Chapter 35: chapter 34

My Little Wolfie | TK || CompletedWords: 27893

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

🐱 ජින්, ජිමිනිව දැක්කාද ??

යූන්ගි මුලු මාලිගාව පුරාම එයාගේ පාත්ත පැටියාව හොයලා බැරිම තැන ජින් ලගට ආවේ එයාවත් දැක්කද අහන්න..මොකද ජිමින් එයා ලග හැරෙන්න තව ඉන්නවා නම් ඉන්නේ කිම් ෆැමිලි එකේ කා ගාව හරි හුරතල් වෙවි නිසායි..

🐹 එයා ලීසා එක්ක එලියට ගියා යුගී...ඉක්මනට එයි බයවෙන්න එපා..

🐱 එත් තනියම ??

යූන්ගි ටිකක් බය උන මූනෙන් අහනකොට ජින් හිනා වුනා..ජින් දන්නවා මූයොන්ග් තාම නිදැල්ලේ ඉන්න නිසා යූන්ගි කිසිම කෙනෙක්ව තනි කරන්න කැමති නෑ කියලා..

🐹 බය වෙන්න එපා පූස් තඩියො..එයාලා දෙන්නාගේ පස්සෙන් මට විශ්වාසම කෙනාව මන් යැව්වා..

🐱 ඔහ් ඔයාගේ හෙනහුරා එක්කද ??

🐹 යාහ් !!

ජින් යූන්ගි පස්සෙන් පන්නන කලින් යූන්ගි ඉක්මනට එතනින් පැනලා යන්න හැදුවත් ජින් යූන්ගිව අල්ලගත්තා..මොකද ජින් දන්නවා යූන්ගි කවුරුත් එයාව බදාගන්නවට ආස නෑ කියලා..යූන්ගිව බදාගන්න චාන්ස් එකක් ආවොත් එන්නේ ඉතින් ජිමින්ටයි කුකීටයි රෝස්ටයි විතරයි..ඒ හැරෙන්න වෙන කවුරු බදාගත්තාත් හොර පූසාට මල පනිනවා.

ජින් යූන්ගිව තද කරගෙන අල්ලගෙන ඉන්නකොට මෙතනට ආවේ මාලිගාවේ කිචන් එකේ වැඩ කරන මිස්ටර් ජේම්ස්...ජින් යූන්ගිව බැක් හග් කරන් තද කරලා අල්ලගෙන ඉන්න දිහා ජේම්ස් ඇස් ලොකු කරන් බලන් ඉදලා එතනින් ඉක්මනට ගියා..ටේකුක් දෙන්නාගේ සම්බන්ධේ හැරෙන්න අනිත් අයගේ සම්බන්ධය තාමත් පිට අය කවුරුත් දැනගෙන හිටියේ නෑ..එයාලා දන්නේ කිම් ෆැමිලි එකේ සහොදර සහෝදරියෝ ගැන විතරයි..මේටින්ග් බොන්ඩ් ගැන පැහැදීමක් කාටවත්ම තිබ්බේ නැ..මොකද එක එක වෙලාවට එක එක එක්කෙනා ඉන්න නිසා මාලිගාවේ අයට ඔලුව කොලොප්පම් වෙලා තිබ්බේ...පුංචි කාලේ ඉදන් එකට හිටපු නිසා කිම් - ජන්ග් ෆැමිලි දෙකටම එයාගේ මේට් කාත් එක්ක හිටියත් ගානක් තිබ්බේ නෑ..මින් ෆැමිලි එකටත් එහෙමයි..ඒ නිසා ජිමින්, ලීසා, රෝස් අහුවෙන ඕන කෙනෙක් ලග හුරතල් වෙනවා..මේ දිහා මාලිගාවේ වැඩ කරන අය බලන් හිටියේ කටවල් ඇරන් ඉතින්..ජේම්ස්ටත් උනේ ඒ ටික..මොකද එයා උදේ දැක්කා ජින් නම්ජුන්ට තුරුල් වෙලා ඉන්නවා..යූන්ගි රෝස්ව බදාගෙන ඉන්නවා..දැන් ආයි ජින් යූන්ගිව බදාගෙන ඉන්නකොට ජේම්ස්ට මුකුත්ම හිතාගන්න බැරි උනා.

