Chapter 33 of 42

chapter 32

My Little Wolfie | TK || Completed1,630 words~9 min read

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

💛 ඉයුන්වූ

👿 ඇල්ෆා මින්ගුක්

🧛 මූයොන්ග්

..............................................................................................

ටේහ්‍යුන් ජන්ග්කුක් තුරුලෙම සිහිය නැති උනාට පස්සේ ටේහ්‍යුන්ගේ සිහිය තාමත් ආවේ නෑ...අදට දවස් තුනක්...ඒත් තාමත් ටේහ්‍යුන් හිටියේ අසිහියෙන් හොදටම දුර්වල වෙලා...විෂ නිසා ටේහ්‍යුන්ගේ තොල් වේලිලා ඇග සුදුමැලි වෙලා තිබ්බේ..හැමෝම යුද්දේ දිනුවත් කිසිම කෙනෙක්ගේ එ ගැන හිතේ සතුටක් නෑ..හැමෝම ටේහ්‍යුන් දකින දකින වෙලේට හූල්ලනවා..

ටේහ්‍යුන්ට සිහිය නැති නිසා මේ දවස් ටිකේම රාජධානි තුන බලාගත්තේ ටේහ්‍යුන්ගේ පවුලේ අය..වැම්පයර් රාජධානිය ජිසූත් වෘක රාජ්ධානිය ජිනුත්, මායා දේශය යූන්ගිත් බලාගත්තා..හරි නම් ඊලග උරුමක්කාරයා විදියට මායා දෙශය බලාගන්න ඕන ජන්ග්කුක් උනත් ජන්ග්කුක් මේ වෙලේ හිටියේ රාජ්‍යයක් බලාගන්න තියා එයාවවත් බලාගන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි..මොකද ටේහ්‍යුන්ට සිහිය නැති උන වෙලේ ඉදන්ම ජන්ග්කුක් කන්නේ බොන්නෙත් නැතුව ටේහ්‍යුන් ලගටම වෙලා ඉන්නවා..දවස් දෙකට ජන්ග්කුක්ගේ පෙනුම හොදටම දුර්වලපාට වෙලා..

ජන්ග්කුක් ඇත්තටම හිටියේ හොදටම කඩාගෙන වැටිලා..ටේහ්‍යුන්ගේ ඇගට විස ඇතුලු උනේ ජන්ග්කුකව බේරගන්න ගිහින්..ජන්ග්කුක් දන්නවා ටේහ්‍යුන් මාර්ක් කරන්න ඕන කියලා කිව්වාට මාර්ක් කරන එකත් එක්කම ජන්ග්කුක්ගේ විසත් උවමනාවෙන්මයි ඇදලා ගත්තේ කියලා..ඒ නිසා ටේහ්‍යුන් මෙහෙම වෙන්න හේතුව ජන්ග්කුක් සම්පූර්ණයෙන්ම එයාගේ පිට දාගෙන හිටියේ..

❤️ කුකී...මැණික චුට්ටක් කන්නකෝ...

සිහිය නැතුව ඇදේ වැතිරිලා ඉන්න ටේහ්‍යුන්ගේ තුරුලේ ඉන්න ජන්ග්කුක්ගෙන් රෝස් සිය වෙනිවතාවටත් ආයාචනාත්මකව ඉල්ලුවත් ජන්ග්කුක් රෝස්ට අවධානයවත් දුන්නේ නෑ..ඇත්තටම ජන්ග්කුක් දැන් හැසිරෙන්නේ මේ ලෝකේ ටේහ්‍යුන් හැරෙන්න කිසිම කෙනෙක් පේන්නේ නැති ගානට..ජන්ග්කුක් ඉන්නේ කොච්චර දුකින්ද කියනවා නම් වෙනදාට වැනෙනෙ පුලුන් නැට්ට අද ඔහේ ඇදෙන් පහලට කඩාගෙන වැටිලා..පුංචි වෘක කන් දෙකත් පහලට නැවිලා..ඇස් මැලවිලා...දුකෙන් ඉන්න පූස් පැටියෙක් වගේ ජන්ග්කුක් ඔහේ ටේහ්‍යුන්ගේ තුරුලේ හිටියේ..

