Chapter 1: CHAPTER 1

අවසානයක් නැතිව ආදරය කළෙමි | BL SINHALA SHORT STORY | ✔Words: 24363

☘️

සෙමෙස්ට එක ඉවර වෙන්න දවස් විසි පහක් වත් තිබුණේ නැති වුනත් දුන්නු දවස් තුනක නිවාඩුවකට පස්සේ අද ආයෙමත් කැම්පස් පටන් ගත්තා.

මම ඒත් පාරේ ඉඳන්ම පොඩ්ඩක් නැවතිලා වටපිට බැලුවා.

මැයි මාර ගස් තිබුණේ තවම පාළුවට ගිහිල්ලා. ඒ මැදින් වැටුනු පාරවල් වල නං කැම්පස් එකේ ළමයි එහා මෙහා යමින් වුන්නා.

මේ ගෙවෙන්න හදන්නේ මට මැයි මල් දකින්න පුළුවන් අන්තිම සෙමෙස්ට එක වෙනකොට, මම හිතාගත්තා ඇස් වලට හමුවෙන හැම දෙයක්ම දෑත බදලා තුරුළු කරගෙන මතක අස්සේ හිරකරගන්නවා කියලා.

අතේ තිබුණු පොත් දෙක අරගෙන මම හැදුවේ බෑග් එකට දාගන්න. පිටේ එල්ලගෙන හිටපු බැක් පැක් එක ඉස්සරහට අරගෙන මම සිප් එක ඇරියා..

"අඩෝ අරා... මේ පැත්තට වරෙන්..."

පොත් ටික හිමිහිට බෑග් එකට දාන ගමන්ම ඇස් පියන් උඩට උස්සලා මම ඇහැළ ගස් යාය දිහාව බැලුවා.

ඇස් ඉස්සරහට වැටිලා තියෙන කොන්ඩ කෑලි නිසා සමහරවිට මගේ ඉස්සරහා ඉන්න අයට මම එයාලා දිහා බලන් ඉන්නවා කියලා නොපෙනෙනකොට, ඔය සමහරක් මිනිස්සු දිහා හොරෙන් බලන්න මට මේ කොණ්ඩ කෑලි දෙක තුන උදව්වක් වුනා.

කලු අත් දිග ෂර්ට් එක වැලමිටට නවාගෙන, තද නිල් පාට කලිසමට නිල් කලු මික්ස් වෙච්ච ටයි එකක් බුරුලට දාගෙන එයා එක අතක් කලිසම් සාක්කුවක ඔබාගන්න ගමන් ගාම්භීර අඩි තිය තියා ඇහැළ ගස් යාය දිහාවට යමින් වුන්නා.

☘️

"Will you be my Boyfriend..?

මං හිතන්නෙ මං තත්ත්පරයකට ෆ්‍රීස් වෙලා ගියා.

මම එයා දිහා හොරෙන් බලාගෙන ඉඳන් ක්‍රශ් කරන එක වෙනයි, ඒ ක්‍රෂ් එක ඇවිත් මගෙන් ආස්කවුට් කරන එක වෙනයි.

කොහොමත් වැහිලා තියෙන මගේ කට ගල් වෙලාම ගියා.

බැනුම් අහගෙන ලෙක්චර් එකට ගියෙත් පරක්කු වෙලා වෙනකොට, ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවෙත් පරක්කු වෙලා වෙනකොට එලියේ වෙන කවුරුත් නොහිටියත්, ඔය හැම වෙලේම අරා ගාගෙන ඉන්න එයාගෙ යාළුවෝ පස් හය දෙනා නං අපි වටේට හිටගෙන හිටියා.

මං ආයෙමත් එයා අල්ලගෙන ඉන්න මගේ දකුණු අතත් අනික් අතේ තියෙන රතු රෝස මල් දිහාත් බැලුවා.

මට දැන් ඕනි අනික් හැමදෙයක්ම අමතක කරලා ආදරේ කරන්න.

"ම්ම්ම්.."

මම ඔව් කියන්න ඔලුව වැනුවා.

උණුහුම් තුරුලකට මාව තද වෙනකොට මං ලොකු හුස්මක් පාතට දාන ගමන් නිදහසේ ඇස් පියාගත්තා.

☘️

නුවර අයිස් කුමාරයා අන්තිමට දුප්පත් කොල්ලෙක් ඉස්සරහා දන නමලා.

එහෙමයි හැමෝම කතා වුණේ.

මහනුවර දිසානායක වලව්වේ බාල පුතු වූ, ලංකාව පුරා පැතිරුණු දිසානායක හෝල්ඩින්ස් වල අනාගත සම අයිතිකරු වූ, සරසවියේ සිහින කුමාරයා වූ, ගෞරව උපාධියේ දෙවන වසර සිසු, දිසානායක මුදියන්සේලාගේ ආරද් ගෞර්ය දිසානායක, කොළඹින් සපැමිණි සාමාන්‍ය උපාධියේ අවසන් වසර සිසු, දිසස් මේවර ට රත් පැහැ රෝස මල් වට්ටියක් දන නමාගෙන පුදා, ආලය කරමි යැයි පවසා කොක්ක ගැසූ වගයි.

පාලම ළඟම ගහක මල් පත්තරය අලවලා තිබුණේ එහෙම. ඉතින් බැජ් එකේ මීට කලින් කොකු ගහපු වුන්ට මේ විදියටම කලින් මල් පත්තරේ වැදෙනකොට මම කවදාවත් හිතුවෙ නෑ මං වෙනුවෙනුත් කවදාවත් මල් පත්තරයක් මේ කැම්පස් එකේදි වැදේවි කියලා.

මං අතේ තිබුණු ෆෝන් එකෙන් කාටවත් නොදැනෙන්න ෆොටෝ එකක් ගත්තා.

ඉතින් තාමත් ඔය කියපු එක රතු රෝස මලක්, හරහට දාගෙන හිටපු, යන්තමට ගෙවිලා ගියපු බෑග් එකේ පොකට් එකක මට තනි රකිනකොට, පිස්සුවෙන් වගේ හිනාවෙන්න දඟලන මගේ මූණට තරවටු කරන ගමන් මම සේනානායක ශාලාව දිහාට අඩිය ඉක්මන් කළා.

මම ඉගෙනගන්න පුළුවන් ළමයෙක් නෙමෙයි. කාටත් වඩා හොඳින් මම ඒක දැනගෙන හිටියා. ඒත් මං වගේ මිනිස්සුන්ට එකම පිහිට ඉගෙනිම වෙනකොට, මට උදේ රෑ නොබලා ඉගෙනීම වෙනුවෙන් මැරෙන්න සිද්ධ වුණා.

ඉතින් ඒ මහන්සියේ ප්‍රතිපලයක් විදියට මාව තලා පෙලන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අන්තිමේදි මීට අවුරුදු තුනකට කලින් මේ මැද කඳුකරයට එන්න මට පුළුවන් වුණා.

ඉතින් මේ ගෙවෙන්නේ මැද කඳුකරයේ මම ගත කරන අවසන් දවස් වෙනකොට ඒ දවස් සතුටින් පුරවන්න අලුත් සතුටක් එකතු වෙලා තිබුණා.

මේ දවස් වල තිබුනේ රිසර්ච් එකේ පොඩි වැඩ දෙක තුනකුයි, ලෙක්චර්ස් කීපයකුයි විතරක්ම නිසා මම කාටත් කලින් එළියට ඇවිත් හිටියා.

"ගොඩක් වෙලාද ඇවිත්.."

මගේ ඉන වටේට උණුහුම් අතක් තද වෙනකොට, මාව සුවඳ ගොඩකට ඇදිලා ගියා.

"ම්හ්ම්.."

මම ඒ සුවඳ ගොඩේ මූන ඔබාගෙන ඉන්න ගමන්ම ඔලුව දෙපැත්තට වැනුවා.

"අම්මටසිරි අරාට ගිය කලක්..

මුන් දෙන්නා ඊයෙ නේද සෙට් වුනේ..

යකෝ බැඳලා අවුරුදු ගානක් ගිහින් වගේනේ ඉන්නෙ"

එයාගේ යාලුවෙක්ගෙදෝ කටහඬක් ඇහෙනකොට මං තව ටිකක් ඒ අත් ගොබේකට ගුලි වුණා.

"අද ආයෙම ලෙක්චර්ස් නෑ නේද?

යමු එලියෙන් ලන්ච් එක අරගෙන තමුසෙව ඩ්‍රොප් කරන්නම්.

මට අද කම්පනි එක පැත්තෙ යන්න තියෙනවා හවසට.."

මං හිමිහිට කෙලින් වෙලා එයා දිහා බලනකොට අර හිනාවක් නැති ඒත් දිලිසෙන ඇස් වලින් මං දිහා බලාගෙන හිටියා.

මම හා කියන්න ඔලුව වනලා ඒ අතකින් අල්ලගන්න හැදුවත් මං හිතන්නේ ඒ නොදැකදෝ එයත් අනික් පැත්තට හැරුනේ මම ඒ අතින්ම තද කරලා බෑග් එකේ පටියක් අල්ලගන්නකොට.

"අඩෝ ගහන්න එපා පරයෝ.."

"දීපන් ඔය ෆෝන් එක.."

"බෑ.. තොට ඕන්නං ගෲප් එකෙන් ගනින් වීඩියෝ එක.."

"ටහිකෙන්න.. ඔලුවට ගහන්න එපා යකෝ.."

අපේ පිටිපස්සෙම හිටපු ආරද් ගෙ යාලුවෝ දෙන්නෙක් රණ්ඩු වෙවී අපිව පෙරලන් ඉස්සරහට දුවනකොට තව තුන් දෙනෙක් අපේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවා.

"මචං හවසට සෙට් වෙමු.."

ගේට් එක ගාවදී යාලුවන්ගෙන් වෙන් වෙච්ච එයා මටත් එන්න කියන ගමන් එයාගේ කාර් එක ලඟට ආවා.

"නගින්න.."

මං ඔලුව වනලා මේ පැත්තෙන් කාර් එකට ගොඩ වුණා.

මං දැකලා තියෙනවා ආරද් ට තියෙනවා මේ මොඩ්ල් එකේම සුදු පාට කාර් එකකුත්.

දවසක් ප්‍රසන්ටේෂන් එකක් දවසකදෝ සුදු පාට කමිසෙට කලුපාට කලිසමක් ඇඳලා ලැප්ටොප් බෑග් එකත් අරගෙන සුදු පාට කාර් එකෙන් බහිනකොට...........

"මේවර..... තමුසෙට මං කියන දෙයක් ඇහෙන්නැද්ද ඕඉ.."

"ආහ්හ්.."

"තමුසෙට ෆුඩ් ඇලර්ජීස් තියෙනවද?

ඇස් දෙකත් ලොකු කරගෙන ඒ කේන්ති ගිය මූන දිහාව බලන් හිටපු මම නැහැ කියන්න ඔලුව වැනුවා.

එක්කෝ ඒකටත් බැන්නොත් කතා කරන්න කටක් නැද්ද කියලවත්.

"නෑ..."

"හ්ම්ම්.."

"කේන්ති ගන්න එපානේ.. මට ඇහුනේ නෑනේ.."

මම ඒ පැත්තට හැරිලා ඒ අත් ගොබේකට හාදුවක් තියලා එතන අත ගාන ගමන් ඒ මූණ දිහා බලන් හිටියා.

දැන් දැන් කලු වෙලා තියෙන මූණ යන්තම් එලියක් දකිනකොට මගේ මූනටත් හිනාවක් ආවා.

නුවර පාරේ මග දුරක් යනකොටම හම්බවෙන ලොකූ රෙස්ට්‍රෝරන්ට් එකක් ළඟ එයා නැවැත්තුවා.

මේකට ගියොත් නං මේ මාසෙ ඉතුරු ටික කන්න වෙන්නේ හාල් කැඳ තමා පුතේ.

මං ආරද් ගෙ අතකින් අල්ලගත්තා.

"අපි වෙන තැනකට යමුද..?

"ඒ මොකද?

මං කියන්න වචන එකතු කරන ගමන් කම්මුල් දෙක පුම්බගත්තා.

එයාට නං ඉතින් ගානක් නෑ ඔව්වා. එක්කෝ ආරද් ව මං කන්න යන පොඩි තැන් වලට එක්කන් යන්නත් බෑනේ.

"මුකුත් නෑ.. යමු.."

මම මගේ පැත්තේ දොර ඇරගෙන එලියට ආවා.

බත් කැඳ කියන්නෙත් හොඳ කෑමක් තමයි. සීනි හැන්දකුත් දාගත්තම තවත් සුපිරී.

කාර් එක ලොක් කරන ගමන් මගේ පැත්තට ආපු එයාගේ අතක් ආයෙමත් මම අල්ලගන්න හැදුවත් කලින් වගේම එයා නොදැකදෝ මට ඉස්සරහින් අඩිය තිබ්බා.

මේකට සම්පූර්ණ වැරැද්ද මගේ අත. උඹට වාසනාවක් නෑ අර රස්නේ අත පොඩ්ඩක් අල්ලගන්න.

මං අනික් අතේ දබර ඇගිල්ල උරුක් කරලා මේ අතට දෙකක් ඇන්නා.

එයා පුරුදු කාරයෙක් වගේ ඊළඟ තට්ටුවට යන්න පඩි නගිනකොට, මම වටපිට බලන ගමන් ඒ පිටිපස්සෙන් ඇදුනා.

