Chapter 14: chapter 13

My Little Wolfie | TK || CompletedWords: 23035

🐯 ටේහ්‍යුන්/ බෙයාර්

🐰 ජන්ග්කුක් / කුකී / කූ

🐹 ජින්/ ජිනි

🐨 නම්ජුන් / ජුනි

🐱 යූන්ගි/ යුගි

🐥 ජිමින් / මිනි

🦄 හෝසියෝක්/ හොබි

🐵 ජැක්සන් / ජැකි

🌺 ජෙනි/ පොඩි

🐺 කායි

🌹 ජිසූ / ලොකු

🕊️ මියුන්ග්සෝ

🌱 ලීසා / ඩෝලි

❤ රෝස්

..............................................................................................

🐺 ඔයා කියන්නේ එතකොට ජිනිගේ මේට් ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් ??

කායි ජෙනීව එයාගේ තුරුලේ තියන් බැරෑරුම් විදියට ඇහුවේ මෙච්චර වෙලා උන හැම දේම රස කර කර කිය කිය හිටියේ ටේහ්‍යුන්ගෙන්...

🐯 ම්ම්..ඔව්...එය එහෙම තමා කිව්වේ...

ජන්ග්කුක් කියන පුළුන් ගුලිය ඇග වටේ ඔතාගෙන කිම් මැන්ශන් එකේ කුෂන් එකක් උඩ වාඩි වෙලා එයත් කුකීස් කන ගමන් කුකීටත් කුකීස් කවන ගමන් ටේහ්‍යුන් උත්තර දුන්නා..ඇත්තම කිව්වොත් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ඇගේ ඇලුනත් හරි තාමත් ගැලවුනේ නෑ...ඒ නිසාම ටේහ්‍යුන් කාර් එකේ ආවෙත් ජන්ග්කුක්ව ඔඩොක්කුවේ තියාගෙන..ආයි බැහැලා මැන්ශන් එකට ආවෙත් උස්සගෙන..එහෙම්ම පුලුන් ගුලිය එක්ක ටේහ්‍යුන් වාඩි වෙලා එයාගේ මමා හැමෝටම ගෙනාපු කුකීස් කන ගමන් උදේ ඉදන් උන හැම දෙයක්ම අකුරක් නෑර විස්තර කරා..

ජන්ග්කුක් නම් ටේහ්‍යුන් කියන දේවල් අහගෙන එයාගේ නැට්ට වන වන හිටියේ...එයාගේ කටේ තියෙන කුකීස් ඉවර උනාම එයාට කරන්න තිබ්බේ ටේහ්‍යුන්ගේ පපුවට තට්ටුවක් දාන්න විතරයි..එතකොට ටේහ්‍යුන් එයාගේ පපුව අස්සේ හංගන් ඉන්න පුංචි කට කොහොම හරි හොයාගෙන ඒ කටට ආයි කුකී එකක් ඔබනවා..

( A/N : ඇයි මට කුකි කුකීවම කනවා මැවිලා පේන්නේ..ඒ මදිවට ටේත් කුකීව කනවා..🙂 )

එතකොට ජිමින් හිටියේ එයාගේ පුරුදු රාජකාරියේ...අපිට පුළුවන් ඒක සෙල්ලමක් කියලා කියන්න...එයා ලොකු වැඩක් ජන්ග්කුක්ගේ නැට්ට එක්ක...ඇත්තටම ජිමින්ටවත් තේරෙන්නේ නෑ ඇයි එයා ජන්ග්කුක්ගේ පුංචි සුදු බූල් නැට්ටට එච්චරටම කැමති කියලා..කොහොම හරි කතාව පුරාම ජිමින් කරේ ජන්ග්කුක්ගේ නැට්ට එක්ක සෙල්ලම් කරපු එක..

