Chapter 1 of 2

Black knight

Black knight [ Mafia Mystery ]1,400 words~7 min read

“තව මිනී මැරුමක් තව මීනීමැරුමක් ... මේවා නතර වෙන්නේ කොහෙන්ද... "

මදක් තරබාරූ සිරුරකට හීමීකම් පෑව කාටර් වේගයෙන් තම මේසයට පහරක් ගැහූවේ තම කෝපය එයීන් වත් නිමේවී යැ'යී බ්ලාපොරොත්තු වූවා සෙයී.

එක පිට එක මාස 4 ක් ඇතුලත සිදුවන මිනීමැරුම් ජාලය දැන් මුලූ ලන්ඩන් නුවරම භීතීයට පත් කර හමාරය. එක පිට එක මිනී මැරුම් 15 ක් මාස 4 ක් ඇතුලත.

ඔහූගේ කාර්‍ය්රාලය  තුලට පැමිනී පොලිස් නිල්දාරියකුට දකින්නට පුලුවන් වූවේ සැම තැනම ඇද දැමූ ෆයිල් ගොඩක් මැද රත් පැහෑ මූහුනක් සහිතව ඉන්න තම උසස් නිලදාරියාවයී

මෙවර කාටර් ගේ කෝපය එල්ල වුනේ එම නිලදාරියා වෙතය.

" සර් "

කියමින් තම උසස් නිලධාරීයාට ආචාර කල ඔහූ

" ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකෙන් හදීසී ඇමතුමක් ආව. ඒ ගොල්ලෝ මේ මිනි මැරුම් ජාලය කරන දාම ඝාතකයාව හොයන්න රහස් පරික්ශකයෙක් තෝරලා. "

" ඒ කව්ද "

එම පනීවිඩය කාටර් ට ගෙන ආවෙ තවත් කොපයක්. මෙම මීනීමැරුම් ජාලය තමාට විසදගැනීමට නොහැකි වීම තමන්ගෙ දුර්වල කමක් නොවෙද ?

" ජේක් ස්මීත් "

" අර සුප්‍රසිද්ධ රහස් පර්ක්ශකයා "

කාටර් ඇසූවෙ පුදුමයට පත් වය

" ඔව් සර්. ඒ වගේම එයගේ සහයට ලන්කාවෙ ඉදන් ආව පොලීස් නිලදාරියා රශ්මික පීරීස් වත් පත් කරලා "

" ඔය මුලූ පනීවීඩයද "

" ඔව් සර් "

" හරී දැන් මෙතනින් යන්න පුලුවන් "

මේ උසස්වීමක් ලබා ගන්නට තිබූ අවසන් අවස්තාව නැතීවී යාමක් නොවෙද ? කාටර් ගේ හිතේ තිබූ කෝපය තවත් වැඩී ගියේ සිතට දැනූනූ දැඩී වේදනාවක්ද සමගීනී

........................................

පසූ දීන උදෑසන

ජෙක් කියන්නෙ අවුරුදූ 28 ක , අඩී 5'9 විතර උස , උසට හරීයන මහතක් තියන සුදු කෙනෙක්. කොහොමටවත් පෙනුමෙන් රහස් පරික්ශකයෙක් වගෙ නොපෙනුනූ ඔහූ කවුරුත් සිතුවා වගේම ධනවතෙකූගේ පුතෙක් වූ අතර ඔහූද ධනවත් ව්‍යාපාරික යෙක් විය. ඔහුට ඉන් ලැබුනූ වරප්‍රසාදත් තම රහස් පරික්ශනය රැකීයාව සාර්තකව සිදූකරගෙන යාමට බෙහෙවින් උපකාරී විය

ඒ වගේම ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකේ ඉන්න දක්ශතම රහස් පරීක්ශකයා ඔහූ. එ වගෙම එයාගෙ සහයට ස්කොට්ලන්ඩ්‍යාර්ඩ් එකේන් යොජන කරලා තිබුන පොලීස් නිලදාරියා ලන්කාවේ ඉදන් පුහුනුවකට එන්ගලන්ත පොලිසීයට ගිය කෙනෙක්. නමින් ඔහූ රශ්මීක පීරීස් උස අඩී 5'7 පමන වුන ඔහු ද දක්ශ පොලිස් නිලදාරියෙක් විය..

