Chapter 20 of 23

දහඅටවන දිගහැරුම

නෙත්සර||(non-fic_bl) [ONHOLD]1,455 words~8 min read

Two mouths later..

අඩෝ උබලා හෙට එනවනේ..

ඇහිපිය ගහන වේගෙට මාස දෙකක් ගෙවිලා ගිහින්.. අර එදා එනවා කිව්ව ලොකු අම්මලා ආවේ නෑ ඩෝ.. ආවනම් අර සදුනි කනවා කෑමක් මගෙන් නෙවෙයි අපේ එක්කෙනාගෙන්.. ලොකු අම්මා අපේ අම්මට කෝල් කරලා තිබ්බේ තව විභාගේ ලං වෙලා එන්නම් යැයි යැයි කියලා..

කොහොමහරි මේ මාස දෙකට තවත් වැඩ කැටියක් කරගහගෙන මල පාන්දර ඉස්කෝලට යනවා ආපහු රෑට රෑ වෙලා ගෙදර එන එක තමයි කරේ.. විභාගේ නිසා නතර කරලා තිබ්බ ටීටී ප්‍රැක්ටිස් එකත් ආයෙත් පටන්ගන්න උනා මේ මාසේ අන්තිම ඇනුවල් මැචස් යන්නම ඕනේ කියලා කෝච් ගෙදෙට්ටම කෝල් කරපු නිසා.. ඩිග්‍රි එකේ ෆයිනල් සෙම් එකත් මේ මාසේ මුල ඉවර උනා.. දැන් ඉතින් ග්‍රැජුවේශන් යන්න තමා තියෙන්නේ.. හෙට බ්‍රැඩ්බි මැච් එක.. මං හිතුවේ ඒකට නටන්න වෙයි කියලා.. වෙලාවට ගිය මාසේ වෙස්ටන් මියුසික් පළාත් තරග තිබ්බා.. ඒකෙන් අපේ ඉස්කෝලට A2 සීනියර් බෝයිස් කැටගරි එකෙන් ක්වායර් ෆස්ට් ප්ලේස් එකයි සෝලෝ ෆස්ට් එකයි මික්ස්ඩ් ඉන්ස්ටෘමන් ෆස්ට් ප්ලේස් එකයි හම්බුනා.. ඉතින් සමස්ත ලංකා තරග වලට මායි යසයි සර් එක්ක සෙට් එකම ස්කූල් බස් එක්ක පටවන් කොලඹ ඇවිත් අද දෙවෙනි දවස.. ඊයේ හවස බෑන්ඩ් එකට ප්ලේ එක තිබ්බා.. අද දවල් ක්වායර් එක.. උදේ මගේ සෝලෝ එක.. ඔව්වොව් අයියෝ ඒ ගීත කෝකිලයා මම තමා.. කොහොමහරි මේ වැඩේ නිසා බ්‍රැඩ්බිය මිස් උනාට මං නම් හරි කැමති.. නැත්තන් ඕකට නහින්න වෙනවා.. ඇත්තටම මට මේ ආපු එකත් නිකන් වැකේෂන් එකක් වගේ.. මේ අගෝස්තුව ඉවර වෙද්දී මං යහතින් හිටියොත් ඇති මේ වැඩ කන්දරාවත් එක්ක..

දහතුනට ආවට පස්සේ ආයේ පලාත් පේපර් හම්බෙනකන් අපිට මන්ත්ලි ඕ වීක්ලි ටෙස්ට් තමා තියෙන්නේ.. මං ඉතින් ටෙස්ට් එක දවසට විතරයි පන්තියේ..

