Chapter 6: vi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 18603

" තේමිය.

" ම්ම්

" ඔයා කවදහරි ආදරේ කරලා තියෙනවද.

තමන්ගෙ සගයගෙ ප්‍රශ්නයෙන් පුදුම උන තේමිය ඒ දිහාවට හැරුනේ අභිශේක් මේ මොනවා ගැනද මේ කියන්න යන්නේ හිත හිත.

" ඒ මොකෝ ඒ උබට එක පාරට ලව් ගැන මතක් උනේ. ඔලුවවත් කොහෙ හරි හැප්පුනාද ?

" මම සිරා අහන්නෙ යකෝ.

" ලව් නම්..........  අහ් !  මට ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙ හිටියා ඒත් ඒක ලව් ද මොකක්ද මන්දා. කොහොමහරි සෙට් වෙලා හිටියා . ඒත් ටික කාලෙකින් ඒකත් එපා උනා. දැන් ඉතින් කෙල්ලෙක් ගැන තියා මට මං ගැනවත් හිතන්න වෙලා නෑ ඒ නිසා තනිකඩයි.

උබට කෑල්ලක් ඉන්නවා නේහ් ?? නැතිවෙන්න බෑ උබ වගේ කොල්ලලන්ට කෙල්ලො කැමතීනේ.

" මම වගේ ? මම මොන වගේ කොල්ලෙක්ද ? ම්ම්ම්.

" නෑ ඉතින් උබේ මේ ... කියන්න වරදක් නෑනේ.

" ඇත්තට.. තේමිය මං ගැන දන්නවද ?

" නෑ ඉතින් . උබ කියලත් නෑනේ. කෝ ඉතින් උබ කිව්වේ නෑනේ උබට ලව් එකක් තියෙනවද කියලා.

" කතාවක් තියෙනවා තේමිය මිනියක් මරලා ආවත් කියන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් ජීවිතේට ඉන්න  ඕනා කියලා. එහෙම කෙනෙක් හම්බුන දවසට මමත් ආදරේ කරයි.

"එහෙනම් මෙහෙම කරහං . වටේටම කිය කිය යමන් මම මිනිහෙක්ව මැරුවා මිනිහෙක්ව මැරුවා ගාගෙන ඒ කියලත් කවුරුහරි මගෙ අභිශේක් අභිශේක් ගාන් ආවොත් අන්න ඒකිනම් උබට සිරාලව්.

" එහෙම කරාම හරියයිද ?තව මොනාද.

" තව ඉතින් ... අනේ මන්දා මමනම් කියන්නේ හොද partner කෙනෙක්නම් මොන දේ උනත්  මොන ප්‍රශ්නෙ ආවත් තමන්ගෙ කෙනා එක්ක ඉන්න ඕනා.

" ම්ම්ම් උබ කැමති එහෙම කෙනෙක්ටද.

" මට ඕනා කෙනෙක්ව , මට ඒ කෙනාව දැක්කමත් මම ජීවත් වෙනවා කියලා දැනෙන තරම්. මම මේ ලෝකේ සතුටින්ම ඉන්න කෙනා කියලා දැනෙන තරම්.

ඔය ඉන්නවා කියන්නේ පතාගෙන ආව කෙනෙක්. එන දවසට එයිනෙ එතකම් ඉන්නවා.

" ඔව් ඔතාගෙනම යයි ඇවිත්.

" එව්වා කියන්න බෑ.... එතකොට... උබට දැන් කෑල්ලක් නැද්ද.

" කවුද බං කෑලි වලට කැමති. මම කැමති සම්පූර්ණ ඒවට.

" අහ් එහෙනම් මරු කෙල්ලෙක් ඉන්නවා.

" ඒ කවුද ඒ

" අනිරා සිල්වා.

" බෑනේ ඒ උබේ ශුගර් මමී නේ.

" ශුගර් මමී නෙවේ යකෝ අර ශුගර් ඩැඩීගෙ murder එක කරේ  කවුද කියලා මොනලෝකෙන් හරි හොයාගන්න ඕනා.

අභිශේක් ඇත්තටම ඔය විල්ලා එකේ කවුද හොල්මන් කරනවා ඇත්තේ.

" මෝහිනී නැත්තම් කලුකුමාරයා... සමහරවිට......... මහසෝනා වෙන්නත් පුළුවන්.

