Chapter 11 of 15

10. කොටස

BLIND ✔1,437 words~8 min read

වැටහේද මාගේ මේ ආදරේ....

හිමිවේද වාගේ මහ සාගරේ....

සිත පාවේ නුඹෙ නේත්‍රා....

නිදි නෑ මා නේන මේ රාත්‍රියේ....

මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ....

මනසේ මා සඳ රුව යාත්‍රා ~

"වැටෙයි වැටෙයි හිමීට එන්න..."

"අයියේ.. කොහෙද ඉන්නේ අනේ..."

"එන්නකෝ.. එන්නකෝ.. මං ඉන්නේ ඔයාට ඉස්සරහින්..."

"අනේහ්... වැටෙයි අප්පා අයියේ... අතාරින්නකෝ.."

"අතාරින්න නෙමෙයි අල්ලගත්තේ... ඔහොම ඉන්නවා දැන්..."

"හහ්හහ්හා.... අනේහ් මටහ් හහ් කිචි අප්පා අතාරින්නකෝ.... වතුරත් එක්ක වැටෙයි අනේ... හහ්හා..."

අයියයි මායි හිටියේ මුහුද ළඟ.... එදා වගේම අයියා මාව වඩා ගෙන රැල්ල පෑගුවා.... එදා වගේම කිව්වට එදාට වඩා වැඩී ද මන්දා.... එදා නොතිබිච්ච බැඳීමක් දැන් අපි දෙන්නා අතරේ තියෙනවා....

මට හරිම සතුටුයි අයියා මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නවා කියලා දැනෙනකොට.... එයා කලින් දවස්වල මෙච්චර මෙහෙම සැහැල්ලුවෙන් හිටියේ නැහැ....

මට දැනුනේ එයා මේ මොහොතේ ජීවත් වෙනවා කියලා.... එයා වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් ඒ හැම දෙයක්ම අමතක කරලා දාලා මේ මොහොත විඳින්න හදනවා කියලා....

මටත් ඕනි වුනේ ඒක.... අයියා සැහැල්ලුවෙන් ඉන්නවා දකින එක.... මට දකින්න බැරි වුනත් එයාට ඒ සැනසීම දෙන්න මට ඕනි වුනා.... මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන එයාට ඒ සැනසීම දෙන්න මට ඕනි වුනා.... මමත් වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් ඔය හැමදේම අමතක කරලා දාලා එයත් එක්ක මේ මොහොත උපරිමයෙන් විඳින්න තීරණය කරා....

"එන්න අල්ලගන්න... මගේ අත අල්ලගන්න...."

"අයියේ... ඔයා සතුටින් නේද..."

"ඔයා ළඟ ඉද්දි මං මොකටද දුක් වෙන්නේ පැටියෝ ම්ම්... ඔයානේ මගේ හැපි පිල් එක.... මගේ හදවත සුවපත් කරන්න ආපු පුංචි දේව දූතයා, මගේ ජීවිතේට අහම්බෙන් ලැබුණ.... ඉතින් ඔයා ළඟ ඉන්නකොට මං කොහොමද සතුටු නොවී ඉන්නේ... ම්ම්..."

එහෙම කියපු අයියා මාව ඒ පපුවට තුරුළු කර ගත්තා....

"දන්නවද මගේ පැටියෝ මට මගේ ජීවිතේට ලැබුණ වටිනම දේ මොකක්ද කියන්න.."

"නැහැනේ..."

"හ්ම්.. නැහැ... එහෙනම් අහගෙන ඉන්න..."

අයියා තව ටිකක් මාව එයාගේ පපුවට තද කර ගත්තා වෙද්දි මට එයාගේ හදවත ගැහෙන සද්දේ හොඳට ඇහුනා.... ඒක ගැහෙනවා.... හොඳටම ගැහෙනවා.... වේගවත්....

