Back
/ 107
Chapter 101

100 කොටස 🤍✨️

නිවාලන්න මා...

"ආශවයා ටිකක් ගන්නවද?"

"එපා සනුක...ඩ්‍රින්ක්ස් ගන්නෑ මම"

"මමත් අහන්නමයි හිටියෙ....ආශව අයියා මොකෝ ඩ්‍රින්ක්ස් ගන්නෙ නැත්තෙ"

"නිකං....ආසාවක් නෑ.....නේත්‍ර ආසත් නෑ.....ඒ නිසා ඉතින් ඕන්නෑ කියලා හිතුනා"

ඈතින් තද තැඹිලි පාටට පේන ඉර දිහා බලාගෙන මුමුණපු මම සනුක අරං ඇවිත් තිබ්බ චිකන් ඩෙවල් එකෙන් කෑල්ලක් කටට දාගත්තෙ කොලඹ අහස මැද්දෙන් බහින ඉරට වඩා නුවර අහස දිගේ බහින ඉර කොච්චරනම් ලස්සනද කියලා හිතන ගමන්.සමහර විට ඒ නේත්‍ර නිසා වෙන්න ඇති.එයා මෙවෙලෙත් මගෙ ලඟ හිටියනම්,මේ ඉර බහින එකත් මට ලස්සනට පෙනෙයි.

සනුකයි ලියෝනුයි.....හිනාවෙවී බියර් බොන හැටි හිස් විදියට බලාගෙන හිටිය මම කොකා කෝලා කෑන් එකක් කඩාගෙන ඒක කටට හලාගත්තා.මම ඇල්කොහොල් හෝ සිගරැට් නොබොන්න ප්‍රධානම හේතු දෙකයි.එකක් නේත්‍රගෙ අකමැත්ත.අනික මගෙ ෆිසිකල් හෙල්ත් එක.

කොහොමත් මම හිතන්නෑ අරක්කු ගඳ ගහන කතා කරද්දි සිගරැට් ගඳ ගහන මිනිහෙක් විදියට නේත්‍ර ලගට ගියොත් නේත්‍ර සතුටු වෙයි කියලා.එයා කොහොමත් ඔය දේවල් පුංචි කාලෙ ඉදන්ම ප්‍රතික්ශේප කල කෙනෙක්.මම හොඳ ගතිගුණ ඉගෙන ගත්තෙ පුංචි එයාගෙන්.වයසින් වැඩෙන්න වැඩෙන්න මටත් ඒ දේවල් ඉබේටම පත්තියං උනා.සමහරවිට මෙලෝ කමකට නැති ගතිගුන තිබ්බ මගෙ ඇඟ ඇතුලෙ දැන් හොඳ ගතිගුණ විදියට ඉන්නෙ නේත්‍රම වෙන්න ඕනි.මොකද මම හිතන්නෑ සාගර ඉරුගල්බණ්ඩාර කියන මිනිහගෙ පුතා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙයි කියලා.

අනික් පැත්තෙන් මගෙ හෙල්ත් එක....සමහර ක්‍රිකටර්ස්ලා ඉන්නවා,උන්ගෙ ඇටිටියුඩ්ස්,ස්කිල්ස් අනන් මනන් එච්චර හොඳ නැති උනත් ගත යුත්තක් තියෙන.අන්න එහෙම මම ගත්ත දෙයක් තමා ඇල්කොහොල් යූස් කරන්නෙ නැති එක.සමහර ක්‍රිකටර්ස්ලා එයාලගෙ ක්‍රිකට් ලයිෆ් එක ඉවර වෙනකංම ඇල්කොහොල් යූස් කරන්නෑ කියලා තීරණය කරං ඉන්න අය.සමහරවිට සැර අඩු වයින් ජාති මොනාහරි යූස් කරනවා ඇති.ඒත් බියර් වලින් පටන් අරං එතනින් උඩට.....ඇත්තටම මම දන්නෑ ඔය ඇල්කොහොල් ගැන ලොකුවට මොකුත්.කොහොමහරි,විරාට් කෝලි කියන්නෙත් අන්න එහෙම කෙනෙක් කියල මම අහලා තියෙනවා.එයාගෙ ක්‍රිකට් කරියර් එක සක්සස් කරගන්න එයා මේකෙන් රිටයර් වෙනකංම ඇල්කොහොල් යූස් කරන්නෑලු.

"අපි මූවි එකක් බලමුද රෑට? අනිද්දනෙ අපි පල්ලෙකැලේ යන්නෙ?"

"මගෙ අවුලක් නෑ"

"ආශවයා?"

"ඕකේ"

සනුක දිහා බලලා උත්තර දුන්නු මම අහක බලාගත්තා.ලගකදි ඉදන් සනුක ගැන මගෙ හිතේ එච්චර හොඳ හැඟීමක් ඇති වෙන්නෙම නෑ.නේත්‍ර ගැන සනුක මොකක්ම හරි අමුත්තක් හිතේ තියං ඉන්නවද කියන හැඟීම මට හරියට වද දෙනවා.ඔය ගැන වහෙන් ඔරෝ නේත්‍ර කියන චූටි පණ්ඩිතයගෙන් ඇහුවම,

"හැමෝම මට එහෙම කැමති වෙන්නෑනෙ සුදුබේබි.... නේත්‍රට ආදරේ සුදුබේබි විතරයි"

ඇසුත් බෝල කරං කියන විදිය දැක්කම එයා එයා ගැන හිතන් ඉන්න විදිය වැරදියි කියලා කියන්න කොච්චරනම් හිතුනත් ඒ පුංචි හිත රිද්දන්න මට ඕනි උනේ නෑ.නේත්‍රව දකින අයගෙන් කී දෙනෙක්ටනම් ඔය පොඩි එකා ගැන හැඟීම් පහල වෙනවද කියලා එයා දන්නෙවත් නෑ.එයා එහෙම හිතන්නෙවත් නෑ.ඒ නිදහස් හැඟීම මට සීමා කරන්න ඕනි උනේ නැති නිසා ඉස්කෝලෙ කාලෙ වෙන්න ගිය හුඟක් දේවල් පවා මම මැදිහත් වෙලා විසඳුවා.මගෙ පුංචි මැණිකව රකින්න ඉන්න එකම කෙනා මම වෙනකොට ජීවිතේ පැත්තකින් තියලා හරි ඒකව රකිනවා ඇරෙන්න වෙන මොනා කරන්නද මම?

නේත්‍ර ගැන තාවකාලික හැඟීම් ඇති වෙන මිනිස්සු ඒක ටික කාලෙකින් අයින් කරගත්තත් මට සනුකගෙන් දැනෙන්නෙ මාරම අමුත්තක්.සනුක කියන සමහර දේවල් එක්ක මට සනුක ලොකු දේවල් ටිකක් හංඟනවා කියලා හිතෙනවා.සමහර විට මම හිතනවා වැඩි ඇති.ඉවසීම පැත්තකට දාලා පිස්සෙක් වගේ වැඩ කරලා නේත්‍රගෙ හිත රිද්දන්නත් ඕනි නෑ මට.හැබැයි එහෙමයි කියලා සනුක ඇත්තටම ඕනි නැති හැඟීමක් හිතේ තියං ඉන්නවනම්.....සනුක ගැන බලාගන්න ඕනි විදියත් මම දන්නවා!

"ආශවයා කෝල් එකක්.....ඇහෙන්නෙ නැද්ද උඹට?"

"ආහ්"

ෆෝන් එක අතට ගත්තු මම කෝල් එක ඉග්නෝ කරලා ඒක එහෙම්මම මේසෙ උඩට අතෑරලා දාලා බංකු කෑල්ලෙන් නැගිටලා සනුකලාගෙ ගෙදර වත්තෙ තිබ්බ පොන්ඩ් එක ලඟට ගියේ කෝල් එක කාගෙන්ද කියලා දැක්ක නිසා.දිව්දේත්‍රා !!!! කොහෙන් පාත් වුනු කරුමයක්ද දන්නෑ ඒ ගෑනු මනුස්සයනම්! කෙල්ලෙක් නිසා ඉවසනවා නිසාම මිසක් අර මිකායෙල් වගේ කොල්ලෙක් එහෙමනම් මේ වෙද්දි මම ඔය කෙල්ලගෙ අතක් පයක් හරි කඩලා දාලා.එච්චරටම වාතයක්!

ඇත්තටම ඔය කෝල් එකක් එන වෙලාවක ෆෝන් එක දිවාසයට දෙන්න හිතුනු වාර අනන්තයි අප්‍රමාණයි.ඌත් ඒ උනාට කෙල්ලන්ට බයින්නෙ නැති නිසා තේරුමක් නෑ...අර නිදුකිට දෙන්න ඕනි වෙලාවක.ඒ උනාට මේ දිව්දේත්‍රාගෙ කට එක්ක ඔය කෙල්ලටවත් හැරෙන්න බැරුව ඇති.ඇත්තටම ෆ්ලවර් රෝඩ් ඉන්න කෙනෙක් කියලා කියන්න බෑ ඒ මනුස්සයා කට ඇරියම.මාලිගාවත්ත දෙමටගොඩ හරියෙ මුඩුක්කුවක ඉන්න කෙනෙක්ගෙ කටක් වගේ කියලා සනුකයි ලියෝනුයි කියන කතාව සම්පූර්ණ ඇත්ත.ඒ තරමට සවුත්තුයි.

නේත්‍ර නැතුව පාළුයි.පාළුයි කියන්නෙ නොසෑහෙන්නම පාළුයි.පුංචි කාලෙ ඉදන් ඒ සුවඳ විදින ගමන් ඒ හුස්මෙ උණුහුමෙන් පිරෙන ගමන් උදේ ඉදන් රෑ වෙනකං නේත්‍රව අස්සෙ තියාගෙනම හිටිය මට ඇත්තටම මේ දේවල් හරි අමාරුයි.අඩුම නේත්‍රටවත් මම කියලා නෑ මම ඉන්න පීඩනේ.ඒත් ඒක නේත්‍ර දන්නවා....ඒ ගැන මට විශ්වාසයි.මම කියන්න ඕනි නෑ එයාට මාව තේරුම් ගන්න.ඒත් නේත්‍ර කියලත් මොනා කරන්නද? ඒ පොඩි එකා ඔය වයසට දරන්නවත් බැරි තරම් දේවල් දරනවා.තවත් කොහොමනම් ඒ ඔලුවට බරක් දාන්නද?

ලොකු හුස්මක් ආයෙම පහල දාලා මම බැලුවෙ මගෙ වොච් එක දිහා.අද මීට්න් එකට ගිය වෙලේ කීප දෙනෙක්ම මගෙ වොච් එක දිහා හොදට බලනවා කියන එක මට නොතේරුනා නෙවෙයි.වැඩියෙ ඕන්නෑ එක ටීම් එකක ප්ලේයර් කෙනෙක් මට හින්ට් එකක් පවා ගහගෙන ගියා මේක බ්‍රෑන්ඩඩ් එකක් නොවුනු නිසා.වොච් එක දිහා බලන් හිටිය මගෙ මූණට හිනාවක් එන්න ගියේ තත්පර ගාණයි.මේක මගෙ නේත්‍ර මට දුන්නු වොච් එක.ඒකෙ බ්‍රෑන්ඩ් එකේ අදාලත්වයක් ඒ නිසා මට තිබ්බේ නෑ.නේත්‍ර විතරයි! ඒ නිසා මට මේක නොසෑහෙන්න වටිනවා.

"ආ....ඕ....හා හා....හරි....හ්ම්ම්"

ලියෝන්ගෙ කටහඬ ඇහුනු මම ඒ පැත්ත බලද්දි ලියෝන් මූණත් ඇද කරං ෆෝන් එක තියනවා දැක්ක මම ඒ පැත්ත බලාගෙනම හිටියෙ ඔය කෝල් එක ආවෙ කාගෙන්ද කියන සාධාරණ සැකේ මට තිබ්බ හන්දා.හිතුවා වගේම ලියෝන් මම දිහා බලලා ඔලුව දෙපත්තට වනද්දි මම ලියෝන් ලඟට ගියා.

"ඇයි ලියෝන්?

"මේ....අර කෙල්ල....ලොක්කගෙ දුව"

"............."

"ඔයාව අහනවා කෝල් කරලා....අනිද්දා මැච් එකට කලින් එයාව මීට් වෙන්නලු අයියට...මොනාද කතා කරගන්න තියෙනවා කිව්වෙ"

"ශිට්!"

අතේ තිබ්බ කොකාකෝලා කෑන් එක එතනම බිම ගහපු මම ගේ ඇතුලට ඇවිල්ලා කෙලින්ම ගියේ සනුක මට දීලා තියෙන කාමරේට.කාමරේ ඇතුලට ආව මම දොර වහගෙන ඇඳට පැනලා ඇඳ උඩ පිලිවෙලට නවල තිබ්බ ලා රෝස පාට ටීෂර්ට් එක මගෙ අතට ගත්තා.ටී ෂර්ට් එක දිගෑරගත්තු මම එකපාරක් ලොකු හුස්මක් උඩට ඇදලා ඒකෙන් හමන සුවද විදගෙන ඇස් දෙක පියාගත්තෙ කලබල වෙලා තිබ්බ හිත හෙමින් සන්සුන් වෙනවා දැනෙද්දි.

"මගෙ ගැටපිච්ච මල"

එහෙම්මම ඇස් දෙක පියාගත්තු මට ආයෙමත් ඇහැරුණේ සනුක දොරට තට්ටු කරන සද්දෙ ඇහුනම.මූවි එක බලන්න එයාගෙ රූම් එකට එන්න කියලා කිව්ව සනුක සාමාන්‍ය විදියට ඇවිදන් යන හැටි මම බලන් හිටියෙ පුදුමෙන්.අච්චර ලොකු බෝතලයක් දෙන්නෙක් එක්ක බීලත් තනි කෙලින් යන සනුක එක්ක එදා අර රා පොල් කටු දෙක තුනක් බිව්ව මාව මම සන්සන්දනය කලා.නේත්‍ර කියනවා වගේ හෑයියා ම තමා.ඒවා බීලා එහෙම වෙරි උනානම් වෙන මොනාහරි බිව්වනම් මම හතරගාතෙනුත් යයි.

"මොකද්ද මූවි එක?"

"After"

"ආහ්"

"ආශව බලල තියේද?"

"නෑ සනුක....මම එහෙම මූවීස් අනන් මනන් වැඩියෙ බලන කෙනෙක් නෙවේනෙ"

"ලියෝන්.....කුරියර් එකෙන් ඇවිල්ලා....ගිහින් අරං එන්නකො කෑම ටික"

ලියෝන් පහලට යද්දි මම සනුකගෙ ඇඳේ ඉඳගත්තා.කෑම බෑග්ස් දෙකක් අතේ එල්ලගත්තු ලියෝන් කාමරේට ආයෙම කඩා පනිද්දි සනුක ප්ලේට්ස් වගයක් අරං ඇවිත් ඇඳ උඩින්ම තිබ්බා.මූවි එක ශේප් එකේ බලන්න ගත්තු මම ටිකක් ආසාවෙන් ඒක බලන්න ගත්තෙ ප්ලොට් එක ලස්සන එකක් කියලා දැනුනු නිසා.ඒත් එක තැනකදි...මම හිතන්නෙ ඒ දෙන්නා සෙක්ස් කරන්න යන්නෙ.

"ලියෝන් ඔය කට වහගනින්කො.....වලත්තයෙක් වගේනෙ"

සනුක හිනාවෙවී කියද්දි මම ස්ක්‍රීන් එක දිහා බලන් හිටියා.ඒ දෙන්නගෙ ඇඳුම් එකින් එක ගැලවෙද්දි මට මෙලෝ හැඟීමක් නැතුව ඒ දිහා බලන් හිටියා.ඔය මට ඔය දේ උනු පලවෙනි වතාව නෙවෙයි.එකපාරකුත් දෙනෙත්ලා දෙවින්ලා එක්ක call me by your name මූවි එක බලන්න ගිහිනුත් ඔය වගේම හිස් විදියට මම බලන් හිටියා මතකයි.ස්ට්‍රේට් එව්වට හැඟීමක් එන්නෙ නැති නිසා තමා මම එදා ගේ එකක්ම ට්‍රයි කලේ.ඒත් ම්හ්....මුකුත් උනේ නෑ....ලෙඩක්ද කියලත් මම හෙන බයකින් හිටියෙ ඔය කාලෙ.පස්සෙ පස්සෙ මම තේරුම් ගත්තා මගෙ හැම ෆීල් එකක්ම උඩට එන්නෙ නේත්‍ර එක්ක ඉද්දි විතරයි කියන එක.නැත්තං ලෙඩා වගේ පණ නෑ.

"මේ වෙලාවෙ මොකෙද්ද?"

ආයෙමත් ෆෝන් එක රින්ග් වෙද්දි ඇස් දෙකත් රෝල් කෙරුව මම ඒ දිහා නොබලා ඉන්නත් හදලා ආයෙ කෝකටත් කියලා නිකමට ෆෝන් එක අතට ගත්තා.අප්පෝ අර වදකාරයා! මොන මගුලකට ගන්නවද දන්නෑ මේ මහ හවස! එක්කො නේත්‍රව උදුරගත්තා කියලා බයින්න යන්නෙ! නැත්තං ඒත් නේත්‍රව උදුරගත්තා කියලා තමා බයින්නෙ! ඌට වෙන හේතු නෑනෙ මට බයින්න.

"මොකද!!!"

"ආ....ආසව අයියෙ.....ත්....තමුසෙ වැඩකද?"

"තමුසෙ අඬනවද ඔය? මොකද්ද උනේ?"

මෙහෙමයි.දිවාසයා එක්ක මම කොච්චරනම් මරාගත්තත් ඒ ඉන්නෙ අපිට නැතුවම බැරි කෙනෙක්.අපි හතරදෙනා පොඩි කාලෙ ඉදලම හැදුනෙ එකට.දිවාෂට උනු සමහර කේස් වලට දෙවින් අත දාද්දි මාත් ගිහින් එහෙම උන්ට දෙකක් දීලා ඇවිල්ලා තියෙනවා.කොච්චර මොනා උනත් මට මම ලඟට නේත්‍රව භාර දෙන්න පුලුවන් ලොකුම විශ්වාසවන්තයා දිවාස.වෙන එකෙක්ට වගේනම් නේත්‍ර ගැන මම එක්ක කියලා මට බයින එව්වගෙ හැටියට මම දත් ටික බඩට යන්න දීලා.ඒ උනාට දිවාස දෙන දසවද ඔක්කොම මම ඉවසන් ඉන්නෙත් ඒ පොඩි නසරාණියා මගෙ comfortable zone එක ඇතුලෙ ඉන්න කෙනෙක් නිසා.

දිවාස මෙහෙම අඬ අඬ මට කෝල් ගන්නවනම් ඒකෙ තේරුම තෙවින්ගෙ ප්‍රශ්නයක් කියන එක වගේම ඒකට මම මැදිහත් වෙන්න ඕනි කියන එක.දුක හිතෙන හෝ මොකක් හරි දෙයක්නම් දිවාස දුවන්නෙ නේත්‍ර ලඟට.තෙවින් සම්බන්ධ නොවෙන වෙන ඕනිම ප්‍රශ්නෙකදි,කාටහරි ගහන්න හරි ඕනි දෙයක් උනත් ඒක කියන්නෙ දෙවින්ට.තෙවින්ගෙ සිද්ධි මොකුත්ම දිවාස දෙවින්ට කියන්නෑ.ඌට බයයිලු.දෙවින්ට ඌම හෙමීට කියන්නම්ලු.ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න පොඩි නසරාණියා දන්නෑනෙ දවසක් තෙවින් බීගෙන ඇවිල්ලා ඔක්කොම කියෝලා දෙවින් දැන් සීන් එක දන්නවා කියලා!!! හොඳ වැඩේ පොඩි ඇම්බැට්ටයට.

"ත්....තෙවින්...."

"ඔව්....ඌ මොකෝ?"

"ඌ කොළඹ ආවා අද උදේ.....අද හවස යාලුවන්ව හම්බෙන්න යනවා කිව්වා....කාලෙකින් හම්බුනේ නැති නිසා"

"මේ කොළබ හිටිය කාලකන්නි ටිකව?"

"ඔව්.....ඒ හු#තිගෙ පුතාලා ටිකව තමා ආසව"

"උඹ මගෙ ඉස්සරහ කුනුහරප කියන්න එපා මල්ලි!"

"කමාවෙන්න අනේ.....මේ අහපංකො ආසව"

"කියන්න කියන්න"

"යනවා කිව්වෙ industri එකට....මම හිතුවෙ හොටෙල් එකක් කියලා.බලද්දි ඒක....."

"ක්ලබ් එකක්"

"ඔව්නෙ ආසව.....ගිහින් දැන් සෑහෙන වෙලා....ෆෝන් එකත් ඕෆ්"

"ම්ම්ම්ම්"

"ත්....තමුසෙට පුලුවන්ද ටිකක් ගිහින් බලන්න? මම ඔය පැති ගැන දන්නෑ ඔයා ඉන්න තැන ඉදන් දුරද දන්නෙත් නෑ"

"මම ඌව එක්කන් ඇවිත් කෝල් එකක් දෙන්නම්"

"හ්....හා අයියෙ...."

"ඊයා මහ ලොකු චණ්ඩියා හොටු පෙරනවනෙ....බය නැතුව ඉන්නවා.මම එක්කන් එන්නම් අරූව"

"හරි ආසව.....ආදරෙයි හර්තේ තමුසෙට මම"

"තියනවා තියනවා ඕක"

කෝල් එක කට් කෙරුව මම කල්පනා කලේ ඔය කියන ක්ලබ් එක තියෙන්නෙ කොහෙද කියන එක.මෙහෙ ආවා කියලා ඔය විකාර අස්සෙ රිංගන්න ගිහිනුත් නෑ.සනුකගෙන් ඇහුවනම් හරි.සනුක ඔහොම හිටියට හොඳ කාඩයා.මම හිතන්නෑ සනුක බොන එක ඇරෙන්න ඊට එහා ගිය දෙයක් සනුක කරලා ඇති කියල.හැබැයි මිනිහා ඔය වගේ තැනකට ගිහින් නොතිබ්බත් තියෙන තැන හරි දැනන් ඉන්න ඕනිනෙ.

