Chapter 5: Episode 5...

◉FEELINGs◉ [ GL ✓ ]Words: 3035

Next day...

එදත් වෙනදා වගේම මන් මගේ වැඩ කරගෙන පාඩුවේ හිටියා.ඒත් මගේ හිතට පාඩුවේ ඉන්න බැරි වුණා.හිත කිව්වෙම ගිහින් එයත් එක්ක කතා කරන්න කියලා.හිත කියපු දේට මන් අදි මදි කලත් මගේ හිත දිගටම කිව්වේ ඒක.

පස්සේ හිත දින්නා මට යන්නම වුණා එයත් එක්ක කතා කරන්න.

ඒත් මොනා කතා කරන්නද කියලා ලගට ගියාමයි මට මතක් වුනේ.ඒ නිසා එහෙම්ම එයා හිටිය තැනත් පහු කරගෙන ගිහිල්ලා මන් එළියට ගියා.

අනේ දෙවියනේ මට වැහුන යකා මොකෙද්ද අනේ.ආශ් මන් දන්නේ නෑ.ඇයි දෙවියනේ...

එළියට ඇවිත් එතන තිබ්බ බංකුවෙන් වාඩි වුනේ මන් මටම බැන ගන්න ගමන්මයි.

එහෙම්ම ඔළුවත් අත් දෙකේම ගහගෙන බිම බලාගත්තම කවුරු හරි මගේ ඉස්සරහට ඇවිත් හිට ගත්තා.මට කකුල් දෙක විතරයි පෙනුනේ කවුද කියලා දන්නෑනේ.මන් ඒ නිසා එක පාරටම උඩ බැලුවා.බැලුවට වඩා නොබලා හිටියා නම් කියලා මට හිතුනේ ඒ වෙලාවේ.

ඒ හිටියේ ලියෝ.මාව එකපාර බ්ලොක් වුනාද කොහෙද මන් එහෙම්ම එයා දිහා බලන් හිටියා.

.

.

.

.

.

" මෑම් ඔයාව හොයනවා."

" ඇ ආහ් ආහ්...මන් එන්නම්..."

මන් එහෙම කියලා ඉක්මනට බිම බලාගත්තේ තා බලන් හිටියොත් ඇත්තමයි මට වෙන්නේ වෙන මොකක් හරි කියලා හිතලා...

එදා ගෙදර ගියත් මගේ හිත එකම දෙයක් මට කියන්න ගත්තා...

ඒ

මොකක්ම හරි හැගීමක් මගේ හිතේ එයා වෙනුවෙන් තියෙනවා කියලා මගේ හිත මට කියනවා...

ඒත් ඒක,

මොකද්ද, කොහොම එකක්ද, ඇයි මේ කිසිම දෙයක් නොදන්න අද ඊයේ හම්බුන කෙනෙක් වෙනුවෙන්...

───────────────────────♡🕊️