Chapter 34: chapter 33

My Little Wolfie | TK || CompletedWords: 33921

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

🐹 හ්‍යුන්ග් මේ ඉන්නේ මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක පාර්ක් බෝගම්...එයා තමයි මෙච්චර දවසක් බෙයාර්ට මාලිගාවේ දි උදව් කරලා තිබ්බේ..

ජින් මාලිගාවේ ප්‍රධාන ආරක්ෂක බෝගම්ව මාලිගාවේ සැලසුම් කාමරේ හිටිය කායි, මියුන්ග්සො , හොබි තුන්දෙනාට හදුන්වලා දුන්නා..

🕊️ ඔහ් කොහොමද බෝගම්...මට නම්ජුන් ඔයා ගැන කියලා තියෙනවා..

🐬 හොදයි කුමරුනි..

බෝගම් යාන්තම් හිනාවක් දාලා ඔලුව පහත් කරලා ආචාර කරාම අනිත් අයත් හිනා වෙලා ආචාර කරා..

🐺 කුමරු කෑල්ලක් ඕන නෑ බෝගම්...මට නම්ජුන් කිව්වා ඔයා එයාටයි බෙයාර්ටයි යාලුවන්ට වගේ සැලකුවේ කියලා...ඉතින් අපිටත් ඒ විදියටම සලකන්න..

කායි හිනා වෙලා කියනකොට බෝගමුත් හිනා උනා..ඇත්තටම ටේහ්‍යුන් මාලිගාවේ ඉන්නකම් මාලිගාව ඇතුලෙම සෙබලු රැස් කරන්න උදව් කරේ බෝගම් තමයි..ඒ නිසාම ඒ ටික කාලෙට ටේහ්‍යුන් බෝගම් අතරේ ලොකු යාලුකමක් ඇති වෙලා තිබ්බා..ඇත්තටම ඒ යාලුකම ඇති වෙන්න ප්‍රධානම හේතුව බෝගම්ගේ නංගි...බෝගම්ගේ නංගි වැඩ කරේ මාලිගාවේ වෛද්‍ය අංශයේ...ඒත් දවසක් බෝගම්ගේ නංගි මිනායාට ප්‍රධාන වෛද්‍යවරයා කරදර කරන්න ගිහින් ටේහ්‍යුන් තමයි එයාව බේරගෙන තිබ්බේ...ඒ වගේම ටේහ්‍යුන් එයාගේ බලය පාවිච්චි කරලා ප්‍රධාන වෛද්‍යවරයව පවා මාලිගාවෙන් පැන්නුවා..එදා ඉදන් බෝගම් නංගි වෙනුවෙන් ටේහ්‍යුන්ට පන උනත් දෙන්න ලෑස්‍තියි..

🦄 බෝගම් අපි ඔයාව ගෙන්නුවේ අපිට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන නිසායි..

🐬 රජතුමා වෙනුවෙන් මන් ඕන දෙයක් කරන්නම්..ඇත්තටම මන් එතුමාට හුගක් ණයයි..

බෝගම් ලොකු අදිෂ්ඨානයකින් කියනකොට අනිත් හැමෝගෙම හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා..මොකද බෝගම්ගේ ඇස් බොරු කරනවා කියලා පෙනුනේ නෑ..

🕊️ මේකයි බෝගම්..ඔයා දන්නවානේ ටේහ්‍යුන්ගේ තත්ත්වේ..එයාගේ තත්ත්වේ එක්ක අපිට එයාගේ ආරක්ෂාව වැඩි කරන්න වෙනවා..මූයොන්ග්ව තාම අහු උනේ නැති නිසා එයාගේ ආරක්ෂව ගැන අපිට ශුවර් කරන්න බැහැ...අනික ජන්ග්කුකත් දැන් හුගක් දුර්වලයි...ඒ නිසා අපිට රජුගෙයි රැජිනගෙයි ආරක්ෂාවට විශ්වාසවන්ත කෙනෙක් ඕන..ඒ වගෙම ඒ දෙන්නාගෙ තත්ත්වේ මාලිගාවෙන් පිටතට යන්න දෙන්නත් බෑ..මොකද එහෙම උනොත් අපිට සාමාන්‍ය ජනතාව පාලනය කරන්න බැරි වෙනවා..මන් කියන එක ඔයාට තේරෙනවා ඇතිනේ..