කල්පනා කර කරම මම සනුකගෙ කාමරේ ඇතුලට ආයෙමත් ගියා.නුවර හිටිය නිසා වගේම අපි හැදුනු ගතානුගතික පරිසරේ එක්ක ක්ලබ් වගේ දේවල් අපිට හෙනම අමුතු දේවල් උනාට....කොටින්ම කිව්වොත් ක්ලබ් වගේ දේවල් ගැන අපේ වැඩිහිටියො අපේ ඔලු වලට දාලා තිබ්බෙ ඔව්වට යන කොල්ලො කුඩු ගහනවා,කෙල්ලො නරක දේවල් කරනවා කියලා.එහෙම කරන උන් නොසෑහෙන්න ඉන්නවා තමා.ඒත් නිකං එන්ජෝයි කරන්න විතරක් ඉදලා හිටලා ඔව්වට යන අයත් ඕනි තරම් ඉන්නවා.සනුක කියන්නෙත් එහෙම ඩයල් එකක්.මිනිහා මම හිතන්නෙ කොලඹ නොගිය තැනක් නෑ.හැබැයි අදටත් කිසි අවුලක් නැතුව ශේප් එකේ ඉන්නවා.

"සනුක....."

"ඕ ආශවයා කියපං"

"Industri club එක තියෙන්නෙ කොහෙද?"

"මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් වල....ඇයි?"

"යමංකො එහෙ"

"ඈ ආශව?"

"මට යන්න නෙවේ ඕයි....ට්‍රැක්ද? තෙවිනා ඒකෙ රිංගගෙනලු....ටිකක් බලලා එක්කන් එන්න යං"

"ත්....තෙවින් ඒකෙ?"

"ඔව්....ඇයි?"

"නෑ නෑ නිකං.....ඒක එච්චර හොඳයි කියලා හිතන්නෑ මම.යං ඉක්මනට"

ආයෙ....ආයෙ වතාවක් මට සනුක ගැන සැක හිතුනා.මූ තෙවින් ගැනත් මොනාහරි දන්නවද? එක්කො මට හැමවෙලේම මේ මනුස්සයා ගැන සැක හිතෙනවද? එක දෙයක් මගෙ ඔලුවෙ වැඩ කලේ නෑ.එක්කො මම හිතනවා වැඩියි.තරුණ කොල්ලෙක්....විශේෂයෙන් තෙවින් වගේ නහරකාරයෙක් ඕකට ගිය නිසා සනුක එහෙම අමුතුවට හැසිරෙන්න ඇති.මම ලොකු හුස්මක් පහලට දාලා ආයෙම වතාවක් මගෙ උඩු හිත හදාගත්තා.

"යමං"

ඩ්‍රින්ක්ස් ගත්තු නිසා ටිකක් නිදිමතේ වගේ ඉන්න ලියෝන්ව ඇඳේ ඇලකරවලා ශීට් එකක් පෙරෙව්ව සනුක ඇඳන් හිටිය ටී ෂර්ට් එක උඩින් ඩෙනිම් ජැකට් එකක් දාගෙන ඉක්මනට පහලට දුවං යද්දි මාත් ඒ පස්සෙන් දිව්වා.මම හිතන්නෙ ලොකු වෙලාවක් ගත වුනේ නෑ.එහෙන් මෙහෙන් දාලා....කොලබ අවුල කියන්නෙ පාරවල් ඔක්කොම එක වගේ.දැන් අපේ පැති වලනම් අතනින් හැරෙන්න මෙතනින් හැරෙන්න කියල ලේසියෙන්ම මොකක් හරි අයිකන් එකක් එක්ක කියන්න පුලුවන්.මෙහෙ ඒක අමාරුයි.ඔක්කොම පාරවල් එක වගේමයි මට පේන්නෙ.කොහොමහරි වැඩි වෙලාවක් යන්න කලින් අපි තැනට ආවා.

"ආශව මාස්ක් එකක් දාගෙන යමු.....අපි දැන් අපේ ජීවිත ගැන සරලව හිතලා බෑ"

කා එකෙන් බහින්න කලින් සනුක මගෙ අතට බ්ලැක් මාස්ක් එකක් දීලා කියද්දි මම ඔලුව වැනුවා.ඌ කියන කතාව ඇත්ත.දැන් අපි සෑහෙන්න මිනිස්සු අතරෙ කතාබහට ලක් වෙන්න ඉන්න අය.සනුක කියන්නෙ දැනටම ෆේමස් මනුස්සයෙක්.එහෙව් එකේ මෙහෙම තැනක මොකක්ම හරි අවුලක් ගියොත් ඒක අපි දෙන්නටම හොඳ නෑ.අනික් අතින් තෙවින්.ඒ බූරුවාත් ලොකු ගමනක් යන්න ඉන්න කෙනෙක්.කෝකටත් මූණු වහගන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ.

"යං"

මාස්ක් එකත් දාගෙන කා එකෙන් බැස්ස මම කියද්දි සනුක ඉස්සර උනා.එන්ට්‍රන්ස් එකෙන් අපි දෙන්නව නවත්තගත්තෙ අපි මෙතනට අලුත් අය බව තේරුනු නිසාද කොහෙද.සනුක අපේ අයිඩීස් පෙන්නන්නත් එච්චරටම කැමති උනේ නෑ.සනුක සිකියුරිටි ඩබල එක්ක ශේප් එකක් දාගන්න කතා කර කර ඉද්දි මම හිටියෙ අතේ නියපොතු හපන ගමන්.අරූ ඇතුලට වෙලා මොනා කරන්ද දන්නෑ.ඒත් එක්කම සිකියුරිටි කෙනෙක්ට ආව කෝල් එකක් එක්ක එතන තත්ත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

"සර්....ඔය දෙන්නට ඇතුලට යන්න පුලුවන්"

ඔලුවත් ටිකක් පාත් කෙරුව සිකියුරිටි අපි දෙන්නා දිහා බලද්දි ආව චාන්ස් එක එක්ක වෙන මුකුත් නොහිතුව අපි දෙන්නා ඇතුලට ගියා.ඇතුලට ගිය ගමන් මට දැනුනෙ ඇස් දෙක නිලංකාර වෙන ගතියක්.ඇත්තටම එතන හරි අමුතු තැනක්.නේත්‍රව රකිනවා කිය කිය ලොකුකං ගැහුවට,මම මේ ලෝකෙ නොදන්න දේවල් පවා කොච්චර ඇද්ද කියලා මට එතන දැක්ක ගමන්ම හිතුනා.මම ආශ්‍රේ කරන සමාජෙට වඩා එතන සමාජෙ වෙනස්.මම ඉන්නෙ සීමාවකට කොටු වෙලා,ඒ ජාතියෙ මිනිස්සු විතරයි සමාජෙ ඉන්න කියන පටු අදහසින් කියන එක මට දැනෙන්න ගත්තා.හිතන එක පැත්තක තිබ්බ මම නට නට ඉන්න සෙනඟ මැද්දෙන් ඇතුලට අඩිය තිබ්බෙ තෙවින්ව හොයාගන්න.

"හේයි හැන්ඩ්සම්.....වොන්න ඩෑන්ස් විත් මී?"

ඊක්කෙයියා.....මේ මොන හෙලුවැල්ලියක්ද මේ? දෙපාරක් නොහිතුව මම ඇඟේ ඇතිල්ලෙන්න ආව කෙල්ලව අහකට තල්ලු කරද්දි ඒ කෙල්ල වැනි වැනී වෙන කොල්ලෙක් ලඟට ගියා.ඔක්කොටම හපන්නෙ මෙතන නටන අයගෙ ඇඳුම් ටික.ආප්පෝ.....ඔක්කොම එලියෙ.මට ලෙඩෙක්ට වගේ හැඟීම් පහල වෙන්නෙ නැති නිසා හොඳයි.වෙන එකෙක් වගේනම්...සනුකයා කෝ? ඌ කෙල්ලෙක් බදාගෙනද දන්නෑ!

"ආශවයා හෙන අන්කම්ෆටබල් නේහ් මචං! මේ හරියෙන් කොහොමහරි යාගමු අතනට....ඔතනින් එහාට තියෙනවා ප්‍රයිවට් ඒරියාස්....ඔය එකක ඇත්තෙ අරූ.මෙතන පේන්න නෑ"

ආ කෙල්ලෙක්ව බදන් නෑ.මූ යහතින් ඉන්නවා.සනුක කිව්ව නිසාම මම ඇඟේ ඇතිල්ලෙන්ම එන කාන්තා පාර්ශවයෙන් මාරම අමාරුවකින් ගැලවෙන ගමන් සනුක පෙන්නුව පැත්තට ගියා.සනුක ගැනත් කතා කරලා වැඩක් නෑ.ඌ මගෙ උරහිසෙන් අත් දෙක තියාගෙන පිටේ එල්ලීගෙන ආවා.ප්‍රයිවට් ඒරියාස් තියෙන පැත්තෙ එන්ට්‍රන්ස් එකෙත් සිකියුරිටි එකෙන් හිටියත් අපිට ඇතුලට යන්න කෙලින්ම පර්මිශන්ස් ලැබුනා.අඩුම අයිඩී එකක්වත් චෙක් කලේ නෑ.

මම ක්ලබ් වලට ඇවිත් තියෙන කෙනෙක් නෙවේ.ඒත් කොමන් සෙන්ස් එකක් මටත් තියෙනවනෙ.සාමාන්‍යෙන් මේ වගේ තැනක මෙහෙම පර්මිශන්ස් ලැබෙන එක ගැන මට දැනුනෙ මාරම අමුත්තක්.කිසිම දෙයක් අහන්නෙත් නෑ.අනික අපි මාස්ක් පවා දාලා ඉන්නෙ.උබලට ඕනි දෙයක් කරගනින් කියලා මේ මිනිස්සු ඉන්නව වගේ නිකං.මම කල්පනා කලා.නෑ....මට හොඳටම ශුවර් අපේ අප්පච්චිට ක්ලබ්ස් නෑ කියලා.අනේ මංදා.ඕනි දෙයක් වෙච්චදෙන් කියල මම මේ තත්පරේට එන විදියකට මූණ දෙන්න හිතාගෙන ප්‍රයිවට් ඒරියාස් වලට එන්ටර් උනා.

"අප්පෝ සද්දෙ බලපංකො සනුක මෙහෙ....."

පොඩි පොඩි රූම්ස් වගේ තියෙන එව්වා මැද්දෙන් තිබ්බ කොරිඩෝ එකේ යමින් ගමන් හිටිය මම සනුකට කිව්වෙ ඩීජේ එකේ සද්දෙ දරන්නම බැරි තැන.කොහොමත් නිස්කලංක විදියට ඉන්න ආසා කල මට මෙතන වයිබ් එකනම් සෙට්ම නෑ.එහෙන් ලයිට් එලි.පේන හැම මිනිහවම රෝස පාටට පේන තරමට ලයිට්ස්.නේත්‍රව එහෙම එක්කන් ආවනම් "ඇස් නිලංකාර වෙනවා සුදුබේබි....නේත්‍රට බෑ අප්පේ" කියලා එහෙම්මම ඇස් පියාගන්නවා.එච්චරටම සවුත්තුයි මෙතන වයිබ් එකනම් අනේ.බ්වෑක්කා!

"මෙව්වට කෙලින්ම යන්න පුලුවන්ද සනුක? එහෙම ගියාට අවුලක් නැද්ද?"

"ඔය රූම් ඩෝ එකට තට්ටුවක් දාපංකො....අරීනෙ කවුරුහරි දොර.එතකොට ඇතුලට ඔලුව දාලා බලමු"

"හා"

රූම්ස් දෙකකට බෙල් කලත් ඒ දෙකේම තෙවින් පේන්න නොහිටිය නිසා අපි තුන් වෙනි එක ලගටත් ගියා.අර කාමර වලට තට්ටු කරපු එකෙන් මට තේරුනේ ඒවා සවුන්ඩ්පෲෆ් කියන එක.එලියෙ සද්දෙ ඇතුලට ඇහෙන්නෑ...ඇතුලෙ සද්දෙ එලියට ඇහෙන්නෑ.මගෙයි නේත්‍රගෙයි ගේ ඩිසයින් කරද්දි අපි දෙන්නගෙ රූම් එක සවුන්ඩ්පෲෆ් කරලා හදන්න ඕනි.අපි දෙන්නගෙ පෞද්ගලිකත්වයට බාධා කරන්න කවුරුත් නෑ එතකොට.ඕක ඒත් කරන්න ඕනි නේත්‍රට නොකියා.කිව්වොත් එහෙම අහන ප්‍රශ්න වලට උත්තර දීලා මගෙ නම කැත කරගන්න බෑ මට.නේත්‍ර හිතුවොත් එහෙම එයාගෙ සුදුබේබි වනචරයෙක් කියලා.

"ඇයි මල්ලි? මොකෝ කේස් එක?"

මම හිතුව විදියටම තුන්වෙනි රූම් එකෙන් අපිට ලැබුනෙ එච්චර හොද ප්‍රතිචාරයක් නෙවේ.තෙවින් ඉන්නවද බලන්න ශේප් එකේ මම ඔලුව දාන්න කලින් ඉස්සර උනු සනුක දොර ලඟ හිටන් උන්නු කොල්ලව අහකට තල්ලු කරල දාලා ඇතුල් වුනා.සනුක මෙහෙම හැසිරුනාමයි.මෙච්චර වෙලා නෝමල් පිට හිටිය කොල්ලා එකපාරටම මෙහෙම හැසිරෙද්දි මට උනත් පුදුම හිතුනා.ඒ උනාට සනුකව තනියම ඇතුලට යවන්න පුලුවන්කමක් නොතිබ්බ නිසා මාත් සනුක එක්කම ඇතුල් උනා.

"තෙවිනා ටිකක් ගනිං බං"

"එපා බං එපා"

"මෙව්වා මොකෝ උබලට අපිට අමුතු ජාතියෑ හු#තො! ගහපං ටිකක්"

"එපා බං....දැන් යූස් කරන්නෑ"

"අනේ නිකං පලයං තෙවිනා යන්න.....මේවා එපානම් දුමක් හරි දාපං"

"ඒත් එපා....සිගරැට්වත් බොන්නෑ දැන්....ඔව්වා අදින්න බෑ ඒ නිසා කොහොමත්"

"උබ ගත්තෙ නැත්තං බලෙන් අද්දෝනවා පුතෝ! ආතල් එකක් ගනින්කො....ආයෙ කවදා හම්බෙයිද දන්නෑනෙ"

"එපා බං"

ඇත්තටම ඇතුලට යද්දි දැක්ක දේත් එක්ක මගෙ ඇඟේ ලේ රත් වීගෙන එනවා කියලා මට තේරුනා.සෝෆා එකක් උඩ හිටිය තෙවින්ට පොඩි සුදු පාට වීදුරු තීරුවක් වගේ එකක් උඩ තිබ්බ සුදුපාට කුඩු ජාතියක් දික් කර කර එකෙක් ඒක බලෙන් ඇඟේ ගහන්න හදද්දි තෙවින් ඒක රිජෙක්ට් කර කර හිටියා.මමත් බබෙක් නෙවේනෙ ඒ මොනාද කියලා නොතේරෙන්න තරම්.ජාතියක් නමක් නොදන්නවා උනත් ඒ ඩ්‍රග්ස් කියන එක මට තේරුනා.කොහොම මම එතනට ගියාද,කොහොම මගෙ අත ඉස්සුනාද කියන්න මම දන්නෑ....තෙවින්ට අර අටමගල දික් කර කර හිටිය කොල්ලා කෑ ගහගෙන බිම වැටෙනවා දැනෙද්දි තමා මම පියවි සිහියට ආවෙ.

"ආ.....ආශවයා....."

"ආශව තමා බල්ලො! ලබ්බක්ද මෙතනට වෙලා කරන්නෙ උඹ!!!"

"ආ....ආශව....ම්....මම.....මම"

"කට පියාගෙන වරෙං මම එක්ක යන්න!!!! මස් කරන්නෙ අද උඹව!"

මටම තේරුනා මගෙ කේන්තිය පාලනේ කරගන්න පුලුවන් කියන එක.ඇත්තටම මට මාව පාලනේ නොවෙන එකම තැන නේත්‍රට කරදරයක් වෙන්න යන තැන විතරමයි.තෙවින් ලඟට ගිය මම අත දිගෑරලා උගෙ කනටත් පාරක් ගහලා ශර්ට් කොලර් එකෙන් අල්ලන් ඌව ඇදගෙන එලියට යන්න හැදුවත් එතන හිටිය මරුමුස් පෙනුමක් තිබ්බ උන් හය දෙනා අපිව වට කරගත්තා.තෙවින් මාව පස්සට කරගෙන ඉස්සරහට ඇවිල්ලා අරුන්ගෙ මූණට මූණ හිටගනිද්දි මට තේරුනා මම ලඟම හිටිය සනුක හයියෙන් හුස්ම ගන්නවා.

"යන්න දියංකො අපිට දැන්.....කේස් දාගන්න ඕන්නෑනෙ මචං"

"කවුද මේ උබේ? මෙතනට ඇවිල්ලා සද්ද දාලා යන්න තරං?"

"යාලුවො බං.....කෝ එහාට වෙයංකො"

"අපි බලමුකො කොලඹ බෝඩරේට ඇවිල්ලා අපිටම සද්දෙ දාන්නෙ කවුද කියලා"

තෙවින්ව අහකට තල්ලු කෙරුව එකෙක් ඉස්සෙල්ලාම කලේ මගෙ මූණෙ තිබ්බ මාස්ක් එක ඇදලා අහකට ගත්තු එක.ටික වෙලාවක් මම දිහා පුදුම වෙලා වගේ බලාගෙන හිටිය ඌ ආයෙ කට කොණකින් හිනා උනා.

"අහා! මේ අර බෝලෙට බැට් එකෙන් ගගහා පොර වෙන්න දඟලන ඩයල් වලින් එකක්නෙ.....එතකොට මේ ඉන්නෙ පොඩි ටීම් එකේ හිටපු නායකතුමා වෙන්න ඇති"

ඌ සනුකගෙ මාස් එකට අත අරං යන්න කලින් මාස්ක් එක ගැලෙව්ව සනුක ඌට මූණ පෙන්නුවත් සනුකගෙ ඇස් වල තිබ්බ තද බැල්ම ඇත්තටම මට එච්චරටම දිරෙව්වෙ නෑ.

"මම තමා ඇයි? අපිත් කොළඹ බෝඩරේ තමා බල්ලො! උබලා මෙතන මේ කෙසෙල්වත්තෙ ලොක්කො උනාට අපි ඒ කාලෙ ඉදන්ම බැස්සෙ මරදානට!!!!"

"උබ කොහොමද අපේ බෝඩරේ දන්නෙ?"

"කොහොමහරි දන්නවනෙ!"

සනුකට කේන්ති ගියා මම මේ දැක්කමයි.මම ඔක්කොම පැත්තක දාලා ඌ දිහා බලාගෙන හිටියෙත් පුදුම හිතිල.ඒ අස්සෙ එකෙක් මගෙ කොලර් එකෙන් අල්ලලා පොඩි සද්දයක් දැම්මත් මම ආපිට මුකුත් නොකර හිටියෙ තව කේස් දාගන්න තිබ්බ අකමැත්තට.ඉවසීම කියන දේ ප්‍රගුන කර කර හිටිය මම එකපාරටම ගැස්සිලා ගියේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා.

"නේත්‍ර!"

වෙලාව හතයි.ක්ලාස් එක ඉවර උනු ගමන් කෝල් එකක් දෙන්න කියලා මම කියලා තියෙන නිසා නේත්‍ර කෝල් කරන්නෙ පුරුදු විදියට.මෙතන ආන්සර් කරන්න පුලුවන් තැනකුත් නෙවෙයි.කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවෙ දාන් මෙතනින් ශේප් වෙලා යන්න හැදුවත් උන්ගෙයි මගෙයි දෛවෙ ලියවිලා තිබ්බෙ ඊට වෙනස් විදියකට කියල මට ඊලග තත්පරේදි හිතුනා.

"අඩෝ අඩෝ කිරි කෑල්ලක්නෙ! කවුද බොසා ඒ මල්ලිද?"

නේත්‍රගෙ කෝල් එක එක්ක ස්ක්‍රීන් එකට දාගෙන උන්නු නේත්‍රගෙ ෆොටෝ එක දිහා එකෙක් කෙල හලං බලන් ඉදලා කියලා මට තේරුනේ එවෙලාවෙ.උගෙ මූණෙ තිබ්බ ජරා පාට එක්ක දෙකක් දෙන්න හිතුනත් ආයෙමත් මම මගෙ කේන්තිය පාලනේ කරං තෙවින්ලාවත් ඇදගෙනම එලියට යන්න හැදුවත්,

"එකපාරක් දෙන්න බැරි වෙයිද? පරිස්සමට ගහලා මගෙ ආතල් එක අරං උඹටම ගෙනත් දෙන්නම්"

මම දන්නෑ! ඊලඟ තත්පරේ මට වටේ කාවවත්ම පෙනුනේ නෑ.පොඩි වීදුරු මේසෙ උඩ තිබ්බ වීදුරු බෝතලයක් මගෙ අතට ගත්තා මතකයි.ඊලඟ පාර මම හරි සිහියට ආවෙ කාගෙන් හරි හම්බුනු කනේ පාරකින්.

"ආශවයා හරි සිහියට වරෙං!!!"

තෙවින්ගෙ සද්දෙ එක්ක මම එකපාරක් ඇස් දෙක පියාගෙන ආයෙමත් ඇස් දෙක ඇරියා.හය දෙනාම හිටියෙ බිම වැටිලා.හැමෝගෙන්ම ලේ ගලනවා.ඔක්කොමත් හරි! අර කාලකන්නි කතාව කිව්ව බල්ලගෙ බඩේ අර වීදුරු බෝතලේ ඇනිලා තිබ්බා! උගෙ බඩෙන් ගලන ලේ එක්ක එකපාරටම මගෙ හිත ගැස්සුනත් ඌ කිව්ව කතාව මතක් උනු මම ආයෙමත් අඩියක් උගෙ ලඟට තිබ්බත් තෙවින් මාව අල්ලගත්තා.

"යමං ආශව! උබ දැනටමත් ලිමිට් පැනලා ඉන්නෙ!"

"මේ සක්කිලියගෙ කටට අනින්න මේ....."

"තෙවින් මූව ඇදගෙන යමං එලියට! පිස්සු හු#තා!"

