Chapter 10 of 15

09. කොටස

BLIND ✔1,460 words~8 min read

"මොකක්ද මෙතන මේ වෙන්නේ.. මේ කවුද ලොකු පුතේ.."

ආහ්...

කවුරු හරි පිරිමි කෙනෙක් අපි ළඟින්ම කතා කරනවා මට ඇහෙන්න ගත්තා.... ලොකු පුතා කියලා කතා කරේ අයියට මං හිතන්නේ.... එතකොට ඇවිත් ඉන්නේ අයියගේ තාත්තාවත්ද....

ඒ කට හඬ හරිම ගොරෝසුයි.... බය හිතෙනවා....

මං ඉක්මනට අයියා ගාවින් අයින් වෙලා මූණ පිහද ගත්තා වෙද්දි මගේ අතකින් අල්ලන් හිටිය අයියට නොදැනීම මගේ අත තද වෙනවා මට දැනුනා.... මම දන්නෑ.... ඒත් මට හිතුනා අයියා ඉන්නේ කලබල වෙලා කියලා....

"තා..තාත්තේ මේ කොල්ලෙක්..."

"කොල්ලෙක් කියන එක මට පේනවා පුතා.. ඒකමයි මං අහන්නේ.. කෙල්ලෙක් එක්ක රවුම් ගහන්න ඕනි වයසේ පුතා මොකද මේ කොල්ලෙක් එක්ක රවුම් ගහන්නේ.."

"මොකද මට කෙල්ලෙක් ඕනි නැති නිසා"

"මොකක්ද පුතා කිව්වේ..!!"

ආහ්.. මං හිතන්නේ අයියගේ තාත්තට තරහ ගියා අයියා කියපු දේත් එක්ක.. ඒ මහත්තයා ගොඩක් හයියෙන් කතා කලා.... තරහ යන්නේ නැතුව තියෙයි ද.... මේ අයියත් මොනව කියවනවද මන්දා.... ඔහොම කිව්වම තාත්තට තරහ යනව කියලා දැන දැනමනේ මේ අයියත් පැටලෙන්න හදන්නේ....

"තාත්තට ඇහුනා එක තමා මම කිව්වේ... මට කෙල්ලෝ එපා... මං කැමති නෑ කෙල්ලොන්-"

*චටාස්*

"මොකක්ද උඹ කිව්වේ ආ.. එදා නටපු නාඩගම මදි වෙලාද දැන් තවත් එකක් පටන් ගත්තේ.. උඹ පිරිමියෙක් නේද.. අපේ මූණේ දැලි ගාන්නද හදන්නේ ආ.... මෙහෙ වරෙන් යන්න ගෙදර.."

"තාත්තේ අතාරින්න මාව.. මට එන්න බෑ.. මට මේ පැටියව දාලා එන්න බෑ.."

"මො..මොක.. පැටියා..?"

"ඔව්... ආ..ආහ්.."

"අනේ..! අනේ..! මහත්තයෝ අයියට ගහන්නේ එපානේ මහත්තයෝ.. මම යන්නම්.. මම යන්නම්... එයාට ගහන්න එපා.. එයා අසනීපෙන් ඉන්නේ... ආපහු අයියට අසනීපේ වැඩි වෙයි.... එ..එයාට ගහන්න එපා මහත්තයෝ.. අයියට බල කරන්න එපා... එයාගේ හිත සතුටින් තියන්න ඕනි.... අ..අයියා පව් මහත්තයෝ මන්නේ වැරදි මම යන්නම්...."

"පු..පුතාට ඇස් පේන්නේ නැද්ද"

මේ අයියා කියන්න පටන් ගත්ත බහුබූත හින්දා එයාගේ තාත්තට තරහ ගියා.... අයියටත් කට පියාන ඉන්න බැරි වුනානේ.... ඔහොම කට ගහන් යනවද දෙමව්පියෝ එක්ක.... අම්මා තාත්තා නැති වුනා නම් තේරෙයි අයියටත්....