තේමිය ඔලුවට අත ගහගත්තේ උබට කියනවට වඩා හොදයි මම කට බිම උලාගත්තනම් කියලා මුමුනන ගමන්.

" උබට බය නැද්ද යකෝ සිරාවටම.

තේමියගෙ ඒ පැනයෙන් අභිශේක් මූනේ ඒ ඇදුන කට කොනින් හිනාවත් එක්ක තේමියට හිමීට ලං උනේ තේමියගෙ හුස්මත් හිර කරලා.

" යක්කුන්ට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑනේ බබා. බබාට බයනම් අද රෑටත් මාව තුරුල් කරන් නිදාගන්න.

අභිශේක් තේමිය අවුස්සන්න ලගට ආවත්  තේමිය හිටියේ ඒ දිලිසෙන දුඹුරු පාට ඇස් ඇතුලේ අතරමං වෙලා. ඒ ඇස් ඇතුලේ හැංගිලා තියන දේවල් තේරුම් ගන්න තේමිය තවම ආධුනිකයි. ඉතින් අභිශේක් තව කොච්චර කතාකරත් දැන් තේමිය බීරියි. තමන්ගෙ කම්මුල පුරා දැනුන ඒ උනුසුම් ස්පර්ශය නිසා මේ සිහියට ආව තේමිය ඉක්මනට ඒ ඇස් මග ඇරියේ කටින් කොච්චර දේවල් කිව්වත් තේමියගෙ හිතවගේම ඇගත් ඒ ස්පර්ශයට කැමතී. ඒත් අභිශේක් කියන්නෙත් තවත් පිරිමි ලමයෙක්.

ඒ නිසා නොදන්න පාරක අතරමං වෙනවට වඩා තමන් දන්න පාරෙම යනවා කියලා හිතුව තේමිය ඉක්මනට අනිත් පැත්තට හැරුනා. ඒත් හිත බරයි. ඒ දෙන්නටම තිබුනේ හෙට දෙන්නට දෙන්නා මූන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය. පුහුණුවීම් කාලෙ ඉදන් දෙන්නට දෙන්නත් එක්ක තිබුන තරගයයි වෛරයයි එක්ක බලද්දී දැන් එයාලා මේ විදිහට ඉන්න එක ඇත්තටම හීනයක් වගේ.

තප්පර විනාඩි පැයවල් ගෙවිලා ගියත් ඒ දෙන්නටම නින්ද අහලකවත් තිබුනෙ නැහැ. තමන්ට නින්ද නො එවන අමුතුම උත්තේජනයක් දැන් ඒ දෙන්නගෙම හිත් වල කැකෑරෙනවා. ඒත් තේමිය ගලේ කෙටුවා වගේ විශ්වාස කරා අභිශේක් තමන්ගෙ  හැගීම් එක්ක මේ කරන්නේ සෙල්ලමක් කියලා. ඒ නිසා එයා කොහෙත්ම අභිශේක් ට තමන්ගෙ ජීවිතේට ඇතුල් වෙන්න දෙන්නෙ නෑ කියලා හිතාගත්තා.

උදේ නැගිටලා සෝදිසි කිරීම් වලට යන්න ඒ දෙන්නම ලෑස්ති උනත් අභිශේක් දැක්කා තේමිය තමන්ව මගාරින බව. තේමිය කාමරෙන් එලියට යන්න ගියත් අනිත් පැත්තට ආසප්ප හැරිලා  ඇවිත් තමන්ගෙ කරේ තිබුන අභිශේක්ගෙ මාලය අභිශේක් දිහාවට දික් කරා.

" මේක මට එපා.

" තේමිය මම මේක දුන්නේ උබේ ආරක්ශාවට.

" මම එකපාරක් කිව්වනෙ මටමේක ඕනෙ නෑ. උබ මං ගැන කරදර වෙන්න එපා.

ප්‍රශ්නාර්ත ලකුනක් එක්ක අභිශේක්  ඇස් හීනි කෙරුව බැල්මක් තේමියට දුන්නේ එයාගෙ මේ හදිසි වෙනස් වීමට හේතුව හිතන ගමන්.

