Chapter 7 of 15

06. කොටස

BLIND ✔1,307 words~7 min read

"තුල්‍ය, එහෙනම් මං ගිහිල්ලා එන්නම්"

හවස හයට කලින් යන්න ඕනි කියලා මගෙන් වෙලාව අහපු කොල්ලව මං එයා කියපු තැනට එක්ක ගෙන ආවා.. ඒක බෝඩිමක් වගේ.... අනාථ නිවාසයක් නෙවෙයි නිකන් නැවතිලා ඉන්න තැනක් වගේ.... එයා කිව්ව විදිහට එයාට පොඩි කාලේ ඉඳලා ඇස් පේන්නේ නෑලු.... ඒ කියන්නේ මං හිතපු විදිහටම එයා උපතින්ම අන්ධ කෙනෙක්....

පව්.... පිපෙන්නත් කලින් එයාගේ සුවඳ හොරු අරන් ගිහින්....

පොඩි කාලේ ඉඳන් එයා හිටියේ ළමා නිවාසෙකට වෙලාලු.... ලොකු වුනාම ඒකෙන් යන්න වුනාලු.... දැන් ඉන්න තැන හොයලා දුන්නෙත් ළමා නිවාසේ හිටපු පාලිකාවක්මලු.... එයා කිව්ව විදිහට එතන නීති තදයි... එයා විතරක් නෙමෙයි දෙමව්පියෝ නැති විශේෂ අවස්ථතා තියෙන ගොඩක් අය එතන ඉන්නවලු.... කොහෙ ගියත් හවස හය වෙනකොට එතනට එන්න ඕනිලු.... ඒක නීතියක්....

දවල් වරුවට එයා යනවලු කෝච්චි පෙට්ටි ගානේ සින්දු කියන්න.... වැටිලා ඉන්න තැනක් හම්බුනාට එතනින් එහාට පිනට කෑම බීම හම්බෙන්නෙ නෑලු.... ඉන්න අය මොනවම හරි දෙයක් කරලා සල්ලි හොයන්න ඕනිලු.... ඒ සල්ලිවලුන්ලු එතන ඉන්න අයට කන්න බොන්න දේවල් ගේන්නේ....

"අයියේ.... පරිස්සමින් යන්න අයියේ.... අද දවස ගැන ස්තූතියි...."

"දවස ගැන ස්තූතියි කියන්නේ.... මං ආයේ එන්න එපාද..."

"ඒ..ඒ.. කියන්නේ.... ආයෙ දවසක ඔයාට එන්න පුළුවන්ද අයියේ..."

අනේ මට දුක හිතුනා.... ඒ ඇස් පපී අයිස් වගේ වෙන්න ඇති.... ඒ වුනත් හැඟීමක් නැති ඇස්වලින් මට වෙනසක් පෙනුනේ නෑ.... ඒත් මං දන්නවා එහෙම වෙන්න ඇති.... ඒ පුංචි හිත හරි අහිංසකයි.... පොඩි දේකින් වුනත් එයා ලොකුවට සතුටු වෙනවා මං දැක්කා....

"හ්ම්... මං එන්නම්.."

"අනේ...."

"ඒත් දැන් නම් මට යන්න වෙනවා කොල්ලෝ... මං ගිහින් එන්නම්කෝ..."

එයාගේ කොණ්ඩේ ටිකක් අවුස්සපු මං ගිහින් එන්නම් කියාගෙන එන්න ආවා.... එයා හිනා වෙනවා.. මං යන්නම් කියපු එකට නෙමෙයි මං ආපහු එන්නම් කියලා කියපු එකට....

"අයියේ කොහෙද තමුසේ ගිහින් හිටියේ.."

"ඇයි අහන්නේ.."

මං ගෙදර එනකොට හය හමාර විතර වෙලා ඇති.... ඒ එනකොටම සාලේ ඉඳන් කඩා පාත් වුන මල්ලි මං ගියේ කොහෙද ඇහුවා....

"නෑ කියහන්කෝ.."

"මං කිව්වේ ඊයේ.. වෙරළට ගියේ වෙරළට.."

"හ්ම්.. මං දැක්කා දමාගෙන පොඩි එකෙක්ට මොනවදෝ ගිල්ලනවා.. ඕක නම් හරියන් නෑ අයියේ.. දන්නවනේ තාත්තගේ හැටි.."

"මොනවද මල්ලි මේ කියන්නේ හරියන් නෑ කියලා.."

