Chapter 4 of 15

03. කොටස

BLIND ✔1,134 words~6 min read

තාත්තා....

මං ගෙදර යනකොට අඳුර වැටෙන්න පටන් අරගෙන.... ජිවිතේ නැති කර ගන්න කියලා හිතාන ගියාට පුංචි දේව දූතයෙක් ඇවිල්ලා මගේ හිතේ අමුතු සැනසීමක් පැළ කරලා ගියපු හින්දා මං කරන්න ගියපු දේ කරගන්න හම්බුනේ නැති කොට මං එයා ගියාටත් පස්සේ තව පැයක් විතර වෙරලේ ඉඳලා ගෙදර එන්න ආවා....

ගෙදරට පය තියද්දි ම ගේන් එළියට ආව තාත්තා මට වචනයක්වත් කියන්න නොදී මගේ කනෙක් අල්ලගෙන ඇඳගෙන ගියා.... එයාට මං ලියලා ගියපු ලියුම හම්බෙලා.... තාත්තට කවදාවත් නැතුව හොඳටම කේන්ති ගිහින් වෙනදට වඩා....

"ආ.. කියපන් මොකක්ද උඹ මේ ලියලා ගිහින් තියෙන්නේ..! අම්මට සමා වෙන්නලු..!! උඹට නිදහසක් දුන්නේ නෑලු.. ජිවිතේ බරයිලු.. ඈ බොල මී හරකෝ උඹට කොහෙන්ද තවම ජිවිතේ ගැන බරක් පතලක් තේරෙන්නේ.. උඹ අපිටත් හොරෙන් පවුල් පන්සල්වත් වුනාද.. ඈ යකෝ උඹට අපි නිදහසක් දුන් නෑද..!! උඹ ගේ අස්සේ ලැඟන් හිටියා කියලා අපි මොනව කරන්නද ආ.... අපි කිව්වද.. අපි කිව්වද.. උඹට එළියට යන්න එපා කියලා.. ආ..!!'

*චටාස්*

"ඇති ඇති අපේ මහත්තයා.. මයෙ කොල්ලට ගහන්න එපා.."

"උඹ පලයන් පැත්තට මැණිකේ.. මම අද මූව බාවනවා.. මුට මුට සහලෝලම පිස්සුවක් ගහලා.. ඈ යකෝ උඹට දැන් ඩොක්ට කෙනෙක් ගාවටද යන්න ඕනි.. උඹ හදන්නේ අපේ මූණේ දැලි ගාන්නද.. පිස්සෙක් ගේ ඇතුලේ දාන් ඉන්නව කියලා වටපිටේ මිනිස්සුන් ගෙන් අහ ගන්නද.."

"තාත්තේ තාත්තේ අයියට ගහන්න එපා තාත්තේ.. ආර්හ්..!!"

"ගීත් උඹත් පලයන් පැත්තකට හොඳ හිතින්.."

*චටාස්*

"කතා කරපන් ඉතින් උඹට දැන් මැරෙන්නද ඕනි ඈ.. යකෝ උඹට අපි මොන අඩුපාඩු කරාටද අපිට මෙහෙම කරන්නේ.. උඹ ගෙදර ලොකු එකා.. උඹ දැන ගන්න ඕනි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න.. මැරෙන්න.. මරුනම ඔක්කොම හරිද.. මෙහෙ අම්මා මැරෙන්න හදනවා.. උඹට අම්මා ගැනවත් හිතුනේ නැද්ද.. ඈ.. මැරෙන්න ගියා නම් ඇයි ආවේ-"

"අපේ මහත්තයා..!!!"

"නෑ මං කිව්වනේ මැණිකේ.. මේකට මැරෙන්න තරම්වත් හිතේ හයියක් නෑ.."

"ඇති ඇති මයෙ දෙයියෝ දැන් ඇති.. උඹ පලයන් ලොකු එකෝ ගෙට.. ආපහු එහෙම මෙහෙම පණ්ඩිත වැඩ කරන්න හෙම යන්නෑ.. උඹ දන්නෑ මාව පිච්චිච්ච තරම උඹගේ මූණ දකින කල්.."

අම්මා මාව ගේ ඇතුලට තල්ලු කරා....

මගේ ඇස්වල කඳුළු ඇස්වලින් එළි බහින්න බලන් ඉන්නවා.... මට ඕනි නෑ කාගෙවත් ඉස්සරහ දුර්වලයෙක් වගේ අඬන්න.... මගේ කම්මුල් දෙකම පුපුරු ගහනවා.... මං එන්න ආව.... එයාලට මුකුත් නොකියපු මං එන්න ආවා.... හැමදාම වගේ එයාලට ම ඕනි දෙයක් කියා ගන්න ඉඩ දීලා බලන් හිටපු මං එන්න ආවා.... ඇවිත් කෙලින්ම බාත් රූම් එකට වැඳිලා දොර වහගෙන කරාමේ උපරිමේට ඇරලා දැම්මා....

මෙච්චර වෙලා හිර කරාන හිටපු කඳුළු වැල්වලට ඕන විදිහකට ගලා ගෙන යන්න ඉඩ දුන්නා.... පිරිමින්ට කඳුළු අකැප වුනාට මට බැරි වුනා දරා තවත් ගෙන ඉන්න.... මට ඕනි වුනේ කෑ ගහලා අඬන්න.... ඒත් මට බෑ.... මට ඒකවත් කරන්න විදිහක් නෑ....

ඇයි තාත්තේ එහෙම කරේ.... ආ.... මට ගැහුවට මගේ හිතේ කිසිම තරහක් නෑ.... ඒත් ඇයි අඩුම තරමේ මගෙන් හේතුවක්වත් ඇහුවේ නැත්තේ.... ඔයාලම ප්‍රශ්නේ හදාගෙන ඔයාලම උත්තරෙත් හොයා ගෙන ඉවරයි.... ඇයි එක පාරක් එකම එක පාරක් මට කියන්න තියෙන දේ ඇහුවේ නැත්තේ....

වතුර හෝ ගාගෙන මගේ මුළු සර්වාංගෙම තෙමා ගෙන බල්ලම් බැස්සා....

මං අද ගෙදර ආවෙම වෙනදට වඩා හිතේ සතුටෙන්.... අර පැංචට පුළුවන් වුනා එක වචනෙකින් මාව සනසන්න.... මෙච්චර කාලෙකට මගේ පවුලේ අය වුන ඔයාලට කර ගන්න බැරි වන දෙයක් කවදාවත් මුණ ගැහිලා නොතිබුණ එකෙක්ට කරන්න පුළුවන් වුනා.... ඒත්.... ඒත්... ඔයාලා මොනවද කරේ.. එක තත්පරෙන් ආපහු මගේ හිතට අර කාලකන්නි හැගීම් පුරවපු එක....

මං රේසරේ බ්ලේඩ් එක ගලවලා අතට ගත්තා....

මට මැරෙන්න ඕනි....

මගේ හිත අස්සෙන් එකෙක් කෑ ගහන්න ගත්තා.... මගේ පපුව හොඳටම ගැහෙනවා.... වතුර අස්සෙන් මට දාඩිය දානවා....

මං මගේ වම් අතේ මැණික් කටුව ළඟට බ්ලේට් එක අරන් ගියා.... මං ඇස් පියා ගෙන බර හුස්මක් අරන් පාත දැම්මා.... මං දන්නෑ මාව හිස් පිටුවක් වෙලා.... මට ඕනි වුනා එකපාරින් බ්ලේඩ් එක ඇඳලා දාන්න....

ඒත්.... ඒත්... ඇස් පියා ගත්තු ගමන් මගෙන් අවසරයක් නොලබාම හිත අස්සට පුංචි පැටියෙක් රිංගුවා.... එයාගේ හිනාව.... අර නළ දත.... වළ ගැහෙන කම්මුල් දෙක.... මගේ හිත අස්සට එබිකම් කෙරුවා.... අහිංසක කට හඬ මගේ හිත අස්සෙන් දෝංකාර දෙන්න ගත්තා....

"ආයිශ්..!!"

මගේ අතින් බ්ලේඩ් එක බිමට වැටුණා.... අත් දෙකෙන්ම කැඩිලා එන තරම් හයියෙන් කොණ්ඩේ ඇඳ ගත්තු මං බිමට පහත් වුනා....

ඇයි අම්මේ එහෙම කිව්වේ.... ආ.... මං මෙච්චර කාලයක් දරා ගෙන හිටියා.... ඇයි ඇයි එහෙම කිව්වේ.... කිව්ව එකත් ඇයි මට ඇහෙන්න කිව්වේ.... මට මැරෙන්න හිතෙනවා අම්මේ....

ඇයි ඔයාලා කෙල්ලෙක් බලාපොරොත්තු වෙලා මං කොල්ලෙක් වුන එකටද මගෙන් මෙහෙම පලි ගන්නේ ඈ....

ඇයි ඇයි ඇයි අම්මේ ඔයා එහෙම කිව්වේ.... කොල්ලෙක් වුන මං එහෙම කියනකොට කොහොමද දරා ගන්නේ.... ඔයාලට දැන් මාව ඒ තරමට බරක්ද....

"මේකා කෙල්ලෙක් වුනා නම් බන්දලා හරි දෙන්න තිබුණා.. කොහෙද ඉතින් මේකට කෙල්ලෙක් යාළු කර ගන්නවත් හයියක් නෑනේ.."

මීට ටික දවසකට කලින් මාව අන්තෙටම වට්ටපු ඒ වචන ටික ආපහු මගේ හිත අස්සේ දෝංකාර දෙන්න ගත්තා.... මං කන් දෙකත් වහන් තව ටිකක් ගුලි වුනා....

දන්නවද අම්මේ ඔයාගේ පුතා ඔයා හිතනවට වඩා ශක්තිමත්.... ඩොක්ට කිව්ව විදිහට මං මෙහෙම ජීවත් වෙලා ඉන්න එකට පුදුම වෙන්න ඕනිලු....

මෙච්චර දවසක් මං දරා ගෙන හිටියා අම්මේ අවසානෙට ඔය වචන ටික ඇහෙද්දි මාව අන්තෙටම කඩා ගෙන වැටුණා.... මං දන්නෑ මට ආය ගොඩ එන්න පුළුවන් වෙයිද කියලා.... මේ අගාදේ හරි ගැඹුරුයි.... ගොඩ ඒමක් මට ළඟ පාතක පේන්න නෑ....

"පුතේ.. පුතේ මේ කිරි එක බොන්න පුතේ.. උදේ ඉඳන් මුකුත් කාලත් නැතුව ඇති.."

"පුතේ ආපහු මේ වගේ මුරණ්ඩු වැඩ කරන්න යන්න එපා ලොකු පුතේ.. ඔයා දන්නවනේ තාත්තා ඔයා ගැන තියා ගෙන ඉන්න බලාපොරොත්තු ගැන"

"හ්ම්"

පැය කීයක් බාත් රූම් එකේ හිටියද කියන්න මම දන්නෑ.... ඒත් මං එලියට එනකල් කවුරුවත් මං ඇතුලේ උන්නද මලාද කියලවත් බැලුවේ නෑ.... එකපාරක් මල්ලි ඇවිත් තට්ටුවක් දාන් ගියා ඇරෙන්න....

අම්මා සුදුම සුදු කිරි වීදුරුවක් අරන් ඇවිත් මගේ අතේ තියලා ගියා.... මට ඒකවත් බොන්න හිතුනේ නෑ.... කොච්චර බඩගින්න තිබුණත් මට කන්නවත් වුවමනාවක් තිබුනේ නෑ.... හවස අර පැංචගෙන් ලැබුන බනිස් පලුව මට දැනුත් මතක් වුනා....

මට එයාව ආපහු බලන්න ඕනි.... එයාගේ කට හඬ ආපහු අහන්න ඕනි.... එයා වෙනුවෙන් මං ජීවත් වෙන්න ඕනි අඩුම තරමේ හෙට වෙනකල්.... එයාව දකින කල්වත්....

මං අතේ තිබුණ කිරි විදුරුව එක හුස්මට හිස් කලා.... කාමරේට ගියපු මං පොත් මේසේ යටම ලාච්චුව ඇරලා ඒකේ අඩියෙම හංගලා තිබුණ බෙහෙත් මල්ල එලියට ගත්තා.... මං හිතාන හිටියේ ඒ බෙහෙත් නොබී ඉන්න.... ඒත් මට දැන් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා.... මං හෙට වෙනකල් මැරෙන් නැතුව ඉන්න ඕනි.... ඒ කියන්නේ මට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් තියෙනවා....

මං දන්නෑ.... මට මාවම සැකයි.... රෑ දෙගොඩ ජාමේ මගේ හැඟීම් කොයි අතට පෙරලෙයිද කියන එක මංවත් දන්නෑ.... ඒ නිසා මට බෙහෙත් ඕනි වුනා.... ඔව් බෙහෙත්.... මෙච්චර කාලයක් කියලා කරව ගන්න ගිහින් හරි නොයද්දි ගෙදරට හොරෙන් මං තනියම ගිහින් සයිකෝලොජිස්ට් කෙනෙක්ව චැනල් කරලා අර ගත්තු බෙහෙත්....

ඩිප්‍රෙශන් මට ඩිප්‍රෙශන්ලු....

විශාදය....

ඔය මොන නම් තිබ්බත් ඒකට කියන්නේ පිස්සු කියලනේ....

මං පිස්සෙක් වෙලා.... මං ඒක එයාලගෙන් හංගනවා.... එයාලා අකමැති වෙයි පිස්සෙක්ව පුතා කර ගන්න....

ඒත් මට එයාව බලන්න ඕනි තව එක පාරකට හරි.... මං මගේ අල්ල උඩ තිබ්බ පාට පාට බෙහෙත් අහුර දිහා බලාගෙන වතුර වීදුරුවෙන් උගුරක් බීලා බෙහෙත් අහුර කටට හලා ගත්තා.... ආපහු තිබුණ විදිහටම බෙහෙත් ටිකයි රිසිට් ටිකයි හංගලා දාලා මුකුත් නොවුන විදිහට සාලේ පැත්තට ගියා....

තාත්තා නිවුස් බලනවා.... මල්ලි ෆෝන් එක කනවා.... අම්මා.... අම්මා හිටියේ නෑ සාලේ.... සමහර විට අම්මා කුස්සියේ ඇති....

"තාත්තේ.. මං හෙටත් යනවා මුහුදට"

********************

තේම්ගේ කැරැක්ට එකට එකතු වෙන්න ඕනි කියලා හිතෙන, ඔයාලා ඩිපෙශන් ගැන දන්න දේවල් තියෙනව නම් කියන් යනවද..

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😘

SIAN..🖤

Contents
Contents