Chapter 2: Episode 2...

◉FEELINGs◉ [ GL ✓ ]Words: 5563

එදා ක්ලාස් එකට උගන්නලා මන් ගෙදර ආවා... ඒත් මොකද්දෝ මන්දා දන්නේ නැති හේතුවකට මගේ හිත ඒ හැප්පුන කෙනාගේ මූණ හැමවෙලාවකම මට මතක් කලා.

මන් ඒක නවත්තන්න උත්සහා කලාට මට ඒක නවත්තන්න බැරුව ගියා.ඒ ඇයි මොකද කියන්න මට තේරුමක් තිබ්බේ නෑ...

ඊට පස්සේ දවස් කිහිපයක්ම මන් ඩාන්සින් ක්ලාස් එක කරන වෙලාවේ එයාව දැක්කා.මන් හිතන්නේ එයා මගේ ක්ලාස් එකේ ඩාන්සින් ඉගෙන ගන්නවා.වැඩිය කා එක්කවත් ආශ්‍රයක් මන් ඒ දවස් කිහිපයට දැක්කේ නෑ.මන් හිතුවේ එයා තනියම ඉන්න ආස කෙනෙක් වෙන්න ඇති කියලා.එයාගේ ෆෙවරිට් කලර් එක බ්ලැක් වෙන්න ඕන.මොකද එයා කවදාවත් වෙන කලර්ස් වලින් ඇදන් එනවා මන් දැකලා තිබ්බේ නෑ..

එක දවසක මට ආව අදහසකට මට හිතුනා එයා ගැන හොයන්න.වැඩිය නෙමේ එයාගේ නම එයාගේ වයස වගේ දේවල්.ඒත් මට එයාගෙන් අහන්න හිතුනේ නෑ.

මන් ඒ නිසාම අපේ ක්ලාස් එකට එන අයගේ විස්තර තියෙන ෆයිල් එකෙන් එයා ගැන හෙව්වා. ඒකේ තිබ්බෙත් පොඩි පොඩි විස්තර ටිකක් විතරයි.

⦁ නම - ලියෝ

⦁ වයස - 22

මට ඕන වෙයි කියලා හිතුන දේකට තිබ්බේ ඒවා විතරයි.වෙලාවක මුණ ගැහිලා කතා කරනවා කියලා මන් හිතා ගත්තා.

ලියෝ.ලස්සන නමක්.මන් ආසයි ඒ නමට.එයත් හැබැයි මගේ වයසේමයි.

කාලය කියන දේ හරි ඉක්මනට ගෙවිලා යනවනේ.සතියක් දෙකක් ගෙවිලා ගියේ මන් වත් හිතුවේ නැති වේගේකින්.

මන් මේ ටිකේම වගේ උදේම ක්ලාස් එකට ගියා.ඒ ළමයි එන වෙලාව වෙනකම් මට තනියම ඩාන්ස් කරන්න ටයිම් හම්බෙන නිසා.මන් වෙනදා වගේම මගේ ආසම සිංදුවක් දාගෙන එහාට මෙහාට පොඩ්ඩක් වැනිලා පස්සේ ඩාන්ස් කලා.

මන් සිංදු දෙකකට විතර ඩාන්ස් කලා.මට දැනුනා කවුරු හරිමන් දිහා බලන් ඉන්නවා වගේ.මන් නටන එක නවත්තලා පිටිපස්ස හැරෙද්දි ලියෝ ඉන්නවා දොර ලගට වෙලා බලාගෙන.මාත් එයා දිහා බලලා ආයේම ඉස්සරහා බලාගෙන ඩාන්ස් කලා.ඉස්සෙල්ලා මට කණ්ණාඩියෙන් කවුරුත් පෙනුනේ නෑ.දැන් නම් පේන්න ඉන්නවා.ඒ එක්කෝ මන් එයාව දැක්ක නිසා වෙන්න ඇති කියලා හිතලා මම ඉස්සරහා බලන් මගේ වැඩේට අවදානේ දුන්නා.

ඒත් මන් හිතුවේ නැති විදියට එයා ආවා එතනට.මන් නම් එහෙම එයි කියලා කීයටවත්ම හිතුවේ නම් නෑ.

" මාත් එන්නද ඔයත් එක්ක ඩාන්ස් කරන්න."

එයා එහෙම අහද්දි මන් මොනා කියන්නද මන් හා කිව්වා.මොකද මට වගේම එයාටත් පුළුවන් මෙතන ඉදන් පුරුදු වෙන්න.

" ඔයා ආස සිංදුවක් එහෙම..."

" තියෙන එක හොදයි මට."

" ම්හ්.ඕකේ.."

මන් එහෙම කියලා හිනාවෙලා ආයේම ඩාන්ස් කරන්න ගත්තා.

මන් තනියම මගේ පාඩුවේ ඩාන්ස් කරලා මහන්සි නිසා වතුර බෝතලෙත් අරන් අයිනෙන් වාඩි වුණා.

ඕහ් එයාට ලස්සනට නටන්න පුළුවන් නේ...එයාගේ හැම move එකක් විහාම ආසාවෙන් බලන් හිටියා.

⦁────────────────────────⦁

⦂🌿 හම්බෙමු ඊලග එපියෙන්