Chapter 26: chapter 25

My Little Wolfie | TK || CompletedWords: 36771

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

මියුන්ග්සෝ මිස්ටර් කිම්, කායි එක්ක නම්ජින් ඩබලව බේරගන්න හොස්පිටල් එකට ගිය අතරේ අනිත් අය ටේහ්‍යුන්ගෙන් උන දේවල් ඔක්කොම අහගත්තා..හැබැයි ටේහ්‍යුන් වගේම එතන හිටපු කිසිම කෙනෙක් නම්ජුන්ගේ ඇගේ තිබ්බ තුවාල කැලලි ගැන මිසිස් කිම්ටවත් ජෙනීටවත් ජිසූටවත් කිසිම දෙයක් කිව්වේ නෑ...මොකද හරියට හේතුවක් නැතුව එයාලට ඕන උනේ නෑ නම්ජුන් ගැන එයාලගේ ෆැමිලි එක ඉස්සරහ වැරදි ප්‍රතිරූපයක් හදන්න..විශේෂයෙන්ම ටේගී ජැක් තුන් දෙනාට..ජින් නම්ජුන් එයාගේ මේට් වෙන්නත් කලින් ඉදන්ම නම්ජුන්ට ආදරේ කරනවා කියලා එයාලා හොදටම දැනගෙන හිටියා..ඉතින් දැන් මේට් උනාම මොන හේතුවකටවත් ජින් නම්ජුන්ව අතාරින්නේ නෑ කියලා එයාලා දන්නවා..

Mrs.kim : එතකොට ඔයාලා කියන්නේ ජිනීගේ මේට් නම්ජුන් පුතා ??

මිසිස් කිම් ඇහුමාව හැමෝම ඔව් කියලා ඔලුව උඩට පහලට කරා..

🌺 එතකොට ඇයි මෙච්චරකල් නම්ජුන්ගේ ඉව දැනුනේ නැත්තේ ??

🐯 අපිට වගේම එයාලටත් සාධාරණ හේතුවක් තියෙන්න ඇති..ඒකනේ එයාලත් මනුස්ස ලෝකේ ඉන්නේ..

🌹 හ්ම්..එහෙමයි කියමුකෝ...ඒත් ඒ දෙන්නාගෙන් කවුද ටොප් ??

ජිසූ මෙච්චර වෙලා එයාට තිබ්බ ප්‍රශ්නේ ඇහුවාම හැමෝම ජිසූගේ පැත්තට හැරුනා..

🌺 ලොකූ අහපු ප්‍රශ්නෙමයි මටත් තියෙන්නේ..ජිනිත් ඇල්ෆා කෙනෙක්..අනික නිකන් ඇල්ෆා කෙනෙක් නෙමෙයි එයා රාජකීය රුධිරය තියෙන ඇල්ෆා කෙනෙක්..

🐱 ජින් රාජකීය ඇල්ෆා කෙනෙක් උනත් ජූන් කියන්නේ ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්...අනිවාර්යයෙන්ම එයා ජින්ට වඩා ශක්තිමත් වෙන්න ඕන...

🌱 ඒ උනාට මන් හිතන්නේ ටොප් අපේ ඔප්පා වෙයි..එයා ඔහොම හිටියට හරි සැරයිත් එක්ක...නම්ජුන් ඔප්පා ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් උනත් සැර නෑනේ...එයා හරි අහින්සකයි..

🐯 ඒ ඔයා දැකලා තියෙන්නේ නම්ජුන් හ්‍යුන්ග්ව නිසානේ..ඔයා එයාගේ ඇල්ෆාව දැකලා තිබ්බා නම් ඔහොම කියන්නේ නෑ..එයා අපි හිතනවට වඩා හුගක් ලොකුයි..ඒ වගේම ශක්තිමත්..

🌱 තමුසේ කොහොමද ඇල්ෆාව දැක්කේ ??

🐯 ඇයි මෝඩි එදා අපි දෙන්නාව බේරගත්තේ ඇල්ෆානේ..

🐥 ඕහ්හ්හ්...ජින් හ්‍යුන්ගේ හෙනහුරා..