මං හොද සනීපෙට නැප් එකක් දාගෙන ඉන්න වෙලාවේ දැන් මට මේ කෝල් කරලා හෙට එනවනේ කියලා වද දෙන්නේ මහියා.. උටත් එන්න උවමනාව තිබ්බා කොහේ උගේ අය්යණ්ඩි හිටාපන් ගෙදර මාත් එක්ක මැච් එක බලන්න යන්න කිව්වනේ.. අකීල් ගැන නම් අහන්න එපා.. ඒකා මාව දාලා චීනෙට පියෑබුවා.. ඒක උනේ මේ පාර අංකල් යන්න හිටපු ටුවර් එකට අංකල් මූවත් ඇදන් ගියා.. මාත් යන්න කිව්වේ වෙනසකටත් එක්ක හොදයිනේ.. දැන් ගිහින් සතියක් විතර හෙට අනිද්දට එනවා කිව්වේ.. වෙනස කොච්චර සැපද කියනවානම් මගේ ෆෝන් එකට නිවනක් නෑ විනාඩි පහෙන් පහට මැසේජ්.. "මට පාලුයි සුදූ.." ඒක තමයි මැසේජ් දහයක් එව්වොත් ඒකෙන් නවයකම තියෙන්නේ.. ඒ උනාට ඉතින් එයත් ඕවට හුරු වෙන්න එපෑ..

ඔව් බං.. හෙට දවල් වෙද්දී රිසාල්ට් දානවනේ..

හම්ම්.. කෝ අනික් අය..

මේ මේ බොරු මරිසි එපා.. කෙලින්ම අහපන් කෝ හිරුෂ මල්ලී කියලා..

මෙහෙමයි බං..

කොහොමද..

වීඩියෝ කෝල් එකේ හිටපු මහියා කන් දෙකත් රතු කරන් බෙල්ල කසන ගමන් හෙන ගොන් හිනාවක් දැම්මා..

කට්ටියම සර්වත් ඇදන් රවුමක් දාන්න ගියා.. මං මේ කට්ට තනියෙන් මගේ රාජ්ජේ වගේ සර්ගේ ගෙදර..

ඇත්තටම කිව්වොත් මේක සර්ගේ මාමගේ ගෙදර.. එයාලා පවුල් පිටින් රට නිසා සර් තමා මේවා බලාගන්නේ.. හැම පාරම මෙහෙම තරග ආවම අපි නවතින්නේ මෙහෙ..

මේකා මට නිකමටවත් කිව්වේ නෑනේ.. ආවම කෝල් එකක් ගන්න කියපන් හොදේ..

හරි.. මේ ඒක නෙවෙයි දැන් උබලා සිරාවටම කපල් එකක්ද..

මෙහෙමයි.. මං තාම කැමති කියලා නෑ ඒත් පොඩ්ඩක් දැනෙන්න අරින්...

ඔව් ඔව් උබ ඇර ඇර ඉදපන්.. මං මේ සෙනසුරාදාත් ක්ලාස් ගිහින් එද්දී දැක්කා ඒකා කෙල්ලෙක් එක්ක ගාර්ඩ්න් එක ලග හෝල්ට් එකේ ඉන්නවා..

පේරාදෙණියේ..

නෑ හග්ගල.. පොඩ්ඩක් හොයලා බලපන්..

අඩෝ ආපු වහාම කෝල් කරන්න කියපන් හොදේ.. මං තියනවා..

අන්න කට් කරා.. අඩේ බෝම්බේ සැර වැඩිද මන්දා.. මං හිතන්නේ හිරුෂ එක්ක එදා හිටියේ උගේ නංගි.. වට්එවර් කොහොමහරි උන් දෙන්නා හිතේ තියෙන දේවල් එලියට දාලා නිදහසේ ඉන්නවනම්.. මෙච්චර වෙලා අකීල්ගෙන් ආපු මැසේජ් වලටත් රිප්ලයි කරලා අනික් අය එනකන් මං ආයෙත් නිදාගත්තා..

.

.

.

.

Koheda..

Kiribathgoda pizza hut eken pitath una..

Highway ekt dammam msg ekk danna..

Kk..

