Back
/ 107
Chapter 104

102 වන කොටස🤍✨️

නිවාලන්න මා...

සාමාන්‍යෙන් කාෂ්ටක අව්වකට නේත්‍ර ඒ තරම් ප්‍රිය කලේ නැති උනත් අද දවාලෙ ඉදන් ගිනි ගහන්න පායන කොළඹ ආකාහෙ දිහා නේත්‍ර බලන් උන්නෙ ආසාවෙන්.හවස හතට පටන් ගන්න ලංකා ප්‍රිමියර් ලීග් අවසන් තරඟය දවසෙ මෙහෙම පායන එක ගැන නේත්‍ර ඇත්තටම හිටියෙ සන්තෝසෙන්.එලියෙ තිබ්බ ඔංචිල්ලාව උඩට වෙලා පැද්දි පැද්දි උන්නු නේත්‍ර එකපාරටම ගැස්සිලා ගියේ තමන්ගෙ ඔලුවට දැනුනු ස්පර්ශෙ නිසා.

"අභී මාමා"

"චූටි පුතා.....ආ මේක බොන්න....මැන්ගො වලට ආසයි කියලා ආශව කියලා තියෙනවා මම එක්ක....රසද දන්නෑ ඒත්"

"අභී මාමා මොන දේ හැදුවත් හරි රසයි"

නේත්‍ර හිනා වෙලා කියලා බීම වීදුරුව අතට ගනිද්දි අභිෂේකුත් එතනින්ම ඉදගත්තා.අත් දෙකෙන්ම වීදුරුව අල්ලගෙන හුරතලේට බීම එක බොන නේත්‍ර දිහා බලන් උන්නු අභිෂේක් මොනාහරි මතක් වුණා වගේ කතා කලා.

"චූටි පුතා....."

"ඕ මාමෙ...."

"දිව්දේත්‍රා.....එයාගෙන් ආශවට කරදර වැඩියිද?"

"අ.....අභී මාමා ඇයි එහෙම ඇහුවෙ?"

"මම එෆ්බී පෝස්ට් එකක් දැක්කා.....ෆස්ට් මැච් එකේදි ආශව විතරක් කලර්ස් පෙන්නුවෙ අලහකෝන්ගෙ දුවව බඳින්න ඉන්නෙ ආශව නිසාය.....ආශවව හයිලයිට් කරන්න ඕනි නිසා අලහකෝන් ටීම් එකම බිල්ලට දුන්නාය කියලා"

"මාත් දැක්කා මාමෙ....."

නේත්‍ර ලොකු හුස්මක් පහල දාද්දි අභිෂේක් නේත්‍රගෙ කර වටේ අතක් යවලා නේත්‍රව ලං කරගත්තා.බීම වීදුරුව අල්ලන් උන්නු නේත්‍රගෙ අත් ලාවට ගැහෙන වග දැක්ක අභිෂේක් නේත්‍රව සන්සුන් කරන්න උත්සාහ කලේ නේත්‍ර ඉන්නෙ දුකින් කියලා තේරුනු නිසා.ආශව ගෙදරින් පිට වෙන්න කලින් නේත්‍රට හැමදෙයක්ම කිව්වා.එච්චර දවස් නේත්‍රට සමාජ මාධ්‍ය වලට එන්න එපා කිව්ව හේතුවත් ඒකම වග ආශව හෙමින් පැහැදිලි කරලා තිබ්බා.වැල යන අතට මැස්ස ගහන්න දක්ෂ දිව්දේත්‍රා එදා තමන්හෙ සැලසුම ව්‍යර්ථ උනත් ආශව දක්ෂතා පෙන්නුව එකේ වාසියත් තමන්ගෙ පැත්තට හරවගෙන තිබ්බෙ රුපියල් පන්දාහෙ මුදලකට ඕනිම පක්කලි වැඩක් කරන තමන්ට හිතවත් මුහුණුපොතේ ප්‍රසිද්ධ පේජ් කාරයන්ගෙ උදව්වෙන්.

"දිව්දේත්‍රා ඔයා ගැන දන්නවද?"

"නෑ අභී මාමෙ.....මෙහෙ එන්න කලින් දවසක රෑ එහෙ පාටි එකක් තිබ්බෙ.....එදා දිව්දේත්‍රා ඇවිල්ලා සුදුබේබිව තුරුල් කරගන්න....ආවේගෙට සුදුබේබිට කෑ ගැස්සවිලා එයාට...මගෙ නම නොකිව්වට සුදුබේබි මාව මතක් කරගෙන කෑ ගහලා"

"ඊටපස්සෙ?"

"දිව්දේත්‍රා ඉදලා තියෙන්නෙ බීලා හොදටම....එයාට සුදුබේබි කෑ ගැහුවා මතක තිබ්බට මොනාද කිව්වෙ කියලා මතක නෑ කියලා ආදිත්‍ය අයියා එක්ක කියලා....ආදිත්‍ය අයියා සුදුබේබිට කියලා තිබ්බා පරිස්සම් වෙන්න කියලා"

"ආදිත්‍ය තාම දිව්දේත්‍රා එක්ක කතාබහ කරනවලුද?"

"දැන් නැහැලු.....එදා ඔය ගැන ආදිත්‍ය අයියට කිව්ව වෙලේ ආදිත්‍ය අයියා දිව්දේත්‍රාට කියලා ආයෙ කතා කරන්න එන්න එපා කියල....දෙපැත්ත කන වැඩ කරන්න බෑ,ඒ නිසා කතාබහත් නවත්තමු කියලා"

"එහෙනම් හොඳයි...විශාරත් මට කිව්වෙ....කෝච් කතා කරන්න සෙට් උනු වෙලාවක කියලා ආදිත්‍ය දක්ෂයෙක් උනාට නිකංම විනාස වුණා කියලා"

"පවු අභී මාමෙ.... මොනා උනත් ඒ කෙනාගෙ ජීවිතේ...."

"ඔව්.....එතකොට ඔය කෙල්ල ඔයාට මොනාහරි කියලා තියේද?"

"නෑ අභී මාමෙ"

"දැම්මොත් කියන්න චූටි පුතා....කෙල්ලෙක්ට අත උස්සන්න කැමති නෑ මම....අනික කෙල්ලෙක්ට කෑ ගහන්නත් බැ මට....හැබැයි මිනිහෙක්ට දෙකක් කියන්න පුලුවන්"

"ඈ...."

"මම ගිහින් අලහකෝන්ටම දෙකක් කියල එනවා දෝණියැන්දෑ ගැන එහෙම උනොත්....තාත්තා දැනගන්න ඕනිනෙ දූ පොඩිත්තව හදාගන්න"

නේත්‍ර ඔලුව වනද්දි අභිෂේක් නේත්‍රව තුරුල් කරගත්තා.අභිෂේක් නේත්‍රට පුදුම විදියට ආදරේ කලා.තමන්ගෙම දරුවා විදියට නේත්‍ර ගැන හිතන අභිෂේක්ට නේත්‍ර වෙනුවෙන් කලින් කිව්ව වගේ දෙයක් කරන එක අමාරු වැඩක් උනේ නෑ.නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බ අභිෂේක් නේත්‍ර එක්ක සුහද කතාබහක යෙදිලා හිටියා.

මේ අතරෙ ආශවලගේ කාමරේ ඇතුලෙ තිබ්බෙ උණුසුම් වාතාවරණයක්.ලියෝනුයි ගුර්බාසුයි අහේතුවකව මරාගනිද්දි ආශව පැත්තකට වෙලා ඒක දිහා ඔහේ බලාගෙන හිටියා.

"අයි කොල්ලා නැත්තං මට බෙවරේජ් කොල්ලා ඕනි"

"බෙවරේජ් නෙවෙයි යකෝ බිවේෂ්!"

"ආ....ආ....ඒ කොල්ලා ඕනි"

"එයාව දෙන්න බෑ!"

"බෙවරේජ් කොල්ලගෙ හෙයා එක ලෝන්ග්....අයි කැන් ටයි පෝනි ටේල්ස් ඒකෙන්....ඕනි ඕනි...."

"එයා බිවේෂ්!"

"යෙස් යෙස් බෙවරේජ්!"

"ආශව අයියෙ මූට ගහපංකො"

"ආශව ගහන්නෑ....අයි කොල්ලා එයාගෙ.....මගෙ බෙවරේජ් කොල්ලා!"

"එයා බිවේෂ්....අනික ඌව උඹට දෙන්නෑ ගුර්බාස්!"

"නෑ නෑ මගෙ....මගෙ මගෙ ඈ"

"උබ ගේ ද?"

"නෝ නෝ.....අල්ලාහ්! නෝ නෝ!"

"එහෙනම් ඉල්ලන්නෙ?"

"බෙවරේජ්ගෙ හෙයා එක ස්වීට්....පෝනි ටේල්....."

ගුර්බාස්ගෙ ආගමට අනුව සමලිංගිකත්වය වරදක් වෙද්දි ගුර්බාස් හොඳටම බය උනා.ඇත්තටම ගුර්බාස් මෙ කොල්ලොන්ව ඉල්ලන්නෙ ලස්සන නිසා මිසක් රෝමාන්තික හැඟීමකට නෙවෙයි කියලා දැනන් උන්නු ලියෝන් බොරුවට ගුර්බාස්ව අවුස්සන ගමන් හිටියා.ඒත් එක්කම දුරකථන ඇමතුමක් ආශවට එද්දි නොදන්න අංකයක් නිසා ආශව ඒ දිහා බලන් ඉදලා නොරුස්සන සද්දයක් පිට කරලා ඒක ගණන් නොගෙන හිටියේ ඒ දිව්දේත්‍රා කියලා හිතුව නිසා.

"ආශවයා ......"

"සනුක!"

"ලියෝන් මල්ලී...."

"අයියේ!!!"

"ගුර්බාස්....."

"ලස්සන ශනුක!"

ගුර්බාස් කාමරේ දොර අරිද්දි ඇතුලට ඇවිදන් ආව සනුක කට්ටියටම උනුසුම් විදියට සුභ පතද්දි කොල්ලො තුන් දෙනාත් සනුකව පිලිගත්තෙ හරි සතුටින්.බිවේෂ් ඇවිල්ලා කියන පණිවිඩය දුන්නු සනුක දිහා බලලා හිනා වුණු ලියෝන් කාමරෙන් එලියට යද්දි ගුර්බාස් තමන්ට ආව දුරකථන ඇමතුමකට කතාකරන්න ගියා.ආශව දිහා බලලා බඩට පාරක් දුන්නු සනුක ඇඳට වැටිලා ගෙම්බා වගේ පත බෑවෙද්දි ආශව සනුකට ටිකක් ඉන්න කියලා නානකාමරේ ඇතුලට ගියේ දිග වෙලාවක් තිස්සෙ තිබ්බ මුත්‍රා බර පිට කරගන්න.මෙච්චර වෙලා ගුර්බාසුයි ලියෝනුයි මරාගත්තෙ නානකාමරේ දොර ඉස්සරහ නිසා ආශව හිටියෙ හරි වේදනාවෙන්.

"මේ මොකෙද්ද මේ?"

ආශවගෙ දුරකථනෙට ආව නාදුනන ඇමතුම දිහා බලන් හිටිය සනුක හිතට ආව මොකද්ද මංදා අමුතු මූසල හැඟීම නිසා ඒකට සම්බන්ධ වුනා.

"හෙ......"

"හො හෝ ආශව!!!!! ඉතින් කොහොමද?"

"................"

"කතා කරන්නැත්තෙ අඳුනගන්න බැරි නිසාද? නැත්තං.....නැත්තං බලාපොරොත්තු නොවුනු නිසාද?"

"..............."

"මම ආවා ආශව.....මගෙ අත දකින දකින වාරයක් ගානෙ මට තෝව මරන්න තරම් එන කේන්තිය මාස ගාණක් තිස්සෙ එකතු කරගෙන මම මේ ආවෙ"

".............."

"එහෙනම් බලාපොරොත්තුවෙන් ඉදපං මාව! මේ පාර උඹේ පොඩි එකාව විනාසම කරලා මම පස්ස බලන්නෙ!!! "

ඒත් එක්කම දුරකථන ඇමතුම විසන්ධි වෙද්දි සනුක ඒ දිහා බලන් හිටියෙ පුදුමාකාර හිස් බැල්මකින්.අතක් ගැන නේත්‍ර ගැන කියද්දි හරියට මුකුත් හිතාගන්න බැරි උනත් නේත්‍රට කරදරයක් වෙන්න යන්නෙ කියන එක සනුකට තේරුම් ගන්න පුලුවන් වුණා.ඒත් එක්කම නානකාමරෙන් එලියට ආව ආශව සනුක ලඟින් ඉදගනිද්දි සනුක ආශව එක්ක ආයාසෙන් හිනාවුණා.

"උබ ආවෙ මොකෝ?"

"ඇයි අපි එන්න හොඳ නැද්ද?"