ජිමින් ඒක මතක් කරගමන් හැමෝටම ආයි හිනා ගියේ එයාලා අච්චර ලස්සන නම්ජුන්ව එදා මවාගත්තු විදිය මතක් වෙලායි..

❤️ ඇත්තටම ඒ දෙන්නාගෙන් ටොප් කවුරු වෙයිද ??

🐯 මුලින් කියනවා තමුසෙලා දෙන්නාගෙන් ටොප් කවුද ?? තමුසෙලා දෙන්නාමත් බෙටාලානේ ??

ටේහ්‍යුන් රෝස්ගේ ප්‍රශ්නෙට හරස් ප්‍රශ්නයක් අහනකොට රෝස් ලීසා දෙන්නාට කට උත්තර නැතුව ගියා..දෙන්නාම ජම්බු ගෙඩි දෙකක් වගේ රතුත් වෙලා..

🐥 ඒ ඇත්තටම ඩෝලි කවුද තමුසෙලා දෙන්නාගෙන් ටොප් ??

ජිමින් යූන්ගිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා කුකීස් වගයක් කන ගමන් ඇහනකොට දෙන්නාම තවත් රතු උනා..

🌱 ඒක තමුසෙට වැඩක් නෑනේ..ගද ගහන බලු කුක්කා..

ලීසා ජිමින්ට ගස්සලා කාමරේට යනකොට හැමෝම බැලුවේ ලීසාට මොකද මලපැන්නේ කියලා හිතාගන්න බැරුවයි..

🐵 එ..එයාට මොකද උනේ ??

❤️ ගනන් ගන්න එපා ඔප්පා...ඇත්තටම මමයි ටොප්..ඒ උනාට එයාට මේ පවුල ඉස්සරහ එයා බොටමක් කියලා පිලිගන්න ලැජ්ජායිලු...කිම් පවුලේ මහන්තත්තකම ඔලුවට ගහලා...

රෝස් පුටුවෙන් නැගිටලා කියාගෙන ගස්සගෙන ගිය ලීසා පස්සෙන් යනකොට අනිත් ඔක්කොම කටවල් අතින් තද කරන් වහගෙන හොරෙන් හිනා වුනා..මොකද දැන් ලීසා එයාලා හිනා වෙනවා දැක්කොත් එහෙම මෙතන පරමාණු බෝම්බයක් පිපිරුනා වගේ නිසායි..

🐵 ඔහ්..හොබී ආවා..එයා ටිකක් කලබලෙන් වගේ....

හොබීගේ කාර් එකේ සද්දෙත් හොබීගේ ෆෙරමෝන් සුවදනුත් ජැක්සන් එහෙම කියනකොටම හොබි හති දාගෙන ඉක්මනට ගෙදර ඇතුලට ආවේ ලොකු කලබලයකින්..

🐯 හොබි හ්‍යුන්ග් ඇයි මේ ??

🦄 මමා..මට වතුර එකක් !!

සෙටියෙන් ජැක්සන් ලගින් වාඩි වෙනගමන් හොබි කියනකොට මිසිස් කිම් වතුර එකක් ගේන්න නැගිටලා ගිය ගමන් හොබි එයාලා ලගට ටිකක් ලන් වුනා රහසක් කියන්න වගේ..

🦄 බෙයාර්..ලොකු ප්‍රශ්නයක් !!

🐯 හ්‍යුන්ග් ඇයි ??

🦄 කෝ කුකී ??

🐯 එයා කාමරේ නිදි...ඇයි හ්‍යුන්ග් ??

ජන්ග්කුක් ගැන හොබි අහපු ගමන් ටේහ්‍යුන්ගේ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තේ හොබි කලබලෙන් කියන්නේ එයාගේ බේබිට කරදරයක් කියලා නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමනුයි..

🐱 යාහ් හොබි...මොකක්ද උනේ කියනවා ?? ඇයි මේ කලබල වෙලා ??

🦄 යූන්ගියා ම..මට මොකක් කරන්නද කියලා තේරෙන්නේ නෑ..

🐵 හොබි...කලබල වෙන්න එපා...සන්සුන් වෙලා උනේ මොකක්ද කියන්න....