❤️ අනේ කුකී බබා...පොඩ්ඩක් කන්නකෝ...නූනා කොහොමද මැණික ඔයා දිහා බලාගෙන ඉන්නේ..ම්ම්ම්....එක උගුරක් මේ සුප් එකෙන් බොන්න..

රෝස් කොච්චර කිව්වාත් ජන්ග්කුක් නෙමෙයි රෝස් දිහා බැලුවේ..ජන්ග්කුක් කරන එකම දේ ටේහ්‍යුන්ගේ පපුවෙන් ඔලුව තියාගෙන ටේහ්‍යුන්ගේ දුර්වල හදවත අහගෙන ඉන්න එක විතරයි..රෝස්ට බලෙන් ජන්ග්කුක්ට කවන්න හරි ජන්ග්කුක් එයාව කිසි කෙනෙක්ට අල්ලන්න දෙන්නේ නෑ...එයාව කවුරුහරි ඇල්ලුවොත් ජන්ග්කුක් ගොරවනවා..හරියට මන් ඔයාව මරනවා කියන්න වගේ...ඔමේගා කෙනෙක් උනත් ජන්ග්කුක් ශක්තිමත් කෙනෙක්..ඒ නිසා එයාලා කිසිම කෙනෙක් ජන්ග්කුක්ට බලෙන් මුකුත්ම කරන්නේ නෑ..

❤️ හ්ම්..ඔයාට කන්න බැරි නම් කමක් නෑ...හැබැයි කුකී ඔයා නිසා ඔයාගේ නූනාලා හ්‍යුන්ග්ලා කිසිම කෙනෙක් කාලා නෑ හරිද ??

රෝස් එහෙම කියනකොට ජන්ග්කුක් පියාගෙන හිටපු එක ඇහැක් ඇරලා රෝස් දිහා බැලුවා..ඒත් රෝස්ගේ බලාපොරොත්තු ඔක්කොම බිදලා දාලා ජන්ග්කුක් ආයිමත් ටේහ්‍යුන්ව තව ටිකක් තදට බදාගෙන ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන ගහගෙන මූන හංගන් හාන්සි වුනා..අන්තිමට වෙනදා වගේම රෝස් එලියට ගියේ කියාගන්න බැරි තරම් වේදනාවෙන්..මොන අක්කාටද පුලුවන් තමන්ගේ මල්ලි මෙහෙම දුක් විදිනවා බලන්න..

🐱 එයා කෑවේ නැද්ද රෝස් ??

❤️ ඔප්පා..

ටේකුක් දෙන්නාගේ කාමරේ දොරට හේත්තුවෙලා කදුලු හංගන් ඉන්න රෝස්ව දැකලා යූන්ගි අහනකොට රෝස් නෑ කියලා ඔලුව වනලා යූන්ගිට තුරුල් උනා..යූන්ගිත් එයාගේ පුංචි නංගිව තුරුල් කරගත්තේ රෝස්ට අඩන්න ඇති තරම් එයාගේ උරහිස දීලායි.

❤️ ඇයි ඔප්පා දෛවය මගේ කුකීට සතුටින් ඉන්න දෙන්නේ නැත්තේ ?? මගේ අහින්සක හා පැටියා ඇයි හැමදාම දුක් විදින්නේ ?? එයා මොකක්ද කරපු වැරැද්ද ඔප්පා...

