Chapter 16: chapter 15

My Little Wolfie | TK || CompletedWords: 35398

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

ටේහ්‍යුන් ජන්ග්කුක්ව අරන් කාමරේට ගියාට පස්සේ ලිවින්ග් රූම් එකේ ඉතුරු උනේ යූන්මින් ලීරෝස් කපල් දෙක විතරයි...කොහොම හරි ඉතින් ටේහ්‍යුන් අවසන් තීරණය දීලා ගිය නිසා ජිමින් මූනත් රතු කරගෙන යූන්ගිව කිම් මැන්ශන් එකේ එයාගේ කාමරේට එක්කන් ගියාම ලීසාත් රෝස්ව එයාගේ කාමරේට එක්කගෙන ගියා..

ජිමින්ගේ කාමරේ තිබ්බේ ටේහ්‍යුන්ගේ කාමරේට ඉස්සරහ මූනට මූනලා...එතකොට ටේහ්‍යුන්ගේ කාමරේට එක පැත්තකින් ජින්ගේ කාමරෙත් අනිත් පැත්තෙන් ජිසූගේ කාමරෙත් තිබ්බා...ජිමින්ගේ කාමරේට එහා පැත්ත එකේ ජින්ගේ කාමරේට මූනලා හොබිගේ කාමරෙත් ජිසූගේ කාමරේට මූනලා ටේහ්‍යුන්ගේ ඩැඩාගේ පුංචි ලැබ් එකත් තිබ්බා..

එතකොට ජෙනීගෙයි ලීසාගෙයි මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම්ගේ කාමර තිබ්බේ පහල...ඉතින් කට්ටියම තම තමන්ගේ කාමරවලට ගියේ තාම ආපු ගමන් නිසා වොශ් එකක් දාලා කෑම කන්න එන්න..

🐥 එ...එන්න...

ජිමින් මුලු මූනම රතු කරන් බිම බලාගෙන යූන්ගිට එයාගේ කාමරේට අඩගැහුවා...ජිමින්ලගේ අපාර්ට්මන්ට් එකේ ඉන්නවාට වඩා එයාලා වැඩි හරියක්ම ඉන්නේ කිම් මෙන්ශන් එකේ නිසා ටූත් බ්‍රශ් එකේ ඉදන් යට ඇදුම දක්වාම එයාලගේ කාමරවල තියෙනවා...යූන්ගිව එක්කගෙන ජිමින් කාමරේට ගියත් ආපු ගමන්ම එයා ක්ලෝසෙට් එක අස්සට රින්ග ගත්තා..ජිමින්ගේ මේ හුරතල් වැඩ යූන්ගි බලාගෙන හිටියේ ජිමින්ව හපලා ගිලින්න බැරි කමටයි...

කොහොම හරි ඉතින් විනාඩි විස්සක මෙහෙයුමකින් පස්සේ ජිමින් ක්ලෝසෙට් එකෙන් එලියට ආවේ කලින් ආපු දවසේ ටේහ්‍යුන්ගේ උස්සපු ලොකු ශර්ට් එකයි එයාගේ ටිකක් ලොකු බොටමකුයි අරගෙන..

ජිමින් එලියට එනකොට යූන්ගි සැපට ජිමින්ගේ ඇදේ හාන්සි වෙලා කාමරේ පුරාම අලවල තියන ජිමින්ගේ පින්තූර දිහා බලාගෙන හිටියා..ජිමින්ගේ කොට්‍ට මෙට්ට වලින් එන ජිමින්ගේ සුවදට යූන්ගිගේ ඇල්ෆා නම් හිටියේ ටික ටික ඇවිස්සිලා...ඒ නිසාමයි යූන්ගි තව ටිකක් ජිමින්ගේ කොට්ටේ ඉව කරලා බැලුවේ..ජිමින්ගේ සුවද යූන්ගිව සැහැල්ලු කරනවා කියලා යූන්ගිට දැනුනා..

🐥 මෙ..මේ...මේක මිස්ටර් වැම්පිගේ...මේක ඔයාට අදින්න පු..පුළුවන්...

