Chapter 22: 21•

තේව් (TAEKOOK)Words: 25176

අද අලුත් වගේම නැවුම් ආරම්භයක්..අද මං උදෙන් ඇහැරිලා මුලින්ම කලේ අද දවස අපිට දුන්න එකට දෙවියන්ට ස්තූති කරපු එක..මං හිතනවා අපිට ඒ ලස්සන දවස් ළඟා කරන,දුකින් ඉන්න දවසක් උනත් එක් මොහොතකට හරි මුහුණේ හිනාවක් ළං කරගන්න පුළුවන් දවසක් කරන ඒ නොපෙනෙන බලවේගයට ස්තූති කරලා අපි දවස පටන් ගත්තොත් ඒ දවස ලස්සන දවසක් වෙයි කියලා..ඉතිම් මාත් මේ දැන් කරන්නේ අපි දෙන්නටම අලුත් ජීවිතයක් පටන් ගන්න ආපු ගමනේ පලවෙනි දවසට විශේෂයෙන්ම ස්තූති කරන එක..මට ඕනේ මෙච්චරයි..කිසිම කරදරයක් නැතුව,හිත් තැවීමක් නැතුව අපි දෙන්නා ළඟ සතුට කියන දේ සඳහටම රැඳිලා තියෙන්න විතරයි..

සමහර මිනිස්සු දැක්කම හරිම ලෝභයි..කොච්චර වයසට ගියත් වයස බාධාවක් කරගන්නැතුව හරිම ආදරයෙන් ජීවත් වෙන මිනිස්සු මං මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා..ඒ වෙලාවට මට හිතුනේ එක දෙයයි..ඒ තමයි,කොහොමද ඒ විදිහට ආදරේ ගලපගෙන,හම රැලි වැටිලා යන මොහොත වෙනකල් රැකගෙන තියෙන්නේ කියන එක විතරයි..එහෙම මිනිස්සුත් ඉන්නවද කියන එක මට ප්‍රශ්නයක් වෙලා තිබ්බ තැන් නැතුවම නෙමෙයි..ඒත් මට දැන් හිතෙනවා ආදරය කරන දෙන්නා අතරේ සම්බන්ධය පටන් ගත්තු දවසේ දක්වන ආදරය,සැලකිල්ල,රැකවරණය,පරිස්සම,තේරුම් ගැනීම කියන දේ මැරෙන මොහොත දක්වාම අඩුවක් නොකරනවා නම් මං නම් කියන්නේ ආදරේ කියන දේ මහලොකු පුදුමයක් නෙමෙයි..

ඒත් අද වෙද්දී එහෙම සතුටින් ඉන්න අය ඉන්නේ බොහොම සුලු පිරිසක් නේද කියලා හිතෙද්දී පුංචි දුකක් කොහොමත් හිතේ ඇදෙනවා..මොකද අද කාලේ තමන්ගේ ගෑනිගෙන් හෝ තමන්ගේ මිනිහගෙන් සැනහෙන්න බැරුව පිට යන උන් කොච්චර ඉන්නවද..? මට තේරෙන්නේ නැහැ මිනිස්සු ඇයි එහෙම කරන්නේ කියලා..එහෙම කලාම අනෙක් කෙනා කොච්චර අසරණ වෙනවද?, මානසිකව වැටෙනවද? කියලා මේ මිනිස්සුන්ට ඇයි හිතන්න බැරි? ඒ තත්වෙට අද මිනිස්සු පත් වෙන්න තරම් මේ සමාජය සෑහෙන්න කුරිරු අතට හැරිලා..ඒ ගැන හිතද්දිත් මට එන්නේ කේන්තියක්..

"දෙයියනේ වතුර එක නටනවා.."