🐹 ආයි මගේ ජුනීට එහෙම කියනවාද ආහ් ??

🐱 ඇයි කිව්වොත් මොකද කරන්නෙ??

🐹 දිගටම බදාගෙන ඉන්නවා..ජූන් ආවම එයාටත් ඔයාව මෙහෙම බදාගෙන ඉන්න කියනවා..

ඒකට නම් යූන්ගිට කෙල ගුලියක් ගිලුනා..එයාට ශුවර් මේ තඩියො දෙන්නාට අහු උනොත් යූන්ගිට රොටියක් වෙන්න වෙනවා කියලා..

🐱 හරි හරි කියන්නේ නෑ..මාව අතාරිනවකෝ දැන්වත් !!

ජින් යූන්ගිව චප්ප කරන් ඉන්න නිසා බැරිම තැන එහෙම කිව්වාම ජින් කට කොනේ හිනාවක් එක්ක යූන්ගිව අතෑරියා..

🐱 හම්මෝ..තමුසෙ අන්තිමට නෑවේ කවද්ද ජින් !!

🐹 ම්ම්...යුද්දේ දවසෙද කොහෙද ??

🐱 ඊව්..ඌරා..

🐹 අනේහ් මේහ්..තමුසෙව් මට ඌරා කියන්නේ කොහොමද, උබේ පාත්ත පැටියා දැන් සති දෙකක විතර ඉදන් නාලා නෑ..

🐱 ඒ උනාට මගේ පාත්ත පැටියා උබ වගේ ගද නෑ..එයා බේබි සබන් සුවදයි !!

යුන්ගි ඒක ගානකට නොගෙන කිව්වාත් මෙච්චර වෙලා හිනාවක් රැදිලා තිබ්බ ජින්ගේ මූනේ එක තප්පරෙන් ආයි කදුලු පිරුනා..යූන්ගි ඒක දැක්කාම කලබල උනේ ජින්ට දුක හිතෙන්න තරම් එයා මොකක්ද කිව්වේ කියලා හිතාගන්න බැරුවයි..

🐱 යාහ් ජිනි ?? ඇයි මේ ??

🐹 ම..මට බෙයාර්ව මතක් උනා යුගී..මගෙ බෙයාර් හැමවෙලේම කියනවා එයාගේ හා පැටියා ලග බේබි සබන් සුවදයිලු..ඒ නිසා එයාට එයාගේ හා පැටියාව ඈත් කරන්න හිතෙන්නෙම නෑලු...මට පාලුයි යුගී මගේ දග බෙයාර් නැතුව..

ජින් ඇස්වල කදුලු පුරෝගෙන කියනකොට පිටිපස්සේ ඉදන් මේ දෙන්නාගේ කතාව අහන් හිටපු කායිගේ ඇස්වලටත් කදුලු පිරුනා...කායි දැක්කා පිටතට ජින් වගේ කදුලු නොපෙන්නුවට යූන්ගි ඉන්නෙත් ඇස් අස්සෙ කදුලු හංගගෙන කියලා..

🐺 හැමදෙම ඉක්මනට හොද වෙයි ජිනි..

🐹🐱 හ්‍යුන්ග්..

පිටිපස්සෙ ඉදන් කායි කියනකොට ඒ පැත්තට හැරුන ජින් ඉක්මනට කායිගේ තුරුලට පැන්නා..පුංචි කාලේ ඉදන්ම ජින් ටේහ්‍යුන් රන්ඩුවක් උන ගමන් කායි ගන්නේ ජින්ගේ පැත්ත..ජෙනි ටේගේ පැත්ත..ඉතින් ජින්ටේ දෙන්නා වෙනුවෙන් ජෙනිකායි දෙන්නා රන්ඩු වෙනවා...ඒ දෙන්නා මේට්ලා උනත් ඒ රන්ඩුව ඉතින් එහෙම්ම තමයි..ජින් එයාගේ ඩැඩාට පස්සේ ඒ උනුහුමට හුරු උනේ කායි ලගින්..මොකද කායි කියන්නේ ඇත්තටම ජින්ගෙම නොවුනත් ජින්ගේ හ්‍යුන්ග්..