එතකොට යූන්ගි හිටියේ ජිමින් දිහා බලාගෙන...ආහ් නෑ මේ එයා කිව්ව විදියට එයා හිටියේ ජිමින් අතින් ජන්ග්කුක්ගේ නැට්ටට හානියක් වෙයි ද කියලා බලාගෙන..නැතුව එයා ජිමින්ගේ හුරතලේ දිහා බලාගෙන නෙමෙයි හිටියේ..සෙල්ලම් කරනවාට අමතරව ජිමින් මේ වෙනකොට ජන්ග්කුක්ගේ නැට්ටේ ජිසූගේ පාට පාට කොන්ඩ බූල්, කොන්ඩ කටු එහෙම ගහලා තියෙනවා..ඒක ලස්සනයි...හුම් පුංචි දෙපැත්තට වැනෙන තොරනක් වගේ...ජිමින් ඒ දිහා හෙන ආඩම්බරයෙන් බලාගෙන හිටියේ..හරියට එයයි නැට්ටේ අයිතිකාරයා වගේ..

🌱 එතකොට ඔප්පා තමුසේ බොටමක් ද ?? ඔහ් ගෝඩ්...මේක කිම් පවුලටම අවනම්බුවක්...

ලීසා ටේහ්‍යුන්ගෙම ට්වීනා කියලා ඔප්පු කරන ප්‍රධානම සාධකය ඒ විදියට එලියට පනිනකොට ජින් හිටියේ කිඹුල්ලු දෙන්නාටම උපතින්ම ලැබුන වක්කඩ කට ගැන තමන්ට අනුකම්පාකර ගන්න ගමන්..

🐯 දැට්ස් මා ගර්ල්...ඔෆ් කෝස් ඩෝලී...අපේ රාජකීය ඇල්ෆා ජින් බොටමක්...

ටේහ්‍යුන් එයාගේ එහා පැත්තේ සසර කලකිරිලා ඉන්න ජින්ගේ පිටට තට්ටුවක් දාලා කියනකොට ජින් ටිකක් ටේහ්‍යුන්ට ගෙරෙව්වා...ඒත් ඉතින් ජින්ට අමතක උනානේ ටේහ්‍යුන්ගේ පුංචි බොඩිගාර්ඩ් එයාගේ ඇගේ වෙලිලා ඉන්නේ කියලා..

🐰 ග්ර්ර්‍..ර්...ර්....

ටේහ්‍යුන්ගේ ඇග අස්සේ ඉදන්ම ජන්ග්කුක් ජින්ට හීනියට ගොරවනකොට අපේ මහලොකු ඇල්ෆා පුංචි ඔමෙගාට බය උනා..ඇත්තටම ඒකට බය හිතෙන තර්ජනාත්මක ගෙරවුමක්...

ඒක හරියට මගේ ටේ බබාට සද්ද දාන්න එපා කියනවා වගේ එකක්...ටිකක් විතර සැරෙන් ඒත් කියුට් කොල්ලෙක් කියන තර්ජනයක්...කියුට් උනත් කුකී බබා හුගක් වසයි..එයායි ඊලගට තුන් ලෝකෙටම රැජින වෙන්නේ...ඉතින් එයා ටිකක් විතර වස වෙන්න එපැයි...

🐯 ඕහ්...රිලැක්ස් මයි බේබී...

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ පුංචි ඔලුව අතගාන ගමන් කියනකොට ජන්ග්කුක් ආයි සන්සුන් වෙලා එයාගේ සුපුරුදු රාජකාරිය මන් මේ කිව්වේ ටේහ්‍යුන්ගේ ශර්ට් එකත් එක්ක සෙල්ලම් කරන වැඩේ පටන් ගත්තා..ඒ අතරේ නැට්ට හොල්ල හොල්ල පාඩුවේ ඉන්න අහින්සක ජිමින්ව අවුස්සන්න අමතක කරෙත් නෑ..සාමාන්‍යයෙන් ජන්ග්කුක් එයගේ නැට්ට කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ...හැබැයි එයා ඒක ජිමින්ට දෙනවා...මන් එදත් කිව්වා වගේම ඒකට ලොකුම හේතුව ජිමින්ගේ හුරතල් වැඩ වලදි එයාගේ යූගී හ්‍යුන්ගේ මූනට එන අහින්සක අමුතු හිනාව බලන එක තමා ජන්ග්කුක්ගේ පරමාර්ථය..ඒ වෙනුවෙන් එයා එයාගේ බූල් නැට්ට පරිත්‍යාග කරා..කොහොමත් ජිමින් එයාට රිද්දන්නේ නෑ කියලා කුකී හොදටම දන්නවා...ඒ නිසා ඔන්න ඔහේ නැට්ට එක්ක සෙල්ලම් කරපු දෙන්..පොඩි එකාගේ ආසාවනේ..