මම අපේ අලුත් කුස්සියේ පැන්ට්‍රියට හේත්තු වෙලා ඉද්දී මගේ කනට ඇහුනේ රත් වෙන්න තිබ්බ වතුර ටික ගොජ ගොජ ගාලා නටන සද්දේ..සුදු මහත්තයා උදේ නැගිට්ට වෙලේ ඉඳන් උඩ තට්ටුව අස් කරන ගමන්නේ ඉන්නේ..එයාට බැරිලුනේ අපිළිවෙලට ඉන්න..මාත් ඉතිම් එයා එක්කම අපේ බඩු සේරම අස් කර කර ඉඳලා තමයි මේ වතුර ටිකක් තියන්න ආවේ එයාට කෝපි එකක්වත් හදලා දෙන්න..අද උදෙන් අපි මුලු අපාර්ට්මන්ට් එක වටේම ඇවිදින්න හිතන් හිටියත් මේ ටික අස් කරලම නිදහසේ ඒ දේ කරන්න අපි දෙන්නා හිතුවා..එතකොට ලේසිනේ..

කෝපි එක වක් කරලා සුදු මහත්තයගේ මග් එක අතට අරගනිද්දීම සුදු මහත්තයා උදේ කාමරේදී මට කිව්ව දේ මතක් වෙද්දී අර වැල්ලට ගිහින් මුහුදු වැලි අස්සේ හැංගෙන්න හිතෙනවා..අනේ දෙයියනේ මං එහෙම දෙයක් කලෙත් නැහැ..මේ මනුස්සයා මාව අහේතුවකට නේ විහිලුවකට අරන් තියෙන්නේ..මං ඇවිල්ලා මේ ආත්ම ගරුත්වයක් තියෙන නියම කොල්ලෙක්..මං කීයටවත් එහෙම දෙයක් කරන්නේ නැහැ..එහෙම මටනේ මෙහෙම හිනා වෙන්නේ..

"ඈ දෙයියනේ කොහොමද එහෙම වෙන්නේ.."

"එහෙම වෙන්න බෑ..."

"ඒත් එතන කවුරු හරි හපපු පාරක් වගේනේ පේන්න තිබුනේ.."

"නෑ නෑ එහෙම වෙන්න බෑ...මං එච්චර දරුණු නෑ..ඔය හැටි එතන රතු පාටට සැරට හිටින්න තරම්.."

මං අපි දෙන්නගෙම දුම් දාන උණුම උණු කෝපි කෝප්ප දෙකත් උස්සගෙන හෙමිහිට පඩියෙන් පඩියට අඩිය තියන අතරේ ඊයේ රෑ ඔය කියනවා වගේ දෙයක් මං කොහොමද කලේ කියන එක හිතුවා..මං පොඩි එකෙක්දැයි ඔය චූටි කුම්කුව හපන්න..අනික නින්දෙන්..ඇයි යකෝ මං ජීවිතේට හිතුවේ නැති විදිහටනේ මේ මනුස්සයා මට උදේ පාන්දරම මේ චෝදනාවක් එල්ල කරලා මට හිනා උනේ..

දැන් නම් ලැජ්ජයි අම්මපා..ඒ කිව්ව කතාවට කොහොමද මං එහෙම කරලා නම් මුහුණවත් බලන්නේ..නැහැ ඉතිම් මං මේ එහෙම දෙයක් කලා කියනවා නෙමෙයි..නින්දෙන් ලෝකේ උනත් පෙරලෙනවා කියලා ඔය කතාවක් තියෙන්නේ..ඉතිම් ලෝකෙත් පෙරෙලන එකේ ඔය වගේ පුංචි දේවලුත් වෙන්න පුළුවන්..ආහ් නැද්ද..

"කොහෙද චුට්ටා මෙච්චර වෙලා ගියේ..?"

"ආ-ආහ් මං අපි දෙන්නට කෝපි හදාගෙන එන්න ගියානේ..ආහ් මෙන්න.."

"අපේ අම්මා බංගලාවේ කොටලා දීපුවා නේද?"