🐺 අපෝ මේ බලන්නකෝ යූන්ගී ඇල්ෆා කෙනෙක් අඩන කැත..ඔහොම හොටු පෙර පෙර අඩනවාද ?? ආහ් !!

🐱 ඒකනේ..අඩන්න එපා ජිනි..ලෝකේ පෙරලලා හරි අපි බෙයාර් හොද කරගන්නවා..බය වෙන්න එපා..

කායිගේ තුරුලට වෙලා අඩන ජින්ගේ ඔලුව අත ගගා යූන්ගි කියනකොට කායි ජින්ගේ පිටට තට්ටු කරා..එයාලා දන්නවා ජින්ට ටේහ්‍යුන් අර විදියට ඉන්නවා බලන් ඉන්න බැහැ කියලා..

සලාන් 💥💥💥

වීදුරුවක් බිදුන සද්දෙට ඒ පැත්ත හැරුනාම තමයි එයාලා ඔක්කොම දැක්කේ එයාලා දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න ජේම්ස්ව..ඇත්තටම ජේම්ස් ආයි එයාගේ වැඩේ කරගෙන මෙතනින් යනකොට දැක්කේ ජින් කායිව තුරුල් කරන් ඉන්නවා වගේම යූන්ගි එයාව සනසනවා..එකපාරටම දැක්ක දේන් ජේම්ස්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව එයාගේ අතේ තිබ්බ වීදුරුව බිමට වැටිලා සද්දෙන් බිදිලා ගියා..එ සද්දෙට හරි සිහියට ආපු ජේම්ස් ඉක්මනට කටු ටික ඇහිදලා සමාව අරන් එතනින් ගියේ ආයි නම් මලත් කිචන් එකෙන් එලියට එන්නේ නෑ කියලා ස්ථිර අධිශ්ඨානයනුයි..

මේ අතරේ යන්න ගියපු ජේම්ස්වත් තල්ලු කරන් දුවන් ආපු ඉයුන්වූ ජේම්ස් ආයි නැගිටලා යනකම් හති අරින්න පටන් ගත්තා..ජේම්ස් ගිය ගමන් ඉයුන්වූ ජින්ගේ මූන බලපු විදියෙන්ම එයාලට තේරුනා මෙතන මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක් කියලා..

💛 හ්..හ්‍යුන්ග් ක්..කුකි ක්..කුකී..එ..එයා..

🐱 ඇයි කුකීට මොකද ?? යාහ් කියනවා..

💛 හ්..හ්‍යුන්ග් ක්..කුකී නෙස්‍ටින්ග් !!

🐱🐺🐹 මොකක් !!

.

.

.

.

.

යූන්ගි රෝස් දෙන්නා උදේ ටේකුක් කාමරෙන් ගියාට පස්සේ දවල් වෙලා ඉයුන්වූ ජන්ග්කුකව බලන්න කාමරේට ගියේ එයා කියන එකවත් අහයිද බලන්නයි..ඒත් ඒ පැත්තට යනකොට ඉයුන්වූ දැක්කා බෝගම් ඉන්නේ හුගක් අමාරුවෙන් කියලා..

💛 බෝගම් හ්‍යුන්ග් !! ඇයි මේ ?? දාඩියත් දාලා..

🐬 ම්ම්ම්...මේ අහන්න..රැ..රැජිනව පොඩ්ඩක් බලන්න..ඔයා බෙටා කෙනෙක් නේද ??

ඉයුන්වූ ඔව් කියලා ඔලුව වනපු ගමන් බෝගම් ඉයුන්වූව කාමරේ ඇතුලට දැම්මා..ඇත්තටම උදේ ඉදන් ජන්ග්කුක්ගේ පිට වෙන සැර සුවද නිසා වැම්පයර් කෙනෙක් උනත් බෝගම් හිටියේ ටිකක් අමාරුවෙන්..එයා වැම්පයර් කෙනෙක් නිසා දරාගන්න පුලුවන් උනත් ඒ සැර සුවද බෝගම්ගේ ඔලුව කැකුමක් ඇති කරා..ඒත් ටේකුක් දෙන්නාගේ ආරක්ෂව වෙනුවෙන් එයාට එතනින් යන්න පුලුවන් උනේ නෑ..මොකද මේ සැර සුවද මාලිගාවේ ඉන්න ඇල්ෆා කෙනෙක්ට දැනුනොත් වෙන්නේ ලොකු විනාශයක්..ඔමෙගාගෙන් පිට වෙන සැර සුවද බෙටා කෙනෙක්ට සහ වැම්පයර්ස්ලට දරාගන්න පුලුවන් උනාට ඇල්ෆාලට ඒක දරාගන්න අමාරුයි..ඒ නිසායි ඉයුන්වූ ආපු ගමන් ජන්ග්කුකව බලන්න බෝගම් එයාව යැව්වේ..

