Chapter 8 of 15

07. කොටස

BLIND ✔1,669 words~9 min read

තුල්‍යගේ මානයෙන්.....

"ම්හ්ක්.."

කවුද අනේ මේ කන අස්සේ කෑ ගහනවා වගේ ඇහෙන්නේ.... නිදා ගන්න දෙන්නෙත් නෑනේ අප්පා....

"තුල්‍ය.... නැගිටිනවකෝ ළමයෝ...."

"ම්හ්.."

ඒ පාර කූරු ගහන්නත් ගත්තා.... අනේ මොන කරදරයක්ද මේක....

ම්ම් ටිකක් ඉන්න.... ඒ කට හඬ නිකන්.. අර ලස්සන අයියගේ වගේනේ.... ඒත් එයා කොහොමද මෙහෙට ආවේ....

මං හිටියේ හොඳට නිදා ගෙන.... මං නිදිකුම්බරයෙක්නේ.... ඒ නිසා පැඳුරට වැටුණ හැටියේ මට නින්ද යනවා.... ආයේ නැගිටින්නේ ඉතින් පහුවදාට තමයි.... ඒත් මං අර ආපු ලස්සන අයියා ගැන හීනයක් දැක දැක ඉන්නකොට මගේ කන ළඟින් මගේ ම නම කියලා කතා කරනවා වගේ ඇහුණා.... ඒකත් අර ලස්සන අයියගේ වගේම කට හඬකින්....

මට තවත් නිදා ගෙන ඉන්න බැරි වුනා.... බැරි වුනා නෙමෙයි අනේ බැරි කරා.... මට දැනුනා කවුරු හරි මගේ කන අත ගානවා වගේ.... කන අත ගානකොට කිචිනේ.... ඉතින් කොහොමද නිදා ගන්නේ.... මං මගේ නොපෙනන ඇස් දෙක හිමිහිට ඇරියා.... ඇස් ඇරියා කියලා ඉතින් මට පේන්න දෙයක් තියෙනවා ඈ.... හැම තැනම අඳුරුයි.... අඳුර විතරමයි.... මං උපන් දා ඉඳන් දකින්නේ මේ අඳුර විතරමයි....

"කොල්ලෝ ඔයා නැගිට්ටද?.."

ආ...

"ෂ්...ෂ්... කෑ ගහන්න එපා හරිද.."

එයා මගේ කට වැහුවා.... මට කෑ ගහන්න එපා කිව්වා....

අනේ ඒ ඇවිත් හිටියේ අර අයියා.... අනේ.... එයා ආයේ ඇවිල්ලා....

ඒත්... උදේ වෙලාද.... මං ඉර පායන්න කලින් නැගිටිනවනේ.... අනේ මට මොකද වුනේ....

"පැටියෝ... බය වෙන්න එපා... මං අර අයියා.. තාම උදේ වෙලා නෑ... මං හොරෙන් ආවේ... ඒ දේවල් මං පස්සේ කියන්නම්.. දැන් පුළුවන්ද කියන්නකෝ මාත් එක්ක එන්න.. ආපහු සැරයක් මේ අයියව විශ්වාස කරලා එන්න පුළුවන්ද"

අනේ.... එයා මට යන්න කතා කරනවා.... තාම උදේ වෙලා නෑලු.... එයා හොරෙන්ලු ආවේ.... ඒත් ඇයි.... ඒ කොහොමද....

මගේ හිතට ප්‍රශ්න කෝටියක් විතර ගලා ගෙන ආවා....ඒත් එයා කිව්වනේ ඒවා ගැන පස්සේ කියන්නම් කියලා.... ඒ නිසා මං ඒවා ටිකකට පැත්තකින් තියලා නැගිට්ටා.... එයාව විශ්වාස කරන්න පුළුවන්ද ඇහුවා ආපහු සැරයක්.... පුළුවන් අයියෝ.... මට ඔයාව විශ්වාසයි....

"එන්නකෝ.. මං ඔයාව වඩා ගන්නම් නැත්තම් ඔයා මේ නිදා ගෙන ඉන්න පැටව් ටිකව ඇහැරවයි.."