"නෑ නෑ නිකං ඇහුවෙ....ග්‍රවුන්ඩ් එක නෙවෙයිනෙ උබට එන්න එපා කියන්න"

"උබට විශ් කරලා යන්න ආවෙ....හොඳට ප්ලේ කරපං හරී"

"ඕකේ.....උඹත්....ගුඩ් ලක් සනුක....කොහොමහරි මේකෙන්ම නැෂනල් සිලෙක්ට් වෙන්න බලපං"

"උඹත්.....මම තනියම යනවට වඩා උඹ එක්කම යන්න තිබ්බනම් හිතට හොඳයි මගෙ"

සනුක කියද්දි ආශව හිනා වුණා.ආශවගෙයි සනුකගෙයි යාලුකම නොසෑහෙන්න මෝරලා තිබ්බත් දෙන්නම තමන්ගෙ ආදරේ වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙලා තිබුනා.යාලුකම ආදරේට වඩා වටිනවා කියලා කිව්වට නේත්‍ර ඉස්සරහ තමන්ගෙ ජීවිතේ පවා දූවිල්ලක් විදියට දකින ආශව යාලුකම ආදරේට උඩින් තියාගන්නවා කියන එක කොහෙත්ම වෙන්න බැරි දෙයක් වුණා.

අනික් පැත්තෙන් සනුකගෙ තත්වෙත් ඒ හා සමාන වුණා.ආශවගෙයි නේත්‍රගෙයි මැද්දට නොයා පාඩුවෙ දුරින් ඉදන් ආදරේ කරන එක යාලුකමට බලපෑමක් ඇති කරන්නෑ කියලා සනුක තරයේ ඇදහුවා.තමන් ආශවට වල කපන්නෙත් නැත්තං,නේත්‍රව බලෙන් අයිතිකරගන්න හදන්නෙත් නැත්තං ඒකෙ තියෙන වරද මොකද්ද කියලා සනුක තමන්ගෙන්ම සියවතාවක් විතර අහගත්තා.

ආශවගෙන් හදිසියේම සමුගත්තු සනුක හෝටලෙන් එලියට ගිහින් තමන්ගෙ වාහනේට ගොඩ උනා.නේත්‍රට කරදරයක් වගේ දෙයක් තේරුනත් ඒ ගැන ආශවට කියලා හෙටට නියමිත තීරණාත්මක තරඟාවලිය අවුල් කරලා ආශවගෙ මානසිකත්වෙ වට්ටන්න සනුකට ඕනි උනේ නැහැ.සනුක හුඟක් කල්පනා කලා.කල්පනා කරලා සනුක දුරකථන ඇමතුමක් ගත්තෙ තෙවින්ට.

"හෙලෝ සනුක....කියන්න"

"හෙලෝ.....ත්....තෙවින් උඹ එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?"

"කියපං"

සනුක දුරකථන ඇමතුම ගැන විස්තර තෙවින්ට කිව්වා.ටික වෙලාවක් යනකං සද්ද නොකර හිටිය තෙවින් හ්ම්ම් හ්ම්ම් ගාන සද්දෙ අහගෙනම සනුක තමන්ගෙ ඇඟිලි වල තිබ්බ නියපොතු ටික කන්න ගත්තා.

"උඹ මේක ආශවට නොකිව්ව එක ලොකු දෙයක්....නැත්තං ඌ හෙට මැච් එක අනාගන්නවා"

"ඒක තමා මම නොකිව්වෙ"

"හැබැයි මේක අන්තිම වතාව වෙනවනම් මම කැමතියි සනුක"

"ඒ කිව්වෙ?"

"ආශවගෙයි නේත්‍රගෙයි ප්‍රශ්න වලට උඹ ආයෙ මැදිහත් වෙන්න එපා....උන් දෙන්නව බලාගන්න මමයි අයියයි ඉන්නවා...තරහා වෙන්න එපා සනුක මෙහෙම කිව්වට....උඹයි ආශවයයි අතරෙ ප්‍රශ්නයක් ඇති උනොත් අපිට උඹේ පැත්ත ගන්න බෑ උඹ කොච්චර සාධාරණ උනත් ....උඹ දැන දැනමනෙ නේත්‍ර මල්ලි ගැන හිතන්නෙ....ඒ නිසා කොහොමත් උඹට අපි නෑ සනුක"

"මාව තනි උනාට කමක් නෑ තෙවිනා....නේත්‍ර මල්ලිව රැකපං....මට ඕනි එච්චරයි"

"ඒක අපි නොකලත් ආශව කරනවනෙ සනුකයා....උඹ හිත හදන් පැත්තකට වෙන එක තමා හොඳම දේ...උඹ ඔය විහින් විදවන්න හදන්නෙ"

"හ්ම්ම්...එහෙනම් බය වෙන්න දෙයක් නෑ නේද? උඹ මල්ලිව බලාගන්නවනෙ"

"ඔව්! පොඩි එකා පරිස්සම්....උබත් ඔලුව අවුල් කර නොගෙන මැච් එකට ෆේස් කරපං"

දුරකථන ඇමතුම විසන්ධි කෙරුව සනුක තමන්ගෙ දුරකථනයේ සඟවලා තිබ්බ ෆෝල්ඩරයක් විවර කරලා ඒකෙ තිබ්බ නේත්‍රගෙ ඡායාරූපයක් දිහා බලන් හිටියා.එදා පාසලේ ප්‍රසංගයේදි ගත්තු ඒ ඡායාරූපෙන් කැපිලා පේන නේත්‍රගෙ ඇස් දිහා බලන් උන්නු සනුක දුරකථන තිරයට වැටුණු කදුළු බිංදුව බොඳ වෙලා යන හැටි බලන් හිටියා.

"විඳවීම ඇතුලෙ තියෙන හැඟීම ඔයානම්....මම ඒ විඳවීමට හරි ආදරෙයි නේත්‍ර මල්ලි!"

සනුක ටිකෙන් ටික තනිකම කියන අඳුරු ආගාධෙට ඇදෙමින් හිටියා.ඔය ආගාධෙ ඇතුලෙ අතරමං වෙනවා,හිර වෙනවා කියලා දැන දැනම ඒකට ඇදෙමින් හිටියා.

..............................................................................................

"අඩේ....මේ ටීෂර්ට් එක හෙන ගතිනෙ චූචි....කොහෙන්ද මේක?"

"ඔන්ලයින් ඕඩර් කලා දවසක් මම සුදුබේබිගෙන් අහගෙන....රුපියල් දෙදාස් ගාණයි උනේ ....ලස්සනයි නේද?"

"ඔව් අනේ....ඒක හෙන ගති.....මේ මේකා හෙන ලස්සනයි නේත තෙවින්?"

තෙවින් දිවාෂ දිහා ඇස් හීනි කරලා බලාගෙන හිටියා.ඔව් කියන්නද නෑ කියන්නද කියන ලෝක දෙක අතරෙ මාරුවෙන් මාරුවට දෝලනය වෙන ගමන් හිටිය තෙවින් එක දිගටම තමන්ගෙ ඔලුව ඇතුලෙ සන්සන්දනාත්මක විග්‍රහයක යෙදෙන්න ගත්තා.මෙහෙම උනොත් කොහොම වෙයිද කොහොම උනොත් මෙහෙම වෙයිද කියලා කල්පනා කෙරුව තෙවින්ට අන්තිමට සමාන කිරීම එක්ක ආව උත්තරේ උනේ ගුටිකෑම කියන එක.හැබැයි ඒත් එක්කම මේ ඉන්නෙ නේත්‍ර නේද කියලා මතක් වෙලා ආයෙමත් තෙවින් ගණනය කිරීම කරන්න පටන් ගත්තම අවසන් උත්තරේ විදියට ආවෙ "ආසවයා නැත්තං මම මෙලහටත් නේට්ට චූචියව බැඳලා අනේ" කියන පිලිතුර.ලොකු හුස්මක් පහල දැම්ම තෙවින් හරිම සන්තෝසෙන් ගණනය කිරීම් ගනනාවකට පස්සෙ ලැබුනු උත්තරේ දිවාෂ ඉස්සරහ දිගෑරියා.

"ඔව්!"

"ඒකනෙ.....චූචියා තමා ලස්සනම"

සැනසුම් සුසුමක් පහලට දැම්ම තෙවින්ට මතක් උනේ මීට ටික දවසකට කලින් ඇඳුමක් ගන්න බොරැල්ලට ගිය වෙලේ ඒ හරියෙ හිටිය කොල්ලෙක්ව පෙන්නලා දිවාෂ ලස්සනයිද අහද්දි තමන් ඔව් කිව්ව හැටි වගේම ඒත් එක්කම ඇස් නිලංකාර වෙලා යන්න දිවාෂ අතේ තිබ්බ වතුර බෝතලෙන්ම තමන්ට දීලා දාපු හැටි.හැබැයි මේ ඉන්නෙ නේත්‍ර නිසා දිවාෂගෙ සාමාන්‍ය හැසිරීම වෙනස් කියලා තේරුන් අරං හිටිය තෙවින් තනියම ආඩම්බර උනේ තමන්ගෙ බුද්ධිය හුඟක් තියුණු නිසා.

"යංද අපි.....චූටි පුතා....ඔයත් දිවාෂ පුතා වගේ කොණ්ඩෙ ටිකක් උඩට වෙන්න හදාගන්නකො"

"මෙහෙම හොඳයි අභී මාමෙ...."

"ආසවයා ආසා ඔහොම.....කොන්ඩෙ නලලට වැටිලා තියෙද්දි මෙයාගෙ....ඒකයි ඔහොම යන්නෙ මේකා"

දිවාෂ හිනා වෙවී කියද්දි අභිෂේක් නේත්‍රගෙ කොණ්ඩෙ තව ටිකක් අවුස්සලා එලියට බැස්සා.විශාර කලින්ම ගිහින් තිබ්බ නිසා තමන්ගෙ V8 රථයට නැග්ග අභිෂේක් නේත්‍රව ඉස්සරහ ආසනේට ගනිද්දි තෙවිනුයි දිවාෂයි පිටිපස්සට ගොඩ වුණා.හරිම සතුටින් වටපිට බල බල හිනාවෙවී යන නේත්‍රට ලොකු උවමනාවක් තිබ්බෙ ආශවව බලාගන්න.ඒත් ඒකට ඉඩක් තියෙයිද කියලා විශ්වාසයක් නොතිබ්බත් ආශවව පිට්ටනියෙදි හරි බලාගන්න පුලුවන් නිසා නේත්‍ර නොඉවසිල්ලෙන් හිටියා.

"මොකද්ද චූටි පුතා ඔය?"

"ට්...ටිකට් එක අභී මාමෙ"

නේත්‍රගෙ දුරකථනෙට එබුනු අභිෂේක් අහද්දි ලැබුනු නේත්‍රගෙ උත්තරේ එක්ක නේත්‍රගෙ ඔලුව අතගෑව අභිෂේක් හිනා වෙලාම වාහනේ පදවගෙන ගියා.ටිකකින් වාහන අංගනයෙන් වාහනේ ගාල් කල අභිෂේක් කොල්ලො තුන් දෙනා එක්ක බැහැලා යද්දි නේත්‍ර බලන් හිටියෙ වෙන ඇතුල්වීමක් දිහාට කට්ටියම යන නිසා.

"මාමෙ....මම මෙතනින් ඇතුලට යන්නම්"

නේත්‍ර හෙමින් සැරේ කිව්වෙ අනික් කට්ටියම මිල අධික අසුන් පැත්තට යද්දි තමන් ගත්තෙ සාමාන්‍ය ටිකට්ටුවක් නිසා.ඒත් එක්කම නේත්‍රගෙ ඔලුව අතගෑව අභිෂේක් තෙවින් දිවාෂ දෙන්නගෙ පස්සෙන්ම නේත්‍රව අල්ලගෙන යන්න ගත්තා.

"අද ඔයත් ග්ලාස් රූම් එකට වෙලා මැච් එක බලන්නෙ"

නේත්‍ර ටික වෙලාවක් ඇස් දෙක ලොකු කරං බලන් ඉද්දි නේත්‍ර ලඟට පාත් වුනු අභිෂේක් ඒ පුංචි මූණෙ කොනකින් තමන්ගෙ තොල් තද කෙරුවා.නේත්‍රවත් අරගෙනම වීදුරු කුටියට ගිය අභිෂේක් එතන ඉදිරිපස ආසනේක ඉඳගෙන උන්නු විශාරගෙ කොන්ඩෙ අවුස්සලා ඒ ලඟින්ම ඉදගත්තෙ නේත්‍ර දිවාෂ තෙවින් තුන් දෙනත් ඊට එහා පැත්තෙන් ඉදගනිද්දි.