සනුක මගෙ පිටට අත තියලා තල්ලු කරද්දි තෙවින් මගෙ අතින් ඇදන් එලියට ගියා.මට එවෙලෙ ඕනි උනේ ආයෙමත් අරූට දෙකක් අයින්න මිසක් මෙතනින් යන්න නෙවේ.අපි රූම් එකෙන් එලියට යනවත් එක්කම ගාඩ් කෙනෙක් දොර ලඟට ආවෙ ෆෝන් කෝල් එකක කියලා මම ලාවට වගේ දැක්කා.

"හරි බොස්.....අපි ක්ලෝස් කරන්නම්....ඕකේ"

අපි දිහා එකපාරක් බැලුව ගාඩ් ඒ පස්සෙන් ආව තව දෙන්නෙක් එක්ක අර රූම් එකට ගිහින් දොර වහගන්නවත් මම ඇස් කොණකින් දැක්කා.මෙතන මොකක්ම හරි අමුතු දෙයක් වෙනවා දැක්කත් ඒ ගැන හිතන මානසිකවත්වයකින් නෙවෙයි මම හිටියෙ.ශිට්! අරූගෙ කට ඉරලා දාන්න තිබ්බනම්!

"නැගපං වාහනේට!"

"මම නෙවෙයි තෙවින් උඹ නැගපං!!!"

මම එක්කගෙන යන්න ආව එකා මට සද්දෙ දාද්දි තමා මල පයින්නෙ.මට සද්දෙ දාං ආව තෙවින්ගෙ බෙල්ලෙන් අල්ලල බැක් සීට් එකට තල්ලු කෙරුව මාව සනුකයා තල්ලු කලා මට දැනුනා.අපි දෙන්නවම පිටිපස්සට තල්ලු කරලා දොර වැහුව සනුක ඩ්‍රයිවින් සීට් එකට ගිහින් කා එක පාක් එකෙන් එලියට දැම්මා.ඒත් එක්කම නේත්‍ර ආයෙමත් කෝල් කරද්දි ලොකු හුස්මක් පහල දාලා දාඩිය පිහගත්තු මම කෝල් එක ආන්සර් කලා.

"හෙලෝ සුදුබේබි!!!"

"ඔ....ඕ මැණිකෙ කියන්න"

"සුදුබේබි කොහෙද ගියේ....ඇයි සුදුබේබි කෝල් එක ආන්සර් නොකලෙ! සුදුබේබි! අනේ නේත්‍ර බය උනානෙ"

"බය වෙන්න එපා නේත්‍ර....මම මේ පොඩි වැඩකට එලියට ආවා....මම ආයෙ ගෙදර ගිහින් ඔයාට නිවී සැනසිල්ලෙ කෝල් එකක් ගන්නම්"

"හා සුදුබේබි....උණු වතුරෙන් ඇඟ සෝදගන්න සුදුබේබි.... මේ වෙලේ සීතල වතුරෙන් සෝදන්නෙපා.අදත් සුදුබේබි උදේ ප්‍රැක්ටිස් ගිහින්නෙ ඉන්නෙ"

"හරි මැණිකෙ....එහෙම කරන්නම්"

"සුදුබේබි....පරිස්සමින්.බුදු සරණයි"

"බුදු සරණයි මැණිකෙ"

"සුදුබේබි!"

"ඕ නේත්‍ර"

"ඇත්තටම ගියේ කොහෙද උනේ මොකද්ද කියලා මට කියන්න ඕනි සුදුබේබි.....මට තේරෙනවා සුදුබේබි හොර වැඩක් කරලා ඉන්නෙ කියලා"

"එහෙ...එහෙම නෑ නේත්‍ර"

"කොළබ ගිහින් නේත්‍රට බොරු කියනව වගේ නරක වැඩ පුරුදු වෙන්න එපා සුදුබේබි.....ගෙදර ගිහින් කෝල් එකක් ගන්නකො"

"හරි මැණිකෙ"

"බුදු සරණයි සුදුබේබි...මම ආදරෙයි"

"බුදු සරණයි මැණිකෙ.....මාත් ආදරෙයි"

කෝල් එක කට් කෙරුව මම ශීට් එකට ඔලුව බර කරං ඇස් දෙක පියාගත්තා.නේත්‍ර එක්ක කතා කලත් ඇති....අර ඇඟ ඇතුලෙ ලාවා වගේ දඟල දඟල තිබ්බ ගින්දර එහෙම්මම බැස්සා වගේ දැනුනා මට.ඇත්තටම නේත්‍රට තියෙන්නෙ කෙනෙක්ව නිවන්න පුලුවන් විදියෙ පර්සනැලිටි එකක්.නේත්‍රට මෙච්චර යාලුවො ආදරේ වෙන එක ගැන පුදුමයක් නෑ.දිවාෂව පැත්තකින් තිබ්බත්.....ඌ කොහොමත් ආදරෙයිනෙ මගෙ චූටි කොල්ලට.ආර්ය කාර්තික් නිමේත් ඔය සෙට් එක කොච්චරනම් ආදරෙයිද නේත්‍රට.සමහරවිට නේත්‍රගෙන් උපාධ්‍යා එහෙම යාලු වෙන්න ඇහුවෙත් ඒ පර්සනෑලිටි එකේ තියෙන අමුතුම ආදරණිය බව නිසා වෙන්න ඇති.ඒත් එක්කම මට මතක් උනේ මට මේ එහා පැත්තෙ ඉන්න එකාත් නේත්‍රට කාලයක් ලව් කලා නේද කියලා!

"ආව්වා ආශව! ගහන්නෙ!!!! රිදෙනවනෙ!!!"

"ගහන්න නෙවේ තෝවත් මරන්න ඕනි!"

පරණ තරහත් එක්කම අත දිගෑරලා තෙවින්ට පාරක් දුන්නු මම ආයෙමත් ඇස් දෙක පියාගත්තා.ඇත්තටම මම කලබල උනා වැඩියිද? ඌට බෝතලෙන් අනින්නෙ නැතුව නිකංම පාරක් ගහලා එන්න තිබ්බද? ක්ලබ් එකක් නිසා ඕක ඇතුලෙ සීසිටීවී ඇති නේද? අරුන් ටික පොලීසියට යන්න ඉඩකඩ තියෙනවා නේද? කොහොමත් උන්ට තුවාල නිසා හොස්පිට්ල් යනවමනෙ....මගෙ කරියර් එකේ ලොකුම අඩියක් මම තියන්න ඉන්නෙ අනිද්දට.ඒ අස්සෙ මේ කේස් එකත් ඇදුනොත් ඒ ගමනත් ඉවර වෙනවා ලොවෙත්.බිහේවියර්ස් හොද නැති ප්ලේයර් කෙනෙක්ට ලබෙන ප්‍රතිචාර එච්චර හොද මදිනෙ කොහොමත්.සමහරවිට මගෙ ගමනෙ අවසානෙ මේක වෙන්න ඇති.

ඇත්තටම මම පසු තැවෙනවද? මම මගෙම හිතින් අහන්න ගත්තා.මුල ඉදන්ම උනු දේවල් කල්පනා කලා.ඌ නේත්‍ර ගැන කිව්ව දේ කල්පනා කලා.මගෙ ඉවසීම එක්ක මගෙ ලිමිට් එක කල්පනා කලා.ඒ හැමදේම හිතලා ඉවර වෙනවත් එක්කම මගෙ අතමිට මෙලවිලා තිබ්බා.නෑ! අරූගෙ කටත් ඉරන්න තිබ්බනම් තමා හොද! ඌට සැලකුවා මදි මම! කාලකන්නි බල්ලා!

"ආශවයා...උඹට තුවාල නෑ නේද?"

"නෑ සනුක....අවුලක් නෑ"

"මුගෙ දණහිස ගාව ලේ.....බෝතලේ කකුලට ගහලා බිදගද්දි කැපෙන්න ඇති ආශව උබව"

තෙවින් කියද්දි තමා මම දණහිස ලග තිබ්බ තුවාලෙ දැක්කෙ.පොඩි කැපුම් පාරක්.ලොකු එකක් නෙවේ...තෙවින් දිහා බලලා ඒක ශේප් කියලා පෙන්නන්න ඔලුව වැනුව මම කල්පනා කලේ සනුකයයි තෙවිනුයි කියෝපු දේවල් ගැන.තෙවින්නම් කොහොමත් මෙහෙ වල බැහැං හිටිය එකෙක්නෙ.එතකොට සනුකයා? ඌත් අර බෝඩරේ මේ බෝඩරේ කියලා කියෙව්වානෙ....මුන් ඔක්කොම පාතාලෙ කට්ටියද මංදා.

නේත්‍රගෙ සුදුබේබි විතරයි අහිංසක.නේත්‍රගෙ සුදුබේබි විතරයි හොද.මම ආශව.Im a good boy!

වාහනේ සනුකලාගෙ ගෙදර ගාඩ්න් එකට දානවත් එක්කම ගේට් එක එහෙ සිකියුරිටි වහනවා මම දැක්කා.වාහනේ පාක් කරන්න යන්න කලින් අපි දෙන්නම එලියට බැහැලා ගේ ඇතුලට ගියා.තෙවින් එක්ක මගෙ කාමරේට ගිය මම ඉස්සෙල්ලාම කලේ තෙවින් දිහා බැලුව එක.

"මොකෝ අනේ?"

"තමුසෙ මොකටද අරුංව හම්බෙන්න ගියේ?"

"න්....නිකං ආශව.....කාලෙකින් හම්බුනේ නැති නිසා...."

"උඹ බබෙක්ද?"

"ආහ්?"

"උන් ඒ වගේ දහ බල්ලො කියලා නොදන්න තරමට උබ බබෙක්ද?"

"මම හිතුවෙ නෑ ආශව.....අනික මම ඒවා මුකුත් යූස් කලේ නෑ....මම...."

"උන් බලෙන් ඇද්දෙව්වනම්? නැත්තං ඉන්ජෙක්ට් කලානම්?"

"..............."

"එහෙම උනත් වෙන්න පුලුවන්නෙ?"

".................."

"උබ වගකීමක් අරං වැඩ කරපං තෙවින්! ඉස්සර වගේ උබ තනි මිනිහෙක් නෙවෙයි දැන්....උබට කරදරයක් උනොත් අවුල් ගන්න මිනිස්සු දැන් උඹ ලග ඉන්නවා....එහෙන් දෙවින්....උගෙ පණත් හරි උබත් හරි.දෙනෙත්....ඌ උගෙම අයියා වගේ උබට සලකන්නෙ....මම....නේත්‍ර....අපි දෙන්නටත් උබව වටින යාලුවෙක්.....ඔක්කොටම වඩා අරූ.....අර පිස්සා"

"ය්....යුගාන්....."

"යුගාන් කියලා කටින් කිව්වට වැඩක් නෑ තෙවින්! උබ ඌට සිරාවටම ලව් නං මොකද්ද මේ කරන වැඩ වල තේරුම? ඔහොම වගකීමක් නැතුව වැඩ කරන කෙනෙක්ට කොහොමද අපි දිවාසයව දෙන්නෙ?"

"............."

"ඌයි මායි කොච්චර මරාගත්තත් අපි හැදුනෙ වැඩුනෙ එකටමයි....මම නේත්‍රට පස්සෙ කිට්ටු උනේ දෙවින්ටයි දිවාසටයි.....ඒ ඇම්බැට්ටයා අපිට හුඟක් වටින කෙනෙක් තෙවින්.....ඒ වගේ හොද එකෙක්ව කුඩුකාරයෙක්ට රස්තියාදුකාරයෙක්ට දෙන්න අපි කැමති නෑ"

"....................."

"අදත් උබ ඔය මගුලක ගියාම දිවාසයා අඬ අඬ කෝල් ගත්තා....මෙහෙම කිව්වට අවුල් ගන්න එපා තෙවින්....අවුල් ගත්තත් කමක් නෑ මට....මට කෙලින්ම කියන්නෙ නැතුව නලවන්න තේරෙන්නෑ"

"කිය....පං"

"උඹට ලං උනත් හරි බං අර හිනා වෙවීම හිටිය එකා නොසෑහෙන්න අඬනවා තෙවින්....බලපං....ඉස්සර ඕකාගෙ ඔලුවට කලු ගලක් අතෑරියත් හිනා වෙවී මැරෙන ජාතියෙ කෙනෙක් ඒ......දැන් ඒකට....කූඹියෙක් කෑවත් අඬන ලයින් එකේ ඒ කොල්ලා ඉන්නෙ...."

"............."

"ඌව උබට දෙන්නෙ අඬවන්න නෙවෙයි තෙවින්.....පරිස්සමට බලාගන්න.....ඒ උනාට උඹ දවසින් දවස අපේ හිත් වල උඹ ගැන තියෙන ක්‍රෙඩිට් එක බස්සගන්නවා"

"..........."

"මේ උපදෙස් දුන්නට මාත් වැරදි කරනවා....අදම මම කලේ කොච්චරනම් ලොකු වරදක්ද? දැන් හිතද්දි මට අවුල් යන්නෙ කරපු දේ ගැන නෙවෙයි....ඒකෙන් නේත්‍රට බලපෑමක් වෙයිද කියන බයෙන්...."

"උ....උබට අවුලක් වෙන්නෑ....බය වෙන්න එපා"

"උඹ කොහොමද එහෙම කියන්නෙ?"

"මමනෙ කියන්නෙ.....අනික උබ එවෙලෙ බෝතලේ අරං අරූට අනින්න යද්දි මට බේරන්න පුලුවන්කම තිබ්බා.....මම ඒම නොකලේ හේතු    මත"

"ඒ මොනාද?"

"පලවෙනිම එක ඌට උබ අද ඔහොම නොකලනම් උඹ ඒ ගැන පසුතැවෙනවා....දෙවනි එක ඒ බෝතල් කට්ටෙ සයිස් එක එක්ක උගෙ බඩේ ගැඹුරටම ඇනෙන්නෙ නෑ කියලා මට නෝට් වුනා.....තුන්වෙනි එක....ඒ ක්ලබ් එක ඇතුලෙ උඹට නියපිටින් හානියක් වෙන්නෑ කියලා මම දැනන් හිටියා.අද උනු දේ උනත් එතනින් එලියට කවදාවත්ම යන්නෙ නෑ"

"උබ ඔව්වා දන්නෙ කොහොමද?"

"ඒක මෙවෙලෙ අත්‍යාවශ්‍ය නෑ......"

"හරි....මට අවුලක් වෙන්නැත්තං එච්චරයි.....දැන් අහපං තෙවින්! ආයෙ උබ ඔය වගෙ අවලං ගමන් යන්න බෑ!!!"

"හරි ආශවයා"

"මම දිවාසට කෝල් එකක් අරං විස්තරේ කියනවා....වෙන මුකුත් කියන්නෑ උබව හම්බුනා.ගෙදර ආවා කියලා විතරයි කියන්නෙ.අනික් ටික උබලා දෙන්නගෙ පෞද්ගලික දේවල්.එව්වා ඕනි විදියකට උඹලා දෙන්නම විසදගන්න එකයි ඇත්තෙ"

"අරූ මාව කයි ආශවයා"

"හොද වැඩේ"

"බයිද්දි කන කීං කීං ගානවා"

"හොඳ වැඩේ"

"ගහද්දි ගහන්නෙ වේවැලකින් ආශවයා....අනේ වැවිරිත් හිටිනවා"

"හොඳ වැඩේ"

"නේත්‍රවයි යුගාන්වයි සෙට් කරලා උබටයි මටයි සෙට් වෙන්න තිබ්බෙ ආශවයා"

"අනේ මේ!!!!!"

තෙවින්ට හොද පාරක් රැව්ව මම ඇවිත් කෝල් එක ගත්තෙ දිවාසට.ඇත්තටම ඌ හෙනටම පවු කියලා මට හිතෙනවා.මොනා උනත් කිසිම ටෙන්ශන් එකක් නැතුව හිටිය එකා.මූව හම්බුනු දවසෙ ඉදන් දිවාසයා හිනා වෙලා හිටියට ඉන්නෙ ගිනි ගොඩක.මට හොදටම තේරිලා තියෙන්නෙ මුන් දෙන්නා අපිට හංගන දේවල් තියෙනවා.ඒ හැමදේම දිවාසයා තනියම දරාගන්නවා කියලා නේත්‍ර මම එක්ක කියලා තියෙනවා.අඩුම නේත්‍රටවත් දිවාස ඒ දේවල් කියලා නෑ.හැබැයි දිවාස අවුලෙන් ඉන්නවනම් අනිවාර්‍යෙන්ම නේත්‍ර ලඟට එනවලු.ඇවිල්ලා අඬලා යනවලු.

හුඟක් දේවල් නේත්‍ර එක්ක ඌ බෙදාගත්තත් තෙවින්ගෙ අතීතෙ ගැන කතා කරන්නෙම නෑලු.නේත්‍ර කියන්නෙම තෙවින් අපි හිතනවට වඩා වෙනස් කෙනෙක් කියලා.දිවාසයා ඔච්චරටම මූව රකින්න හදන්නෙත් ඒ නිසා කියලා නේත්‍ර මම එක්ක කියලා තියෙනවා.ඇත්ත වෙන්න පුලුවන්.තෙවින්ගෙ සමහර වෙලාවට එලියට එන ගතිගුන දෙවින්ගෙන් මම ජීවිතේටවත් දැකලා නෑ.

"හෙලෝ....."

"තමුසෙ මොකෝ කරන්නෙ?"

"මම හිත නිවාගන්න ගමන් ඉන්නෙ ආසව අයියෙ....කෝ අර ගස් බල්ලා ඉන්නවද ලඟ?"

දිවාස කෝල් එකට ආන්සර් කලාට පස්සෙ දිවාසගෙ කටහඬට අමතරව සිංදුවක් බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙවී තිබ්බා.හොඳට ඒ ගැන අහගෙන හිටිය මට සිංදුව තත්පර ගාණකදි ක්ලික් වෙද්දි මම බැලුවෙ මූ මෙවෙලෙ ඕක අහන්නෙ ඇයි කියලා.බුදු බණ පදයක් සිංදුව!!!

"ඔව් ඌ ඉන්නවා"

"ම්ම්ම්ම්....ශාන්තී.....ආසව අයියෙ....හුස්ම උඩට පහලට...."

"මොකද දිවාස මේ?"

"මම තාම සන්සුන් වෙන ගමන් ඉන්නෙ.....අර බේසිකයට කියන්න හරියටම තව පැය කාලකින් කෝල් එකක් ගන්න කියලා....ඉතිරිය මම ඒ අවලමා එක්ක....හුස්ම උඩට පහලට......බලාගන්නම් ආසව අයියෙ"

"හා හරි....බායි"

"බායි ආසව අයියෙ"

අද මූ අහගන්නවා අහගැනිල්ලක් දිවාසයාගෙන්....නුවර ගියාම ගුටිත් කයි.හොඳ වැඩේ.අරූ භාවනා කරනවද කොහෙද භක්ති ගීතත් දාගෙන.මම කිව්ව පණිවිඩේ අහලා අඬන ගමන් උන්න තෙවින් දිහා බලලා තෙවින්ට පයින් එකක් ගැහුව මම වොශෲම් එකට යද්දි සනුක කෑම වගේකුත් උස්සන් කාමරේට එනවා මම ලාවට වගේ දැක්කා.

.

.

.

.

.

"හෙලෝ නේත්‍ර...කෑවද මැණිකෙ?"

"කෑව සුදුබේබි....සුදුබේබි කෑවද?"

රූම් එකේ බැල්කනි එකට ආව මම ඈත අහස දිහාම බලන් කතා කරන්න ගත්තෙ මම මේ ලෝකෙ ආදරේම කෙනා එක්ක.තෙවිනා දැන් පැය දෙකක් විතර තිස්සෙම එයා පොඩ්ස් දෙකත් ගහගෙන 'හ්ම්ම්....ම්ම්ම්....ඕ...හා' ඔය ටික විතරක් කිය කිය ඉන්නවා.හොඳ වැඩේ ඕකාට...වොශ් එකක් දාගෙන කාලා ඉවර වෙලා නිදහසේ කතා කරන්න පුලුවන්ම ටයිම් එකෙ මම එලියට ආවෙ නේත්‍රත් එයාගෙ ස්කූල් හෝම් වර්ක්ස් ඉවර කලා කියලා මට මැසේජ් එකක් දැම්ම නිසා.ඔක්කොටම කලින් මම නේත්‍රට අද මම ගිය ගමන ගැන විස්තරේ කිව්වා.දිවාසගෙ කෝල් එකේ ඉදන් ඔක්කොම ටික කිව්වා අනවශ්‍ය කෑලි ටික හලලා.

"කෝ ඉතිරිය සුදුබේබි?"

"ඔක්කොම කතාව ඔය නේත්‍ර"

"නේත්‍රට දැන් බොරුත් කියනවද සුදුබේබි?"

නේත්‍රගෙ කටහඩ වෙවුලීගෙන එනවා කියන එක මට තේරුනා.ඒත් එතන උනු ඇත්තම නේත්‍රට කියන්න බෑ.නේත්‍රගෙ ඔලුවට එච්චර ලොකු පීඩනයක් දෙන්න මට බෑ.ඒ නිසා උඩින් පල්ලෙන් විස්තර ටික කියනවා කියලා මම තීරණේ කලා.

"ගැහුවා එතන හිටිය උන් දෙක තුනකට නේත්‍ර....උන් අපිට එතනින් එන්න දුන්නෑ"

"මට හිතුනා සුදුබේබි....මගෙ සුදුබේබිට තුවාල උනාද?"

"නෑ නේත්‍ර තුවාල උනේ නෑ...."

"මට සුදුබේබිගෙ කටහඩින්ම තේරුනා....ඇයි සුදුබේබි රණ්ඩු වලට යන්නෙ? ම්ම්ම්?"

"හිතලා ගියේ නෑ නේත්‍ර....උන් ඕන්නැති විදියට කියෝගෙන ආවා"

"මගෙ සුදුබේබි අහන්නකො..... මම හැමදාම කියනවා,සුදුබේබිට ඔයිට වඩා දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන්න පුලුවන් ඉස්සරහට.එතකොටත් අතපය දික් කරං යන්නද කල්පනාව තියෙන්නෙ සුදුබේබි?"

"................"