ඒත් ඒ මහත්තයා අයියට ගහනවා ඇහෙන කොට මටත් නම් කට පියාන ඉන්න බැරි වුනා.... මම බැරි බැරි ගාතේ ගිහින් ඒ මහත්තයගේ අතේ එල්ලුනා.... අයියට ගහන්න එපා කිව්වා.... අයියා ඉන්න අසනීපෙත් එක්ක එයාගේ තාත්තා අයියගේ හිතට තවත් බර පටවයි කියලා මට බය හිතුනා.... එහෙම වුනොත් අයියගේ හිත ආයේ වෙනස් වෙයි කියලා මට බය හිතුනා....

එහෙම වුනොත්.. එහෙම වුනොත්.... ආයෙත්....

අනේ මට ඒ ගැන හිතන්නවත් ඕනි වුනේ නෑ.... මට ඕනි වුන එකම දේ අයියගේ හිත ආපහු පාරක් පෑරෙන එක නවත්තන්න විතරයි.... ඒ වෙනුවෙන් මං අයියගෙන් ඈත් වෙලා යන්නම් කිව්වා.... ඒත්.. ඒත්.. අනේ.... අයියා මාව ඇඳලා එයා ළඟට ගත්තා....

"නෑ තාත්තේ එයාට ඇස් පේන්නේ නෑ... ඒත් ඔයාලට නොපෙනෙන ගොඩක් දේවල් එයාට පේනවා ඔය කාටත් වඩා හොඳට... මං ගෙදර එන් නෑ තාත්තේ.. මං මෙයාව අතාරින්නෙත් නෑ.. තාත්තලා ඒකට අකමැති නම් මට ගෙදරින් වුනත් එළියට බහින්න පුළුවන්....

එනවා යන්න"

දෙයියනේ.... අයියේ.. ඔයා මොනවද මේ කියවන්නේ....

අයියටත් කියවන්නේ කේන්තියෙන් කියන්න මට තේරුණා.... මං කවදාවත් ම අයියාගෙන් මේ වගේ කෙනෙක්ව දැකලා තිබුණේ නැහැ.... හැමවෙලේම නිවිලා ඉන්න අයියා අද ඇවිලිලා.... ඒ එයා ඇවිලෙන්න හිතන්නවත් හොඳ නැති කෙනෙක් එක්ක....

අයියා එයාගේ තාත්තටත් කෑ ගහලා මාවත් ඇඳ ගෙන හයියෙන් හයියෙන් යන්න ගත්තා.... මට තේරෙන්නේ නැහැ අප්පා.... මේ ඇස් පේන්නේ නැති මං මොනව කරන්නද.... අයියා අයියගේ තාත්තට කෑ ගහපු විදිහ....අයියා මොනවද කරන්න හදන්නේ.... මට තේරෙන්නේ නෑ දෙයියනේ....

මට බෑ අයියට යන්න දෙන්න.... ඒත් මට එයාව නොලැබෙනවා කියන එකත් මං නොදන්නවා නෙවෙයි.... නොලැබෙන දෙයක් පස්සේ ගිහිල්ලා මටමයි අමාරුවේ වැටෙන්න වෙන්නේ කියන එකත් මම දන්නවා.... ඒත් අයියා කරන්නෙත් දවසින් දවස මාව තව ටිකක් එයාට ළං කරන වැඩ.... ඉතින් කොහොමද මං අයියට යන්න දෙන්න හිත හදා ගන්නෙවත්.... මට පුදුම ඇයි අයියා මට මෙහෙම සලකන්නේ කියන එක....

එයා හැම තිස්සේම කියනවා මං නිසාලු එයාට සැනසීමක් දැනෙන්නේ.... ජීවත් වෙනවා වගේ දැනෙන්නේ කියලා.... ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් ලැබුණේ මං නිසාලු.... ඒත් එහෙමයි කියලා මේ තරම් දේවල් කරන්න ඕනිද.... මිනිස්සු ඒ තරම් කෘතවේදී ද....