ජැක්සන් සන්සුන් ෆෙරමෝන නිකුත් කරන ගමන් කලබල වෙලා ඉන්න එයාගේ ඇල්ෆාව සන්සුන් කරන ගමන් කිව්වා..

🦄 මේ අහන්න අපිට වැඩි වෙලාවක් නෑ...අපි මෙහෙන් පුලුවන් තරම් ඉක්මනට යන්න ඕන..උන් අපි ඉන්න තැන හොයාගෙන..උන් දන්නවා බෙයාර් ගැන..ඒ වගේම බෙයාර්ගේ මේට් ගැනත් !!

🐥 ඒත් කොහොමද හ්‍යුන්ග් !! අපි මෙච්චරකල් කිසිම ප්‍රශ්නයක් නැතුව හැංගිලා හිටියානේ..අඩුම අපි ගැන දන්නේ අපේ අප්පායි මූයොන්ග් ආන්ටි විතරයිනේ..ඉතින් කොහොමද අපි ඉන්න තැන හෙලි උනේ ??

හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ජිමින් ඉදිරිපත් කරනකොට හොබි ලොකු හුස්මක් අරන් පහලට දැම්මා..ජිමින් කියන එක ඇත්ත...එයාලා ගැන ඇත්ත දන්නේ ටික දෙනයි..ඒ අතරින් මුලින්ම හිටියේ හොබීගේ ෆැමිලි එක..මිස්ටර් කිම්ගේ නංගි තමයි හොබීගේ අම්මා..ඉතින් එයාලා ආරක්ෂාවට පොඩි කාලෙම හොබි, කායි, ජිමින්ව හැදුවේ මිනිස් ලෝකේ මිස්ටර් කිම් එක්ක..ඊට අමතරව එයාලා ඉන්න තැන දැනගෙන හිටියේ මිසිස් කිම් සේහිගේ නංගි මූයොන්ග් විතරයි..ඒ හැරෙන්න රාජධානි දෙකේම කිසිම කෙනෙක් දන්නේ නෑ කිරුල හිමි කුමරුයි රැජිනයි කොහෙද ඉන්නේ කියලා..

🦄 අපි මෙච්චරකල් හිතන් හිටිය වැරදි ජිමිනා..අපෙ කියලා හිතන් හිටපු අය අපිව පාවලා දීලා ඉවරයි..

හොබි මලානික මූනකින් කියනකොට හැමෝම හොබි කියන දේ තේරුම් ගන්න උත්සාහ කරත් ටේහ්‍යුන් හිටියේ වෙන සිහියක..මොකද එකපාරටම එයාගේ පපුව අසාමාන්‍ය විදියට ගැහෙන්න පටන් ගත්තාම ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනා එයාගේ පපුව ගැහෙන්නේ එයා කලබල වෙලා නිසාද නැත්තම් ජන්ග්කුක් නිසාද කියලා..

🐯 ආහ්..

එකපාරටම ටේහ්‍යුන්ගේ පපුව වේගෙන් ගැහෙනකොට එයා පපුවේ පැත්තක් අල්ලන් පහත් උනත් එයාට ඒ ක්ෂණිකයෙන් තේරුනා පපුව ගැහෙන්නේ කුකී නිසා කියලා..ඒක තේරුන ක්ෂණිකයෙන් ටේහ්‍යුන් එතනින් ටෙලිපෝර්ට් වෙලා ජන්ග්කුක් ඉන්න එයාලගේ කාමරෙන් මතු වෙනකොට හැමෝම කටවල් ඇරන් බලන් හිටියේ ටේහ්‍යුන් කොහොමද එකපාරටම අතුරුදහන් උනේ කියලා..මොකද එයාලා දැනන් හිටියේ නෑ ටේහ්‍යුන්ට ටෙලිපෝර්ට් වෙන්න පුලුවන් කියලා..අඩුම ටේහ්‍යුන්වත් ඒක දැනගෙන හිටියේ නෑ..

🌺 මො..මොකද ඒ උනේ ?? බෙයාර් කොහෙද ගියේ ??

🐱 කුකී !!