"නේත්‍ර පුතා....ගමනක් යං එන්න"

විශාර කියද්දි නේත්‍ර නැගිට්ටෙ කොහෙද යන්නෙවත් නාහා.තමන්ගෙම අය වගේ දැනෙන ඒ මිනිස්සු දෙන්නව අවිශ්වාස කරන්න නේත්‍රට උවමනාවක් තිබ්බෙ නෑ.නේත්‍රව ඉස්සර කරගත්තු විශාර එහෙම්මම ඇතුලෙ තිබ්බ කොරිඩෝවක් දිගේ ගිහින් කාමරයක් ලඟින් නැවතෙද්දි නේත්‍ර ඒකෙ තිබ්බ නාම පුවරුව දිහා බැලුවා.

"ඩ්‍රෙසින් රූම්?"

ඒත් එක්කම දොර ඇරගෙන ඇතුලට ගිය විශාරව දැක්ක කොල්ලො කියෝ කියෝ හිටිය දේවල් ඔක්කොම නවත්තලා හිටගත්තා.හැමෝම එක්කම හිනා වුනු විශාර කට්ටියටම තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා අතින් සන් කරලා ඇතුලට ඇවිදන් යද්දි නේත්‍ර බලන් හිටියෙ විශාර ආව වගවත් නොදැන කාමරේ කොණකට වෙලා ඩිප් ගහන තමන්ගෙ සුදුබේබි දිහා.

"අයි කොල්ලා!!!! ලස්සන කොල්ලා!!!!"

බිම ඩිප් ගහන ගමන් හිටිය ආශවගෙ ඇඟේ පැටලිලා වැටිලා ඉස්සරහට දුවං ආව ගුර්බාස් නේත්‍රගෙ ඉස්සරහින් හිටගෙන දත් තිස් දෙකම පෙන්නලා නේත්‍ර එක්ක හිනා උනා.නේත්‍රත් මුකුත් නොදන්නවා උනාට තමන් එක්ක හිනා වෙච්ච මනුස්සයෙක්ව ගණන් නොගෙන ඉන්නවා වගේ ගති තමන් ලග නැති නිසා කටපුරා ගුර්බාස් එක්ක හිනා වුණා.

"අයි කොල්ලා! ලස්සන කොල්ලා! ඇත්තද බලන්න යන්නේ කොල්ලා!"

ගුර්බාස්ගෙ වචන තේරුම් ගන්න බැරි උනු නේත්‍ර බලාගෙන ඉද්දිම ගුර්බාස් තමන්ගෙ ඇඟිල්ලක් නේත්‍රගෙ මූණ ලඟටම අරං ආවා.නේත්‍රගෙ මූණ ඇත්තම මූණක්ද බලනවා වගේ රඟපාන්න ඇඟිල්ල ඉස්සරහට අරං ආව ගුර්බාස්ගෙ අත එකතැන නැවතුනෙත් ඒ අත හයියෙන් අල්ලගත්තු ආශව කට කොණකින් හිනාවක් දාගෙන ගුර්බාස් දිහා බැලුවෙත් එකම වෙලාවෙ.

"නෝ! නොට් ටුඩේ ගුර්බාස්!"

ආශවගෙ ගැඹුරු හඬට ගුර්බාස්වත් ටිකක් ගැස්සිලා යද්දි ආයෙම වතාවක් ආශව එක්ක තරහා උනු ගුර්බාස් ගස්සගෙන යන්න ගියත් ආයෙම පිටිපස්සට ඇවිත් නේත්‍රගෙ මූණට එබුනා.

"අයි කොල්ලා ලස්සනයි! ෆොටෝස් වලටත් වඩා ලස්සනයි!"

"තෑන්ක්ස්"

නේත්‍ර හිනා වෙලා ගුර්බාස්ට කියද්දි ගුර්බාස් උඩ පැන පැන එතනින් යන්න ගියා.කාමරේ ඇතුලෙ හිටිය හුඟක් අයගෙ ඇස් තමන්ගෙ දිහාවට තියෙන බව තේරුම් ගත්තු ආශව දුර පරතරේ තියංම නේත්‍ර එක්ක කතා කලේ අර වීඩියෝවෙන් පස්සෙ මේ කට්ටියටම නේත්‍රගෙ රූපෙ හුරු පුරුදු එකක් වෙලා තිබ්බ නිසා.

"නේත්‍ර....."

"සුදුබේබි.....හොඳට ප්ලේ කරන්න"

"ශුවර් මැණිකෙ.....මම උපරිම හොඳින් ප්ලේ කරනවා"

ආශව කියද්දි නේත්‍ර හිනා උනා.ඒත් එක්කම දුරකථනෙ කනේ තියාගෙන ආශව ලඟට ඇවිදන් ආව විශාර ආශවට එලියට එන්න කිව්වෙ දුරකථන ඇමතුම ආශවට සම්බන්ධ එකක් කියලා අනික් අයට හිතෙන විදියට.කවුරුත් නැති කොරිඩෝව අයිනට ගිය විශාර ඒ ලඟම තිබ්බ් නාන කාමරේට රිංගගනිද්දි ආශව නේත්‍රගෙ ඉණෙන් ඇදලා ලඟට ගත්තා.

"සුදුබේබි! කවුරුහරි ඒවි"

"ඉතින්?"

"ඉතින් කියන්නෙ ඇයි සුදුබේබි.....අපි කවුද අහයි මෙහෙම ඉන්න"

"මම කියනවා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා"

"ඒකම තමා මට බය සුදුබේබි.....සුදුබේබිගෙ අනාගතේම විනාස වෙයිද කියලා බයයි"

"විහිලු කරනවද ආ?"

"................."

"ජීවිතේ ඉස්සරහට යන්නෙ ඔයා නිසා....විනාස වෙනවා කියන්නෙ මොකද්ද? නිකං මගෙ ලේ කෝප කරවන්න එපා නේත්‍ර! ඔයා දන්නවා මම ඔහොම කතා වලට කැමති නෑ කියලා!"

"සැර කරන්නෙපා සුදුබේබි මට....."

"................."

"කොළඹ ගියාට පස්සෙ සුදුබේබි නේත්‍රට සැර කරන්නත් ඉගෙන ගෙන....."

"සැර නෙවේ දෙකක් දෙන්න වටින්නෙ.....ඔහොම කතා කියන්න එපා මැණිකෙ....එන ප්‍රශ්නෙකට දෙන්නම මූණ දෙන්න බලාගෙනනෙ මේ ගමන ආවෙ....ඔයා ඔයාට වරද පටවගන්න එපා ඒ නිසා"

"සමාවෙන්න සුදුබේබි.....මම මේ ටිකේ හිතනවා වැඩියි"

"ඒක තමා....එච්චර හිතන්න එපා....එන දේකට එවෙලෙට මූන දෙමු....ම්ම්ම්"

නේත්‍රගෙ නලලෙන් හාද්දක් තැවරුව ආශව මුමුනද්දි නේත්‍ර ඒ නොසෙල්වෙන ඇස් දිහා බලාගෙන ඔලුව උඩපහල වැනුවා.ආශවගෙ හීනි තද දුඹුරු ඇස් වල කිසිම චංචල ගතියක් තිබ්බෙ නෑ.නේත්‍ර වෙනුවෙන්ම විතරක් ඒ ඇස් නොසෙල්වී තිබුනා.ඒ ඇස් වල ආදරය විශ්වාසය අධිෂ්ඨානය පිරිලා තියෙද්දි නේත්‍ර ඔලුව පැත්තකට බර කරලා ආශව එක්ක හිනා උනා.නේත්‍රගෙ පිරුණු කම්මුලක් මිරිකුව ආශව එබුනෙ නේත්‍රගෙ මූණට.

"නේත්‍ර....."

"ඕ සුදුබේබි....."

"තව ටිකකින් මැච් එක පටන් ගන්නවනෙ"

"ඕ......"

"ඇඟට කිසිම ෆිට් එකක් නෑ වගේ......."

"දෙයියෝ!!! බත් කෑවෙ නැද්ද සුදුබේබි"

"අනේ....අනේ අනේ අනේ.....අනේ බත් නෙවේ....අයියෝ අනේ...."

ආශව තොල් දෙකත් අනික් පැත්ත ගහගෙන කෙදිරිගාන්න ගනිද්දි නේත්‍ර බලන් හිටියෙ එකපාරටම සුදුබේබිට වැහුනු බබා මොකාද කියලා හිතාගන්න බැරුව.දඟලන ආශවගෙ මූණ තමන්ගෙ අත් දෙකට මැදිකරගත්තු නේත්‍ර තමන්ගෙ බෝල ඇස් වලින් ආශවගෙ ඇස් දෙක අල්ලගත්තා.

"සුදුබේබි....ඇයි මේ?"

"ඒකට බේත බත් නෙවේ අනේ.....ඔයා ලඟ තියෙන දෙයක්"

"ස්.....සුදුබේබිට උම්මා එකක් ඕනි වෙලාද මගෙන්?"

"ද්....දෙයියනේ!!!! ඔව් ඔව්!!!"

ආශව හිතින් දහස් වාරයක් දෙයියන්ට පිං දුන්නෙ ටිකක් හරි නේත්‍රගෙ මොලේ ආශවගෙ ඕන්නැති දඩබ්බර වැඩ තේරුම් අරං එව්වට ප්‍රතික්‍රියා දක්වන එකට සතුටු වෙන ගමන්.එහෙම්මම ඉස්සිලා ආශවගෙ නලලින් තමන්ගෙ තොල් තද කල නේත්‍ර ආශවගෙන් ඈත් වෙද්දි ආශව නේත්‍රගෙ තොල් දෙක උඩින් තමන්ගෙ තොල් තද කලා.

"ම්හ්....."

"තව චුට්ටම චුට්ටක්.....ම්ම්ම්....."

විනාඩි දෙකකට විතර පස්සෙ නේත්‍රගෙ තොල් වලින් ඈත් උනු ආශව ආයෙමත් පුංචි එකාගෙ හිස් මුදුනෙන් තමන්ගෙ තොල් තද කලේ හිත ඇතුලෙ මහා සෙනෙහසක් පුරවගෙන.මේ වෙලාවට කවුරුත්ම මේ හරියට එන්නෙ නැති බව දන්න නිසා වගේම,මේ නානකාමරේ ටිකක් ඈතට වෙන්න තියෙන නිසා ක්‍රීඩකයො හැමෝම වගේ පෙර කී කුටියෙම තියෙන නානකාමරේ භාවිතා කරන නිසා ආශවට බයක් තිබුනෙ නෑ.ඒත්,

"මම ආදරේ කරන මනුස්සයා එයාගෙ ආදරවන්තයාගෙන් සැනසෙන හැටි අහන්න තරම් මම අවාසනාවන්තයිද?"

කොරිඩෝවෙ හැරෙන තැන බිත්තියට පිට තියං උන්නු සනුක තමන්ගෙ සුදු කොල ටී ෂර්ටයෙන් ඇස් දෙක පිහගත්තා.ඒත් එක්කම ඇහුනු හාදුවෙ සද්දෙ එක්ක ආයෙමත් සනුකගෙ ඇස් දෙකෙන් කදුළු පල්ලම් බහිද්දි සනුක තමන්ගෙ අත් දෙක ඇස් දෙක උඩින් තියලා තද කරගත්තෙ කදුලු වැටෙන එක වලක්කගන්න.

"අපි යමු ලමයි.....තව පරක්කු උනොත් කට්ටිය හොයයි"

ආශව නේත්‍ර දෙන්නට කතා කරගෙන විශාර එලියට එන සද්දෙ ඇහෙනවත් එක්කම කදුළු පිහගත්තු සනුක නානකාමරේ පැත්තට යන්න අඩිය ඉස්සර කලා.ඒත් එක්කම වේගෙන් ආව පුංචි පුළුන් බෝලයක් සනුකගෙ පපුවෙ වැදෙද්දි අනිච්ඡානුගවම සනුකගෙ අත් පුංචි කොල්ලගෙ පිට උඩින් තද උනා.

"කොහෙද චූටි බබෝ ගාල කඩාගෙන දුවන්නෙ?"

සනුකගෙ ආදරණීය හඬ බර වෙලා නේත්‍ර වෙනුවෙන් පිට වෙද්දිම නේත්‍රව පිටිපස්සට ඇදිලා ගියා.සනුක නොහිතාම පිට කල වචන ටික නිසා නේත්‍රගෙ පපුව වේගෙන් ගැහෙන්න අරං තිබ්බෙ කාලෙකට කලින් ඔහොම කතා කල රධීන්ව මතක් වුනු නිසා.තත්පර ගාණක් ඇතුලත නේත්‍රගෙ යට ගිහින් තිබ්බ අඳුරු මතක ටික උඩට එන්න ගනිද්දි නේත්‍රව වෙවුලන්න ගත්තා. ඒ වෙනස ආශවට ක්ෂණයෙන් තේරුම් යද්දි ආශව නේත්‍රව තද කරලා තුරුල් කරගත්තා.

"ඒක හරි නේත්‍ර.....මේ ඉන්නෙ සනුක අයියා....බය වෙන්න එපා"

නේත්‍රව පපුවට තුරුල් කරගත්තු ආශව කියද්දි සනුක නේත්‍ර ලඟට ගිහින් ආශවගෙ පපුව අස්සෙ හංගන් ඉන්න මූණ ලඟට නැවුණා.