මට මගේ සතුට වැඩක් නෑ.... මට පවුලක් නැහැ.... යාළුවෝ නැහැ.... කොටින්ම මං ගැන වද වෙන්න කවුරුවත්ම නැහැනේ.... ඒත් අයියාගේ තත්වේ වෙනස්.... එයා ගැන නමට හරි හොයන්න බලන්න කට්ටිය ඉන්නවා.... එයාට සමාජේ තැනක් තියෙනවා.... ඒ නිසා අයියට කොහොමත් මට ළං වෙන්න බැහැ.... අපි දෙන්නම පිරිමි වෙච්චි කොට ඒක කොහොමත් කරන්න බෑ.... මං යන්නම් කියලා එන්න හැරුනට අයියා මට ඒකට ඉඩ දුන්නෙත් නැහැ....

සමහර....විට....එදා....අපි....දෙන්නා....හම්බ....නොවුනා නම්.... එහෙම....වුනා නම්.... අනේ....එහෙම....වුනා....නම්....අපි....දෙන්නම....මේ....ලෝකේ....නැහැනේ දැන්....

"ඉහික්..! හික්..!!"

"කොල්ලෝ... මගේ පැටියෝ ඔ..ඔයා අඬනවද... ඔයාට බය හිතුනද පැටියෝ ම්ම්.... අඬන්න එපා අයියා ඉන්නවනේ... කෝ ඉතින් නාඬා ඉන්න දැන්... චණ්ඩියා වගේ තාත්තටත් කෑ ගහලා... ඇයි දැන් අඬන්නේ.... අනික ඇයි ඔයා කිව්වේ මාව දාලා යන්නම් කියලා... අයියාව දාලා යන්න පුළුවන්ද මගේ පැටියට ම්ම්..."

"ඉක්.. අයියේ...අයියේ... ඇයි ඔයා මේ කාත් කවුරුවත් නැති අන්ධයට ඔහොම සලක-"

"ෂ්..ෂ් කාත් කවුරුවත් නැත්තේ නෑ අයියා ඉන්නවානේ මගේ පැටියට... ඇයි අයියව එපාද ඔයාට.."

අයියා මාව එයාගේ ඇඟට තද කර ගත්තා.... ඒ අතකින් මගේ කට වැහලා දැම්මා.... මගෙන් ඇහුවා අයියව එපාද කියලා.... ඕනිනේ...ඕනිනේ අනේ මට අයියව ඕනිනේ.... ඒත් අනේ....

"අ..අයියේ ඔයා මට තවත් මේක අමාරු කරනවා අයියේ... ඔයාට කොහොමත් කවදහරි මාව ආපහු තනිකමට ඇඳලා දාලා යන්න වෙනවනේ... ඉතින් මට මෙහෙම සලකන්න එපා අයියේ මට දරා ගන්න බැරි වෙයි..."

"ඇයි පැටියට දරා ගන්න බැරි වෙන්නේ... ම්ම්.... මං කිව්වද මගේ පැටියව මං දාලා යනවා කියලා ම්ම්.... කිව්වද මං..."

"නැ..නැහැනේ ම්හ්"

"එහෙනම් ඇයි අඬන්නේ හ්ම්.... කෝ කෝ නාඩා ඉන්න දැන්.... බලන්නකෝ මේ මූණත් කැත වෙලානේ.... පැටියා හිතනවද මං එදා ඔයාගෙන් මගේ වෙනවද කියලා ඇහුවේ බොරුවකට කියලා.... ම්..."

"අ..අයියේ.."

අයියා මොනවද මේ කියන්න හදන්නේ....

"මං මේ අත අල්ලගත්තේ අතාරින්න නෙමෙයි.... මගේ වෙනවද ඇහුවේ බොරුවකටවත්, තාවකාලිකවත් නෙවෙයි.... සඳහට ම.... ඒක තේරුණේ නැද්ද පැටියට තවමත් ම්ම්.... කටින්ම කියන්න ඕනිද...."

"මං පැටියට ආදරෙයිනේ පුළුවන් ද ආපහු මගේ වෙන්න ම්ම්...."

"අයියේ..!!!"