🐬 දේ...රජුගෙයි රැජිනගෙයි ආරක්ෂව මන් බලාගන්නම්...ඒ වගේම මගේ නංගි රාජකීය වෛද්‍ය අංශයේ ඉන්නේ..ඒ නිසා අනිත් අයට නොදෙනෙන්න රජතුමාගේ වෛද්‍ය කටයුතු මගේ නංගි කරයි..මාලිගවේ ඉක්මනට කටකතා පැතිරෙනවා..ඒ නිසා අපි රජුට සිහිය ආවා කියලා කටකතාවක් පතුරවමු..එතකොට බය වෙන්න දෙයක් නෑ..බෙහෙත් කරන ඒවා ඔක්කොම මට පුලුවන් නංගි ලව්වා හොරෙන් මාලිගාවෙන් ගෙන්වන්න..

🐹 ඒක හොදයි...අපි ඔයාව ගොඩක් විශ්වාස කරනවා බෝගම්..අපේ විශ්වාසය රකින්න..

🐬 එහෙමයි කුමරුනි..

.

.

.

.

මේ අතරේ ජිමින් ,ලීසා දෙන්නා හිටියේ අදුරු වනාන්තරේ ඇතුලේ...ගස් වලට සම්පූර්ණයෙන්ම වැහිලා ගිහින් ඉර එලිය වනාන්තරේට වැටුනේ යාන්තම්..මහ දහවලෙ උනත් තද මීදුමත් එක්ක අදුර පැතිරිලා තිබ්බ නිසා කැලැව ඇතුලේ භායානක බවක් තිබ්බා..අදුරු වනාන්තරේ තිබ්බේ හරියටම වෘක, මායා හා වැම්පයර් රාජධානි තුනටම මැදි වෙලා..ලීසා,ජිමින් දෙන්නා වැම්පයර් රාජධානිය පැත්තෙන් අදුරු වනාන්තරේට ඇතුලු උනත් එයාලා මේ වෙනකොට මායා රාජධානියට ලන් වෙලා..

🌱 ඔයා කිව්ව කෙනා මේක ඇතුලෙ ඇති කියලා ඔයාට ශුවර්ද චිමියෝ..බලනවකෝ මේකේ ඇතුලෙ මනුස්සයෙක්ට ඉන්න පුලුවන් ද ??

🐥 අර මෝඩයා කිව්ව විදියට නම් ඉන්න ඕන..අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකෝ..

🌱 මේ...චිමියෝ...මගේ අතින් අල්ලගන්නවකෝ...මේකේ හොල්මනක් එහෙම ඉදලා මාව අරන් ගියොත් එහෙම ඔහේට මන් වගේ ලස්සන කෙල්ලෙක්ව අපේ පවුලට මවලා දෙන්න වෙයි..

🐥 අනේ මේහ් බය නැතුව එනවා..තමුසෙව කවුරුත් ඉස්සුවා කියලා කිම් පවුලට පාඩුවක් නම් වෙන්නේ නෑ..

ජිමින් කට තද කරන් හිනා වෙවී කියනකොට ලීසා ජිමින්ට රවලා ජිමින්ගේ ශර්ට් එකේ කොනක් තද කරලා අල්ලගත්තා..ඒත් එක්කම ඈතින් කොල පොඩි වෙන සද්දයක් ඇහෙනකොට මෙච්චර වෙලා චන්ඩියෝ දෙන්නා වගේ හිටපු ලීසාමින් දෙන්නා පන කඩාගෙන ආපස්සට දුවලා ගිහින් මේ දෙන්නාගේ ආරක්ෂාවට හොරෙන් පිටිපස්සෙන් ආපු නම්ජුන්ගේ ඇගෙ එල්ලුනේ නම්ජුන් ෆුල් කන්ෆියුස් කරලායි..