💛 ක්..කුකී ??

ඉයුන්වූ යනකොට ටේහ්‍යුන් ඇදේ හිටපු විදියටම හිටියත් ජන්ග්කුක් කාමරේ පේන්න හිටියේ නෑ...ඉයුන්වූ කොච්චර බය උනාද කියනවා නම් මුලු කාමරෙම ජන්ග්කුකව හොයලා බැරිම තැන ක්ලෝසෙට් එක ඇරියේ...ඒක අරිනවත් එක්කම ඉයුන්වූ දැක්ක දේට එයාගේ ඇස්වලට කදුලු ඉනුවා..ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ ශර්ට් ගොඩක් අස්සේ හැංගිලා..එයට දාඩිය දාලා හොදටම ගැහෙනවා..බොල ඇස්වල කදුලු පිරිලා..

💛 ක්..කුකී ?

🐰 හ්..හ්‍යුන්ගීව මෙ..මෙතනින් අ..අරන් යන්න..

ජන්ග්කුක් තව ටිකක් ටේහ්‍යුන්ගේ ඇදුම් අස්සේ ගුලිවෙන ගමන් කියනකොට ඉයුන්වූට තේරුනා ජන්ග්කුක් ඇයි එහෙම කියන්නේ කියලා..ජන්ග්කුක් දන්නවා එයාට හීට් එක හැදෙන්න යන්නේ කියලා..ටේහ්‍යුන් අසිහියෙන් හිටියත් ජන්ග්කුක්ගේ සුවදේ බලපෑම නිස ටේහ්‍යුන් හිටියේ දාඩියෙන් පෙගිලා කෙදිරි ගාන ගමන් හිටියේ..ජන්ග්කුක්ට උනත් එයාගේ මේට් ලග ඉන්නකොට විශේෂයෙන්ම මාර්ක් කරලා තියෙනකොට එයාගේ ඔමෙගාව පාලනය කරගන්න අමාරුයි..ඒ නිසාම ජන්ග්කුක් බය උනා එයාගේ අතින් ටේහ්‍යුන්ට මොනවා හරි වෙයි කියලා..ජන්ග්කුක්ට හීට් එක ගැන තේරුමක් හරියට තිබ්බේ නැතත් එයාගේ මනසට එන දේවල් නිසා එයා බය උනා ටේහ්‍යුන්ට එයාගේ අතින් කරදරයක් වෙයි කියලා..ඒ නිසායි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ලගින් අයින් වෙලා ටේහ්‍යුන්ගේ කබඩ් එක අස්සට කූඩුවක් වගේ ටේහ්‍යුන්ගේ ඇදුම් හදගෙන ඒක අස්සේ ගුලි උනේ..

💛 කුකී බබා..ඔහොම ඉන්න මන් ඉක්මනට උදව් අරන් එන්නම්..

ඉයුන්වූ කොච්චර චන්ඩියා උනත් මේ වගේ වෙලේක කරන්න ඕන මොකක්ද කියලා තේරුමක් එයාට තිබ්බෙ නෑ..ඒ නිසායි එයා කාගෙන් හරි උදව් ඉල්ලන්න ගියේ..එහෙම යනකොට තමයි ඉස්සරහින්ම ජින්, යූන්ගි වගේම කායිත් හම්බුනේ..

අන්තිමට එයාලගේ උදව් ඇතුව ඉයුන්වූට පුලුවන් උනා ජිසූවයි මිසිස් ජන්ග් එක්ක කුකීව බලන්න ඇතුලට යවන්න..මොකද ඉතුන් අර තුන්දෙනාට කිව්වා කියලා එයාලට කුකී ලගට යන්න බැහැනේ..