අනික ජිමින් හ්‍යුන්ග් ජන්ග්කුක්ගේ හොදම යාලුවානේ...ඊට පස්සෙ තමා අද හම්බුන ඉයුන්වූ ජන්ග්කුක්ගේ යාලුවා වෙන්නේ...ඉයුන්වූ ඇත්තටම හොද යාලුවෙක්...නැත්තම් ඉතින් අද උදේ ජන්ග්කුක් ඇස් නිල්පාට කරන් දත් විලිස්සන් පපුව අල්ලන් පහත් වෙනකොට ඉක්මනට ඒ මූන අනිත් අයට පේන්නේ නැති වෙන්න වහගෙන ජැක්සන් ලගට කුකීව පරිස්සමින් අරන් එන්නේ නෑනේ...ඉයුන්වූ නොහිටින්න කුකී ගැන හැමෝම ලමයි දැනගෙන..

🦄 ඒත් ඇයි එයා කැලේට පැන්නේ ??

හැමෝටම තිබ්බ ප්‍රශ්නේ හොබි හෙන බැරෑරුම් විදියට අහනකොට නැට්ටක් එක්ක ලොකු වැඩක හිටිය ජිමින් කිව්ව දේට හැමෝටම හුස්මත් හිර වුනා..කැහ්.කැහ්...විශේශයෙන්ම ජින්ට...

🐥 සමහරවිට ජින් හ්‍යුන්ගේ මේට් වනචාරියෙක් වෙන්න පුළුවන්...

ජිමින් ජන්ග්කුක්ගේ නැට්ට එක්ක සෙල්ලම් කරන ගමන් ගානක් නැතුව එහෙම කිව්වාට ජින්ට ඒක කිව්ව ගමන් මතක් උනේ කොල අතු ඇදන් ගිනිමැලයක් වටේ නටන කැත බඩතඩි කොන්ඩේ නැති වටකෙස් මැදහිස් හිසක් සමග තඩි රැවුල් කොටයක් තියෙන මනුස්සයෙක්ව...

🐹 යාහ්..එයා එහෙම නෑ...

එයාගේ මනසේ මැවුන කැත බහිරව රූපය ක්ෂණිකයෙන් මකා දැම්ම ජින් එකපාරටම හයියෙන් ජිමින්ගේ ඇගට කෑ ගහහෙන පනිනකොට ජින්ට කලින් ඉක්මන් උන යූන්ගි එකපාරටම ජිමින්ව ඇදලා එයාගේ ඔඩොක්කුවට ගත්තා..තප්පර ගානක් තුල උන දේ හිතාගන්න බැරුව ජිමින් හිටියේ යූන්ගිගේ ඔඩොක්කුවේ ඇසුත් ලොකු කරගෙන..

Mr.kim : ජිනි...ඇල්ෆාව කන්ට්‍රෝල් කරගන්න...

බිම පහත් වෙලා හයියෙන් හුස්ම ගන්න ජින්ගේ පිටට තට්ටුවක් දාලා ඇල්ෆා දේහ්‍යුන් කියනකොට මෙච්චර වෙලා හිනාව කාගෙන හිටපු හැමෝම හිනා වෙන්න පටන් ගත්තා..මොකද එයාලට උනත් වනචාරි ජින්ගේ මේට්ව මැවුනේ ජින්ට මැවුන විදියටම තමා..අසරණ ඇල්ෆා කලබල වෙන එක අහන්න දෙයක් නෙමෙයි...

🐯 කෙනෙක් හැබැයි කිව්වා මේට් එයාගේ හෙනහුරා කියලා..

🐵 මන් අහලා තියෙන විදියට හෙනහුරා කියන්නේ කැත බඩතඩි කලුම කලු රැවුල දිග කොන්ඩේ නැති පොරක්ලු...අපේ ඩීන්ගේ බ්ලැක් වර්ශන් එක වගේ...

🐹ග්..ර් ර් ර්....