'' උබට එකපාරටම මොකක්ද වෙලා තියෙන්නේ

" මට මුකුත් වෙලා නෑ උබ ඔහොම හැසිරෙන එක නවත්තපන්. මම දන්නෑ උබට මොනාද ඕනා කියලා. උබ මොකද මේ එකපාරට සිල් අරගෙන වගේ හැසිරෙන්නේ. මොකක්ද උබ මාත් එක්ක කරන්න හදන සෙල්ලම.

" උබ මොනාද මේ කියවන්නේ.

" උබ හොදටම දන්නවා මම මේ මොනා ගැනද කියවන්නේ කියලා. Training period එකේදි උන දේවල් අමතක වෙන්න උබ මැරිලා ඉපදිලා නෑනේ.

" මිනිස්සු වෙනස් වෙනවා තේමිය....

පරන දේවල් හිතේ තියාගෙන බොරුවට මගෙන් පලිගන්න එපා !!

" ඔව් මිනිස්සු වෙනස් වෙනවා. ඒත් හැරෙන පරක්කුවට වෙනස් වෙන එකට කියන්නේ වෙස් මාරු කරනවා මිසක් වෙනස් වෙනවා කියලා නෙවේ. ඒ මොනා උනත් මට වැඩක් නෑ මගෙන් ඈත්වෙලා හිටහන්. උබෙයි මගෙයි අතර යාලුකමක්වත් නැහැ. මේ කේස් එකෙන් පස්සේ අපි ආයෙ හම්බෙන්නෙත් නෑ. ඒ නිසා කලින් වගේම හිටහන් ඔය බොරු වෙස්මූන ගලවලා දාලා.

තේමිය මෙච්චර කල්  තමන්ගෙ හිතේ තිබුන තරහා වචන වලින් පිටදාලා එතනින් යන්න හැදුවත් එයාට අභිශේක් ගෙන් කිසිම ගැලවීමක් ලැබුනෙ නැහැ. තේමියව බිත්තියට හිරකරගත්ත අභිශේක් පිටදාන්න බැරි හැගීම් ගොන්නක් එක්ක ඒ ඇස් දිහා බලාගෙන හිටියා.

තේමිය පුපුරන වෛරයෙන් ඒ ඇස් දිහා බැලුවත් අනිත් අතට  තමන්ගෙ පපුව පිච්චිලා යනවා වගේ දැනුනේ ඒ ඇස් වල තිබුන වේදනාව දැකලා. ඒත් තේමියගෙ ඇග පුරාම දුවන මමත්වයට එයාගෙ අනිත් හැගීම් හැම එකක්ම යටයි.

" මාව අත ඇරපං අභිශේක් !!

" ඉස්සෙල්ලා උබේ ඔය ego එක නැතිකරගනින් තේමිය. නැත්තම් උබ ඔය කියන කියන වචනයක් ගානෙ පස්සෙ පසු තැවිලි වෙන්න වෙයි. උබම පොඩ්ඩක් හිතපං. training period එකේදි උබ ලැජ්ජ උනේ විහින්මයි. උබමයි මට challenge කරේ. මට උබත් එක්ක තරගයක් තිබුනෙත් නෑ තරහක් තිබුනෙත් නෑ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. උබමයි හේතුවක් නැතුව මට වෛර කරේ. උබ කරන හැමදේම මම පොඩි එකෙක් කරන වැඩ ගානට දාලා ගනන් නොගෙන හිටියේ උබ කවදහරිම හැදෙයි කියලා හිතලා. මම උබත් එක්ක කී පාරක් හොදින් කතා කරන්න හදලා තියෙනවද ? ඒත් ඒ එක පාරක්වත් උබ මම කියන දේ ඇහුවෙ නෑ උබ මාව හැමදාම දැක්කේ උබේ ලොකුම හතුරා වගේ. මට ඕන උනේ උබේ ඔය ලොකුකමයි ego එකයි නැති කරලා දාන්න. ඒ නිසයි මම ඒ විදිහට හැසිරුනේ. නැත්තම් මට කවදාවත් උබ අනිත් උන් ඉස්සරහා ලැජ්ජ වෙනවා දකින්න ඕන උනේ නෑ.