"ඔව් ඔව් ඒවා තමයි..මං මතක් කරලා ඔයා කෝපි වලට ආස නිසා කොටපුවාගෙන් ටිකක් අරගෙන ආවා.."

"ඇයි දැන් මං විතරද මේවට ආස..කියන කෙනා මටත් වඩා ආසයිනේ උණු කෝපි බොන්න..ම්ම්.."

"නැතුව ඉතිම්.."

මං කෝපි එකෙන් උගුරක් බීලා තෙත් කරපු සුදු රෙදිකඩ අතට අරගෙන ජනේල දෙක පිහදාගන්න ගත්තා..මේ වෙද්දිත් සුදු මහත්තයා සෑහෙන දුරට මේ ටික අස් කරලා ඉවර කරලා තිබුන නිසා මට තිබුනේ එහෙන් මෙහෙන් පුංචි වැඩක් විතරයි..

"මේ සුදූ.."

"කියන්න සුදු මහත්තයා.."

"කෝපි එක රසයි.."

අතේ තිබුනු රෙදිකඩ ඉබේම අතට ගුලි වෙද්දී මං අනෙක් අත මගේ ඉන මේ වෙද්දිත් ග්‍රහණය කරගෙන ඉන්න කෙනාගේ අත උඩින් තිබ්බා..හයියෝ මොකද මේ මාව රත් වී ගෙන එන්නේ..ජනේල් දෙකත් ඇරලා තියෙද්දී,හුළං පාරවල් සැරට හමන එකේ..රස්නයක් අහල පහලකවත් නොවන එකේ ඇයි මට රස්නේ දැනෙන්නේ..මට එක එක විකාර ඔලුවට ගලාගෙන එන්න ගත්තම මං ඔලුව දෙපැත්තට වනලා එක සිහියකට එන්න උත්සාහ කලා..

"මොකෝ අසනීපයක්වත්ද දෙපැත්තට වැනෙන්නේ..?"

"අනේ මේ.."

"මගේ හුරතලේ.."

සුදු මහත්තයා පිටුපාලා ඉන්න මාව එයාගේ පපුවට හේත්තු කරගෙන කලින් විදිහටම ඉන වටේට අත් යවලා මගේ උරහිසකින් නිකට තියාගෙන මුමුණන්න ගත්තා..ගැඹුරු සාගරයක් වගේ කටහඬින් හෙමින් වචන එක දෙක මුමුණද්දී මගේ කකුල් දෙකත් එක්කම හිරි වැටිල යනවා..ඒ තරම් මං සුදු මහත්තයගේ කටහඬට ඇබ්බැහි වෙලා..

"ඔයා දන්නවද.."

"මොකක්ද?"

"ඔයා..ඒ කියන්නේ මේ මගේ චූටි කොල්ලා දැන් ඉන්නේ මුලු මූණම රතු කරගෙන..මට ඔයාගේ මූණ දිහා නොබලා ඒක නම් කියන්න පුළුවන්.."

මොන ලැජ්ජාවක්ද..මෙයා කොහොමද මගේ දිහා නොබලා එහෙම කියන්නේ..කිව්වත් වගේ මටත් දැනෙනවා මගේ කම්මුල් රත් වෙලා කියලා..අනේ මගේ දිහා නම් බලන්න එපා..වැරදිලා හරි දැක්කොත් මට විහිලු කරන්න පටන් ගනී..දෙවියනේ මාව ආරක්ශා කරනු මැනවි..

"මොකෝ සද්ද නැත්තේ..මං කිව්ව දේ හරි නිසානේ සද්ද නැත්තේ..හ්ම් හ්ම්.."

"අ-එහෙම මඟුලක් නෑ අප්පා..කවුද කියන්නේ.."

"ආහ් ඔයා විශ්වාසෙන්ද ඔය කියන්නේ සුදූ.."

"ඔ-ඔව් ඔව් සීයට දෙසීයක් විශ්වාසයි.."