රෝස් යූන්ගිව තුරුලු කරන් අහනකොට එයාට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ..රෝස්ට ඇති තරම් අඩන්න දීලා යූන්ගි එයාගේ වේදනාව සුපුරුදු විදියටම හංගන් හිටියා..ඒත් ඉස්සරහ හැංගිලා හිටිය පුංචි ඇස් දෙකකට යූන්ගිගේ ඇස් ඇස්සේ හැංගුන වේදනාව තේරුනා..එයා එහෙම්ම සද්ද නැතුව අනිත් පැත්ත හැරිලා මාලිගාවේ අශ්වගාලට ආවේ එයාගේ හොදම යාලුවාව හොද කරන්න කොහෙන් හරි බෙහෙතක් හොයන් එනවා කියලා හිතාගෙනයි...ඇත්තටම ජිමින්ට කාර් එකේ යන්න ඕන උනත් එයාට කාර් එහෙක එයාට ඕන තැනට යන්න පුලුවන් කමක් තිබ්බේ නෑ..ඒ නිසායි එයා අශ්වගාලට ආවේ..පුංචි කාලේ ජිමින්ට මිස්ටර් ජන්ග් අශ්වයෝ පදින්න කියලා දීලා තිබ්බේ..ඒ නිසා ජිමින් හොදට අශ්වයෝ හසුරවන්න දක්ෂයි..

🌱 ජිමින් කොහෙද යන්නේ ??

අශ්වගාලේ අස්සක ඉදන් අඩ අඩ හිටපු ලීසාට පුංචි ජීවියාව මාට්ටු උනාම එයා එහෙම්ම ඇස් ගිලෙන හිනාවක් දැම්මා..ඒත් ලීසා දන්නවා ඒ හිනාව අස්සේ තියෙන වේදනාව..

🐥 ම..මන් ගිහින් එන්නම්..

🌱 මාත් එනවා..

🐥 ඩෝලි මේ අහන්න..මන් ගිහින් කොහෙන් හරි විස අයින් කරන්න බෙහෙතක් හොයන් එන්නම්..ඒ නිසා ඔහොම ඉන්න..

🌱 මාත් එන්නම් චිම්...චේබල් මාව එක්කගෙන යන්න..

🐥 ඩෝලි ඒක බයානකයි...කියන දේ අහලා ඉන්න..මන් ගිහින් එන්නම්..

🌱 මේ අහන්න පාර්ක් ජිමින් !! ඔයා වගේම මාත් බෙටා කෙනෙක්..ඒ නිසා අපෙ ශක්තිය සමානයි...ඒ වගේම ඔයාට තරම්ම වේදනාවක් මටත් තියෙනවා...කොච්චර රන්ඩු උනත් ඒ ඉන්නේ මගේ මල්ලි ජිමින්..මට බෑ එයා එහෙම ඉන්නවා බලන්න..මට ඕනේ වෙනදා වගේම මාත් එක්ක බෙයාර් රන්ඩු වෙනවා බලන්න...අපේ පවුල ලස්සනට හිනා වෙලා හිටිය පවුලක් ජිමින්...එකම එක දවසක් නිසා මගේ බෙයාර් ඔහේ ඇදක වැටිලා ඉන්නවා...මමායි ඩැඩායි ජන්ග් මමායි ඩැඩායි එක්ක බෙයාර්ව හොද කරගන්න ක්‍රම පිස්සු හැදිලා වගේ හොයනවා..ඔයා දන්නවාද එයාලා තාම කන්නවත් ලයිබ්‍රි එකෙන් ආවේ නෑ...එතකොට ජින් ඔප්පා රාජ්‍යය බලාගන්න එක නම්ජුන් ඔප්පාට දීලා බෙයාර් දිහා හොරෙන් බල බල අඩනවා...පොඩී බඩේ ඉන්න දරුවාව අත ගගා දවසෙම අඩ අඩ හූල්ලනවා...ලොකූ මියුන්ග්සො ඔප්පාට ඔක්කොම කරන්න කියලා ඔහේ බලාගත්ත අත බලන් ඉන්නවා...මගේ පවුල මෙහෙම දුර්වල පවුලක් නෙමෙයි ජිමින්...ඔයා ඒක දන්නවා...ඒත් බෙයාර් අපේ දුර්වලකම වෙනකොට අපි මොනවාද චිම් කරන්නෙ ?? මට මගේ බෙයාර් එක්ක රන්ඩු වෙන්න ඕන...කුකීව ආයි කෙල්ලෙක් වගේ අන්දලා සෙල්ලම් කරන්න ඕන...මමා එක්ක රන්ඩුවෙන්න ඕන..ලොකූවයි පොඩීවයි අවුස්සන්න ඕන..ජිනීගේ ඇග උඩ පැනලා එයා එක්ක හුරතල් වෙන්න ඕන..හොබි ඔප්පා එක්ක නටන්න ඕන..කායි ඔප්පාගේ මෝඩ කතා අහන් ඉන්න ඕන..නිදන් ඉන්න යූන්ගි ඔප්පාව ඇහැරවලා රන්ඩු කරන්න ඕන..ජැකි ඔප්පා ලව්වා හොබි ඔප්පාට ගහන්න ඕන..එතකොට රෝස් හිනා වෙනවා බලන්න ඕන...එ වගේම ඔයාගේ ඉස්සර තිබ්බ ලස්සන හිනාවත් මට බලන්න ඕන චිම් ??