🐥🌱 ඈ ඈඈආආඅ.....

🐥ජූන් හ්‍යුන්ග් අපිව බේරගන්න...සතෙක් ඉන්නවා..

🌱 ඈඈ...ජුන් ඔප්පා...ජිමින්ව නම් කෑවත් කමක් නෑ...අනේ මාව නම් කන්න දෙන්න එපා...මගෙ ඇගේ කටු විතරයි තියෙන්නේ..මාව කෑවොත් උගේ කට තුවාල වෙයි..මාව බේරගන්න ඔප්පා...

ලීසාමින් දෙන්නා නම්ජුන්ගේ ඇගේ එල්ලිලා හෙල්ලෙන පදුරට අත දික් කරන් කෑ ගහනකොට නම්ජුන් තාමත් කල්පනා කරේ එයාලා කොහොමද නම්ජුන්ව අදුරගත්තේ කියලා..මොකද ජැක්සන්ගේ ප්ලෑන් එකට අනුව නම්ජුන් පේන්නේ නැති වෙන්න ඇග පුරාම කොල අතු එල්ලන් වැද්දෙක් වගේ හිටියේ..

හචුස්...හ..හාචුස්..

පදුර අස්සෙන් හචින් අරින සද්දයක් ඇහුනාම ලීසාමින් දෙන්නා ජූන්ගේ ඇගේ තවත් එල්ලුනා..

🐥 ඈඈ...ජූන් හ්‍යුන්ග් සතාට හෙම්බිරිස්සාව හැදිලා..එයා හචින් අරිනවා..

ජිමින් තොලුත් උල් කරන් නම්ජුන්ගේ බෙල්ල බදන් කරේ එල්ලිලා කියනකොට මේ වෙලේ නම්ජුන් හිටියේ එක අතකින් ලීසාවත් අනිත් අතින් ජිමින්වත් වඩාගෙන..වෙලාවට නම්ජුන් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් උනේ...නැත්තම් ඉතින් බෙටාලා දෙන්නා එක්කම නම්ජුන් බිම පත බෑවිලා..

🐨 හරි දැන් කලබල නොවී දෙන්නාම මගේ ඇගෙන් බහින්න..මන් කවුද කියලා බලන්නම්..

🐥🌱 අන්ද්වේ....බහින්න බැහැ..

නම්ජුන් බහින්න කිව්වාම ඩබල නම්ජුන්ගේ බෙල්ල බදාගෙන කෑ ගහලා අඩනකොට නම්ජුන් ඇස් රෝල් කරලා ඇගේ එල්ලිලා ඉන්න දෙන්නාවම උස්සන් අමාරුවෙන් ඉස්සරහට ගියා..

🌱 යාහ් යාහ් ඔප්පා යන්න එපා..එයා කයි අපිව..හුවෑ...දැන්ම මැරෙන්න් බැහැ හයියෝ...තාම මාර්ක් කරෙත් නෑ...හුවෑ....

🐥 තමුසෙ ඇත්තටම තාම මාර්ක් කරේ නැද්ද ??

🌱 නෑ...හුවෑහ්හ්...

🐨 ආයිශ්...කටවහගන්නවා දෙන්නාම !

ඉවරයක් නැති කෑ ගැහිලි නිසා නම්ජුන් දෙන්නාටම සද්දෙන් කෑ ගැහුවාම ඩබලම නිශ්ශබ්ද උනා..මොනවා උනත් ඒ දෙන්නාම නම්ජුන්ට සුට්ටක් විතර බයයි..

= හම්මෝ...මේක කහඹිලියා ගහක්ද මන්දා ??

