Chapter 12 of 15

11. කොටස

BLIND ✔2,225 words~12 min read

"අයියා... අ..අයියා...!!!"

අනේහ් ඒ සද්දේ.... අ..අයියට කරදරයක් නෑ නේද.... අනේ.... කවුරුහරි එන්නකෝ.... මෙතන මොකද වුනේ කියලා කියන්නකෝ.... අනේ අයියා එන්නකෝ.... ඔයා කොහෙද අනේ.... ඇයි මෙච්චර පරක්කු වෙන්නේ....

කන් දෙක කීන් ගාන සද්දෙන් වාහනයක් ඇවිත් නතර කරනවා මට ඇහුනා.... ඒත් එක්කම මොකක් හරි හයියෙන් වඳින සද්දෙකුත් මට ඇහුනා වෙද්දි වටපිටාවේ මිනිසුන්ගේ ඝෝෂාව එන්න එන්නම වැඩි වුනා.... මගේ හිතට බයක් දැනෙන්න ගත්තා....

"19## ට කතා කරන්න ඉක්මන් කරලා.... පව් පොඩි කොල්ලෙක් හැප්පිලා තියෙන්නේ...."

"ඔළුවෙන් ලේ එනවා දෙයියනේ.... ඉක්මන් කරන්න...."

"ශැක්.... අපරාදේ තරුණ ජීවිත.... බේරගන්න පුළුවන් වෙයිද මන්දා.... ලේ ගලනවා නතර වෙන්නැතුවම...."

"අ..අයියේ..!!!"

මං කෑ ගැහුවා.... බැරිම තැන මං කෑ ගැහුවා.... මට හිතාගන්න බැරි වුණා කරන්න ඕනි මොකක්ද කියලා.... මං දන්නෑ මෙතන මොනවද වෙන්නේ කියලා.... මට පේන්නෑ දෙයියනේ.... කෝ මගේ අයියා.... මං ඉක්මනට එන්නම් මෙතෙන්ට වෙලා ඉන්න කියලා ගියපු මගේ අයියා කෝ....

මං සැරයටියත් ඇන ඇන මිනිස්සුන්ගේ ඝෝෂාව එන පැත්තට යන්න ගත්තා.... මගේ හිතට මහ මූසල හැඟීමක් දැනෙන්න ගත්තා.... ඇයි මට හිතෙන්නේ මේ මිනිස්සු කතා කරන්නේ මගේ අයියා ගැන කියලා.... මට ඒ ගැන හිතන්න ඕනි වුනේ නෑ... ඒත් ඒ මූසල හැඟීම මගේ හිත ටිකෙන් ටික වෙලා ගන්නවා වගේ මට දැනුනා....

අනේ.... මට පාර පැන ගන්න බෑ දෙයියනේ.... මට යන්න ඕනි වුනා.... මට අයියව හොයා ගන්න යන්න ඕනි වුනා.... ඒ කට හඬ මට අහන්න ඕනි වුනා.... ඒත්..ඒත්.. අනේ..... මට පාර පැන ගන්න බෑ....

එන්න එන්නම මිනිස්සුන්ගේ ඝෝෂාව වැඩි වෙන්න ගනිද්දී ඒහා සමානව මගේ පපුව ගැහෙන වේගෙත් වැඩි වෙන්න ගත්තා.... මගේ ළඟින්ම වාහන යන සද්දේ ඇහෙනවා.... ඒත් මට නෙවේ බයක් හිතුනේ මට කරදරයක් වේවි කියලා.... මට ඕනි වුනේ පුළුවන් ඉක්මනට අයියගේ කට හඬ අහන්න විතරයි.... අයියා අරන් දුන්නු ඇඳුම් තිබුණු මල්ල අතට තද වෙනකොට මං හිත හිතා ඉන්නේ නැතුව පාරට පැන්නා....

මට ඕනි.... අනේ මට ඕනි අයියගේ කට හඬ අහන්න....

