Chapter 9 of 12

Chapter 9

◉FEELINGs◉ [ GL ✓ ]347 words~2 min read

After 2 days.

සියා ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න ඕන නිසා ගෙදරින් එළියට ආවේ ලග තිබ්බ ශොප් එකට යන්න හිතාගෙන.ඒත් සියාගේ වාසනාවටද අවාසනාවටද දන්නැ ශොප් එක වහලා තිබ්බා කවදාවත් නැතුව.ආයේම හැරිලා ගෙදර යන්න හදලත් සියා ආයෙම එහා ශොප් එකට යනවා කියලා හිතාගෙන ආයේම ඉස්සරහට ගියා.

.

.

.

.

.

.

#liyo's house...

" ලියෝ පහලට එන්න කෑම ලැස්තියි."

" හරි අම්මා...මේ එනවා..."

ලියෝ පහලට ආවේ ෆෝන් එකත් ඔබ ඔබමයි.

" ළමයෝ කන වෙලාවට විතරක් හරි ඕක පැත්තකින් තියන්න බැරිද."

" අයියෝ අම්මා..."

" ලියෝ..."

" හරි ඔන්න තිව්වා මන්..."

" දැන් ඔය කෑම එක කන්න..."

ලියෝ කෑම කන අතරේ ලියෝගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා එයා ෆෝන් එක අරගෙන බැලුවේ කවුද කියලා...

" Hallo සියා...කො..."

".............."

" what...."

" ................."

" දැන් කොහෙද ඉන්නේ..."

" ................."

" හරි මන් එන්නම්..."

" මොකද ලියෝ..."

" අම්මා...සියා ඇක්සිඩන්ට් වෙලා උදේ."

" සියාට අමාරුද..."

" දන්නෑ අම්මා මන් ගිහින් බලලා එන්නම්...එයාව බලන්න කෙනෙක් නෑ."

" හරි දරුවෝ පරිස්සමට යන්න ඔයා.."

" හරි අම්මා."

ලියෝ කලබලෙන්ම දුවගෙන ගියේ කාර් එකේ යතුරත් අරගෙන හොස්පිටල් එකට යන්න.ලියෝ පුළුවන් ඉක්මනටම හොස්පිටල් එකට ආවා...

රිසෙප්ශන් එකෙන් අහගෙන සියාගේ රූම් එක හොයාගෙන ලියෝ ඉක්මනටම ආවා.

ඒ වෙද්දිත් ඩොක්ටර් කෙනෙක් සියාව චෙක් කරන ගමන් හිටියේ.

ලියෝ නොඉවසිල්ලෙන් බලාගෙනහිටියේ ඩොක්ටර් එලියට එනකම්...

.

.

.

.

" ඩොක්ටර් එයාට කොහොමද..."

" මේ පේශන්ගේ,"

" මන් එයාගේ යාළුවා.එයාගේ අම්මලා මෙහේ නැහැ."

" ඕහ්...බය වෙන්න ලොකු දෙයක් නෑ...එයා කාර් එකක හැපිලා තියෙනවා.එච්චර ලොකු ඩැමේජ් එකක් එලියෙන් නම් නෑ.ඔළුව තුවාල වෙලා තිබ්බට අභ්‍යන්තර බලපෑමක් නෑ.හැබැයි දකුණු කකුළට ටිකක් බරපත අභ්‍යන්තර ඩැමේජ් එකක් තියේ.ඒක හොද වෙන්න කල් යයි ටිකක්.කාර් එකේ වැදිලා තියෙන වෙලාවේ කකුල තමා ඩැමේජ් වෙලා තියෙන්නේ..."

" දැන් එතකොට කොහොමද එයාට..."

" දැන් නම් වේදනානාශක නිසා එයා නිදි...තව ටිකක් ඇහැරෙයි.අපි බලමු."

" හරි ඩොක්ටර් thank you..."

" it's ok..ඔයාට එයාව බලන්න පුළුවන්."

" හරි ඩොක්ටර්."

ඩොක්ටර් ගියාට පස්සේ ලියෝ ඇතුලට ගියා...සියාගේ ඔළුවේ තැනකට ප්ලාස්ටර් ගහලා බෙහෙත් දාලා තිබ්බා... ඒ වගේම දකුණු කකුල බැන්ඩේජ් කරලා තිබ්බා...

" ඔයා මාව හොදටම බය කලා සියා..."

එහෙම්ම සියාගේ නලලට චුටි කිස් එකක් දුන්න ලියෝ පැත්තකින් වාඩි වෙලා එයාගේ අම්මට කෝල් කලේ වෙලා තියෙන දේ කියන්න...

─────────────────────────♡

🌝💗❤️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!