එකපාරටම පදුර අස්සෙන් කතා කරන සද්දයක් ඇහුනාම දෙන්නම තව ටික්ක් නම්ජුන්ට තුරුල උනේ බයට නම් නෙමෙයිලු..

🐥 හ්‍යුන්ග් පදුර කතා කරනවා..

🌱 ඔප්පා ගස්වලට කතා කරන්න පුලුවන් ද ??

නම්ජුන් කෑ ගහන්න එපා කිව්ව නිසා ඩබලම නම්ජුන්ගේ ඇගේ එල්ලිලා රහසින් කත කරන්න පටන් ගත්තාම නම්ජුන් හිටියේ එයා මේ පවුලට එකතු වීම සම්බන්ධයෙන් බලවත් ශෝකයෙන් වෙලිලා..

🐨 ඒයි..ඕක පිටිපස්සේ ඉන්නේ කවුද ?? එනවා එලියට !!

= ජූන් මෙ තමුසෙද ??

🐥 හම්මට..ගහ ජූන් හ්‍යුන්ග්ව අදුරගත්තා..ඔයා මාර ෆේමස්නේ හ්‍යුන්ග්..ගහත් ඔයාව අදුරනවා..

= ජිමින් මේ ඔයාද ??

🐥 අනි..මන් නෙමෙයි ජිමින්...

ගහ ජිමින්ගේ නමින් කතා කරාම ජිමින් බයටම නෑ කියලා ඔලුව වැනුවා..

🐨 කවුද තමුසේ??

නම්ජුන් සැරෙන් ගොරවන ගමන් අහනකොට පදුර තව ටිකක් ගැස්සිලා ඒක ඇතුලෙන් කෙනෙක් එලියට ආවා..

🐥🌱🐨 ජැක්සන් !!

🌱 ගෝර්ඩ් ජැකී ඔප්පා...තමුසෙද ගහ අස්සේ හිටියේ...අපරාදේ බය උනේ..

🐵 ජූන් තමුසේ මොකද මුන් දෙන්නාව වඩාගෙන ??

ජැක්සන් ඇගේ තියෙන ගස් කොල ටික එහාට මෙහාට කරන ගමන් අහනකොට තමා කට්ටියටම මතක් උනේ තාමත් ඉන්නෙ නම්ජුන්ගේ ඇගේ එල්ලිලා කියලා..ඒ නිසා සද්ද නැතුව ලීසාමින් දෙන්නා නම්ජුන්ගේ ඇගෙන් බැහැලා මෝඩ හිනාවක් දැම්මා.

🐨 තමුසේ මොනවද මේ පදුරක් අස්සේ රින්ගන් කරන්නේ ??

🐵 මේ ඇටි පැටව් දෙන්නාව ගාර්ඩ් කරනවා..ජින් කිව්වේ දෙන්නා යන්නේ කොහෙද කියලා හොරෙන් බලන්න කියලානේ...ඉතින් මන් මේ හොරෙන් බලන් හිටියා..

🐥 ඕහ්..මේක ජිනි හ්‍යුන්ගේ වැඩක් එහෙනම් !!

🌱 ඒත් මේ ඇයි ඔය දෙන්නා කොල අතු ඇදන් ඉන්නේ..වැදි නැටුමකට යන්නවත් ද??

🐨 ආයිශ්...තමුසෙගේ ගොන් අදහස් තම මේවා..

ලිසා හිනා වෙවී නෝන්ඩියට අහනකොට ජැක්සන්ට කෑ ගැහුව නම්ජුන් ඉක්මනට ඇගේ එල්ලලා තියෙන කොල අතු ටික ගලවලා විසික් කරා..

= කවුද තමුන්ලා ?? මොනවද අදුරු වනාන්තරේ කරන්නේ ??