"හෝව්..හෝව් කොල්ලෝ.... බලාගෙන නවතින්න ඔහොම.... වාහන එනවා...."

කවුරු හරි මට නවතින්න කියලා කෑ ගහන සද්දයක් මට ඇහෙන්න ගත්තා.... ඒ වුනත් මට නෙවේ නවතින්න ඕනි වුනේ.... අනේ ඒ සද්දේ ඒ අයියා නෙවෙයි නේද.... අනේ නෑ නේද.... මගේ නොපෙනෙන ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා.... මට නෙමෙයි ඒවා පිහදාගන්නවත් මතක් වුනේ....

අනේ අයියා එන්නේ නෑනේ.... මං මෙච්චර කතා කරලත් අයියා ආවේ නෑනේ.... මගේ ඇස්වලින් කඳුළක්වත් වැටෙනවා බලන්න කැමති නැති අයියා අද මගේ ඇස්වලින් වේල්ලක් කැඩිලා වගේ කඳුළු ගලා ගෙන යද්දිත් මගේ පැටියෝ අඬන්න එපානේ කියලා මාව තුරුළු කර ගන්න අයියා ආවේ නැහැනේ..... මං කොච්චර කතා කරාද ඒත් එයා ආවේ නෑ.... අනේ... එයාට මං කතා කරනවා ඇහෙන්නේ නැද්ද....

නැත්තම්.... නැත්තම් අයියා මාව තනිකරලා දාලා ගිහිල්ලා වත්ද.... අනේ අයියේ.... මං ඔයාට ආදරෙයිනේ අයියේ.... මෙච්චර ඉක්මනට ඔයා මාව දාලා යයි කියලා මං හිතුවේ නෑනේ.... මං ඔයාගේ නේද.... ඔයාගේ පැටියා නේද.... ඔයා ම නේද ඒ නම මට දුන්නේ.... එහෙව් එකේ කොහොමද අයියේ ඔයා මෙච්චර ඉක්මනට මාව දාලා යන්නේ..... අනේ එන්නකෝ.... අඩුම තරමේ මට යනවා කියලා හරි යන්නකෝ..... අනේ මං යන්නම් කිව්වට මං ඔයාව දාලා යන්නම් කිව්වට.... අනේ අයියේ ඔයාගේ පැටියට ඒක කර ගන්න බෑනේ.... මට අයියව ඕනිනේ.... අනේ කෝ ඔයා.... මාව බය කරන් නැතුව එන්නකෝ..... අනේ ඔයාගේ කට හඬින් එක පාරක් මගේ පැටියා කියලා කතා කරන්නකෝ.....

මට ලොකු අසරණකමක් දැනුනා....

හිත ඇතුලෙන් එක එක දේවල් මට හිතෙන්න ගත්තා..... මට හිතුනා අයියා මාව දාලා ගියාවත්ද කියලත්.... ඒත් මං එයාව විශ්වාස කරා.... එයාගේ කට හඬ පළවෙනි වතාවට ඇහෙද්දි වුනත් මං එයාව කිසිම හේතුවක් නැතුව විශ්වාස කරා.... මං මේ මොහොතෙත් එයා ආයේ එයි කියලා විශ්වාස කරනවා.... එයා මාව දාලා ගියේ නෑ නේද.... මාව ආපහු වතාවක් තනිකමට ඇඳලා දාලා ගියේ නෑ නේද....

මට නවතින්න කියලා කියපු මනුස්සයා මගේ අතින් අල්ල ගෙන පාර පන්නනවා මට දැනුනා....

"ඔහොම හිටින් කොල්ලෝ.... ඔය ළමයා අර ළමයත් එක්ක නේද ආවේ.... මං දැක්කා දෙන්නම වෙරළ පැත්තේ ඉඳන් පාරට එනවා.... මේක අහලා කලබල වෙන්න එපා.... පුතාගේ ඇස්වල කඳුළු... දැනටමත් සද්දේ ඇහෙන්න ඇති නේද...."