ජිමින්ගේ ඇදේ හාන්සි වෙලා ඉන්න යූන්ගි දිහා බලලා මූනත් රතු කරන් ජිමින් බිම බලාගෙන කියලා ඇදුම් ටික යූන්ගිගේ ඇගට විසික් කරලා යූන්ගි වචනයක් කියන්නත් කලින් ඉක්මනට බාතෲම් එකට රින්ග ගත්තා..ජිමින් හිටියේ යූන්ගිට මූන දෙන්න බැරුව ලැජ්ජාවෙන්...මොකද ඉතින් දැන් ටිකකට කලින් එයා යූන්ගිගේ ඔඩොක්කුවේ වාඩි වෙලා හිටියානේ..ඒ නිසා කොල්ලා ඉන්නේ යූන්ගිට මූන දෙන්න බැරුව..

ජිමින් ඇග සෝදනකොට එයාගේ ඇග පුරාම ගාලා තිබ්බ එයාගේ බෙටා සුවද නැති කරන බෙහෙත් ටික ටික දියවෙලා යනකොට ජිමින්ගේ සුවද මුලු කාමරය පුරාම පැතිරෙන්න පටන් ගත්තා..මෙච්චර වෙලා පාලනයෙන් හිටිය යූන්ගිගේ ඇල්ෆා දැන් නම් පාලන විරහිතව දගලන්න පටන් ගත්තේ යූන්ගිට එයාගේ ඇල්ෆාව පාලනය කරන එක හුගක් අමාරු කරලායි..

ජිමින්ගේ ඇදේ ඉදන් ඇස් රතු කරන් දාඩිය පෙරාගෙන බෙඩ්ශීට් එක තද කරගෙන යූන්ගි එයාගේ ඇල්ෆාව පාලනය කරගන්න ලොකු ගේමක් දෙනවා...අවුරුදු ගානක් තමන්ගේ මේට් නැතුව හිටිය ඇල්ෆා මේට්ගේ සුවද දැනුන ගමන් මේට් ලගට යන්න දගලනකොට යූන්ගිට ඕන උනේ නෑ එයාගේ පුංචි මේට්ව එකපාරටම බය කරන්න..යූන්ගි දන්නවා එයාගේ පුංචි මේට් වයසින් විතරයි ලොකු කියලා...ජන්ග්කුක්ට වඩා ටිකක් දැනුම් තේරුම් තිබ්බාත් ජිමින්ගෙයි ජන්ග්කුක්ගෙයි අතර ලොකු වෙනසක් නෑ...එහෙම එකේ යූන්ගි ඇල්ෆාට පාලනය දීලා එයා ජිමින්ව එකපාරටම මාර්ක් කරොත් ජිමින් අනිවාර්යයෙන්ම බය වෙනවා කියලා යූන්ගි හොදටම දැනගෙන හිටියා..

🐥 හ්..හ්‍යුන්ගී...

බාතෲම් එකෙන් එලියට ආව ජිමින් දැක්කේ යූන්ගි එයාගේ රතු ඇස් බිමට කරන් බෙඩ්ශීට් එක අල්ලන් අමාරුවෙන් කෙදිරි ගානවා..ඉතින් ජිමින් හිතුවේම යූන්ගිට අසනීපයක් හැදිලා කියලා..බයෙන් බයෙන් උනත් ටික ටික ජිමින් යූන්ගි ලගට ලන් වෙන්න හැදුවා..

🐱 ජි..ජිමින් ල..ලගට එන්න එපා...එලියට යන්න...

යූන්ගි අමාරුවෙන් එලියට යන්න කිව්වාත් ජිමින්ට යූන්ගිව දාලා යන්න ඕන උනේ නෑ...ජිමින්ට යූන්ගිගේ සුවද දැනෙන්නේ නැති නිස එයා දන්නේ නෑ එයාගේ මේට් යුන්ගි කියලා...ඒත් මොනවා කරන්නද ඉතින් ජිමින් යූන්ගිට ආදරෙයිනේ...ඒ නිසා එයාට ඕන උනේ නෑ යූන්ගිව තනියම දාලා යන්න..

