Chapter 2: 01•

තේව් (TAEKOOK)Words: 14577

"ම්ම් ඌගෙන් මට හොඳ ගානක් හම්බ කරන්න පුළුවන්...ඒත් මේක එකම එක පින්තූරයක් විතරයි...මට මේකෙන් ඌ මොන වගේ එකෙක්ද කියලා මනින්න බෑ"

අතේ තිබුන පින්තූරය දිහා එක එල්ලේ බලාගෙන හිටිය ජේඩ්න් කට කොනකින් හිනා උනා..

"උබ...දන්නවානේ වැඩේ වෙන්න ඕනෙ විදිය?.."

"කන ඇහෙන්නේ නැද්ද? කතා කරපන් යකෝ..මං අහපු දේට උත්තර දීපන්"

ජේඩ්න් කෑ ගැහුවේ ඔහුගේ දකුණු අත උන නිමේශ්ටයි,ජේඩ්න්ගේ හඬ ගොඩනැගිල්ලේ පහළ මහලටත් ඇසෙද්දී ඔහුගේ යටතේ ඉන්න අනෙක් ගෝල බාලයන් පිරිසත් දෝංකාර නැංවුනු ජේඩ්න්ගේ හඬට තරප්පු පෙල දිගේ ඉහල මහල වෙත ළඟා උනා...

"උබලා මගේ මාස්ටර් ප්ලෑන් එකට පිටින් ගියොත් වෙන දේ දන්නවා නේ? මට මතක් කරන්න තියන්න එපා ආයෙත්!උබලා දන්නවා අපි මේක කොච්චර කාලෙක ඉදන්ද කරන්නේ කියලා..එහෙම එකේ මට මේ දේවල් ගැන අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ,උබලට පුරුදු කරන්නත් දෙයක් නෑ,එහෙමනේ?'

ජේඩ්න් සෝෆා එක මත ඉදගනිමින් කකුලක් පිට කකුලක් දාගත්තේ නිමේශ් ගෙන් සිගරට් එකක් ඉල්ලන අතරේ...ජේඩ්න් සිගරට් එක ඉල්ලන පරක්කුවෙන් නිමේශ් සිගරට් පැකට් එක කඩලා එකක් අරගෙන ජේඩ්න්ගේ තොල් මත රැදවූයේ දෛනික දින චර්‍යාවේ එක කොටසක් මෙය වූ නිසා..

"බොස් අනිත් උන් නම් ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑ,මට ඒක හොඳටම විශ්වාසයි..."

ජේඩ්න්ගේ ගෝලයෙක් හඬ අවදි කරද්දී දුම වාතලයට හරිමින් සිටි ජේඩ්න් මොහොතකට බර වුනු ඇස් පියන් කලබලයෙන් විවෘත කලා..

"අනිත් උන් කිව්වේ? මොකක්ද ප්‍රශ්නේ? මොනවද මගෙන් හංගන්නේ ආහ්? "

ජේඩ්න් ලා ගිනි දළු සැරෙන් සැරේ නිවෙමින් කඩා හැලෙන අලු සහිත සිගරට් එක අතින් පොඩි කරමින් ඔහු ළගට ලං උනේ ඔහුගේ කමිසයද තද කරලා අල්ලමින්...

"බොස්...අ-අර පොඩි එකා..."

ඔහුගේ වචන ගොත ගැහෙද්දී ජේඩ්න් තවත් ඔහුගේ වෙතට කඩා පනිමින් ප්‍රශ්න කරන්න ගත්තා...ජේඩ්න්ගේ කෝපය ගැන කාටත් වඩා හොඳින් දන්න නිමේශ් ජේඩ්න් ලඟට ඇවිදන් ආවේ ඔහුගේ කෝපය පාලනය කිරීමේ අදහසින් උනත් ජේඩ්න්ට අතක් තියන්නවත් බැරි තරමට ජේඩ්න්ගේ කෝපය ප්‍රබල වූවා..

"උබ කියන්නේ අද අපිට අහු උන පොඩි එකා ගැනද යකෝ? ඌ මොකෙක්ද? ඇයි උබලා ඌට බයද? ආහ්...මගේ ඔලුව කන්නේ නැතුව පලයන් මෙතනින්..."

ජේඩ්න් ඔහුව ඈතට තල්ලු කරද්දී ටයිල් පොළොව සිප ගනිමින් බිමට වාරු උන ඔහු අමාරුවෙන් එතනින් නැගිටලා කාමරයෙන් එලියට දිව්වා..

"රෑ දහය වෙද්දී ඌව හොටෙල් එකට එක්කන් වරෙන්...වෙන කාගෙවත් අතට යන්න කලින් ඌගේ රහ මමයි විඳින්නේ..ඊට පස්සේ ඌව ඇගට යට කරගන්න ගොඩක් එවුන් පොර කාවි..."

අමුතු විදියට හිනාවක් තොල් අග සරසගෙන අවුල් උන කොන්ඩයද අතින් හරි ගස්සමින් නිමේශ් පමණක් කාමරයේ ඉතුරු කරමින් අනෙක් ගෝලයන්ට එලියට යන ලෙස සන් කල ජේඩ්න් නැවතත් සෝෆා එක මත වාරු වෙලා ඇගේ හිරි අරින්න ගත්තා..

ජේඩ්න්ගේ අනෙක් පසින් ඉද ගත් නිමේශ් කමිසයේ උඩ බොත්තම පමණක් අතින් පැන්නුවේ දැනුන රස්නේ නිසා..සෝෆා එකට ඉදිරියෙන් තිබුන ස්ටූල් එක මත රතු පැහයෙන් දිලිසෙන වයින් බෝතලය අතට ගත් නිමේශ් බෝතලය හෙමින් සැරේ විවෘත කලේ ජේඩ්න්ගේ දෑස් නිමේශ් ලඟ නතර වෙලා තියෙද්දී...

"එකක්?"

"ම්ම් උබ විතරයි මාව තේරුම් ගන්න එකෙක්ට ඉන්නේ නිමේශ්.."

වීදුරුවට වත් කල වයින් වලට අයිස් කැට තිබූ පුංචි බෝල් එකෙන් අයිස් කැට කිහිපයක් අත් හරිමින් සිටිය නිමේශ් එය ජේඩ්න් දෙසට දික් කලා...

"මං නිසා හොඳයි..දැන් උබ ළඟට ආපු කී දෙනෙක් උබ එක්ක වැඩ කරන්න බෑ කියලා ගියාද? අන්න ඒක පොඩ්ඩක් ඔලුවට ගනිම්,හැම එකටම කෑ ගහලා හරියන්නේ නෑ...පොඩ්ඩක් රිලැක්ස් වෙයන්.."

වයින් උගුරු කිහිපයක් උගුරට හලා ගත් ජේඩ්න් නිහඬව නිමේශ් දිහා බලාගෙන උන්නා..

"මට තේරෙන්නේ නෑ බන්,අපි මේ කරන දේවල් වලින් අපිට කවදා ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා..."

"ශ්..කට වහපන්...උබට කතා කරන්න දුන්නම උබ ඕනාවට වඩා කියවනවා..උබටත් ඉන්න බැරි නම් දෙයියන්ගේ නාමෙන් කියන්නේ මෙහෙන් පලයන්..."

ජේඩ්න් අන්තිම උගුරු කිහිපයත් කටට හලා ගෙන නිමේශ් ලග තිබුන සිගරට් පෙට්ටිය ලඟට ඇදලා ගත්තා..

"මම එහෙම දෙයක් නෙමෙයි කිව්වේ ජේඩ්න්.."

"එහෙනම් මොකක්ද කිව්වේ? උබ හිතුවේ මං බබෙක් කියලද?"

"උබ ඕනි එකක් හිතාගනින්.."

නිමේශ් ආපිට සෝෆා එකෙන් නැගිටලා යන්න හැදුවත්,

"මට අරූව බලන්න ඕනේ,මං තාම දැක්කේ උගෙ ෆොටෝ එකක් විතරයි,ඒ නිසා දහය වෙද්දී ඌව හොටෙල් එකට එක්කන් වරෙන්"

ජේඩ්න් ගැඹුරු හඬින් කියද්දී නිමේශ් කට කොනින් හිනා වෙලා කාමරයේ දොර අඩවල් කරමින් පහලට ගියා...

~

තරමක් විශාල අඳුරු කාමරය තුල සිටියේ ගැහැණුන් කිහිප දෙනෙක් සහ එක පුංචි කොල්ලෙක් විතරයි..ගැහැණු සේරම ඇඳ මත වැතිර සිටි අතර ඒ පුංචි කොල්ලා සිටියේ පොළොව මත තමන්ගේ සියුමැලි පාද ගුලි කරගෙන වැතිරිලා...

"කොල්ලෝ,උබ කොහෙද බන්?"

එක ගැහැණු කෙනෙක් කතා කරද්දී අමාරුවෙන් හිස උස් කරලා බලපු පුංචි කොල්ලා බයෙන් වගේ ඇය දෙස බැලුවා..

"ම්-මං රත්නපුරේ නැන්දේ.."

ඇය අනෙක් ගැහැණු අයට වඩා වයසින් වැඩි කෙනෙක් කියලා කොල්ලාට තේරුම් ගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ..ඒ ගැහැණු කෙනාගේ මූණේ තිබුනේ ඒ පුංචි කොල්ලා ගැන ලත වෙන හැගීමක්..

"අනේ බන්...උබට වයස කීයද එතකොට?"

"දහ නවයයි"

කොල්ලා වැතිරිලා හිටිය පොළොව මත සිනිදු දෑත් තබමින් හරි හැටි කෙලින් වෙලා ළඟ තිබුන බිත්තියට වාරු උනා..කොල්ලගේ පිළිතුරත් එක්ක ඇඳේ වැතිරිලා හිටිය ඇය ඇඳෙන් නැගිටලා කොල්ලා ළඟට ඇවිදන් ආවා..

"කොල්ලෝ උබ වගේම එකෙක් මටත් ඉන්නවා,මගේ පුතා...එයා උබට වඩා අවුරුදු දෙකක් බාලයි,ඒත් මට උබව දැක්කම මගේ පොඩි එකාව මතක් උනා බන්"

ඇය කොල්ලාගෙ හිස සිනිඳුවට පිරිමදිමින් ඇයගේ ලැමට තුරුල් කරගත්තා..පුංචි කොල්ලාට දැනුනේ සනීපයක්..ඇය දිගටම ඔහුගේ හිස ආදරයෙන් පිරිමදින්න ගත්තා..

"මට දුකයි කොල්ලෝ,උබ තාම ජීවිතේවත් විඳින වයසක නෙමෙයි බන් ඉන්නේ...එහෙම උබ කොහොමද බන් නාකි මනමාලයොන්ගේ ඇගට යට වෙන්නේ...මට කියපන්...ඇයි උන් උබව මෙහෙට ගෙනත් දැම්මේ?"

පුංචි කොල්ලා තවමත් ඇස් වහගෙන..

"ම්-මං දන්නේ නෑ නැන්දේ,මං දන්නේ නෑ මං කොහොම මෙහෙට ආවද කියලා,මට කිසිම දෙයක් මතක නෑ..."

"මං මේ රස්සාව කරන්නේ මගේ පොඩි එකාට එදා වේල කන්න දෙන්න ඕනේ හින්දා මිසක්...කිසිම ආසාවකට නෙමෙයි...ඒත් මෙතන ඉන්න අනිත් උන්ට දරු මල්ලෝ නෑ බන්,උන්ට මේවා තේරෙන්නේ නෑ.. දැන් උන්ගේ ජීවිතේම මේ රස්සාව වෙලා..."

"හ්ම්"

කොල්ලාගෙන් පුංචි සුසුමක් පිට උනා..

එක් වරම දොර ඇරෙන සද්දෙට ඇය පුංචි කොල්ලාව තමන්ගේ තුරුලෙන් හරි සීරුවට අයින් කරලා පැත්තකට උනේ ඒ විගසම නිමේශ් කාමරය තුළට ඇතුලු වෙද්දී...

"උබ මොකක්ද මූ ළඟට වෙලා කරන්නේ?දැන්ම පලයන් අතනට"

නිමේශ් ඇයගේ කෙස් වැටිය තද කරලා අල්ලගෙන ඇඳ මුල්ලට තල්ලු කලා..

"වරෙන්...උබ එනකන් කෙනෙක් බලන් ඉන්නවා"

"අනේ නැන්දේ...."

බයෙන් වෙව්ලන පුංචි කොල්ලා අර ගැහැණු කෙනා දෙස බලමින් ඉකි බිඳින්න ගත්තේ ඇයගේ දෑස් අගත් කඳුලු කැට නතර වෙලා තියෙද්දී...පුංචි කොල්ලාගේ අතකින් ඇදලා ගත් නිමේශ් කොල්ලාව පොළොව දිගේ ඇඳගෙන යන්න උන්නේ කොල්ලාගේ දෑස් වලින් පොකුරු පිටින් කඳුලු කඩා වැටෙද්දී....

_________________________________________

laura-bun🍃

අදහස් කියන්න..🙃

මොකද හිතෙන්නේ?

ඔයාලා ආසද මේකට?

ඔයාලා ආස නම් මම මේක ලියන්නම්❤️