"ඇහෙනවද ඒක ගැහෙනවා.... ඒක ඔය විදිහට ගැහෙන්නේ ඔයා මගෙ ළඟ ඉන්නැද්දි විතරයි පැටියෝ.... මම දන්නෑ ඇයි ඔයා ළඟ ඉද්දි මට මෙච්චර සැනසීමක් දැනෙන්නේ කියලා.... ඇයි මගෙ හදවත මේ තරම් පිස්සුවෙන් වගේ ගැහෙන්නේ කියලා.... අඩුම තරමේ මං දන්නෑ මට ඇයි ඔයා ගැන ආදරයක් ඇති වුනේ කියලවත් මගේ පැටියෝ...."

අයියා කියවනවා.... මං ඒ පපුවේ උණුසුමට තුරුළු වෙලා එයා කියන වචනෙන් වචනේ අහගෙන හිටියා....

මටත් එහෙමමයි අයියේ.... අයියාට තියෙන්නෙත් මටත් අද වෙනකල් උත්තරයක් හොයා ගන්න බැරි වුන ප්‍රශ්න ටිකමයි....

"ඉතින්.... වේලිලා ඉරි තැලිලා ගිහින් තිබුණ මගේ හදවතේ ලේ නහරෙන් නහර පණ ගස්වපු... මගේ බලාපොරොත්තුවක් නොතිබිච්ච ජීවිතේට දවසින් දවස බලාපොරොත්තු පුරවපු පුංචි දේව දූතයා... ඔයා තමයි මගේ ජීවිතේ මට ලැබුණ වටිනම දේ...."

අයියා මගේ හිස් මුදුනට හාද්දක් දෙනවා මට දැනුනා.... මං අයියගේ පපුවෙන් මිදිලා එයාගේ පපුවට නිකට තියාගෙන එයාගේ මූණ දිහාවට ඔළුව හැරෙව්වා.... මං දන්නවා අයියා මං දිහා බලාගෙන ඉන්නේ.... මට දැනෙනවා ඒක....

මං අයියගේ මූණ දෝතට ගත්තා.... මට පේන්නැති අයියගේ මූණ හැම තැනම මං මගේ අත් ගෙනිච්චා.... එයාගේ ඇස් තෙත් වෙලා.... මං ඒ කඳුළු පිහලා දැම්මා.... ඒ ලස්සන මූණ මට බලන්න ඕනි වුනා.... ඒත් අනේ කොහොම බලන්නද....

"ම්ම්.... පැටියට බඩගිනි නැද්ද.."

ආ.... මේ අයියා.... ආපහු සැරයක් කොහෙට්ටවත් නැති ගින්නක් ගැන ඇඳළා ගත්තා.... මට හිනා ගියා.... මං දන්නවා එයා ඇයි එහෙම අහන්නේ කියලා....

අයියා එහෙම අහද්දි මං ඔව් කියන්න ඔළුව වැනුවා.... එයාට ඕනි මගේ හිත හදන්න.... එයා කැමති නෑ මං දුක් වෙනවට.... ඒත් මං බොරුවකුත් නෙමෙයි කිව්වේ.... අද උදේ ඉඳලා ටවුම පුරා ඇවිදලා ඇවිදලා හොඳටම බඩගිනි වෙලා හිටියේ මට.... අයියාටත් එහෙම ඇති....

"අයියේ බඩගිනි කියලා නේද ආවේ.... බඩගින්නට කන්නේ මේවද... මේවා නිකන් වලාකුළු වගේනේ...."

බඩගිනි කියපු මිනිහා ඊළඟට මාවත් ඇඳ ගෙන ආවා වෙද්දි වෙරළෙම නතර කරලා තිබුණ කරත්තයකින් බඩගින්නට කන්න කියලා අරන් තියෙන්නේ බොම්මයි මොටයි.... බඩ පිරෙනවද අනේ ඉතින් ඒවට....