කොහෙන්දෝ මතු උන කෙනෙක් එකපාරටම කෑ ගැහුවාම බය උන පාර ජැක්සන් නම්ජුන්ගේ පිටිපස්සේ හැංගෙනකොට ලීසා ජැක්සන්ගේ පිටිපස්සෙත් ජිමින් ලීසාගේ පිටිපස්සෙත් හැංගුනා..

එයාලගේ ඉස්සරහ ඉන්න කෙනා හිටියේ ලෝගුවකින් මූන වහගෙන නිසා ඉන්න කෙනාව හරියට පෙනුනේ නෑ..

= මන් ඇහුවේ ඔය ලමයි කවුද කියලා ?? මොනවද මේ අදුරු වනාන්තරේ කරන්නේ ??

ඉස්සෙල්ලාට වඩා ටිකක් සෞම්‍යව ඒ කෙනා අහනකොට නම්ජුන් ජැක්සන්ගේ මූනත් ජැක්සන් ලීසාගේ මූනත් ලීසා ජිමින්ගේ මූනත් බැලුවා..මොකද ඉතින් එයාලා මේක ඇතුලට ආවේ ඇයි කියලා හරියටම දන්නේ ජිමින් නේ..හැමෝම ජිමින් දිහා කන්න වගේ බලන් ඉන්නකොට ලොකු කෙල ගුලියක් ගිල්ල ජිමින් ඒ ආපු කෙනාත් එක්ක හිනා උනා..

🐥 මේ...මේ...අපි මේ කෙනෙක්ව හොයාගෙන ආවෙ...

= මේ වනාන්තරේ මන් හැරෙන්න වෙන කවුරුත් නෑ දරුවො...මට විතරයි මේ අදුරු වනාන්තරේ ජීවත් වෙන්න පුලුවන්..

🐥 ඔහ්..එ..එහෙනම් ඔයාද මිනිස්සු කියන පූජකවරයා ??

ජිමින් ගොත ගගා එහෙම අහනකොට ඒ මනුස්සයා හයියෙන් හිනා වුනා..ඒ හිනාවට බය උන පාර ජිමින් ඉක්මනට ආයි හැංගුනේ හොදටම දාඩියත් දාගෙනයි..

= ඔයාලා කියන පූජකවරයා කවුද කියලා නම් මන් දන්නේ නෑ..හැබැයි මේ වනාන්තරේ මන් හැරෙන්න වෙන කෙනෙක් නෑ...ම්ම්ම්...සුවදේ හැටියට නම් ඔයාලා ඔක්කොම වෘකයො...ඇල්ෆා කෙනෙකුයි බෙටාලා තුන් දෙනෙකුයි...හුගක් නිර්භීතයි වගේ ඔයාලා..

ඒ කෙනා යාන්තම් හිනා වෙලා අහනකොට හැමෝම බලන් හිටියේ ඒ වැහුන මූන දිහා..

🐨 ම්ම්..මන් හිතන්නේ ඔයාත් ඇල්ෆා කෙනෙක්..ඔයාගේ සුවද වහන් හිටියට මට ඒක දැනෙනවා..

= දේ...ඔයා දක්ෂයි...මන් ඇල්ෆා කෙනෙක් තමයි..ඒ වගෙම මායාව පුහුනු උන ඇල්ෆා කෙනෙක්..

🐥🌱🐵 ඕහ්...

= දැන් ඔය දරුවෝ මෙච්චර දුර ආවේ මොකක් හරි හොයාගෙන වෙන්න ඇතිනේ...යමු මගේ ගෙදරට..එහෙට ගිහින් කතා කරමු..

ඒ කෙනා මිත්‍රශීලීව කියනකොට වෙන කරන්නම දෙයක් නැති තැන හතර දෙනාම එයාගේ පස්සෙන් ගියා..කැලේ ටිකක් ඇතුලට යනකොට ලී වලින් හදපු ලස්සන ගෙයකට ඒ කෙනා ඇතුල් වෙනකොට හතර දෙනාත් එ කෙනා පිටිපස්සෙන් බයෙන් බයෙන් ගියා..