"හැමදාම රෑට ටිකක් භාවනා කරලා දොයියගන්න කිව්වට සුදුබේබි ඒක කරන එකත් දැන් මගාරිනවා....සුදුබේබිගෙ කේන්තිය පාලනය කරගන්න බැරි උනොත් ඒකෙන් පාඩුව වෙන්නෙත් සුදුබේබිටමයි"

"මට කේන්‍ති යන නිසා නේත්‍රට මාව එපා වෙයිද?"

"මට සුදුබේබිව එපා වෙන්නෑ කියලා සුදුබේබි දන්නවනෙ... සුදුබේබි මොන ව්දියකින් මගෙ ඉස්සරහට ආවත් මම සුදුබේබිව තුරුල් කරගන්නවා.ඒ උනාට සමාජෙ අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්නෙ සුදුබේබි.අපි දෙන්නා ගෙයක් ඇතුලට වෙලා එලියට බහින්නෙත් නැතුව අපිම වගා කරගෙන කාලා ගේ ඇතුලෙම ජීවිතේ අන්තිම වෙනකං ජීවත් වෙනවනම් සුදුබේබි ඔය විදියට හිටියට කමක් නෑ....ඒත් අපි සමාජෙ එක්ක ගැටෙනවනෙ සුදුබේබි"

"............."

"සමාජෙ එක්ක ගැටෙද්දි අපිට ඔය වගේ දේවල් හදාගන්න වෙනවා.සුදුබේබිම හිතන්න....සුදුබේබි ඔහොම රණ්ඩු වෙන එකෙන් සුදුබේබිට කාගෙන් හරි චෝදනාවක් ආවොත්? සුදුබේබිගෙ කරියර් පාත් එකට ඒක ලොකු පහරක්නෙ සුදුබේබි....හීන ඔක්කොම අඩමානෙ අන්තිමට.ඒ නිසා එහෙම වෙන්න එපා කියලා විතරයි මම කියන්නෙ....කේන්තිය පාලනේ කරගන්න....ඔය අහගෙනද ඉන්නෙ මම කියන එව්වා සුදුබේබි?"

"ඔව් මැණිකෙ...."

"මට හිතාගන්න බෑ....කාලෙක ඉදන් සුදුබේබි හුඟක් ඉවසුවා.මට ඒ වෙනස දැනිලා තිබ්බෙ.ඇයි අද රණ්ඩුවකට ගියේ?"

".................."

"ආයෙ රණ්ඩුවලට යන්න එපා සුදුබේබි තේරුනාද? අනික ඔය පැත්තෙ මිනිස්සුත් හරි නපුරුයි.....අනේ ඒ නිසා පරිස්සමින් සුදුබේබි...."

"හරි මැණිකෙ....මම ඉවසගෙන ඉන්නම්"

හැබැයි ඔයාට අවුලක්නම් මම ඉවසන්නෑ නේත්‍ර....ඒක මම හිතින් මටම කියාගත්තා.මම දන්නෑ....ඇත්තටම....බැරි වෙලාහරි....සනුකගෙ හිතේ නේත්‍ර ගැන දෙයක් තියෙනවනම්....මම දන්නෑ එව්වා කොහෙන් කොහොම විසඳෙයිද කියලා.මම ඒ ගැන හිතන්නවත් කැමති නෑ.මොකද සනුකත් මේ වෙද්දි මට ලඟම කෙනෙක් වෙලා ඉවරයි.නෑ....සනුක එහෙම දෙයක් හිතන්නැතුව ඇති.මම ඌව විශ්වාස කරනවා!

"සුදුබේබි....හෙටද මෙහෙ එන්නෙ?"

"ඔව්....හෙට හවස් වෙද්දි ඔහෙ හොටෙල් එකකට එනවා කට්ටියම"

"ශෝක් සුදුබේබි.....මම ටිකටුත් ගත්තා අනිද්දට"

"ඔයා එන්නම ඕනිනෙ ඉතින්.....ඒ උනාට මම රිසව් ප්ලේයර් කෙනෙක් විදියට ඉන්නෙ නේත්‍ර"

"ඒකට කමක් නෑ.....කවදමහරි සුදුබේබිටත් ප්ලේ කරන්න පුලුවන්නෙ.....මම එනවා ඒත් බලන්න"

"බලාපොරොත්තු තමා මනුස්සයෙක්ට තියෙන ලොකුම දේ.....මගෙ ජීවිතෙත් එහෙම බලාපොරොත්තු තියෙන්නෙ දෙකයි.එකක් ඔයා .....අනික ක්‍රිකට්"

"සුදුබේබි ඒ දෙකම ඉෂ්‍ට කරගන්නවා....නේත්‍රනම් කොහොමත් දැනටමත් සුදුබේබිගෙනෙ.....ක්‍රිකට් වලත් සුදුබේබි ඒ ගමන යන්න පටන් අරංනෙ ඉන්නෙ"

නේත්‍රගෙ තිබ්බ නිවිච්ච් කටහඬ එක්ක මම ඇසුත් පියාගෙන බැල්කනි එකේ තිබ්බ අත් වැටට තව ටිකක් බර උනා.සනුකලාගෙ ගෙදර තිබ්බෙ මේන් රෝඩ් එකේ ඉදන් ටිකක් ඇතුලට වගේ වෙන්න නිසා මේ හරියෙ ලොකු සද්දයක් තිබ්බෙ නෑ.සනුකලාගෙ ගෙදර නතරවෙන්න මම අදිමදි නොකර කැමති වෙච්ච එක හේතුවක් ඒක.පොඩි කාලෙ ඉදලම නිස්කලංක පරිසරේක හැදුනු මම තාම හෙව්වෙ ඒ නිස්කලංක බව.

මම නේත්‍ර එක්ක කතා කලා.මම හිතන්නෙ රෑ දොලහත් පහු වෙනකං අපි දෙන්නා කතා කලා.නේත්‍රගෙ ලස්සනා හිනාව ඒ හිත නිවන කටහඩ එක්ක මම සෑහෙන්න සැහැල්ලු උනා.හැබැයි මම හිටියෙ දරාගන්න බැරි තරං පාළුවකින්.මට නේත්‍ර නැති අඩුව තදේටම දැනෙන්න අරං තිබ්බා.මම නොසෑහෙන්න ප්‍රාර්ථනා කලා ඉක්මනටම නේත්‍රව මගෙ ලඟට ගන්න පුළුවන් වෙන්න කියන එක.ඒත් ඇත්තටම ඒ දේට තව සෑහෙන්න දුර තියෙන වග මගෙ යටිහිත මට හරියට කිව්වා.

මට ඕනි උනේ හැම වෙලේම නේත්‍රව මගෙ ඇස් මානෙ තියාගෙන ඉන්න.මහන්සි වෙලා හවසට ගෙදර ආවම නේත්‍රගෙ අතින් හදන තේ එකක් බොන්න.තේ එක බිබී ඈත බහින ඉර දිහා බලාගෙන දවස පුරාම උනු දේවල් නේත්‍ර එක්ක කතා කරන්න.දෙන්නත් එක්ක එකතු වෙලා රෑට කන්න මොනාහරි උයාගන්න.එහෙමත් නැත්තං එලියට ගිහින් නිදහස් තැනකින් මොනාහරි කාලා අත් අල්ලන් කතා කර කර පාර දිගේ එන්න.රෑට නේත්‍රව පපුවට තුරුල් කරං නිදාගන්න.උදේට නේත්‍රගෙ උණුහුමේ ඇස් දෙක අරින්න.ගෙදරින් පිට වෙද්දි ලැබෙන හාද්ද වගේම ගෙදරට ආපහු එද්දි ලැබෙන හාද්දත් නේත්‍රගෙන් ඉල්ලගන්න.

මගෙ ආසාවල් හුඟක් ලොකු එව්වා උනේ නෑ.ඒත් අපේ පසුබිම වටපිටාව එක්ක ඒ දේවල් මහා දුෂ්කර දේවල් වෙලා තිබ්බා.නේත්‍ර එක්ක ඔය කිව්ව විදියට ජීවත් වෙන්න ඕනිනම් මට පහු කරලා යන්න ලොකු පර්වතයක් තිබ්බා.අප්පච්චි! ඒ මනුස්සයාව පහු කරන්න මට තාම හයිය මදි.මට තියෙන එකම බය මම ඒ හයිය ලබාගන්න කලින් අප්පච්චි නේත්‍රට කරදරයක් කරයිද කියන එක.

ලොකු හුස්මක් ගත්තු මම පුරුදු විදියට වර්තමානෙට මූණ දෙන්න තීරණේ කලා.මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න ඕන්නෑ වගේ මමත් අනාගතේදි වෙන්න පුලුවන් ඕන්නැති දෙවල් හිත හිත ඔලුව විකාර කරගන්න එක නැවැත්තුවා.නේත්‍ර එක්ක කතා කරලා ඉවර කරපු මම ඈනුම් ඇර ඇර උන්නු මගෙ චූටි බටු ඇටේට නිදාගන්න කියලා බාතෲම් එකට ගියේ වොශ් එකක් දාගෙන එන්න.නේත්‍ර එක්ක ඉදලම නිදාගන්න කලින් වොශ් එකක් දාන එක දැන් පුරුද්දකට ගිහින් මගෙ.

ඇදේ ගෙම්බෙක් වගේ නිදාගෙන හිටිය තෙවින්ට පයින් පාරක් දීලා එහාට කෙරුව මම ඇඳට පැනලා ඇස් දෙක වහගත්තා.හෙට නුවර යන්න තියෙනවා! හිතට ආව අමුතුම ගැම්මක් එක්ක මගෙ නින්ද ලඟට එද්දි මම හිතන්නෙ පාන්දර දෙකත් පහු වෙලා තිබ්බා.

..............................................................................................

"ආශවයා නේත්‍ර මල්ලි එනවලුද හෙට?"

"ඔව් සනුක....එයා එනවා කොහොමත්.මම ඉන්නවනෙ"

"ඔව් නේද?"

සනුක කියද්දි ඌ දිහා බලලා කට කොණකින් හිනා උනු මම සනුකට අත වනාගෙනම ගියේ මගෙ ටීම් එකේ බස් එක තිබ්බ තැනට.රෝසයි නිලුයි!!! අර ලියෝන් කලින් ලයින් දාලා තිබ්බ කෙල්ල ඉදලා තිබ්බෙත් ඔය පාටම ඉස්කෝලෙක.ආ....අගමැතිනියෙක්ගෙ නම තියෙන ඉස්කෝලෙ.ගෑනු ලමයි වගේනෙ අපේ ටීම් එකේ කලර්සුත් එතකොට.

බස් එකට නැග්ග මම වටපිට බලද්දි පිටිමපස්සෙ හරියෙ ශීට් එකක ඉදගෙන හිටිය මගෙ ඇෆ්ගන් යාලුවා මට අත වැනුවා.ගුර්බාස්! මිනිහගෙත් ෆස්‍ට් ටූනමන්ට් එකලු මේ.මාරම ටැලන්ටඩ් මනුස්සයෙක්.අනික මාරම හම්බල්.හිනාව මූණෙ පුරෝගෙන ඉන්නෙ කොයි වෙලෙත්.මුගෙ මට පේන්න බැරි එකම දේ තමා හැම වෙලේම,

"කැන්ඩි කොල්ලා.....ලශ්ශන කොල්ලා....ආශවගේ මල්ලි කොල්ලා.....අයි කොල්ලා!!!"

අපි දෙන්නා ෆිට් උනාට පස්සෙ මූ මගෙ ඉන්ස්ට අකවුන්ට් එක ෆලෝ කරලා තිබ්බා.ඔක්කොටම කලින් ෆොටෝස් හාර හාර බලද්දි මේ යකාත් ඉස්සෙල්ලාම දැකලා තිබ්බෙ නේත්‍රව! මූ එදා හදිස්සියට ඇවිත් මගෙන් ඒ ගැන ඇහුවෙත් උන්ගෙ භාෂාවෙන්.මමත් කන්ෆියුස්.අන්තිමට තමා නේත්‍රව පෙන්නුවෙ.

නම නේත්‍ර කියලා මම ටැග් කල එව්වගෙ පෙනුනත් මිනිහට ඒ නම කියන්න අමාරු උනා.අන්තිමට නේත්‍රගෙ නමේ තේරුම ඇහුවම මම කිව්වා 'ඇස් දෙක' කියලා.එදා ඉදන් ඔය බණේම ගහනවා.නේත්‍ර ලස්සනයිලු.කැන්ඩි වල ඉන්න හැමෝම ලස්සනද අහනවා මමයි නේත්‍රයි ලස්සනයි කියලා.කැන්ඩි එක්කන් යන්නලු දවසක.අයි කොල්ලව එක්කන් එන්නලු දවසක කතා කරන්න ඕනිලු.එයා කොච්චරනම් ලස්සනයිද කියලා මූණටම කියලා එයාව ඇප්‍රිශියේට් කරන්න ඕනිලු.මිනිහට කියන්න ඕනි එච්චරයි.නැතුව ඌ නේත්‍රට කැමැත්තක් ඇවිත් එහෙම නෙවේ.නේත්‍ර වගේ ලස්සන කොල්ලො දැකල නෑලු ගුර්බාස්.

දවසක් මිනිහා මගෙන් ඇහුවා මට කෙල්ලෙක් ඉන්නවද කියලා.මම නිකමට කිව්වා නෑ කොල්ලෙක් ඉන්නෙ කියල.මූ පපුවටත් අත තියං මගෙ දිහා බලල කතා කරන්න ගත්තෙ රහසෙන් ඊට පස්සෙ.එයාලගෙ රටේ ඒක තහනම්ලු.ආගමට අනුවත් පාපයක්ලු.එහෙම අයව මරන්න උනත් අයිතිය දීලලු එහෙ ඔය එක එක ආගම්වාදියො.මෙයාලා දන්න කෙල්ලෙක්ව මැරුවලු එහෙම.පවු ඉතින්.මට ඒකෙන් හිතුනෙ ලංකාවෙ සම්මත කරලා නැති උනාට තහනම් කරල නැති එකම කොච්චරනම් ලොකු දෙයක්ද කියලා.

ඒ උනාට ලඟදි නේත්‍ර කිව්වා ආටිකල් එකක් කියෙව්වා කියලා.ඒකෙ තිබ්බලු තවම සිංහල නීතියට අනුව සමලිංගිකත්වයට දඬුවම් තියෙනවලු.අතීතෙ ලියවුනු එව්වා.....කස පහර දහසක්ද ඔන්න ඔහොම ගාණක් ගහන්නලු දඬුවමේ තියෙන්නෙ.නේත්‍ර කොහොමත් මාරම සංවේදී කෙනෙක්නෙ.එයා ඕක කිව්වෙත් කදුළු පුරවං.මටත් හිතුනා මිනිස්සු කීයක්නම් ඔය කස පාරවල් කාලා මැරුනද දන්නෑ කියලා ඒ කාලෙ.හැඟීමකට???? මරණයක්???? හරි අමුතුයි!

"ආශව.....අයි කොල්ලා එනවා?"

මූ ඉන්ග්ලිශ් වලින්ම කතා කරනවනම් එකක්.මෙහෙ ඇවිල්ලා සිංහල ඉගෙන ගෙන මල වදේ.කියන එව්වා තේරුම් ගන්නත් ටිකක් වෙලා යනවා.ඒ කොහොම උනත් ගුර්බාස් මාරම හොදයි.මට මේ ටික කාලෙට ටීම් එකෙන් අලුතෙන් කියලා සෙට් උනේ ඌව විතරමයි.ලියෝන් කොහොමත් ඉන්නවනෙ මම එක්ක.ලියෝන්ට පස්සෙ සෙට්ම උනු එකා මූ.ඌත් මටයි ලියෝන්ටයි සෙට්.තකට තක.මාරම හිතුවක්කාරයි.එයාලගෙ නැෂනල් ටීම් එකේ ඕපන් බැටා.ඒ උනාට මේකෙ යන්න ඉන්නෙ පස් වෙනියට.

"දෙවින්? දෙවින් කෝමද?"

"එයත් එනවා මැච් එක බලන්න"

ගුර්බාස් කියද්දි මට දෙවින්ව මතක් උනා.මගෙ ජීවිතේ තියෙන හොඳම හමුවීම නේත්‍ර වෙද්දි දෙවනි තැන වෙන්නෙ දෙවින්.මට හම්බුනු හොදම යාලුවා.ඒ ගැන කිසිම තර්කයක් නැහැ.දෙවින් කියන්නෙ අවංකම යාලුවෙක්.දෙවින් වගේ යාලුවො හැමෝටම හම්බෙන්නෙ නැහැ.

දෙවින්ට කලින් මම හුඟක් දේවල් ස්කෝ කලා.ඒ උනාට දෙවින් කවදාවත් මට ඉරිසියා කලේවත් මම එක්ක තරහා වුනේවත් නැහැ.මට මතකයි මම ස්කූල් ටීම් තේරුනේ ග්‍රේඩ් එයිට් වලදි.දෙවින් සිලෙක්ට් උනේ නයින් වලදි.ඒත් දෙවින් පුලුවන් හැම වෙලේම මම එක්ක හිටියා.මට විශ් කලා.ඊලඟට මම නැෂනල් සිලෙක්ට් වෙන්න ආසාවෙන් හිටියෙ කියලා ඌත් දන්නවනෙ.හැමපාරකම ස්කොඩ් එකත් එලියට දැම්මට පස්සෙ තමා මම දන්නෙ මාව සිලෙක්ට් වෙලා නෑ කියලා.නේත්‍රයි මායි බදාගෙන ඇඬුව හැම දවසකම ඔය කවුරුත් නොදන්නවා උනාට දෙවින් අපි දෙන්නා ලඟ හිටියා.අපේ හිත හැදුවා.

මම අන්ඩ' නයින්ටීන් නැෂනල් සිලෙක්ට් වෙද්දි දෙවින්ව සිලෙක්ට් උනේ නැහැ.ඒ උනත් දෙවින් මාව හොයාගෙන ඇවිල්ලා විශ් කලේ.ඒ ඇස් එදා දිලිසුනා.අඩුම එයා සිලෙක්ට් උනේ නෑ කියන දුකවත් ඒ ඇස් වල තිබ්බෙ නෑ.ඒ තරමට දෙවින් මම ගැන සතුටු උනා.හැමදේම එක්ක ක්ලබ් එකට බැදුනට පස්සෙත් අපි දෙන්නා හිටියෙම එකට.මම එල්පීඑල් වලට වෙන්දේසි වෙන්න සිලෙක්ට්‍ උනත් දෙවින් සිලෙක්ට් උනේ නැහැ.ඒ උනාට උගෙ කිසිම ඉරිසියාවක් තිබ්බෙ නෑ.පෙරේදා මාව හම්බුනු වෙලේ මිනිහා බ්‍රෑන්ඩඩ් බැට් එකක් දුන්නා ගිෆ්ට් එකක් විදියට මට.එවෙලෙත් මිනිහගෙ මූණෙ තිබ්බෙ පුදුමම සතුටක්.

මම කලම්බු ටීම් සිලෙක්ට් උනාට පස්සෙ අපි ක්ලබ් වයිස් නෙවෙයි ප්‍රැක්ටිස් උනේ.එක එක ග්‍රවුන්ඩ්ස් වල අපි ටීම් වයිස් ප්‍රැක්ටිස් උනා.සුගතදාසෙ තමා හුඟක්ම අපේ ප්‍රැක්ටිස් තිබ්බෙ.කොහොමහරි දෙවින් මගෙ ප්‍රැක්ටිස් ඉවර වෙනකංම පැවීලියන් එකේ ඉන්නවා.බොන්න වතුර ටික ලඟටම ගෙනත් දෙනවා.බ්‍රේක් එකක් හම්බුනාම පැවීලියන් එකට එන මගෙ උරහිස් කකුල් කිසිම අවුලක් නැතුව මසාජ් කලා.ඉන්ජරි ප්ලාස්ටර්ස් ගැහුවා.උදේ ඉදන් හවස් වෙනකංම පැවීලියන් එකට වෙලා කිසිම වාසියක් නැතුව ඌ හිටියෙ උගෙ හොදම යාලුවා වෙනුවෙන්.දෙවින් කියන්නෙ එහෙම මනුස්සයෙක්!

දන්නෙම නැතුව මට නින්ද ගිහින් තිබ්බා.හොටෙල් එක ඉස්සරහින් බස් එක නවත්තපු ගමන්ම ලියෝන් කන ලඟ කෑ ගැහුව නිසා ගැස්සිලා ඇහැරුනු මම බස් එකෙන් බැහැලා මගෙ බෑග් එකත් උස්සන් ඇතුලට යද්දි පොඩි පොඩි කොල්ලො ටිකක් ඇවිල්ලා අපි හැමෝගෙම බෑග්ස් අරගෙන එතනින් ගියා.ඇත්තටම අපිට හොඳ පිලිගැනීමක් ලැබුනා.ඔක්කොමත් හරි.....මෙච්චරකල් ටීම් එක ඇතුලෙ මම තියං හිටිය නම්බුව හොදටම දිය වෙලා ගියේ ඊලඟ තත්පරේ.

"සුදාත්ති!!!!! ආශව සුදාත්ති!!!!"

ආර්ය!!!! මේ හොටෙල් එක මේ බූරුවගෙ අප්පච්චිගෙ කියලා මම අමතක කලේ කොහොමද? කොට කලිසමකුත් ඇදන් දුවගෙන ආව ආර්ය මගෙ ඇඟට පැනලා මාව බදාගෙන මහා සවුත්තු විදියට මම දිහා බලලා ඇහැක් ගැහුවා.මූ නම් මේ බලු වැඩේ හිතලමයි කලේ!!! කිස් එකක් දෙන්න වගේ තොලුත් උල් කෙරුවට මගෙ රැවිල්ල නිසා ආයෙම මහ කුප්ප විදියට හිනා වුණු ආර්ය ටීම් එකේ ඔක්කොම එක්ක හරී හොඳ ලමයා වගේ හිනා වෙලා රිසෙප්ෂන් එක ලඟට ගිහින් මොනා හරි කතා කරලා ඇවිත් අපේ ටීම් එකෙ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කලා.ඇත්තටම මලක් වගේ ඉන්න නේත්‍රට ඇයි මේ හරක් වගේ යාලුවො ටිකක් හම්බුනේ?

"Is that your boyfriend?"