"කාලා බලන්නකෝ පැටියා ආස හිතෙයි.... වලාකුළු වගේ හින්දා තමයි මං ගත්තෙත්.... මං මේවට ආසයි පොඩි කාලේ ඉඳන්ම.... ඕක කන්නකෝ අපි තව මොනව හරි ගමු..."

නොකියා හිටියට මාත් ඒවට ගොඩක් ආසයි තමයි.... මං මීට කලින් මේවා කාලා තිබුණේ එකම එක වතාවයි.... ඒ මගේ යාළුවා ඉන්නැද්දි.... එයා තමයි මට අරන් දුන්නේ....

යාළුවා ගැන මතක් වෙනකොට මට සුසුමක් පිට වුණා....

"මොකද වුනේ පැටියෝ.."

"නෑ අයියේ... මට මගේ යාළුවව මතක් වුනා.."

"එයා හොඳ තැනකට යන්න ඇති පැටියෝ.. මං එනකල් ඔයාව බලාගත්තු පිනම ඇති එයාට හොඳ තැනකට යන්න...."

"........"

"අපි එයාව මතක් කරලා දානයක් දෙමු.... හාද...."

මං හා කියන්න ඔළුව හෙල්ලුවා.... මොහොතකට මාව අතීතෙට ගිහින් ආපහු ආවා.... මට කාලෙකට කලින් මං වෙනුවෙන් හිටපු එකම යාළුවව මතක් වුනා....

අපි හිටියේ වෙරළේ කෙළවරක ඉඳගෙන.... අයියා මාව එයාගේ කකුල් දෙක මැද්දෙන් වාඩි කරව ගෙන හිටියා වෙද්දි මං එයාගේ පපුව මත්තෙ ඔළුව තියාගෙන අර පුළුන් ගුලිය හිමි හිමීට කන්න ගත්තා.... ඒක රසයි.... ගොඩක් රසයි....

මුහුදු හුළං රැල් අපි දෙන්නා වටේ කැරකෙද්දි වෙනදා දැනුනටත් වඩා සනීපයක් ඒ හුළං රැල් වලින් අද දැනෙනව ද කියලා මට හිතුනා.... මගේ අඳුරු ජීවිතේට ආලෝකයක් ලැබිලා.... සමහර විට ඒක නිසා වෙන්න ඇති අද මට හැමදේම ගැන සතුටක් විතරක් දැනෙන්නේ.... මගේ මුළු ලෝකෙම පිරිලා ගිහිල්ලා වගේ.... හිස් වෙලා තිබුණ ජීවිතයට අලුත් පණක් ඇවිල්ලා වගේ....

"මටත් දෙනවද.."

"ඇයි අනේ... දෙකක් ගත්තා කිව්වා නේද.."

ම්ම්... මගේ සිතුවිලි දාමය බිඳලා දාලා අයියා මගේ ඉණ වටේට අත් දෙක ඔතා ගත්තා.... අයියගේ ඔළුව මගේ උරහිසකට බර වුනා....

"ඇයි දැන් දෙන්න බෑ කියලද ඔය කියන්නේ.."

"දෙන්නම් දෙන්නම් අයියෝ ආ.... හහ්..!!! ඔයා නම් හරි නරකයි අප්පා...."

මගෙන් පුළුන් ගුලිය ගැන අහපු එක්කෙනා ඊළඟ පාර කියන්නෙත් නැතුව මගේ කම්මුලකට චොග් ගාලා හාද්දක් දුන්නා එබෙන්නම.... මගේ ඇඟ පුරාම හිරියක් ගියා.... කන් දෙකේ ඉඳන් රත් වෙනවා වගේ මට දැනුනා....

"ආදරෙයිනේ ඉතින්.... පැටියට

මගේ...."

එයා ආයෙත් වචන කඩනවා.... මාත් ආදරෙයි තමයි ඉතින්....

"අයියේ...."

"හ්ම්"

"ඔ..ඔයාගේ පවුලේ අය...."