දැන් හවස හයට විතර ඇති.. උදේ මගේ සෝලෝ එකත් ඉවර වෙලා රිසාල්ට් දෙද්දී එකට කිට්ටුයි.. ක්වායර් එක සෙකන්ඩ් ඉතුරු දෙකම ෆස්ට්.. නැවතිලා හිටපු ගෙදරට ඇවිත් ලන්ච් එකත් අරගෙන පොඩි නැප් එක්කුත් දාලා පහට විතර අපි ආයෙත් නුවර එන්න පිටත් උනා.. ඒ අතරමග තමයි ජය සමරන්න කියලා සරුයි මමයි යසයි ගානේ පොඩි ට්‍රීට් එකක් දුන්නේ.. මගෙයි යසාගෙයි අන්තිම කම්පිටිශන් එකනේ.. පිටත් උනාට පස්සේ අම්මටත් මැස්සේජ් එකක් දාලා ඒකම අහලා තිබ්බ අකීල්ටත් රිප්ලයි කරලා සින්දු කියන්න සෙට් උනා..

හම්මට.. මේ එන්නේ ලංකාවේ හොදම වොයිස් එක.. මල්ලි අල්ලපම් තාලේ..

මුන් ටික බෑන්ඩ් එකේ ඉන්ස්ටෘමන්ට් ටිකත් එලියට ඇදන් හොදට නටනවා..

අයින් වෙයව්.. මට පස්ස ශීට් එක ඕනේ..

අර කවුද මන්දා යෝදයෙක් මුහුද දෙබෑකරන් ගියා වගේ මාත් අර දඩාර කොල්ලෝ ටිකව දෙපැත්තට කරන් ගිහින් පස්සේ ශීට් එකේ මැදින් වාඩිවෙලා සින්දු කියන්නම ඕනෙයි කියලා ඇතුලට දාන්නැතුව තියාගත්ත බේස් එක අරන් ගහන්න ගත්තා..

.

.

.

.

.

Under 20 boys doubles will start next..

එදා තරගවලට කොලඹ ගිහින් ආවට පස්සේ මං ඔෆීශියලි බෑන්ඩ් ලීඩර් පෝස්ට් එකෙන් අයින් වෙලා ඊලඟ සීනියර් උන හිරුෂ මල්ලිට බෑන්ඩ් එක භාර දුන්නා.. එක්සෑම් වලටත් එච්චර කාලයක් නැති නිසා අපේ සෙට් එකම අපිට තිබ්බ තාන්න මාන්න සේරම ඊලඟ පරම්පරාවට භාරදුන්නා.. මේ ඉතින් මං ප්ලේ කරන අන්තිම මැච් එක.. මේ පාර අකීල්ලුත් අපිත් එක්ක අපේ ස්කූල් එකටම ප්ලේ කරනවා.. තරුෂයි මහීයි සිංගල්ස් යද්දී මායි අකීයි මේ පාර ඩබල්ස් පැත්ත බැලුවා.. පොඩි උන් ටිකත් ඇදගෙන අපි ප්‍රැක්ටිස් කරපු හැටි නොදන්න කවුරුහරි දැක්කා නම් අනිවා යක්කු වැහිලා කියලා හිතනවා.. කොහොමහරි වෙනදා වගේම මේ පාරත් හැම ඉවෙන්ට් එක්කින්ම වගේ ෆයිනල්ස් නැත්තන් ෆස්ට් ප්ලේස් එක ගත්තේ අපේ කොල්ලෝ..

විස්සෙන් පහල ඩබලස් මැචස් වලට කෝල් කරද්දී මං ඇදන් හිටපු බොටම් එක ගලවලා හෙඩ් බෑන්ඩ් එකයි තම්බ් ලූප් එකත් එක්ක තියෙන රිස්ට් බෑන්ඩ් එකයි අරන් දාගත්තා.. කාලෙකින් එකදිගට ප්‍රැක්ටිස් කරපු නිසා අත පොඩ්ඩක් රිදෙනවා.. අත විතරක් නෙවෙයි කකුලුත්.. රැකට් එකත් අරන් අකීල් එක්ක පැවිලියන් එකෙන් බහිද්දී එක පාරටම මාව පිටිපස්සට ඇදිලා ගියා..