"මම නේත්‍ර මල්ලි මේ.....චූටි බබෝ කිව්වෙ මම....ආයෙ අරූ එන්නෑ ඔයා ලඟට....බය වෙන්න එපා අපි ඉන්නවනෙ"

"ස්.....සුදුබේබි....."

"ඔව් මගෙ නේත්‍ර....සුදුබේබි ඉන්නවා....බය වෙන්න එපා ම්ම්ම්"

ආයෙමත් සනුක කඩා වැටුණා.නේත්‍රට ආදරණීය වෙලා සන්සුන් කරන්න උත්සාහ කලත් තමන් කියන වචනෙකටවත් අවධානෙ නොදී ආශවගෙන් සැනසීම හොයන නේත්‍රව දැක්ක සනුක හොඳටම කඩා වැටුනා.වරද උනේ තමන්ගෙ අතින් උනත් නේත්‍ර ඒකට උත්තර හොයන්නෙ පවා ආශවගෙ වෙද්දි සනුක කඩා වැටෙන්න පුලුවන් පහලම තැනට කඩා වැටුණා.ආශවට තුරුල් වෙලා හයියෙන් හුස්ම ගන්න නේත්‍ර දිහා බලලා තොල්පටවල් තද කරගත්තු සනුක අහක බලාගනිද්දි ආශව නේත්‍රට සැනසිලි වදන් මුමුණනවා සනුකට ඇහුණා.

"දැන් හරි හොඳද? බලන්නකො මේ ඉන්නෙ සනුක අයියනෙ"

"ස්.....සනුක අයියා?"

"ඔව්....එයාගෙන් ඔයාට කරදරයක් නෑනෙ මැණික....කෝ බලන්නකො"

"ස්....සුදුබේබි ඕනි....."

"සුදුබේබි ලඟ ඉන්නවා නේත්‍ර.....කෝ...සනුක අයියා දිහා බලන්නකො....එයා ඔයාගෙ යාලුවෙක්නෙ"

"යාලුවෙක්?"

"ඔව්.....බලන්නකො....සනුක කතා කරපං"

ආශව සනුක දිහා බලද්දි සනුක තමන්ගෙ බොටම ටිකක් උඩට හදාගෙන නේත්‍ර ලඟින් දණ නවාගත්තා.ආශවගෙ පපුවට තුරුල් වෙලා බෝල ඇස් දෙක හෙමීට කරකෝලා තමන් දිහා බලන නේත්‍ර දිහා බලාගෙන උන්නු සනුක ආදරෙන් නේත්‍ර එක්ක හිනා උනා.ටික වෙලාවක් සනුක දිහා බලන් උන්නු නේත්‍ර ලා හිනාවක් මූණට ගනිද්දි සනුක නේත්‍රගෙ පුංචි අතකින් අල්ලගත්තා.මෙවෙලෙ නේත්‍රගෙ හිතේ විශ්වාසයක් ඇති කරන්න ඕනි උනු නිසා 'චූටි බබා' කිව්වෙ සනුක මිසක් වෙන කෙනෙක් නෙවෙයි කියලා ආශව ඒ දේත් ඉවසුවා.

"චූටි බබා....."

"..............."

"ඔයාට චූටි බබා කියන්නෙ මම.....තේරුනාද?"

"............."

"ඔයාට නපුරක් කරන කෙනෙක් නෙවෙයි නේත්‍ර මල්ලි....චූටි බබෝ කිව්වෙ මම....සනුක අයියා"

"සනුක අයියා....."

"ඔව් මම.....මේ මම....."

"ඔව්.....ඔයා....සනුක අයියා.....සුදුබේබි සනුක අයියා නේද ඒ?"

"ඔව් නේත්‍ර එයා තමා"

සනුකගෙ රිදිලා තිබිලා හිත ආයෙමත් හීනියට රිදීගෙන ගියේ තමන් මෙච්චර දේවල් කියලත් නේත්‍ර තාමත් ආශවගෙන් අහ අහ විශ්වාසෙ ඇති කරගත්තු නිසා.අවුරුදු දහයෙ එකොලහේ ඉදන්ම එකට හිටිය ආශවගෙනුයි නේත්‍රගෙනුයි මේ වගේ දෙයක් බලාපොරොත්තු වීම සාමාන්‍ය වුණත් සනුකගෙ පිරිමි හිත ලාවට විතර ආශවට ඉරිසියා කලා.ඒක කොහෙත්ම වෛරීසහගත ඉරිසියාවක් උනේ නෑ.නේත්‍ර වෙනුවෙන් ඉපදුනු ආදරේ නිසා ඇති උනු තරවටුකාරී ඉරිසියාවක් වුණා.

"දෙන්නම දැන් යමු නේද? කට්ටිය හොයයි නැත්තං ඔයාලව.....ටයිම් එකත් හරියාගෙන එන්නෙ"

"මැණිකෙ දැන් අවුලක් නෑ නේද?"

"නේත්‍ර මල්ලි....දැන් බය නෑ නේද?"

විශාරගෙ තියුණු ඇස් නැවතිලා තිබ්බෙ ආශවයි සනුකයි ලඟ.තව ටික වෙලාවකින් තීරණාත්මක අති උද්වේගකාරී තරඟයක් පැවැත්වෙන්න නියමිතව තියෙද්දිත් ආශවයි සනුකගෙ කිසි ගාණක් නැතුව නේත්‍රගෙ සුවදුක් බල බල ඒකට මුල්තැන දීලා තියෙන එක ගැන විශාර ගැඹුරින්ම කල්පනා කලා.ආශව ගැන දන්න නිසා වගේම ආශවගෙ ආදරවන්තයා නේත්‍ර නිසා ආශවගෙ හැසිරීම විශාරගෙ හිත සාධාරණීකරණය කරද්දි සනුකගෙ හැසිරීම විශාරව පුදුම කලා.සනුකගෙන් එලියට ආවෙත් ආශවගෙ හැඟීම් වලට සමාන හැඟීමක් කියන එක ආදරේ ගැන ලොකු අත්දැකීම් සම්භාරයක් එක්ක පරිනත වෙලා උන්නු විශාරට තේරුම් ගන්න අමාරු උනේ නෑ.

"නෑ නැ....එහෙම නැතුව ඇති....මිනියක් මැරෙන වැඩක් වෙන්නෙ නැත්තං!"

විශාර තමන්ටම මුමුණගන්න ගමන් නලලට නැගුනු දා බිඳු පිහගත්තා.හුඟක් අය නොදන්නවා උනාට සනුකගෙ තාත්තගෙ හිතවතෙක් වුණු අභිෂේක්ගෙ මාර්ගෙන් විශාර සනුක ගැන හුඟක් දේවල් දැනගෙන හිටියා.සනුක කියන්නෙත් ආශව වගේම නහරකාරයෙක් කියලා දැනගෙන හිටිය විශාරට බය හිතුනෙ බැරි වෙලා හරි තමන් කලින් හිතුව දේ ඇත්තක් උනොත් මෙව්වා කොහෙන් කෙලවර වෙයිද කියලා හිතද්දි.

දෙවින්ලාගෙ කතාවලින් ආශව නුවර දැම්ම සෙල්ලං ගැන දැනගෙන හිටිය විශාර කල්පනා කලේ ඒ කොල්ලන්ට ගහලා චණ්ඩිකම් කල ආශවගෙ ශක්තියට සමාන ශක්තියක්ම සනුකට තියෙන එක ගැන.දෙන්නා බැරි වෙලා හරි ඇවිලුනොත් කොහෙන් කොහොම නවතියිද කියලා හිතන්නවත් අකමැති උනු විශාර තමන් කලින් හිතුව දේ වැරදෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලුවා.

"දැන් අවුලක් නෑ සුදුබේබි....මම එකපාරටම බය උනා"

"මම ඉන්නවනෙ ම්ම්ම්.....බයවෙන්න එපා....ආයෙ ඔයාට මුකුත් වෙන්නෑ"

"සුදුබේබි ලඟ ඉද්දි බය නෑ මට"

"එහෙනම් යමු ආශවයා.....විශාර සර් කිව්වත් වගේ අපිව හොයයි නැත්තං"

"යං...."

"චූටි බබෝ....බය නෑ නේද?"

"දැන් බය නෑ....සනුක අයියානෙ කියන්නෙ එහෙම"

"ඒකනෙ....ඔයා පරිස්සමට ඉන්න අභිෂේක් සර්ලා ලඟට වෙලා"

"හා සනුක අයියෙ.....ඔයා හොඳට ප්ලේ කරන්න....හොඳ තරඟයක් දෙන්න"

"ශුවර්! අනිවාර්‍යෙන්ම කරන්නම් මම"

සනුකගෙ දිලිසෙන ඇස් වල වැරදි හැඟීමක් නොදැක්ක නිසා සනුක එක්ක හිනා වුණු නේත්‍ර ආශවගෙ පැත්තට හැරිලා ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ආශවගෙ ඔලුව උඩින් අතක් තිබ්බා.

"මගෙ සුදුබේබි හොඳට ප්ලේ කරන්න.....පුලුවන් උපරිම හොඳින්.....හැමෝටම පේන්න ඕනි මගෙ සුදුබේබිගෙ දක්ෂකම....නේත්‍ර ග්ලාස් රූම් එකේ ඉදන් සුදුබේබි වෙනුවෙන් චියර් කරනවා"

"මම දිනලා එන්නම් මැණිකෙ....."

"මගෙ සුදුබේබිට බුදු.....සුදුබේබි!!! දෙයියෝ....."

නේත්‍රට පුරුදු විදියට ඉකි ගැහෙද්දි සනුක තමන්ගෙ ඇසුත් ලොකු කරං බලාගෙන හිටියෙ නේත්‍ර ඉස්සරහ දණ නමලා නේත්‍රගෙ කකුල් උඩින් තමන්ගෙ අත් තද කරලා ඇස් පියන් ඉන්න ආශව දිහා.ආශවගෙ උරහිස් වලින් අල්ලලා නැගිට්ටෙව්ව නේත්‍ර ආශවගේ නලලින් හාද්දක් තියලා ආශවට ආශිර්වාද කරද්දි සනුක තේරුම් ගනිමින් හිටියා ඒ දෙන්නගේ ආදරේ තියෙන මට්ටම ගැන.සාමාන්‍ය වයසින් පරිණත මිනිස්සු දෙන්නෙක් අතරවත් නැති තේරුම් ගැනීමක්,එකිනෙකාට ගරු කිරීමක් තියෙන ආශවයි නේත්‍රයි දිහා බලාගෙන හිටිය සනුක පලවෙනි වතාවට තමන්ගෙ පැත්තෙන් තියෙන ආදරේ හිස්තැනක් දකින්න ගත්තා.

"අපි යං සනුක"

"යං"

"විශාර අන්කල්.....නේත්‍රව පරිස්සමින් බලාගන්න මම එනකං"

"අභී ඉන්නවා ආශව....බය වෙන්න එපා"

"හරි....මැණිකෙ පරිස්සමින්....මම ගිහින් එන්නම්"

"බුදු සරණයි සුදුබේබි"

"චූටි බබා යනවා...."

"බුදු සරණයි සනුක අයියෙ"

විශාරගෙයි නේත්‍රගෙයි පස්සෙන් ඇවිදන් ආව සනුකයි ආශවයි දෙපැත්තට බෙදිලා යද්දි නේත්‍ර ගිහින් අභිෂේක් ලඟින් ඉදගත්තා.නාහෙ රතු කරං එක දිගට කිබුහුම් යවන තෙවින්ව දැක්ක නේත්‍ර තේරුම් ගත්තෙ දිවාෂ මොනාහරි තෙවින්ට කරලා තියෙන වග.නේත්‍රගෙ ලඟ ඉදන් හිටිය දිවාෂ නේත්‍රගෙ කරවටේ අතක් යවාගෙන නේත්‍රව ලඟට ගද්දි තොල් නොපිට පෙරලගත්තු තෙවින් දිවාෂගෙ අනික් පැත්තෙන් එල්ලුණා.

"අදනම් ගේමක් යයි නේද නේත්‍ර?"

"ඔව්.....ටීම් දෙකම දක්ෂයිනෙ දිවාෂ....ලොකු ගේම් එකක් යයි"

"යයි තමා දෙක අතරෙ ලොකු ගේම් එකක්"

තෙවින් හෙමින් මුමුණපු එක ඇහුනු දිවාෂ කල්පනාකාරීව තෙවින් දිහා බලද්දි තෙවින් මහ මෝඩපහේ හිනාවක් දාලා දිවාෂගෙ බැල්ම මගෑරියා.ඒත් එක්කම තරඟාරම්භක වීමේ අවස්ථාව එලඹුනා වගේම මූලික කටයුතු ටික සිද්ධ කරලා කණ්ඩායම් නායකයො දෙන්නා කුසලානය තියෙන තැනට ගිහින් අතට අත දීලා කාසියේ වාසිය උරඟා බලන්න සූදානම් වුණා.