හරිනෙ! ටීම් එකේ හෙඩ් කෝච්ම පිටිපස්ස හැරිලා මගෙන් අහද්දි මම ඔලුව දෙපැත්තට වැනුව වැනිල්ලටම ඒ මනුස්සයට තේරුං යන්න ඇති කොහෙත්ම ඒක එහෙම නෙවෙයි කියන එක.ආයෙමත් මම එක්ක එල්ලිලා රූම්ස් තියෙන පැත්තට පැනගෙන යන්න හැදුව ආර්යට හොද දෙකක් රවපු මම ලියෝනුයි ගුර්බාසුයි එක්ක එහෙම්මම රූම්ස් වලට ගියා.මටයි ලියෝන්ටයි ගුර්බාස්ටයි එකම රූම් එක හම්බුනේ.ෆැමිලි රූම් එකක් නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.එල්පීඑල් වල තියෙන ලොකුම අවුල කියන්නෙ ඉතින් අපිට මැච් ගහන්න එක එක තැන් වලට යන්න වෙන එක තමා.එක වෙලාවක පල්ලෙකැලේ තව වෙලාවක ප්‍රේමදාසෙ තව වෙලාවක දඹුල්ලෙ.

වොශ් එකක් දාගෙන එලියට ආව මගෙ පස්සට පාරක් ගැහුව ගුර්බාස් වොශෲම් එකට යද්දි මම අතේ තිබ්බ කලිසම රෝල් කරලා ඌට ගැහුවා.මුගෙ කොලුසීන් වැඩියි වෙලාවකට.දෙන්නෙ තිතක් වෙන්න වෙලාවක මම! රූම් සර්විස් එකෙන් ගෙනත් දීපු කොෆී එක ලියෝන් එක්ක කතා කර කරම බොන්න ගත්තු මට අහේතුකවම මතක් වුනේ නේත්‍රව.

"මොකෝ ආශව අයියෙ එකපාරටම මනෝ ගැහුවෙ?"

"නේත්‍රව මතක් උනා....මම කොහෙ ගිහින් ආවත් පොඩි එකාගෙ වැඩේ මිල්ක් කොෆී එකක් හදන් උඩට දුවගෙන එන එක"

"ඔයාට එයාව මිස් වෙනවා නේද?"

"ටිකක් නෙවෙයි හුඟක්.වෙලාවකට හිතෙනවා අපරාදෙ කියලා මගෙ හීනෙ මේක උනේ....මටත් නිකංම රස්සාවක් කරන්න හීනයක් තිබ්බනම්....එහෙනම් නේත්‍රගෙ ඉගෙන ගන්න වැඩ වලටත් උදව් කරගෙන මට එයා ලඟටම වෙලා ඉන්න තිබ්බා"

"ඔයාගෙ ඔය ෆීලින් එක මටත් දැන් දැන් දැනෙනවා....ඇත්තමයි අයියෙ"

"බිවේෂ්?"

"හ්ම්ම්.....මට දැන් එයා නැතුව මාරම පාළුවක් තියෙන්නෙ....ඉස්සර මම කෑ ගැහුවත් මම යන යන තැනට එයා ආවා... පිටරටවල් වලට පවා....ඒත් දැන් මම කෑ නොගැහුවත් එයාට එන්න බෑ....මැච් අස්සෙ මට බිවේෂ්ගෙ වැඩ වලට යන්න බෑනෙ....එයාමයි ඒක කිව්වෙ.කියලා ගෙදර නැවතුනේ"

"බිවේෂ්ගෙ ගෙදර අය දන්නවද?"

"අයියා දන්නවා බිවේෂ්ලගෙ....තාත්තා දන්නෑ ඒත්"

"කේස්ද?"

"ඔයාලගෙ අප්පච්චි වගේමයි මම හිතන්නෙ....ඒත් හේරාද් අයියා බිවේෂ්ට පණ ඇරලා....එයා බිවේෂ් වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න කැමතියි....හරි කාලෙ ආවම මැරි කරලා මෙහෙන් ටික කාලෙකට වෙන රටකට යන්න කිව්වා එයා.එයා මෙහෙ වැඩ ඔක්කොම සෙට්ල් කලාට පස්සෙ ආයෙම එන්න කිව්වා"

"එහෙනම් හොදයිනෙ"

ලියෝන්ගෙයි බිවේෂ්ගෙයි කතාව අහන් හිටිය මට ඒ දෙන්නා ගැන සතුටක් ආවත් මමයි නේත්‍රයි ගැන ආවෙ දුකක්.මටත් අයියෙක් හිටියනම් කියලා මට හිතුනා.ඒත් එක්කම අර දවසක් මාව උස්සගෙන වාහනේට දාගත්තු මනුස්සයව මට මතක් උනා.මම වගේමයි....එහෙමවත් අයියෙක් මට හිටියනම් මටයි නේත්‍රටයි හයියක්නෙ.එහෙම කියලා අර වගේ අපතයෙක්නම් එපා."අත්‍යාවශ්‍ය නෑ අත්‍යාවශ්‍ය නෑ" මනුස්සයා!

ආයෙමත් මට දැනුනෙ මම තනිවෙලා කියන හැඟීම.ඕක ඒ කාලෙ ඉදලම විටින් විටේ මට වද දුන්නත් ඒ හැම වෙලාවකම නේත්‍ර මගෙ ලඟ හිටියා.තමන්ගෙම දරුවව එපා කියලා හොද කරගන්න තිබ්බ අසනීපෙට බේත් නොබී ඒක වැඩි කරං මැරුණු මගෙ අම්මටවත් මම ගැන නොතිබිච්ච කැක්කුමක් නේත්‍ර කියන පුංච් එකාට හය හතර නොතේරෙන කාලෙ ඉදන්ම මම ගැන තිබ්බා.නේත්‍රව ඒ හම්බුනු කාලෙටත් කලින් මට හම්බුනානම් කියලා හිතෙන තරමට මට නේත්‍රව වටිනවා.

නේත්‍ර හම්බෙච්ච කාලෙම නිර්මලාලා මෙහෙන් ගිහිල්ලා තියෙනවාලු නිර්මලාගෙ නෑ ගෙදරකට...නේත්‍රලාගෙ අප්පච්චිට එහෙ පොඩි සිල්ලර කඩයක් දාගන්න පුලුවන් කියලා.එහෙම ගමෙන් ගිය නිර්මලා ආයෙම මෙහෙ ඇවිල්ලා තියෙන්නෙ අපේ අම්මගෙ මල ගෙදරටලු.ඒ ආව පිම්ම මෙහෙම නැවතුනාලු.වෙන මුකුත් නිසා නෙවේ....අපේ පුංච් අම්මා ඒ ඉල්ලීම නිර්මලාලගෙන් ඉල්ලලා.මොකද අම්මා මැරෙන්න කලින්ම පුංච් අම්මගෙයි අප්පච්චිගෙයි මැරේජ් එක තීරණේ කරලලු තිබ්බෙ.

අම්මා නැති උනු අලුත මම මල යකා වගේලු.මම හුඟක් පොඩියිනෙ.පුංච් අම්මා කොච්චර ලං වෙන්න හැදුවත් මම ඒකට ඉඩ දීලා නෑ.මම හිටියෙ හොද සිහියකින් නෙවේනෙ.අන්තිමට මම පුංචි අම්මටත් ගහලා මොකකින් හරි.ඒකත් එක්ක තමා අප්පච්චි මාව අරං කොලඹ ගිහින් තියෙන්නෙ.අවුරුදු හතරෙ මාව ඩේ කෙයා එකකට දැම්මා.ඒකෙම ප්‍රී ස්කූල් එක වගේම හොස්ටල් එකක් තියෙනවා....එක වසරෙදි ඉස්කෝලෙ යන්න ඕනි නිසා දෙවින්ලගේ ගෙදර නවතිනකං මම හිටියෙ ඒකෙ.

ඔය මොන ප්‍රශ්නයක්වත් නෑනෙ ඒ කාලෙම නිර්මලා නේත්‍රව මගෙ ලඟට දුන්නනම්.....අවුරුදු දෙකක් තුනක් වගේනෙ නේත්‍රට.ඒ කාලෙ ෆොටෝස් ගොන්නක් මම් ලගත් තියේ නේත්‍රගෙ.තනිකරම බෝල ගෙඩියක් වගේ නේත්‍ර.මම හරි ආසා එක ෆොටෝ එකක් තියේ...නේත්‍ර කටේ පැත්තකින් හිනා වීගෙන ඉන්නවා තට්ට බෝලයක් වගේ එතන.මගෙත් ඒ වගේම කටේ පැත්තකින් හිනා වීගෙන ඉන්න එකක් තියෙනවා චූටිම කාලෙ.ඒ කාලෙ ඉදන්ම අපි දෙන්නා කපල් ගෝල්ස් ඇචීව් කරගෙන!

මට නේත්‍රව දකින්න තදේටම උවමනාව ඇවිත් තිබ්බා මේ වෙද්දි.අපි ඉන්නෙ නුවරම නිසාද දන්නෙත් නෑ.නිකං අර ලඟම ඉද්දි දැනෙන අමුතු හැඟීම වෙන්න ඇති මට තදේටම දැනෙන්න ගත්තා.මම හිතුනොත් ඒක කරලම නවතින ජාතියෙ නරක මනුස්සයෙක් නිසා මම දෙපාරක් නොහිතා දිග කලිසමක් ඇඳගෙන මාස්ක් එකයි කැප් එකයි දාගත්තා.

"ආශව අයියෙ!!! ආතල් නං ගන්න හදන්න එපා දෙයියො!"

"රෑ වෙන්න කලින් එනවා මම....ශේප් එකක් දාගන්නවකො මොකක් හරි කියලා"

"මේ මේ.....මේකෙ හෙඩ් කෝච් අපේ එක්කෙනා වගේ ෆිට් නෑත් එක්ක එච්චරටම.....මොන ශේප්ද ආශව අයියෙ.මෙහෙ ඉදපං"

"මම යනවා....ඩිනර් එක රූම් එකට ගෙන්න ගන්න....එතකොට අවුලක් වෙන්නෑනෙ"

"ඔයා නිසා මම වෙලාවක කනවා හොද ගුලියක් ඈ!"

"යනවා....බායි"

මාස්ක් එකයි කැප් එකයි හරියට සෙට් කරගත්තු මම පර්ස් එකයි ෆෝන් එකයිත් අතට අරගෙන එලියට බැස්සා.පාරෙ ගිය වීල් එකකට අත දාලා චණ්ඩියා වගේ නැග්ගට මගක් දුර යද්දි තමා පර්ස් එකේ තියෙන්නෙ රුපියල් පන්සීයයි කියලා දැක්කෙ.කමක් නෑ කමක් නෑ...පුලුවන් දුර ගිහින් ඉතුරු ටික පයින් හරි යනවා අදනං.

"හාරසිය අසූවයි මහත්තයා"

ගෙවල් වලට ටිකක් මෙහාට වෙන්න බැස්ස මම ඒ මනුස්සයට අතේ තිබ්බ පන්සීයම දීලා වලව්වට පිට පාරෙන්ම වත්ත පහලට දිව්වා.මගෙ හිතම මහා සතුටකින් පිරිලා තිබුනා.නේත්‍ර නේත්‍ර නේත්‍ර....මගෙ හිත පුරාවටම තිබ්බ එකම දේ උනේ නේත්‍ර!

වත්ත පහලට යද්දි ඈතින් පෙවුන හල්මිල්ල ගහ දැක්ක මට හිනා ගියේ පොඩි කාලෙ අපි හතර දෙනා කරපු වැඩ මතක් වෙලා.ඉස්සරම මමයි නේත්‍රයි දිවාෂයි දෙවිනුයි ඔය හල්මිල්ල ගහට නගිනවා.නේත්‍රයි දිවාෂයි ගස් නගින්න රුසියො.එතනනිත් දඟම නේත්‍ර ඒ කාලෙ.ගස් ගල් දිගේ බඩ ගාන එකමයි කරන්නෙ කියලා නිර්මලා හරියට ඉස්සර නේත්‍රට බයිනවා මට මතකයි.කොහොමහරි නේත්‍ර උඩටම නගින්න පුලුවන් උනත් එයා දිවාෂට උඩම තැන දීලා මගෙ ලඟම අත්තකින් නවතිනවා.මටයි දෙවින්ටයි ඒ හැටි ගස් නගින්න බැරි නිසා අපි දෙන්නා ලොකු දුරක් නගින්නෑ.නේත්‍රගෙ උදව්වෙන් ටිකක් වැඩිපුර උඩකින් නවතින මම ලඟම නේත්‍රත් ඉන්නවා.

අපි කරන්නෙ තරඟෙට චූ කරන එක.වැඩිම දුරකට චූ පාර විදින්නෙ කවුද කියලා ඔට්ටු තියනවා.හුඟක්ම ඕකෙන් දිනන්නෙ නේත්‍ර.එයා හැම දේටම දක්ෂයිනෙ.දිවාෂයා කරන්නෙ බීපු මිනිහා වගේ වැනි වැනී හතර පැත්තටම ඕක විදින එක.ඌ හරියට මගෙ ඔලුවට ඕකගෙ චූ පාරවල් ඒම් කරලා තිබ්බත් නේත්‍ර මගෙ ලඟ නිසා දිවාසට ඒ බලාපොරොත්තුව නම් ඉෂ්ට කරගන්න බැරි උනා.

ඔව්වා හිත හිතම නේත්‍රගෙ ගෙදර මිදුලට මම අඩිය ගහද්දි මම හිතන්නෙ හවස හතර හමාර පහ විතර වෙලා තිබ්බා.ඉස්සර නේත්‍ර ඔය වෙලාවල් එහෙම හරියටම කියනවා ලාවුළු ගහේ හෙවනැල්ල බලලා.ගෙදර දොරත් ඔහේ ඇරලා දාලා තිබ්බ නිසා මම හෙමීට හෙමීට සද්දයක් නෑහෙන විදියට නේත්‍රලාගෙ ගේ ඇතුලට අඩිය තිබ්බා.

"නේත්‍රට හෙට පුලුවන් සුදුබේබිව බලන්න"

නේත්‍රගෙ කාමරේ පැත්තෙන් එන කටහඬ එක්ක මම ඉද්ද ගැහුවා වගේ නතර වුණා.නේත්‍ර තනියම කියවනවා! මගෙ පපුව දාගෙන වගේ ගියේ නේත්‍රත් මම වගේම තනිවෙලා නේද කියන එක දැනුනම.ඒත් තව ටිකක් නේත්‍ර කියවන්නෙ මොනාද බලන්න ආසාවක් මගෙ බොලඳ හිතටත් එන්න ඇති.මම කාමරේ දොරකඩ ලඟම බිත්තියට හේත්තු වෙලා සද්ද නැතුව නේත්‍ර කතා කරන එක අහන් හිටියා.

"සුදුබේබි හිටියනම් නේත්‍රට තනි නෑනෙ....ඉස්කෝලෙ ඉවර උනු ගමන් සුදුබේබිට බැරි වේවිද දන්නෑ මාවත් එක්කන්ම කොළඹ යන්න...මට පුලුවනි ගේ ඇතුලෙ හැංගිලා හරි ඉන්න...නේත්‍රට මිනිස්සුන්ට පේන්න එලියට යන්න ඕන්නෑ....සුදුබේබි එක්ක ඉන්නයි ඕනි"

නේත්‍රගෙ කටහඬ ටිකෙන් ටික වෙවුලනවා දැනෙද්දි මටත් නොදැනිම මගෙ ඇස් වලත් කදුළු පිරුනා කියල මට තේරුනේ ඉස්සරහ බොද වෙලා පෙනෙද්දි.ඒත් එක්කම නේත්‍ර පුටුව පිටිපස්සට කරලා ජනේලෙ අරින සද්දයක් මට ඇහුනා.

"සුදුබේබි!!!! ස්....සුදුබේබි!!!!"

පොඩි එකා වෙවුලන ගමන් කියලා එහෙම්මම බිම වැටෙනවා ඇහුනත් තවමත් මට මගෙ කකුල් දෙක උස්සගන්න පණක් තිබ්බෙ නෑ.මමයි නේත්‍රයි ආදරේ කරන ගමන්ම මෙහෙම දෙපැත්තක ඉද්දි මෙච්චරටම වේදනායිනම් අපි දෙන්නට මොකක්ම හරි....නෑ එහෙම වෙන එකක් නෑ.ඒත් එක්කම නේත්‍ර ඉකි ගහනවා ඇහෙද්දි මම මගෙ පපුව මිරිකලා අල්ලගත්තා.

"ම්.....මටත් පිස්සු......සුදු...සුදුබේබි කොහෙද මේ වෙලාවෙ?මෙහෙ එන්නෙ? නේත්‍රට පිස්සු හැදිලා සුදුබේබි....වෙනදට ඔලුවෙ මැවෙන සුදුබේබිගෙ සුවද අද  නේත්‍රට ඇත්ත වගේ දැනෙන තරමට නේත්‍රට පිස්සු හැදිලා!!!"

මගෙ කකුල් දෙකට අමාරුවෙන් පණ අද්දගත්තු මමත් නේත්‍රගෙ කාමරේ ඉස්සරහම දොරකඩ වැටුනා.පොඩි එකා පොත් මේසෙට පිට දීගෙන හොදටෝම අඬනවා.ඔයාට අඬන්න හොද නෑ රත්තරනේ! මම නැති වෙලාවක හුස්ම ගන්න අමාරු උනොත් මගෙ මැණිකව කවුද බලාගන්නෙ! අඬන්න එපා නේත්‍ර...ඔයාගෙ සුදුබේබි ආවා....මට මේ හැම දෙයක්ම හිතින් ඇරෙන්න කටින් කියාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.අන්තිමට අමාරුවෙන් හයිය ගත්තු මම දොරකඩ ලඟ ඉඳන් නේත්‍රට කතා කලා.

"නේත්‍ර!!!!"

"යන්න යන්න....හැමදාම නේත්‍ර ලඟට රෑට ඇවිල්ලා මායාවක් වගේ පෙනිලා නේත්‍රව අඬවලා යනව වගේ යන්න....ඔයා මායා සුදුබේබි"

"මම ඇ....ඇත්ත සුදුබේබි රත්තරනේ....."

"ස්....සුදුබේබ්!!!! නේත්‍රගෙ සුදුබේබි!!!"

නේත්‍ර කොහොම නැගිට්ටද කොහොම ආවද කියන්න මම දැක්කෙ නෑ.පුංචි කාලෙ වගේම දුවගෙන එන පුංචි පුළුං බෝලෙ මගෙ පපුවෙ ගුලි වෙද්දි එදා වගේම අදටත් දැනෙන සැනසීම අත් විදින ගමන්ම මම ඒ හීතල පොලවෙ දිගා වුනේ නේත්‍රව පපුව උඩට තුරුල් කරගෙනමයි.නේත්‍ර ඉස්සෙල්ලාම කලේ මගෙ කම්මුල් දෙක දෙපැත්ත අල්ලගෙන බෙල්ල පාමුලට මූණ ලං කරලා ලොකු හුස්මක් උඩට ඇද්ද එක.

"මට මේ සුවඳ ගොඩාරියක් මග ඇරුණා සුදුබේබි"

බෙල්ල පාමුල උණුහුමට වදින නේත්‍රගෙ හුස්ම එක්ක මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තත් නේත්‍ර ඒ දේ කරන්නෙ අර වගේ හැඟීමකින් නෙවෙයි නිසා මම මාව පාලනේ කරගත්තා.පපුවට ගුලි ගැහිලා තාම කදුළු වක්කරන පුංචි නේත්‍රගෙ හිස් මුදුනෙන් තොල් දෙක තද කරපු මම හුඟක් වෙලා එහෙම හිටියා.

"කෝ එන්න සුදුබේබි....නේත්‍ර බොන්න මොනාහරි හදලා දෙන්නම්"

"එපා....මට ඕනි ඔයා ලඟ ඉන්න විතරයි"

බිත්තියට පිට දීලා බිම ඉදන් උන්නු මගෙ ඔඩොක්කෙ හිටිය නේත්‍රව අත් දෙකට උස්සගත්තු මම නේත්‍රව ඇඳේ පරිස්සමට ඇල කරවලා නේත්‍රව ආයෙම වතාවක් තුරුල් කරගත්තා.පුංචි එකාගෙ කමිසෙ දාඩියෙන් තෙත් වුනු ලකුණු තිබ්බ නිසා මම නේත්‍ර දිහා හොඳට බැලුවා.මේ වෙලාව හරිනම් නේත්‍ර වොශ් එකක් එහෙම දාන වෙලාව.

"දාඩිය මොකෝ මැණිකෙ මෙච්චර?"

"වලව්වෙ වැඩ වගේකට උදව් දීලා ආවෙ සුදුබේබි මම....සුදුබේබි කියලා තියේනෙ කවුරුත් නැති වෙලේට නාන්න එපා කියලා.මම අම්මා එනකං බලන් හිටියෙ ඒ හන්දා"

"ඒක හොදයි....රෑ උනත් කමක් නෑ නිර්මලා ආවම ඇඟ සෝදගන්න....රෑට නාන්න එපා නේත්‍ර....නානවනම් පාන්දරට හරි දවාලට හරි නාන්න"

"නේත්‍ර ලඟ දැන් ගඳයිද සුදුබේබි?"

"ගඳ? ඔයා ලඟ?"

තවමත් ගැටපිච්ච සුවද එන නේත්‍රගෙ බෙල්ල ඉව කරපු මම කියද්දි නේත්‍ර හිනා උනා.නේත්‍ර හිනා වෙද්දි කුරුලු පැටියෙක් වගේ.නේත්‍රව තව ටිකක් හුරතල් කරන්න ඕනි කමට නේත්‍රගෙ ටී ෂර්ට් එක ඉස්සුව මම ඒ බඩ දිගේ නහය ගාවද්දි නේත්‍ර ඇඹරි ඇඹරි හිනා උනා.හැබැයි ඒ හැම දේම ටිකකින් වෙනස් වෙන්න ගත්තෙ අපි දෙන්නම නොහිතුව විදියට.