"කෝ බලමු එහෙනම්.."

"අනේ යන්නකෝ සුදු මහත්තයා.."

මං එයාගේ ග්‍රහණයෙන් බේරෙන්න හැදුවත් ඒකෙන් ඇත්තටම වැඩක් උනේ නෑ..එයා ඒ තප්පරයෙන්ම මේ වෙද්දිත් මගේ උරහිසින් අල්ලලා එයාගේ පැත්තට මාව හරවගෙනත් ඉවරයි..දැන් නම් තේව් උබ ඇඳ යටින්වත් හැංඟිලා ඉඳපන්..දැන් කොහොමත් මගේ රෙදි ගැලවිලා ඉවරයිනේ..ඊයේ මොකක්ද මන්දා අපත වැඩක් කරයි කියලා උදේ විහිලු කලා..දැන් තව මඟුලක්..මටමනේ මෙහෙම වෙන්නේ..දෙයියන්ට මේවා පේන්නේ නැද්ද මං අහන්නේ..

"මොකද හිනා වෙන්නේ..මගේ මූණේ පෙරහැරක් යනවදැයි ඔහේ ඔහොම හිනා වෙන්නේ.."

"පෙරහැරක් ගියා නම් මං සාධුකාරනේ දෙන්නේ මෝඩස්..හිනා වෙන්න මට පිස්සුද.."

"මහ බක පණ්ඩිතයි.."

මං ඒක පොඩ්ඩක් ඇහෙන නෑහෙන ගානට කිව්වත් මං හිතන්නේ මගේ සවුන්ඩ්ස් වල පොඩි අවුලක් වෙලා..එයාට ඒක ඇහිලා..

"බක පණ්ඩිතයි? මේ මම?"

"ඔව් ඉතින්.."

"ඔහොම ඉන්නවාකෝ පොඩ්ඩක්.."

එයා අන්තිම වචනේ කියන්නත් ඉස්සර වෙලා මං පහලට දුවගෙන ගියා..

"චුට්ටා නවතිනවා.."

"බෑ ඇයි මට මොනවා කරන්නද?"

"මගේ අතට අහු උනාම මං ඒක කරලම පෙන්නනම්කෝ හරිද.."

සුදු මහත්තයා පඩි පෙල වේගෙන් බැහැගෙන එන සද්දේ මට ඇහෙද්දී මං අපේ කාමරය ඇතුලට දුවලා දොර තල්ලු කලත් ඒ දරදඬු එක් අතකින් දොර අල්ලගෙන හිටිය නිසා මට අඟුල අල්ලගන්න විතරයි හම්බුනේ සුදු මහත්තයා දොර ඇරගෙන කාමරය ඇතුලට ඇවිත් දොරට හේත්තු උනා..අනේ මාව බේරගන්න..මං ඉතිම් ඇත්තනේ කිව්වේ..මේ මනුස්සයාගේ තියෙන පණ්ඩිතකමටනේ මං එහෙම කිව්වේ..පණ්ඩිත නැත්තන් මං කවදාවත් මගේ සුදු මහත්තයට වචනයකින්වත් අවමන් කරන්නේ නැහැනේ..මොකද යකෝ කිඹුලෙක් වගේ දත් ටිකත් ඉස්සරහට දාගෙන මට හිනා වෙන්නේ..මාව දැක්කම හිනා යනවද..සුදු මහත්තයා උදේ ඉඳලා ඔයා බොහොම වැඩියි හරිද..මගේ හැටි තමුන් දන්නේ නෑ හරිද..අනේ මට ඔයාගේ හිනාව අල්ලන්නේ නෑ..දෙවියනේ මාව බේරගන්නකෝ..මේ මනුස්සයා ඇත්තටම කිබුලෙක්ද..මාව ගිලින්නද දන්නෑ හදන්නේ..

"ම්-මොකද ඔය විදිහට හිනා වෙන්නේ.."