"Galle Kings won the toss"

සනුකලාගෙ කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරද්දි කණ්ඩායම් නායකයා මුලින්ම පන්දු යැවීම භාරගත්තා.මොකද පහුගිය තරඟ ටික දිහා බලද්දි අතිශය භයානක ලකුණු හඹායන්නෙක්ගෙ සලකුණු පෙන්නුම් කරන ආශව නිසා මුලින්ම පන්දු යැවීම සිදු කරන එක වාසිසහගතයි කියලා ගාල්ල කණ්ඩායම තීරණය කරලා තිබ්බා.මොකද නැත්තං තමන් මොන ලකුණක් ගැහුවත් ආශව හරිම භයානක විදියට ඒ ලකුණු අභිභවා යන ගතියක් දැනටම හැම කණ්ඩායමකටම දැනිලා තිබ්බා.

ලංකා ක්‍රිකට් වංශකතාවෙ නොමැකෙන සලකුණක් තියන්න පෙරනිමිති දක්වන කෙනෙක් විදියට ආශවව හැම ක්‍රීඩකයෙක්ගෙම මනසට දැනිලා තිබ්බා!

"ඔව් ඒ අනුව Colombo Tigers කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දිලීප නිශ්ශංක සහ පාකිස්ථානු කණ්ඩායම නියෝජනය කරන වසීම් අසාම් පිටියට පිවිසෙනවා!"

නේත්‍රලා අත්පොලසන් දෙන ගමන් පිට්ටනිය දිහා බලාගෙන හිටියා.නේත්‍රලා හිටියෙ වීදුරු කුටි තුනෙන් මැද වීදුරු කුටියෙ වෙද්දි නේත්‍ර නොදන්නවා උනාට දිව්දේත්‍රා උඩම වීදුරු කුටියට වෙලා වෙනදා වගේම ආශවව බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා.

නේත්‍ර හුඟක් කල් ඉදලම වීදුරු කුටියට වෙලා තරඟයක් බලන්න ආසාවෙන් හිටියට අද නේත්‍ර එතන හිස්තැනක් දැක්කා.පැවීලියන් එකේ සාමාන්‍ය ආසන තියෙන තැන කට්ටිය ලකුණු ගත්තම කෑ ගහන,විකට් එකක් ගියාම සූස් ගාන,සිංදු කියන ඒ විනෝදෙන් බිංදුවක්වත් මෙතන නෑ කියලා නේත්‍ර තේරුම් ගත්තා.මෙතන සෑහෙන්න නිශ්ශබ්ද තැනක් උනා.අත්පොලසන් නාදයක් හැර වෙන කිසිම ජයඝෝශාවක් එතන තිබ්බෙ නෑ.හැබැයි තැනට සුදුසු විදියට හැසිරෙන්න දන්න නේත්‍ර අනික් අය ඉන්න සාමාන්‍ය නිහඬ පිලිවෙතම අනුගමනය කරමින් හිටියෙ ඇස් වලින් සතුට පිටමං කරන ගමන්.

"පැවීලියන් එකේ ඉන්නවා වගේ සෙට් නෑ නේද චූචි?"

"ඔව් දිවාෂ....ඒත් කමක් නෑ.අපි මේ එක්ස්පීරියන්ස් එකත් ගමුකො..ආ....අර දෙනෙත් අයියලා එනවා!"

තොප්පිය ගලෝලා අතට අරගෙන කොණ්ඩෙ හද හද ඇතුලට ආව දෙවින්ගෙ පිටිපස්සෙන් අත් දිග කලු කමිසෙ වැලමිට ලඟට වෙනකං නවාගෙන කලු කන්නාඩි දෙකකුත් දාගෙන ඇතුලට ආව දෙනෙත් ඇවිත් තියෙන්නෙ කාර්යාලයේ ඉදලා කියල කට්ටියට පලවෙනි බැල්මෙන්ම තේරුනා.තෙවින්ව තුරුල් කරං බඩට පාරක් දුන්නු දෙවින් නේත්‍රගෙත් ඔලුව අතගාලා තමන්ගෙ ඇඟට පැන්න දිවාෂව තුරුල් කරගෙනම වීදුරු ආවරණෙ ලඟට ගියා.

"දැන් හුඟක් වෙලාද නේත්‍ර බබා මේක පටන් අරං?"

"නෑ දෙනෙත් අයියෙ....තාම ඕවර්ස් තුනයි දැම්මෙ"

නේත්‍රගෙ කම්මුලක් මිරිකුව දෙනෙත් නේත්‍ර ලඟින්ම අත් දෙක බැඳගෙන හිටගත්තා.දෙවින් දෙනෙත් තෙවින් තුන් දෙනා සෑහෙන අවධානෙකින් වටපිට බලමින් ඉන්න වගක් දිවාෂට තේරුනාට දිවාෂ ඒ ගැන අහන්න නොගියෙ තමන්ට අදාල දෙයක් නෙවෙයි වෙන්න ඇති කියලා හිතලා.

"අයියෝ!!!"

හතරවෙනි ඕවරයේදි පාකිස්තානු පිතිකරු දැවී යද්දි Colombo කණ්ඩායමේ ප්‍රේක්ශකයන්ගෙන් නැගුනෙ බලාපොරොත්තු සුන් වුණු හඬක්.තුන්වෙනි පිතිකරු විදියට ලංකා කණ්ඩායමේ උපනායකයා පිටියට පිවිසුනා වගේම ඕවර් දහයක් තුල ලකුණු අසූ දෙකක මට්ටමක් කොලඹ කණ්ඩායම ලබාගෙන තිබුණා.හැබැයි උපනායක තුමා දැවී ගියේ පන්දුකරු යොමු කල පන්දුවට වේගවත් පහරක් එල්ල කරලා ඒ පන්දුව බවුන්ඩ්‍රිය ලඟදිම උඩ පැනලා අල්ලගත්තු සනුක නිසා.

"මීලඟට පිටියට පිවිසෙන්නේ ඇෆ්ගනිස්තාන් දකුණත් පිතිකරුවෙක් වන ගුර්බාස්.....ඔව්.....අපි බලමු"

ගුර්බාස් පිට්ටනියට එද්දිනම් පිස්සු විකාර ගති තියෙන කෙනෙක් කියලා නිකමටවත් නොතේරෙන විදියට හරිම බැරෑරුම් මූණකින් හිටියා.ගුර්බාස්ගෙ පැමිණීම එක්ක කොළඹ කණ්ඩායම් ප්‍රේක්ෂකයෝ හයියෙන් ඔල්වරසන් දෙද්දි ගුර්බාස් කඩුල්ලෙ හිටගෙන පන්දු යවන්නා දිහා බලලා ඔලුව වැනුවා.ඒක කොහොමත් ගුර්බාස්ගෙ පුරුද්දක් වුණා.

"අයියෝ!!!!! ගුර්බාස්!!!!! ශිට්!!!"

නොහිතුව විදියට ගාල්ල කණ්ඩායමේ දක්ෂම පන්දු යවන්නා අතින් ගුර්බාස් දැවී ගියේ ලකුණු තුනකට! කොළඹ ප්‍රේක්ශකයො ඔක්කොමල්ලා ඔලුවට අත ගහගත්තෙ ගුර්බාස් කියන්නෙ සෑහෙන්න් ලකුණු ප්‍රමාණයක් එකතු කරන කෙනෙක් නිසා.ඔක්කොමත් එක්ක සමහර මිනිස්සු හිටියෙ මේ වෙද්දිත් ඔට්ටු අල්ලලා.සල්ලි වලට වගේම එක එක අභියෝග වලට.ඉතින් ගුර්බාස්ගෙ දැවී යෑම මුළු කොළඹ කණ්ඩායමට වගේම ප්‍රේක්ශකයන්ටත් ගැටලුවක් උනා වගේම ඒ පැත්ත නිහඬ වුණා.

කොළඹ ප්‍රේක්ශකයො නිහඬ වෙද්දි ගාල්ල ප්‍රේක්ශකයො ජය ගෝෂා කරද්දි,පිට්ටනියම එකපාරටම නිහඬ උනෙත් කලින් කිව්ව පැති දෙකේ හැඟීම් මුළුමනින්ම මාරු උනෙත් ඊලඟ ක්ෂණයේ.

"ඔව්! මේ වන විට කොළඹ කණ්ඩායම තුල සිටින දරුණුම ලකුණු හඹායන්නන් දෙදෙනා අතරේ සිටින ආශව තිදස්වර පිටියට පිවිසෙනවා!!!!"

පිට්ටනියට අතක් තියලා පිත්ත කරකව කරකව උඩ පැන පැන යන ආශව දිහා බලන් වීදුරු කුටියෙ හිටිය පුංචි පවුලෙ අයගෙ ඇස් කෙවෙනි අග කදුළු බිංදු දිලිසෙමින් තිබ්බා.

"මගෙ සුදුබේබි....."

"අපේ ආශවයා....."

"ආශව ගේමක් ගහයි දෙව්"

"ආශවයා ගැම්මක් අල්ලයි නේහ්"

"ආසව බෝල් ගාඩ් එක දාන් ඇති නේද? නැත්තං චක් ගාන ක්ෂණේට අනාගතේම අඳුරුයි!"

නේත්‍ර ඇරෙන්න අනික් ඔක්කොමල්ලා දිවාෂ දිහා බලලා ටොකු ඇන්නත් නේත්‍රනම් හිටියෙ ආශවගෙ සිහියෙන්.ආශව පිට්ටනියට යනවත් එක්කම විශාල තිරයේ දිව්දේත්‍රාව දර්ශනය වෙන්න ගත්තත් නේත්‍රගෙ හිනාව බිංදුවක්වත් අඩු උනේ නෑ.මොකද නේත්‍රට අදාල උනේ තමන්ගෙ සුදුබේබිව විතරයි.වෙන කාවවත් නෙවෙයි.ලස්සන හිනාවක් වගේම ආශිර්වාදාත්මක හදවතක් එක්ක නේත්‍ර ආශව දිහාම බලාගෙන හිටියා.

ප්‍රේක්ශකයන්ට වගේම විස්තර විචාරකයන්ටත් හිනා ගියේ විරුද්ධ පිලේ හිටිය සනුක ඇවිල්ලා ආශවව තුරුල් කරං පිටට තට්ටුවක් දාලා දිරිමත් කරද්දි.ඒත් එක්කම දෙන්නා කණ්ඩායම් දෙකක කියලා මතක් වෙලාද කොහෙද දෙන්නම හිනා වෙවී ඈත් වෙද්දි ආශව ගිහින් කඩුල්ල ඉදිරිපසින් හිටගත්තා.

ගාල්ල කණ්ඩායමේ දක්ෂම පන්දුයවන්නා යොමු කල පලවෙනි පන්දුව ආශවගෙ ඔලුවට උඩින් යද්දි ආශව ඉක්මනටම නැවුණා.ආශවගෙ ආගමනෙ එක්ක ගාල්ල කණ්ඩායමේ තිබ්බ නොසන්සුන්භාවය බොහෝ දෙනෙක්ට තේරුම් යද්දි කොළඹ ප්‍රේක්ශකයො ඔල්වරසන් දෙන්න ගත්තෙ ආශවව දිරිමත් කරන්න.

"ඇත්තටම ආශව වේගවත් ආකාරයට ලකුණු එක් කරනවා.....ඔව් නැවතත් විශිෂ්ට හයේ පහරක්"

ආශව තමන්ගෙ උපරිම හැකියාව පෙන්නුම් කරමින් ඕවර්ස් දෙකක් තුල ලකුණු විසි නවයක් ලබාගෙන තිබුණා.හයේ පහර දෙකකින් සහ හතරේ පහර තුනක් ඊට ඇතුල් වෙද්දි නේත්‍ර උඩ පැන පැන ආසාවෙන් බලන් හිටියෙ සුදුබේබිගෙ අවුරුදු ගාණක මහන්සියෙ ප්‍රතිඵල ලැබෙන්න අරං තියෙන විදිය ගැන.

"ඔව්.....පන්දුව දවාගැනීමට අවස්ථාවක් තියෙනවා.....ඔව්!!! මේ අවස්ථාවේදි සනුක ඩිහේන්ගේ පන්දු රැකීම හේතුවෙන් ආශව තිදස්වර දැවී යනවා!!!"

"අයියෝ...."

"කමක් නෑ....සුදුබේබි පහුගිය ටිකේම පනහවල් පන්නලා ගැහුවානෙ....අදත් තිස් හයක්.....අනික සුදුබේබි අද බෝල් කරනවා....එයා ඒකෙනුත් කලර්ස් පෙන්නයි අනිවාර්‍යෙන්ම!!!"