"ම්හ්හ්හ්....ස්....සුදුබේබි"

නේත්‍රගෙ කෙඳිරිල්ල එක්ක නේත්‍ර දිහා මම ඇස් උස්සලා බැලුවා.නේත්‍රගෙ අඩවන් උනු ඇස් එක්ක මම ආයෙම මගෙ තොල් වලින් කලින් තෙත් වුනු තැන බැලුවා.බඩ කිති කවන ගමන් හිටිය මමත් නොදැනුවත්වම මගෙ තොල් නේත්‍රගෙ පෙකණිය ලඟට හාදු තවරලා තිබ්බා.මගෙ පුංචි ස්පර්ශෙකටත් අඩපණ වෙන නේත්‍රට ඒ දේ දරාගන්න බැරිම තැන කෙදිරිල්ලක් ඒ පුංචි තොල් අස්සෙන් පිට උනත්,සෑහෙන විසයක් තිබ්බ ඉලන්දාරියෙක් නිසා වගේම නේත්‍ර ඉස්සරහ විතරක් හැඟීම් ඇවිස්සෙන නිසා මට තව මේක දුරදිග යවන්න ඕනි උනා.

"ම්හ්හ්හ්.....ස්....සුදු....බේ....හ්...."

ඇස් අඩවන් කරගෙන හීනියට කෙදිරිලි එකෙන් එක පිට කරන නේත්‍රගෙ ඇස් මත්තෙම ඇස් අලෝගත්තු මම එක දිගටම නේත්‍රගෙ පෙකණිය වටේට හාදු තැවරුවා.ඉණෙන් එහාට මෙහාට ඇඹරි ඇඹරි කෙදිරිලි පිට කරන නේත්‍රගෙ එයාගෙ පුංචි අත් දෙකෙන් ඇඳ ඇතිරිල්ල මිරිකගෙන හිටියා මම දැක්කා.මෙච්චර වෙලා නේත්‍රගෙ එක බාහුවක් ලඟයි කකුලක් ලඟයි තිබ්බ මගෙ අත් දෙක එහෙම්මම ගෙනල්ලා මම නේත්‍රගෙ ඉණ දෙපැත්ත තද කරලා අල්ලගත්තා.

නේත්‍ර ඉන්නෙ හොඳටම හැඟීම් වලින් අඩපණ වෙලා කියන එක මට පෙනුනෙ නේත්‍රගෙ ඇස් දෙකෙන්.හුඟාක් සංවේදී උනු නේත්‍රට මහ ලොකු ස්පර්ශ ඕනි උනේ නැහැ අඩපණ වෙන්න.නේත්‍රගෙ බඩ උඩින් ආයෙමත් සමනල් හාදු ගොන්නක් තිබ්බ මම එහෙම්මම රූටලා ගියේ නේත්‍රගෙ තොල් දෙක ලඟට.කට්ට අව්වෙ මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන නිසයි,එන්න එන්නම ඇඟ වෙහෙසෝන නිසයි ටිකක් රළු වෙලා තිබ්බ මගෙ තොල් නේත්‍රගෙ තොල් එක්ක පැටලෙද්දි මට දැනුනෙ මම මල් පෙත්තක් හාදුවකට ඇදලා ගත්තා වගේ සැනසිලිදායක හැඟීමක්.

ඒ වෙලාවෙ මට දැනුනු හැඟීම මොන වගේ එකක්ද කියලා මට කියන්න තේරෙන්නෙ නෑ.ඒක නිකං හරියට අහසෙ පාවෙනවා වගේ හැඟීමක්.තනිකරම ගස් කොලන් විතරක් තියෙන කැලෑවක් මැදින් යන වතුර පාරක පීනගෙන යනව වගේ හැඟීමක්.මල් වලින් මුලු ඇඟම වහගෙන කුසතන ගොන්නක වැතිරිලා ඉන්නවා වගේ හැගීමක්.

නේත්‍රත් එක්ක හාදුවක පැටලෙන හැම වෙලාවකම මට දැනෙන්නෙ ස්වර්ගීය වින්දනයක්, හැඟීමක් කිව්වොත් ඒක හරි!

නේත්‍රගෙ දාඩිය තවත් වැඩි වෙලා ඒ ඇඟම දිලිසෙන හැටි මට අඬ අදුරෙ පෙනුනා.කිරිගරුඬ පිලිමයක් උඩට පිනි වැටිලා වගේ ලස්සනක් නේත්‍රගෙන් පෙනුනෙ.නේත්‍රගෙ තොල් වගේම ඒ කට අස්සෙ නේත්‍රගෙ රහ ඇති වෙන්න අත් වින්ද මම ඊලඟට පාත් උනේ නේත්‍රගෙ බෙල්ලට.ඒ බෙල්ල රෝස පාට වෙනකං හාදු තැවරුව මම ඉක්මනට එතනින් අයින් උනේ නේත්‍රගෙ බෙල්ලෙ දැන්මම මට රතුදම් පැල්ලමක් බලන්න උවමනාවක් නොතිබ්බ නිසා.

ආයෙමත් නේත්‍ර එක්ක හාදුවක පැටලිලා එක අතකින් නේත්‍රගෙ අත් දෙකම උඩට කරලා අල්ලගත්තු මම අනික් අතින් නේත්‍රගෙ ඉණේ රටා මවන්න ගත්තා.නේත්‍ර කියන්නෙ ඇත්තටම දෙවියො මේ ලෝකෙට මැව්ව ලස්සනම පිරිමියා වෙන්න ඕනි.පිටින් රූපෙ වගේම ඇතුලෙ ගතිගුණ අතිනුත් නේත්‍ර හරි පරිපූර්ණ පිරිමියෙක්.නේත්‍රගෙ තොල් වල පැටලුනාම මට මගෙ වටේ තියෙන හැමදේම අමතක වෙනවා.ඒ තරමට මම ඒ තොල් වලට ඇලෙනවා.මම වෙනුවෙන් හාදුව අස්සෙන්ම හීන් කෙදිරිලි පිට කරන නේත්‍ර දිහා බලන් සතුටු වෙනවා.

"ස්....ස්....ම්ම්ම්ම්"

මම හෙමීට නේත්‍රගෙ තොල් වලින් ඈත් උනේ නේත්‍ර ඉණෙන් ඉස්සෙන ගමන් දඟලන්න ගත්තු හින්දා.මොකද මම දන්නවා නේත්‍ර එහෙම වෙන්නෙ මොන වෙලාවටද කියලා.ඒ නිසාම හිටිය විදියටම අත් තියාගත්තු මම නේත්‍රගෙ තොල් අතෑරලා කන් පෙත්තක් අල්ලගත්තා.නේත්‍රගෙ වින්දනීය හැඟීම් වලින් පිරිලා තියෙන මූණ නිසාම මගෙ උගුර යටින් පිටවෙන කෙඳිරිලි නේත්‍රගෙ කන් පෙත්ත උරන ගමන් ඒ කන ලඟම පිට කෙරුව මම එක දිගටම නේත්‍රගෙ හීනි ඉණ මිරිකුවා.

"සුදුබේබීහ්හ්හ්හ්!!!!"

මීට කලින් කීප පාරක් උනා වගේම මම දිහාම බලාගෙන නේත්‍රගෙ කටින් මගෙ නමම කියාගෙන නේත්‍ර එයාගෙ හැඟීම් පිට කරද්දි මට දැනුනෙ පුදුමාකාර ආඩම්බර සතුටක්.තමන් වෙනුවෙන්ම විතරක් පේවිලා ඉන්න පිරිමියෙක්....කොටින්ම කිව්වොත් විහිලුවකටවත් වෙන කෙනෙක් ගැන නොකියන පිරිමියෙක් එයාගෙ හැඟීම් ටික පවා පිට කරන්න තමන්ගෙ නමින් වෙනකොට ආඩම්බරයක් දැනෙන්නෙ නැද්ද?

"මැණිකෙ....."

"ටිකක් ඉන්න සුදුබේබි....මට කරකැවිල්ල වගෙ"

නේත්‍ර හෙමීට මුමුනද්දි මම ඒ නලලෙන් දිග හාද්දක් තියලා නේත්‍රව තුරුල් කරගත්තා.මට තවම දැනෙනවා මගෙ පිරිමි කයේ ගිනියම තාම බැහැලා නෑ කියන එක.ඒත් හැමදාම වගේ වින්දනේ පිට කලාට පස්සෙ කරකැවිල්ලක් වෙවුලිල්ලක් හැදෙන මගෙ චූටි කොල්ලව දාලා යන්න මට පුළුවන්කමක් තිබ්බෙත් නෑ.ඒ නිසා මම නේත්‍ර ටිකක් සන්සුන් වෙනකං නේත්‍ර ලඟටම වෙලා හිටියා.

"දැන් හරි සුදුබේබි"

"මම වොශෲම් ගිහින් එන්නම් නේත්‍ර"

මම කියද්දි නේත්‍ර එයාගෙ රතු වෙලා තියෙන කන් දෙක අත් දෙකෙන් වහගෙන ඔලුව උඩපහල වැනුවා.කුස්සියෙ දොර ඇරගත්තු මම වොශෲම් එක ඇතුලට ගිහින් ඇස් දෙක පියාගෙන මගෙ හැඟීම් පිට කරන්න ලෑස්ති උනා.

"න්...නේත්‍රහ්හ්හ්!!!!"

පුරුදු විදියටම මම නේත්‍රගෙ නම කියාගෙනම හැඟීම් පිට කරලා ඇරලා ටික වෙලාවක් හති යැව්වා.තවම මේ දේවල් නේත්‍රට කියලා කරවගන්න මට කිසිම වුවමනාවක් තිබ්බෙ නෑ.අනික් පැත්තෙන් නේත්‍රට මෙව්වා තේරෙන්නෙත් නෑ.ඇත්තටම ලොකු උනත් නේත්‍රට මෙව්වා තේරෙන්නෙ නැති වෙයිද දන්නෑ! කමක් නෑ....නේත්‍ර ලඟ ඉන්නවනම් මේවා හැමදාම මටම කරගන්න එක මහ ලොකු දෙයක් නෙවේ.රාගය නොමැති ප්‍රේමයද ප්‍රේමයකි කියලා මේවා මෙහෙම්මම මමම කරගන්න එක ගේමක්යෑ!

හෝදන්න ඕනි තැන් හරියට හෝදගෙන පිරිසිදු කරං ආයෙම කලිසම ඇඳගත්තු මම අත් දෙකත් සෝදගෙන ආයෙම නේත්‍රගෙ කාමරේට රිංගද්දි නේත්‍ර ඔලුවෙ ඉදන්ම බෙඩ්ශීට් එක පොරවගෙන මාව දැක්කම ඒක අස්සෙ හැංගුනා.

"මෙන්න මෙන්න බටු ඇටයක් හැංගෙනවා"

"හි හී....එපා සුදුබේබි කිති!"

නේත්‍රගෙ අහු වෙන අහු වෙන තැන කිති කව කව හරි ඒකාව බෙඩ්ශීට් එක අස්සෙන් එලියට ගන්න හැදුවත් අන්තිමට උනේ නේත්‍ර මගෙ උකුල උඩට වැටිලා දගලන්න ගත්තු එක.අන්තිමට බැරිම තැන බෙඩ්ශීට් එක පිටින්ම ඔතලා නේත්‍රව තද කරලා අල්ලගත්තු මම ශීට් එක අස්සෙන් එලියට පේන බෝල ඇස් වලට එබුනා.

"මෙහෙම දඟලලා හප්පො ඇහැරුණොත් එහෙම ඔන්න මමනම් දන්නෑ!"

"මේ කාමරේ කොහෙද හප්පො සුදුබේබි?"

"ඇයි සුදුබේබිගෙ හප්පා ඉන්නෙ!"

"සුදුබේබිට කොයින්ද හප්පෙක්....හහ් හහ් හා...."

මහ හයියෙන් හිනා වෙන්න ගත්තු නේත්‍ර එකපාරටම හිනාව නවත්තලා මම දිහා ඇසුත් ලොකු කරන් බැලුවා.නේත්‍රට මම ටියුබ් ලයිට් එකක් වගේ කියන්නෙ නිකංයෑ.ඒත් එක්කම බෙඩ්ශීට් එකෙන් එලියට ආව නේත්‍ර ඇසුත් ලොකු කරං මම දිහා බැලුවෙ ඉණටත් අත් දෙක තියාගෙන.

"දෙයියෝ සුදුබේබි!!! කොළඹ ගිහින් ඔව්වද අප්පේ ඉගෙන ගත්තෙ!!!!"

මම නේත්‍රගෙ රතු වෙලා තිබ්බ නාහෙ ලාවට හපලා හිනා උනා.නේත්‍රගෙ අතින් හදලා දුන්නු තේ එක බිබී අපි දෙන්නා ගියේ පිලිකන්න පැත්තට.ලිද ලඟ තිබ්බ ගස් කොටයක් උඩින් මම වාඩි වෙද්දි නේත්‍ර එතනම තිබ්බ පොඩි ගල උඩ වාඩි උනා.ඉස්සරහට නොගියෙ කවුරුමහරි දකියි කියන සැකේට.තේ එක බිබී විස්තර කතා කර කර උන්නු නේත්‍ර එකපාරටම මම දිහා බැලුවා.

"සුදුබේබිට දෙන්න පිරිත් නූලක් අරං ආවා මම....යන්න කලින් ඒක ගැටගහගමු සුදුබේබි"

"හරි මැණිකෙ"

මම නේත්‍රගෙ කොණ්ඩෙ අවුල් කරලා හිනා වෙලා.නේත්‍ර පිරිත් නූලක් අරං ඇවිල්ලා තියෙන්නෙ මැච් එකට කලින් කොහොමමහරි මාව හම්බෙයි කියන විශ්වාසෙන් කියන එක මට තේරුනා.මම අද මෙහෙ එනවා කියලා නේත්‍ර දන්නෙත් නෑ....හෙට මම බොහෝ දුරට පැවීලියන් එකේම හරි බවුන්ඩ්‍රිය හරියෙ තියෙන ටෙන්ට් එකක් යට හරි ඉන්නෙ....අපි දෙන්නා හම්බෙන්න තියෙන සම්භාවිතාවෙ හරිම අඩුයි.ඒත් නේත්‍ර විශ්වාසයක් එක්ක පිරිත් නූලක් අරං ඇවිල්ලා.මට මේ පුංචි එකා ගැන දැනෙන හැඟීම කියන්න වචන නෑ.ඇත්තටම නේත්‍රව මගෑරෙන්න දෙන්න බෑ මට.එහෙම උනොත් මම මැරෙයි.

මම හරියට මේ ටිකේ නරක හීන දැක්කා.නේත්‍රව කවුද ඇදගෙන යනවා පේනවා....නේත්‍ර ලේ ගලාගෙන වැටිලා ඉන්නවා පේනවා.මට ඒක දරන්න බෑ...නින්දෙන් ඇහැරෙනවා.අන්තිමට ගංගාරාමෙට ගිහින් බෝධිපූජාවකුත් කරලා හිත නිදහස් කරගත්තෙ.එහෙ පොඩි හාමුදුරු කෙනෙක් උදව් කලා මට.සනුකට ඕක වටින් ගොඩින් කිව්වම ඌ ඔක්කොම වැඩ දාලා නවගමුව කියන පැත්තට එක්කන් ගියා මාව.නවගමුවට සෑහෙන්න දුරක් තිබ්බට සනුකලාගෙ ගෙදර ඉදලා එහෙ පත්තිනි මෑණියන්ගෙ දේවාලෙට භාරයක් උනා නේත්‍රගෙ නමින්.මම දන්නවා හීන වලට බය වෙන්න ඕන්නෑ කියලා.ඒත් නේත්‍රට හීනෙන්වත් කරදරයක් වෙනවට මම ආසා නෑ.

"මාව හම්බෙයි කියල හිතුවද? ම්ම්ම්"

"හම්බ වෙයි කියලා විශ්වාසයක් තිබ්බා සුදුබේබි....මම භාරෙකුත් උනා සුදුබේබිට හොදට ප්ලේ කරන්න පුලුවන් වෙන්න කියලා"

නේත්‍රගෙ සමහර වැඩ නාගරික මිනිස්සුන්ට එච්චරටම හරි යන්නෙ නැති වෙන්න පුලුවන්.මම ඒක දැනගත්තෙ කොලඹ ජීවත් වෙන්න ගත්තට පස්සෙ.ඒ පැති වල පදුරකට පයින් ගැහුවත් දෙවියො ආරූඪ වෙලා ඉන්න අය ඉන්න පොඩි පොඩි දේවාල අනන් මනන් පවා තියෙනවා.හුඟක්ම ඉන්නෙ බොරුකාරයොලු.ඉතින් ඒ පැති වල අය ඒ හැටි ඔව්වා විශ්වාස කරන්නෑලු.මිත්‍යාව කියල පැත්තකට දාලලු ඉන්නෙ.අඩුම පන්සල් පවා යන්නෙ හරි අඩුවෙන්ලු.ඒ උනාට මට නේත්‍ර කරන හැම දෙයක්ම හුඟාක් වටිනවා.

නේත්‍ර හැදුනෙ වැඩුනෙ ගමක.තනිකරම ග්‍රාමීය පරිසරේක.එයාගෙ අම්මා උනත් තනිකරම ගමේ විදියට හැදුනු කෙනෙක්.එයාලා විද්‍යාවට වඩා සොබා දහම කියන දේ විශ්වාස කල අය.තුවාලයක් උනාම බෙට'ඩීන් ටිකක් දාගන්නවට වඩා නිදිකුම්බා කොල හපයක් තුවාලෙ උඩ තියාගත්තු අය.උණක් හෙම්බිරිස්සාවක් හැදුනම පෙනඩෝල් එකක් බොනවට වඩා පස් පංගුව වගේ ඖෂධ ටිකක් තම්බලා බිව්ව අය.ක්ලේ වලින් සෙල්ලම් කරනවට වඩා මැටි අතගාපු අය.චිල්ද්‍රන්ස් පාක් යනවට වඩා ගස් ගල් දිගේ බඩගාලා සෙල්ලම් කරපු අය.ෆුඩ් සිටි එකකින් ගන්න ඇපල් දොඩම් වලට වඩා කැලෑ අස්සෙ රිංගලා හිඹුටු මාදං ඇඹිල්ල අඹ අනන් මනන් කාලා සතුටු උනු අය.නේත්‍ර හැදුනෙම පරිසරේ එක්ක ඔට්ටු වෙලා.

ඒ දේවලුත් එක්ක නේත්‍රගෙ හැදියාව සාරධර්මත් ඒ වගේම ග්‍රාමීය උනා.මොකක් හරි හොද දෙයක් කරන්න යද්දි නේත්‍ර පන්සල් ගියා.අපලයක් නරකක් වෙන්න යනව වගේ දැනුනොත් පන්සල් ගියා,භාරහාර උනා.එව්වගෙන් ආරක්ෂාවක් ලැබෙනවා කියලා හිතුවා.කොළඹ සමහර ගෙවල් වල බුදු පිලිමෙ තියලා ඒ ඉස්සරහින් සෝබනේට ලයිට් එකක් විතරක් පත්තු කරලා තියෙද්දි නේත්‍ර හැමදාම හවසට බුදු පහන තිබ්බා.බුදු පහනට පහලින් පොඩි තට්ටුවක් උඩ තියලා තිබ්බ ඝන දෙවි පිලිමෙටයි,පත්තිනි මෑණියන්ගෙ පිලිමෙටයි දුං අල්ලලා පුද සත්කාර කලා.

මම නේත්‍ර ඒ කරන දේවල් කවදාවත්ම විහිලුවකට ගත්තෙ නෑ.අඩුම හිතින්වත් විහිලුවක් විදියට හිතුවෙ නෑ.මට ඒ හැමදෙයක්ම මහ මෙරක් තරම් උනා.අනික නේත්‍ර ඒ විදියට දේවල් කලා කියල අද වෙනකංම හොදක් මිස නරකක් වෙලා නෑනෙ.නේත්‍ර කරන කියන දේවල් සමාජෙ විසින් මිත්‍යාදෘෂ්ටික දේවල් විදියට හදුන්වනවනම්,ඔව් මම මිත්‍යාදෘෂ්ටික දේවල් වලට ආදරේ කරනවා සහ කැමතියි!

රෑ අට වගේ වෙද්දි මම නේත්‍රගෙන් ආයෙම ඈත් වෙන්න ලෑස්ති උනා.මුලදි මම කොහෙ හරි යද්දි අඩාගෙන ආව කොල්ලා කාලෙත් එක්ක මට හිනාවකින් සමු දෙන්න සූදානම් වෙලා හිටියා.මම පිටත් වෙද්දි එයා ඇඬුවොත් මගෙ ඔලුව එක තැනක නැතුව මට ප්‍රශ්නයක් වෙයි,කරගන්න යන වැඩේ අසාර්ථක වෙයි කියලා එයා බය උනා.මම ගියාට පස්සෙ නේත්‍ර පැය ගනන් දවස් ගණන් අඬන බව එයා නොදන්නව උනාට මම දන්නවා.ඒත් නේත්‍ර හයිය හිතක් හදාගත්තා.ඉස්සරහට මීට වඩා කැපකිරීම් කරන්න උනොත් කියන මානසිකත්වෙ එයාගෙ සහ මගෙ ඔලුවට ඇතුල් කරලා මාවත් ශක්තිමත් කලා.හැමදේම තව මාස ගාණයි.ඊට පස්සෙ මම නේත්‍රව කොළඹට ගන්නවා.

නේත්‍ර ඒ ලෙවල් උඩින්ම පාස් වෙනව කියලා මම දැනටමත් දැනන් හිටියා.නේත්‍ර අනිවාර්‍යෙන්ම ජපුරෙ යන්නම පාස් වෙනවා කියන එක ගැන කිසිම සැකයක් නොතිබ්බ මගෙ හිතේ තිබ්බ එකම කුතුහලේ නේත්‍රගෙ රෑන්ක් එක මොකක් වෙයිද කියන එක විතරයි.විශාර අන්කල්ලා නේත්‍රව එහෙ නවත්තගන්න පුලුවන් කියන එක මට දැනටමත් කියලා තිබ්බෙ.මමත් ඔය කොළඹ තුනෙන් එකකට නොතේරුනොත්,මම ප්‍රයිවට් යනවා කියලා හිතාගත්තා.එතකොට නේත්‍රටයි මටයි දෙන්නටම කොළඹම ඉන්න පුලුවන්නෙ.එයා විශාර අන්කල්ලා ලඟ පරිස්සමට ඉදීවි.හරිම කාලෙ ආවම මම එයාව මගෙ ලඟට ගන්නවා.