🐥 ඔ..ඔයා හොදින්ද ??

🐱 ජිමින් කියන දේ අහලා යන්න...මන් හොදින් ඉන්නේ ??

🐥 හොදින් නම් ඇයි ඔහොම ඉන්නේ ?? මූන පෙන්නන්නකෝ...

ජිමින් බයටම යූන්ගි එයාට පේන්නේ නැති වෙන්න හංගන් ඉන්න මූන පෙන්නන්න කියනකොට යූන්ගිගෙන් එක තප්පරේකට ඇල්ෆාව පාලනයක් නැතුව ගියා...එකපාරටම ඇල්ෆා ජිමින්ගේ අතින් ඇදලා අරන් ඇදට දාලා ජිමින්ගේ ඇග උඩට එනකොට ජිමින් බයටම ගැහෙන්න පටන් ගත්තා..පුංචි කාලේ ඉදන් මිනිස්සු එක්ක හැදුන ජිමින්ට තේරුමක් තිබ්බේ නෑ මේ ඉන්නේ යූන්ගි නෙමෙයි එයාගේ ඇල්ෆා කියලා..යූන්ගි ජිමින්ගේ අතින් තද කරලා අල්ලන් ජිමින්ගේ බෙල්ල අස්සෙ මූන ඔබන් සුවද විදිනකොට ජිමින් බයටම ඇස් වල කදුලු පිරුනා..ජිමින්ගේ ඒ පුංචි ඇස්වල කදුලු දැක්ක යූන්ගි ඉක්මනට ඇල්ෆාගෙන් පාලනය එයාගේ අතට ගත්තා..

🐱 මි..මියානේ ජිමින්...

යූන්ගි ඉක්මනට ජිමින්ගේ ඇගෙන් අයින් වෙනකොට ජිමින් යූන්ගිවත් පෙරලන් කාමරෙන් එලියට දිව්වා...යූන්ගි එතනම ඇදේ ඉදන් එයාගේ කොන්ඩේ ඇද ගත්තේ එයාට ඇල්ෆාව පාලනය කරගන්න බැරි උන එකට කේන්තියෙනුයි..මොකද යූන්ගි දකින්න ආසම නැති දෙයක් තමයි ජිමින්ගේ ඇස්වල කදුලු...ඒත් යූන්ගි පලවෙනි දවසෙන්ම එයාගේ මේට්ව ඇඩෙව්වා..එයාව බය කරා...යූන්ගිගේ මේට් ජිමින් උන එකට සතුටු වෙනවට වඩා එයාගේ පුංචි මේට්ව අඩවපු එකට යූන්ගි හිටියේ හුගක් දුකින්..

🐰 හ්‍යුන්ගී...

එකපාරටම ජිමින්ගේ කාමරෙන් ජන්ග්කුක්ගේ කටහඩ ඇහෙනකොට ඇස්වලට උනලා තිබ්බ කදුලු යූන්ගි ඉක්මනට පිහිදගත්තා...මොකද දැන් ජන්ග්කුක් දැක්කොත් එහෙම යූන්ගි අඩනව ජන්ග්කුක් මෙතන ලොකු යුද්දයක් කරලා තමයි නතර කරන්නේ..

🐰 හ්‍යුන්ගි ඔයා හොදින්ද ??

ජන්ග්කුක් ගිහින් යූන්ගිගේ ඔඩොක්කුවේ වාඩිවෙලා යූන්ගිගේ බෙල්ල බදන් අහනකොට එයාගේ පුංචි මල්ලිගේ හුරතලේට යූන්ගිට පුංචි හිනාවක් ගියා..

🐱 මන් හොදින් කුකී...ජිමින් කෝ...

🐰 මිනි බය වෙලා..ඔයා මිනීට සැර කරා ද ??

🐱 නෑ මැණික...මට ඇල්ෆාව පාලනය කරගන්න බැරි උනා..

🐰 ඇල්ෆා වස නෑනේ....මන් නම් ආසයි යූන්ගිගේ ඇල්ෆාට..