මොකද අකී..

ඊරිසියයි සුදූ..

ඒ මොකද..

මං විතරක් දකින්න ඕන දේවල් වෙන උන් දකින නිසා..

එහෙම කියලා මේ මිනිහා මගේ කකුල් දිහා බැලුවා.. මාත් මගේ කකුල් දිහා බැලුවම තමයි වැඩේ මීටර් උනේ.. මැච් එක නිසා යකෙක් වගේ ප්‍රැක්ටිස් කරලයි කකුල් වල ෆිට්නස් මේන්ටේන් කරන්න ඕන නිසා ගෙදර ජිම් එක අස්සෙයි ඉදලා කකුල් වල මසල්ස් හිටු හිටු කියලා.. අර මහා ලොකුවට නෙවෙයි තයිස් වල එහෙම ගානට ක'ව්ස් එහෙම පේනවා.. අපි මැචස් වලට අදින ශෝට් එකත් ඉතින් ශෝට් නේ.. පොඩ්ඩක් නැවුනම ඉතින් දන්නැද්ද.. හේ හේ..

මගේ විතරද ඔයාගෙත් එහෙමනේ..

ඒ උනාට..

ඔන්න ඉතින් තොලත් පවුට් කරන් හුරතල් වෙනවා.. අනේ ඇත්තමයි වෙන එකෙක් දැක්කොත් බයවෙනවා.. ඇයි යකෝ හැමෝටම හෙන සීතල පර්සනැලිටි එකක්නේ මේකා පෙන්නන්නේ..

අප්පේ මගේ ඊරිසියාකාර පප්පා.. දැන් යමු..

.

.

.

කමෝන් බෝයිස්..

ෆයිනල් ප්ලේ කරන්න අපේ ප්‍රතිවාදී පිල උනේ අකීල්ගේ කලින් ඉස්කෝලේ.. මං හිතුවේ අකීල් එයාලව දැක්කම සුහදව හිනාවෙයි කියලා.. මොන පිස්සුද, අර මරුමුස් මූණම තමා, වෙනදට වඩා වැඩිපුරත් එක්ක රවන් හිටියද මන්දා.. ඒ කොල්ලෝ දෙන්නා උනත් මෙයා දිහා බලන් හිටියේ ලොකු වැරැද්දක් කරලා වගේ..

කොහොමහරි පලවෙනි සෙට් එක අපි වින් කරලා දැන් යන්නේ දෙවෙනි සෙට් එක.. ශිට් මුන් ගහන ගහන එකට ස්කෝර් කරලා ඊච් කරගන්නවා.. මෙහෙම ගියොත් ඩබල් පොයින්ට් ගහන්න වෙයිද මන්දා.. දැන් නම් කකුල් දෙකේ ජොයිට්ස් වලිනුත් පොඩි පේන් එකක් එනවා.. තව බෝල්ස් දෙක්කට විතර ස්කෝර් කරලා මං ඉක්මනට තත්පර තිහක බ්‍රේක් එකක් ඉල්ලගෙන ඉක්මනට අයිනට ගිහින් වාඩි උනේ වම් කකුලෙන් ආපු පේන් එක වැඩි උන නිසා..

නෙතුවා මොකද උනේ..

උබට අමාරුද..

මම යද්දිම තරුවයි මහියයි අනික් අයයි මගේ ලගට ආවා..

රෙහාන්..

ඒ අකීල්.. එයා අපි වටේ අපේ සම්බන්දේ ගැන නොදන්න අය ඉන්න වෙලාවට මට කතා කරේ කවුරුත් වැඩිය පාවිච්චි නොකරන මගේ දෙවෙනි නමෙන්..

වම පොඩ්ඩක් වැඩියෙන් රිදෙනවා බං.. ඔය ස්ප්‍රේ එක ගහපන්කෝ..