"බත් එක කන්න සුදුබේබි එහෙනම්"

"හරි මැණිකෙ"

"බුදු සරණයි මගෙ සුදුබේබිට....පරිස්සමින් ගිහින් එන්න"

"බුදු සරණයි මැණිකේ....ඔයත් පරිස්සමින් ඉන්න.හෙට එන්න හොදේ"

කීරි සම්බා බතක් එක්ක මම ආසම අඹයි හාල් මැස්සොයි බැදුමයි පරිප්පුවකුයි හදලා දුන්නු නේත්‍ර ඒක ඔතලා මගෙ අතින් තිබ්බෙ මම අද රෑට හොටෙල් එකෙන් කන්න බෑ කිව්ව නිසා.නේත්‍රගෙ නලල උඩින් තොල් තිබ්බ මම නේත්‍රගෙ බෙල්ල පිටිපස්සෙන් අතක් දාගනිද්දි නේත්‍ර මගෙ පපුවට තුරුල් වුණා.මිනිත්තු පහක් දහයක්....කොච්චර වෙලාවක්ද දන්නෙ නෑ මම නේත්‍රගෙන් ඈත් උනේ හිතකින් නෙවෙයි.ඇඟිලි තුඩු වලින් ඉස්සුනු නේත්‍ර මගෙ නලලිනුත් දිග හාද්දක් තිබ්බට පස්සෙ අපි දෙන්නම නේත්‍රලාගෙ ගෙවල් පිටිපස්සෙන් වලව්ව පැත්තට නැතුව වෙන පැත්තකට තිබ්බ අඩිපාර දිගේ ඇවිදන් ගියේ ටුක් එකට එතනට එද්දිම නැගලා යන්න.

මට වලව්ව පෙනුනත් මට ඒකට යන්න උවමනාවක් තිබුනෙම නෑ.අනේ මංදා.සාමාන්‍යෙන් තමන්ගෙ ගෙදර මෙහෙම ලගින් දකිද්දි ඕනිම මනුස්සයෙක් එතනට ගොඩ වෙනවමයිනෙ.ඒත් මට වලව්ව පෙනුනෙම හිර ගෙයක් වගේ.මම වලව්වෙ හිටිය වෙලාවල් වල සතුටින් හිටියෙම නේත්‍ර මගෙ වටේ කැරකි කැරකි හිටිය නිසා.නැත්තං මම වලව්වෙන් පිට වෙලා සෑහෙන කල්.වීල් එක ආවට පස්සෙ ඒකට නැග්ග මම ඈතට යනකංම නේත්‍ර පාර අයිනෙ බලන් උන්නා මම දැක්කා.වීඩියෝ කෝල් එකකට කනෙක්ට් වෙලාම ගෙදරට ගිහින් දොර වහගත්ත නේත්‍රට බුදු සරණයි කියලා කිව්ව මම ඇස් දෙක පියාගත්තෙ නේත්‍රව මෙහෙම හරි ඈත් කරන්න නොවුනනම් කියලා හිතන ගමන්.

ප්ලේ නොකරත් නැතත් හෙට මගෙ අනික් හීනෙට යන්න තියෙන ලොකුම පියවරක් පටන් ගන්නවා.නේත්‍රගෙ ආශිර්වාදයත් එක්ක මට වරදින්නෙ නෑ කියලා තේරුං ගත්තු මම නේත්‍රයි මායි ඉස්සර ඇවිදන් ගිය නුවර පාර දිහා බලාගෙනම මනෝ පාරක් ගහන් හොටෙල් එකට යනකං ගියා.

..............................................................................................

"රිසව්නෙ මැණිකේ.....සුදුබේබි ප්ලේ කරන්නෑ ඒ නිසා"

"ඒ උනාට මගෙ සුදුබේබි ඉන්නවනෙ ටීම් එකේ"

"ඔව් ඔව්.....ඒත් ප්ලේ කරන්නෙ නෑ හොඳද?"

"කමක් නෑ.....නේත්‍ර ඉදගෙන ඉන්න හරි එන්නම්කො"

"අනේ මම පොඩි ලමයෙක් වගේ වෙලා නේත්‍ර....මේකෙ රෝස පාට වැඩියි නිල්පාටට වඩා"

"හි හී.....සුදුබේබිට රෝස ලස්සනයිනෙ ඒත්"

"රෝස ලස්සනයි නේත්‍ර වගේ චූටි බට්ටෙක්ට....මගෙ වගේ මරුමුස් මූණකට කැතයි"

"සුදුබේබි ලස්සනයිනෙ....අර වෙලාවකට තොල් නොපිට හරවද්දි බබෙක් වගේමයි"

"නෑ...."

"නැත්තෙ නෑ.....නේට්ටගෙ බබා තමා සුදුබේබි"

නේත්‍රගෙ බබා මම තමා.ඒ එක්කම නේත්‍ර කිචි කිචි ගගා හිනාවෙවී කියද්දි ආයෙම මගෙ හිතට ආවෙ මහ බලු අදහසක්.

"නේත්‍ර තාම දැකලා නෑනෙ සුදුබේබිගෙ බබා"

ඔව්වා කියලා නේත්‍රගෙ හිතේ මාව වලත්තයෙක් විදියට මවන්න ඕනි නැති නිසා මම කටවහගෙන හිනා උනා.ඇත්තටම මම සෑහෙන්න වල් වැදිලා මෙහෙ ආව ටික කාලෙට.එහෙම නොවෙය්යෑ ක්‍රිකට් ක්ලබ් එකේ කොල්ලො ටික එකතු උනාම කියන කතා ඇහුවම.නුවර ඉදන් ආව ආශව නෙවේ දැන් ඉන්නෙ.අවුරුදු විස්සට වඩා පැහිලා මමත්!

"ආශු....ගුඩ් මෝනින් බබා"

බබා මෙයාගෙ තාත්තා වෙන්න ඇති! බබා....ලබ්බෙ බබා! නේත්‍රට බුදු සරණයි කියලා කෝල් එක කට් කරපු මම පරිස්සමින් එන්න කියලා මැසේජ් එකකුත් දාලා ෆෝන් එක සාක්කුවට දාගත්තෙ මේ ගෑනු මනුස්සයා කියන කතා ඇහිලා නේත්‍ර දුක් වෙන එක නවත්තන්න.මමයි දිව්දේත්‍රායි හිටිය තැන හරි පොඩි කොරිඩෝ එකක්.මේ ගෑනු කෙනාව මගෑරලා මම යන්න හැදුවත් ඒ මනුස්සයා කලේ අත් දෙක දෙපැත්තට කරලා දෙපැත්තෙ බිත්ති දෙක අල්ලගත්තු එක.ඇඳන් හිටිය පොඩි ටොප් එකත් ඒ කල වැඩෙන් උඩ ගිහින් බඩ එලියට පනිද්දි මේ ගෑනු කෙනා මම දිහා ඇසුත් හීනි කරං බැලුවා.

ඒ මනුස්සයා දන්නෑනෙ ඔහොම දැක්කට මට උත්තේජනය වෙන්නෑ කියලා.මම හිස් බැල්මෙන් ඒ මනුස්සයා දාන ඔක්කොම මායං ටික බලාගෙන හිටියා.මම දෙයියන්ට ස්තූතිවන්ත උනේ මට මේ වගේ කෙනෙක් ගැන ටේස්ට් එකක් නොදීම ගැන.හැකරැල්ලෙක් වගේ මේ ගෑනු මනුස්සයනම්.ඇත්තමයි!

"ඔයාට මම යන්න දෙන්නෑ බබා අද"

".........."

"ආශු බබාට කේන්ති ගිහින්ද! හව් කියුට් අනේ"

".................."

"ආශුට මම මීට් වෙන්න එන්න කිව්වට ආවෙ නෑනෙ....ඉතින් මම හොයාගෙන ආවා"

".................."

"හරි ලොකු ලයින් නේද බබාගෙ?"

"මම ඔයාගෙ බබා නෙවෙයි! ඔහොම හිටං ඉන්නවනම් ඉන්න.ඒත් කියවන්න එපා.හරි කැතයි කතා කිරිල්ල"

කං කරච්චලේ ඉවසගෙන ඉන්න බැරිම තැන කිව්ව මම ෆෝන් එක අතට අරං බොරුවට ඒක ඔබන්න ගත්තා.තෙවින් අර දිවාසට අනන් මනන් කිව්වට මේ මනුස්සයා එක්ක එක පැයක් තිබ්බනම් දිවාසගෙ කට හොදයි කියලා හිතෙයි.ඇත්තටම....මහ අනේ මංදා.අඳෝනා තියනව වගේනෙ.

"අදින් පස්සෙ බලන්නකො ආශු....ඔයාට මගෙ ලඟට එන්න වෙන්න වැඩ හෙමින් හෙමින් සිද්ධ වෙන හැටි"

දිව්දේත්‍රා කියන එව්වා කනට ගන්නෙ නැතුව මම ෆෝන් එකම බල බල හිටියා.අත් දෙක රිදෙන වෙලාවක පහලට ගනියිනෙ.එතකොට යන්න පුලුවන් මට මෙතනින්.මට මේ මනුස්සයව මරන්න තරං කේන්තියක් ආවත් මම ඉවසගෙන් හිටියෙ ගෑනු අයට අත උස්සන්න හොඳ නැති නිසා.නැත්තං මේ මනුස්සයා මගෙන් මැරුං කාලා හුඟක් කල්.

"ආශු.....මම දැක්ක හැන්ඩ්සම්ම මනුස්සයා ඔයා...."

හෙමීට හෙමීට කියන ගමන් මම ලඟට අඩි තියන්න ගත්ත දිව්දේත්‍රා මගෙ ලගට ලං වෙලා මගෙ උරහිසට අත තියන්න ඔන්න මෙන්න ලෑස්ති වෙද්දි මම දිව්දේත්‍රාව පැත්තකට කලේ හරි පිලිකුලකින්.මෙහෙම කෙල්ලො හැසිරෙනවද? අර උපාධ්‍යා,අරුන්දතී.....ඔක්කොම හරි කොළඹම ඉන්න නිදුකි? ආර්යට නිදුකි කැමතියි කියලා හොදට තේරෙනවා.ඒ උනාට ඒ කෙල්ලවත් මෙහෙම පහත්ව හැසිරෙන්නෑ.

"ආශු!!!"

කොරිඩෝ එක දිගේ එලියට ගිය මම එහෙම්මම ලියෝන්ලා හිටිය හරියට යද්දිනුත් දිව්දේත්‍රා මගෙ පස්සෙන් ඇවිදන් එනබව මට තේරුණා.

"ලියෝන්! වතුර බෝතලේ දෙන්න!"

ලියෝන්ගෙ අතේ තිබ්බ වතුර බෝතලේ උදුරගත්තු මම දිව්දේත්‍රාව ඇල්ලුව අත හෝදගත්තෙ ඒ මනුස්සයා දිහා බලන්නෙවත් නැතුව.ඒ තරමට මට ඒ කෙනාව අප්‍රසන්නයි.මම කොහොමත් නරක මිනිහෙක් නිසා ඒ ගෑනු මනුස්සයගෙ හිත රිදුනද නැද්ද කියන එක මට වැඩක් උනේ නෑ.මට ඒ කෙනාව පේන්න බෑ ඒක එච්චරයි!

එල්පීඑල් සමාරම්භක උත්සවේ පටන් ගද්දි අපේ ටීම්ස් පහම ග්‍රවුන්ඩ් එක ලග හිටියා.ප්‍රසිද්ධ ගායක ගායිකාවො වගයක් ඇවිල්ලා සිංදු කියලා ගියාට පස්සෙ නිල වශයෙන් මේක පටන් ගත්තා කියන එක දන්වලා පෙන්නුවෙ කුසලානෙ.හදිස්සියෙම මට ආසාවක් ආවෙ ඒ කප් එක අපිට ගන්න තිබ්බනම් කියන එක.ඒත් රිසව් ප්ලේයර් කෙනෙක් වෙලා මට ඕකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා මම කප් එක දිහා බලන්නැතුව අහක බලාගත්තා.

දිව්දේත්‍රා නිසා මගෙ ඔලුව ඇත්තටම විකාර වෙලා තිබ්බෙ.මහ අනේ මංදා.ඔච්චරටම මට කැමතියිනම් වද නොදි ඉන්න එපායෑ අර උපාධ්‍යා වගේ.නේත්‍රට කැමතියි.නේත්‍ර කැමති නෑ.වද දුන්නෑ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා ඒ කෙල්ල.මොනා උනත් රකිතට සෙට් උනොත් ඒක ඇත්තටම හොඳයි.ඒ කෙල්ලට හොඳ කෙනෙක් සෙට් වෙන්න ඕනි.

අනික් එක එතකොට එයා ආයෙ නේත්‍ර දිහා බලන්නෑනෙ...හිතන්නෙත් නෑනෙ.එතකොට තවත් හොඳයි.

දිව්දේත්‍රා දැන් හෝ ගාලා මගෙ දේවල් වලට ගැලපෙන්න වගේ කරන වීඩියෝස් දානවා.මේ ටිකේම ටික්ටොක් එකේ නට නට ඉන්නවා මගෙ නම්බර් එක තියෙන කලම්බු ටීම් ටී ෂර්ට් එකක් ඇඳලා.අපේ ටීම් එකේ අය මාව එව්වට මෙන්ෂන් කරනවා.ඔය නිසා මමත් ඔව්වා දකිනවා.මට මල පයිනවා.ෆෝන් එක බිත්තියකත් ගැහුවා එක දවසක් එපාම වෙලා.හොද වෙලාවට සනුක එවෙලෙ පැනලා ෆෝන් එක අල්ලගත්තා.නැත්තං ඒකෙ පාඩුවත් මටනෙ.

එයාට පෙන්නන්නම ඕනි මම හිතන්නෙ එයා මගෙ ගර්ල් කියලා.මටත් මගෙ කෙනාව පෙන්නන්න විදියක් නෑ කියන එක තේරුම් අරං ඒකෙන් දිගට හරහට දිව්දේත්‍රා ප්‍රයෝජන ගන්නවා.ඇත්තටම මම නේත්‍රව පෙන්නන්නද? ඒ පොඩි එකාගෙ ජීවිතේම අනතුරේ දාන්නද එහෙම කරලා? මට පෙන්නන්න වෙන කෙනෙකුත් නෑ.අනික මම එහෙම පෙන්නන්න ආසත් නෑ.කවදමහරි මම නේත්‍රව බය නැතුව මගෙ රැකවල් යටතෙ පෙන්නනකං ඔය දිව්දේත්‍රා වගේ ගෑනු අයට නට නට ඉන්න පුලුවන්නෙ.

අපේ ටීම් ලීඩර් සිලෙක්ට් කරගත්තෙ බෝලින්.මම ඉතින් රිසව්නෙ....මම ග්‍රවුන්ඩ් එකේ කොනට වෙන්න හදල තිබ්බ අපේ හට් එක යටට වෙලා හිටියා.ග්‍රවුන්ඩ් එකට යන්න පිටත් වෙන කට්ටිය අතරෙ හිටිය ගුර්බාස්ට තට්ටුවක් දාලා විශ් කරපු මම ලියෝන්ව හග් කරලා විශ් කලා.ලියෝන් ඇත්තටම ටීම් එකේ ඉන්න බුලට් එකක්.කාලෙත් එක්ක ලංකාවෙ දක්ෂම බෝලර් ලියෝන් උනොත් ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ.

සනුක පටන් ගැන්මට එකතු වෙලා හිටියත් පස්සෙ දෙවින්ලා ලඟට වෙලා ඉන්න පැවීලියන් එකට යනව කියලා මට කලින්ම කියල තිබ්බා.මිනිහගෙ ටීම් එක අද ප්ලේ කරන්නෑනෙ.මම පැවීලියන් එක දිහා බලාගෙන ගියේ නේත්‍රව පෙනෙයිද කියලා.ඒත් ඒ දාහකුත් සෙනග මැද නේත්‍රව හොයාගන්න අමාරු උනු නිසා මම ග්‍රවුන්ඩ් එක දිහා බලාගත්තා.නේත්‍ර කොතන හරි ඉදන් මම දිහා බලාගෙන ඇති.මම ඒක දන්නවා.

ෆස්ට් ඕවර් එක දීලා තිබ්බෙ ලියෝන්ට.ලියෝන් බෝල් එක අතට ගන්නවත් එක්කම අර ග්‍රවුන්ඩ් එක දෙපැත්තෙ ගහලා තියෙන ලොකු ස්ක්‍රීන් එකේ ලියෝන්ව පේනවනෙ.නොහිතුව විදියට ඊලඟට කැමරා එක ඇල්ලුවෙ පැවීලියන් එකේ ග්ලාස් රූම් එකේ හිටිය බිවේෂ්ව.බිවේෂ් කැමරා එකට අත වනලා හිනා වෙද්දි ආයෙමත් කැමරා එක ලියෝන්ගෙ පැත්තට හැරෙව්වා වගේම ලියෝන් එවෙලෙ හිටිය හිනාව තද කරගෙන.කැමරමන් බිවේෂ්ගෙ යාලුවෙක්ද දන්නෑ.

තරඟෙ ඉස්සරහට ඇදිලා යද්දි ඇත්තටම මට පුදුම හිතුනා.ඒ වෙන මුකුත්ම නිසා නෙවෙයි.ටීම් එකෙන් හරියට තරඟෙ ඇතුලෙ හිටිය එකම කෙනා වුණේ ලියෝන්.ගුර්බාස් කොහොමත් බෝලර් කෙනෙක් නොවුනු නිසා මිනිහා ෆීල්ඩින් හරියටම කලා.ලියෝන්ගෙ විකට් තුනකට අමතරව එකම එක අහම්බ විකට් එකක් විතරක් ගියා.ඒකත් ගුර්බාස් දඟලලා ගත්ත කැච් එකක් නිසා.මම හිටියෙ මාරම විදියට පුදුම වෙලා.මේ ටීම් එකේ හිටියෙ හොඳම බෝලර්ස්ලා සෙට් එකක්.ඒත් මේ වෙලාවෙ මෙයාලා ප්ලේ කලේ ස්කූල් ටීම් එකකටත් වඩා අන්ත විදියට.ඒ මදිවට ෆීල්ඩිනුත් මාරම විදියට අනාගත්තා.මම වගේම කලම්බු ටීම් එකට සපෝට් කරන්න ආව මිනිස්සුන්ගෙත් තිබ්බෙ  ලොකු බලාපොරොත්තු සුන් වීමක්.

"ලකුණු එකසිය හැත්තෑවක දැඩි ඉලක්කයක් හඹා යාමට කලම්බු ටයිගර්ස් කණ්ඩායමට සිදු වී තිබෙනවා"

මම හිටියෙ ඔලුවට අත් දෙකත් ගහගෙන.අද අපිට තරඟෙ තිබ්බෙ දඹුල්ල ටීම් එක එක්ක.ඇත්තම කිව්වොත් ඒකෙ හිටිය ප්ලේයර්ස්ලට වඩා අපේ අය මාරම ටැලන්ටඩ්.ඒ උනාට අපේ වචනෙන් කිව්වොත් වඩාගෙන ගැහුවා වගේ සිද්ධියක් මේ වෙලාවෙ උනේ.ග්‍රවුන්ඩ් එකෙන් එලියට ආව ලියෝන් අතේ තිබ්බ බෑන්ඩ් එකක් පොලවෙ ගහගෙනම මම ලඟින් ඉඳගත්තා.

"මොකද්ද ලියෝන් මේ උනේ?"

"මොකක්ම හරි මෙතන වෙනවා ආශව අයියේ.....මේක මේ අහම්බයක් නෙවෙයි"

"ඒ කිව්වෙ?"

"නිතිඳු.....දැනට ඉන්න හොඳම බෝලර්....මිනිහගෙ ඕවර්ස් ටික දැක්කද? මොකද්ද අයියෙ ඌ ඒ කලේ....ඌට බැටාලා දෙන්නා වඩාගෙන ගැහුවෙ"

"ඒකනෙ අනේ......අනික කැච් කීයක්නම් බෑවද?"

"අර වසීම් කාරයගෙ අතේ බෝක්කු වගේ....මට යන්න ගිය විකට් එකකුත් අතෑරියා ඌ....මොන මගුලක් වෙලාද මංදා"

"බැට් කලොත් හරි අපේ අය"

"අද මොකක් හරි මෙතන වෙනවා ආශව අයියෙ....ඊයෙ ඔයා ගියාට පස්සෙ ටීම් එකේ අය හම්බෙලා කතා කරලා තිබ්බා...ඒක මායි ගුර්බාසුයි දන්නෙ අද උදේ.අපි දෙන්නට එන්න කිව්වෙ නෑ....මට තේරෙන්නෑ ඇත්තටම"

තරඟ පාවාදීමක් වගේ එකක්වත් මෙතන වෙනවද?ඒත් ටීම් එකක්ම එහෙම කරන්නෑනෙ සාමාන්‍යෙන්.අනික මේක අලහකෝන් කාරයගෙ ටීම් එක....ඒ යකාට උඩින් යන්න හිතන කෙනෙක් මේ ෆීල්ඩ් එකේ ඉදියි කියලා මමනම් හිතන්නෑ.මේක අයිපීඑල් වගේ උනානම් ඔන්න එහෙම වෙන්න පුලුවන්.ඒත් මේක ලංකාව.ලංකාවෙ ක්‍රිකට් තනිකරම තියෙන්නෙ දිව්දේත්‍රාගෙ තාත්තා උනු අලහකෝන්ගෙ අල්ල උඩ කියන එක ඕනිම කෙනෙක් දන්න දෙයක්.

මම ප්ලේ කරන්නෙ නැති උනත් මට ලොකු පීඩනයක් දැනුනා.මට නේත්‍ර එක්ක කතා කරන්න ඕනිකමක් දැනුනත් ෆෝන් එක මගෙ අතේ තිබ්බෙ නෑ.මම රිසව් උනත් ඇතුලෙ ඉන්න කෙනෙක්ට ඉන්ජර්ඩ් උනොත් මාව දාන්න ඉඩකඩක් තියෙන නිසා මම වේලාසනින්ම මගෙ ෆෝන් එකත් ලියෝන්ගේ එක එක්කම බිවේෂ් ලඟට යැව්වා.මොකද ටීම් එක ඇතුලෙ ලියෝන් ඇරෙන්න ෆෝන් එක තියලා යන්න තරම් ශුවර් කෙනෙක් මට හිටියෙ නෑ.