🐱 ඇල්ෆාටද ආස ඇල්ෆාගේ පිටේ යන්නද ආස ?? ම්ම්...

යූන්ගි ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකන ගමන් කියනකොට ජන්ග්කුක් එයාගේ බනි හිනාව දාලා යූන්ගිව තද කරලා බදාගත්තා..

🐰 දෙකටම ආසයි අයියෝ...මට ඇල්ෆාව ටේටේට පෙන්නන්න ඕන....එයත් ආසවෙයි හ්‍යුන්ගිගේ ඇල්ෆාව බලන්න..

🐱 දැන් බෑ මැණික..පස්සෙ වෙලේක පෙන්නමු...

🐰 අනේ හ්‍යුන්ගී ප්වීස්...චුට්ට වෙලාවක් විතරයි...මිනීත් ආස වෙයි ඇල්ෆාව බලන්න..

🐱 කිව්වානේ කුකී...දැන් බෑ...

යූන්ගි ජන්ග්කුක්ට ටිකක් සැරෙන් කියනකොට ජන්ග්කුක්ගේ බෝල ඇස්වල ඉක්මනට කදුලු පිරුනා...ජන්ග්කුක් ඉල්ලන හැමදේම ඒ ක්ෂණිකයෙන් ම යූන්ගි කරලා දිලා එකපාරක් හරි යූන්ගි ජන්ග්කුක්ට බෑ කිව්වොත් ඉතින් ජන්ග්කුක් එයාගේ ටැප් එක අරින්න පටන් ගන්නවා..

🐰 කුකි තරහයි හ්‍යුන්ගි එක්ක...හ්‍යුන්ගි කුකීට ආදරේ නෑ...

යූන්ගිගේ ඇගෙන් බැස්ස ජන්ග්කුක් කදුලු පුරෝගෙන යන්න හදනකොට ඒ බෝල ඇස්වල කදුලු බලන්න බැරි කමට අන්තිමට යූන්ගි වැඩේට කැමති උනා...මේ වෙනකොට ඇල්ෆාත් පාලනය වෙල තියෙන නිසා ජිමින්ට ඇල්ෆාගෙන් කරදරයක් නෑ කියලා දැනුනාට පස්සේ යුන්ගි පරිවර්තනය උනා..

🐰 ඔමෝ ඇල්ෆා බෝලේ....

යූන්ගිගේ ඇල්ෆා දැකපු ගමන් මෙච්චර වෙලා බොරුවට කදුලු පුරවන් හිටිය ජන්ග්කුක් පැනපු ගමන් ඇල්ෆාගේ බෙල්ල බදාගත්තා...ඇත්තටම ජන්ග්කුක් යූන්ගිට වඩා යූන්ගිගේ ඇල්ෆාට කැමති..මොකද ඇල්ෆා යූන්ගි වගේ කම්මැලි නෑ..අනික කුකීව පිටේ තියාගෙනත් යනවනේ..

🐰 ජහ් යමු යමූ....

ජන්ග්කුක් ඇල්ෆාගේ පිටට නැගලා බුල් අස්සේ දගලන ගමන් දොර පැත්තට ඇගිල්ල දික් කරලා කකුලෙන් යන් කියලා තට්ටුවක් දැම්මා...මේ වැඩේට ඇල්ෆා ඇස් රෝල් කරේ ජන්ග්කුක් එයාව හැම වෙලේම අශ්වයෙක් ගානට දාන නිසායි...කොහොම හරි ඉතින් ඇල්ෆා එලියට එනකොට ටිකෙන් ටික එයාගේ සුවද දැනුනාම ජිමින්ට තේරුනා එයා මෙච්චර වෙලා බය උනේ එයාගේ මේට්ට කියල..එයාගේ ආදරේ තමයි එයාගේ මේට් කියලා දැනුනාම ජිමින් වගේම ජිමින්ගේ බෙටාත් හිත ඇතුලෙන් අත් අල්ලන් ඩාන්ස් කරන ගමන් හිටියේ..