අනේ.... එයා මාව වඩා ගත්තා.... මගේ අත් දෙක අරන් එයාගේ බෙල්ල වටා ඔතා ගන්න කිව්වා.... මගේ කකුල් දෙක ඒ ඉන වටේ එතුනා.... මං එයාව බදා ගෙන හිටියේ හරියට නිකන්.... නිකන්.... අනේ මන් දන්නෑ අප්පා.. මට ඇහිලා තියෙනවා ක..කක්කුට්ටෙක් ද මොකක්ද අනේ මන්දා.. ආන් ඒ වගේ වෙන්න ඕනි.... මං ඉතින් එයාලව දැකලා තියෙන එකක් යෑ.... ඇහිලා විතරයි තියෙන්නේ.... ඒ නිසා හරියට කියන්න දන්නෑ....

කොහොම හරි මං හිටියේ අයියව බදා ගෙන ඒ බෙල්ල අස්සේ මූණ ඔබා ගෙන.... මට නිදිමතයි අප්පා.... මේ ලොකු කොල්ලා මාව කොහෙ උස්සන් යනවද මන්දා මේ මහ රෑ....

එයා ගාව හරි සුවඳයි අනේ.... ඒ වගේ ම ගොඩාක් උණුසුම්....

ක්ලැක්..!!

මට දොරක අගුලක් අරින සද්දයක් ආවා.... මං හිතන්නේ එයා ඉස්සරහ දොර අරින්න හදන්නේ.... හදන්නේ නෙමෙයි එයා කොහොම හරි දොර ඇරලා ආපහු වහනවත් මට ඇහුනා.... අපි හිටියේ එළියේ.... මට සීතල දැනුනා.... ඒත් එයා මාව බිමින් තිබ්බේ නෑ තවම.... මටත් බහින්න ලෝභයි අනේ.... ඒත් එහෙමයි කියලා මට ඉන්න බෑනේ.. එයා මොනව හිතයිද... ඒ නිසා මං බහින්න ගත්තා වුනත් එයා මට බහින්න දුන්නේ නෑ....

"ඔහොම ඉන්න පැටියෝ.... මං ඕනි තැනට ගිහිල්ලා ඔයාව බස්සන්නම්.."

ම්හ්ක්... අනේ... මෙයත් එක්ක බෑ අප්පා.... එක එක වෙලාවට එක එක නම්... කොල්ලලු...ළමයලු...දරුවලු...චූටියලු...දැන් පැටියලු....

ඔය මොන නම කිව්වත් අයියගේ කට හඬින් එහෙම නමක් ඇහෙන සැරේට මගේ පපුව නටන පිස්සුව මමනේ දන්නේ.... එයාට නම් මොකද කටට එන නම ඔහේ කියලා දානවා....

එයා තාම ඇවිදිනවා.... මට මුහුදේ සද්දේ ලාවට වගේ ඇහෙන්න ගත්තා.... මෙයා යන තැන මට හිතා ගන්න පුළුවන් වුනා....

අපි දෙන්නා මුලින්ම හම්බුන තැන....

ඔයා දන්නෑ අයියේ.... මට ඔයාට කොච්චර දේවල් නම් කියන්න තියෙනවද කියලා.... එදා බංකුවට වෙලා ඔයා තනියම කියවපුවා ඔක්කොම මගේ කන් දෙකට හොඳට ඇහුනා.... ඔයා දන්නෑ මාත් එදා මුහුද ළඟට ආවේ ඔයා ආපු දේටමයි කියලා....

මගේ යාළුවා.... මට හිටපු එකම යාළුවා.... එයා මීට සති දෙකකට උඩදී වාහනේකට හැප්පුනා.... මට හිටපු එකම පිහිටත් නැති වුනාම මට තේරුනා මට කාත් කවුරුවත් ඉතුරු වෙලා නෑ කියලා.... මටත් ඕනි වුනා මගේ යාළුවා ගියපු තැනටම යන්න.... ඒත් දන්නවද මගේ ඉස්සරහ ඉඳන් ඔයා කියපු දේවල් ඇහිලා මට ගොඩක් දුක හිතුනා....

මට ඔයා ඔයාගේ ජීවිතේ නැති කර ගන්න යන්නේ කියලා දැනුනම මට මං ආව කාරනෙත් ඒක නේද කියලා අමතක වෙලා ගියා.... මට ඕනි වුනා ඔයා කරන්න යන දේ නතර කරන්න.... ඒකයි මං එදා ඒ විදිහට රඟ පෑවේ....

මගේ යාළුවා.... එයා රස්සාවට ගිහිල්ලා මාස දෙකයි.... ඒ සතුටට එයා මාස දෙකක් තිස්සේ එකතු කරලා තිබුණ සල්ලිවලින් මට ෆෝන් එකක් අරන් දුන්නේ..