"ඇයි මට හිනා වෙන්න බැරිද.."

"නෑ,ඔයා ඇති තරම් හිනා වෙන්න..මට මොකද.."

"මොකෝ දැන් කේන්ති අරන්.."

"කවුද කේන්ති ගත්තේ..ඒ..ඔයාට පේන හැටි වෙන්නැති.."

"ඒකනේ..මගේ චුට්ටා දන්නවා මගේ ඇස් හොඳට පේනවා කියලා..නේද.."

"....."

"සුදූ එන්නකෝ මං අම්මට කෝල් එකක් ගන්න කියලා හැදුවේ..එහේ ලෑන්ඩ් ෆෝන් එකක්නේ තියෙන්නේ හැමෝටම කතා කරන්න..ඊයේ රෑ හදිසියේනේ කෝල් කරලා ආපු එක ගැන කීවේ.."

"ආහ් ඒක නම් හොඳයි සුදු මහත්තයා..පස්සේ බැරියෑ දිග ලියුමක් එහෙට අරින්න..දැන් මැනිකේ එක්ක කතා කරන්න..ඒක එයාගෙත් හිතට සැනසීමක්.."

"ම්ම් කෝ එන්න මෙතනට.."

සුදු මහත්තයා සයන මත ඈඳිගෙන එයාගේ උකුලට අතින් තට්ටුවක් දාලා මට එතනට එන්නයි කියලා සන් කලා..මං හෙමින් අඩියක් තියලා එයාගේ උකුල උඩින් සැහැල්ලුවෙන් ඉඳගත්තම එයා මාව පුංචි බබාලාව ඉන්දවගන්න විදිහට පිටිපස්සට කරලා හේත්තු කරගෙන මගේ බඩට තට්ටුවක් දාලා,එයාගේ ෆෝන් එක අතට ගත්තා..

"අම්මා ඔයා වැඩක නම් මං පස්සේ ගන්නම්.."

"ඔව් අම්මා ඊයේ හරියට කතා කරන්නවත් උනේ නැහැනේ.."

"හරි හරි ඉතිම් උදෙන්ම ගන්න තමයි හිටියේ..පොඩ්ඩක් විතර කෝල් එක ගන්න එක පරක්කු උනා.."

"අම්මා අපි දෙන්නා පරිස්සමෙන් තමයි ඉන්නේ..මට කියන්නකෝ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද?"

"ඇයි අසිනි තාමත් හරියට කතා කරන්නේ නැද්ද අම්මා..?"

"ඔව් කෙල්ල සෑහෙන්න මුරණ්ඩු වෙලා අම්මා..මට නම් තේරෙන්නේ නැහැ.."

"එයා ගැන අපි පස්සේ කතා කරමුකෝ ම්ම්..එයා ගැන තව කතා කරන්න ගියොත් අම්මත් අවුල් යනවා,මාත් අවුල් යනවා.."

"අප්පච්චි ඉන්නවද ඔතන?"

"ආහ් දහම්ලෑ දිහා ගිහින්ද?"

"අනේ කමලා..ඔයා මෙච්චර වෙලා අම්මා ලගඳ ඉඳියේ.."

"ඔව් ඔව් කමලා ඔයාගේ රසම රස තේ එක තමයි මෙහේ තමයි තියෙන එකම අඩුව..නැත්තන් මට කිසි අඩුවක් නැහැ බලන් ගියාම.."

"ආහ් කමලා..මෙන්න මෙයා මට ඉන්න දෙන්නේ නෑ ඔයාගෙන් අහන්නලු රෝසි,සුද්දියි ගැන.."

"උන් දෙන්නා සැපේ ඉන්නවලු අන්න.."

"ඔව් මේ ඉන්නවා..ෆෝන් එක දෙන්නද එයාට.."

"මෙන්න..කමලා චුට්ටාට ෆෝන් එක දෙන්නලු.."