අන්තිම ටික ලීසා අඩන ගමන් කියලා බිම වාඩි වෙනකොට ලීසා කියවගෙන ගිය හැමදෙයක්ම ඇස්වල කදුලු බේරෙන ගමන් අහන් හිටිය ජිමින් ලීසාව එයාට තුරුලු කරගත්තා...

🐥 ශ්ශ්ශ්..ඩෝලි අඩන්න එපා...මන් ඉන්නවානේ..හරි අපි දෙන්නා යමු...ඒත් මට පොරොන්දු වෙන්න ඕන පරිස්සම් වෙනවා කියලා..

අශ්වයෙක් පිටට නැග්ග ජිමින් ලීසාවත් අශ්වයා පිටට නග්ගගෙන ටේහ්‍යුන් හොද කරන්න බෙහෙතක් හොයාගෙන යන්න පටන් ගත්තා..එයාලා යනකොට දැක්කා වැම්පයර්ස්ලා , වෘකයෝ වගේම මායාකාරයොත් එකට හිනා වෙවී ඉන්නවා..සමහර අය ආදරේ කරනවා...රාජධානි තුනම එකට එකතු වෙලා..

යුද්ධයත් එක්ක රාජධානි තුනම එකතු උනත් අතරින්පතර මේ දේට අකමැති අය හිටියා...ඒත් රාජධානි තුනේ එක්වීමට හුගක් අය කැමැති උනා..මොකද ගොඩක් අයගේ මේට්ලා තමන්ගේ වර්ගයෙ නෙමෙයි...ටේකුක් දෙන්නාට පින් සිද්ද වෙන්න එයාලට එකතු වෙන්න පුලුවන් උනා..

🌱 අපි කොහෙටද යන්නේ චිමි ???

🐥 අදුරු වනාන්තරේට !!

🌱 මෝ ?? එ..ඒ ඇයි එහේ යන්නේ...ඒක හුගක් භයානක තැනක්නේ...

🐥 මට ඉයුන්වූ කිව්වා මෙහෙ මිනිස්සු කියනවා ඇහුනා කියලා අදුරු වනාන්තරේ පූජකවරයෙක් ගැන..එයාට පුලුවන්ලු ඕනම දෙයක් කරන්න..එයාව හොයාගන්න පුලුවන් උනොත් අපිට පුලුවන් වෙයි මිස්ටර් වැම්පිව හොද කරන්න ක්‍රමයක් එයාගෙන් අහගන්න..

🌱 ඒත් ඒක ලේසි වෙන එකක් නෑ චිමි....මන් අහලා තියෙනවා ඒක ඇතුලේ අමුතු ජාතියේ සත්තු ඉන්නවා කියලා..අනික ඔය කියන කෙනා එච්චර ලේසියෙන් අපිට බෙයාර්ව හොද කරගන්න බෙහෙතක් කියයිද ?? මොනවා උනත් අපිට තව කවුරු හරි අඩගහගෙන එන්න තිබ්බේ හැබැයි..

ලීසා බයෙන් වගේ වට පිට බලන ගමන් කියනකොට ජිමින් හිනා උනා..

🐥 බය වෙන්න එපා ඩෝලී...අපේ පස්සෙන් ගාර්ඩ් එක එනවා..

🌱 ම්වෝ ??