එයා මොනවදෝ කියවනවා.... මට කලබල වෙන්න එපාලු.... මට සද්දේ ඇහෙන්නේ ඇතිලු.... එතනින් එහාට මුකුත් කියන්න ඕනි වුනේ නැහැ මට වෙච්ච දේ තේරුම් ගන්න.... අතේ මිරිකිලා තිබුණ අයියා ආදරෙන් අරන් දුන්න ඇඳුම් තිබුණ මල්ල.... අනේ ඒක මටත් නොදැනීම බිමට වැටුණා.... මගේ පපුව කවුරු හරි මිරිකනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා.... ඇස්වලින් කඳුළු ගලා ගෙන ගියා මගේ පාලනයකින් තොරවම....

"අනේහ්...මහත්තයෝ...මගේ...අයියට මුකුත්...වුනේ...නෑ....නේද... අනේහ්...අනේහ්...කෝ...දැන්...එයා...මට එයා...එක්ක...යන්න ඕනිනේ... අනේ ම..මහත්තයෝ....මට... එයාගේ......කට..හඬ අහන්න....ඕනිනේ... මහත්තයෝ...."

හැමදාමත් කවුරු නැතත් මගේ තනියට මගේ හයියට හිටපු එකම පිහිට මගේ සැරයටිය ඒකත් මටත් නොදැනීම බිමට අතෑරුණා.... මගේ අතින් අල්ලගෙන හිටපු මනුස්සයගේ අතින් ඇඳ ඇඳ මං කෑ ගහන්න ගත්තා.... මං මගේ කැක්කුම් අල්ලන පපුව එක අතකින් මිරිකගත්තා.... ඉන්න බෑ දෙයියනේ මගේ පපුව රිදෙනවා....

මට බයයි අනේ අයියේහ්.... අනේ මගේ අයියේහ්.... ඉක්මනට එන්නම් කියලා ගියපු අයියට මොකක්ද දෙයියනේ මේ වුනේ.....

මගේ ඇඟට පණ නැති ගතියක් දැනීන ආවා වෙද්දි මං මාව අල්ලගෙන හිටපු මනුස්සයාට වාරු වුනා...

මට සයිරන් නලා හඬක් ළඟ ළඟම ඇහෙන්න ගත්තා.... එයාලා හදන්නේ මගේ අයියව ගෙනියන්න නේද....

"අ..අනේහ් මහත්තයෝ...මාවත්...ඉක්හ්...යවන්නකෝ.... අනේහ් අයියේහ්..."

මං දන්නෑ මං කියන දේවල් කාට හරිම ඇහෙනවද කියලා.... මම දන්නෑ කවුරු හරි මට අවදානයක් දෙනවද කියලා....මම දන්නෑ....මම දන්නෑ.... දෙයියනේ.... හැම තැනම අඳුරුයි... මට පේන්නෑ අනේහ්.... මං අත් දෙක එකතු කරලා ඉල්ලුවා මාව අයියා ළඟට එක්කන් යන්න කියලා....

"ආහ්.... කොල්ලෝ මේකට නගින්න.... ඔයාගේ අයියා ඉන්නවා.... තත්වෙ නම් ටිකක් බරපතලයි....

මල්ලි මේ කොල්ලා මේ ළමයත් එක්ක ආව කෙනෙක්.... මෙයාවත් එක්කන් යන්න.... බය වෙලා හොඳටම...."

ආපහු සැරයක් කලින් කට හඬම මට ඇහෙන්න ගත්තා.... ඒ මහත්තයා මාව උස්සලා මොකක් හරි එකකින් තිබ්බා.... ඒකේ ඇතුලේ හිටපු කාට හරි මං ගැනත් කිව්වා වෙද්දි මට තේරුනා මේක ඉස්පිරිතාලේ වාහනයක් වෙන්න ඇති කියලා....