විනාඩි තිහක් විතර ගෙවිලා යන්නැති..අපි දෙන්නා එයාලා එක්ක සෑහෙන වෙලා කතා කලා..මට මැනිකෙව,කමලා නැන්දව,අප්පච්චිව,අසිනිව මේ හැමෝමව මතක් වෙනවා..එයාලා නැතුව ඉන්නවා කියන එකත් මට අවුලක් වගේ දැනුනත් මං ඒ ජීවිතේට හුරු වෙන්නම තමයි සුදු මහත්තයා එක්ක මෙහෙට ආවේ..පව්..මැනිකෙට සුදු මහත්තයා නැතුව සෑහෙන්න පාලුයි කියලා කතා කරපු විදිහෙන් මට දැනුනා..මොනා උනත් අම්මා කෙනෙක්ගෙයි පුතෙක්ගෙයි බැඳීම කියන්නේ කොහොමත් එහෙම තමයි..දෙන්නට දෙන්නා නැතුව දවසක්වත් ඉන්න බැහැ..අසිනි නම් අපි දෙන්නම එක්ක තියා තමන්ගේ අයියා හොඳින් මෙහෙට ආවද කියලාවත් හොයලා බැලුවේ නෑ..එයාව තේරුම් ගන්න මට නම් කොහොමත් බෑ..

"සුදු මහත්තයා අපි වත්ත බලන්න යන්නේ නැද්ද..ඔයා කිව්වා උදේ යමුයි කියලා.."

"අනේ කෝලම..යන් යන් කෝ එන්න..ආහ් නෑ මං වඩාගෙනම එක්ක යන්නද.."

"අනේ මේ..මට කකුල් දෙකක් තියෙනවා..මං ඒකෙන් ඇවිදන් යන්නම්..හුම්.."

"හා හා යනවකෝ.."

මං එයාගේ රැවුල වැවුන මුහුණේ එක කම්මුලකින් හාදුවක් තියලා එයාගේ උකුලෙන් අයින් වෙලා එයාගේ අතින් ඇද්දා..හාදුව නිසාද කොහිදෝ හෙන ගහලා වගේ තිබ්බ මූණට හිනාවක් එක පාර මතු උනාම මං එයා එක්ක හිනා උනා..

"යමුද.."

"ම්ම්"

"ඔයා කිව්වේ මේ..මෙහේ පූල් එකක් තියෙනවා කියලද.."

"ඔව්නේ..ඔයාට විශ්වාස නැත්තන් ගිහින්ම බලන්නකෝ.."

සුදු මහත්තයා කිව්ව කතාව මට අදහගන්න බැරි උනා..අපි දෙන්නා එක එක පාට,ලස්සන ලස්සන මල් ගස් පිරුණු වත්ත පහු කරගෙන ඇවිදලා ගෙදර පිටුපස දිහාවට යද්දී මගේ ඇස් දෙක ඉබේම ලොකු වෙන්නැති..ඕකිඩ්,පාම් ගස් වට කරගෙන ඒ මැඳින් තද නිල් පාටට දිස්නේ දෙන පූල් එක එවෙලේ තමයි මං දැක්කේ..අනේ..පුදුම තරම් ලස්සනයි..හිතට සැනසීමයි..ඒ පුංචි පූල් එකේ අපි දෙන්නට ඉඳගන්න පුළුවන් වෙන විදිහට කුශන්ස් දෙකක් එක්ක සිටින් ඒරියා එකකුත් හදලා තිබුනා..මං පුදුමෙන් වගේ එහෙ මෙහේ ඇස් යවද්දී සුදු මහත්තයා හිනා වෙවී මට ඒකේ ලස්සන විඳගන්න ඉඩ ඇරලා බලාගෙන ඉඳියා..හවස් වරුවක උණු කෝපි එකක් බොන ගමන් කතා කරන්න,ඒ වගේම පොතක් නිදහසේ කියවන්න කියාපු තැන..මට හිතුනා..