මට මේ ඇහෙන දේ ඇත්තක්ද.. අයියා මට ආදරෙයි කිව්වා.... එයා මට ආදරය කරනවලු.... මේ අන්ධයට කෙනෙක් ආදරෙයි කිව්වා.... ඒ කට හඬේ විහිළුවක සේයාවක්වත් තිබුණේ නැහැ....

"ඇයි පුදුම වෙලා.... එදා පැටියගෙන් මගේ වෙනවද කියලා ඇහුවේ බොරුවට කියල ද හිතුවේ... ම්ම්"

"ඒත් ඇයි අනේ මේ අනාථයට අයියා ආදරය කරන්නේ... මගේ ඇස් දෙකත්.."

"මං මගේ පැටියට ඇස් දෙකක් වෙන්නම්... ලෙඩ වුන මගේ හදවත සනීප කරන්න මගේ හදවතට ආව පුංචි දේව දූතයා කැමතිද අයියාගේ හදවත හැමදාටම ඔයාගේ නමින් ලියා ගන්න..."

"අ..අයියේ"

අයියගේ වචන.....

අයියා කියනවා නම් මං තමයි එයාගේ හදවත සුවපත් කරන්න ආව පුංචි දේව දූතයා කියලා මේ කාත් කවුරුවත් නැති අඩු ම තරමේ පෙනීමක්වත් නැතුව ජීවිතේ මොන පාටද කියලවත් දන්නේ නැති මගේ ජීවිතයට ආලෝකයක් අරන් ආව එයත් දේව දූතයෙක් නෙවෙයිද....

මටත් වඩා මට ආදරය කරන මගේ ගැන බලන එහෙව් ආරණීය මනුස්ස පරානේ කොහොමද මං හිත හදාගෙන අතාරින්නේ.... එහෙම කරොත් දෙයියනේ මගේ පපුව පැලිලා මැරෙයි.... එයාට කරපු අසාධාරණේට....

මං හිතුවටත් වැඩිය ඒ ආදරේ හරි බරයි.... මං හිතුවේ නැහැනේ මේ පිරිමි පපුව අස්සේ ඔය තරම් ආදරයක් හංග ගෙන ඉඳලා කියලා....

සමහර විට.... සමහර විට මට ඒක කලින් ඉඳන්ම තේරෙන්න ඇති.... ඒත් මම ඒක පිලිගන්න මැලි වෙන්න ඇති....

"ම්ම්.. කියන්නකෝ මගේ පැටියා කැමතිද අයියගේ වෙන්න හැමදාටම.."

මං හැමදාකම හීනෙන් පවා පතපු දේ හැබෑවක් වෙලා මගේ ඇස් පනා පිටම දිගහැරුනත්... ඔයත් එයාට ආදරෙයිනේ තුල්‍ය කියලා හිත කෑ ගහලා කිව්වත්.... මට කටක් හොල්ල ගන්න බැරි වුනා.... අමුතු හැඟීම් ගොන්නක් ඇවිත් මගේ හදවතේ අරක් ගෙන.... එයාව අතාරින්න එපා කියලා හිත කෑ ගහලා කිව්වත් මට අයියාගේ පවුලේ අයව මතක් වුනා.... මට පවුලක් නැතත් අයියට පවුලක් ඉන්නවා.... මට බෑ එයාලට ද්‍රෝහි වෙන්න....

"අ..අයියේ ඔයාගේ පවුලේ අ-"

"හැමදේම එක මොහොතකට එකම එක මොහොතකට අමතක කරලා මං ඇහුව දේට උත්තරයක් දෙන්න.. අවසාන වතාවට අහන්නේ.... මේ අයියව විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද පැටියෝ... මොකද අදින් පස්සේ අයියා ගැන ඔයාට තියෙන විශ්වාසේ කඩ නොවේවි... කියන්න ඉතින් අයියව විශ්වාස කරන්න කැමතිද... හැමදාටම.."

අයියා කිව්වා හැමදේම එකම එක මොහොතකට අමතක කරන්න කියලා.... හැමදේම අමතක කරොත් මගේ කටින් පිට වෙන උත්තරේ මං හොඳාකාරව දැනගෙන හිටියේ.... ඉතින් මාත් හැමදේම මොහොතකට අමතක කරලා මගේ හැඟීම් එළියට දැම්මා....

"ඔ...ඔව් අයියේ මං කැමතියි... මං ආදරෙයි මගේ සුදු අයියට.."

"හ්ම් මාත් ආදරෙයි මගේ චූටි පැටියට..."

හහ්..! හාද්දක්..!!! දෙයියනේ හාදුවක්..!!!

අ..අයියා මගේ නළලට.... අනේ අයියා මගේ නළල මැදට හාද්දක් දුන්නා....

"අ..අයියේ..."

"හ්ම්.... මගේ පැටියට බඩගිනි ද"

අනේ අයියා කොහොමද....අනේ මට නම් ලැජ්ජයි අප්පා.... මේ වෙලාවේ ඔය දේවල් අහනවද.... කොහෙට්ටවත් නැති කතාවක්නේ අයියා ඇහුවේ.... හ්ම් පිස්සු ද මන්දා....

"මොකෝ මේ රතු වෙලා...."

"ම..මං කවුද රතු වෙලා මං නම් නෑ...."

"හ්ම් ඒක පේනවා.... කෝලමක්නේ මේකා එතකොට මන්ද දැන් රතු වෙලා තියෙන්නේ.... ඔය ඇඹරෙනවත් එක්ක...."

"අනේ අයියේ එපාකෝ අප්පා.... මට පේනවැයි ඔයා රතු වෙලාද කළු වෙලාද කියලා.... හ්ම්...."

අයියට ඒකත් මොහොතකට අමතක වෙන්න ඇති.... රතු කියන්නේ පාටක් නේද.... ඉතින් මං දන්නවද ඒ මොකක්ද කියලා....

"ඔහොම කියන්න එපා පැටියෝ.... අයියට දුක හිතෙනවනේ.. මං කිව්වනේ අදින් පස්සේ මට පුළුවන් ඔයාගේ ඇස් දෙක වෙන්න....

හැමදාටම...."

"ස..සමා වෙන්න අයියේ.."

අනේ මං අයියගේ හිත රිදවලද....

"ඇයි සමාව ඉල්ලන්නේ සමාව ඉල්ලන්න දෙයක් වුනේ නෑනේ.... ආයේ එහෙම දේවල් නොකියා හිටිය නම් ඉවරයි.... දන්නවද පැටියෝ... අද ඔයා ගොඩක් ලස්සනයි....

වෙනදට වඩා....

ගොඩාක්...."

අයියා වචන කඩ කඩ හිමීට හිමීට සැරින් සැරේ එක එක දේවල් කියනවා අද.... ඒ වචන.... මගේ හිත අමුතු හැඟීම් ගොන්නකින් පිරිලා ගිහිල්ලා.... මං දන්නෑ.... මට මේ වගේ හැඟීමක් දැනිච්ච පළවෙනි වතාව මේක.... ඒක මොන වගේ හැඟීමක් ද කියලා තෝර බේර ගන්නවත් මට තේරෙන්නේ නෑ....

මං හිතන්නෙ මං සතුටින්.... ගොඩක් සතුටින්.... හිතා ගන්නවත් බැරි තරම් සතුටින්.... මේක හීනයක්ද හිතෙන තරමට මගේ හිත සතුටින් පිරිලා ගිහිල්ලා.... ඇත්තටම මේක හීනයක් වුනා නම් මට කවදාවත් මේ හීනෙන් නැගිටින්න ඕනි නෑ....

"අයියේ.... මේක හීනයක් නෙවෙයි නේද"

"පැටියා හිතනවද මේක හීනයක් කියලා.... හ්ම්.... එහෙම හිතෙනවද.... එන්නකෝ එහෙනම් මං ඒ හීනෙට තව පාට පුරවන්නම්.... එන්නකෝ යන්න මාත් එක්ක...."

********************

🥺❤️

කතාව කියවන හැමෝටමත් ගොඩක් ආදලෙයි....♡

පුළුවන් නම් මොනව හරි කියන් යන්න....

SIAN..🖤

Contents
Contents