Mrs.jung : කුකී බබා..

🌹 කුකී ඔයා කොහෙද ??

🐰 ම්..මෙහේ...

ජන්ග්කුකව බලන්න කාමරේට ආවත් ජන්ග්කුක් පේන්න නැති නිසා කතා කරාම එයාලාට ඇහුනා ක්ලෝසෙට් අස්සේ ජන්ග්කුක් කෙදිරිගාන සද්දේ..ඒ නිසා ජිසූ ජන්ග්කුක් ලගට යනකොට මිසිස් ජන්ග් ගියේ ටේහ්‍යුන් ලගට..එයා දැක්කා කුකීගේ සුවද නිසා ටේහ්‍යුන්ගේ වැම්පයර් ඉන්නේ වේදනාවෙන් කියලා..වැම්පයර්ට එයාගේ මේට් ලගට යන්න ඕන උනත් ටේහ්‍යුන්ට සිහියක් තිබ්බෙ නෑ..ඒ නිසා කරන්න තිබ්බ එකම දේ ටේහ්‍යුන්ව ජන්ග්කුක්ගේ සුවද දැනෙන්නෙ නැති දුරකින් ඈත් කරන එක..

Mrs.jung ; ජිසූ අපිට කරන්න දෙයක් නෑ..ටේහ්‍යුන්ගේ වැම්පයර් අමාරුවෙන් ඉන්නේ කුකීගේ සුවදට..මන් ටේහ්‍යුන්ව වෙන තැනකට අරන් යන්නම්..ඔයාට පුලුවන් ද කුකීව මන් එනකම් කන්ට්‍රෝල් කරගන්න ??

මිසිස් ජන්ග් අහනකොට ක්ලෝසෙට් එක අස්සේ ගුලි වෙලා ඉන්න ජන්ග්කුක් දිහා බලපු ජිසූ හා කියලා ඔලුව වැනුවා..එයාලට වෙන කරන්න දෙයක් නෑ..එක්කො ටේහ්‍යුන්ට සිහිය එන්න ඕන..නැත්තම් ජන්ග්කුක් හීට් එක දරාගන්න ඕන..ජන්ග්කුක් තාමත් ඉන්නේ නෙස්‍ටින්ග් පීරියඩ් එකේ නිසා ලොකු අමාරුවක් නැතත් පලවෙනි පාරට එයාගේ හීට් එක පටන් ගත්තාම පුංචි කුකී ඒක කොහොම දරාගනිවිද කියලා කාටවත්ම හිතාගන්න බැරි උනා..

🌹 ජන්ග් ඔම්මා...පරිස්සමින් !!

කාමරේට ආපු ඉයුන්වූගේ උදව් එක්ක ටේහ්‍යුන්ව උස්සලා ගත්තු මිසිස් ජන්ග්ට ජිසූ කදුලු පුරෝගෙන කියනකොට මිසිස් ජන්ග් සේරම හරි යයි කියන්න වගේ හිනාවක් දැම්මා..ටේහ්‍යුන්ව කාමරෙන් අරන් ගිය ගමන් ටේහ්‍යුන්ගේ සුවද නැති උනාම ජන්ග්කුක් හිටියේ හුගක් අමාරුවෙන්...

🌹කුකී බබා..එන්න ඇදට..

🐰 ම..මට බැ..බෑ...

🌹 එන්න මන් ඇදුම් ටික ඇදට දාලා දෙන්නම්..

කරන්නම දෙයක් නැතුව ටේහ්‍යුන්ගේ ඇදුම් සේරම ඇදට දාලා දුන්නාම.ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන්ගේ ඇදුම් අස්සේ ගුලි උනේ කූඩුවක් අස්සේ ගුලි උන හා පැටියෙක් වගේ..ජිසූට මේ දිහා බලන් ඉන්න බැරි තරම් දුකයි..ජිසූ ඒ නිසා ටේහ්‍යුන්ගේ ඇදුම් වලින් ජන්ග්කුකව තව ටිකක් කවර් කරේ හීට් එක පටන් ගන්න කලින් ඉක්මනට ටේහ්‍යුන් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්මයි..

🌺 ලොකූ..එයාට කොහොමද ??