🐯 කුකී !!

🐰 මේ බලන්න එයා හුරතල් නේද ??

🐱 ගර්...ර්...ර්...

ජන්ග්කුක් ඇල්ෆා යූන්ගිගේ පිටේ ඉදන් බූල් පිරිමදින ගමන් එයා හුරතල් කියනකොට ඇල්ෆා ජන්ග්කුක්ට පොඩ්ඩක් ගෙරෙව්වා..ඇයි ජන්ග්කුක්ට හැමවෙලේම නපුරු ඇල්ෆාව හුරතල් බලු පැටියෙක් අශ්ව පැටියෙක් වගේ පේන්නේ..

🐯 මගේ ඇග අස්සෙන් එන්න මිනි...බය වෙන්න එපා..ඒ යූන්ගි හ්‍යුන්ග්නේ..

ටේහ්‍යුන් එයාගේ පිටිපස්සේ හැංගිලා හිටිය ජිමින්ව ඉස්සරහට ගන්නකොට තමා ටේහ්‍යුන් දැක්කේ ජිමින්ගේ කහ පාට ඇස් ඇල්ෆාගේ පැත්තට හැරවිලා තියෙනවා...ඇල්ෆාගේ රතු ඇසුත් තිබ්බේ ජිමින්ගේ ලග..එයා ටික ටික ජන්ග්කුක්වත් කරේ තියාගෙන ජිමින් ලගට ඇවිල්ලා ඉව කරනකොට ජිමින් තදින් ඇස් දෙක වහගත්තා....වෙන්නේ මොකක්ද කියලා ජන්ග්කුක්ට වගේම ටේහ්‍යුන්ටත් තේරුම් ගන්න අමාරු උනේ නෑ...

🐰 ඔමෝ...මගේ හ්‍යුන්ගිගේ මේට් හම්බුවෙලා....

ජන්ග්කුක් ගිරියටින් කෑ ගහනකොට එහා පැත්තේ කාමරේ ලොකු වැඩක හිටිය ජැක් හෝප් දෙන්නාත් එලියට දුවගෙන ආවේ යූන්ගිගේ මේට් මේ ගෙදරට ආවේ කොහෙන්ද බලන්නයි...මේ ජැක් හෝප් ඩබල ලොකු වැඩක් කිව්වේ කිස් කරන එකට නෙමෙයිලු හොදේ...

🐯 කුකී එන්න මන් ලගට..

ටේහ්‍යුන් යූන්ගිගේ පිටෙන් ජන්ග්කුක්ව ගත්ත ගමන් ජිමින් පරිවර්තනය වෙලා එයාගේ දුඹුරු පාට බෙටා එකපාරටම ඇල්ෆාගේ ඇගට පැන්නා...පුංචි බලු පැටියෙක් වගේ ඇල්ෆාගේ ඇග උඩ ඉන්න බෙටා ඇල්ෆාගේ මුලු මූනම ලෙව කාලා ඇල්ෆාගේ ඇගේ ඇතිල්ලෙන්න පටන් ගත්තේ එයා එයාගේ ඇල්ෆාට කොච්චර ආදරෙයිද කියලා පෙන්නන්නයි...

🦄 ඔහ් මූන් ගෝඩ්...ඔයා ඇයි මේ නිදිකුම්බර පූසාව මගේ මස්සිනා කරේ ??

ජැක්සන්ගේ ඇගට හේත්තුවක් දාගෙන ඇල්ෆාගේ ඇගේ ඇතිල්ලෙන බෙටා දිහා බලාගෙන හොබි කියනකොට ටේකුක් දෙන්නාටත් ඒකට හිනා ගියා..යූන්මින් දෙන්නාම හොබි කියපු එකට එකපාරටම ගොරවනකොට ඇල්ෆාට බය උන ජැක්සන් ඉක්මනට හොබිගේ පිටිපස්සේ හැංගුනා..

🦄 පුහ්..මන් බය නෑ උබලාගේ ගෙරවිලි වලට...

එන්න මැණික අපි දෙනා කර කර හිටපු වැඩේ කරන්න යමු...

