Chapter 9 of 15

08. කොටස

BLIND ✔1,230 words~7 min read

අයියා මට එයාගෙම කියලා නමක් දීලා ගොඩ දවසක් ගෙවිලා ගියා.... එයා ඒ හැම දවසකම දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාව බලන්න ආවා.... ඇවිල්ලා මුහුද ළඟ බංකුවට වෙලා ඉඳගෙන ගොඩාක් දේවල් කියෙව්වා.... අයියා මට එයාගේ හිතේ තියෙන ගොඩක් දේවල් ගැන කිව්වා.... එයා කිව්වා එහෙම කරන එකෙන් එයාගේ හිත නිදහස් වෙනවා වගේ දැනෙනවා කියලා.... සැහැල්ලුවක් දැනෙනවලු.... සැනසීමයිලු....

එයාගේ අසනීපෙට එයා බෙහෙත් බොනවලු.... දැන් මතක් කරලම තුන් වේලටම බොනවලු.... දැන් එයාට කලින්ට වඩා හොඳක් දැනෙනවලු.... ජීවිතේට බලාපොරොත්තුවක් තියේලු.... ඒත් එයාගේ අසනීපේ ගැන ගෙදර අය තාමත් දන්නේ නැතිලු.... එයාගේ බෙහෙතුත් හංගන්ලු බොන්නේ....

පව් එයා.... එයා ගැන එයාගේ පවුලේ අයට තේරුම් ගන්න බෑනේ.... එයාට ඕනි ආදරේ.... හැබැයි එයා කැමති නෑ එයාගේ ජීවිතේට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවට.... එයා ගොඩක් කැමති තනියම නිදහසේ ඉන්න.... මට මේ දවස් ටිකට තේරුම් ගිය ටික එයාලගේ පවුලේ අයට නොතේරෙන එකනේ ප්‍රශ්නෙට තියෙන්නේ.... සමහර විට එයාලටත් තේරෙනවා ඇති හැබැයි ඉතින් ආදරේ වැඩිකමට එයාලා නොදැනුවත්වම අයියගේ ජීවිතේට වැරැද්දක් කරන්නේ....

එයා මට කොච්චර අහිංසකයි.... හුරතලේ කිව්වට එයා දන්නෙත් නෑ එයා කොච්චර අහිංසකයිද සංවේදී ද කියලා.... සමහර වෙලාවට පොඩි දේටත් එයා හිත රිදව ගන්නවා.... ඒ වෙලාවට නම් එයා අයියෙක් නෙමෙයි අයියා බබෙක්....

අදත් මං මේ බංකුව උඩට වෙලා බලන් ඉන්නේ ඒ අයියා බබා එනකල් තමයි.... අද මාව කොහෙදෝ එක්කන් යනවා කියලා ලෑස්ති වෙලා ඉන්න කිව්වේ....

ආ මට කියන්න බැරි වුනානේ.... අයියා මට අලුත් ඇඳුම් ගොඩාරියක් ගෙනල්ලා දුන්නා.... අම්මේ ඒවගේ සුවඳ!

ඒවා ගොඩාක් ලස්සන ඇති.... මට පේන්නේ නෑනේ ඉතින්.... ඒත් අයියා කියනවා මං ගොඩක් ලස්සනයිලු.... එයා කියනව නම් මං ලස්සන ඇති නේද....

"මගේ පැටියෝ..."

මටත් නොදැනීම මගේ මූණේ හිනාවක් ඇඳුනා.... එයා ඇවිල්ලා අනේ....

"හ්ම්"

"ගොඩක් වෙලාද මෙතෙන්ට ඇවිල්ලා.. මට ගෙදරින් පැන ගන්න වෙලා ගියානේ.. අම්මලාට හොරෙන්නේ ආවේ.."

"ආ.. එතකො-"

"මගේ පැටියා ඒක ප්‍රශ්නයක් කර ගන්න ඕනි නෑ.. මං ඒක බලා ගන්නම්.. කෝ මේ පැත්ත හැරෙන්නකෝ බලන්න.."

අයියා මගේ උරහිස් දෙකෙන් අල්ලලා එයාගේ පැත්තට හරව ගන්නවා මට දැනුනා....