ඔවුන් දෙදෙනාම උදෑසනම කාටර් ගෙ කාර්‍යාලය ට පැමීනීයේ මේම පර්‍යේශනයට අදල වාර්ත සොයා ගැනීමට මෙන්ම තමාගෙ පර්‍යෙශන සහයකයාව හදුන ගන්නටයී

" සුබ උදෑසනක් "

කාටර් දෙදෙනාවම එසේ පිලී ගත්තත් ඔහූ සිටීයේ එතරම් හිත හොදකින් නොවන බව දෙදෙනාටම වැටහීනී.

ජේක්, කාටර් ගේ මෙසය මත තිබුන පෙර දීන ඝාතනය කරන ලද පුදගලයාගේ වාර්තාව අතට ගෙන කාටර්ගේ ඉදීරීපසෙ අසූනේ අසුන්ගෙන් එය කියවන්නට වුනේ කාටර් හා රශ්මීක මුනෙන් මූන බලා ගන්න අතරතුරය.

ඔවුන් දෙදෙනද අසුන් ගත් පසූ

" ඊයේ නම් මරලා තිබ්බේ නිරපරාදේ පෝසත් මනුස්සයෙක්. ඒ මනුස්සයා මනුස්සයා අපරාද වලටවත් සම්බන්දයක් නෑ. හරීම හොද මනුස්සයෙක් '

කාටර් කියන්නට වූයේ ජේක් දෙසද බලමීනී

"කිසීම කෙනෙක් කරන රැකීයාවෙන් වත් පෙනුමෙන් වත් කාවවත් මනින්න එපා කාටර් මහත්තයා . මොකද ලෝකේට පේන්න කොච්චර හොද වුනත් කෙනෙක් ගෙ අදුරූ පැත්ත කාටවත් පේන්නේ නෑ. ඒ පැත්ත දාම ඝාතකයෙක් වෙන්නත් පුලුවන් "

ජේක් කීවේ කාටර් දෙස නොබලමීනී .

" මිනිස්සූ හිතන්නේ මේක පොලීසීයේ වැඩක් කියලා. මොකද මුලින්ම මැරුනූ ඔක්කොමලාම නීතියෙන් පැනලා ගිය අය. එක්කෝ අල්ල ගන්න බැරී වුන මහා පරීමාන අපරාධකාරයෝ . ඒත් අන්තිමට මැරුන පස් දෙන ඔය කීසීම දේකට සම්බන්ද නොවුන අය. ඒ නිස මිනිස්සූ බය වෙලා

මුලින් ජාතික විරයෙක් වගේ සලකපූ ඒ මනුස්සයාව දැන් අපරාදකාරයෙක් කරලා . දාම ඝාතකයෙක් කරල. එ මනුස්සයා එය මරපූ හැම කෙනා ගාවම මේ chess board වල ඉන්න black knight ව දාලා යනවා . ඒ නිසාම මිනිස්සු එයාව black knight කියලා අදුන්වන්නේ "

" ජාතික විරයෙක් නෙමෙයී කවුරූ උනත් මොන හේතුවකටවත් ඒ විදිහට නීතීය අතට ගන්න දෙන්න හොද නෑ . මොකද එහෙනම් රටකට නීතීයක් වැඩක් නෑනේ "

තමන් අතේ තිබ්බ ෆයිල් එක වහලා ආයම මේසේ උඩ තිබ්බ ජේක් කීවා

" ම්ස්ටර් රශ්මික පිරිස් ඔයා මෙ කේස් ටික study කරාද "

ජේක් ඇහුවේ රශ්මික දිහා බලා ගෙනමයී

" ඔව් සර් මම study කලා "

" එහෙනම් ඊයෙ මර්ඩර් එක වුන තැනට යමූ "

කියලා රශ්මීකට කියන ගමන් ජේක් නැගිට්ටා ..

" මට ජේක් කියල කතා කරන්න රශ්මීක . මොකද දැන් ඔයා මගේ මේ ඩියුටී එකේ සහයකය "

" හරී සර්... සමාවෙන්න ජේක් "

" රශ්මීක මම සාමාන්‍යයෙන් පරික්ශන කරන්නේ තනියම . මේ තමා මට පාර්ට්නර් කෙනෙක් ලැබුන පලවෙනී පාර මම හිතනවා ඔයා මට උපරීම උදව් කරයි කියලා "

" ඔව් ජෙක් මම උපරිම උදව් කරනවා "

මුලින්ම මරනය සිදූ කර තිබූ තැනටත් අනතුරූව මිය ගිය පුද්ගලයාගේ සිරුර පරික්ශා කිරිම් වලටත් ගිය ඔවුන් දෙදෙනා ජේක් ගේ වාහනයට ඇතුලූ වුනේ පරික්ශනයේ ඉදීරී වැඩ කටයුතූ ජෙක් ගේ කාර්‍යාලයේදී නිම කරන්නට තිබුනූ බලාපොරොත්තු වත් එක්කමයී