තරුවා මුලු කකුලටම ස්ප්‍රේ එක ගහද්දී මං ලගම බිම ඇන තියාගත්ත අකීල් කකුල මසාජ් කරන්න ගත්තා.. තත්පර ගානේ බ්‍රේක් එක ඉවරයි කියන්න විසිල් එක වදිද්දී අකීල්ගේ වාරුවෙන් නැගිටපු මට කකුල් දෙක නිකන් මැන්ඩලින් ගහනවා වගේ දැනුනත් ඒ වගක් පිටට නොපෙන්නා ආයෙත් ටේබල් එක ලගට ගියා.. තව ලකුණු දෙකයි.. සර්විස් එකම ටිකක් උඩින් ස්පින් වෙලා එද්දී මම ක්ශනිකව හැරිලා ටොස්පින් එකක් ගැහුවා.. ආයේ ඉතින් ගේමක් නෑ අපේ පැත්තට තවත් ලකුණක්..

ඒත් ඒ ශොට් එකත් එක්ක මගේ කකුලෙන් නම් ආවේ එච්චර හොද සද්දයක් නෙවෙයි.. ඔව්වොව් මං කිව්වේ සද්දයක් කියලා තමා.. ශොට් එක ගහන්න හැරෙනවත් වම් කකුලෙ දනිස චරස් ගෑවා ගහලා ඉවර වෙද්දී බරස් ගෑවා.. ඒ දැනුන වේදනාව කොච්චරද කියනවනම් යටි තොලෙන් ලේ එන්නම හැපුනා..

සුදූ..

වේදනාවට කොන්දෙන් නැවිලා කකුල අල්ලන් හිටපු මගේ උරහිසෙන් අත තියලා අකීල් මුමුනනවා..

අවුලක් නෑ..

ඒත් සුදූ..

කිව්වනේ අවුලක් නෑ කියලා ඉතුරු එකත් අරන් මේක ඉවර කරමු..

තිබ්බ වේදනාවට මං හිතන්නේ මගේ වොයිස් එක රෆ් උනා.. මොකද අකීල්ගේ මූන ඔහෙක් වෙලා ගියා.. කරන්න දෙයක් නෑ දෙයියනේ මට රිදෙනවා.. ඇස් දෙක පියාන හොද හුස්මක් අරන් කෙලින් වෙලා මම ආයෙත් එහාපැත්තෙන් සර්ව් කරනකන් බලන් හිටියා.. ආයෙත් උඩින් බෝලේ එනකොට තිබ්බ වේදනාවල් ඔක්කොම එකතුකරලා ස්මෑශ් එකක් දීලා ඇද්දා..

දනිසෙන් පටන්ගෙන මුලු කකුලම ගිනි ගන්නවා වගේ දැනෙද්දී වටේම කරුවල වෙලා යන්න කලින් මං අන්තිමට දැක්කේ ස්කෝර් බෝර්ඩ් එකේ අපේ පැත්තට අන්තිම ලකුන එකතු වෙනවා.. හීනෙන් වගේ අකීල් මගේ නම කියලා කෑගද්දී මාව උණුසුම් අත් දෙකක් අස්සට හිර උනා..

*************************************

ඉශූ ආවා ඒයි..

කාලෙකට මාව නැතිවෙයිදෝ කියලා හිතුන නිසයි ලියපු ටික දෙන්න හිතුවේ..

නෙතුෂට මොකද උනේ.. අනුමාන කර නිවැරදි පිලිතුර ලබා දී නව වසරේ ත්‍යාග වශයෙන් ඊලග චැපිය දිනාගන්නේ ඔබද..

(එහෙම කිව්වට කවදා එයිද දන්නෑ ඉතින්.. හේ හේ 👉👈)

කතාව ගැන මොනාද හිතන්නේ.. කමෙන්ට් කරන් යන්න..

ඒවගේම කලින්ම කියන්නම්,

ලබන්නා වූ නව වසර හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා..

ඊලඟ එකෙන් එන්නම්..

Vote , Comment and share

Luv❤

~Ishu~

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!