නේත්‍රගෙ පුංචි හඬේ ලොකු අධිෂ්ටානයක්,විශ්වාසයක් ගැබ් වෙලා තිබ්බා.ප්‍රේක්ශකාගාරෙම මිනිස්සු දුකෙන්,කේන්තියෙන්,පසුතැවීමෙන් ආශවගෙ දැවී යෑම පිලිගනිද්දි දිව්දේත්‍රා සුපුරුදු විදියට බොරුවට අඬාගෙන මූණ වහන් ආසනේක වාඩි වෙද්දි නේත්‍ර විතරක් උඩ පැන පැන අත්පොලසන් දුන්නා.ආශවට ගන්න තිබ්බ ලකුණු වලට නෙවෙයි,ආශව දක්ෂ විදියට ගත්තු ලකුණු ටිකට වටිනාකමක් තියෙන නිසා නේත්‍ර උඩ පැන පැන අත්පුඩි ගැහුවා.එයාගෙ සුදුබේබිව හදවතින්ම දිරිමත් කලා.

"මම කොහොම කලත් එයා සතුටින්"

පිට්ටනියෙන් එලියට එන ගමන් උන්නු ආශව තමන්ව තුරුල් කරගත්තු සනුකටත් තට්ටුවක් දාලම උඩ බලද්දි වීදුරු කුටියට වෙලා උඩ පයින නේත්‍රව දැකලා තනියම මුමුණගෙන හිනා වුණා.අනික් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සුන්වෙලා තිබ්බ මූණු එක්ක තමන් ක්‍රීඩා කලා මදි කියන හැඟීමෙන් පීඩා විදින්න ඇර්ඹුනු ආශවගෙ පීඩනේ තත්පර ගාණකින් නැති වෙලා ගියේ තමන්ව අගයන පුංචි එකා නිසා.පපුව උඩ තිබ්බ මුද්ද උඩින් තමන්ගෙ අත තියාගෙනම හිනාවක් එක්ක එලියට ආව ආශව එහෙම්මම ඩ්‍රෙසින් රූම් එකට ගිහින් ආරක්ෂක ආවරණ ඔක්කොම ගලෝලා ආයෙමත් ඇවිත් ලියෝන් ලඟින් ඉදගෙන තරඟය නැරඹුවා.

ලකුණු එකසිය පනස් දෙකට කඩුලු අටක් විදියට කොළඹ කණ්ඩායම තමන්ගෙ වාරය අවසන් කරද්දි මිනිත්තු පහලවක විවේකය එක්ක කොළඹ කණ්ඩායම පිටියට පිවිසුනා.ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවො පිටියට පිවිසෙන්වත් එක්කන විශාල ඔල්වරසන් නාදයක් ඇහෙද්දි කොළඹ ප්‍රේක්ශකයො තමන්ගෙ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් දුන්නා.

එකපාරටම නේත්‍ර හිනා වෙන්න ගත්තු නිසා දෙනෙත් ඒ මොකද කියල විමසිල්ලෙන් බලද්දි ක්‍රීඩා පිටියෙ තියෙන විශාල තිරයේ වැටිලා හිටියෙ කොණ්ඩෙ උඩට හදන ගමන් හිටිය ආශව.කැමරාව තමන්ට අල්ලලා තියෙන්නෙ කියලා දැක්ක ආශව සුපුරුදු කට කොණින් නැගෙන හිනාව දාලා අහක බලාගනිද්දි ප්‍රේක්ශකාගාරෙන් ලොකු "සූ" සද්දයක් පිට වුණා.දාඩිය දාලා ටිකක් තෙහෙට්ටු පාටට හිටිය ආශවගෙ තිබ්බ අමුතුම කඩවසම් බව එක්ක නේත්‍රට කෙල ටිකක් ගිලුනෙ නොනගතේ වෙලාවක ඔය වගේම  ආශව හිටිය වෙලාවක් මතක් වෙලා.

"මොනාහරි මතක් වෙලා වගේ නේත්‍ර බබාට"

දෙනෙත්ගෙ කටහඩ එක්ක නේත්‍ර තමන්ගෙ රතු උනු කම්මුල් හංගගන්න ලොකු උත්සාහයක් දැරුවා.ලියෝන්ගෙ දක්ෂ පන්දු යැවීම හමුවෙ පලවෙනි කඩුළු දෙකම හරිම ලේසියෙන් ලියෝන් බිඳ හෙලද්දි කොළඹ ප්‍රේක්ශකයන්ගෙන් නැගුනෙ ලොකු ඔල්වරසන් නාදයක්.තුන් වෙනි පිතිකරු විදියට සනුක පිටියට පිවිසෙද්දි ආශවයි ලියෝනුයි දෙන්නම සනුකගෙ පිටට තට්ටු දාලා සනුකව පිලිගත්තා.තරඟකාරීත්වය අභිබවා ගිය මිතුරුකම කොල්ලො තුන් දෙනාගෙන් පෙනෙද්දි එතැන හිටිය සමහර සන්නාමයන්හි විධායක නිලධාරීන් ආශව සනුක ලියෝන් තුන් දෙනාව හොඳට මතක තියාගත්තා.

"සනුක ඩිහේන්ගේ පැමිණීම කොළඹ කණ්ඩායමට දරුණු අභියෝගයක් එක් කල වග පෙනී යනවා"

"අඩෝ සනුක අයියට ආච්චි වැහිලා වගේනෙ ඕයි"

විස්තර විචාරකවරු එක පැත්තකින් නිවේදනය කරද්දි දිවාෂත් ඇස් කටේ දාගෙන කියවන්න ගත්තා.ඇත්තටම සනුක හිටියෙ ලොකු ආවේගෙකින් වගේ.ලියෝන්ගෙ පන්දුවාරයකදිවත් අඩපණ කරන්න බැරි විදියට සනුක ක්‍රීඩා කරමින් හිටියා.ගාල්ල ප්‍රේක්ශකයො එකපාරටම නැගිටලා ඔල්වරසන් දෙන්න ගනිද්දි සනුක තමන්ගෙ හිස් ආවරණය සහ පිත්ත අත් දෙකට ගත්තා.

"සනුක ඩිහේන් තරඟාවලිය තුල ඔහු ලබා ගත් දෙවන ශතකය මේ අවස්ථාවේ රැස් කරනවා!!!"

සනුක පිත්තට හාද්දක් තියලා කාටවත්ම සැක නොහිතෙන විදියට වීදුරු කුටිය පැත්තට දික් කරලා අනික් පැති හතරටවත් දිගු කලා.සනුක කල දේ තේරුම් ගිය එකම මනුස්සයා උනු තෙවින් ඇස් දෙකත් කරකෝලා දිවාෂගෙ ඔලුවට පාරක් ගහද්දි එකපාරටම උනු දේ තේරුම් ගන්න බැරුව තත්පර ගාණක් නිසොල්මනේ හිටිය දිවාෂ තෙවින්ගෙ කකුල පාගගෙන පාගගෙන ගියා.

"ස්තූතියි නේත්‍ර මල්ලි.....ස්තූතියි ආශව....."

සනුක තනියම හිතුවා.දුර්වල හදවතක අයිතිකාරයෙක් වෙලා හිටිය සනුකව නොදැනුවත්ව හරි අභිප්‍රේරණය කල මිනිස්සු දෙන්නා උනේ නේත්‍ර ආශව.නේත්‍රව ආශවව මුණ නොගැහෙන්න අදටත් සනුක හැමෝටම බය වෙලා මුළුගැන්විලා ඉන්න කොල්ලෙක්.එහෙමත් නැත්තං මේ වෙද්දිත් ජීවිතේ නැති කරගත්තු කොල්ලෙක්.ජීවිතේ නැති කරගන්න හිතුන හැම අවස්ථාවකම "යාලුවේ...." කියලා සනුකගෙ මනසෙ රැඳිලා තිබ්බ පුංචි කටහඬකින් කරන ආමණ්ත්‍රනය සනුකව වැලැක්කුවා.කොල්ලෙක් ගහන්න ආව වෙලේක "තමුන් ශක්තිමත් වෙලා ඉන්නවා!!" කියලා දඩබ්බර හඬකින් කල ආමන්ත්‍රණය සනුකගෙ අත ඉහලට ඔසවලා තමන්වම ආරක්ෂා කරගත්තා.ඉතින් සනුකගෙ ජීවිතේ වෙනම තැනකට අරං ගිය ආශව නේත්‍ර දෙන්නට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න තරම් සනුක මුල මතක කොල්ලෙක් උනා.

"ඒ.....එකසිය පනස් එකයි....."

"තව ලකුණු දෙකයි ඕනි"

"සනුක අයියා ගහයිද?"

"තව එක බෝල් එකයි"

"සුදුබේබිගෙ ඕවර් එකනෙ....සුදුබේබි විකට් එක ගන්නවා!"

තරඟයේ තීරණාත්මකම පන්දුවාරය ලබාගෙන තිබ්බෙ ආශව.තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු ආශවට පන්දු යැවීමටත් මනා හැකියාවක් තිබ්බත් මේ වගේ අවස්තාවක තරඟෙ මොන අතට පෙරලෙයිද කියල හිතාගන්න බැරි උනා.

"විකට් එක ගනියිද චූචි?"

"ඔව්.....සුදුබේබි දිනලා එන්නම් කිව්වා....සුදුබේබි දිනලා එයි!"

මුළු ප්‍රේක්ශකාගාරෙම තිබ්බෙ දැඩි නිහඬතාවයක.තරඟෙ ජය පරාජය තීරණය වන පන්දුව ආශවගෙ අතේ තියෙද්දි පිත්ත තිබ්බෙ සනුකගෙ අතේ.පපුව උඩ තිබ්බ මුද්දෙන් අත තද කෙරුව ආශව ඇස් දෙක පියාගෙන ඉඳලා ඉස්සරහට දුවගෙන එද්දි සනුක තමන්ගෙ පිත්ත හයියෙන් අල්ලගත්තා.

"ටික්"

ආශව යොමු කල පන්දුව සනුකගෙ පිත්තෙ වැදී නොවැදී ගිහින් කෙලින්ම කඩුල්ලෙ තිබ්බ විකට් පොලු තුනම ගලවගෙන යද්දි කොළඹ ප්‍රේක්ශකයො ටික කෑ ගහගෙන උඩ පැන්නා.කණ්ඩායමේ ඔක්කොමල්ලා ආශව ලඟට දුවං ඇවිත් ආශවව තුරුල් කරං සුභ පතද්දි හිස් ආවරණය ගලවලා ආශව ලඟට දුවං ඇවිත් සනුක ආශවව උස්සද්දි ලියෝනුයි ආදිත්‍යයිත් ඒකට එකතු උනා.සනුකගෙයි ආශවගෙයි දැනටම තියෙන බැඳීම දැක්ක තෙවින්ටයි විශාරටයි ලොකු හුස්මක් පිට වුනත් මේ සතුට අස්සෙ ඒගැන හිත හිත දුක් වෙන්න ඒ දෙන්නට ඕනි උනෙත් නැහැ.

"මම කිව්වෙ....මගෙ සුදුබේබි දින්නා....."

නේත්‍රගෙ ඇස් වලින් කදුළු ගලාගෙන යද්දි නේත්‍ර එව්වා පිහගෙන ඉක්මනටම අභිෂේක්ට තුරුල් වුණා.නේත්‍රගෙ හිස් මුදුනෙන් හාද්දක් තිබ්බ අභිෂේක් නේත්‍රව තුරුල් කරං ඉද්දි පිට්‍ටනියෙන් එලියට ගිය ආශවගෙ දුරකථනෙන් නේත්‍රට කෙටි පණිවිඩයක් ඇවිත් තිබ්බා.

"ඩ්‍රෙසින් රූම් එක ලඟට එන්නකො නේත්‍ර"

"ග්‍රවුන්ඩ් එකට යන්නෙ නැද්ද සුදුබේබි?"

"කකුල අවුල් ගිහින් නේත්‍ර.....ගෲප් ෆොටෝ එකට විතරක් යන්න බැලුවෙ"

"හා මම එන්නම් සුදුබේබි"

නේත්‍ර අභිෂේක්ගෙ හෙමින් සැරේ ඈත් වෙද්දි අභිෂේක් විශාරව හොයාගෙන ගියා.කට්ටිය තමන්ට විහිලු කරයි කියලා හිතිලා ලැජ්ජා උනු නේත්‍ර හෙමින් සීරුවෙ පිටිපස්සෙ දොර ඇරගෙන කලින් ගිය කොරිඩෝවට ගොඩ වුණා.නේත්‍ර අද තමන්ට කරදරයක් වෙන්න යන වගක් දැනගෙන නොයිදිය නිසා නේත්‍ර එහෙම අනාරක්ෂිතව ගිය එක ගැන නේත්‍රට වරදක් කියන්න බැරි උනා වගේම දෙවින්ට කලින් පාර උනා වගේ වරදක් කරන්න උවමනාවක් තිබ්බෙත් නැහැ.