= වාඩි වෙන්න ලමයි..බය වෙන්න එපා..මන් ඔයාලට කරදරයක් කරන්නේ නෑ..

ඒ කෙනා ලෝගුව ගලවන ගමන් කියනකොට තමයි හැමෝගෙම හිතට සහනයක් ආවෙ..මොකද කටහඩ වගේම ඒ කෙනාගේ පෙනුමත් දකින ඕනම කෙනෙක් වශී කරන පෙනුමක් තිබ්බේ..

= ඔහ් මන් මින් ජේසින්...එතකොට ඔයාලා ??

🐨 හදුනා ගන්න ලැබීම සතුටක් මිස්ටර් මින්..මන් කිම් නම්ජූන්, මේ ඉන්නේ ජැක්සන් වෑන්ග්..එතකොට මේ කිම් ලීසා..මේ ජන්ග් ජිමින්..

නම්ජුන් පිලිවෙලට හැමකෙනාවම හදුන්වල දෙනකොට මිස්ටර් මින් එයාලා එක්ක හිනා උනා..ඒක හරිම සුහදශීලී හිනාවක්..

Mr.min : ඉතින් ඔයාල ඇයි මෙහෙට ආවෙ ?? ඇල්ෆා කෙනෙක්ට උනත් මේක භයානක කැලයක්..අනිත් එක ඔයාලා ඇතුලු උනේ වැම්පයර් රාජධානියෙන්..වෘකයෝ මොනවද එහේ කරන්නේ ??

ඒ කෙනා එහෙම අහනකොට හැමෝම මූනට මුන බලාගත්තේ මෙච්චර යුද්ද කරලා එයාලා රාජ්‍යයන් තුනම එකතු කරලත් ඒක මේ කෙනා දන්නෙ නැද්ද කියලා හිතාගන්න බැරුවයි..

🌱 ඇත්තටම ඔයා දන්නේ නැද්ද දැන් රාජ්‍යයන් තුනම එකතු වෙලා කියලා ??

Mr.min : ඇත්තටම ?? මට සමාවෙන්න දරුවෝ..මන් මේ කැලෑවේ ජීවත් වෙන්න අරන් දැන් අවුරුදු 18ක් වෙනවා..මගේ පවුලම නැති උනාට පස්සෙ මන් මේ කැලෑවෙන් එලියට ආවෙම නෑ..

🌱 ඔහ්..අවුරුදු 18ක් ?? එතකොට ඔයාට වයස කීයද ??

Mr.min : මට කීයක් වගේද පේන්නේ ?? ම්ම්..මන් හිතන විදියට මගේ දරුවෝ තුන් දෙනා ජීවතුන් අතර හිටියා නම් එයාලා ඔයාලගේ වයස්වල ඉන්න ඕන..

මිස්ටර් මින් ඇස්වල පිරුනු කදුලු පිහිදන ගමන් කියනකොට හැමදේටම ඉක්මනට හිත උනුවෙන ජිමින් මිස්ටර් මින් ලගට ගිහින් එයාව තුරුල් කරගත්තා..මොකද මේ හිටපු ටිකට මිස්ටර් මින් කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා එයාලට තේරුනා...ජිමින් මිස්ටර් මින්ව බදාගත්තාම අවුරුදු 18කට පස්සේ ලැබුන උනුහුමට ටිකක් ගැස්සුනත් එයත් ආපිට ජිමින්ව බදාගත්තේ තමන්ගේ දරුවන්ව මතක් කරන ගමන්මයි..

🐥 අපිට සමාවෙන්න මිස්ටර් මින්..අපිට ඔයාව රිද්දන්න ඕන උනේ නෑ..

Mr.min : ඒකට කමක් නෑ දරුවෝ...ඉතින් ඔයාලා ඇයි මෙහෙට ආවේ ??

🐥 තව ටිකෙන් ඒකත් අමතක වෙනවා..මේ අපි ආවේ ඔයාගෙන් උදව්වක් ඉල්ලගෙන..

ජිම්න් බිම බලන් කියනකොට ඒ කෙනා හිනා වෙලා ජිමින්ගේ ඔලුව අතගෑවා..ජිමින්ගේ හුරතලේ ඉස්සරහ ඉතින් නපූරු සතෙක් උනත් නැමෙනවා කියලා අනිත් අය දන්නවා..ඒ නිසාම මේ වැඩේ ජිමින්ටම දිගටම කරගෙන යන්න දීලා අනිත් අය සද්ද නැතුව හිටියා..

Mr.min : ඔයා හුගක් හුරතල් දරුවෙක්නේ..ම්ම්..ඉතින් මොකක්ද මගෙන් ඕන උදව්ව ??

🐥 ම්ම්..මේකයි මගේ හොදම යාලුවගේ ශරීරයට විසක් ඇතුලු වෙලා තියෙනවා..අපි කොච්චර බෙහෙත් කරත් එයාට තාම සිහිය ආවේ නෑ..දැන් දවස් තුනක් තිස්සේ එයා ඉන්නෙ සිහිය නැතුව..අනික එයා එන්න එන්නම දුර්වල වෙනවා..මට එයාව බේරගන්න ඕන..චේබල් අපිට උදව් කරන්න..

ජිමින් ඇස්වල කදුලු පුරෝගෙන කියනකොට ලීසාත් ඉක්මනට ලගට ඇවිල්ලා මිස්ටර් මින් ලග දන ගැහුවා..

🌱 චේබල් අජුස්සී..මට මගේ මල්ලිව බේරලා දෙන්න..මිනිස්සු කියන විදියට ඕන දෙයක් ඔයාට කරන්න පුලුවන්ලුනේ..අනේ චේබල්..එයාව බේරලා දෙන්නකෝ..

ලීසා මිස්ටර් මින් ලග දනගහන් කියනකොට අනිත් අයත් ඉක්මනට එයාගේ ඉස්සරහ දනගැහුවා.

🐨 අපි දන්නවා මේක ඔයාට වදයක් කියලා..ඒත් චේබල් අපේ මල්ලිව හොද කරලා දෙන්න..

🐵 චේබල් මිස්ටර් මින්..

හැමෝම දනගහගෙන කියනකොට මිස්ටර් මින් හුගක් කල්පනා කරලා එයාලා හැමෝමට නැගිටින්න කිව්වා.

Mr.min : දැන් නැගිටින්න දරුවනේ...මුලින්ම මට කියන්න එයාට විස ඇතුලු උනේ කොහොමද කියලා...

අන්තිමට එදා උන දේවල් කෙටියෙන් නම්ජුන් හැමදෙයක්ම විස්තර කරා..ඒත් මෙච්චර වෙලා සන්සුන්ම තිබ්බ මිස්ටර් මින්ගේ මූන කේන්තියෙන් පිරෙනකොට එයාලා ඔක්කොම ටිකක් බය උනේ නෑ කියන්නත් බෑ..

Mr.min : ඔයාලා කියන්නේ මට වැම්පයර් රාජධානියේ රජතුමාට බෙහෙත් කරන්න කියලාද ??

ටිකක් දැඩි ස්වරයෙන් මිස්ටර් මින් අහනකොට හැමෝම බිම බලන් ඔව් කියලා ඔලුව වැනුවා..

Mr.min : ඔක්කොම මෙහෙන් යන්න !!

🐥 ඒත්..

Mr.min : කිව්වාම අහලා මෙතනින් යනවා..ඔය වැම්පයර්ස්ලා නිසායි මගේ මුලු පවුලම විනාස උනේ..උන්ට මන් කොහෙත්ම බෙහෙත් කරන්නෙ නෑ..යනව මෙතනින්..