අයියා ඒ දේවල් ගැන අමතක කරන්න කිව්වත් මට ඒවා අමතක කරන්න බැරි වුනා.... එයාට පවුලක් ඉන්නවනේ.... මේ ළඟකදී හම්බෙච්ච කෙනෙක් හින්දා එයා වෙනස් වුනෝතින් එයාගේ අම්මලාට කොච්චර දුක හිතෙයිද.... මට ඕනි නෑ එයාගේ පවුල මැද්දෙන් හරස් වෙන්න....

"එන දේකට මුහුණ දෙමු පැටියෝ.... බය වෙන්න එපා මොන දේ වුනත් මං ඔයාව අතාරින්නේ නෑ පැටියෝ...."

ඒ හින්දම තමයි අයියේ මට බය....

"හ්ම්ම්..... අයියේ ළඟ පාත කවුරුවත් නෑ නේද"

"ඇයි... මොකක්ද ප්‍රශ්නේ පැටියෝ.."

"නෑ.... කියන්නකෝ අනේ... කවුරුවත් නෑ නේද..."

"නෑ... ඇයි... *උම්මා* ඒ..ඒ කොහෙද ඔය යන්නේ මෙහෙ එනවා... මොකක්ද ඒ කරේ.... වැටෙනවා දැන්...."

හනේ මට ලැජ්ජයි අයියෝ.... ම..මං මගේ පළවෙනි හාදුව අයියට දුන්නා.... ආ.... ඇඟ ඇතුලේ මොකෙක්දෝ එකෙක් කෑ ගහනවා වගේ....

අයියගේ නිකට දිහාවට තොල් තද කරලා මං එයාගෙන් ඈතට දුවන් ආවා.... දිව්වට ඉතින් ඇස් පේන්නේ නැති මට දුවා ගන්න බෑනේ... අයියා ඇවිත් මාව අල්ලගත්තා.... මං ඒ පපුවට මූණ ඔබාගෙන හැංගුනා....

"අනේ.... පැටියට ලැජ්ජා හිතිලද.... ඔයාව රතු වෙලා කොල්ලෝ.... එක හාද්දකට එච්චර දේවල් කරන්න පුළුවන්ද.... ම්ම්.... කොයි අනේ ඔළුව උස්සන්න කෝ...."

"බැහ්..."

"ඇයි බැරි..."

"පැටියට ලැජ්ජා හිතිලලු..."

"ආ.... ඇත්තට...."

"ආහ්හ්..... අයියේ..... බිමින් තියන්නකෝ මාව අයියෝ අනේ...."

"බොරුනේ ඔය කරන්නේ... තනිකර බොරුව මේකගේ.... කැමති නැත්නම් දඟලන්නවත් එපැයි...."

"ම්හුක්.."

මම ඔළුව උස්සන්නේ නැතුව ඉන්නැද්දි අයියා මාව වඩා ගත්තා.... ඒත් මේ සැරේ නම් අයියට මාව තේරිලා.... මං කැමතියි තමයි අප්පා.... මම ඒ අත්වලට මැදි වෙන්න කොයි තරම් කැමතිද කියන එක.... ඒ උණුහුමට කොයි තරම් ලෝභකම් කරනවද කියන එක මං දන්නෙත් නැහැ....

"පැටියෝ.... ඔයාගේ ෆෝන් එක කැඩිලා කිව්වා නේද..."

"ඕ.."

දැන් හොඳටම හවස් වෙලාලු.... අපි හවස් වෙනකල් ම වෙරළට වෙලා ඉඳලා....

අයියා හදන්නේ ගෙදර යන්න.... එයා මුලින් අකමැති වුනා ඒකට, ගෙදර අය එයාව එළවයි කිව්වා.... අපි පැනලා යමුද කියලත් ඇහුවා.... මෝඩ පැටියෙක් අප්පා අයියත් වෙලාවකට.... ඇඟ විතරයි ලොකු වෙලා තියෙන්නේ.... මොලේ වැඩිලා නෑ.... පැනලා ගිහින් හරියනවද....