"මට ඔයාට ලෝකේ දකින්න පුලුවන් කරන්න තරම් වත්කමක් නෑනේ තුල්‍ය... හැබැයි ඔයාට මේකෙන් මුළු ලෝකයක්ම දකින්න පුලුවන් වෙයි.... මං තව ටිකක් ලොකු වෙලා ලොකු රස්සාවක් කරලා ඔයාගේ ඇස් දෙක හොඳ කරන්නම්..............." එහෙම කියපු එයාට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුනා.... එදා මාව දාලා සඳහටම යන්න ගියා.... එයා මාව දාලා යන්න ගියපු දවසේ මට දැනුන දුක වේදනාව හින්දම මට තවත් කෙනෙක් එයාගේ ජීවිතේට අනතුරක් කර ගන්න හදන එක බලා ගෙන ඉන්න බැරි වුනා....

යාළුවා නැති වුනා කියලා ආපු පණිවිඩෙත් එක්ක එයා මට අරන් දීපු ෆෝන් එකත් බිම වැටිලා කැඩිලා තිබුණේ.... ඒ වුනත් මං එදා ඒ වගේ බොරු රඟපෑමක් කරේ මට ඔයා කර ගන්න හදන දේ නතර කරන්න, වෙන කරන්න දෙයක් මතකෙට ආපු නැති නිසා.... ඒත් මං කීයටවත් හිතුවේ නෑ ඔයා මේ ලෝකෙට නැති කරන්න ගියේ මෙච්චර හොඳ හදවතක් කියලා අයියේ....

ඇත්තටම මට සතුටුයි ඔයා තීරණේ වෙනස් කරපු එකට.... ඒකෙන් වුනේ මගෙ තීරණෙත් වෙනස් වුන එක.... ඒත් මට බයයි.... ඔයත් මාව අතෑරලා දාලා යයි නේද.... මං වගේ කෙනෙක් එක්ක හැමදාටම ඉන්න කවුද කැමතියි.... මාත් පිස්සු හිතනවා.... ඒත් මට වෙලාවකට හිතෙනවා ඔයත් එක්ක හැමදාටම ඉන්න තිබුණ නම් කියලා අයියේ.... මට...දැන්...කාත්...කවුරුවත් නෑ.... මං හදන්නේ...ඒ...අඩුව...පුරව ගන්න නෙමෙයි.... ඒත් මං දන්නෑ.. මට තේරුම් ගන්න බෑ.. ඔයත්...එක්ක...ඉන්න...කොට...වෙනම හැඟීමකින්...මගේ...හිත...පිරිලා...යනවා...අයියේ....වෙලාවකට....ඒ හැඟීම...මට....බර....වැඩී....අයියේ.... ඉහ්....

"ඉක්..!!!"

"මොකද මේ.. ආ.... ඔයා අඬනවද පැටියෝ.. මං මං ඔයාට කරදරයක් කරන්න එක්ක ආවේ නෑ.. එක්කෝ මං ඔයාව ආපහු නිවාසෙට එක්කන් යන්නද ආ.."

"නෑ එපා..! මං ඇඬුවේ නෑ.."

අනේ මට ඉකි ගැහුනා.... එයා මාව දාලා යයි නේද කියලා මතක් වෙනකොට මට ඇඬෙන්න ආවා.... අත් දෙකෙන්ම කට වහ ගත්තා කියලා වැඩක් වුනේ නෑ.... එයාට ඒක ඇහිලා.... අයියා දන්නේ නෑනේ මට ඉකි ගැහුනේ මොන හේතුවකට කියන්න....එයා බය වුනා.... එයා බය වුනා මං බය වෙලා ඇති කියලා හිතලා.... එයා ඇහුවා මාව ආපහු එක්ක යන්නද කියලා.... ඒත්.... අනේ මට ඕනේ නෑ නිවාසෙට යන්න.... මට ඕනි එයත් එක්ක ඉන්න.... මෙහෙම අවේලාවේ ආවේ ඇයි කියන එක මම දන්නෑ.... ඒත් එයා ආපු එකට මට පුදුම සතුටක් දැනෙන්නේ.... මට ඕන් නෑ ඒ සතුට නැති කරගන්න ආපහු නිවාසෙට ගිහිල්ලා....

"ඕන් අපි ආවා...."

එයා මාව බිමින් තිබ්බා.... හිතුවා වගේම එයා ඇවිල්ලා තිබුනේ අර පරණ පුරුදු බංකුව ගාවටම තමයි....

"හ්ම්.. කොල්ලෝ අපි ආවේ අර පරණ බංකුව ගාවට.. මුහුද ළඟ තියෙන්නේ"

"මං දන්නවා අයියෝ"

"අයියෝ තමයි... කොල්ලව නැගිට්ටවන්න මාර අමාරුයිනේ"

එයා කියවනවා.... මං කරේ හිනා වුන එක විතරයි.... ඔව් මාව ඇහැරවන එක ටිකක් අමාරුයි තමයි.... ඉහිම්....

ටිකකින් එයත් ඇවිත් බංකුවේ පැත්තකින් ඉඳගත්තා වෙද්දි මට ඇහුනා අයියා ලොකු හුස්මක් අරන් පිට කරනවා....

ආහ්..!! මාව ගැස්සිලා ගියා.... එ..එයා මගේ චූටි උරහිස උඩින් එයාගේ තඩි ඔළුව තියා ගත්තා....

"බය වෙන්න එපා.. මං මෙහෙම ටික වෙලාවක් හිටියට කමක් නෑ නේද පැටියෝ... ඔයාට රිදෙනව නම් කියන්න මං ඔළුව උස්සන්නම්"

"හ්ම්.."

මට වචන නෑ.... මං කරේ හූමිටි තියපු එක විතරයි.... මට නිකන් මාව රත් වෙනවා වගේ දැනුනා.... එයාගේ උණුසුම් හුස්ම ඇවිල්ලා මගේ බෙල්ලේ වඳිනවා....

අනේ.... එයාට අසනීපේ වැඩි වෙලාවත්ද... මට එදා ඇහුනා අයියා කියනවා එයාට මොකක්දෝ මන්දා අසනීපයක් තියෙනවා කියලා.... ඔළුවේ....

මං ඒ හිස කෙස් අස්සෙන් මගේ ඇඟිලි අරන් ගියා.... එයාට ඒකෙන් සැහැල්ලුවක් දැනෙයි කියලා මට හිතුනා.... එයාගේ කොණ්ඩේ හරිම සිනිඳුයි... මගේ වගේ නෙමෙයි සුවඳයිත් එක්ක...

"සනීපයි පැටියෝ.... අයියා ඉන්නේ ප්‍රශ්නෙක"

මං හිතුවා හරි වගේ මට එදා ඇහුනා අයියාගේ පවුලේ අය අයියාගේ අසනීපේ ගැන ගනන් ගන් නෑ කියනවා..... සමහර විට අයියට ගෙදරින් ප්‍රශ්න ඇති....

පව් මගේ අයියා....

මගේ..! ඔයා පිස්සු කියවනවා තුල්‍ය... ඕවා අමතක කරලා අයියාගේ හිත හැදෙන්න මොනව හරි කියන්න....

මං මට ම තරවටු කර ගත්තා.... ඇත්තනේ ඉතින් අයියා මගේ නෙමෙයිනේ....

"අයියේ.... මං දන්නෑ ඔයාගේ ප්‍රශ්නෙ මොකක්ද කියන්න... ඒත් මං ඕන දේකට ඉන්නවා... ම..මං මං කිව්වේ මට පුළුවන් ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් අහගෙන ඉන්න... හැම ප්‍රශ්නයක්ම ස්ථීර නැහැනේ.... අනික ඕනම ප්‍රශ්නෙකට විසඳුමක් තියෙනවා... ඔයාගේ ප්‍රශ්න ඉක්මනට.. ඉක්මනට විසඳෙයි අයියේ..."

"හ්ම්... ඔව්... ඕනම ප්‍රශ්නෙකට විසඳුමක් තියෙනවා.. ඒකනේ මං මගේ ප්‍රශ්ණෙට විසඳුම හොයා ගෙන තකහනියෙම මෙහෙ ආවේ..."

ආ... අයියා කියපු දේ නම් මට තේරුනේ නැහැ.... එතනින් එහාට අපි අතරේ වැඩි කතා බහක් වුනෙත් නැති නිසා මං ඒ ගැන අහලා අයියව මහන්සි කරන්න ගියේ නැහැ.... එයාට ඉන්න විදිහට ඉන්න දුන්නා....

මං දන්නෑ අයියා කොච්චර වෙලා එහෙම හිටියද කියන්න.... මගේ උරහිසට පොඩි වේදනාවක් නොදැනුනාමත් නෙමෙයි... ඒත් මං කැමති එයා මගේ ළඟ ඉන්නවට.... ඒ නිසා මං මුකුත් කියන්න ගියේ නෑ.... අන්තිමේට එයා ඔළුව උස්සනකම්ම එයාට එහෙම ඉන්න දුන්නා....

"ඔයාට ගොඩක් ස්තූතියි කොල්ලෝ..."

එයා මට ස්තූතියි කරනවා... ඒත් ඇයි.. සමහර විට ඔළුව තියා ගන්න දුන්න හින්දා වෙන්න ඇති.. මටත් ඕනි වුනා එයා කරපු හැම උදව්වක් වෙනුවෙන්ම එයාට ස්තූතියි කරන්න...

"ඔයාටත් අයියේ.. ගොඩක් ස්තූතියි.."

එයා ඇයි ඒ කියලවත් ඇහුවේ නෑ... සමහර විට එයා තේරුම් ගන්න ඇති... එයා ලොකූ හුස්මක් අරන් පාත දැම්මා....

"අයියේ...."

"හ්ම්.. ඇයි පැංචෝ..."

ඕන් ඉතින් ආයෙත් පාරක් මගේ පපුව පිස්සු නටන්න ගත්තා... මට අහන්න ඕනි වුනා දැන් අයියට හොඳයි ද කියලා.... ඒත් අයියා මට ආපහු අලුත් නමක් කිව්වා....

"අයියේ... මට ඔය එක එක නම් කියලා කතා කරන එක නවත්තනවද"

"ඇයි කැමති නැද්ද චූටියෝ.."

"හනේ.. එපාකෝ...."

මං එයාට අත මිටි කරලා පාරක් ගැහුවා... ඒක රිදෙන්න නැතුව ඇති... මට ඇහුනා එයා හිනා වෙන සද්දේ.... අනේ මට එයාගේ මූණ බලන්න තිබ්බ නම්.... මෙච්චර කාලෙකට මේ තරම් ආසාවක් ඇවිල්ලා නෑ මට, කාගෙවත් මූණක් බලන්න තිබුණ නම් කියලා හිතුන.... මට ජීවිතේ පළවෙනි වතාවට මං අන්ධ වුන එක ගැන ලොකු ම ලොකු තරහවක් ඇති වුනා....

"ම්ම්ම් එහෙනම් මං ඔයාට හැමදාටම එකම නමක් දෙන්නද පැටියෝ..."

එහෙම අහපු එයාගෙන් ගොඩ වෙලාවක් යනකල් ආපහු සද්දයක් ආවේ නැහැ.... සමහර විට අයියා මොනව හරි හිතනවා ඇති.... ඒත්....

"එහෙනම් මං ඔයාට මගේ කියන්නද"

"හහ්..!"

"මගේ පැටියා.... මගේ වෙනවද"

මගේ හැඟීමක් නැති ඇස් දෙක ලොකු වෙලා ගියා.... මොනවද මේ අයියා කියවන්නේ....

"යෝ.... පැටියා ඇස් දෙකත් ලොකු කර ගෙන නේද.... බය වෙන්න එපා අනේ.... කෝ එන්න.... මං ඇහුවේ මගේ පැටියා කියලා කතා කරන්න ද කියලා විතරනේ...."

එයා මාව තුරුළු කර ගත්තා.... සනීපයි අනේ සනීපයි....

මගේ යාළුවට පස්සේ මේ ගඬු ගඳ ගහන අන්ධයව කවුරු හරි බදා ගත්තමද කොහෙදෝ.... එයා කිසි කැතක් නැතුව මාව බදා ගත්තා වෙද්දි මට හුස්ම හිර වෙන්න වගේ ආවා.... තවත් නම් බෑ.... තවත් නම් කඳුළු හිර කරගෙන ඉන්න බෑ මට....

"ඉක්.... ඉහික්....!"

"කොල්ලා අඬනවා නේද"

"ඉක්... මගෙක්... පැ..පැටියා ඉක්... කියන්න අනේ..."

එහෙම කියන කොට එයා හිනා වෙනවා මට ඇහුනා.... එයා හිනා වෙනවා.... මාව අඬවලා එයා හිනා වෙනවා....

"හ්ම්... මගේ පැටියා..."

********************

ඔන්න අපේ තුල්‍ය පැටියා..

එයා ගැන මොකද හිතෙන්නේ කියලා කියන්නකෝ..

පුළුවන් නම් අද කොටස ගැන ඉමෝජියකින් කියන් යන්න.. 🥺❤️

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😘

SIAN..🖤

Contents
Contents