කලින් පාර තමන්ගෙන් උනු අතපසුවීම නිසා පොඩි දෙන්නම වැටුනු අමාරුව මතක තියාගෙන හිටිය දෙවින් ආයේ එහෙම දෙයක් නොවෙන්න වග බලාගත්තා.දෙවින්ගෙ ඇස් දෙක නේත්‍ර ලඟම කැරකෙද්දි නේත්‍ර හොරෙන් පිට වෙලා යන හැටිත් දෙවින් දැක්කා.නේත්‍රට නොදැනෙන්න නේත්‍රගෙ පස්සෙන් ගිය දෙවින් දැක්ක ඩ්‍රෙසින් රූම් එකේ දොර ඇරපු ආශව නේත්‍රව ඇතුලට ගන්නවා විතරයි.

"එයා පරිස්සම්"

දොරකඩට කිට්ටු වෙන්න හිටගෙන වටපිට බලන ගමන් උන්නු දෙවින් මිමිණුවෙ තමන් ලඟට ආව දෙනෙත් දිහා බලලා.කුටිය ඇතුලෙ හිටිය ආශව නේත්‍රව තුරුල් කරං ඒ නලලින් හාද්දක් තිබ්බෙ ඇස් වලින් සතුට ගලද්දි.ටික වෙලාවක් නේත්‍රව තුරුල් කරං හිටිය ආශව නේත්‍රගෙ මූණට එබෙද්දි නේත්‍ර ආශවගෙ නලලින් හාද්දක් තිබ්බා.

"ඔයා ලඟටයි ඉස්සෙල්ලාම එන්න ඕනි උනේ....මම මගෙ පලවෙනි නැෂනල් සීරිස් එක ඉවර කලා නේත්‍ර!"

"මට හරි සතුටුයි සුදුබේබි"

"මම එක්ක ඉන්න රත්තරනේ මෙහෙම්මම....මම එක්ක ඉන්න"

"මම කොහෙ යන්නද සුදුබේබි? මම ඉපදුනේම සුදුබේබි වෙනුවෙන් වෙනකොට?"

"මට හරි සතුටුයි.....මේ සීරිස් එක ඉවර කලාම....ඇත්තටම නේත්‍ර....ඉස්සර ඔයාවත් බදාගෙන ඇඬුව එව්වට ප්‍රතිඵල ලැබෙනවා"

"සුදුබේබිගෙ මහන්සියෙ ප්‍රතිපල මේ"

"නෑ....ඊට එහා ගිය දේවල් ඔයා කලා.....අර පුංචි ඇඟට දරන්න අමාරු තෙහෙට්ටු දරාගෙන මහ හවස් වෙනකං මම එනකං පැවීලියන් එකට වෙලා හිටියා....මට ඉන්ජර්ඩ් උනාම ඔය පුංචි ඇඟෙන් මාවත් අල්ලගෙන අර පත සයිස් බෑග් එකත් උස්සගෙන මාව ගෙදරට යනකං එක්කන් ගියා.....රැයක් දවාලක් නැතුව මට සාත්තු කලා.....වැටෙන හැම තැනකදිම මට වැටෙන්න නොදී මාව අල්ලගෙන හිටියා....කවුරු නැතත් ඔයා මට ඉන්නවා කියලා ශක්තිමත් කලා......නේත්‍ර,

මට හම්බෙන හැමදේකම මටත් වඩා අයිතිය තියෙන්නෙ ඔයාට....මේවගෙන් මට මගෙ මහන්සියට වඩා දැනෙන්නෙ ඔයාගෙ දාඩිය කදුළු වල සුවඳ"

"මම ආදරෙයි සුදුබේබි......මම මගෙ පණදීලා හරි සුදුබේබිව රැකගෙන සුදුබේබිගෙ හීන වලට අරං යනවා"

"මාව රැකගන්න.....හැබැයි ඔයාගෙ පණ දෙන්න එපා.....මගෙ පණ ටික තියෙන්නෙ ඔයාගෙ හුස්ම වල කියලා අමතක කරන්න එපා නේත්‍ර"

ආශව නේත්‍රව පුළුවන් උපරිම තදින් තුරුල් කරගත්තා.නේත්‍රත් පුලුවන් උපරිම තදින් ආශවට තුරුල් වුණා.ටිකකින් ආශව නේත්‍රගෙන් ඈත් උනේ එලියට යන්න.

"සුදුබේබි දැන් යන්න.....හෙට එනවනෙ ගෙදර?"

"ඔව්.....මම එලියට යන්නම්....සනුකට සමහරවිට මෑන් ඔෆ් ද මැච් යයි"

"හා සුදුබේබි.....එහෙනම් සුදුබේබි එතන ඉන්නම ඕනිනෙ"

"කෝ යං.....ඔයාව ඇරලවලා එන්නම්"

"මට පුලුවන් සුදුබේබි....කැමරාවකට එහෙම අහූනොත් ඉන්න වෙන්නෑ ආයෙ සුදුබේබිට"

"හොඳයිනෙ.....චීස් කෑල්ල වගේ කොලු පැංචෙක් එක්ක ආශව යාලුයි කියලා කට්ටිය දැනගන්නවනෙ"

"නේත්‍ර චීස් වලට ආසා නෑනෙ සුදුබේබි.....නේත්‍ර ආසා අඩ වලට"

නේත්‍රගෙ කතා වලට හිනා වෙලා ආයෙම ඒ කම්මුලකින් තොල් තද කල ආශව දොර ඇරිය ගමන් ගැස්සිලා ගියේ දොරකඩ හිටිය දෙවින් දෙනෙත් නිසා.ආශව දිහා බලලා හිනා වෙලා නේත්‍රව හොයන්න ආවෙ කිව්ව දෙවිනුයි දෙනෙතුයි නේත්‍රව එක්කෙගෙන යද්දි ආශව ක්‍රීඩා පිටියට පිවිසුණා. නේත්‍රව හොයන්න ආවෙ කිව්ව දෙවිනුයි දෙනෙතුයි නේත්‍රව එක්කෙගෙන යද්දි ආශව ක්‍රීඩා පිටියට පිවිසුණා.

"The Man of the match award goes to Sanuka Dihen for his outstanding performance!"

සනුකට තරඟයේ වීරයා කුසලානෙ යද්දි වීදුරු කුටිය ඇතුලෙ හිටිය නේත්‍රලායි පිට්ටනියෙ හිටිය ආශව ලියෝන් ආදිත්‍ය තුන් දෙනයි අත්පුඩි ගහලා සතුටු උනේ සනුකගෙ ගාල්ලෙ කණ්ඩායමේ ක්‍රීඩකයන්ටත් වඩා වැඩියෙනුයි.නිවේදකයා ලඟට ගිහින් හිටගත්තු සනුක මයික්‍රෆෝනය අතට ගත්තා.

"Honestly, I feel really happy to have become the man of the match. At this moment, I’m thankful to my Dada, my Ammi, my coach, and my friends. Also, there were two people who unknowingly motivated me years ago when I had no sense of direction in life... There was a person who gave me a reason to live when I had given up on life. I’m especially grateful to them... And I also want to thank all of you, the cricket fans"

සනුක තමන්ගෙ නලලට වැටෙන කොණ්ඩෙ පිටිපස්සට කරලා හදාගන්න ගමන් කියද්දි සනුකගෙ ලස්සන කඩවසම් හිනාව ඡායාරූපශිල්පීන් කැමරාවලට ග්‍රහණය කරගනිමින් හිටියා.

"වැඩේ හරි! නේත්‍රව ඉස්සුවා!"

හෝටල් කාමරයක් ඇතුලෙ සියුමැලි පෙනුමැති නිරුවත් කොල්ලෙක්ට ඇතුල් වෙන ගමන් හිටිය රධීන් තමන්ට ආව දුරකථන ඇමතුම එක්ක තමන් යට හිටිය කොල්ලගෙ බෙල්ලෙන් අල්ලගෙන පිස්සෙක් වගේ ඒ කොල්ලට ඇතුල් වෙන්න ගත්තා.වියරුවෙන් වගෙ හිනා වෙලා ඒ කොල්ලගෙ තොල් සිපගන්න ගත්තු රධීන් ගැන මුකුත්ම නොදන්න ආශවලා පිට්ටනිය මැද්දට වෙලා හිටියා.

"And the Man of the series award goes to Ashawa Thidaswara for his outstanding performance!Congratulations Ashawa!!!"

ආශව ටික වෙලාවක් බලන් හිටියෙ මේ ඇහෙන දේ ඇත්තක්ද කියලා හිතන ගමන්.ඉතිහාසයේ පලවෙනි වතාවට මේ කුසලාන දෙකම ආධුනික ක්‍රීඩකයන්ට ලැබෙද්දි ප්‍රේක්ශකාගාරෙ උනත් සතුටින් උමතු වෙලා හිටියා.වැටීගෙන යන ක්‍රිකට් වල පිබිදීමක් ගැන හීන මැව්වා.ජාත්‍යන්තර තරඟ ජයග්‍රහන ගැන හීන මැව්වා.ප්‍රේක්ශකයො එහෙම හීන වල අතරමං වෙද්දි ආශව ඉදිරියට ඇවිදගෙන ගියා.

"Thank you... Thank you to you,for bringing me to this place... Thank you, my buddies... For always being strong and standing by my side. Thank you for everything."

සනුකට වගේ හුඟ දෙනෙක්ට ස්තූති කරන්න ආශවට තිබ්බෙ නෑ.තරඟාවලියේ වීරයා කුසලානෙ අරගෙන නේත්‍රලා හිටිය පැත්ත හැරිලා ඔසවලා මුද්ද උඩින් අත තියාගෙන ඇස් පියාගත්තු ආශව තමන්ගෙ කදුළු පිහිදන් ගිහින් සනුකලා ලියෝන්ලාව වැලඳගත්තා.

ශූරතා කුසලානය කොළඹ කණ්ඩායමේ නායකතුමා පිලිඅරගෙන "Champions" කියලා ගහලා තිබ්බ බැනරය ඉදිරිපිට ඇවිත් හිටගනිද්දි කණ්ඩායමම ඒ ලඟින් හිටගත්තා.අහසෙ මල් වෙඩි පත්තු වෙන්න ගනිද්දි කොල්ලො ටික කෑ ගහලා ඡායාරූප වලට පෙනී හිටියා.කීප වතාවක්ම තමන්ගෙ දුරකථනෙ වයිබ්‍රේට් වෙන වගක් ආශවට දැනුනත් ඡායාරූප අරං ඉවර වෙනකං ආශවට ඒක ගන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ.අනික නේත්‍ර ලඟපාතක ඉන්න නිසා කොහොමත් ආශව දුරකථන ඇමතුම ගැන වැඩියෙ හිතුවෙත් නෑ.

"හෙලෝ...."

"හෙලෝ! හහ් හහ් හා!!!"

පිට්ටනියෙන් එලියට ආවට පස්සෙ ආශව දුරකථන ඇමතුමට සම්බන්ධ වෙද්දි එහා පැත්තෙන් ඇහුනෙ වියරු හිනාවක්.එකපාරටම හිත කලබල උනු ආශව වීදුරු කුටිය පැත්ත බලද්දි නේත්‍ර පේන්න නොයිදිය එක ගැන බය හිතිලා උපරිම වේගෙන් ඒ දිහාවට දුවන්න ගත්තා.

"දුවන්න දුවන්න ආශව!!! උඹ දිව්වට වැඩක් නෑ හු#තිගේ පුතෝ!!! උඹේ කොල්ලා මම ලඟ"

"න්.....නේත්‍ර! උඹ කවුද මොකද්...."

"කොල්ලව දැක්කම ඇවිස්සෙනවනෙ ආශව.....මගෙ උන් වීඩියෝ කෝල් එකක් අරං කොල්ලව පෙන්නගෙන එන ගමන්....මූව දකින හැමපාරකම ටර්න් ඔන් වෙනවනෙ මට!"

"උඹට!!!! කට වහපං!!!"

"අදනං ඇති වෙන්න රහ බලනවා ආශව.....ඇති වෙන්න...නේත්‍ර මලකදක් වෙනකං උගෙ රහ බලනවා!"

"න්....නේත්‍ර....."

ආශව දුරකථන ඇමතුම විසන්ධි කරලා සාක්කුවට දාගත්තෙ වීදුරු කුටියට වෙලා වටේ කැරකි කැරකි තමන්ව හොයන නේත්‍රව දැකලා.නේත්‍ර ලඟට ගිය ආශව නේත්‍රගෙ අතින් අල්ලන් වීදුරු කුටියෙන් එලියට ගියා.නේත්‍රව තද කරලා තුරුල් කරගත්තු ආශව එකපාරටම ඉකි ගහන්න ගනිද්දි බය උනු නේත්‍ර ආශවව්ස් හොල්ල කතා කලා.

"සුදුබේබි.....අනෙ කියන්නකො සුදුබේබි ඇයි මේ?"

"............."

"මගෙ සුදුබේබිට කවුරුහරි මොනාහරි කිව්වද සුදුබේබි?"