"අයියේ....අයියේ.... ඔයා....ඉන්නවද අයියේ.... අනේ කතා..

කරන්නකෝ.... ම..මට බය හිතෙනවනේ... අනේහ්....මාව....බය....කරන් නැතුව...කතා...කරන්නකෝ..."

"හරි පුතේ... හරී බය වෙන්න එපා ඔයාගේ අයියට මුකුත් වෙන්නේ නෑ... අපි දැන් අයියව එක්කන් හොස්පිට්ල්ස් එකට යමු හරිද.... පුතා බය වෙන්න එපා...."

කවුරු හරි ගෑනු කෙනෙක් මගේ ඔළුවත් අත ගාලා එහෙ ම කිව්වා වෙද්දි මට දැනුනා වාහනය යන්න පටන් ගන්නවා....

"පැ...ටියෝ.."

අනේ දෙයියනේ අයියා.... මගේ කන් දෙකට අයියගේ කට හඬ ඇහෙන්න ගත්තා.... මට උඩට ගත්තු හුස්ම පොදත් පහළට දාන්න අමතක වුනා....

අනේ ඒ කට හඬ.... ඒ කට හඬ වේදනාවෙන් පිරිලා තිබුණා..... අයියගේ වේදනා දෙන කට හඬ මගේ කන්වලට ඇහෙද්දි මගේ හදවත නතර වෙන්න වගේ ආවා....

මගේ කම්මුලකට උණුහුමක් දැනුනා.... අයියගේ අත මගේ කම්මුලකින් නතර වෙලා.... එයා මගේ ඇස්වලින් වැටෙන කඳුළු බිංදු පිහන්න හදනවා.... අනේ ඒත් කොයි දෙයියනේ ඒ අත්වල තිබුණු ශක්තිය....

මං අයියගේ අත උඩින් මගේ අත තියා ගත්තා.... එයා කතා කරනවා..... හරිම අමාරුවෙන්.... මට කොච්චර ඒ කට හඬ අහන්න වුවමනා වුනත්.. මට අයියගේ කට හඬ අහගෙන ඉන්න බෑ දෙයියනේ.... මට අයියාගේ වේදනා දෙන කට හඬ අහන් ඉන්න බැරි වුනා....

"අනේ අයියේ....ඔයාට....මොකද්ද....දෙයියනේ මේ වුනේ.... අනේ...දෙයියනේ...මගේ අයියව....බේර ගන්න.....මේ.... චුට්ටකට.....කලින්.....හොඳට.....හිටපු.....අයියට.....මොකක්....මේ.....වුනේ...."

"අඬ...න්න..... එ...පාහ්..... පැටි...යෝ.... අ...යි..යා.... හොඳි...න්.... බය.... වෙ...න්න එ...-"

මගේ කම්මුල උඩ නතර වෙලා තිබුණ අයියගේ අත බිමට වැටුණා.... වෙව්ලන කට හඬින් මට ඇහෙන්න කතා කරපු අයියාගේ කට හඬ නතර වෙලා ගියා.... මගේ මුළු ලෝකෙම නතර වෙලා යනවා වගේ හැඟීමක් දැනෙනකොට මගෙත් ඇසුත් පියවිලා ගියේ මටත් නොදැනීම....

"අයියේ...!!!!"

"පුතේ...!! මගේ පුතේ...!! මගේ පුතාට මොකක්ද දෙයියනේ මේ වුනේ....!! ආහ්...!! ඉහි ඉහි ඉහි...."

"අම්මේ කලබල වෙන්න එපා අම්මේ.... අයියව දැන් ඔපරේෂන් එකට ගත්තනේ...."

