Chapter 3 of 12

Episode 3...

◉FEELINGs◉ [ GL ✓ ]390 words~2 min read

මන් එයා දිහා බලන් ඉද්දි එකපාරම එයා මන් දිහා බැලුවා... මන් එක පාරම ගැස්සිලා වතුර බෝතලෙත් කටේ ගහන් වෙන දිහාක බලම් හිටියා වගේ රග පෑවා...

මන් එයා දිහා බලන් හිටියා කියලා එයාට නෝට් වත් වුනාද... හපොයි වස ලැජ්ජාවක් වුනේ දැකලා නම්... කමක් නෑ... මන් බලන් හිටියේ මගෙන් ඉගෙන ගන්න ළමයෙක් ඩාඅන්ස් කරන දිහානේ... වෙන මොනා වෙන්නද... තමුසෙට නම් පිස්සු සියා.. ලගකදි ඉදන් ඒක හොදටම වැඩියි වගේ...

මේ වෙද්දි ළමයි එක්කෙනා දෙන්නා එන ගමන් හිටියේ.ආව අය එකතු වෙලා එක එක දේවල් ප්‍රැක්ටිස් කරනවා.

මාත් එයාලට උදව් කරනවා දන්නේ නැති දේවල් වැරදි දේවල් හරි ගස්සලා... මන් කීප වතාවක්ම දැක්කා ලියෝ මන් දිහා බලන් ඉන්නවා වගේ.

මට නම් හිතෙන්නේ එක දෙයයි...තමුසෙට හොදටම ඔල්මාදේ සියා...

මේ දවස් ටිකේම මැඩම් ස්කූල් එකට ආව ගිය නිසා මට ගොඩක් වැඩ තිබ්බේ නෑ.මැඩම් එනවා කියන්නේ එදාට මාත් එක ළමයෙක්.

.

.

.

.

.

හවස් වෙනකම්ම ස්කුල් එකේ වැඩ වගයක් ඉතුරු වෙලා තිබ්බා ඒකත් කරලා මන් ගෙදර යන්න පාරට බැස්සා.

මගේ පාඩුවේ පාරේ යද්දි කොහෙවත් හිටිය කොල්ලෝ දෙන්නෙක් පස්සේ එන්න ගත්තා.මාත් ඒක මට නෙමේ වගේ ඇවිදගෙන ඉස්සරහට ගියා.

ආව දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සරහට පැන්නේ මගේ පාර හරස් කරලා. අනිත් කෙනා පිටිපස්සෙන්.

" මොකද කරන්නේ? තමුසෙලාට පුස්සුද ආහ්."

" ඉතිම් බබා කවුරු හරි කතා කලාම ඒකට උත්තර දෙන්න ඕන කියලා ඔයා දන්නේ නැද්ද."

" නෑ මන් දන්නෑ.අනික නොදන්න අය එක්ක කතා කරන්න,මට කිසිම උවමනාවක් නෑ."

" අයියෝ, එකම, කොලේජ් එකේ වෙලත් ඔයාට අපිව මතක නැද්ද අනේ."

" මන් දන්නේ නැති නිසානේ කතා නොකලේ.දැන් මගේ පාරෙන් අයින් වෙනවා."

" ඇයි ඇයි ඔච්චරටම හදිසියක් ආහ්."

" මගේ පාරෙන් අයින් වෙනවා.පරක්කු වෙනවා,මට."

මන් එහෙම්ම එතනින් එන්න එද්දි එක්කෙනෙක් මගේ අතින් ඇදලා අල්ල ගත්තේ වැලමිට හරියෙන්.මන් මගේ අත ගලවගන්න උපරිම උත්සාහයක් දුන්නා ඒ මනුස්සයගෙන්.

" මාව අතාරිනවා..."

ඒ දෙන්නා හිනාවෙනවා.

කොහේ යන,පිස්සො ද මුන්.

" මොනාද ඔය කෙල්ලෙක්ව අල්ලගෙන කරන්නේ ආහ්... යන්න දෙනවා ඔය කෙල්ලට..."

" ඇයි තමුසේ මොකද දැන්..."

" එකපාරක් කිව්වම අතාරිනවා.තමුසෙට ඕන්නම් ගිහින් එකියක් හොයාගන්නවා.පාරේ යන කෙල්ලෝ අල්ලගන්නේ."

ලියෝ.... එයා මොනාද මෙතන කරන්නේ... එයා අර කොල්ලගේ අතට පයින් ගැහුවේ මාව අත් ඇරෙන විදියට.

" හරි හරි බලාගමුකෝ..."

" මොනාද බලගන්නේ ආහ්..."

" හෝ හෝ දැන් එයාලා ගියානේ..."

ආයේම පස්සෙන් ගිහිල්ලා ගහන්න වගේ මූණ හදාගත්දි ලියෝගේ අතින් අල්ලලා මන් එහෙම කිව්වේ...

එයා මගේ දිහා බලලා ආයේම අත දිහා බලද්දි තමා මට ඒක තේරුණේ.මන් එවෙලෙම අත ඉක්මනට අරගෙන ලියෝට ස්තුති කලා.

─────────────────────────⦁

🌿 කතාව හොදද දන්නෑ.😁

මේකට yes or no කියන් යන්න රීඩස්ලා...

◉ muture parts ඕනිද එපාද?

උත්තරයක් දාන්න.😚

#jeon_aroo

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!