මං කිව්වා අයියට ගෙදර යන්න කියලා.... වෙන කවුරු කොහොම වුනත් අම්මා තාත්තා තමන්ගේ දරුවන්ව කවමදාකවත් අතාරින්නෙ නෑ.... මට එහෙම වුනත් ඒ අම්මයි තාත්තයි අයියව අතාරින්නේ නෑ.... මට ඒක හොඳට දැනෙනවා.... අම්මා තාත්තා කියලා දෙන්නෙක්ව කවමදාකවත් මට ඉඳලා නෑ.... ඒ නිසාමද මන්දා මට ඒ අම්මා තාත්තාව රිද්දන්න හිතුනේ නෑ.... මට අයියව නොලැබුණත් එයාට එයාගේ පවුලේ අයව නැති කරන්න මට බෑ....

ඒ නිසා මං කිව්වා ගෙදර ගිහින් අයියගේ හැමදේම එයාලට කියන්න කියලා.... අසනීපේ ගැන පවා.... එයා පවුලෙන් හංගපු හැම රහසක්ම එයාලට කියන්න කියලා මං කිව්වා.... ජීවිතේ නැති කරගන්න ගිය එකත් එක්කම....

එතනින් එහාට වෙන ඕන දේකට හිත හදාගෙන මුහුණ දෙමු කියලා මං අයියට කිව්වා.... එක්කෝ එයාලා අයියව තේරුම් ගනීවි.... නැත්තම් නෑ.... නැති වුනොත්....... ඒක... ඒක එහෙම වුනොත් විතරක් හිතමු....

අයියා මං ගැනත් හැමදේම දැන ගත්තා.... දැන ගත්තා කියන්නේ මං අයියාට ඔක්කොම කිව්වා.... එයා හදන්නේ මගේ කැඩුණු ෆෝන් එක හදලා දෙන්න.... එතකොට අපි දෙන්නට කතා කරන්න පුළුවන්නේ.... අයියා කිව්වා අයියගේ ෆෝන් එකත් කැඩුනා කියලා.... හැබැයි එයා ළඟ පොඩි ෆෝන් එකක් තියෙනවලු....

"පැටියෝ... ඔතෙන්න වෙලා ඉන්න... ඔයා පාර පනින්න ඕනි නෑ... මේක හදන්න වැඩි වෙලා යන්නෑ මං ඒක හදාගෙන එන්නම්.... මං ඉක්මනට එනකල් ඔතෙන්න වෙලා ඉන්න හරිද..."

එහෙම කියපු අයියා යන්න ගියා.... අයියා මගේ ඔළුවත් අත ගාලා ඉක්මනට එන්නම් කියලා යන්න ගියා.... මං අයියා අරන් දුන්නු ඇඳුම් තිබුණු මල්ල තුරුණු කරාන එයා එනකල් පාර අයිනට වෙලා බලාන හිටියා....

බ්‍රා.....ස්..!!!!!!! දඩස්..!!!!!

අහ්...

"අයියෝ දෙයියනේ අර ළමයා..!!!!"

********************

🥺🥺....

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි...🤍

මං ඔයාලට තේම්වයි තුල්‍යවයි පෙන්නන්නද 🙈

තේම් නිම්සර දහනායක - 23

කලින් ජොබ් එකක් කලා පාට් ටයිම් වගේ.. ඒකෙන් හම්බුන සල්ලි තේම් ළඟ තියෙනවා.. ඒ සල්ලි තමයි දැන් මෙයා වියදම් කරන්නේ.. තේම්ට සල්ලි කොහෙන්ද කියන ප්‍රශ්නේ එන නිසයි මේ කොටස දැම්මේ..

තුල්‍ය - වයස හරියට දන්නේ නැහැ හැබැයි දහ අට දහ නමය අතරේ වයසක්... උපතින්ම ඇස් පේන්නේ නැහැ...

SIAN..🖤

Contents
Contents