🐥 එකපාරටම බලන්න එපා..හොරෙන් බලන්නකෝ අපේ පස්සෙන් එන්නේ කවුද කියලා ??

ජිමින් කිව්වාම ලීසා වටපිට බලනවා වගේ හොරෙන් පිටිපස්සෙන් එන කෙනාව බැලුවා..

🌱 නම්ජුන් ඔප්පායි ජැකි ඔප්පායි නේද ඒ ??

🐥 දේ...එයාලා අපි මාලිගාවෙන් එලියට ආපු වෙලේ ඉදන් අපේ පස්සෙන් හොරෙන් එනවා..මට හිතෙන්නේ අර මෝඩ ඉයුන්වූ වැඩේ දෙල් කරලාද කොහෙද ?? මේ වැඩේට ගිහින් ආවම එයා ගැන බලාගන්නවා..දැනට ඔන්න ඔහේ ඒ දෙන්නා අපෙ පස්සෙන් ආපු දෙන් !!

🌱 ඔහ් එහෙනම් බය වෙන්න දෙයක් නෑ...ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්ට ලන් වෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන එකක් නෑ කියලා මන් හිතනවා..අනික ජැකී ඔප්පා දක්ෂ ෆයිටර් කෙනෙක්නේ...

🐥 ටේයා කියන එක නම් ඇත්ත !! ඔයාගෙ නම් ඇත්තටම කට විතරයි ඩෝලි..

.

.

.

.

.

මේ අතරේ කායි, හොබි හිටියේ මියුන්ග්සො එක්ක ලොකු සාකාච්ඡාවක..

🕊️ මූයොන්ග් ගැන තාම තොරතුරක් නැද්ද කායි..

🐺 මටත් ඒක හිතාගන්න බෑ මියුන්ග්සො...එයා පැනගන්නකොටත් හුගක් තුවාල වෙලා තිබ්බේ..එහෙම එකේ වැඩි දුරක් යන්නත් බෑ...ඒත් මූයොන්ග් ඉන්න තැනක් ගැන කිසිම සාක්ශියක් නෑ..

තාමත් මූයොන්ගේ කිසිම තොරතුරක් නෑ..මියුන්ග්සො , හොබි , කායි එකතු වෙලා හැමතැනකම මියුන්ග්සොව හෙව්වත් එයා ගැන කිසිම ආරංචියක් ලැබුනේ නෑ..පැන ගන්නකොටත් හුගක් තුවාල වෙලා හිටිය නිසා මූයොන්ගේ ජිවිතේ ගැන විශ්වාසයක් නොතිබ්බත් මූයොන්ග් කියන්නෙ ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙමෙයි කියලා දන්න නිසාම මූයොන්ගේ බොඩි එක හරි හොයන්න එයාලා ලොකු වෙහෙසක් දැරුවා..

🦄 මට වෙලාවකට හිතෙනවා මූයොන්ග් මෙහෙම දෙයක් වෙයි කියලා දැනගෙන කලින්ම පැනලා යන්න ප්ලෑනක් ගහන්න ඇති කියලා..

🕊️ ඒක නම් ඇත්තටම මටත් හිතුනා...

🐺 ඔයාලා කියන විදියට මූයොන්ග්ට තව ප්ලෑන් එකක් තිබුනා නම් අපිට එයා එන ඕනම විදියකට ලෑස්ති වෙලා ඉන්න වෙයි..

🕊️ හ්ම්...මට හිතෙන්නේ මනුස්ස ලෝකෙට අපිට සමුදෙන්න වෙයි වගේ...

🦄 එතකොට ඔයාලගේ බිස්නස් ??

🐺 ඒවා කෙරෙයි..ඉදලා හිටලා ගිහින් අපිට බලන්න බැරියෑ...දැන් මේ මූයොන්ගේ කරදරේ ඉවරයක් කරලා ඉන්න ඕන..