දැන් තේමියගෙ කට වැහිලා. හිතේ තිබ්බ තරහ ටික ටික තමන්ගෙන් ඈතට ගියාම එයා සන්සුන් උනා. ඒත් එයාට දුකයි.   අඩන්නද ?  ඒකත් තමන් මේ ලෝකෙ වැඩියෙන්ම වෛර කෙරුව කෙනා ඉස්සරහා ?  ඔව් . දැන් වෛර කෙරුව කෙනා මිසක් වෛර කරන කෙනා නෙවේ.  තමන් ගැනම විනාඩියකට ආපස්සට තේමිය කල්පනා කරා.  වැරැද්ද කාගෙද ?

මමත්වය නිසා අන්ධ වෙලා හිටිය තමන්ද ? නැත්තම් ඒක පෙන්නලා දෙන්න හැදුව අභිශේක් ද ?.  තමන් අමාරුවෙන් ගැට ගහගත්ත වචන ටික  අභිශේක් ට ඉදිරිපත් කරේ තමන්ගෙ ඇස් ඒ ඇස් වලින් හංගන්.

" ම.. ම... මට.. මට කවදාවත් වෛර කරේ නැද්ද ?.

" තේමිය.. මම මොකටද ඔයාට වෛර කරන්නේ.

තේමිය ඔලුව උස්සලා තමන්ගෙ  නොසන්සුන් ඇස් අහිශේක්ගෙ මූන පුරාම යැව්වා.

"  කියන්න මට වෛර කරනවා කියලා !! නැත්තම් මම ඔයාට කෙරුව දේවල් වලටයි කිව්ව දේවල් වලටයි මගෙම හෘද සාක්ශියෙන් මට ගැලවීමක් නැති වෙනවා.

" මම ඔයාට වෛර කරේ නෑ දැන් වෛර  කරන්නෙත්නෑ ඉස්සරහට මට ඔයාගැන වෛරයක් ඇති වෙන්නෙත් නෑ. ඔයාට ඔයාගෙ හෘද සාක්ශියෙන් ගැලවෙන්න ඕනනම් හොද කොල්ලෙක් වෙන්න.

ආයෙත් ඒ ඇස් දිලිසෙනවා. වචන කරන්න බැරි හැගීම් දාහක් විතර ඇස් වලින් එලියට එන්න හදනවා. ඒත් මොනවද ඒ. කොච්චර ඒ ඇස් දිහා බලන් හිටියත් තේමියට තේරුම් ගන්න බෑ. ඒ වගේම තව දුරටත් එයාට අභිශේක්ට වෛර කරන්නත් බැහැ.  එයාට අභිශේක් ගැන විශ්වාසෙකුත් නෑ. ඒත් ඒ ඇස් ! කටින් කියන දේවල් බොරු කියලා හිතුවත් , ඒ ඇස්වල බොරුවක් කියන නාමයක්වත් ගෑවිලා තිබුනෙ නැහැ. ඉතින් දැන් එයා හිරවෙලා.  ආපස්සට හැරිලා බැලුවොත්  හතුරෙක් ගානට සලකලා එයා අභිශේක් ට රිද්දුව වාර අනන්තයි. තමන් අභිශේක්ට කරේ වැරැද්දක්ද කියලා එයා තමන්ගෙන්ම ප්‍රශ්න කරා.

හිත ඇතුලේ ප්‍රශ්න දාහක් කරකැවෙද්දී හ්ම්ම් කියන උත්තරය විතරක් දීලා අභිශේක් ගෙන් ඈත් උන තේමිය සීතලම සීතල වතුර වලින් එයාගෙ මූන හෝදගත්තේ දහ අතේ දුවන තමන්ගෙ ඔලුව ටිකකට සන්සුන් කරගන්න. තේමිය බාතෲම් එකෙන් එලියට ආවත් අභිශේක් කාමරේ හිටියෙ නැහැ. ඒ නිසා එයත් එලියට ආවා. අභිශේක් වාහනේ ඉන්නවා දැක්කා නිසා තේමියත් වාහනේට ඇවිත් වාඩි උනා. ඒ ආව ගමන් එයාගෙ පැත්තට දික් උනේ තමන්ම ගලවලා අභිශේක් ට දුන්න අභිශේක් ගෙ මාලේ.

" මේක දාගන්න.

තේමිය මුකුත් නොකිය ඒ මාලෙ අරන් එයාගෙ කරට දාගත්තා.