වාහනයේ රියදුරූ අසුනට නැගගත් ජෙක් තමාගේ එහා පැත්තේ වාඩී වී සිටී රශ්මීක සමග කතාවට වැටුනේ පර්‍යේශනයේ ඉදීරී කටයුතූ ගැනයී

“ ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ රශ්මීක “

“ මේ අපරාදකාරයා හරිම සූක්ශමව තමන්ගේ අපරාද කර ගෙන යන කෙනෙක් . කීසීම සක්ශියක් නෑ. හොද්ම දේ කියන්නේ අන්තිමට මැරුනූ 5 දෙනා ඇරුනාම අනික් ඔක්කොමලා මැරීලා තියෙන්නේ හරීම කිසීම බයකින් නෙමෙයී . අන්තිමට මැරිලා තියන 5 දෙනාම අපරාදකාරයාට බය වුන පෙනුම මුනෙන් ම පෙනවා. මේ පින්තුර වලිනුත් ඒක පෙනවා. “

කියමින් තමන් අතේ තිබුනූ පින්තූර කිහිපය අතට ගෙන පරීක්ශා කරමීන් රශ්මීක කීවා

“ ඒ කියන්නේ පලවෙනී 10 දෙනාම අපරාදකාරයා ගැන විශ්වාසයක් තිබිලා තියෙනවා . මැරෙන්න බයක් තිබිලා නෑ “

ඉදිරිය බලාගෙනම රිය පදවන ගමන්ම ජේක් කීවා

“ එහෙම නැත්තම් එයාලා ඒ මරනය බාලාපොරොතූ වෙලා තිබිලා තියෙනව. අඩුම පැනලා යන්නවත් උත්සහා කරලා තියනවා කියලා පේන්නේ නෑ. “

“ එහෙම වෙන්නත් පුලුවන් “

"මුල් මිනී මැරුම් වුන තැන තිබිලා හම්බ උන චෙස් ඉත්තන් ගේ වම් අත පැත්තේ හරීම සියුම් විදිහට fire mark එකක් ඇදලා.. මේ ලගදී උන මිනිමැරුම් ලග තිබිලා හම්බ උන චෙස් ඉත්තන්ගේ දකුනු අත පැත්තේ තමා මේක ඇදල තියෙන්නෙ.

මම හිතන්නේ ක්ශුද්‍ර චිත්‍ර වලට කැටයම් වලට එහෙම දක්ශ කෙනෙක්  ගේ වැඩ්ඩෙක් මෙ චෙස් ඉත්තො හදලා තියෙන්නේ "

" කෝ දෙන්න බලන්න "

කියමීන් තමා එලවමීන් හිටපූ වාහනය හීමිට පාරේ පැත්තකට කර නතර කරපූ ජේස් ඒ චෙස් ඉත්තෝ අතට අරන් හරීම කල්පනාකාරිව අරන් පරීක්ශා කරලා බැලුවා

" මේ චෙස් ඉත්තො විශේශයෙන්ම කියවල හදපූවා වෙන්නත් පුලුවන් . ඉතින් එහෙම නම් මේක හදපූ කෙනව හොයා ගත්තොත් අපීට අපරාදකාරයා ගැන විස්තර හොයා ගන්න එක ලේසී වෙනවා

සසමහර විට මෙතන අපරාදකාරයො දෙන්නෙක් ඉන්න පුලුවන් . නැත්තම් අවදානේ අහකට යවන්න මෙතන දෙන්නෙක් ඉන්නවා කියන්න අපරාදකාරයා උත්සහා කරලා තියෙනව වෙන්නත් පුලුවන් "

ඒ චෙස් ඉත්තෝ ඉතාම පරිස්සමෙන් එයාගේ අතටම දිපූ ජේක් ආපාහූ වාහනය එලවන්න ගත්තා

" එහෙම වෙන්නත් පුලුවන් ජේක්. පොඩ්ඩ්ක් ඉන්න බලන්න…. මේ මිනිමැරුම් වුන පිලීවල බලනකොට "

කියන ගමන් රශ්මීක තමන්ගේ පොකට් එකේ තිබ පොඩී පොකට් මැප් එක අතට අරන් ඒ තැන් මාක් කරල පිලීවලට යා කරන්න පටන් ගත්තා

" ඔයාට මේක පේනවාද ජේක් "

කියන ගමන් රශ්මීක තමන්ගෙ අතේ තිබුන මැප් එක එයාට පෙන්නන්න ගත්තා

" මේ මාර්ක් එකේ මෙන්න මෙතන තියන තැන් ඔක්කොම වුන පිලීවලට යා කරාම අර චෙස් ඉත්තාගේ තියන fire mark එක හැදෙනවා.