"ඕ ළමයෝ.. ඔයා මේ ටී ෂර්ට් එක ඇඳන් ඉන්නේ පැත්ත මාරු කරලනේ...."

ආහ් කලබලේනේ මට.... අයියා මාව අද කොහෙදෝ එක්කන් යන්නම් කිව්වම සතුට වැඩි කමට ඉක්මනට මෙතෙන්ට එන්න ඕනි කමට කලබලෙන්නේ ඇඳ ගත්තේ.... මට ඒක බලන්න අමතක වෙලා....

"කොයි ඕක ගලවන්නකෝ.. හරියට ඇඳ ගන්න ඕනි.. අද වැදගත් විදිහට යන්න ඕනි තැනකට අපි යන්නේ.."

"මෙතන"

"ඔව්.. ආය නිවාසෙට යන්න බෑ.. වෙලා යනවා.. මේ හරියේ වෙන කවුරුවත් නෑ.. මං විතරයි ඉන්නේ.."

"ඉතින් ඔයා ඉන්නවනේ අයියේ.."

"මේකගේ ලැජ්ජාව.... ආය.. ඕවම තමයි මටත් තියෙන්නේ.. මැජික් නෙවේ.. මං කිව්වේ කමිසේ ගලවලා හරියට ඇඳ ගන්න කියලා මිසක් වෙන දෙයක් නෙවෙනේ පැටියෝ.."

අයිය නම් කියයි මට ලැජ්ජයිනේ අනේ.... අඩුම තරමේ මංවත් මාව දැකලා නෑනේ.... මාව රත් වෙනවා වගේ අයියෝ....

"ඒ වුනත් මංවත් මාව දැකලා නෑනේ අයියේ.."

මං හිමීට රහසින් වගේ එයාට කිව්වා.... මං දන්නවා අයියා මට කරදරයක් කරන්නේ නෑ.... ඒත් අනේ මන්දා.. මට ලැජ්ජයිනේ....

"හාහා හරි හරි එහෙනම් මං අනිත් පැත්ත හැරෙන්නම්.. ඔයා ඕක ගලවලා හරියට ඇඳ ගන්නකෝ.."

එයා එහෙම කිව්වට ඇස් පේන් නැති මං කොහොමද දැන ගන්නේ අයියා මං දිහා බලානද ඉන්නේ නැද්ද කියලා.... ඒත් ඉතින් අයියට වෙලා යනවා කිව්වනේ.. අනික මට ලැජ්ජා හිතුනට අයියා කියපු දේත් ඇත්තනේ.... ඒ නිසා මං තවත් පරක්කු නොකර කමිසේ ගැලෙව්වා.... ගලවලා හරි පැත්තට හදලා ආපහු ඇඳ ගෙන අයියට කතා කරා....

"දැන් ඔය හරියට ඇඳ ගෙන ඉන්නේ කියලද හිතන්නේ.. ඉස්සෙල්ලා දෙපැත්ත මාරු කරලා ඇඳ ගෙන හිටපු එකා මේ පාර කණ පිට ඇඳ ගෙන.. පණ්ඩිතකම නම් තියෙනවා...."

"අනේ අයියේ..."

මං ඇඳ ගෙන ඉවර වෙලා එයාගේ පැත්තට හැරෙද්දී මගේ ඔළුවට චූට්ටිත්තන් ටොක්කකුත් ඇනපු අයියා එහෙම කිව්වා....

සමාවෙන්න ඉතින් මට පේන්නේ නැහැනේ ඉතින්....

අයියා ආපහු මං එපා කියද්දි මාව ගනන් ගන්නෙවත් නැතුව මං වැරදියට ඇඳ ගෙන හිටපු කමිසේ ගලවලා ආපහු මට ඇන්ඳෙව්වා.... මගේ කොණ්ඩෙත් පීරුවා.... සුවඳ ගහන මොනවදෝ ගැහුවත් එක්ක.... දාන් හිටපු සෙරෙප්පු දෙක ගලවලා දාලා අලුත් දෙකක් දැම්මා....

මාව මෙහෙම සුවඳ ගගහා අන්දව ගෙන කොහෙ එක්කන් යනවද මන්දා මෙයා...

මගේ සැරයටියත් මගේ අතට දීලා අයියා මගේ අනිත් අතින් අල්ල ගත්තා....

"අපි යමු එහෙනම්"

අපි ඇවිද ගෙන ඇවිත් තිබුනේ ටවුන් එක පැත්තට.... මිනිස්සුන්ගෙන් ඇහෙන සද්ද වැඩි වෙනකොට අපි ආවේ ටවුන් එකට කියලා හොයා ගන්න මට අමාරු වුනේ නැහැ....

අපි ගොඩනැගිල්ලක් ඇතුළට ගියා.... හපෙ හප්පේ.... ඒකේ ඇතුළේ සීතල.... මම සීතල වැඩිකමට ම අයියාගේ අත බදා ගත්තා වෙද්දි එයා මාව තද කරලා අල්ල ගෙන පඩිපෙළක් නගින්න ගත්තා.... මං දන්නෑ අයියා ළඟ ඉන්නකොට මට පුදුම ආරක්ෂාවක් දැනෙන්නේ....

"පැටියෝ.... මෙතනට වෙලා වාඩිවෙලා ඉන්න.... අයියා ඉක්මනට එන්නම් හොඳද...."

"හරි අයියේ...."

අයියා මාව පුටුවක ඉන්දවලා ඉක්මනට එන්නම් කියලා යන්න ගියා.... බෙහෙත් ගඳ.... මට හොඳටම දැනුනා බෙහෙත් ගඳ.... අපි ඇවිල්ලා ඉන්නේ බෙහෙත් සාප්පුවකට ද කොහෙදෝ.... අයියාගේ අසනීපේ.... එකට බෙහෙත් ගන්න වෙන්න ඇති....

පැය භාගයක් විතර ගෙවිලා යන්න ඇති.... අයියා ආපහු මගේ ළඟට ඇවිත් මාවත් එක්ක ගෙන ඇවිදින්න ගත්තා.... දොරක් ඇරගෙන ඇතුළට ගියා....

"ඩොක්ට... මේ තමයි මං අර කිව්ව ළමයා.... පොඩ්ඩක් බලන්න පුළුවන් ද මෙයාගේ ඇස් දෙක ගැන"

"මගේ පැටියෝ බය වෙන්න එපා හොඳද... අපි ඇවිල්ලා ඉන්නේ ඔයාගේ ඇස් දෙකට බෙහෙත් ගන්න.... දැන් ඩොක්ට අන්කල් ඔයාට කතා කරයි.... එයා කියන විදිහට කරන්න... මං ළඟ ඉන්නවා බය වෙන්න එපා...."

අයියා දොස්තර මහත්තයෙක්ට මාව හඳුන්වලා දීලා මගේ කනට පහත් වෙලා මට බය වෙන්න එපා කිව්වා.... මගේ ඇස් දෙක බලන්න ආවේ කිව්වා....

අනේ මට තේරෙන්නේ නැහැ.... මෙච්චර කාලෙකට කවුරුවත් මට මෙහෙම සළකලා නැහැ....

අනේ මගේ අයියේ මං ඔයාට ආදරෙයි.... ඇයි ඔයා මේ කාත් කවුරුවත් නැති අන්ධ අනාථයට මෙහෙම සලකන්නේ....

මට ඇඬෙන්න වගේ....

මට මෙහෙම සළකන්න එපා අයියේ.... දැනටමත් මට ඔයාට යන්න දෙන්න ලෝභ හිතිලා තියෙන්නේ.... තවත් මෙහෙම කරද්දි මං කොහොමද හිත හදාගෙන ඔයාට යන්න දෙන්නේ.... ඔයාම හදපු හිත ඔයාම බිඳලා දායි කියලා මට බයයි අයියේ....

හුඟ වෙලාවක් දොස්තර මහත්තයා මගේ ඇස් දෙක බැලුවා.... එක එක ජාතියේ මැෂින්වලට මට ඔළුව තියන්න වුනා.... තව ඇස්වලට වතුර වගේ දේවලුත් දැම්මා.... ඇස් ඉස්සරහින් මොනවදෝ තියනවා වගෙත් දැනුනා....

ඒ දේවල් ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි ආපහු එලියට ආවා.... අයියා මාවත් එක්ක ගෙන ඒ ගොඩනැගිල්ලෙන් එළියට ආවා.... ඩොක්ට කිව්වේ මොනවද කියලා මං අයියාගෙන් ඇහුවට එයා මට මුකුත් කිව්වේ නැහැ.... මං ආපහු අහන්න ගියෙත් නැහැ....

"මගේ පැටියෝ... කෝ හැරෙන්න"

මං හිතුවේ බෙහෙත් අරන් ඉවර වෙලා අයියා මාව ආපහු නිවාසෙට ඇරලවයි කියලා.... ඒත් අයියා මාව ඇඳ ගෙන ආපහු ටවුන් එක පුරා ඇවිද්දා.... දැන් අපි ඉන්නේ ඇඳුම් කඩයක් අස්සේ.... අයියා මට එහෙ හැරෙන්න මෙහෙ හැරෙන්න කිය කියා මගේ ඇඟට මොනවදෝ හේත්තු කරනවා.... මේක හරියන් නෑ කියනවා.... මේ පාට හරියන් නෑ කියනවා.... මේකේ ලොකු සයිස්, මේකේ පොඩි සයිස් නැද්ද අහනවා....

අනේ මන්දා මේ අයියා මොනව කරනවද කියලා....

"මගේ පැටියෝ මේවා ඔයාට"

"මොනවද අයියේ මේ"

අයියා මගේ අතට බර මල්ලක් දීලා ඒක මට කිව්වා....

"ඔය ඇඳුම් වගයක්.. ඔයා ආපහු කෝච්චි ගානේ සින්දු කියන්න යන්න ඕනි නැහැ.. මං නිවාසේ පාලිකාවට ඔයා වෙනුවෙන් සල්ලි දුන්නා.. දැන් ඉතින් ඔය ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න.."

අනේ දෙයියනේ අයියේ.... ඇයි ඔයා මෙහෙම කරන්නේ....

"ඇයි මේ අඬන්නේ... මං අඬන්න දෙයක් කිව්වේ නෑනේ මගේ පැටියට.."

අයියා මගේ මූණ පුරා එයාගේ දිග ඇඟිලි අරන් ගිහින් මගේ ඇස් වලින් ගිලිහෙන කඳුළු කැට පිහ දාන්න ගත්තා.. අයියා අහනවා ඇයි මං අඬන්නේ කියලා.. අඬන්නේ නැතුව හිනා වෙන්නද මං කොහොමද මේ ණය ගෙවන්නේ....

එයා තාමත් මගේ කඳුළු පිහන ගමන් ඔළුව අතගානවා.... මට වචනයක් කියා ගන්නවත් විදිහක් නෑ.... ඒ පාර මාව ගොළුවෙකුත් වෙලා ගිහින්.... මට දැනෙන හැඟීම් වචන කරන්න මට තේරෙන්නේ නැහැ.... අයියට ස්තූතියි කරන්නවත් මගේ කටින් වචන පිට වෙන්නේ නැහැ....

"ඇයි අ..අයියේ ඉක් ඔ..ඔයා මට මෙහෙම සලකන්නේ.... මං පව් නැ..නැද්ද.. ඉක් මං කොහො..මද ද..දරා ගන්නේ.. ම..මං කොහොමද මේ ණය ගෙවලා දා..දාන්නේ"

මං අයියාගේ බෙල්ලේ එල්ලුනා.... වටපිටාවේ මොනව වෙනවද මම දන්නේ නැහැ.... මට පේන්නේ නැහැ.... අයියත් මාව ආපිට බදා ගත්තා මිස එලෙව්වේ නැති කොට මගේ ඇස් වලින් වැටෙන කඳුළු වැල්වල ප්‍රමාණේ එන්න එන්නම වැඩි වුනා....

"මමයි ණය ගෙවන්නේ ඔයා නෙමෙයි මගේ පැටියෝ... මගේ ජීවිතේ බේර ගත්තට, මට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්නට, මට අලුත් ජීවිතයක් දුන්නට මමයි ඔයාට ණය ගෙවන්නේ මගේ චූටියෝ.."

"මොකක්ද මෙතන මේ වෙන්නේ.. මේ කවුද ලොකු පුතේ.."

ආහ්...

********************

ඩොක්ට මොනවා කියන්න ඇද්ද තුල්‍යගේ ඇස් දෙක බලලා 🤔

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි 😘

SIAN..🖤

Contents
Contents