ජැක්සන් එයාට වනචාරියෙක් විදියට මැවුන රූපේ හෙනහුරා සමග සම්බන්ධ කරලා කියනකොට ජින් රතු ඇස්වලින් ජැක්සන්ට ගෙරෙව්වා..තප්පර අරික් කාලක් යන්න කලින් ජැක්සන් හොබිගේ ඔඩොක්කුවේ...යක්කුන්ට බය උනාට ජැකිගේ මේට් මොනවා උනත් ඇල්ෆා කෙනෙක්නේ...කොල්ලා සේෆ්ට් ඒ කියන්නේ...දැන් මොන යකෙක්ටවත් ආහ් නෑ ඇල්ෆා කෙනෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ...

🦄 ග්‍..ර්...ර්...

ජැක්සන්ව ඔඩොක්කුවේ තියාගෙන හොබීත් ගොරවනකොට ජින් එතනින් නැගිටලා ගස්සගෙන කාමරේට ගිහින් දඩස් ගාලා දොර වැහුවේ ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ හිටපු ජන්ග්කුක් තද කරලා ටේහ්‍යුන්ව බදාගන්නවා වගේම යූන්ගිගේ ඔඩොක්කුවේ උන දේ හිතාගන්න බැරුව හිටිය ජිමින්වත් බය කරලයි..ඔන්න කොල්ලා එවෙලේ තමා හරි සිහියට ආවේ එයා ඉන්නේ කාගේ ඔඩොක්කුවේද කියලා..සද්ද නැතුව යූන්ගි ඔඩොක්කුවේ නෙමෙයි වගේ හිම්ට බැස්ස ජිමින් මූනත් රතු කරගෙන හිමීට ගිහින් එයාගේ කායි හ්‍යුන්ගේ එහා පැත්තේ ඉදන් සද්ද නැතුව වාඩි වෙලා කායිගේ අත අස්සෙන් යූන්ගි දිහා හොරෙන් බලන්න අමතක කරෙත් නෑ..යූන්ගිට නම් ඉතින් මේ හුරතලේව කන්න හිතිලා තියෙන්නේ..ඒත් ඉතින් එයාගේ මේට් නෙමෙයිනේ ඒ...

Mrs.kim : ජිනීට මොකක්ද බෙයාර් වෙලා තියෙන්නේ ??

🐯 එයාට පාඩුවේ ඉන්න දෙන්න මමා...හ්‍යුන්ග් මේ දවස්වල අවුලෙන් ඉන්නේ..එයාට ටිකක් තනියම ඉන්න දෙන්න..

ජින් අවුලෙන් ඉන්නේ ඇයි කියලා අහන්න මිසිස් කිම්ට ඕන උනත් තමන්ගේ පුතාලගේ ජීවිතවලට ඕනවට වඩා ඇගිලි ගහන්න එයාලට කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා එතනින් එහාට මුකුත් ම ඇහුවේ නෑ..

🐺 පපා..මන් හිතන්නේ ඒ ආපු උන් ගැන හොයන්න කියලා ඩැඩාට කියන්න වෙයි වගේ..

Mr.kim : ඒක තමා මාත් කල්පනා කරේ පුතා..ඒත් උන් ජිනි ඇල්ෆා කෙනෙක් කියලා දන්නේ නැත්තන් ඇයි ජිනීව මරන්න එන්නේ...එතකොට ඇයි එයාගේ මේට් ඇවිල්ලා ඒ ඔක්කොමව මරලා ආයි කැලේට පැන්නේ..??

🐱 ආපු වෘකයන්ටයි ජින්ගේ මේට්ටයි සම්බන්ධයක් තියෙන්නෙ විදියක් නැද්ද ??

🐯 ඒත් හ්‍යුන්ග් ජින් හ්‍යුන්ගේ ස්මෙල් එක කාටවත් දැනෙන්නේ නෑ..එහෙම එකේ එයා කොහොමද දැනගන්නේ හ්‍යුන්ග් එයාගේ මේට් කියලා ??

යූන්ගිගේ තර්කේ ටේහ්‍යුන් එකපාරින් කඩලා දානකොට මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු ජැක්සන් කතා කරන්න පටන් ගත්තා..

🐵 ඒත් එයා ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක් බෙයාර්..එයාට ජිනිගෙන් යාන්තම් හරි සුවදක් එන්න ඕන...ඒත් ඒ එයාගේ මේට් කියන සුවද විතරයි...මන් හිතන්නේ නෑ එයාට ඒ ඉන්නේ ඇල්ෆා කෙනෙක් කියලා දැනගන්න පුළුවන් කියලා...