ටේහ්‍යුන් පපුව අල්ලන් ඉදලා එකපාරටම ටෙලිපෝර්ට් වෙන්න හේතුව තේරුන ගමන් යූන්ගි එයාගේ ඔඩොක්කුවේ හිටිය ජිමින්වත් බිම දාලා ජන්ග්කුක්ගේ කාමරේ පැත්තට දුවන්න පටන් ගත්තා.

මේ අතරේ ඒ කාමරේ ඇතුලේ වුනේ කීයටවත් හිතපු නැති විදියේ දෙයක්...

🐯 තමුසෙ කවුද කියනවා !!

ටේහ්‍යුන් හිටියේ සුදුමැලි උන කොල්ලෙක්ගේ බෙල්ලෙන් අල්ලන් බිත්තියට හිර කරගෙන..බැලූ බැල්මට ඒ කොල්ලා වැම්පයර් කොල්ලෙක් කියලා කියන්න පුලුවන් සලකුණු විදියට සුදුමැලි මූන සහ උල් උන දත් පිහිටලා තිබ්බා...එතකොට ටේහ්‍යුන් මේ වෙනකොට හිටියේ සම්පූර්ණ වැම්පයර් කෙනෙක් විදියට පරිවර්තනය වෙලා...ඇස් රතු වෙලා සුදුමැලි හමේ නහරවල් කොල පාට ඉලිප්පිලා තිබුනා..ටේහ්‍යුන් උල් දත් සාමාන්‍ය වැම්පයර් කෙනෙක්ගේ උල් දත් වලට වඩා දිගයි වගේම ටේහ්‍යුන්ගේ නිපපොතු පවා දිගට වැවිලා තිබ්බා..ඒ නහර ඉලිප්පිලා තිබ්බ ලොකු අතින් අර කොල්ලාගේ බෙල්ල හිර වෙලා තිබ්බේ ඒ කොල්ලාට හෙල්ලෙන්නවත් බැරි කරලායි..

🐯 තමුසේ කොහොමද මගේ බේබිව ටච් කරේ ??

ටේහ්‍යුන්ගේ උල් නියපොතු ඒ වැම්පයර් කොල්ලාගේ බෙල්ල පසාරු කරන් යනකොට ටේහ්‍යුන්ගේ ඇස් හැරවුනේ ඇදේ මුල්ලකට වෙලා ගුලි වෙලා සද්ද නැතුව අඩන එයාගේ හා පැටියා දිහාට...ටේහ්‍යුන්ගේ හා පැටියා බයටම වෙව්ලනවා..ඒ බම්බි ඇස්වල කදුලු පිරිලා..ටේහ්‍යුන් දකින්න ආසම නැති දේ...ඒත් එක්කම ටේහ්‍යුන්ට මතක් උනේ එයා කාමරේට එනකොට මේ කොල්ලා එයාගේ බේබිගේ අත් තද කරලා උඩට අල්ලන් ඇග උඩ නැගලා ඉන්නවා...එයාගේ බේබි හ්‍යුන්ගීව ඉල්ලලා අඩනවයි..ඒ සිදුවීම මතක් උන ගමන් ටේහ්‍යුන්ගේ ග්‍රහණය තවත් වැඩි උනා..

🐯 බේබි මෙයා ඔයාව ටච් කරා නේද ??

ටේහ්‍යුන් සෙල්ලම් බඩුවක් ගානට ඒ කොල්ලාගේ බෙල්ලෙන් අල්ලන් උස්සලා ජන්ග්කුක් පැත්තට දික් කරලා අහනකොට ජන්ග්කුක් අඩ අඩම ඔව් කියලා ඔලුව වැනුවා..

🐯 බේබි ඔයා දන්නවාද ඔයාව ටච් කරපු අයට මන් මොකක්ද කරේ කියලා ??

