Chapter 10 of 12

Chapter 10...

◉FEELINGs◉ [ GL ✓ ]272 words~2 min read

" ම්හ්හ්හ්..." සිහින් කෙදිරියක් එක්කම සියා හිමින් හිමින් ඇස් ඇරියා.ඇස් අරිද්දිම බොද වෙලා වගේ සියාට පෙනුනේ ලියෝගේ මූණ.

" සියා ඔයාට කොහොමද දැන්."

" ලියෝ...මන් කොහේද ඉන්නේ..."සියා අමාරුවෙන් වගේ ඒක ඇහුවේ.

" ඔයා හොස්පිටල් එකේ ඉන්නේ.ඔයාට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා."

" ආහ්..."

" හා හා නැගිටින්න හදන්න එපා.ඔහොම ඉන්න.මන් ඩොක්ටර්ට කියලා එන්නම්.හරිද."

" හරි ලියෝ..."

ලියෝ ගිහින් ඩොක්ටර් එක්ක ආවා.සියාව චෙක් කරපු ඩොක්ටර් කිව්වේ කකුලේ ඇරෙන්න වෙන බරපතල තුවාල මුකුත් නෑ කියලා.ටික කාලෙකට තනියම ඇවිදින්න එපා කිව්වා මොකද ඇවිද්දොත් කකුල නරක අතට හැරෙයි කියලා.

" සියා ඔයා අපේ ගෙදර යන්.මේ විදියට ඔයාට තනියම වැඩ කරගන්න බැහැනේ."

" ඒත්..."

" ඒත් මේත් මුකුත් ඕන නැහැ.මන් එක්ක අපේ ගෙදර යන්..."

" අද ඩිස්චාර්ජ් කරනවද..."

" නෑ හෙට තමා ඩිස්චාර්ජ් කරනවා කිව්වේ..."

" ඔයා අද යන්නේ නැද්ද...දැන් රෑ වෙගෙන එන්නෙ ලියෝ.අම්මලා බයවෙලා ඇති."

" මන් එයාලට කිව්වා අද මන් සියා ලග ඉන්නවා කියලා."

" අනේ ලියෝ..ඔච්චර කරදර වෙන්න එපා.."

" දැන් කරදරයක් කිව්වේ නෑනේ මන්.."

" හරි ඒත්..."

ලියෝ රවලා වගේ බැලුව නිසා සියා එහෙම්ම කට පියා ගත්තා.සියාට දීපු බෙහෙත් නිසා එයාට එහෙම්ම නින්ද ගියා.ලියෝ සියා දිහා බලාගෙන පැත්තකට වෙලා හිටියා...

next day morning....

උදේ කලින්ම ඇහැරුනේ සියාට...එයාට නැගිටින්න බැරි නිසා එයා බැලුවේ ලියෝ කෝ කියලා.එතකොටයි සියා දැක්කේ එයාගේ ඇදට ඔළුවත් තියාගෙන එයා දිහාම බලන් ඉන්න ලියෝව...

රෑ ලියෝ සියාගේ ඇද ලගට පුටුවත් ඇදගෙන ඇවිත් එතනින්ම වාඩි වෙලා සියා දිහා බලන් ඉද්දි තමා නින්ද ගිහින් තිබ්බේ...

සියා හිමිට එයාගේ අත අරන් ගියේ ලියෝගේ ඔළුව අතගාන්න...

ලියෝගේ ඔළුව අත ගාද්දි ලියෝ එක පාරටම ඇහැරුන නිසා සියා බය වෙලා වගේ අත ඉක්මනට අහකට ගත්තා...

─────────────────────────♡

අද තව අප්ඩේට් එකක් දෙන්න පුළුවන් ද අහලා තිබ්බා ඔන්න මන් දුන්නා හොදේ...

කතාව අවසානෙට ලගයිලු ඔන්න.

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!