"ඊයේ අර උඹේ ලියුම හම්බුනාට පස්සේ තාත්තා ගියා උඹව හොයන්න.. තාත්තා ගෙදර ආවේ පුපුර පුපුර.. තාත්තා කිව්වා උඹ කොල්ලෙක් එක්ක හිටියා දැක්කයි කියලා.. උඹ මොන අදහසින් එතන හිටියද මම දන්නෑ.. හැබැයි අයියේ උඹ දන්නවනේ තාත්තලා හිතන හැටි.. උඹට නම් හොර වැඩ කරන්න වෙනමම උගන්නන්න වෙනවා.. තාත්තා උඹට ගැහුවේ ලියුම නිසාමත් නෙවෙයි.. තාත්තා උඹව එතන තියලා ගෙදර ඇවිත් තියෙන්නේ උඹ හිටපු විදිහ දැක්කම මුහුදේ පනින්නෑ කියලා හිතුන නිසාලු.."

"මේ මොන-"

"ලොකු පුතේ.. උඹ මෙච්චර හවස් වෙනකල් වෙරළට වෙලා මොනවද කරේ.."

අම්මා....

මල්ලි මොනවදෝ අපබ්‍රංසයක් මගේ කනේ තිබ්බට පස්සේ ඒකේ අඩුව පුරවන්න වගේ අම්මත් කුස්සියේ ඉඳලා සාලේ පැත්තට ආවා.... තාත්තා තවම ඇවිත් නෑ වගේ නැත්තම් මේ හැමෝටම කලින් මාව අල්ල ගන්න එන්නේ තාත්තා....

"මුකුත් නෑ අම්මේ.."

මොනව වුනත් මට හිටියේ ඇවිලෙන ගිනිවලට පිදුරු දාන සහෝදරයෙක් නෙමෙයි.... ඒකා නම් ගෙදරට හොරෙන් කරන්න පුළුවන් හැමදේම කරනවනේ.... ඒ නිසා ඒකා මට විරුද්ධව කතා කරන්නෑ.... මාත් කවදාවත් උට විරුද්ධව කතා කරලා නෑ.... සමහර වෙලාවට හොරේ අතේ මාට්ටු වුන දවස්වලත් මං කරේ උගේ පැත්ත ගත්ත එක.... මොකද අම්මලා කොච්චර තරහ ගත්තත් ඒකා කරේ එච්චර කේන්ති ගන්න ඕන දේවල් නෙවෙයි කියන්න මං දන්න හින්දා.... අම්මලාට අනුව ඒකා කොච්චර හිතුවක්කාර වුනත් තැනේ හැටියට වැඩ කරන්න ඕන විදිහ ගැන ඌ හොඳට දැන ගෙන හිටියා.... ඒ නිසා මේ වෙලාවේ වුනත් ඒකා මට උදව් නොකෙරුවත් ප්‍රශ්නෙ තවත් දිග් ගස්සන්න වැඩ කරන්නෑ කියන එක මං දැන ගෙන හිටපු හින්දා මං කවදාවත් නැතුව අම්මලාට බොරු කියන්න ගත්තා....

"මුකුත් නැත්තම් මෙච්චර වෙලා යනකල් ගෙදර නාවේ..?? කෝ.. කෝ.. පුතාගේ ෆෝන් එක දෙන්න.."

"ඇයි අම්මේ.. මට මෙහෙම කරන්නේ.. ආ..!!! මං පොඩි එකෙක් නෙමෙයි..!!! ඇයි ඔච්චර මං ගැන හොයන්නේ..!!! මං කොල්ලෙක් අම්මා..!!! මං ගැන ඔච්චර හොයන්න ඕනි නෑ..!!!"

"මොකක්ද ලොකු පුතේ උඹට මේ වෙලා තියෙන්නේ.. අඩි හප්පලා ඔච්චර කෑ ගහන්න තරම් මං මොකක්ද උඹට කිව්වේ.. උඹ ඉස්සර මෙහෙම නෑ පුතේ.. කවුද ඔය මගේ පුතාගේ බෙල්ල එල්ලුන තේඋඩිච්චි.. කියපන් පුතේ.. ඔය දේවල් වෙන වැඩ නෙමේ.. දැන්ම නතර කර ගනින්.."

කවදාවත් නැතුව මට තරහ ගියා.... කොච්චර පාලනය කර ගන්න බැලුවත් හරි ගියේ නෑ.... මගේ පාලනේ මගෙන් ගිලිහුනා වගේ.... මගේ හුස්ම පවා වේගවත් වෙන තරමට මට තරහ ගියා.... ඇඟ එන්න එන්නම රත් වෙනවා වගේ මටම දැනෙන්න ගත්තා.... මෙච්චර කාලෙකට කියන දේ ඔහේ අහගෙන ඕන දෙයක් කියා ගන්න කියලා බලන් හිටපු මට තව දුරටත් එහෙම ඉන්න බැරි වුනා....

අම්මා අහනවා මොකෙක්දෝ තෙඋඩිච්චියෙක් ගැන.. මට ඇති තේඋඩිච්චියෙක් නෑ.... මට ඕනිත් නෑ....

"අපි උඹ ගැන හොයන්නේ උඹේම හොඳට ලොකු පුතේ.. උඹ හෙට එහෙම කොහෙවත් යන්න තියා ගන්න එපා.. චූටි පුතේ උඹටත් එක්කමයි කිව්වේ.. උඹගේ ඇවිදිල්ලත් දැන් හොඳටෝම වැඩී.."

"අනේ.. එහෙම කොහොමද අම්මා.. හෙට අපි දා ගත්තු වැඩක් තියෙනවා.."

"අම්මා කියන දේ අහලා ගෙදරට වෙලා හිටපන් චූටි පුතේ.. උඹ මගේ කීමට පිටින් ගිහින් මගේ යකා අවුස්ස ගන්න තමයි හදන්නේ ඔය.."

මදි අඩු පාඩුවත් ඇවිත්.... තාත්තා.....

තාත්තා.... ගොඩක් මහන්සි පාට මූණක් තාත්තට තිබුණේ.... ඉස්සර නම් තාත්තව එහෙම දකිනකොට මගේ හිතට ආව ගෞරවය මිශ්‍ර වුන ආදරය අද කොහෙද දන්නෑ.... මට කිසිම හැඟීමක් දැනුනේ නෑ.... අදත් කොහොම හරි මෙයාලා එකතු වෙලා මගේ පැටියා හදලා එවපු මගෙ හිත ආපහු බිඳලා දැම්මා....

"ආශ්..!!!"

සලාන්...!!!!!

"ආහ්..! මොකද පුතේ උඹට වුනේ.. මං ෆෝන් එක ඉල්ලුවේ ලොකු අම්මට කෝල් එකක් ගන්න.. උඹට ඒක පොලේ ගහන්න තරම් දෙයක් වුනේ නෑනේ මෙතන.."

"බලන්නකෝ අපේ මහන්තයා මුට මොකා වැහිලද මන්දා.."

"මොකෙක්වත් වැහිලා නෑ ඕකට.. පිස්සු තද වෙලා තියෙන්නේ.. හිටපන්කෝ.... අපිටත් ඇස් කන් තියෙනවනේ.."

මට නින්ද යන් නෑ....

හවස වෙච්චි දේත් එක්ක රෑට කන්නෙත් නැතුව ඇඳට ආවට මොකද මට නින්ද ගියේ නැහැ.... බෙහෙත් නොබී ඉන්න බැරි කමට හිස් බඩම බෙහෙත් බිව්ව මට ඒකේ රගේ දැන් දැන් දැනෙන්න අරන් තිබුණේ....

බඩ දනවා හිටු කියලා....

මං දැන් පැය ගානක් තිස්සේ ඇඳේ එහෙට පෙරලෙනවා.. මෙහෙට පෙරලෙනවා.. ඒත් නින්ද නෙමේ මගේ අහලකටවත් ආවේ.... මට එයාව මතක් වෙනවා.... එහාව හොයා ගෙන යන්න හිතෙනවා....

බැරිම තැන මං ඇඳෙන් නැගිට්ටා.... ලොක් කරලා තිබුණ දොරේ අගුල හිමින් සීරුවේ ඇර ගෙන ආපහු එළියෙන් දොර ලොක් කරලා දාලා යතුර ඇදන් හිටපු කොට කලිසමේ සාක්කුවට දා ගත්තා....

වෙලාව පාන්දර එකයි විස්සයි....

ගෙදර ඉස්සරහා දොර ළඟට ගිහින් දාලා තිබුණ අගුල හිමින් සීරුවේ අරින්න ගත්තා.... මං මේවා කවදාවත් කරලා තිබුණ වැඩ නෙමෙයි.... ඒක නිසා මට ගොඩාක් වෙලා ගියා සද්දයක් නොනැගෙන්න දොරේ අගුල ඇර ගන්න.... මට බයක් දැනුනේ නෑ.... මං කරන්නේ වැරැද්දක් කියලා වෙනදා වගේ මගේ හිත මට කිව්වේ නෑ.... මගේ හිතයි මොලෙයි දෙකම අද එකම පැත්තක හිටියා.... මට ඕනි වුනේ එයා ගාවට යන්න විතරයි.... එයාගේ මූණ තව එකපාරක් හරි බලා ගන්න විතරයි....

මං ගෙදර ඉස්සරහ දොරත් ඇරගෙන කුස්සියේ එල්ලලා තිබුණ යතුර අරන් ඇවිත් ගෙදරින් එළියට බැහලා ඉස්සරහ දොරත් එළියෙන් ලොක් කරලා දැම්මා.... ඒ යතුරත් කලිසම් සාක්කුවට දාගත්තේ අම්මලා ඇහැරෙන්න කලින් ආපහු ඇවිත් මට දොර ඇර ගන්න ලේසි වෙන්න.... ඊට පස්සේ මං ටවුන් එක පැත්තට යන්න ගත්තා....

පැය භාගෙකට විතර පස්සේ මං හිටියේ මගේ කොල්ලා නැවතිලා ඉන්න නිවාසේ ඉස්සරහ.... ඒ ගේට්ටුවත් අගුළු දාලා වහලා තිබුණේ.... ඒ වුනාට තාප්පේ කොටයි මං තාප්පෙන් පැන්නා....

නිවාසේ වටේටම ඇවිද්ද මට ජනේලයක් ගාවට පාත් වෙච්ච අත්තක් තිබුණ අඹ ගහක් හම්බුණා.... ඒක තට්ටු දෙකේ නිවාසයක්.... මං අඹ ගහ දිගේ බඩගාගෙන ගිහින් ජනෙල් බීරලුවල එල්ලිලා ඇතුල බැලුවා....

අනේ.....

එතන ගොඩක් පොඩි ළමයි ඉන්නවා.... එයාලා ඔක්කොම නිදා ගෙන හිටියේ පැඳුරු දාලා බිම.... හිටිය ඔක්කොම පිරිමි ළමයි....

මම ඇස් හැම තැනම යවලා හෙව්වේ මගේ කොල්ලව....

අනේ එයා ඉන්නවා.... පොඩි එකෙක් ම තමයි ඒකා.... අර ළමයි අස්සේ ගුලි වෙලා කටත් උල් කරන් හොඳට නිදි....

මෙච්චර වෙලා මට වුවමනාව තිබුණේ එයාව බලා ගන්න විතරයි.... ඒත් දැන් නම් එයාගේ පණ්ඩිත කතාවක් අහන්න පුදුම ආසාවක් මගේ හිතට ආවේ.... මට සමා වෙන්න මට වෙන කරන්න දෙයක් නෑ....

කෝකටත් කියලා ගෙදරින් ගෙනාව අඬුවට පිං සිද්ධ වෙන්න මට පුළුවන් වුනා ජනෙල් වීදුරුව කඩා ගෙන අගුල ඇර ගන්න.... ඒක ග්‍රිල් දාලා තිබුන ජනෙල් කවුළුවක් නෙමෙයි.... ඒ නිසා මට ලේසියෙන්ම ඇතුළට පැන ගන්න පුළුවන් වුනා....

නිදා ගෙන හිටපු ළමයින්ව ඇහැරවන්නේ නැතුව ඒ අය උඩින් පැන පැන ගියපු මම අවසානෙදි මගේ පැටියා ගාවින් නතර වුනා....

ඇහැරවන්නත් ලෝභයි වගේ.... ඒත් අයියට දැන් ඔයාව ඕනිනේ....

"තුල්‍ය.... තුල්‍ය...."

මං ඒ කනට කරලා හිමීට කතා කරා....

කෑ ගහන්න නම් එපා රත්තරනේ....

********************

ඔන්න තේම් ගෙදරින් පැනලා ඇවිල්ලා..

රෑ තිස්සේ හොරෙන් ගේ ඇතුලේ ඇවිදින මං වගේ තව කට්ටිය ඉන්නෝද 🤭 ඉන්නව නම් කියන්න බලන්න..

කතාවේ අඩුපාඩු තියේ නම් ඒවත් කියන් යන්නකෝ...

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😘

SIAN..🖤

Contents
Contents