"නෑ නෑ නේත්‍ර"

"එහෙනම් ඇයි මේ?"

"නිකං මැණිකෙ"

"කප් එක ගත්තම මගෙ සුදුබේබිට සතුටු හිතුනද?"

"ඔව්....ඒකනෙ"

ඒත් එක්කම ආශවට තට්ටු කෙරුව නේත්‍ර ආශවගෙන් ඈත් උනේ ඒ පැත්තට දුවං එන ලියෝන්වයි සනුකවයි දැක්ක නිසා.මොකද ඒ දෙන්නා ආවා කියන්නෙ පිටිපස්සෙන් තව කට්ටිය එන්න පුලුවන් වග නේත්‍රට තේරිලා තිබ්බා.

"ආශව අයියෙ මොකෝ එකපාරටම දුවගෙන ආවෙ?"

"මේ....මම ආෆ්ටර් පාටි ඉන්නෑ....මම මැනේජ්මන්ට් එකට කියලා යන්නම්"

"ඒ මොකෝ? ඉන්න එක හොඳයිනෙ ආශවයා"

"බෑ සනුක....මගෙ කකුල බෑ....ඉන්න අමාරුයි....මම ගෙදර යනවා....හෙට උදේ හොටෙල් එකට එන්නම් මම බෑග් එක අරං යන්න"

"හා එහෙනම්.....සර්ට කියලා ඉමු එහෙනම්"

නේත්‍රව එක්කන් ගිය ආශව දිවාෂට නේත්‍රගෙ එක අතකුයි දෙවින්ට නේත්‍රගෙ අනික් අතයි දීලා මුකුත්ම නොකියා ඔලුව වනද්දි දෙවින් නේත්‍රගෙ අත හයියෙන් අල්ලගත්තා.දිවාෂනම් කොහොමත් ඔය අත අතාරින්නෙ නෑ කියල දැනන් හිටිය ආශව අමුතුවෙන් දිවාෂ දිහා බලන්න ගියේ නෑ.කණ්ඩායම් කලමණාකරුට කියලා අවසර ගත්තු ආශව එලියට එද්දිත් අභිෂේක් වාහනේ රථ ගාලෙන් එලියට අරං තිබ්බා.

"අප්පෝ ආසව තොගෙ ලඟ තියෙන හඩු ගද!"

"පිට්ටනියට වෙලා වතුර පිරෙව්වා කියලා හිතුවද මම?"

"චූචි අනේ ඔයා මම ලඟට වෙලා ඉන්න....ඔය හඩ්ඩා ලඟ ඉන්න එපා"

"සුදුබේබි ලඟ ගඳ නෑනෙ දිවාෂ"

"ඇද්ද? ඇද්ද කොටාට?"

දාඩිය නාලා හිටිය ආශවගෙ පපුවට හේත්තුවක් දාගෙන හිටිය නේත්‍ර  තොල් නොපිට හරවලා කියද්දි දිවාෂ ආශවට රවලා අහක බලාගත්තා.ගෙදර ගිහින් කාලා බීලා ඉවර කරපු ඉලන්දාරි ටික එලියට බහිද්දි නේත්‍රයි දිවාෂයි අභිෂේක් එක්ක කුස්සියෙ නැවතුනේ අභිෂේක් කට්ටියටම රෑ වෙලා කන්න කේක් එකක් හදන බව කිව්ව නිසා.කොල්ලො ඔක්කොම එකතු උනාට පස්සෙ මොන මහන්සියක් තිබ්බත් පාන්දර වෙනකංම කට්ටිය නිදාගන්නෑ කියලා අභිෂේක් දැනගෙන හිටියා.

"උඹලා කලින් දැනන් හිටියා"

"ඔව්.....උඹට කිව්වනම් එහෙම උඹ මොකාද එකා වගේ මැච් එක හා ගන්නවනෙ"

"ඒත් නේත්‍රට කර...."

"අපි පස්සෙන්ම හිටියනෙ ආශව....නේත්‍ර මල්ලි ඩ්‍රෙසින් රූම් එකට එද්දි පවා අපි දෙන්නා පස්සෙන් ආවා...අපේ මල්ලි වටේම සෝදිසියෙන් හිටියා....ගිය් පාර උනා වගෙ වරදක් නොවෙන්න අපි හැමෝම අවධානෙන් හිටියේ"

"ත්....තෑන්ක්ස් කට්ටියටම....ඒත්....ඒත් මම බැලුව නේත්‍රව කිඩ්නැප් කලානම්,ඒක නේත්‍රට කරදරයක්නෙ....මට ඒක දැනුනෙ නැත්තෙ ඇයි කියලා"

"ඒ නේත්‍ර මල්ලිව ඉස්සුවෙ නැත්තං කාවද උස්සලා තියෙන්නෙ?"

කොල්ලො හතරදෙනාම නිහඬවම කල්පනා කරද්දි තෙවින්ට මතක් උනේ ආශව වීදුරු කුටියට එන්න විනාඩි ගාණකට කලින් පැවීලියන් එකේ හිටිය හත් අට දෙනෙක් එකටම නැගිටලා ක්‍රීඩාංගනෙන් එලියට දිව්ව හැටි.ඒ අතරෙ තමන්ට දැකලා හුරු රූපෙකුත් තිබ්බ වග තෙවින්ට ලාවට මතක් උනා.ඒත් එක්කම නේත්‍ර වගේ කාවද ඉස්සුවෙ කියලා කල්පනා කරන ගමන් හිටිය ආශවත් තෙවින් දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන.

"බැරි වෙලා හරි.......???"

..............................................................................................

ආශවයි නේත්‍රයි මුහුද කොනෙන් ඉර බැහැගෙන යන දිහා බලාගෙන හිටියා.ඊට ටිකක් එහාට වෙන්න යාලුවො ටිකත් සෙල්ලං කරන ගමන් හිටියත් වැඩියෙ දඟලන්න ආසා නැති නේත්‍ර ඉස්සො වඩේකුත් චුට්ට චුට්ට කන ගමන් ආශවගෙ වටේ දැවටි දැවටි හිටියා.

"අරකටද සුදුබේබි වන්ගෝල් ෆේස් එක කියන්නෙ?"

"ඔව් මැණිකෙ .....යමුද ඒකට?"

"අද බෑ....වෙන දවසක යං සුදුබේබි.....එතනට වඩා මෙතන ශෝයි"

නේත්‍ර කියද්දි ආශව හිනා වෙවී නේත්‍ර දිහා බලාගෙන හිටියා.නේත්‍රගෙ කොණ්ඩෙ ඇවිස්සුව ආශව තව ඉස්සො වඩයක් නේත්‍රගෙ අතට දෙද්දි නේත්‍ර ඒකත් කොනෙන් චුට්ට චුට්ට කන්න ගත්තා.

"කුරුළු පැටියා වගේ....චුට්ට චුට්ට කන්නෙ...."

"නේත්‍ර කුරුළු පැටියා සුදුබේබිගෙ"

ප්‍රසිද්ධ ස්ථානයක් නිසා ආශව නේත්‍රව ලොකුවට ලං කරන් නොහිටියෙ නේත්‍රගෙම හොඳට.මුව ආවරණයකුත් පැලදගෙන හිටිය ආශවටත් කවුරුත් ලොකුවට අවධානයක් යොමු නොකරපු නිසා ආශව සැහැල්ලුවෙන් හිටියා.

"ඕයි තෙවින්"

"කියන්න යුගාන්"

"ටිකක් එන්නකො අනේ මෙහෙට"

දිවාෂ තමන්ගෙ අතින් අදිද්දි ඇසුත් හීනි කරලා බැලුව තෙවින් දිවාෂ එක්ක පැත්තකට ගිහින් ඉදගනිද්දි දිවාෂ තෙවින් එක්ක හිනා උනා.

"මට තමුසෙව අල්ලන්නෑ යුගාන්....කකුලුවෙක්වවත් කලිසම අස්සට දාන්නද යන්නෙ?"

"පිස්සුද පුකෝ! පොඩ්ඩක් හොඳින් ඉන්න කතා කලාමත් තොගෙ රැස් බලපංකො!"

"හරි හරි අනේ....කෑ ගහන්න එපා"

තෙවින් එකපාරමට ගැස්සිලා ගියේ දිවාෂ තමන්ගෙ අතක් දිවාෂගෙ අතක් එක්ක පටලගනිද්දි.

"තමුසෙ වටේ ගියේ නැත්තං මෙතනට ඇවිල්ලා මෙහෙම ලව් එකේ ඉන්න තිබනෙ"

"ඉතින් ඉමුකො"

"බෑ බෑ....තමුසෙ ආයෙ කොයි වෙලේ වටේ යයිද දන්නෑනෙ...වටපෙතියා!"

"මේ යුගාන්"

"ම්ම්ම්...."

"ඔයා හිතනවද ආශව යාලුකමට වඩා ආදරේ ගොඩක් ඉහලින් තියං ඉන්නව කියලා.....මම කියන්නෙ....සම තැන නෙවෙයිද දෙකම තියෙන්නෙ"

"නෑ"

"ඒ කිව්වෙ?"

"හිතට එකඟව අහලා බැලුවොත්,නේත්‍ර ආසවයා වෙනුවෙන් කල දේවල් වලින් මොනාද අපි ඌ වෙනුවෙන් කරලා තියෙන්නෙ? නේත්‍ර ජීවිතේ නොදුන්නු ටික විතරයි....කරන්න තියෙන හැම කැපකිරීමක්ම කරලා ඉන්නෙ නේත්‍ර ....ඉතින් ආශව අපිට වඩා නේත්‍රව උඩින් තියන් ඉන්න එක පුදුමයක් නෙවෙයි...උගෙ ජීවිතේම නේත්‍ර.....අංක එක නේත්‍ර....අනික් හැමදේම නේත්‍රගෙන් පස්සෙ"

තෙවින් ඔලුව වනලා තමන්ගෙ අතෙ තිබ්බ දිවාෂගෙ අත තව ටිකක් හයියෙන් අල්ලගත්තා.ඒත් එක්කම තෙවින්ගෙ දුරකථනෙට කෙටිපණිවිඩයක් ලැබෙද්දි ඈත බලන් ඉන්න දිවාෂගෙන් ඇස් අහකට ගත්තු තෙවින් දුරකථනෙට අවධානෙ යොමු කලා.පණිවිඩේ ඇවිත් තිබ්බෙ ආශවගෙන් වෙනකොට ආශව තෙවින්ට ස්ක්‍රීන් ශොටයක් එවලා තිබ්බා.

"මීට සුළු මොහොතකට පෙර හමු වූ නාඳුනන මල සිරුරේ අනන්‍යතාවය සොයා ගෙන ඇත.එලෙස කෲර අයුරින් ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු විස්සක තරුණයෙක් වන රධීන් සේනානායක යන අයයි.මාස කිහිපයක් පුරා විදෙස්ගතව සිට ඇති මෙම තරුණයා පසුගිය ......."

"එහෙනම් ඌ නේත්‍ර කියලා හිතලා උස්සලා තියෙන්නෙ තඹරව!"

තෙවින් ලොකු හුස්මක් පහල දාලා ආශවලා දිහා බලද්දි ලොකු කරදරයක් ඉවර උනා කියන හැඟීමෙන් තෙවින් දිහා බලන් උන්නු ආශව ලා හිනාවක් පෑවා.වෛරක්කාරයෙක්ට එහෙම සරලව සමු දෙන්න පුලුවන් උනාට ලඟම යාලුවෙක්ට එහෙම සරලව සමු දෙන්න ආශවට පුලුවන් වෙයිද කියලා තෙවින් හිතුවෙ සංවේගයෙන්.දවසක ආශවයි සනුකයි අතරෙ අනිවාර්‍යෙන්ම ප්‍රශ්නයක් ඇති වෙන වග දැනන් උන්නු තෙවින් ලොකු හුස්මක් පහල දැම්මෙ ඈතින් තමන්ට පේන්න තිබ්බ දර්ශනෙන් ඇස් අහකට අරගෙන.

මුහුදෙ කොනෙ ඉර බැහැගෙන යන තැබිලි පාට ආකාහෙ දිහා බලන් උන්නු නේත්‍ර දිහා ආශව වගේම ඒ ලඟින්ම හිටන් උන්නු සනුකත් දිලිසෙන ඇස් වලින් බලන් හිටියා.ලවණ මුහු උනු මන්දමාරුතේ ඉලන්දාරි තුන් දෙනාගෙම ඇඟවල් වල හැපීගෙන යද්දි ආශවටයි නේත්‍රටයි එකිනෙකාගෙන් දැනෙන උනුහුම එක්ක හීතලක් නොදැනෙද්දි සනුකගෙ ඇඟේනම්  හිරිගඩු පිපීගෙන එන ගමන් තිබුණා.

...................................................................................................

වචන 6800+ 😋❤️

අදත් අදහසක් කියාගෙන යන්න බබාලා❤️

මගෙ මහන්සියට වටිනාකමක් දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter