Chapter 18: 17•

තේව් (TAEKOOK)Words: 23636

comments goal-30+

මැනිකෙට බුඳුන් වඳින්න මල් වට්ටියකුත් කඩලා දීලා ඉවර උනාට පස්සේ මං ඇවිත් උන්නේ මගේ කාමරේට..දැන් ලෑස්ති වෙන්න ඕනේ..අපි හැමෝම අද පන්සල් යනවා..හෙට සුදු මහත්තයා යන නිසා එයාට සෙත් පතලා ගමේ පන්සලේ ආශිර්වාද බෝධී පූජාවක් තියන්නයි හදන්නේ..ඉතිම් අපි අද ඒ වෙනුවෙන් පන්සල් යන්න ඕනේ කියලා මැනිකේ ඇවිත් හැමෝටම මතක් කරන අතරේ මටත් ලෑස්ති වෙන්නය කියලා මගේ ඔලුවත් අත ගාගෙනම එයාගේ කාමරේට යන්න ගියා...

සුඳු පැහැති කමිසයක් එක්ක බටර් පැහැ දිග කලිසමත් අල්මාරියෙන් ඇදලා ගත්තු මම අයන් බෝඩ් එක උඩට ඇඳුම් ටික දාලා කාමරේ ලයිට් එකත් ඔන් කරගෙන ඇඳුම් එකින් එක අයන් කරන්න ගත්තා..මගේ අත ඇඳුම් දිහාවට අවධානය දුන්නත් මගේ හිත නම් හිටියේ මගෙන් ගව් ගානක් ඈතින්..එක අතකින් සුදු මහත්තයා,අනෙක් අතින් අසිනි..ඇයි දෙයියනේ අසිනි එහෙම කතාවක් මට කීවේ..පෙරේදා හවස සිද්ධ උන දේ ඔලුවටම හෙන ගහන්න වගේ මතක් වෙද්දී මං අයන් එක තද කල්ලා අල්ලාගත්තා..

flashback

මං හිටියේ මයේ වසු පැටවු දෙන්නට පුනක්කු බෙදලා දීලා ගිනි ගහන අව්වෙම මං සෝදපු ඇඳුම් ටික වැලේ වනන ගමන්.. මං අව්වේ කර වෙවී රෙදි ටිකත් වනලා දාලා භාජනයේ තිබ්බ ඉතුරු වතුර ටිකත් තණ පිස්ස කෙලවරේම හලලා දාලා එන්න හැරෙද්දී මගේ ඉස්සරහින් අසිනි හිටගෙන හිටියේ අත් දෙකත් බැඳගෙන...මට අසිනිගේ ක්‍රියා කලාපය නුදුරකදී ඉඳන් නුහුරුවට දැනෙද්දී,මං වටේ සැරි සරද්දී,මගේ දිහා බලාගෙන ඉද්දී සත්තයි මට බයක් නොදැනුනාම නෙමෙයි..

මං ආයෙම එයා දිහා නොබලා භාජනෙත් ඉනට තද කරගෙන ආපහු එන්න හැරෙද්දී එයා මගේ අතින් අල්ලලා මාව නතර කර ගත්තා..මාවත් ඔහේ ඇඳිලා ආවේ මං එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනු නිසා..අසිනි මගේ අතේ තිබුන භාජනය අතට අරගෙන ඒක ගිහින් තාප්පෙන් හේත්තු කලා..ආයෙම මා ගාවට ආවා..

"අසිනි ඇයි මේ...??"

"මට ඔයා එක්ක කතා කරන්න ඕනේ..දැන් පුළුවන්ද..??"

"ඇයි මේ හදිස්සියේ අසිනි...??"

"ආහ්..?? දැන් ඔයාට මගෙත් එක්ක කතා කරන එකත් වදයක් වගේද චුට්ටා.."

"අනේ නැහැ..මං කොයි වෙලේද එහෙම කතාවක් කීවේ...??"

"නොකිව්වට ඔයා අදහස් කලේ ඒ වගේ දෙයක්නේ චුට්ටා..ඔයාට බැහැ වගේ නම් මගෙත් එක්ක කතා කරන එක,කමක් නැහැ මං යන්නම්.."

අසිනි බිඳුනු කට හඬින් එහෙම කියලා යන්න හැරුනත් මට එයාට යන්න හිත දුන්නෑ..අහේතුවකට මං එයාව නතර කරගත්තා..ඒ එක්කම එයා මං දිහා බලාගෙන ඉඳලා මගෙත් එක්ක හිනා උනා..මාත් අපිටට ලාවට හිනා වෙලා අත් දෙක සාක්කුවට ඔබා ගත්තා..

"යන්න එපා..ඔයා ආවේ මගෙත් එක්ක කතා කරන්නනේ..ඉතින් අපි කතා කරමු.."

"එ-ඒත් චුට්ටා මෙතන..?? ම්ම්ම්හ් මේ..අපි යන් මගේ කාමරේට..හාද..??"

මං අකමැත්තෙන් උනත් ඒ දේට හා කිව්වේ අසිනි එක්ක වාද කරන එක තේරුමක් නැති හන්දායි..

"අසිනි.."

"ම්ම් මට කතා කරන්න ඕනේ මොනවද කියලනේ දැනගන්න ඕනේ.."

"ම්ම් ඔව්..කියන්න.."

"මගෙත් එක්ක මේක ඇහුවට පස්සේ තරහ වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න චුට්ටා..ප්ලීස්..ඔයා මා එක්ක තරහ උනොත් මං මේ කියන දේවල් ගඟට ඉනි කැපුවා වගේ වේවි චුට්ටා.."

"න්-නැහැ අසිනි මං ඔයා එක්ක කවදාවත් තරහා වෙලා ඉඳලා නැහැ,තරහ වෙන්නෙත් නැහැ.."

"ම්ම්හ් මං දන්නවා ඔයා ගැන..හොඳයි මං කියන්නම් මගේ හිතේ තියෙන දේ..චුට්ටා..ඔයා මේක කොහොම තේරුම් අර ගනීවිද කියන්න මං දන්නැහැ..ඒත් මට මේකේ මගේ හිතේ හිර කරන් ඉන්නත් බැහැ.."

අසිනි ඇඳ උඩින් නැගිටලා එයාගේ මේසේ ගාව හේත්තු වෙලා ඉන්න මා ගාවට කිට්ටු උනා..

"කියන්න අසිනි..හිතේ හිර කරන් ඉන්න එපා..ඔයා ඒකෙන් විඳවයි..ඒ නිසා මට කියන්න..මට බැරි නැහැ ඔයාට උදව් කරන්න..මොකද ඔයා මගේ හොඳම යාලුවා..මට ඒක අමතක නැහැ.."

මං කිව්වම අසිනි කට කොනකින් හිනා වෙනවා මම දැක්කා..

"හහ් හොඳම යාලුවා..??ඔයාට මාව දැනෙන්නේ හොඳම යාලුවෙක් විදියටද තේව්.."

"අ-අසිනි.."

"මේ අහනවා චුට්ටා..මං කවදාවත් ඔයාගේ හොඳම යාලුවෙක් නෙමෙයි කියන එක දැනගන්න..ම්-මං.."

"අසිනි ඔයා අඬනවද...?? අනේහ් ඇයි මේහ්?? මං වැරදි දෙයක්වත් කිව්වද අසිනි...!! කතා කරන්න.."

"ම්-මං ඔයාට ආදරේ කරනවා චුට්ටා..."

අසිනි බිඳුනු හඬින් අමාරුවෙන් වචන ගැට ගහලා කියලා දාලා මගේ උරහිසට බර උනා..එයා අඬනවා..ඒ කිව්ව වචන මගේ කනට ඇහෙනවත් එක්කම හෙන ගෙඩි හතක් මගේ ඔලුවට කඩාගෙන වැටෙනවා වගේ දැනුනා..අනේ මගේ දෙවියනේ..මං මෙහෙම දෙයක් කීයටවත් අසිනි කියාවි කියලා හිතුවේ නැහැ..ක්-කොහොමද එහෙම වෙන්නේ..ඒක බොරුවක් නේද??

මං මගේ ඇඟට බර වෙලා කඳුලු පුරෝගෙන ඉන්න අසිනිව සන්සුන් කරන්න උත්සාහ කලා..විනාඩි කිහිපයක් ගිය තැන එයා ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන හිටියා..අපි දෙන්නා අතරේ දිගි නිහැඬියාවක් මුල පුරමින් හිටියත් මට අසිනි එක්ක කතා කරන්න ඕනේ මොනවද කියලා මගේ දිව අඟටවත් වචන නොඑද්දී මං නිහඬව ඔලුව බිමට බර කරගෙන බලාගෙන උන්නා..

"මං කිව්ව දේ වැරැද්දක් තියේද චුට්ටා..මං ඔයාට ආදරය කරන එක වැරැද්දක්ද චුට්ටා..??"

"ඒක වැරැද්දක් නෙමෙයි අසිනි..ඒත්-"

"හ්ම් අපේ අයියා..එයා නේද හේතුව.."

"ම්ම් ඔයා තේරුම් ගනීවි කියලා මං හිතනවා.."

"අයියා එක්ක තව දුරටත් මගේ කතාවක් නැහැ චුට්ටා..මට දවසින් දවස ඔයා ගැන ආල හැඟීම් දැනෙද්දී ඔය දෙන්නා එකට ඉන්නවා දකිනකොට,කතා කරනකොට,අයියා ඔයා දිහා බලාගෙන කල්පනා කරනකොට,ඔයා වෙනුවෙන් සින්දු කියනකොට මට පුදුම තරම් ඉරිසියයි චුට්ටා..මුල් දවස් වල එහෙම හැඟීමක් හිතේ උඩු නොදිව්වත් මං ඔයාලා දෙන්නා එක්ක පුදුම ආදරයෙන් හිටියා..අයියා ඔයාට ආදරය කරන වග දැනගත්තත් මගේ හිතේ ඔයා ගැන හැඟීමක් ඒ දවස් වල නොතිබුන නිසා මං ඔය දෙන්නට මුකුත් කීවේ නැහැ..ඒත් දැන් ඒ හැමදේම වෙනස් චුට්ටා..ඔය දෙන්නා එකට ඉන්නවා දකින එක තරම් මගේ හිත පුපුරු ගහන තව කිසි දෙයක් නැහැ..මට ඔයාව මගේ අයියා උනත් කවුරු උනත් වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන්න දෙන්න බැහැ චුට්ටා..මගේ හිත හැඟීම් ගොන්නකින් හිර කරලා දාපු පලවෙනි වගේම එකම මනුස්සයා ඔයා චුට්ටා..ම්-මේ දේවල් මං හිතලා කියන වචන ගොඩක් නෙමෙයි චුට්ටා..මේ සේරම මගේ හිතේ පැල් පදියම් වෙලා තිබුන දේවල් විතරයි චුට්ටා..මට ඕනේ උනා ඔයාට මේ දේවල් කියලා මගේ හිත නිදහස් කරගන්න..ම්-මං ඒකයි-"

අසිනි සෑහෙන වෙලා කිව්ව දේවල් මට හීනයක් වගේ උනා..එයා එයාගේ අයියට වෛර කරන්න හේතුව මං ද දෙයියනේ?? මෙච්චර දවසක් තිබ්බ ඒ දෙන්නගේ සහෝදර බැඳීම මේ විදිහට දෙකඩ උනේ මං නිසාද??මට මේ ගැන හිතෙද්දිත් මගේ පපුවේ පැත්තක්ම වේදනාවෙන් කීරී ගැහෙන්න අරගෙන තිබුනා..අසිනිට මං මොනවද කියන්නේ..එයා මං ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා..මට කිසි දෙයක් නොතේරෙද්දී මං ඔහේ අසිනිට කතා කරන්න ඉඩ දීලා බලාගෙන හිටියා...

දෙයියනේ මගේ කමිසේ!!! ඒක පැත්තක් පිච්චිලා ගිහින්..මම ඉක්මනින් අයන් එක කමිසේ උඩින් අයින් කරලා දාලා කමිසේ රැක් එකෙන් රැඳෙව්වා..අපරාදේ ආයේ අඳින්න බැරි වේවිද මන්දා..ඒ තරමට ඒක පිච්චුන පාර ප්‍රභල වෙලා තිබුනා..මං ආයෙම අල්මාරියෙන් වෙන සුදු පාට කමිසයක් අරගෙන ඒක අයන් කරන්න ගත්තා..මොන දේ උනත් ඒ දේ වෙන විදිහට මුහුණ දෙන්න මං හිත හයිය කරගෙන ලෑස්ති වෙලා දොරත් අඩවල් කරගෙන ඉස්තෝප්පුව දිහාවට එන්න ආවා..

~

ගමේ පන්සලේ අද සෙනඟ පිරිලා..පන්සලේ ලොකු හාමුදුරුවෝ ගාථා කියලා ආශිර්වාද කරලා,අපේ අත් වල පිරිත් නූල් පවා බැඳලා දැන් හුඟක් වෙලා..මම කරන්නත් දෙයක් නොතිබ්බ නිසා බෝධිය නාවන්න කියලා හිතාන පන්සලේ නල ලිඳ ගාවට කිට්ටු උනේ මැටි කල ගෙඩියකුත් අතට අරන්..මේ පන්සලේ අනෙක් පන්සල් වල වගේ වතුර පුරවන්න වෙනම ටැප් තිබුනේ නැහැ..තිබුනේ මෙන්න මේ නල ළිඳ විතරයි..මම මෙතනට කිට්ටු වෙද්දී අවුරුදු 12 ක් 13 ක් වගේ කියන්න පුළුවන් පුංචි ගැහැණු ළමයෙකුයි එයාගේ අම්මයි නල ලිඳෙන් කලයකුත් පුරවන් යන්න ගියා..දැන් මේ හරියටම කියලා හිටියේ මම විතරයි..හෙට සුදු මහත්තයා යන හන්දා එයාට කරදරයක් නොවෙන්න,එයාව ආරක්ශා කරලා දෙන්න ඕනේ නිසා මට හිතුනා අද බෝධිය නාවන්න..

"චුට්ටා.."

"සුදු මහත්තයා~ඔයා මෙතන මොනවද කරන්නේ..??"

"මෙන්න මේ නෙලුම් මල් ටිකට පැන් ටිකක් ඉහගෙන එන්නයි කියලා කමලා මාව මේ පැත්තට එව්වානේ චුට්ටා.."

"කෝ දෙන්න මං පැන් ඉහලා දෙන්නම්.."

"නැහැ සුදූ මං කරගන්නම්..අන්න අර කලේ ඉතිරිලා යනවා..ඒක අතට ගන්න.."

ඒ පාර සුදූලු..මේ මනුස්සයා මට දවසින් දවස එක එක නම් කියනවා..ඒ මොනවා උනත් එයා කියන ඕනෙම නමකට මං හරි ලෝභයි..සුදු මහත්තයා කිව්වම තමයි මං දැක්කේ වතුර වලින් පිරිලා ඉතිරිලා යන මැටි කල ගෙඩිය..මං එහෙම්මම පහත් වෙලා කලේ අත් දෙකට උස්ස ගත්තා..සුදු මහත්තයා එක් අතකින් නල ළිඳෙන් වතුර එන විදියට උස් පහත් කරද්දී අනෙක් අතින් නෙලුම් මල් ටික අල්ලගෙන හිටියා..මම එයා එනකල් නල ළිඳ කිට්ටුව තිබුන සමන් පිච්ච වැල් ඉහලට යවලා තිබුනු පඳුර ගාවට වෙලා හිටියා..ටිකකින් එයා මල් වලට පැන් ඉහ ගත්තට පස්සේ මා ගාවට ඇවිදන් ආවා..

"ඔයා අද ලස්සනයි චුට්ටා.."

එයා අතේ තිබුන නෙලුම් මල් ටික මගේ මූණට හෙමිහිට ගැසුවා..මල් පෙති වල තිබුන වතුර බිංදු ඇවිත් මගේ මූණේ නතර වෙද්දී සුදු මහත්තයා මගෙත් එක්ක ලස්සනට හිනා උනා..කලොත් කරන්නේ ඔය වගේ ඕන්නැති වැඩක්මයි..කලෙත් එක්ක මට මගේ මුහුණවත් හරියට පිහගන්න බැහැ..මූණේ වතුර තියන් මලුවට යන්නත් බැහැ..ඊට පස්සේ මිනිස්සු බලාවී මට මොකද මේ වෙලා තියෙන්නේ ළඟ පාත අනෝරාවක් නැතුව කියලා..

"මොනවද අනේ කරන්නේ.."

"ඔය ඉතින් මං මූණ රතු කරගන්න දෙයක් කිව්වැයි..මේකාගෙත් මහ කෝලම් තමයි.."

සුදු මහත්තයා සාක්කුවෙන් සුදු පාට පුංචි ලේන්සු කඩක් අතට අරගෙන මගේ දිහාවට නැඹුරු උනා..මට නොදැනිම මං එක දිගට ඇස් පිල්ලම් හොලවන්න පටන් ගෙන තිබුනා..එයා ලේන්සු කඩින් මගේ මූණේ තැනින් තැන තිබුනු වතුර බිංදු පිහදාලා ඉවර උනාට පස්සේ ලේන්සුව මගේ අතේ ගුලි කලා..

"කෝලම් කලේ කවුද..??"

"වෙන කවුද ඉතින් මගේ නොදරුවා තමයි මේ මගේ ඉස්සරහ ඉඳගෙන කෝලම් කරන්නේ.."

අනේ දෙයියනේ එයාගේ ඇස් දිලිසෙනවා..ආදරේ හිතෙනවා දැක්කහම..මං ආසම එයාගේ ඒ පතුලක් පේන මානෙකවත් නැති ඒ ගැඹුරු ඇස් මගෙත් එක්ක ඉද්දී ආදරයෙන් දිලිසෙන විදිහට..ඒවා පුදුම තරම් ලස්සනයි එහෙම දිස්නේ දෙන වෙලාවට..මට ලෝභත් හිතුනා..

"සුදු මහත්තයා ඔයා මාව ලැජ්ජ කරනවා අප්පා.."

"හැමදේටම ලැජ්ජ වෙලා බැහැ චුට්ටා..අනික මේ මං..ම්හුක්.."

අනේ මෙයාගේ හුරතලේ..වෙලාවකට පොඩි එකෙක් වගේ..ඒ උනාට මටයි කියන්නේ මං පොඩි එකෙක්ය කියලා..උසට උසේ රිටක් වගේ හිටියට මොකද ඒකවත් තේරෙන්නේ නැහැ නේ..මෝඩ සුදු මහත්තයා..

"අපි යමුද අර පැත්තට.."

"චුට්ටා මටත් බෝධිය නාවන්න ඕනේ.."

"දැන් අර කෙලවරටම යන්න එපැයි සුදු මහත්තයා කලයක් උස්සන් එන්න..එක්කෝ මට කලින් කියන්න එපැයි..මං තව එකක් මේකත් එක්කම උස්සන් එනවානේ.."

"හරි ඉතින් කවුද ඔයාට කලයක් ගේන්න කිව්වේ..මට පුළුවන් නේහ් ඕකටම හවුල් වෙන්න...ම්ම්හ්??"

මෙච්චර වෙලා මගේ අතේ තියෙන කලේට වැඩේ දෙන්නද කොහෙදෝ හිත හිත ඉඳලා තියෙන්නේ..කමක් නැහැ ඉතින් එයාගේ ආසාව ඒක නම් මං කොහොමද බැහැයි කියන්නේ..මේ ඉන්නේ මගේ ආදරේ උනු කොට~

තවත් මෙතන කතා කර කර ඉන්න බැරි නිසා අපි දෙන්නම ආයේ ආවේ මලුව දිහාවට..ඒ එද්දී කමලා නැන්දා මගෙත් එක්ක හිනා වෙලා බෝධිය දිහාවට යන්නයි කියලා ඔලුවෙන් සන් කලා..

සුදු මහත්තයා එක්ක එකට ගෙවෙන අන්තිම හෝරා කිහිපය මේ විදිහට කෙමෙන් කෙමෙන් ගෙවිලා යද්දී මගේ හිතේ හීනියට දුකක් ඇඳිලා ගියා..ඒත් ඒක නොපෙන්වලා මං එයත් එක්ක බෝධිය නැහැව්වේ එකම එක ප්‍රාර්ථනාවක් හිතේ මුදුන්පත් කරගෙන..

මගේ සුදු මහත්තයට කිසිම කරදරයක් නොවී එයාව ආරක්ශා කරලා දෙන්න කියලා විතරමයි...!! මං බුදුන්ගෙන් මේ මොහොතේ ඉල්ලුව එකම දේ..

_______________________________________________________

laura-bun🍃

බලන්නකෝ ළමයි අසිනි පන්සල් ඇවිල්ලත් නැති හැටි!!😒