ටේහ්‍යුන් එහෙම අහනකොට ජන්ග්කුක් අඩ අඩම නෑ කියලා ඔලුව වැනුවා...ජන්ග්කුක් දන්නේ නෑනේ දවසක් ජන්ග්කුක්ව කොලේජ් එකේ බාත්රූම් එකේ ඉන්නකොට එයාගේ ඇග ටච් කරන්න හදපු කොල්ලාව ටේහ්‍යුන් මේ වෙනකොටත් අපායට යවලා කියලා..ඉයුන්වූට පින්සිද්ද වෙන්න ඒ කොල්ලාට ජන්ග්කුකව අල්ලන්නවත් බැරි උනාට බ්‍රේක් නැති ඉයුන්වූගේ කට නිසාම ටේහ්‍යුන් ඒ දේ ගැන දැනගත්තා..ඉතින් එයාගේ බේබිව අනවශ්‍ය විදියට අල්ලන්න හදන කිසිම කෙනෙක්ව ටේහ්‍යුන් ඉතුරු මරන්නේ නෑ...කේන්ති ගියපු ටේහ්‍යුන් කියන්නේ ෆැමිලි එක ඇතුලේ හුරතල් වෙන බෙයාර් නෙමෙයි...සම්පූර්ණයෙන්ම වෙනස් ම්ලේච්ඡ කෙනෙක්...ටේහ්‍යුන්ට කූඹියෙක්වත් මරන්න බැරි උනාට කේන්ති ගියපු ටේහ්‍යුන්ගේ වැම්පයර්ට මිනිහෙක් මරන්න තප්පරයක්වත් යන්නේ නෑ...විශේෂයෙන්ම එයාගේ මේට්ව අනවශ්‍ය විදියට අල්ලපු කෙනෙක්ව මරන්න..

🐯 උබ දන්නවාද මගේ බේබිව ටච් කරොත් මොකද කරන්නේ කියලා ??

ඒ කොල්ලාගේ බෙල්ල තනි අතින් හිරකරගෙන ටේහ්‍යුන් අහනකොට ඒ කොල්ලා ටේහ්‍යුන්ගේ අතින් බේරෙන්න ලොකු උත්සහයක් දැරුවා..

🐯 මන් ඌගේ හාර්ට් එක එලියට ඇදලා දානවා..

💥 ආහ්...එපා...එපා...චේබල්..ම්...මාව අ..අතාරින්න..

ටේහ්‍යුන් ඒ කොල්ලාගේ කනට කරලා මුමුනලා අනිත් අත ඒ කොල්ලාගේ පපුව හරියට අරන් යනවත් එක්කම දොර කඩාගෙන යූන්ගි ඇතුලට ආවා..යූන්ගිට මෙතන වෙන දේ හිතාගන්න බැරුව හිටියේ..ටේහ්‍යුන් මිනිහෙක්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නවත් ජන්ග්කුක් කාමරේ මුල්ලට වෙලා අඩනවා දැක්ක ගමන් යූන්ගි ජන්ග්කුක් ලගට යන්න ගියත් ටේහ්‍යුන් ඒකට ඉඩ දුන්නේ නෑ...හොදටම කේන්ති ගිහින් ඉන්න ටේහ්‍යුන්ගේ වැම්පයර් අඩන ජන්ග්කුක් ලගට කිසිම කෙනෙක්ට යන්න දුන්නේ නෑ..එයා බයයි එයාගේ බේබිට කාගෙන් හරි කරදරයක් වෙයි කියලා...හරියට එදා හොස්පිටල් එකේදි ටේහ්‍යුන් හැසිරුන විදියටමයි දැනුත් හැසිරෙන්නේ..

🐱 ටේහ්‍යුන් !!

🐯 මගේ බේබි ලගට යන්න හිතන්නවත් එපා..

අර කොල්ලාව තනි අතින් බෙල්ල හිර කරන් අල්ලන් ටේහ්‍යුන් ඇස් රතු කරන් යූන්ගිට අනක ස්වරූපයෙන් කියනකොට යූන්ගිට තේරුනා දැන් ඉන්නේ ටේහ්‍යුන් නෙමෙයි එයාගේ වැම්පයර් කියලා..ඒත් එක්කම අනිත් අයත් කාමරේට ආවම ටේහ්‍යුන් අල්ලන් ඉන්න වැම්පයර් කොල්ලාව දැකලා ජෙනි කෑ ගැහුවා..

🌹 බෙයාර්...මේ කවුද ??