ජෙනී එයාගේ බඩත් උස්සගෙන, රෝස් එක්ක කාමරේට එනකොට දැක්කේ ටේහ්‍යුන්ගේ ඇදුම් ගොඩේ ගුලිවෙලා නිදන් ඉන්න කුකීවයි ඒ දිහ කදුලු පුරෝගෙන බලන් ඉන්න ජිසූවයි..

🌹එයා තාම නෙස්‍ටින්ග්...තව ටිකකින් හීට් එක පටන් ගත්තාම කුකීට දරාගන්න බැරි වෙයි...එයාගේ ඇග දැනටමත් වීක්..

❤️ අනේ ඇයි ඔන්නි මගේ කුකී බබාටම මෙහෙම වෙන්නෙ ?? එයා මොකක්ද කරපු පව !!

රෝස් කදුලු පුරවන් කියනකොට ජිසූ එයාගේ තුරුලට රෝස්ව ගත්තේ රෝස්ගේ ප්‍රශ්නෙට එයාට දෙන්න උත්තරයක් නැති නිසායි..

.

.

.

.

ලයිබ්‍රි එකේ ඉදන් එලියට ආපු ගමන් මිසිස් කිම් මිස්ටර් කිම් එක්ක ටේකුක් කාමරේට ආවත් කුකීගේ හීට් එක පටන් අරන් නිසා සේහිව කුකී ලගට යවලා මිස්ටර් කිම් ටේහ්‍යුන් ඉන්න තැනට ආවා..ඒ එනකොටත් ජින් ටේහ්‍යුන්ගේ ඇග තවනවා..

Mr.kim : ජිනි..බෙයාර්ගේ තත්ත්වේ කොහොමද ??

🐹 බෙයාර්ගේ ඇගේ දාඩිය බේරෙනවා ඩැඩා..මට හිතෙන්නේ කුකී ඉන්නෙ අමාරුවෙන් නිසා වැම්පයර් ඉන්නෙත් අමාරුවෙන්..

🦄 පපා..ඔයාලා ටේහ්‍යුන්ව හොද කරගන්න ක්‍රමයක් හොයාගත්තාද ??

හොබි අහනකොට මිස්ටර් කිම් ඔලුව පහත් කරන් නෑ කියලා ඔලුව වැනුවා..

Mr.kim : මට සමාවෙන්න..මන් හොද අප්පෙක් නෙමෙයි..අඩුම මට මගේ දරුවාවත් බේර්ගන්න ක්‍රමයක් නෑ..මන් මොකක් කරන්නද කියලා තේරෙන්නේ නෑ...මන් හුගක් අසරණයි ලමයිනේ..

= මන් උදව් කරන්නම් !!

එත් එක්කම පිටිපස්සෙන් ඇහුන සද්දෙට හැමෝම දොර දිහා බැලුවාම එතන ඉන්න ජිමින්ගේ පිටිපස්සෙ ඉන්න කෙනාව දැකලා පුදුම උනා..විශේෂයෙන්ම යූන්ගි..

🐥 හ්‍යුන්ග් මන් මාලේ අයිතිකරයව හොයාගත්තා..

ජිමින් එහෙම කියලා එයාගේ පිටිපස්සෙ ඉන්න කෙනාව යූන්ගිට පෙන්නනකොට යූන්ගි මෙච්චර දවස් හිර කරගෙන හිටපු කදුලු ඔහේ ඇස්වලින් ගලාගෙන ගියා..

Mr.min : යූන්ගියා...ඩැඩාව අදුරගන්න බැරිද ??

🐱 ඩ්..ඩැඩා...

.

.

.

.

.

.

ඔන්න අප්ඩේට් දුන්නෝ 😁

නෙස්‍ටින්ග් පීරියඩ් එක කියන්නේ ඔමෙගා කෙනෙක්ගේ හීටින්ග් ප්‍රොසෙස් එක පටන් ගන්න කලින් දෙන ඉගියක් වගේ දෙයක්..ඒකෙදි ඔමෙග එයාගේ මේට්ගේ සුවද තියෙන ඇදුම් ගොඩක් අරගෙන කූඩුවක් වගේ හදාගෙන ඒක ඇතුලේ එයාගේ මේට් ලගට එනකම් ඉන්නවා...

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️