"කලබල වෙන්න එපා කියන්නේ... කලබල වෙන්න එපා කියන්නේ... ඒ ඇඳට වැටිලා හිටියේ ගහක් ගලක් වගේ හිටපු ඔයාගේ අයියා ගීත් ඒක දැක්කේ නැද්ද.... මෙච්චර දවසක් හොඳට හිටපු මගේ කොල්ලට ඔහොම දෙයක් වුනේ කොහොමද දෙයියනේ.... මේ කොල්ලා... මේ කොල්ලා තමයි ඔය හැම දේටම හේතුව.... හොඳට හිටපු මගේ කොල්ලව කෑවා.... කොහෙවත් යන්න හිගන්නෙක්-"

"ඇති අම්මා ඇති..! ඒ ළමයට ඔහොම කතා කරන්න එපා.... එයා නැත්තම් ඔයාගේ ලොකු පුතා අම්මට නැති වෙන්නේ මීටත් කලින්.... අම්මා දන්නවද... ඔයාගේ ලොකු පුතාට ඩීපෙශන්.... එයා දැන් ඒකට සති ගානක් තිස්සෙ ඉඳලා බෙහෙත් බොනවා.... මේ කොල්ලා තමයි එදා එයා මුහුදට පැනලා මැරෙන්න ගියපු වෙලාවේ එයාගේ හිත වෙනස් කරලා තියෙන්නේ.... මං ඊයේ අයියාගේ පොත් මේසේ අඳිනකොට දැකපු බෙහෙත් රිසිට් ගැන අයියාගෙන් අහනකොට තමයි එයා ඒ දේවල් මට කිව්වේ.... දන්නවාද අම්මා අයියා මෙයා ගැන කතා කරේ පුදුම සතුටකින්... අයියගේ ඇස් පවා දිලිසුනා මෙයා ගැන කතා කරන කොට.... අම්මාට දැනුනේ නැද්ද මේ දවස් ටිකේ එයාගේ වෙනසක්.... එයා වෙනදට වඩා සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා වගේ.... මට නම් ඒක හොඳට දැනුනා... කොහෙද ඉතින් අම්මලාටත් දැනෙන්න ඇති.. ඒත් හිතව්වේ මොකක්ද.. අයියා මොකියක් එක්ක හරි පැටලිලා ඇති කියලානේ.. මොකකියක් එක්ක නෙමෙයි අයියා පැටලිලා හිටියේ මේ කොල්ලත් එක්ක... එයාට සැනසීමක් දැනුන තැන එතන... එයා එතන නැවතිලා...."

"මොනවද ගීත් උඹ ඔය කියවන්නේ... අ..අයියට ඩි..ඩිපෙශන්...!!"

"ඔව්... එයා ඒක අපි හැමෝගෙන්ම හංගලා... බොරු නම් ගිහිල්ලා බලන්න එයාගේ පොත් මේසේ යටම ලාච්චුවේ බෙහෙත් ඇති...."

අපි ඉන්නේ ඉස්පිරිතාලේ.... අයියට බෙහෙත් කරන්න ගත්තලු... එයාගේ අම්මා තාත්තා මල්ලි ඉස්පිරිතාලේට ආවා දැන් ටික වෙලාවකට කලින්... අයියගේ තාත්තා දොස්තර මහත්තයා එළියට එනකල් බලන් ඉන්නවලු.... අයියගේ අම්මා හොඳටම අඬනවා... ඒ හැඬුම් අස්සේ මටත් බනිනවා මට ඇහුනා... ඒත් ඒවා මට නෙමෙයි දැනුනේ.... මං කරේ ඔහේ අහන් හිටපු එක.... මේ වෙලාවේ මගේ සිහිය තිබුණේ දුර ඈතක... ඒ කියන දේවල්වලට අවදානය දෙන්න තරම් හොඳ සිහියක නෙමෙයි මං හිටියේ....

මගේ ඇස්වල කඳුළු වේලිලා ගිහිල්ලා.... මට තවත් අඬන්න කඳුළු නැහැ.... මට කරන්න කියලා ඉතුරු වුනේ මගේ අයියව බේරලා දෙන්න කියලා දෙවියන්ගෙන් යඳින එක විතරයි....

අයියගේ පවුලේ අය හැමෝම අයියගේ අසනීපේ ගැන දැන ගත්තා.... අයියා ඒක මෙහෙම නෙමෙයි එයාලට කියන්න හිටියේ.... ඒත් එයාගේ මල්ලිට ඊයේ හවස අයියා හංගන් හිටපු බෙහෙත් හම්බවෙලා.... අයියා එයාගේ අසනීපේ ගැන එයාගේ මල්ලිට කිව්වා කියලා අයියා මටත් අද උදේ කිව්වා... එයා කිව්වා එයාට එයාගේ මල්ලිව විශ්වාසයි කියලා.... අයියා එයාගේ හිතේ මං ගැන තිබුණ දේවල් පවා එයාගේ මල්ලිට කියලා තිබුණා....

අයියා අවසාන මොහොතේ හරි එයාගේ හිතේ තියෙන දේවල් කාටම හරි කියන්න තීරණය කරලා.... අද වුනත් ගෙදර ගිහිල්ලා එයා අම්මටයි තාත්තටයිත් ඒ දේවල් කියන්නනේ හිටියේ..... ඒත් කවුද දෙයියනේ හිතුවේ අයියට මෙහෙම දෙයක් වෙයි කියලා....

අයියාගේ මල්ලි ඒ හැමදේම ගැන එයාගේ අම්මටයි තාත්තටයි කියනවා මට ඇහුනා... ඒ දේවල් කියද්දි එයාලගෙන් නම් හොඳ ප්‍රතිචාරයක් ආවේ නෑ කියන එක මට තේරුණා.... ඔව් ඉතින් මොන දෙමව්පියෝ ද කැමති තමන්ගේ දරුවා හිඟන්නෙක්ට කැමති වෙනවට.... අනික කොල්ලෙක්ටම.....

ක්ලැක්..!!!

"ඩොක්ට කො..කොහොමද මගේ පුතාට...."

දොරක් ඇරෙන සද්දයක් එක්කම අයියගේ තාත්තගේ කට හඬ ඇහෙන්න ගත්තා වෙද්දි මට තේරුම් ගියා දොස්තර මහත්තයා එළියට ඇවිල්ලා කියන එක.... මාව ඉබේටම හිට ගැස්සුණා...

"හ්ම්.... මේ පේශන්ගේ පවුලේ අය නේද...ම්ම් පේශන්ගේ හාට් එකට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා... අපිට ඉක්මනින් හාට් ට්‍රාන්ස්ප්ලේට් එකක් කරන්න වෙනවා..."

"අනේ අපේ මහත්තයෝ මගේ කොල්ලා...!!!"

හා..හාට් හාට් කියන්නේ හදවතට නේද... දෙයියනේ..අ..අයියගේ හදවත..!!

අනේ අයියගේ හදවතට මොනවා වෙලාද....

මගේ අයියගේ හදවතට මොනවදෝ වෙලා කියන කොට මට දැනුනේ මගේ ලෝකෙම නතර වෙනවා වගේ.... මෙච්චර වෙලා වැහිලා ගිහින් තිබුණ කඳුළු නාලිකා ආපහු පණ ගහන්න ගත්තා.... මගේ හදවතත් නතර වෙන්න වගේ ආවා ඒක ඇහුන වෙලාවේ.... මගේ ඇඟට ආපහු පණ නැති ගතියක් දැනෙන්න ගද්දි මං පුටු ඇන්දට වාරු වුනා....

"අම්මේ...!! අම්මේ...!! ඇස් අරින්න අම්මේ... අනේ තා..ත්තේ අම්මා.."

"අම්..මව පු..පුටුවකින් වාඩි කරවන්න පුතේ.... බෝ..තලේ වතුර ඇති ටිකක් මූණට ඉහින්න.."

දොස්තර මහත්තයා කිව්ව දේත් එක්ක මං හිතන්නේ අයියගේ අම්මට සිහිය නැති වෙන්න ඇති.... ඇහුන සද්දවලින් මට තේරුනේ එහෙම දෙයක්.....

"අනේ සර් අපි දැන් මොකද කරන්නේ.... මගේ පුතා.... අනේ මගේ පුතාව කොහොම හරි බේරලා දෙන්න...."

"කලබල වෙන්න එපා කියලා කියන්න බෑ.... ඒත් අපි උපරිම උත්සාහයක් ගන්නවා හාට් ට්‍රාන්ස්ප්ලේට් එකකට යන්නේ නැතුව එයාව බේරගන්න.... ඒත් හාට් එකට ඩැමේජ් වෙලා තියෙන විදිහට අපිට කියන්න බෑ කොයි මොහොතේ එයාට ට්‍රාන්ස්ප්ලේට් එකක් ඕනි වෙයිද කියලා.... ඒ නිසා සූදානම් පිට හිටියොත් කෝකටත් හොඳයි..."

අයියට අලුත් හදවතක් ඕනි කියලද කියන්නේ.....

මං වැටෙන්නේ නැති වෙන්න වාරු වෙලා හිටපු පුටු ඇන්ද අතෑරියා.... සැරයටියත් නැතුව මට හරි විදිහට ඇවිදින එක අමාරුයි... ඒත් මං බිත්තිවලට වාරු වෙලා අයියගේ තාත්තගෙයි දොස්තර මහත්තයාගෙයි කට හඬවල් ඇහෙන පැත්තට යන්න ගත්තා.....

මට ළඟ ළඟම ඒ කට හඬවල් ඇහෙන්න ගත්තා වෙද්දි මං නතර වුනා.... නතර වෙලා ඒ කමිසෙකින් අල්ල ගත්තා.... මං දන්නෑ ඒ කවුද කියලා..... ඒත් මට හොඳටම විශ්වාසයි ඒ අයියගේ තාත්තා හරි දොස්තර මහත්තයා හරි දෙන්නගෙන් එක්කෙනෙක් කියලා.....

"මහත්තයෝ... මගේ අයියගේ හදවතට මොනවද වෙලා තියෙන්නේ...."

මං එහෙම ඇහුවත් ගොඩ වෙලාවක් යනකල් මගේ කන්වලට ආපිට කට හඬක් ඇහුනේ නෑ.... මං කතා කරන්නේ වැරදි කෙනෙක්ට වත්ද...

"මගේ අයියා..! මං හිතන් හිටියේ මිස්ටර් දහනායකට ඉන්නේ පුතාලා දෙන්නෙක් විතරයි කියලා.."

"එ..එයා අපේ අයියා අඳුරන කෙනෙක් ඩො..ඩොක්ට...."

දොස්තර මහත්තයා එහෙම කියන කොට අයියගේ මල්ලි ඒකට උත්තර බැන්ඳා....

"මහත්තයෝ... අයියට අලුත් හදවතක් දෙන්න වෙනවද..."

මං ආපහු සැරයක් ඇහුවා.... ඒත් අනේ එයාලා මට කිසිම උත්තරයක් දෙන්නේ නෑනේ....

"අනේ කියන්නකෝ කවුරු හරි.... අනේ මං කියන දේවල් ඔයාලට ඇහෙනවා නේද.... අනේ පිං අයිති වෙයි මහත්තයෝ මට කතා කරන්නකෝ.... මං කියන දේවල් ඇහෙන්නේ නෑ වගේ ඉන්න එපා.... ඔයාලා හිතනව නම් මං නිසයි අයියට මේ වගේ දෙයක් වුනේ කියලා අනේ මං ඒ වැරැද්ද හරි ගස්සන්නම්.... ඒත් මට කතා කරන්නේ නැතුව ඉන්න එපා.... මට ඔයාලව පේන්නේ නෑනේ... මට බෑ ඔයාලගේ මූණ බලලා ඔයාලා ඉන්නේ මොන තත්වෙන්ද කියලා දැන ගන්න... මට ඔයාලා ගැන දැන ගන්න පුළුවන්නේ කට හඬින් විතරයිනේ.... අනේ දෙයියනේ ඒ නිසා මට කතා කරන්නේ නැතුව ඉන්න එපා...."

ඒ අයගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන මෙච්චර කාලයක් මගේ හිතේ හිර වෙලා තිබුණ හැඟීම් පවා මටත් හොරාවට එළි බහින්න ගත්තා....

"ම...මට හිටපු එකම යාළුවත් නැති වුනේ මෙහෙම දෙයක් වෙලා.... එයාව බේරගන්න මං එයා ළඟ හිටියේ නැහැ.... මට බැහැ අයියටත් ඒ දේම වෙනවා දකින්න.... ඇයි මට ළං වෙන හැමෝටම වේදනාව විතරක් උරුම වෙන්නේ.... අනේ... දොස්තර මහත්තයෝ අයියට අලුත් හදවතක් ඕනි නම් මං මගේ කැමැත්තෙන්ම මගේ හදවත අයියට දෙන්නම්.... මගේ හදවත අරන් හරි අයියගේ ජීවිතේ බේර ගන්න මහත්තයෝ.... අයියා නැත්තම් මං මේ ලෝකෙන් යන්නේ මීටත් කලින්.... එයා නිසයි මං දැන් ජීවත් වෙන්නේ.... අයියාත් මාව දාලා යන්න හදනව නම් මං ජීවත් වෙලා වැඩක් නෑ මහත්තයෝ.... මගේ අඳුරු ජීවිතේට අහම්බෙන් ලැබුණු ආලෝකෙට මං ගොඩක් ඇබ්බැහි වෙලා මහත්තයෝ.... මේ සැරේ නම් ඒ ආලෝකේ නිමිලා ගියොත් මාත් මොහොතක්වත් ජීවත් වෙන්නේ නැති වෙයි.... ඒ නිසා එයාගේ ජීවිතේ බේර ගන්න මට ඉඩ දෙන්න.... එහෙම හරි එයා ළඟට වෙලා ඉන්න ඉඩ දෙන්න මහත්තයෝ...."

අන්තිමේට මගේ පාලනයකින් තොරවම ඇස්වලින් කඳුළු කැට ගලා ගෙන යද්දි මට තවත් හිට ගෙන ඉන්න බැරි වුනා.... මට කියන්න තිබුණ ඔක්කොම කියලා ඉවර වෙද්දි මං එහෙම බිමට වැටිලා දණ ගැස්සුණා....

"අනේ මහත්තයෝ මට සමා වෙන්න මහත්තයා.... මං දැන ගෙන හිටියා නම් මං නිසා අයියට මෙහෙම දෙයක් වෙයි කියලා මං කවදාවත් එයාට ළං වෙන්න හිතන්නෙවත් නෑ.... මට සමාව දෙනවා වෙනුවට මගේ හදවත අයියට දෙන්නම් මහත්තයෝ.... එ...එයා අයියා කියනවා මං තමාලු අයියගේ හදවත සුවපත් කරන්න ආපු පුංචි දේව දූතයා කියලා ම...මං ඒක එයාට ඇත්තටම කරලම පෙන්වන්නම් මහත්තයෝ.... මං කැමති අයියව බේර ගන්න මගේ හදවත දෙන්න..."

"මිස්ටර් දහනායක ..............................."

********************

තව කොටස් එකයි හෝ දෙකයි.... කතාව ඉවර වෙනවා....

🥺🥺...

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි....🤍

SIAN..🖤

Contents
Contents