ජිසූ ටේහ්‍යුන්ගෙන් ඇහුවත් ටේහ්‍යුන් කරේ ඒ කොල්ලාගේ බෙල්ල නියපොතුවලින් හිල් කරන් යන එක විතරයි...ටේහ්‍යුන් මේ කරන දේවල් දිහා ජන්ග්කුක් බයෙන් වෙව්ලන ගමන් බලන් හිටියේ...ජන්ග්කුක් කියන්නේ හුගක් අහින්සක හා පැටියෙක්..ඉතින් එයාගෙ ආදරේ උනත් මෙහෙම වෙන කොල්ලෙක්ව මරන්න හදනකොට ජන්ග්කුක් බයටම තව තවත් කාමරේට ගුලි උනා..ජන්ග්කුක් ඉන්නේ බය වෙලා කියලා තේරුන යූන්ගි ජන්ග්කුක් ලගට යන්න හැදුවත් ටේහ්‍යුන් ඒකට ඉඩ දෙන්නේ නෑ...

🦄 බෙයාර්...මේ අහන්න...ඌව මරන්න එපා..

දැනටමත් ඒ කොල්ලාගේ පපුව හරහා අනිත් අතේ ඇගිලි යවන ටේහ්‍යුන්ට හොබි කිව්වාත් ටේහ්‍යුන්ට ඕන උනේ එයාගේ බේබිව ටච් කරපු මිනිහාව ආයි එයාලගේ ඇස් ඉස්සරහට නොඑන විදියට විනාස කරන්න...හැමෝටම ටේහ්‍යුන්ව නවත්තන්න ඕන උනත් එයාලා දන්නවා ටේහ්‍යුන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා..ටේහ්‍යුන්ගේ ශක්තිය එක්ක එයාලට හැරෙන්නවත් බැ..

🐥 ටේයා...මේ අහපන්...කේන්ති ගන්න එපා...ඌව මැරුවොත් උගෙන් අපිට මෙහෙට ඌ ආවේ කොහොමද කියලවත් දැනගන්න වෙන්නේ නෑ..කියන දේ අහපන්...

🌹 බෙයාර්..කන්ට්‍රෝල් වෙන්න..

Mrs.kim : බෙයාර්...මැණික..කන්ට්‍රෝල් වෙන්න...ඔයාගේ වැම්පිට ඔයාව පාලනය කරන්න දෙන්න එපා....කුකී දිහා බලන්න..එයා හොදටම අඩනවා...

මිසිස් කිම් එහෙම කිව්වාම තමා ටේහ්‍යුන් එයාගේ බේබිගේ ඇස් දිහා ආයි බැලුවේ...ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා හැරෙනකොට ජන්ග්කුක් ඉක්මනට කකුල් අස්සේ මූන ඔබාගෙන ටේහ්‍යුන්ගේ බැල්ම මග හැරියා..ජන්ග්කුක් තමන්ගේ මූන බලන්නත් බයයි කියලා තේරෙනකොට ටේහ්‍යුන්ගේ අතින් අර කොල්ලාව ඉබේටම ඇතෑරුනාම හොබි , ජිමින් පැනලා ඒ කොල්ලාව තද කරලා අල්ලගත්තා..

🐯 බේබී...

ටේහ්‍යුන්ගේ රතු ඇස් සාමාන්‍ය පාටට හැරිලා හිමිට ජන්ග්කුක් ලගට ඇවිදගෙන යනකොට ජන්ග්කුක් තව ටිකක් බයෙන් බිත්තියටම ඇලුනා..ජන්ග්කුක් තමන්ට බය වෙලා ඉන්නේ කියලා දැනුන ටේහ්‍යුන් එතනම නතර වෙලා යූන්ගිගේ මූන දිහා බැලුවේ හරිම අසරණ විදියට..

🐱 මන් එයා ගැන බලාගන්නම් බෙයාර්...

ටේහ්‍යුන්ගේ මූනෙන් එයා කියන්න හදන දේ තේරුම් ගත්ත යූන්ගි ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දාන ජන්ග්කුක් ලගට ලන් උනාම ටේහ්‍යුන් ඒ ක්ෂණිකයෙන් හැරුනේ හොබි, ජිමින් අල්ලගෙන ඉන්න කොල්ල දිහාවට...ඒ කොල්ලාගේ බෙල්ලෙන් දැනටමත් ලේ බේරෙනවා...ඒත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ වැම්පයර් කෙනෙක් ලේ පොඩ්ඩක් ගියා කියලා මැරෙන්නේ නැති නිසා කාටවත් ඒක ගානක් උනේ නෑ...ඒ කොල්ලා දිහා බලපු ගමන් ටේහ්‍යුන්ට කලින් උන දෙවල් මතක් වෙලා ආයි ඇස් රතු වෙනකොට ටේහ්‍යුන් ආයි පාලනයෙන් තොර වෙන්න යන්නේ කියලා දැනුන ගමන් ජිසූ ඉක්මනට පැනලා ටේහ්‍යුන්ව බදාගත්තා..

🌹 මගේ බෙයාර්...කන්ට්‍රෝල් වෙන්න...ඔයා දැන් මෙතන ආයි කේන්ති අරන් වැඩ කරොත් ඔයාගේ බේබි තව බය වෙයි...

ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන් ජිසූ කියනකොට ටේහ්‍යුන් ලොකු හුස්මක් අරගෙන වැම්පයරව පාලනය කරලා ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් යූන්ගිගේ ඔඩොක්කුවේ ඉදන් එයාගේ බැල්ම මග හරිනවා කියලා දැනෙනකොට ටේහ්‍යුන්ගේ ඇස්වල ඉබේටම කදුලු පිරුනා..

🐱 කුකී බබා මැණික බය වෙන්න එපා...හ්‍යුන්ගී ඉන්නවානේ...

🐰 හ්...හ්‍යුන්ගී ක්..කුකී බබාට බයයි..අ..අපි මෙහෙන් ය..යමු...

ජන්ග්කුක් මෙහෙන් යමු කියලා කියනවා ඇහුන ගමන් ටේහ්‍යුන්ගේ හදවත් කෑලි කෑලිවලට කැඩිලා යනවා වගේ දැනුනේ..එය එයාගේ බේබිව එයාව දාලා මෙහෙන් යමු කියන්න තරමටම බය කරාද ?? ටේහ්‍යුන්ගේ හදවත වේදනාවෙන් කෑ ගහනකොට ඇස්වල කදුලු එක දිගට බේරුනා..ටේහ්‍යුන් කොච්චර වේදනාවෙන් ද ඉන්නේ කියනවා නම් ටේහ්‍යුන්ට තවත් ජන්ග්කුක්ගේ බයෙන් පිරුනු ඇස් දිහා බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..ඒ නිසාම ටේහ්‍යුන් එකපාරටම ජිසූගේ තුරුලෙන් ටෙලිපෝර්ට් වෙනකොට ජිසූ බැලන්ස් නැතුව වැටෙන්න ගියත් ශක්තිමත් අත් දෙකකට ජිසූව අහු උන නිසා වැටී නොවැටී බේරුනා..

🕊️ ජීසූ...අර් යූ ඕකේ ??

🌹 මි...මියුන්ග්සෝ ??

එවෙලේ තමා හැමෝම දැක්කේ නම්ජින් දෙන්නාව එක්කගෙන එන්න ආපු අය ඒ දෙන්නා එක්කම ඇවිල්ලා කියලා....

🐹 මෙතන මොකක්ද උනේ ??

ජින් උනත් මේ වෙනකොට සාමාන්‍ය තත්වෙට පත් වෙලා හිටියේ...මොකද එන ගමන් එයාගේ ඩැඩාගේ ට්‍රීට්මන්ට් නිසා මන් මේ කියන්නේ එයාගේ ඩැඩා කිව්ව විදියට නම්ජුන් කරපු නිසා ජින් ආයි මනුස්ස ස්වරූපයට හැරුනා..

ඇත්තටම මේකයි උනේ..

පොලිසියෙන් දෙන්නාව බේරගත්තාට පස්සේ දෙන්නාවම එක්කන් මිස්ටර් කිම්, මියුන්ග්සෝ , කායි ආවේ එයාලා කලින් ආව ගල්තලාව ලගට..ඊට පස්සේ මිස්ටර් කිම්ගේ ප්ලෑන් එකට අනුව නම්ජුනුත් පරිවර්තනය වෙලා නම්ජුන්ගේ ඇල්ෆා කටහඩින් ජින්ට පරිවර්තනය වෙන්න අන කරාම තමයි එයාලා ජින් ආයි පරන මිනිස් ස්වරූපයට ම ආවේ..ඊට පස්සේ එයාල ගෙදර ආවත් ගෙදර කවුරුත්ම පේන්න හිටියේ නැති නිසා කට්ටියම උඩට ආවම තමා දැක්කේ ටේහ්‍යුන්ගේ කාමරේ ඇතුලේ වෙලා තියෙන විනාසේ..

