Chapter 6: Episode 6...

◉FEELINGs◉ [ GL ✓ ]Words: 6271

දවස් දෙක තුනක්ම ඔය විදියට ගෙවිලා ගියේ මට මගේ හිත දෙන්න පුළුවන් වද ඔක්කොම දෙද්දි.

අද මැම් අපිට ඩුවට් විදියට ඩාන්ස් එකක් පුරුදු වෙන්න කිව්වා.මන් ඒත් පුරුදු වුනේ නැත්තේ මන් ඕන නැති වෙයි කියලා හිතුන නිසා.මන් පැත්තකට ගිහිල්ලා බලාගෙන ඉන්න කියලා හදද්දි මැඩම් මට කතා කලා.

" සියා... මෙහාට එන්නකො පොඩ්ඩක්."

" ඔව් කියන්න මෑම්..."

" ලියෝට පාර්ට්නර් කෙනෙක් නෑ.ඔයා එයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්නේ."

" මන්..."

" ඇයි සියාට බැරිද..."

" නෑ නෑ... මන් කරන්නම් මෑම්.."

මහ ලොකු පණ්ඩිතකමට කිව්වට හා කියලා අනේ මන්දා මට ඇයි බෑ කියලා හිතෙන්නේ.

හිතට හයිය අරගෙන මන් ගියා ලියෝ ලගට.

" ලියෝ..."

" ම්හ්..."

" බස්සෙක්ද ම්හ් ගාන්නේ."

" ඔව් කියන්න කියන්න."

" මැම් කිව්වා ඔයාට පාර්ට්නර් කෙනෙක් නෑ කියලා ඔයාගේ පාර්ට්නර් වෙන්න කියලා."

මන් ඕනවට එපාවට කියලා දැන්මා.

" හා..."

" දැන් එතකොට ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද ඔයා."

" නෑ..."

" ඒනම් මොකටද පාර්ට්නර් කෙනෙක්."

" ආශ් කෑ ගහන්න එපා."

" මන් කෑ ගැහුවද දැන්.ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද කියලනේ ඇහුවේ නැත්තන් නෑ කියන්න මන් මගේ වැඩක් බලාගන්නම්."

" අම්මේහ් මෙයා."

" ඇයි මොකද?"

" සැර මොකද ඔච්චර."

" සැර නෑ පැණි රසයි."

" හරි හරි එහෙනම් පුරුදු වෙමු.මොකද්ද කරන්නේ."

" මන් නෙමේනේ ලමයා ඔයානේ..ඔයාගේ ඩාන්ස් එකට උදව් කරන්න විතරයි මන් ඉන්නේ."

" හරි හරි..."

එහෙම කියලා ලියෝ පෝන් එකෙන් මියුසික් එකක් හොයනවා ඩාන්ස් එකට.මාත් ඉතින් එතනම බිමින් ඉදගෙන බලාගෙන හිටියා එයා මියුසික් එකක් තෝරලා දෙනකම් බලාගෙන...

.

.

.

.

.

.

.

ටිකක් පොඩි මියුසික් එකකට ඩාන්ස් එකක් පුරුදු වුනා.මාත් එයාට හෙල්ප් කලා.

ඒත් එතනින් නොහිතුව විදියට ලියෝට මාව තවත් සමීප වුනා කියලා මට හිතුනා. අපි දෙන්නම හොදට ඩුවට් ඩාන්ස් එක කලා.ඒ වගේම මැඩම් පවා ඒකට වෙරි ගුඩ් කියලා ඔහොම තමා හොද පාර්ට්නර් කෙනෙක් හම්බුනාම කියලා කිව්වා.

ඇත්තටම ඒ වෙලාවේ නම් හරිම සතුටෙන් ගෙවුන වෙලාවක්.

ඒත් එතනින් පස්සේ තමා මට හොදම වැඩේ වුනේ.

ලියෝ ඇත්තටම පැත්තක තනියම හිටියට එයා හරිම හොදයි කියලා මට තේරුණා.එයා මට හොද ට්‍රිට් එකක් කලා එයාට උදව් කලාට.ඒ වගෙම අදත් මාව ගෙදර ලගට එනකම්ම එක්කගෙන ආවා.

මන් හිතට ආව දෙයක් නිසා ලියෝට කතා කලා.මගේ ගෙදරට ඇවිත් යන්න කියලා.එයත් ඒකට කැමති වුනා.මන් එයාට කතා කරලා බොන්න බීම එකක් එහෙම දිලා එදා දවස තුල මන් ලියෝ ගැන ගොඩක් දේවල් දැනගත්තා.ඒ කියන්නේ එයා මට ඒ දෙවල් කිව්වා.

ලියෝගේ අම්මා තාත්තා පොහොසත්.එයාලා එක්ක තමයි ලියෝ ඉන්නේ.එයාට අයියා කෙනෙක් ඉන්නවා.අයියා තමයි බිස්නස් බලන්න්‍රෙ.එතකොට ලියෝට කැමති දෙයක් කරන්න කියලා අවසර දිලා තිබ්බා එයාගේ ගෙදරින්.ඉතින් එයා ඒකයි ඩාන්සින් තෝරගෙන තියෙන්නේ වගේම එයා ඩාන්සින් වලට ගොඩක් දක්ශයි.

එක දවසකින් එයාව මෙච්චර හොද යාළුවෙක් කරගන්න පුළුවන් වෙයි කියලා මන් හිතුවේ නෑ.

─────────────────────────♡

◉♡ මන් කතාව ලියන් යන්නේ සියාගේ pov එකෙන්නේ.එතකොට ලියෝ එයාගේ හිතේ මොනවා තියෙනවා ඇත්ද.බලමු ඉස්සරහට...