යූන්මින් දෙන්නාට රැව්ව හොබි දැනටමත් රතු වෙලා ඉන්න ජැක්සන්වත් ඇදගෙන ආයි කාමරෙට ගියා..

🐯 අපිත් යනවා...හ්‍යුන්ග් මගේ මිනීට කරදර කරන්නේ නෑ හරිද ??

ජිමින්ගේ බෙටාගේ මූනම ලෙව කන ගමන් හිටිය යූන්ගිට කියපු ටේහ්‍යුන් ජන්ග්කුක්වත් වඩාගෙන පහලට ගියා..ටේහ්‍යුන් කියපුවා සතේට ගනන් නොගත්ත ඇල්ෆා දිගටම එයා කර කර හිටපු වැඩේ කරන්න පටන් ගත්තා..

ටේකුක් දෙන්නා පහලට එනකොට මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම්, ජිසූ , ජෙනි වගේම කායිත් පහල ලිවින්ග් රූම් එකේ හිටියේ...ටේහ්‍යුන් ජන්ග්කුක්ව වඩාගෙනම ගිහින් එතනින් වාඩි උනාම ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ හරි බරි ගැහිලා වාඩි වෙලා ටීවි එක බලන්න පටන් ගත්තා..

Mrs.kim : අනේ මගේ හා පැටියා මෙච්චර හුරතල් උනේ කොහොමද දෙයියනේ ??

ජන්ග්කුක් කටේ ඇගිල්ලකුත් ගහන් අනිත් අතින් ටේහ්‍යුන්ගේ ශර්ට් එකේ කොනක් අල්ලන් ටේහ්‍යුන්ගේ පපුවට හේත්තුවෙලා ඇස් බෝල කරන් නැට්ටත් වන වන ටිවි එක බලනකොට මිසිස් කිම් ඒ හුරතලේ දිහා බලාගෙන ඉන්න බැරුවා කෑ ගැහුවේ මෙච්චර වෙලා ටිවි එකේ සිහියෙන් හිටපු හැමෝමම මේ ලෝකෙට ගෙන්නලයි..

🐯 මමා ඔයට වැරදීමක් වෙලා..එයා මගේ...ඔයාගේ නෙමෙයි...

Mrs.kim : පුහ්...එයා මගේ චූටි හා පුතා..ඉතින් එයා මගේ තමා..

ටේහ්‍යුන්ට නොදෙවෙනිව මිසිස් කිමුත් කෑ ගහනකොට අම්මාගෙයි පුතාගෙයි සුපුරුදු වලිය හැමෝම බලන් හිටියේ එපා වෙලා...ඒ දෙන්නා ජන්ග්කුක්ව බෙදාගන්න බැරුව දවසක් හරි රන්ඩු උනේ නැත්තන් අනිත් අයටත් කෑවේ නෑ වගේ..

🐺 ඒක නෙමෙයි බෙයාර් කෝ මිනියි හොබියි ??

කාමරෙට ගියත් හරි එලියට ආවේ නැති එයාගේ මල්ලිලා දෙන්නා ගැන කායි ඇහුවාම තමා අම්මායි පුතායි අතර තිබ්බ සීතල යුද්දය ටිකකට නතර උනේ..

🐯 ඒ දෙන්නා දැන්ම පහලට එන එකක් නෑ...එයාලගේ මේට්ලා එක්ක ලොකු වැඩක්...

🌹 හොබි ජැකි එක්ක ඉන්නවා කියමුකෝ...එතකොට කෝ ජිමින් ??

🐯 මන් කිව්වේ අනේ..එයත් එයාගේ මේට් එක්ක...

🐺 කවුද එයාගේ මේට් ??

🐯 යූන්ගි හ්‍යුන්ග් !!