බ්‍රේක් එකෙන් පස්සෙ ආයෙම මැච් එක පටන් ගත්තා.දඹුල්ල ටීම් එක ගේම් එකට එන්ටර් වෙලා තිබ්බෙ මාරම ගටක් එක්ක.ගටක් නෑවිත් තියේවියෑ අපේ ටීම් එක හාගත්තු හාගැනිල්ල එක්ක.ඕපන් බැටාලා දෙන්නා විදියට ගියේ ආදිත්‍යයි සවුත් ඇෆ්‍රිකන් ප්ලේයර් කෙනෙකුයි.වැඩි වෙලාවක් නොයා පුරුදු විදියටම ආදිත්‍ය බැට් එකත් වන වන ග්‍රවුන්ඩ් එකෙන් එලියට ආවෙ පලවෙනි විකට් එක යවාගෙන.

ආදිත්‍ය කියන්නෙ හරි ටැලන්ටඩ් මනුස්සයෙක්.ඇත්තටම මම ආදිත්‍ය ස්කූල් ප්ලේයර් කෙනෙක් වෙලා ඉන්න කාලෙ එයා ප්ලේ කල මැචස් පවා බලල තියෙනවා.ආදිත්‍යගෙ බැටින් වලට වඩා ඒ කාලෙ ඉදන්ම කොලිටි ෆීල්ඩින්.ඒ උනාට දැන් මිනිහා ඒකවත් හරියට කරන්නෑ.අදත් කැච් එකක්ම බෑවා.අනේ මංදා.ආදිත්‍යගෙ ෆේල් පීරියඩ් එක පටන් අරං තිබ්බෙ ගිය අවුරුද්දෙදි විතර.නෑ ඊටත් ටික කාලෙකට කලින් ඉදන්.මිනිහා ප්‍රැක්ටිස්වත් හරියට එන්නෑ.හැබැයි දැන් දැන් ටිකක් එනවලු ඉස්සරට වඩා.මට අනුන්ගෙ දේවල් වැඩක් නැති උනාට ආදිත්‍ය ගැන කතා වෙන එව්වා මම නිකමට හරි අහං ඉන්නෙ ඒ යකාගෙයි නේත්‍රගෙ අක්කගෙයි තියෙන සම්බන්ධෙ නිසා.ලාවට හරි නේත්‍රට සම්බන්ධ දෙයක්නම් මම ඒකට අවධානෙ දෙනවා.

"යකෝ විකට් යන යෑම බලපංකො"

"අවුල් අවුල් නේද.....ආශවේ....ඔයාගෙ අයි බෝයි ඇවිත්ද?"

"කට වහං ඉදපංකො ගුර්බාස්.....අයි අයි නෙවේ යැයි යැයි වෙලා තියෙන්නෙ....ආශව අයියෙ....පස් වෙනි විකට් එකත් යන්න යන්නෙ"

"ගුර්බාස්....උඹ ගේම ඇදපං හොදද....නැත්තං අපි පනහට ඕල් අවුට් වෙන ලයින් එකක් යන්නෙ"

"ගුර්බාස් ගේමෙ ගේමෙ...."

මුගෙ සිංහලනම් අනේ අම්මේ.....වචනයක් හොයාගෙන ඒක කොහොමහරි ගැට ගහන් කියෝනවා.හිතුවා වගේම පස් වෙනි විකට් එකත් යද්දි ගුර්බාස් හෙල්මට් එකත් දාගෙන ග්‍රවුන්ඩ් එකට බැස්සා.

එතනින් එහාට හිතට පොඩි සැනසීමක් දෙන ගමන් ගුර්බාස් බැට් කරන්න ගත්තා.යාන්තමට ලකුණු පනහෙ සීමාවට එනවත් එක්කම තව විකට් එකක් ගියේ ඕඩියන්ස් එකෙන් සූස් සද්දයක් ඇහෙද්දි.ගුර්බාස් ඒත් ගේම් එක අතෑරියෙම නැහැ.ඒත් තව ලකුණු පහක් ගන්නවත් එක්කම ඊලඟ විකට් එකත් යද්දි ගුර්බාස් උනත් සෑහෙන්න වැටෙනවා මගෙ ඇස් දෙකට පෙනුනා.දැන් ඉන්නෙ බෝලර්ස්ලා නිසා කොහොමත් අනික් විකර් තුනත් එක ලඟ යනවා කියන එක ඕනිම කෙනෙක්ට පැහැදිලිවම පේන්න තිබ්බ දෙයක්.

ඒත් එක්කම මගෙ පිටට කෙනෙක් තට්ටු කරනවත් එක්කම මම හැරිලා බැලුවෙ ඒ ලියෝන් වෙන්න ඇති කියලා.බිවේෂ් ලියෝන්ට ටිකක් එන්න කියලා කොල්ලෙක් අතේ එව්ව පණිවිඩයක් නිසා ලියෝන් එවෙලෙ එතන හිටියෙ නෑ.ඒත් මගෙ පිටිපස්සෙ හිටියෙ ටීම් එකේ කැප්ටන්.

"ආශව.....ඊලඟට ඔයා යන්න රෙඩි වෙන්න"

"ම්....මොකක්!!!!"

මට සද්දෙටම කියවුනේ හිතට ආව කේන්තිය නිසාමයි.මම රිසව් ප්ලේයර් කෙනෙක් නිසා කෝච්වත් ටීම් එකේ සීනියර් ප්ලේයර්ස්ලවත් මට එච්චරට ලොකු ට්‍රේනින් එක දුන්නෙ නෑ.අනික් පැත්තෙන් මම රිසව් අයගෙනුත් හිටියෙ තුන් වෙනි තැන.ඔක්කොමත් හරි මෙතන ඉන්නෙ වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා! හරිහමන් පුහුනුවක්වත් නැතුව මම කොහොමද එයාලට මූණ දෙන්නෙ? ලියෝන් කිව්වා හරි.මෙතන අද ලොකු අවුලක් වෙනවා!

"අර්ජුන ඉන්ජර්ඩ්....ඔයා යන්න"

"මම කොහොමද? මම ලෑස්ති නෑ"

"නිදහසට කාරණා ඕනි නෑ ආශව....ලීඩර් විදියට මම කියන දේ ඔයා කරයි කියලා මම හිතනවා"

මම බැලුවෙ ග්‍රවුන්ඩ් එක දිහා.දැනුත් ගුර්බාස් එක්ක පාර්ට්නර්ශිප් එක හදන් ඉන්නෙ මේන්ලි බෝලර් කෙනෙක්.එයාලාගෙ විකට්ස් කොහොමත් යනවා.මම හීනෙන් වගේ නැගිටලා ගියේ ඩ්‍රෙසින් රූම් එකට.ගාඩ්ස් ටික හරියට දාගත්තු මම පෑඩ්සුත් දාගෙන බැට් එක අතට ගත්තා.මගෙ හිතට අමුතුම හයියක් ආවෙ ඒකෙ තිබ්බ අත්සන් හය නිසා.අපි හය දෙනාගෙ අත්සන් හය! හිතට හයිය ගත්ත මම එලියට එද්දිම ආයෙමත් අනවුන්ස්මන්ට් එකක් යන්න ගත්තා.

හරියටම ලකුණු පනස් පහක් වෙද්දි අපේ අටවෙනි විකට් එකත් බිඳිලා ඉවරයි.මම බවුන්ඩ්‍රි එකට කිට්ටු වෙද්දිම ග්ලාස් රූම් එක පැත්තෙ ඉදන් දුවගෙන ආව ලියෝන් මට මොනාහරි කියන්න වගේ හැදුවත් සිකියුරිටි එකෙන් ලියෝන්ව නවත්තගත්තා.ග්‍රවුන්ඩ් එකට මම පය ගහද්දි පවා මුළු ග්‍රවුන්ඩ් එකේම තිබ්බෙ මාරම නිහැඬියාවක්.මම අලුත් කෙනෙක්.අලුත් මූණක්.ඕඩියන්ස් එකෙන් චියර් එකක් නොනැගෙන එක පුදුමයක් නෙවෙයි.දෙනෝදාහක් මැද නේත්‍රව හොයන එක අමාරු උනු නිසා නේත්‍ර අතේ බැන්ද පිරිත් නූල දිහා බලාගත්තු මම මගෙ පපුව උඩ තියෙන නේත්‍රගෙ මුද්ද එකපාරක් පපුවට තද කරගෙන ග්‍රවුන්ඩ් එකට බැස්සෙ ග්‍රවුන්ඩ් එක දකුණු අතින් අල්ලන ගමන්මයි.සෑහෙන්න නිහඬ ග්‍රවුන්ඩ් එක මැද්දෙන් මම පිච් එකට යමින් ගමන් හිටියත්,

"සුදුබේබි කමෝන්!!!!!"

නේත්‍ර!!! පලවෙනිම ඔල්වරසන පුරුදු විදියට එයාගෙන්ම වෙද්දි මම කදුළු පිරුණු ඇස් වලින් පැවීලියන් එක දිහා බැලුවෙ ඒ හඬ ආව පැත්ත.

"ආසව ගහපාංං!!!"

"ආශවයා කමෝන්!!!"

මගෙ ඇස් පැවීලියන් එකේ එක තැනක නැවතුනා.මගෙ පුංචි කොල්ලා! එයාගෙ බලාපොරොත්තුවක් අද ඉෂ්ට උනා.එයාට ඕනි උනා එයාගෙ සුදුබේබි මෙහෙම ලොකු මැච් එකක ප්ලේ කරනවා බලන්න.එයාගෙ සුදුබේබි දිනනවා බලන්න.මම ඒ දේ කරයි කියන විශ්වාසෙන් වගේම ඒකට ඕනි ශක්තිය මට ලැබෙන්නේ එයාගෙන් කියලා දන්න නිසාම නේත්‍ර හයියෙන් කෑ ගගහා උඩ පනිනවා.

ඒ ලඟම හිටියෙ දෙවින්.දෙවින්ගෙ අතේ මගෙ නම්බර් එක ගැහුව බෝඩ් එකක් තිබුණා.දෙවින් ඒක උස්සන් කෑ ගහද්දි ඒ ලගම හිටිය දෙනෙතුත් ඒකට අත් උදව් දෙන ගමන් හිටියා.ඊටත් එහා පැත්තෙ හිටියෙ දිවාස.ඌ හිටියෙ තෙවින්ගෙ කරට නැගලා.කොටෙක්නෙ ඉතින්.දිවාසත් බෝඩ් එකක් උස්සන් කෑ ගහනවා.තෙවිනුත් එහෙම්මයි.මගෙ හිතම පිරුණා වගේ උනා.

මගෙ පවුල! පවුලක් කියන හැඟීම මට දුන්නු මගෙම උන් ටික!

ඊට පිටිපස්සෙන් සනුක රකිත උපාධ්‍යා ආර්ය නිදුකි ඉන්දීප අරුන්දතී හිටියා.එයාලත් මම වෙනුවෙන් චියර් කරන ගමන් හිටියෙ.නිහඬ ඕඩියන්ස් එකක් මැද කිසිම බයක් නැතුව එයාලා හැමෝම මම වෙනුවෙන් කෑ ගහන ගමන් හිටියා.ඒත් එක්කම උඩ බැලුව මගෙ ඇස් වලට මගෙම වගේ ඇස් දෙකක් හම්බුනා.ඒ මනුස්සයත් ඇවිත්? දෙයක් හිතන්න කලින් ඒ ඇස් දෙක සෙනඟ ගොඩේ අතුරුදන් වෙලා තිබ්බා.

පිච් එකට ගිය මම හරියටම විකට් ටික ඉස්සරහින් හිටගත්තා.කකුලෙන් ටිකක් එතන හදාගත්තු මම ආයෙම ලොකු හුස්මක් පහල දාලා බැට් එක හයියෙන් අල්ලගෙන ඇස් පියාගෙන මවාගත්තෙ නේත්‍රව.නේත්‍රගෙ බලාපොරොත්තු සහ විශ්වාසෙ පිරුණු ඇස් දෙක.බෝලෙ වේගෙන් මගෙ පැත්තට එනවා දැක්ක මම බැට් එකෙන් පාරක් ගැහුවා.ඔව්! මම වෙනුවෙන්....නේත්‍ර වෙනුවෙන්....අපි දෙන්නම වෙනුවෙන් මම මේක කරනවා!

"ඔව්! ආශව තිදස්වරගෙන් වේගවත් ලකුණු හතරක්! ඔහු තරඟයේ පෙරලුම්කාරයා වේවිද ජනිත්?"

"ක්‍රිකට් කියන්නෙ හරි අවිනිශ්චිත ක්‍රීඩාවක් සකුණ....ආශව එල්පීඑල් වලට නව මුහුණක් උනාට ඔහු පාසල් ක්‍රිකට් වංශය තුල කැපී පේන නමක් තැබූ ක්‍රීඩකයෙක්! අපි බලමු ඔහු යම් පෙරලියක් සිදු කරාවිද කියන එක"

හරියටම මේ වෙද්දි ඕවර්ස් හයක් ඉවර වෙලා තිබ්බා.තව ඕවර්ස් දාහතරකදි ලකුණු එකසිය පහලවක් ගන්න ඕනි!විකට්ස් තියෙන්නෙ දෙකයි! මට පුලුවන් වේවිද?

"මගෙ සුදුබේබිට පුලුවන්"

හැමදාම මම වැටෙන වෙලාවල් වල මාව හයියෙන් අල්ලගත්තු නේත්‍රගෙ වචන මට එවෙලෙත් මතක් උනා.ඔව්.....මට පුලුවන්.

බෝල ආවා...මම ගැහුවා....මම දිව්වා....මගෙ ඔලුව හරියටම මෙතනට ෆෝකස් වෙලා තිබ්බෙ.වෙන කිසිම බාහිර දෙයක්,අඩුම මිනිස්සු චියර් කරන සද්දෙවත් මට ඇහුනෙ නැහැ.ඒත් එකපාරටම මම ගැස්සිලා හරි සිහියට ආවෙ ගුර්බාස් මාව හග් කරපු නිසා.

"ආශව තිදස්වර මේ මොහොතේ ඔහුගේ මංගල අර්ධ ශතකය රැස් කරනවා!"

මේ මගෙ පලවෙනි එල්පීඑල් මැච් එක.මට මම ගැන ආවෙ නිහතමානී ආඩම්බරයක්.මේ දේවල් මගෙයි නේත්‍රගෙයි මහන්සිය.අපි දෙන්නගෙ දාඩිය කදුළු.එදා පැවීලියන් එකෙ පඩිපෙල් උඩම නින්ද යන පුංචි නේත්‍ර මම ලග නොහිටියනම් මට මෙහෙම දක්ෂයෙක් වෙන්න බැහැ.අතරමගදි මම අනිවාර්‍යෙන්ම කඩාගෙන වැටෙනවා.ඒත් මම හැමදාම මගෙ පස්සෙන් කෙනෙක් ඉන්නවා කියන හයිය එක්ක ඉස්සරහට ගියා.මම ආදරෙයි නේත්‍ර.උඹ වෙනුවෙන් පණ උනත් දෙන්න පුලුවන් තරමට සුදුබේබි ආදරෙයි.

පුරුදු විදියට බැට් එක උඩට ඉස්සුව මම අද නේත්‍රලාගෙ පැත්තට ඒ බැට් එක දික් කලා.තවම සෙල්ලම ඉවර නෑ.ආයෙමත් මම ගේම් එකට එන්ටර් උනා.මේකට ෆෝකස් කලා.මේකනම් දිනන්නම ඕනි ගේම් එකක්.මම මටම පොරොන්දු උනා.මට දෙයක් කරන්න ඕනි උනොත් කොහොම හරි කරනවා.ඔව් මම ඒක කරනවා!

මගෙන් එක දිගට හයේ පාරවල් හතරෙ පාරවල් වදිද්දි දඹුල්ල ටීම් එක සෑහෙන්න පහුබහිනවා මට දැනුනා.පැවීලියන් එක පැත්තෙන් මගෙ නම කියල චියර් කරන්වා මට ඇහුනා.නේත්‍රත් කෑ ගහනවා ඇති.එයාට කොහොමත් ඕනි උනේ මම ප්ලේ කරන දිහා බලලා චියර් කරන්න.

"ආශව තිදස්වර පෙරලිකාරයෙක් කියලා අපි හිතුව දේ වරදක් නෙවෙයි වගේ නේද සකුණ?"

"ඔව් ජනිදු......ආශව තිදස්වරගෙ ආගමනය එක්ක තරඟෙම කණපිට පෙරලුනු වගක් අපිට දක්නට....ඔව්!!!!! මේ අවස්ථාවේ ආශව තිදස්වර ඔහුගේ මංගල ශතකය ලබා ගැනීමට සමත් වෙනවා!!!"

මම කෙලින්ම නේත්‍රලා ඉන්න පැත්තට හැරුණා.ඔව්....මේකෙ අයිතිය ඔයාටත් තියෙනවා නේත්‍ර.බැට් එකයි හෙල්මට් එකයි දෙකම උඩට ඉස්සුව මම හෙල්මට් එක බිමින් තියල නේත්‍රගෙ මුද්ද එලියට අරං හාද්දක් දුන්නා.හෙල්මට් එක දාගත්තු මම බැට් එකෙන් මගෙ ටී ෂර්ට් එක පිටිපස්සෙ තියෙන නම්බර් එක පෙන්නලා නේත්‍ර හිටිය දිහා බලාගෙන මගෙ ඔලුව නවද්දි මම දැක්කා නේත්‍ර අඬාගෙන දිවාසගෙ උරහිසේ මූණ හංගගන්නවා.ඔයාට මේ ගරු කිරීම ලැබෙන්නම ඕනි නේත්‍ර.ඔයා නැත්තං අද මෙහෙම ප්ලේයර් කෙනෙක් මෙතන නැහැ.

"තව ලකුණු දොලහක් අවශ්‍යයි තරඟ ජයග්‍රහණයටනම්....ඕවරයක්ම ඉතිරිව තිබෙනවා....අපි බලමු නේද?"

"ඔව්.....ලකුණු සියයක්වත් ලබා නොගෙන පරාජය වීමට තිබූ තරඟයක් ඇස් පනාපිටම කනපිට වැදුනු හැටි හරි ලස්සනයි සකුණ.....ආශවට ඒ සඳහා ගුර්බාස්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා"

"ඔව් ඇත්තටම ජනිදු...ගුර්බාස්ගෙ සහය ආශවගෙ මේ පෙරලිකාරීත්වයට ඉතා හොඳ තල්ලුවක් උනා....."

තරඟෙ අන්තිම ගුර්බාස් එයාගෙ අතට ගත්තු වගක් මට තේරුනා.එක බෝල් එකක් ලඟ දැම්මත් එක පිට ඊලඟ බෝල් තුනට හතරෙ පාරවල් තුනක් එක්ක ගුර්බාස් තරඟෙ ජයග්‍රාහී ලකුණ පාස් කලා.ඒත් එක්කම නිල් රෝස කොල වගයක් ඕඩියන්ස් එකෙන් උඩ යද්දි මුළු ග්‍රවුන්ඩ් එකම හෙල්ලෙන තරම් ලොකු සද්දයක් අපිට ලැබුනා.ටීම් එකේ අය අපි ලඟට දුවගෙන ආවත් බැට් එක බිම දැම්ම මම හෙල්මට් එකත් ගලව ගලව දිව්වෙ පැවීලියන් එකට.මම එනවා දැක්ක නිසාමද කොහෙද නේත්‍රයි දෙවිනුයි දෙන්නා පැවීලියන් එකයි ග්‍රවුන්ඩ් එකයි වෙන් කරලා තියෙන වැට උඩින් පනිද්දි අනික් අයත් එහෙම පයිනවා මම දැක්කා.

"සුදුබේබි දින්නා!!!"

"ආශවයා උඹ ගේම ගැහුවා!!!"

මම ලඟට දුවගෙන ආව නේත්‍රයි දෙවිනුයි දෙන්නම මාව තුරුල් කරගනිද්දි මමත් හයියෙන් ඒ දෙන්නව තුරුල් කරගත්තා.නේත්‍ර මගෙ පපුවට තුරුල් වෙද්දි දෙවින් මගෙ උරහිසකට තුරුල් වෙලා හිටියා.ඒත් එක්කම අනික් රංචුවත් ඇවිල්ලා අපිව වටකරගනිද්දි මම ලාවට වගේ දැක්කා අපිව අර ස්ක්‍රීන් එකට වැට්ලා තියෙනවා.කොහෙ හරි දුවං ආව ලියෝනුත් අපේ ඇඟට පනිද්දි මම ඌ එක්කත් හිනා උනා.ටීම් එකේ හැමෝම ටීම් එක එක්ක සෙලිබ්‍රේට් කරද්දි මම සතුට හෙව්වෙ මගෙම මිනිස්සුන්ගෙන්.

හැමදේම හොඳින් වෙයි.මගෙ පපුව නේත්‍රගෙ උණු කදුළු වලින් තෙත් වෙනවා මට දැනුනා.එයාට සතුටු ඇති.එයාගෙ සුදුබේබි අඩියෙන් අඩිය ඉස්සරහට තියද්දි එයාට නැතුව වෙන කාට සතුටු හිතෙන්නද?

අපි හිනා උනා.හයියෙන් හිනා උනා.මම නේත්‍රව මගෙ පපුවට හයියෙන් තුරුල් කරං ඉද්දි දෙවින්,දිවාස,දෙනෙත්,තෙවින්,ආර්ය,සනුක,රකිත,උපාධ්‍යා,නිදුකි,අරුන්දතී,ලියෝන්,ඉන්දීප....හැමෝම අපි දෙන්නා වටේ පවුරක් විදියට බැඳිලා හිටියා.

...................................................................................................

වචන 12 000+ 😭

ඔන්න ජයග්‍රාහී සියය🥺

අම්මෝ මට හිතාගන්න බෑ එච්චරටම දුරක් ආවද කියලා සහ මාව බබාලා අතෑරියේ නැති එකට හුඟක් ස්තූතියි🥺❤️

ඔන්න ජයග්‍රාහී සීයෙදි ආශව එයාගෙ ජයග්‍රාහී සීය ලබාගත්තා🙈❤️

අර චරිත වලට කතා කරන්න දෙන එක හෙට අනිද්දට දාන්නම්❤️ ඔයාලා එයාලගෙන් කැමති ප්‍රශ්නයක් අහන්න....කැමති දෙය්ක් කියන්න.

එයාලා ඔයාලට රිප්ලයි කරනවා❤️✨️

අදත් අදහසක් දීගෙන යන්න බබාලා🥺

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter