නවද? තවමත් සුදුබේබිට සමාව ඕනිද මගෙ සුදුබේබි?"

"න්....නේත්‍ර...."

"ඔව් සුදුබේබි....සුදුබේබි නොදැනුවත්වම හරි හැමවෙලේම කරන්නෙ මගෙ යහපතට දෙයක්....එදා රධීන් ඇල්ලුවා කියලා හිතිලා මගෙ ඇඟ මට අප්පිරියා උනා සුදුබේබි....මතකද? එදා ඒ වීඩියෝ එක බැලුවත් සම්පූර්ණයෙන්ම මට යථා තත්වෙට පත් වෙන්න බැරි උනා....ඒත් අද...."

ආශවගෙ ආදරේ වෑහෙන තද දුඹුරු පාට ඇස් දෙක දිහා බලන් උන්නු නේත්‍ර ආශවගෙ බාහුවක් උඩින් තමන්ගෙ තොල් තද කරලා ආයෙම ආශවගෙ ඇස් වල තමන්ගෙ ඇස් පටලවගත්තා.

"මට දැනෙනවා මම පිරිසිදු උනා කියලා....වැරදිලා හරි ඇඟේ ගෑවුනු ජරාවක් තිබ්බනම් සුදුබේබිගෙ ස්පර්ශ එක්ක,හාදු එක්ක ඒ ජරාවල් මගෙ ඇගෙන් හේදිලා ගියා කියලා.නේත්‍ර....සුදුබේබිගෙ නේත්‍ර පිරිසිදු උනා කියලා....සුදුබේබිට විතරක්ම අයිති පිරිසිදු ආත්මයක් උනා කියලා"

"උඹ හැමදාම පිරිසිදුයි මගෙ මැණිකෙ....මේ ලෝකෙ පිරිසිදුම ආත්මෙ තියෙන්නෙ මගෙ නේත්‍රට"

දිගු කතාබහක්....ආශවගෙ හිතේ තිබ්බ වැරදි වැටහීම් නිවැරදි කරගැනීමක්....නේත්‍රගෙ යටිහිතේ තිබ්බ අඳුරු මතක නැති වෙලා යෑමක්....මේ හැමදේම වෙලා ටික වෙලාවකින් නේත්‍ර ආශවගෙ හයිය පපුවට තුරුල් වෙලා අරලිය ගහ යට බංකුවෙ ඉදගෙන හිටියා.නේත්‍ර ඇඟපත සෝදන් ගෙට ආවට පස්සෙ පුංචි එකා කොච්චර බෑ කිව්වත් ඔලුවට ආශව දැම්මෙව්ව තොප්පිය නිසා නේත්‍ර පින්නෙන් බේරිලා තිබ්බා.ආශව තමන්ගෙ හයිය අත් අස්සෙ මුළු ලෝකෙම රදවගෙන ඉද්දි,නේත්‍ර තමන්ගෙ ලෝකෙ අස්සට ගුලි වෙලා හිටියා.

"සමහරවිට තව අවුරුදු කීපෙකින්....අවුරුද්දට කලින්දා මේ අහස අපිට පේන එකක් නෑ....අපි නුවර අහස නැතුව වෙන අහසක් දිහා බලන් ඉදීවි.....හැබැයි නේත්‍ර මගෙ අත් අතර ඉදීවි....මොන දේ වෙනස් උනත් මගෙ පපුවට තුරුල් වෙලා මේ අත් අතරෙ හුරතල් වෙන මගෙ පුංචි නේත්‍ර මම ලගට වෙලා අහස දිහා බලාගෙන ඉදීවි...."

"සමහරවිට තව අවුරුදු කීපෙකින්....අවුරුද්දට කලින්දා සුදුබේබිගෙයි මගෙයි වටේට පුංචි ආශවලා නේත්‍රලා වට වෙලා ඉදීවි....මෙහෙම අපිට නිහඩව අහස දිහා බලන් ඉන්න බැරි වේවි....පුංචි උන්ගෙ සද්ද වලින් අපේ කන් පිරේවි සුදුබේබි....වටේ දේවල් වෙනස් උනත්,නේත්‍ර එදාටත් සුදුබේබිගෙ පපුවට තුරුල් වෙලා ඉදීවි...වටේ පිටේ මොන සද්දෙ තිබ්බත් නේත්‍ර සුදුබේබිගෙ පපුව ගැහෙන සද්දෙට ඇහුම්කන් දීගෙන ඉදීවි...."

නේත්‍රගෙ හිස් මුදුන උඩින් හාද්දක් තැවරුව ආශව පුංචි එකාව තව ටිකක් තුරුල් කරගනිද්දි ආශවගෙ අතක් උඩින් තොල් තද කෙරුව නේත්‍ර ආශවගෙ කන මතින් ගැටපිච්ච මලක් රදවලා සන්තෝසෙන් හිනා උනා.කනේ රැඳෙව්ව ගැටපිච්ච මලට අවධානෙ නොදුන්න ආශව තමන්ගෙ අත් අතරට වෙලා සන්තෝසෙන් හිනා වෙන ගැටපිච්ච මල දිහා බලලා සැනසිලි සහගත හුස්මක් පහල දැම්මා.දෙන්නට දෙන්නගෙ ලග ඉද්දි දැනෙන සැනසීම උපරිමයෙන් විදින ගමන් ආශව නේත්‍ර දෙන්නා තව ටිකක් එකිනෙකාට තුරුල් වෙද්දි අලුත් අවුරුදු උදාව සනිටුහන් කරන ගමන් නුවර ආකාහෙ මල් වෙඩි වලින් සැරසුනා.

...................................................................................................

වචන 6500+😓❤️

කොච්චර ලිව්වත් ඔයාලා දැන් මේකට ආසා නැති වීගෙන එනවා කියලා හිතිලා ඉවරයි අනේ මට🥺💔 වරදක් තියේනම් කියලා දෙන්න කියලා කිව්වත්.....කමක් නෑ.ඉතුරු වෙන පස් දෙනාට හරි ලියනවා කියලා මම හිතාගෙන ඉන්නෙ❤️

මොකත්ත මේ අද උනේ🤔 මේකට කලන්තෙ දැම්මනම් නේට්ටයා......😓 මගෙ අසරණ අහිංසක දරුවා😭❤️ මම හරි ආදරෙයි නේට්ට පැංචට🥺❤️

එහෙනම් බබාලා පුලුවන්නම් අදත් අදහසක් දීගෙන යන්න🥺❤️ මේක හොදද....දැනුනද කියල.

කොල්ලො දෙන්නා🥺❤️

නේට්ටගෙ පුංචි අත් විත් ආසවගෙ ලොකු අත්🌚❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter