Chapter 36 of 42

chapter 35

My Little Wolfie | TK || Completed1,996 words~10 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

Mrs.kim : දෙයියනේ කුකීගේ ඇග ගිනි මැලෙව්ට රස්නෙයි...එයාගේ ෆර්ස්ට් හීට් එක නිසා කුකීට බෙයාර් නැතුව දරාගන්න අමාරු වෙයි..

මිසිස් කිම් දාඩිය පෙරාගෙන කෙදිරිගාන ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් කියනකොට අනිත් අයගේ මූනූ වල උනත් තිබ්බේ ලොකු දුකක්..මිස්ටර් මින් ආව ගමන් ටේහ්‍යුන්ගේ ප්‍රතිකාර පටන් ගත්තාට ජන්ග්කුක්ගේ තත්ත්වේ එන්න එන්නම දරුණු උන එකයි උනේ..

ජන්ග්කුක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි..එයා විශේෂ මේල් ඔමෙගා කෙනෙක්..ඒ නිසාම එයාගේ ෆර්ස්ට් හීට් එක හුගක් විශේෂයි..සාමාන්‍ය කෙනෙක්ට වඩා ජන්ග්කුක්ගේ වේදනාව වැඩියි..දවස් ගානක් නොකා හිටිය නිසා ජන්ග්කුක් දුර්වලයි..ටේහ්‍යුන්ගේ ඇදුම් අස්සේ ගුලි වෙලා කන් දෙකයි පුලුන් නැට්ටයි හකිලගෙන ගුලි වෙලා ඉන්න පුංචි හුරතල් හා පැටියාට ඒ වේදනාව දරාගන්න අමාරුයි..ඇරත් ජන්ග්කුක් දැනටමත් මාර්ක් කරලා නිසා එයාට දැනුනේ එයාගේ මුලු ඇගම පිච්චෙනවා වගේ...

🐰 ආහ්හ්...රිදෙනවා...හ්..හ්‍යුන්ගී....පිච්චෙනවා..

කුකී බබාව පිච්චෙනවා හ්‍යුන්ගී...

ජන්ග්කුකගේ නෙස්‍ටින්ග් පීරියඩ් එක හිමීට ඉවරවීගෙන හීට් එක පටන් ගන්නකොටම ජන්ග්කුක් එයාගේ ඇග අල්ලගෙන දගලන්න පටන් ගත්තේ වටේ එයා දිහා බලාගෙන ඉන්න ජන්ග්කුක්ගේ නූනලා ඔක්කොම වගේ අසරණ කරලයි..එයාලා දන්නවා මේ වේදනාව ජන්ග්කුක් වගේ හුරතල් බෝලයකට දරාගන්න අමාරුයි කියලා..වේදනාව අස්සෙත් එයා අඩගහන්නේ එයාගේ හ්‍යුන්ගීට වෙනකොට හැමෝගෙම ඇස්වලට කදුලු පිරුනා..

❤️ අනේ කුකී බබා..🥺🥺

රෝස් කදුලු පුරෝගෙන ජන්ග්කුක්ගේ අත ඇල්ලුවත් හිතුවේ නැති විදියට ජන්ග්කුක් රෝස්ගේ අත ගසලා දැම්මේ ඇස් දම්පාට කරගෙනයි..

🐰 අල්ලන්න එපා...නූනා කුකීව පිච්චෙනවා..

බේබිට එයාගේ හ්‍යුන්ගීව ඕන...

එයාගේ අත අල්ලන්න හදපු රෝස්ගෙ ඇස් දිහා බලාගෙන අඩ අඩ කියනකොට රෝස්ට ඒ වේදනාව දරාගන්න බෑ..පුංචි හීරීමක් උනත් මහ හයියෙන් කෑ ගහලා අඩන එයාගේ හුරතල් බෝලේ මෙච්චර වේදනාවක් දරාගෙන ඉන්නවා කොහොමද රෝස් බලන් ඉන්නේ...

Mrs.kim : ලොකූ...ගිහින් වතුර බාජනයක් අරන් එන්න..අපි කුකීව තවමු...

මිසිස් කිම්ගේ අනට ජිසූ වතුර බාජනයක් අරන් ආවම රෙදි කෑල්ලන් තෙමලා ඇදේ ගුලිවෙන ජන්ග්කුක්ගේ ඇග තෙමන්න ගත්තාම වතුර නිසා යාන්තම් හරි සහනයක් දැනෙනකොට ජන්ග්කුක් එයාගේ ශර්ට් එකයි කලිසමයි ගලවලා බොක්සර් එක විතරක් ඉතුරු වෙන විදියට ඇදේ ගුලි උනා..ජන්ග්කුක් ඉන්නේ දරාගන්න බැරි තරම් වේදනාවෙන්..ඇග තව තව ඉන්නකොට එකපාරටම ජන්ග්කුක් යටි බඩ අල්ලන් කෑ ගහගෙන වකුටු උනාම හැමෝම බය උනා..

🐰 ආහ්...ඔම්මා.....මගේ බන්ඩි සිදෙනවා..ආහ්..හ්‍යුන්ගී බේබි ලගට එන්නකෝ...බේබිගේ බන්ඩි ගැලවිලා යනවා වගෙ..ආහ්....ඉන්න බෑ...කුකී බබාට මැරෙන්න හිතෙනවා හ්‍යුන්ගී...ඉන්න බෑ.....

කුකී කෑ ගහලා කැ ගහල වේදනාව දරාගන්න බැරිම තැන එයාට මැරෙන්න ඕන කියලා කියනකොට රෝස් හිටියේ එයාගේ දරාගැනීමේ උපරිමේටම ගිහින්...ඒ නිසා කුකිගේ කෑ ගැහිලි අහගෙන ඉන්නම බැරි තැන රෝස් අඩාගෙන කාමරෙන් එලියට දිව්වා..

Mrs.jung : ඩෝලි එයා පස්සෙන් යන්න..එයාට දුර්වල වෙන්න දෙන්න එපා..

මිසිස් ජන්ග් කිව්වාම ලීසාත් ඔලුව වනලා රෝස් පස්සෙන් දුවන් ගියාම මිසිස් කිම් හිමීට ඇදේ ටේහ්‍යුන්ගේ ඇදුම් බදාගෙන දගලන ජන්ග්කුක් දිහා බැලුවා..

🌺 මමා අපි මොකද කරන්නේ ??

පැත්තක පුටුවේ වාඩි වෙලා බඩත් අල්ලන් ඉන්න ජෙනි මිසිස් කිම්ගෙන් ඇහුවාම මිසිස් කිම් කරේ අසරණව ජෙනි දිහා බලපු එකයි..එයාගේ දරුවෝ දෙන්නාම මෙහෙම වේදනා විදිනකොට ඔම්මෙක් කොහොමද ඉතින් දරාගන්නේ ??

Mrs.kim : මගේ බෙයාර්ට විතරයි කුකී බබාව මේ වෙලේ සනසන්න පුලුවන්...මොන පවක් කරාට දෙයියනේ දෙයියෝ මේ තරම් මගේ දරුවෝ දෙන්නාට රිද්දන්නේ...

Mrs.jung : සේහියා...ඔයත් දුර්වල වෙලා හරියන්නේ නෑනේ...බය වෙන්න එපා..බෙයාර් ඉක්මනට නැගිටීවී..

.

.

.

.

මේ අතරේ රෝස් කෙලින්ම දුවගෙන ගියේ ටේහ්‍යුන් බෙහෙත් කරන කාමරෙට..රෝස් ඇත්තටම දැනගෙන හිටියේ නෑ ටේහ්‍යුන්ට බෙහෙත් කරන්නේ කවුද කියලා..එයාට ඒ ගැන අහන්න වෙලාවක් තිබ්බේ නෑ..කවුරුම හරි බෙහෙත් කරලා එයාට ඕනේ උනේ ටේහ්‍යුන්ව ඉක්මනට ජන්ග්කුක් ලගට අරන් යන්න...එයාට බෑ බලන් ඉන්න එයාගෙ හුරතල් මල්ලිගේ වේදනාව..කතාවට උනත් කියනවානේ අක්කා තමයි පවුලක දෙවෙනි අම්මා කියලා..ඉතින් අම්මෙක් කොහොමද තමන්ගේ දරුවාගේ වේදනාව බලාගෙන ඉන්නේ..රෝස් දුවගෙන ගිහින් තාමත් සිහිය නැතුව ඉන්න ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තා..

ටේහ්‍යුන් මේ වෙනකොට හිටියේ රුධිරය එකතු උන එලකිරි වලින් පුරවපු බෙහෙත් ඔරුවක් ඇතුලේ ගිල්ලලා..ටේහ්‍යුන්ගේ ඔලුව හුස්ම ගන්න ලේසි වෙන්න එලියට තියලා තිබ්බාත් මුලු ඇගම තිබ්බේ කිරි ඇතුලේ ගිල්ලලා..ටේහ්‍යුන්ගේ ශරීරයට ඇතුල් වෙලා තියෙන විස වැම්පයර්ස්ලාට හුගක් දරුනු නැතත් වෘකයටන්ට ඒක මාරාන්තිකයි...ඒ විස ජන්ග්කුක්ගේ ඇගේ දිගටම තිබ්බා නම් අනිවාර්යයෙන්ම ජන්ග්කුක් මැරෙනවා..ඒත් ටේහ්‍යුන් ඒ විස උරලා එයාගේ ඇගට ගත්ත එකෙන් ජන්ග්කුක්ගේ ජිවිතේ බේරුනත් අර්ධ වෘක ශරීරයක් තියෙන ටේහ්‍යුන්ගේ ශරීරයට ටිකෙන් ටික විස පැතිරෙන්න පටන් ගත්තා..ටේහ්‍යුන්ගේ ලේවල වෘක ලේ තියෙන නිසායි ඒ විස ටේහ්‍යුන්ට බලපෑම් කරේ...ඒත් ඒ විස නසන්න වෘකයන්ට කරන ක්‍රම කරාට වැඩක් නෑ..මොකද ටේහ්‍යුන් කියන්නේ පූර්ණ වෘකයෙක් නෙමෙයිනේ..ඒ නිසායි කිම්ලටවත්, ජන්ග්ලටවත් ටේහ්‍යුන්ව බේරගන්න ක්‍රමයක් පොත් වලින් හොයාගන්න බැරි උනේ..ඒත් මිස්ටර් මින් කියන්නෙ කැලේ ඇතුලේ ඉදන් අවුරුදු 18ක් මායාව වගේම, වෛද්‍ය ක්ෂේත්‍රයත් ප්‍රගුන කරපු කෙනෙක්..ඒ වගේම එයා මීට කලින් අහම්බෙන් හම්බුන අර්ධ මිනිස්, අර්ධ වෘක කෙනෙක්ට මේ විසට බෙහෙත් කරා...ඒක සාර්ථක උන නිසා මින් හැදුවේ ඒ ක්‍රමයෙන් හරි ටේහ්‍යුන්ව සුවපත් කරන්න උත්සාහ කරන්න..ඒත් ටේහ්‍යුන් වැම්පයර් කෙනෙක් නිසා මිස්ටර් මින් රුධිරය කිරිවලට කලවම් කරන්න හිතුවේ..ඒ යෝජනාව ඉදිරිපත් කර ගමන් දෙපාරක් නොහිතා ජින් ටේහ්‍යුන් වෙනුවෙන් එයාගේ අත කපලා ලේ දෙනකොට ජින්ගේ ශරීරයෙන් ලොකු ප්‍රමාණයක් ලේ ගිය නිසාත් දවස් ගානකින් කන්නේ නැතුව ඉදලා දුර්වල වෙලා නිසාත් ජින් කලන්තේ දාලා වැටුනා..අන්තිමට ජින්ව අරගෙන නම්ජුන් මියුන්ග්සො එක්ක කාමරෙන් යනකොට ටේහ්‍යුන්ගේ කාමරේ රැදුනේ මිස්ටර් මින්, කිම් , ජන්ග් එක්ක යූන්මින් දෙන්නා විතරයි...ජැක්සන් , කායි , හොබි තුන්දෙනා බෝගම් එක්ක ආරක්ෂාව තහවුරු කරන්න යනකොට ඉයුන්වූ හිටියේ දෙපැත්තට පනිවිඩ හුවමාරු කරන ගමන්..

මේ වෙනකොට ටේහ්‍යුන්ගේ සුදුමැලි පෙනුම හරි ගිහින් සාමාන්‍ය තත්ත්වෙට ආපු නිසා හරි නම් දැන් ටේහ්‍යුන්ට සිහිය එන්න ඕන..ඒත් ටේහ්‍යුන්ගේ ශරීරය සාමාන්‍ය තත්වෙට ආවට ටේහ්‍යුන්ගේ මනස තාම නැගිටින්න සූදානමක් තිබ්බේ නෑ...ඒත් එකපාරටම රෝස් කාමරේට ආවම හැමෝම පුදුම වෙලා වගේ මිස්ටර් මින්ගේ මූන බැලුවා..මිස්ටර් මින් නම් හිටියේ ඇස්වල කදුලු පුරෝගෙන එයාගේ පුංචි දුව දිහා බලාගෙන..ඒත් රෝස් නම් හිටියෙ එයාගේ මල්ලිගේ සිහියෙන් නිසා එයා දිහා බලන් ඉන්න ආදරණීය ඇස් දැක්කේ නෑ..

❤️ ටේයා...අනේ ටේයා නැගිටින්නකෝ....ඔයාට බැහැ ඔහොම ඉන්න..ම..මගේ කුකී...මගේ කුකී අඩනවා ටේයා..එයාට රිදෙනවාලු...එයාට ඔයාව ඕනෙ ටේයා...ඔයාගේ බේබිට එයාගේ හ්‍යුන්ගීව ඕනේ..චේබල් නැගිටින්නකෝ...යාහ් කිම් ටේහ්‍යුන් නැගිටිනවා !!

🌱 රෝස්..සන්සුන් වෙන්න...

ලීසා රොස් ලගින් වාඩි වෙලා කියනකොට රෝස් ලීසාගේ ඇදුමෙන් අල්ලගත්තේ හොදටම කේන්ති ගිහින්..

❤️ හහ් සන්සුන් වෙන්න !! මන් කොහොමද සන්සුන් වෙන්නේ ?? මගේ පන අරහේ මැරෙන්න ඕන ගාලා කියනකොට මන් කොහොමද කියනවා සන්සුන් වෙන්නේ ?? මෙතන සිහියක් නැතුව ඉන්නේ තමුන්ගේ මල්ලි..ටේයා මැරුනත් තමුසෙට ගානක් නැද්ද ලීසා..?? ඔයාට - ආහ්..

චටාස් 💥💥💥

රෝස් ඉතුරු ටික කියලා ඉවර කරන්න කලින් ලීසා රෝස්ට කම්මුල්පාරක් දුන්නා..රෝස්ගෙ ඇස්වල කදුලු බේරෙනකොට ලීසාගේ ඇස් කේන්තියටම රතුවෙලා තිබ්බේ..

🌱 තමුසේ මොනවාද රෝස් මගෙ හැගීම් ගැන දන්නේ ?? හිතන් ඉන්නෙ බෙයාර් මෙහෙම ඉන්නකොට මන් ඉන්නේ සතුටෙන් කියලාද ?? ආහ්...බෙයාර් මැරුනත් මට ගානක් නැද්ද - හහ් - තමුසේ කොහොමද ලිසා එහෙම හිතුවේවත්..බෙයාර් මගේ පන..එයා මගේ ඇගෙන් කොටසක්...අපි දෙන්නා රන්ඩු වෙනවා තමයි..හරි මන් හැමෝම ඉස්සරහ කියනවා තමයි මට බෙයාර්ව පේන්න බැහැ කියලා..ඒත් ඒ ඔක්කොම බොරු කියලා ඔයා දන්නවා රෝස්..මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ එයාට...බෙයාර් දගයි තමයි..කරන්නෙම මෝඩ වැඩ තමයි..ඒත් ඒ මගේ මල්ලි...එකට බඩවැල කඩාගෙන ආපු මල්ලි..බෙයාර් මෙහෙම ඉන්නකොට මට දැනෙන්නේ මගේ ඇගේ කොටසකට පන නෑ වගේ..මටත් බැහැ එයා මෙහෙම හැසිරෙනවා බලන් ඉන්න...ඒ මගේ පන...මන් එයාට ආදරෙයි...එයාගේ හිනාවට මන් ආදරෙයි...මේ ලෝකේ මන් දකින්න ආසම හිනාව ඒක..අපේ පවුලේ පොඩ්ඩා උනත් බෙයාර් තමයි දුක හිතෙන හැමවෙලේම අපිව බලාගන්නේ..මන් ලගට ආවම බැනලා එලෙව්වාට මන් ආසයි එයා මන් ලගට එනවාට..ඇවිල්ලා රන්ඩු වෙලා මට ගහලා යනවට මන් ආසයි...

.

.

.

.

🐯 මගෙන් ගුටි කන්න තමුසේ එච්චරටම ආසද ඩෝලි ??

🌱 ඔව් මන් ආසයි තමයි..මොකද මන් තමුසෙට ආදරෙයි...මන් -

🌱🐥❤️🐱 බෙයාර් !!

ටේහ්‍යුන් බෙහෙත් ඔරුවේ වාඩි වෙලා ඒකේ ගැට්ටක කම්මුලත් තියාගෙන හිනා වීගෙන අහනකොට රෝස්ට කෑ ගහපු පිම්මටම හැරිලා ටේහ්‍යුන්ටත් කෑ ගැහුවත් ටිකක් වෙලා ගියාම තමයි ලීසාට මීටර් උනේ ටේහ්‍යුන්ට සිහිය ඇවිල්ලා කියලා..ලීසා තියා රෝස්- ලීසා දෙන්නාගේ වලිය දිහා බලන් හිටපු නිසා එතන හිටපු එක කෙනෙක්වත් දැක්කේ නෑ ටේහ්‍යුන්ට සිහිය ඇවිල්ලා හිනා වෙවී ලීසා කියවන ඒවා අහන් ඉන්නවා කියලා..

🌱 දෙයියනේ ඔයාට සිහිය ඇවිල්ලා...

ලීසා පැනපු ගමන් ටේහ්‍යුන්ගේ බෙල්ලේ එල්ලෙනකොට දෙන්නත් එක්කම ආයි බෙහෙත් ඔරුවට වැටුනේ ලේ එක්ක එකතු වෙලා තිබ්බ කිරිවලින් ලීසවත් නාවලයි...

🐯 දැන්වත් මගේ බෙල්ල අතාරිනවා ඩෝලී...හුස්ම ගන්න බැහැ !!

🌱 පුහ් වැඩේමයි තමුසෙගේ බෙල්ල බදන් ඉන්න..මට වෙන වැඩ නෑනේ...

ආයි සුපුරුදු ට්‍රැක් එකට වැටුන ලීසා ටේහ්‍යුන්ගේ බෙල්ල අතෑරලා එයා මුකුත් කරේ නෑ වගේ බෙහෙත් ඔරුවෙන් එලියට ඇවිල්ලා..

🌱 ඉක්මනට යනවා තමුසේ බේබි තමුසේ එනකම් බලන් ඉන්නවා...

කියලා රෝස්වත් ඇදගෙන බලාගෙන ගියා...අනිත් අයට මේ දේවල් සුපුරුදු දර්ශනයක් උනත් මිස්ටර් මින් නම් හිටියේ එක දිගට උන දේවල් ගැන හරියට හිතාගන්න බැරුව..මිස්ටර් කිම් නම් ඉතින් ඒ මගේ ලමයි නෙමෙයි සීන් එකෙන් හිටියා..ටිකකින් ටේහ්‍යුන් ඇදුම් මාරු කරලා මිස්ටර් මින් ටේහ්‍යුන්ව චෙක් කරලා එයාගේ තත්ත්වේ දැන් සාමාන්‍යයි කිව්වාම ඉක්මනට ටේහ්‍යුන් නැගිට්ටේ එයාගේ බේබිව හොයාගෙන යන්න..

🐥 මිස්ටර් වැම්පී..ගුඩ් ලක් !!

🐱 ඒයි මගේ කුකීට වැඩිය රිද්දන්නේ නෑ හරිද ??

Mr.Min : මගේ පොඩි එකාට හෙට ඇවිදින්න බැරි වෙන්න වැඩේ කරන්න හරිද ??

🐱 යාහ් ඩැඩා...ඔයා කොහොමද ඔයාගේ දරුවාට එහෙම කරන්න කියලා කියන්නේ ??

Mr.min : මගේ දරුවා උනත් ෆර්ස්ට් නයිට් එක මෙලෝ රහක් නැති වෙනවට මන් ආස නෑ...ඔයා දන්නේ නෑ මන් ඔයාගේ මමාට ඔයාව දුන්නේ එකපාරින් වැඩේ කරලා හරිද ??

🐱 එහෙමයි කියලා ඔහොම කියන එක හරිද ??

Mr.min : හරි මන් වැරදි කියමුකෝ..දැන් තමුන් මගේ හුරතල් මූචි බෝලෙට ඇදෙන් බහින්න පුලුවන් විදියටද පලවෙනි දවසේ වැඩේ කරේ ??

🐱 යාහ් ඩැඩා මොනවාද කියවන්නේ ?? එයාගේ අප්පාත් ඉන්නවා මෙතන...බලන්න මගේ චිමි බෝලේ රතුවෙලා අනේ...

කට්ටිය කියන ඒවාට ටේහ්‍යුන් හිටියේ පුදුම වෙලා..ඒ අස්සේ එයාට බෙහෙත් කරපු කෙනාට යූන්ගි ඇයි ඩැඩා කියන්නෙ කියලා ටේහ්‍යුන් කල්පනා කරනකොට මිස්ටර් කිම් ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දාලා යන්න කිව්වේ මේ වෙලේ ටේහ්‍යුන්ගේ පලවෙනි රාජකාරිය ජන්ග්කුක් නිසායි..ඒ අස්සේ ජිමින් නම් යූන්ගිට අර වගේ වාචාල කටක් ආවේ එයාගේ ඩැඩාගෙන් කියලා තේරුම් අරන් හිටියේ සසර කලකිරිලා..මොකද ඉතින් මේ වෙනකොට එයාලා දෙන්න කියන ඒවාට ජිමින් උනත් ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා හිටියේ..

Mr.kim : බෙයාර් ඉක්මනට යන්න..පස්සේ ඔයාට හැමදෙයක්ම කියන්නම් !!

මිස්ටර් කිම් කියන පමාවට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කාමරේට ටෙලිපෝර්ට් උනා...ඒත් ඉතින් ජන්ග්කුක්ගේ සිහියෙන් හිටපු කට්ටියම ටේහ්‍යුන් එකපාරටම ආවම හොදටම බය උනා..

🌹යාහ් බෙයාර්...තමුසේ අපිව මරන්නද හදන්නේ ??

ජිසූ පැනපු ගමන් කැ ගහගෙන ටේහ්‍යුන්ගේ බෙල්ලේ එල්ලුනා..ඇයි ඉතින් ටේහ්‍යුන් කෙලින්ම ටෙලිපෝර්ට් උනේ ජිසූගේ පිටිපස්සෙන් නෙහ්...කොහොම හරි ඔක්කොම ඇවිල්ලා ටේහ්‍යුන්ව බදාගත්තාත් ටේහ්‍යුන් ඇස් තිබ්බේ ඇදේ ගුලිවෙලා ඉන්න ජන්ග්කුක් ලග..ටේහ්‍යුන්ගේ සුවද නිසා ජන්ග්කුක් මේ වෙනකොට ටිකක් කන්ට්‍රෝල් උනත් එයා තාමත් ඉන්නේ කදුලු පුරෝගෙන ටේහ්‍යුන්ගේ ඇදුම් අස්සේ වකුටු වෙලා..ඒ අස්සේ ටේහ්‍යුන්ගේ ඇස් නතර උනේ ජන්ග්කුක්ගේ නිරුවත් පපුව දිහාවටයි..

🐯 ඔයාලා මගේ බේබිගේ ඇදුම් ගැලෙව්වාද ??

Mrs.kim : වැඩේමයි අපිට ඔයාගේ බේබිගේ ඇදුම් ගලවන්න..එයාමයි ගලවගත්තේ...

මිසිස් කිම් හේතු කියනකොට ටේහ්‍යුන්ගෙ කටහඩ ඇහුන නිසා ජන්ග්කුක් හිමීට ඇස් ඇරලා බැලුවා..

🐰 හ්..හ්‍යුන්ගී...

🐯 බේබී...

Mrs.kim : යන්න බෙයාර්..එයාට මේ වෙලේ ඔයාව ඕනේ..

මිසිස් කිම් ටේහ්‍යුන්ව ජන්ග්කුක් ලගට යවලා හැමෝම කාමරෙන් එලියට ගියාම ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක් ලගට ලන් උනා..ඇද පුරා තියෙන ටේහ්‍යුන්ගේ ඇදුම් විසික් කරපු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ලගට ගිහින් එයාව තුරුල් කරගත්තා..ජන්ග්කුකත් මෙච්චර වෙලා එයාට ඕනේ උනුහුම ලැබුනාම ඒ උනුහුමට තුරුල් වෙලා ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන ඔබාගෙන හයියෙන් හයියෙන් හුස්ම ගත්තා..ටේහ්‍යුන්ගේ සුවද එයාගේ මුලු පපුව පුරාම යවාගන්නයි ජන්ග්කුකට ඕන වෙලා තිබ්බේ...

🐯 මියානේ මගේ බේබී...හ්‍යුන්ගී නිසා බේබිට හුගක් රිදුනා නේද ??

🐰 හ්‍යුන්ගී බේබීට තාම සිදෙනවා..බේබිගේ ඔමෙගා බෑඩ් දේවල් කරන්න කියලා කියනවා..

🐯 මොනවාද බේබිගේ ඔමෙගා දැන් කියන්නේ ම්ම් ??

ටේහ්‍යුන් ඇහුවාම ජන්ග්කුක්ගේ සිතුවිලි එයාට කියන දේවල් මතක් වෙලා රතු උනා..ලැජ්ජාවටම මූන ටේහ්‍යුන්ගේ බෙල්ලේ අස්සේ ආයි හංගගත්තාම ටේහ්‍යුන් ජන්ග්කුකව එයාගේ බෙල්ල අස්සෙන් ආයි ඇදලා අරගෙන ඒ දිලිසෙන බම්බි ඇස්වලට එබුනා..

🐯 ම්ම්..කෝ කියන්නකෝ...මගේ ඔමේගා මොනවාද බේබිට කරන්න කියන්නේ ම්ම්..??

ටේහ්‍යුන් හරිම ආදරණීයව ගැඹුරු කටහඩකින් අහනකොට ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කටහඩ නිසා ජන්ග්කුක් තවත් ඇවිස්සුන එකයි උනේ...

🐯 ම්ම්..කියන්නකෝ බේබී ??

ටේහ්‍යුන් එයාගේ පුංචි ඔමේගාගේ බෙල්ලේ හිමීට තොල් අරන් යන ගමන් අහනකොට ජන්ග්කුක්ගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනුනේ..එයා ඒ හැගීමට හුගක් ආස කරා..ඒ නිසාම ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ හරියට වාඩි වෙලා ටේහ්‍යුන් ඒ කරන වැඩේට තව ඉඩ හදලා දුන්නාම ජන්ග්කුක්ගේ පුංචි වැඩේට ටේහ්‍යුන්ට හිනා ගියා..

.

.

.

.

.

.

හේ හේ සුට්ටක් විතර පරක්කු උනා 😁

❤️❤️❤️Happy New Year ❤️❤️❤️

ඇත්තටම මන් කලින් දෙන්න හිටියේ..වැඩ වගේකට හිර වෙලා ලියාගන්න බැරි උනා..🥺🥺

ඊයේ දෙන්න හිටියට ඉතින් අවුරුදු තෑගි විදියට මට හෙම්බා හැදිලා අදයි පොඩ්ඩක් ඔලුව උස්සගන්න පුලුවන් උනේ 🙂🙂

මේ අවුරුද්ද කොච්චර හොදද කියනවා නම් මායි වෙන්ඩ හබි අවුරුද්ද ලබන්න හරියටම විනාඩි 15කට විතර කලින් පන්සලේ පහන් පත්තු කරන්න ගිහින් තෙල් විසික් වෙලා පුච්ච ගත්තා..🙂🙂මගේ නම් වැටුන ගමන් වෙන්ඩ හබියයි අම්මායි අත පිහිදැම්ම හින්දා ගානක් නෑ..හබිය එයාගේ අතට වැටුන එක කිව්වේ පස්සේ..බලන් ගියාම මට වඩා තෙල් එයාගේ ඉහිරිලා..තැන් 13ක දිය පට්ටා දාලා..පරන අවුරුද්දේ වස් දොස් දෙන්නා ඒ විදියට ඉවර කරලා මහ රෑ අයිස් ක්‍රීම් කාලා දෙන්නාම අලුත් අවුරුද්දේ හෙම්බා හදාගෙන ඉන්නේ...🙂🙂

ඒ නිසා ඉතින් ඊයෙත් අප්ඩේට් දෙන්න විදියක් තිබ්බේ නෑ..ඔන්න අද නම් දුන්නා...😁😁

ඊලග එකේ 18+ part එකක් යන්නේ කියලා තේරෙනවානේ ඉතින්..චූටි බබාලා බැලුවේ නැතුවට කමක් නෑ හොදේ..😁😁

මහ ලොකුවට ලියාගන්න නම් බෑ..ඒ උනාට පොඩ්ඩක් එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි දාලා ගැට ගහලා දෙන්නම් 🙂🙂

අදම දෙන්න බලන්නම් 😁😁

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️

Contents
Contents