මෙන්න මෙතන තව එක මිනීමැරමක් උනොත් මාක් එක කම්ප්ලීට් . එහෙම බැලුවොත් ඊලග මිනී මැරුම වෙන්නෙ... "

" දෙවියනේ... නගරේ මේ පැත්තේ ... "

ජැස් රශ්මික කියන්න ගිය කතාව සම්පූර්ණ කරා.

" හරියටම හරී "

" අපීට මීනීමැරුම වෙන දවස තමා දැන් හොයා ගන්න තියෙන්නේ. එහෙනම් පටන් ගමූ . ඒත් කවදාද “

එක පාරටම වාහනය අතුරූපාරකට හරවන ගමන් ජේක් කීවා.

“ මේ මිනීමරූවා මිනීස්සූ මරාගෙන ගිය පිලීවලට

පලවෙනී මීනී මැරුම් 6 සිද්ද වෙලා තියෙන්නේ දවස් 4 ක පරතරයෙන් .

ඊලග මීනීමැරුම් 5 වෙලා තියෙන්නේ දවස් 3 ක පරතරයෙන් .

ඊලග මිනී මැරුම් 4 සිද්ද වෙලා තියෙන්නේ දවස් 2 පරතරයෙන්

ඊලග මිනී මැරුම මේ පීලිවලට අද දවස ඇතුලත වෙන්න ඔන…

අනේ දෙවියනේ අපී ඉක්මන් කරන්න වෙයී ජේක් ඒ මිනිමටුවා තව කෙනෙක් ව මරන්න කලින් “

ඒත් එක්කම ජෙක් වාහනය ආපාහූ සැරයක් ප්‍රධාන පාර දීහාට එන විදිහට එක පාරක් වාහනය හැරෙව්වා.

“ ඔහ් ශෙක් “

කියමින් වේගයෙන් සූක්කානමට පාරක් ගහපූ ජෙක් ඒත් එක්කම වාහනයෙ වෙගය වැඩි කරලා එක පාරකටම කවුරුත් නැති අතුරුපාරකට වාහනය හැරෙව්වේ හිතා ගන්නවත් බැරී වේගයකින් . ඒ වාහනය හරවපූ වේගයට ශිට් බෙල්ට් එකක්නොදාන හිටියා නම් රශ්මික ඒ වාහනයේ ඉදිරීපස කන්නාඩියටම වැදිලා ලොකූ තුවාලයක් වුනත් ඇති වෙන්න පුලුවන් කමක් තිබුනා.

“ මොකද එක පාරටම වුනේ ජේක් “

ජේක් ගේ නොහිතපූ රිය පැදවිල්ලට පුදුම වුන රශ්මීක ඇහැව්වා

“ මම හිතන්නේ අපෙ දාමඝාතක යාලුවාව අපීට හම්බ වෙන ලගයී “

එත් එක්කම කොහේද ඉදන් ආව කලූ පාට විශාල සුපෝකභෝගී කැබ් රියක් එයාලාගේ වාහනයට තව ඉස්සරහාට යන්න බැරී වෙන්න එක පාරම පාර අවහීර වෙන්න නතර කලා. ඒත් එක්කම පිටි පස්සෙන් ආව වාහනයකුත් රශ්මික ලා ගිය වාහනය පිටීපස්සෙන් හිර කලේ එයාලාට යන්න බැරී වෙන්න පාර හිර කරන ගමනුයී. පාර දෙපැත්තේම තිබුන විශාල තාප්ප නිසා ජෙක් සහ රශ්මික ගිය වාහනය හරවන්න තැනක් තිබුනෙත් නැ.

“ මොන දේ වුනත් වාහනයෙන් බහින්න එපා “

කියන ගමන් ජේක් එයාගේ ශීට් බෙල්ට් එක ගලවගෙන එක පාරටම එලියට බැස්ස. ඉස්සරහා වාහනෙ ඉදලා එලියට බැස්සෙත් ජේක් වගේම පෙනුම තියන කෙනෙක් ජේක් ගේ මූනූමයී . උස මහත ඔක්කොම ජේක් වගේමයි හරියට ජෙක් ගේ නිවුන්නේක් වගෙ. ජේක් එයා ඉස්සරහා ට ගිහින් හිට ගත්තා.

Contents
Previous
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!