රෙස්ට්‍රෝරන්ට් එක එලියෙ ඉඳලා පුලුවන් කෑම වල ගණන් කියන්න.

මං හිතන්නෙ ඇතුල දැක්කම ඒ ගාන පොඩ්ඩක් තව පොඩ්ඩක් වැඩි වුනාද කොහෙදෝ.

බත් කැඳවත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ පුතේ.

මං බෑග් එකේ පටියකුත් අත් දෙකෙන්ම ඇද ඇද දෙවෙනි තට්ටුවට ආවා.

"Heaven!!!

මං හිතන්නේ මම මෙහේ හිටපු අවුරුදු තුනට මේ වගේ තැනකට ආවාමද කොහෙදෝ..

හතර වටෙන්ම පේන්නේ කඳු වලින් වට වෙච්ච වැලී එකක් වෙනකොට සහෘදත්වයේ සුහද චාරිකාව - හන්තානෙවත් නොගිය මං බූරුවා, මේ පේන දිව්‍යලෝකේ දිහා වශී වෙලා බලන් වුන්නා.

"බැල්කනි ටේබ්ල් එකක්.."

"මෙහෙන් එන්න සර්.."

"බබා.. එන්න අපි ලන්ච් අරගෙන ඉමු.."

මම එයා දිහා හැරිලා හිනාවක් දුන්නා.

අපි එකට ගන්න පළවෙනි මීල් එක.

"ම්ම්.."

එයා මගේ අතට මෙන්‍යු එකක් දීලා තව එකක් අරගෙන බලන්න ගත්තා.

"සී ෆූඩ්ස්..?

එයා අහනකොට මං හා කියන්න ඔලුව වැනුවා.

මෙන්‍යු එක ආයෙමත් ටේබ්ල් එක උඩින් තියලා මං එයා දිහා බැලුවා.

"හෙට ලෙක්චර්ස් ද?

එයා ඕඩර් එක දීලා මගේ දිහා බලනකොට මම එයාගෙන් ඇහුවා.

"ම්ම්ම්... සතියෙම තියෙනවා.."

"හවසට..?

"ඔෆිස්.."

"ම්ම්ම්.. හෙට දවල්ට..

මම කියන්න ගිය එක මගින් නතර කරලා උකුල උඩින් ගුලි කරන් හිටපු අත් දෙක දිහා බැලුවා.

එයා එක්කෝ කැමති වෙන්නේ නැති වෙයිද? ඒත් ඇහුවයි කියලා මොකුත් වෙන්නේ නෑනේ. මේක මහලොකු දෙයක් නෙමෙයිනේ ඊටත්.

"මොකක්ද කියන්න ගිහින් නැවැත්තුවේ..

"මාත් එක්ක ලන්ච් එක ගන්න එනවද?

"කොහේද?

මේ මනුස්සයා මම්ගුලක් අහනවනේ. කොහේවත් යන්න නෙමේ මිනිහෝ.

"කැම්පස් එකේම තමයි. මම කෑම ගේන්නම්.."

"ම්ම්ම්.."

"ඒ කියන්නේ හා කියලද..?  බෑ කියලද..?

"හා.."

එයා අර හීනි ඇස් තවත් හීනි කරලා කියනකොට ආයෙ ආයෙමත් මං බූරුවා ඒ ඇස් වලට වශී වුණා.

"යේ..."

මං එයාගේ දිහාවට ලොකූ හිනාවක් දෙන ගමන් ඒ අතකින් අල්ලගන්න ගියත් එතකොටම කෑම ආපු නිසා ආයෙමත් ඒක මගෑරිලා ගියා.

"මේ ෆයිනල් සෙමෙස්ට එක නේද මේවර..?

එයා කෑම බෙදාගන්නකන් අහනකොට මම හූ මිටි තිබ්බා.

"ඊට පස්සේ..?

ඊට පස්සේ අහන්නේ මොකක්ද? කැම්පස් ඉවර වෙලා මොනාද කරන්නේ කියලද අහන්නේ?

"ඊට පස්සේ මම ටීච් කරනවා.."

"මම හිතුවෙ තමුසෙ කම්පනි එකකට ඇප්ලයි කරයි කියලා. කැම්පස් එකේම හිටපු සයිලන්ට්ම කෙනා ටීච කෙනෙක් වෙනවා කියන්නේ.. අන්බිලීවබ්ල්.."

එයා කියනකොට මම හිනාවුණා.

"දැන් ස්කූල් එකකට ඇප්ලයි කරලද තියෙන්නේ?

එයා අහනකොට මම ඔලුව හෙලෙව්වා.

"නුවර..?

"නැහැ.. කොළඹ.."

මම කියනකොට එයා ගැස්සිලා මගේ දිහා බැලුවා.

"එතකොට..?

"මාසයක් කොළඹ බ්‍රාන්ච් එකේ ඉඳලා මම ආයෙත් නුවර එන්නම්.."

"ම්ම්.."

කතාවෙන් කතාවෙන් අපි කාලා ඉවර වෙලා තියෙනකොට එයා බිල් එක ගේන්න කිව්වේ මම එයා දිහා බලලා පර්ස් එක අදිනකොට.

"තමුසේ ඔය එළියට ගත්තු එක ආයෙමත් ඇතුලට දාගනින් මේවර.."

"මම පේ කරන්නම්.."

"මාව තරහාගස්සන්න එපා බබා.."

"ම්හ්ම්"

එයා පර්ස් එකෙන් බ්ලැක් කාඩ් එක දීලා එතනින් නැගිටිනකොට මමත් එහෙමම නැගිට්ටා.

"අපි ෆොටෝ එකක් ගමුද මෙතන ඉඳලා..?

මම එයාගේ ෂර්ට් අතේ කොනක් එහෙ මෙහෙ කරන ගමන් අහනකොට එයා එක අතක් මගේ ඉනවටේ අරගෙන ගිහින් මාව තුරුල් කරගත්තා.

එතකොටම ඇහිච්ච සද්ද කීපයක් නිසා මම තේරුම් ගත්තා එයාගේ ෆෝන් එකේ අපේ ෆොටෝස් කීපයක්ම වැදුනා කියලා. මම ආයෙමත් ඉස්සරහට හැරිලා එයා මාව අල්ලන් හිටපු අත උඩින් මගේ අත් දෙකම තියාගන්න හැදුවත් එයා මාව අල්ලන් හිටපු අත අතෑරලා ඒක සාක්කුවක ඔබාගත්තේ මම ආයෙමත් මගේ අත් දෙක එකට ගුලි කරගෙන කැමරාව දිහා බලලා යන්තමට හිනා වෙනකොට.

ලස්සන කප්ල් එකක් කැමරාවෙන් ක්ලික් වෙනකොට මම ආයෙත් බිමට විරිත්තලා එතනින් අයින් වුනේ වේටර් ඇවිත් කාඩ් එක එයාගේ අතට දෙනකොට.

"අපි යමු.."

"එයාගේ පස්සෙන් පඩිපෙළ බහින ගමන් මම ආයෙමත් අපි මෙච්චර වෙලා හිටපු පැත්ත දිහා බැලුවා.."

අපේ පළවෙනි ඩේට් එක!

මගේ මුනේ යන්තමට හිනාවක් මැවෙනකොට, ටික දුරක් ගිහින් හිටපු එයා පස්සෙන් මම දිව්වා.

☘️

To be continued...

☘️

Dear Qties,

මගේ කැම්පස් එකේ තිබුනා කොට ගහක්.

මම ඒ ගහේ නම නම් දන්නෙ නෑ. හරියට බොන්සයි කරලා වගේ කොට ගහක් ඒක. කැම්පස් එකේ අලුත් කප්ල් එකක් රිවීල් වුනාම ඉස්සෙල්ලම කැම්පස් වෙබ්සයිට් එකේ ගොසිප් පේජ් එකේ යනවා.

සාමාන්‍යයෙන් කෙනෙක් ආස්කවුට් කරලා ඊලග තත්ත්පරේ වෙනකොට පේජ් එක අප්ඩේට් වෙනවා. අපි දන්නෙත් නෑ එලෙස කෙලෙස කියලා 😅

ඉතින් ඔය ගොසිප් පේජ් එකේ කන්ෆර්ම් කප්ල් එක ස්ටූඩන්ට් යූනියන් එකෙන් ප්‍රසිද්ධ කරනවා. ඒකෙදි වෙන්නේ කප්ල් එක ගැන ලියපු විස්තරයක් අර මං කියපු කොට ගහේ අලවන එක කැම්පස් එකේ හැමෝටම පේන්න.

හොඳම දේ තමා දවසක් මගේ ක්‍රස් එකගෙ නෝටිස් එකත් මට දකින්න හම්බුණු එක. ඒකනං සෝකජනකයි ප්‍රෙන්ස්... 😂

හා හා එච්චරයි 🫣

☘️

First Chapter
ContentsNext
Previous
ContentsNext