🦄 වාහ්..මගෙ බබා මොලේ ඇති කතාවක් කිව්වාමද කොහෙද ??

🐵 කටවහගන්නවා මෝඩ ඇල්ෆා..

ජැක්සන් හොබිගේ ඔඩොක්කුවේ ඉදන්ම හොබීගේ ඔලුව එකක් ගහන ගමන් කියනකොට හොබි ජැක්සන්ට රැව්වා..ඇත්තටම ජැක්සන්ට එයාගේ මේට් ඇල්ෆා කෙනෙක් කියන එක ගානක්වත් නෑ..මොනවා උනත් බෙටා කෙනෙක් ඉස්සරහ ඇල්ෆා බලු වෙන අවස්තා මේවා තමායි ඉතින්...කමක් නෑ මෝඩයා කිව්වාත් ඇල්ෆා කිව්වානේ...මෝඩ ඇල්ෆා..ඒක ටිකක් මෝඩයි උනාට ලස්සනයි...

Mrs.kim : හරි ලමයි...මේවා ගැන පස්සේ කතා කරමු...හැමෝම ගිහින් වොශ් දාලා එන්න කෑම කන්න...දැන් හොදටම පරක්කු වෙලා..යූන්ගි පුතා ඔයාත් මල්ලි නංගි එක්ක අද මෙහෙ ඉන්න...මෙයාලා නම් කොහොමත් අද යන්නේ නෑ කියලා මන් දන්නවා..

දැනටමත් මේට්ගේ ඇගේ භාගෙට නිදාගෙන ඉන්න ජන්ග් ෆැමිලි එකේ ලොකු පුතාලා දෙන්නා දිහා බලලා කියනකොට ජිමින් නම් එයාලට හිනාවක් දැම්මා..

🐱 ඒත් ආන්ටි...

Mrs.kim : මන් ඔයාට එදත් කිව්වා මට මමා කියන්න කියලා පුතා...

🐱 ආන්..මේ මන් කිව්වේ මමා අපි ඉන්න එක කරදරයක් නෙමෙයිද ??

🐯 අපේ මමාට අපි හැරෙන්න අනිත් හැම ලමයෙක්ම කිසිම කරදරයක් නෙමෙයි හ්‍යුන්ග්

Mrs.kim : කටවහගන්නවා බෙයාර්...ඔම්මාලාට එයාලගේ දරුවෝ කරදරයක් නෙමෙයි යූන්ගි...ඇරත් අපේ හා පැටියා අද බෙයාර්ව අතාරින්න පාටක් නෑ වගේනේ...

ටේහ්‍යුන්ව බදාගෙන නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව පෙන්නලා කියනකොට යූන්ගිත් ඒ දිහා බලලා හිනා උනා...දෙන්නා ඉන්නෙ නිකන් ගැරඩි දෙන්නෙක් වගේ වෙලිලානේ..

🐯 ආහ්..මට දොයිමතයි...යුගී හ්‍යුන්ග් මන් මගේ හා පැටියාව මගේ රූම් එකට අරන් යනවා..ආහ් ඔයාට පුළුවන් ජිමිනිගේ රූම් එකේ ඉන්න...එතකොට රෝස් ඔයාට පුළුවන් ඩෝලිගේ රූම් එකේ ඉන්න..

🐱🐥🌱❤️ කැහ්..කැහ්...මොකක්ද ??

ජන්ග්කුක්ව අත් අතරට ගත්ත ටේහ්‍යුන් ඇහැක් ගහන ගමන් එහෙම කියලා යනකොට ඒ හතර දෙනා නම් හිටියේ රතුවෙලා පුපුරන්න ඔන්න මෙන්න...තමන් ආදරේ කරන කෙනා එක්ක එකම රූම් එකක ඉන්නවා කියන එක ඒක ටිකක් අමාරු වැඩක්...විශේශයෙන්ම එයා තමන්ට අයිති නෑ කියලා දැන දැන ආදරේ කරන කෙනෙක්ට...

.

.

.

මගේ හාර්ටුව ලෙප්ට්...ඕතරි මලා..🙂

මේ කතාව ඇත්තටම ලස්සනයිද ස්ට්‍රෝබෙරීස් 🥺

පරිස්සමින් ඉන්න

සරන්හේ ❤️❤️❤️