🦄 ඔය ඔක්කොටම කලින් බෙයාර් හොද වෙලා ඉන්න ඕන හ්‍යුන්ග්..එයා එන්න එන්නම දුර්වල වෙනවා..කුකීත් නොකා නොබී ඉන්න නිසා එයත් දුර්වලයි...බෙයාර් කුකීව මාර්ක් කර නිසා කුකීට තවත් අමාරු ඇති...කලින් කුකී කේන්තියෙන් හරි හිටියා...එත් දැන් එයාගේ ඇගෙන් මායාව ගොඩක් අයින් වෙලා නිසා කුකීව පාලනේ කරන්නේ එයාගේ ඔමේගා...මේටින්ග් බොන්ඩ් එක නිසා ඔමේගා දුර්වල ඇති...ඒ නිසා කුකි ශක්තිමත් වෙන්න කිසිම උත්සයක් දරන්නේ නෑ...බෙයාර්වත් කුකීවත් නැතුව රාජ්‍ය පවත්වගන්න අමාරුයි..

🕊️ හොබි කියන එක ඇත්ත..කුකී ගැනවත් බෙයාර් ගැනවත් කටකතා යන එක නතර කරන්න ඕන..එයාලා දෙන්නා දුර්වලයි කියලා දැනගත්තොත් මූයොන්ග් අපිට ආයි ඇටෑක් කරයි..

🐺 ඒත් ඒක ලේසි නෑ මියුන්ග්සො..බෙයාර් සිහිය නැතුව වැටුනේ හැමෝම ඉස්සරහ...අනික එයාලා දන්නවා බෙයාර්ට විසක් ශරීරගත වෙලා කියලා..ඒ නිසා බෙයාර්ගේ තත්ත්වේ හංගන එක ලේසි නෑ..

🦄 ඒක අමාරු උනත් කරන්න වෙනවා හ්‍යුන්ග් !! එයාලා දෙන්නා දුර්වල වෙනවා කියන්නේ අපි අච්චර අමාරුවෙන් අල්ලගත්ත රාජ්‍යය ආයි කඩාගෙන වැටෙනවා..බෙයාර්ට සිහිය එනකම් අපි කොහොම හරි එයා අමාරුවෙන් ගත්ත එයාගේ රාජ්‍යය පරිස්සම් කරන්න ඕන හ්‍යුන්ග්...

.

.

.

.

.

Mrs. & Mr. Jung ( Jimin , Hobi & kai Family ) 😁

______________________♡_________________________

මේ ෆොටෝ එකට නම් ඇත්තටම දුක හිතුනා 🥺

( මේක edit එකක් කියලා දැන් ලමයි දැනගත්තේ...ඇත්තටම මෙහෙම edit හදන්නේ ඇයි දෙයියනේ...)

එයාලා ඊයේ හුගක් අඩලා වගේ...කුකී ඇස් සම්පූර්ණයෙන්ම වහගෙන හිටියේ එයා හුගක් අඩන්න ඇති..එයා කොහොමත් ජින්ගේ පුංචි බබානේ..ජිමින්, හොබි දෙන්නාගෙත් ඇස් ඉදිමිලා තියෙනවා හොදට පෙනුනා...එයාලා අවුරුදු ගානක් එකට ඉදලා මෙහෙම වෙන් වෙන්න උනාම දුක ඇති ඇත්තටම 🥺

______________________♡_________________________

ඔහ් ලමයි කතාවට ඔයාලා ඇඩික්ට් වෙලා කියලා හිතෙනවා මට 🤭

අප්ඩේට් පුලුවන් හැමවෙලේම දෙන්නම් මන්..කොහෙද ඕතරීට හිටපු ගමන් ටයිප් කරන්න කම්මැලි...😁😁 අත රිදෙනවා අප්පා ටයිප් කරනකොට 🙂

ඉක්මනට ඊලග එකත් දෙන්නම්...මේ දවස් වල මට වැකේශන්..ඒත් ඉතින් research එකේ වැඩ එක්ක වැකේශන් එක තියෙන්නේ...🙂🙂

( අලුත් namjin එකක්...ශෝර්ට් එපි තියෙන්නේ..complete එකක්...ඒ නිසා එක හුස්මට කියවන් යන්න පුලුවන් 😁 )

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️

Contents
Contents