මිස්ටර් මින් කෑ ගහනකොට ලීසාමින් දෙන්නා මිස්ටර් මින්ගේ කකුල් දෙක අල්ලගත්තා..

🌱 අනේ එහෙම කියන්න එපා අජුස්සි...එයාව බේරලා දෙන්න..මන් ඕනම දෙයක් කරන්නම්..මේ අහන්න මන් මගේ ජිවිතේ උනත් දෙන්නම්..මන් දන්නේ නෑ වැම්පයර්ස්ලා ඔයාට මොනවද කරේ කියලා..ඒත් මට සහතික වෙන්න පුලුවන් අපේ පවුලේ කිසිම කෙනෙක් ඒ දේවල් වලට සම්බන්ධ නෑ කියලා...අනේ චේබල්...මට මගේ බෙයාර්ව බේරලා දෙන්න...

🐥 චේබල්...එයාව හොද කරලා දෙන්න..ඔයා කියන ඕනම දෙයක් අපි කරන්නම්..ම..මන් මගේ ජිවිතේ උනත් දෙන්නම්...චේබල් අපිට මෙහෙම කරන්න එපා...

ජිමින්, ලීසා දෙන්නා අඩ අඩ මිස්ටර් මින්ගේ කකුල් අල්ලන් අඩනකොට මේ දිහා බලන් ඉන්න බැරිම තැන ජැක්සන් නම්ජුන් දෙන්නා ඇවිල්ලා එතනින් ලීසාවයි ජිමින්වයි නැගිට්ටෙව්වා..ඒත් මිස්ටර් මින්ගේ ඇස් තිබ්බේ වෙන තැනක..ඔව් එයාගේ ඇස් තිබ්බේ ජිමින්ගෙ බෙල්ලේ තිබ්බ මාලේ..

🐨 එන්න අපි යමු..

Mr.min : ඉන්න..ඔයාට ඔය මාලේ කොහෙන්ද ??

ජිමින්ගේ මාලෙ පෙන්නලා අහනකොට ජිමින් ඒ මාලෙ දිහා බැලුවා..

🐥 එ...ඒක යූන්ගි හ්‍යුන්ග් දුන්නේ..

Mr.min : යු..යුන්ගී ??

🐥 ද්..දේ...මගේ මේට් එයා...එයා කිව්වා මේක පරිස්සම් කරගන්න කියලා..මේක එයාට ගොඩක් වටින දෙයක් කිව්වා..

ජිමින් මාලේ අතගාන ගමන් යාන්තම් හිනා වෙලා කියනකොට මිස්ටර් මින් ඇසුත් ලොකු කරන් ඒ දිහා බලන් හිටියා..

🐵 අපිට සමාවෙන්න ඔයාට කරදර කරාට..ම්ම්..අපි යන්නම්..එන්න චිමි...නම්ජුනා අපි යමු..

ජැක්සන් ඔලුව පහත් කරලා කියලා තාමත් කදුලු පුරෝගෙන ඉන්න ජිමින්ව එයාට තුරුල් කරගන්නකොට නම්ජුන් ලීසාව එයාගේ තුරුලට අරන් පඩිපෙල බහින්න හැදුවත් එයාලා නතර උනේ මිස්ටර් මින් අහපු දේ නිසායි.

Mr.min : ඉන්න !! ඔයාලා කියන්නේ යු..යූන්ගි..මින් යූන්ගි ගැනද ??

.

.

.

.

.

PanchaleeBandara cover එකට thanku pattoo ❤️❤️

හේ හේ..හුග දවසකින් නේද 😁

ඊලග එකත් ඉක්මනට දෙන්නම්...මේක ඇදෙනවා වැඩී වගේද ලමයි 🥺

කොච්චර චැප්ටර්ස් අඩුවෙන් ලියන්න හැදුවත් ඒකවෙන්නෙම නෑනේ...හෙන දිගට බඩවැල වගේ යනවා 😒 සොරි හොදේ...

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️