ටේහ්‍යුන්ගේ ජන්ග්කුක්ගේ කම්මුල් වලට අනින ගමන් ගානක් නැතුව කියනකොට කට්ටියගෙම ඇස් කටේ..හැබැයි ඉතින් එයාලට පුදුම වෙලා ගොඩක් වෙලා ඉන්න බැරි උනේ එකපාරටම ලීසා කෑ ගහනවා ඇහුන නිසායි...බය උන පාර ඔක්කොම එක ක්ෂණිකයෙන් ලීසාගේ කාමරේ ඉස්සරහට යනකොට ම දොරත් ඇරන් ලීසා ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහින්ම හිටිය ජිසූගේ ඇගට පැන්නා..

🌹 ඩෝලි මොකද මේ ??

🌱 දෙයියනේ ලොකූ මට පිස්සු හැදෙන්න යන්නේ..මන් කොහොමද මේක විශ්වාස කරන්නේ ?? එක්කෝ මේක හීනයක්ද කොහෙද...බෙයාර් පොඩ්ඩක් මාව කොනිත්තනවකෝ...

ලිසා පිස්සෙක් වගෙව් කෑ ගහන ගමන් කුකීගේ අතකිනුත් අල්ලන් ඇසුත් ලොකු කරන් ඉන්න ටේහ්‍යුන්ට අත දික් කරනකොට පරන තරහවලුත් අල්ලලා ටේහ්‍යුන් හයියෙන්ම කෙනිත්තුවා..

🌱 ආව්..රිදුනා මෝඩයෝ ඒක..

🐯 තමුසෙනේ කිව්වේ කොනිත්තන්න කියලා..

ටේහ්‍යුන් ඇස් රෝල් කරලා කියනකොට ලීස ටේහ්‍යුන්ට රැව්වා..

🐥 ඩෝලි...ඇයි කෑ ගැහුවේ ??

ජිමින්ගේ කටහඩ පිටිපස්සෙන් ඇහෙනකොට තමා කට්ටිය දැක්කේ ලීසාගේ කෑ ගැහිල්ල කොච්චර හොද ද කියනවා නම් මුලු ගෙදර ම එතන කියලා..නිදන් හිටපු ජිනුත් ඇස් පොඩි කර කර ලීසා දිහා බලන් හිටියේ නම්ජුන් එක්ක හිටිය එයාගේ ලස්සන හීනේ කඩපු එකට කේන්තියෙන් ලීසාව මස් කරන්නේ කොහොමද කියලා හිතන ගමන්..

🌱 අනේ මගේ අන්තෝනියෝ...ඔයාට විශ්වාස කරන්න පුළුවන් ද මේක..මට පිස්සු වගේ....

ලීසා කෑ ගහගෙන ජිමින් ලගට ගිහින් ජිමින්ව බදාගන්න හදනකොටම ජෙලි යූන්ගි ජිමින්ව එකපාරටම ඇදලා අරන් එයාගේ පිටිපස්සට ගත්තා..ඒත් ඉතින් පිස්සු හැදිලා වගේ ඉන්න ලීසාට ඒක ගානක් උනේ නෑ...එයා එහෙම්ම ජිමින්ගේ එහා පැත්ත තිබ්බ කණුව අත් කකුල් ඔක්කොම වලින් බදාගත්‍තා..

🐱 කෝ රෝස්...

🌱 රෝස්...ආහ්...යූන්ගි ඔප්පා මට පිස්සු වගේ දෙයියනේ...මේක කොහොමද උනේ...මට තාම මේක හීනයක් වගේ...

🐹 ඩෝලි පිස්සෙක් වගේ කෑ නොගහා උනේ මොකක්ද කියනවා !!

🌱 ජිනි ඔප්පා රෝස්...දෙයියනේ එයා...

🐱 ඇයි රෝස්ට මොකද උනේ ?? එයාට ප්‍රශ්නයක් ද ??

❤️ මන් හොදින් ඔප්පා...

ලීසා රෝස් ගැන අමුතු විදියට කියනකොට බය උන යූන්ගි එහෙම අහනකොට රෝස් දොරටත් හේත්‍තුවක් දාගෙන කෑ ගහ ගහ ගෙදර තියෙන කණු වල කැරකි කැරකි අහුවෙන අහුවෙන කෙනාව බදාගන්න ලීසා දිහා බලාගෙන කතා කරා...