Mrs.kim : දේහ්‍යුන්...මගේ බෙයාර්..එයා ගියා...

Mr.kim : බෙයාර් කොහෙද ගියේ සේහි ?? මූ කවුද ?? වැම්පයර් කෙනෙක් කොහොමද අපේ ගෙදර ආවේ ??

Mrs.kim : මන් දන්නේ නෑ දේහ්‍යුන..බෙයාර් කාමරේට ආපු නිසායි අපි ආවේ...අඩුම මුගේ ඉවවත් අපිට දැනුනේ නෑ...බෙයාර් !! එයාව හොයාගන්න දේහ්‍යුන්....එයා හුගක් වේදනාවෙන් හිටියේ..

මිසිස් කිම් මිස්ටර් කිම්ගේ ශර්ට් එකෙන් අල්ලන් කදුලු පෙරාගෙන කිව්වේ ටේහ්‍යුන් ටෙලිපෝර්ට් වෙන්න කලින් එයා හොදටම එයගේ පුංචි බෙයාර්ගේ ඇස්වල පිරිලා තිබ්බා වේදනාව පසුතැවීම වගේ කදුලු දැක්ක නිසායි...

ඒත් කවුරුත් දැක්කේ නෑ මෙච්චර වෙලා එයාල අල්ලන් හිටපු වැම්පයර් කොල්ලාගේ මූනේ කට කොනේ හිනාවක් හැදෙනවා..එයාලට ඕන විදියටම ඔක්කොම සිද්ද වෙනවා...

🐹 මමා..කලබල වෙන්න එපා...අපි බෙයාර්ව හොයාගමු...

🦄 අනී...ඒකට වෙලාවක් නෑ...අපි මෙහෙන් ඉක්මනට යන්න ඕන..

🐥 හ්‍යුන්ග් මොනවාද කියවන්නේ ?? බෙයාර්ව දාලා කොහොමද අපි යන්නේ ??

🦄 මේ අහන්න...බෙයාර්ව අපි හොයාගමු...ඊට කලින් අපි මෙතනින් යමු...උන් අපි ඉන්න තැන හොයාගෙන...අප්පා මාව ගෙන්නුවේ ඒක කියන්න...ඉක්මනට අපි පැනලා යන්න ඕන...

🐱 කවුද උන් කියන්නේ ?? තේරෙන්නෙ කියපන් මිනිහෝ ??

හොබි කියන හතරබීරී කතා නොතේරෙන නිසා යූන්ගි කේන්තියෙන් අහනකොට හොබි ලොකු හුස්මක් අරගෙන සේහි දිහා බැලුවා..

Mr.kim : කියන්න හොබි පුතා..කවුද අපිව පාවලා දුන්නේ ??

🐹 යාහ් හොබි...කියනවා !!

හොබීගේ නිශ්ශබ්දතාවට බලාගෙන ඉන්න බැරිම තැන ජින් කෑ ගහනකොට බය උන ජන්ග්කුක් තව ටිකක් යූන්ගිට තුරුලු උනා..

🦄 මූයොන්ග් !!

Mrs.kim : හොබි ??

🦄 ඒ ගෑනි අපිව පාවලා දීලා මමා...මූයොන්ග් රාජකීය ආරක්ෂාක ඇල්ෆා මින්ගුක් එක්ක එකතු වෙලා අපිව පාවලා දුන්නා..

.

.

.

.

ඔන්න දිග චැප්ටර් එකක් එක්ක බාල්දියක් දැම්මා 😁😁😁

ටේහ්‍යුන් කොහෙ ගිහින් ඇතිද ?? එයාට මොනවා වෙලා ඇති කියලාද හිතන්නේ ??

.

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️❤️❤️❤️❤️