Mr.kim : එයාට මොකක්ද වෙලා තියෙන්නේ රෝස් ??

තමන්ගේ දුව පිස්සෙක් වගේ කණුවක් වටේ කැරකිලා ටේහ්‍යුන්ගේ ටැනියාව අරගෙන ඌත් එක්ක නටනවා බලන් හිටපු ඇල්ෆා දේහ්‍යුන් ඇහුවේ ඇත්තටම බය වෙලා..

❤️ ආහ් මන් එයාගේ මේට්...ඒක දැන ගත්ත වෙලේ ඉදන් ඔහොමයි එයා..

රෝස් ගානක් නැතුව කියලා දැම්මේ එයාගේ පිස්සු මේට් දිහා කලකිරීමෙන් බලාගෙන ඉදලා..රෝස් වොශ් එකක් දාගෙන බාතෲම් එකෙන් එලියට ආපු වෙලේ ඉදන් රෝස්ගේ සුවද දැනිලා ලීසා පිස්සෙක් වගේ තනියම හිනා වෙවි නටන එක තාමත් නතර කරලා නැති නිසා රොස් ඇත්තටම බය හිතුනා එයාගේ මේට්ට පිස්සු කියලා..

🐱 මේ ජින්..උබේ නංගිට පිස්සු එහෙම නෑ නේද ??

යූන්ගිට ලීසාගේ මේට් උන එයාගේ නංගි ගැන ඇති උන සාධාරණ බය නිසා හිමීට කනට කරලා ජින්ගෙන් අහනකොට ජින් ඇත්තටම ලීසාට පිස්සුද නැද්ද කියලා තීරණය කරලා අන්‍තිමට එයාගේ තීරණය ඉදිරිපත් කරා..

🐹 බෙයාර් මන් මෙච්චර කල් ඔයා ඩෝලිට පිස්සු කිව්වාට පිලිගත්තේ නැති උනාට අද ඉදන් පිලිගන්නවා...

🦄🐺🐵🌹🌺🐥 මාත්...

ටැනි එක්ක කපල් ඩාන්ස් එකක් දාන ලීසා දිහා කලකිරීමෙන් බලාහෙන ඉන්න හැමෝම ජින් කියපු කතාව එකපයින්ම පිලිගත්තා...

🐯 මමා මන් ඔයාට හැමදාම කියනවා මේ පිස්සු හෝන්තුවව අපේ පවුලෙන් අයින් කරන්න කියලා..දැන්වත් අයින් කරලා දාන්නකෝ මමා..බලන්න එයාට පිස්සු....

ටේහ්‍යුන් ඇස් රෝල් කරන ගමන් කියනකොට එයා දැක්කා එයාලගේ පිස්සු ලීසා අසරණ ටැනී එක්කම පෝච්චියක් පෙරලන් බිම පත බෑවෙනවා...ආයි ඒ ක්‍ෂනිකයෙන් නැගිට්ට ලීසා සෙටියේ සැප නින්දක හිටිය ජෙනීගේ පූස් තඩියාව අරගෙන ඌව දරුවෙක් වගෙ තියාගෙන නලව නලව සින්දු කියන්න පටන් ගත්තා..

Mrs.kim : චගියා...අපි කෝකටත් ඩෝලිව මානසික වෛද්‍යවරයක්ට පෙන්නමුද ??

Mr.kim : මාත් ඕක කියන්න හිටියේ..

මිසිස් කිමුත් තමන්ගේ දුව ගැන ඇති උන සාධාරණ බයට එහෙම කියනකොට මිස්ටර් කිමුත් එකපයින්ම ඒ තීරණයට එකග උනා...

.

.

" අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා

ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා

සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා

මග හැර යන්නට බැරිලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී

ඔය නෙතු අද්දර නවතිනු රිසිවී

දැන දැන හිමි නොවෙනා බව නොදැනී

මම තව තව ඔබ වෙත පෙම් කරමී "

- ජින්ගෙන් නම්ජුන්ට -

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️